2011-07-18
පලි....
අඳුර මැද දුටු ඒ සහන් එලි
වලින් මගෙ ඇස් අන්ඳ වී යලි
විලස නැති ලෙස ලොවට ඇති විලි
අඳී තවමත් ප්‍රේමයේ බලි
පිපුන පියුමක සුවද විඳ යලි
කුමර බඹ සර වෙලා ඇත බිලි
විගස නැග විත් මතකයේ සුළි
අවුලුවා ඇත මසිත ගිනි කෙළි
මැරුණ සිත යට තිබුණු වී ගුලි
ඔය දෑසෙ ඇදි සිත්තමක් යලි
විලස ලෝදිය හදෙන් හා පැලි
කඳුලු දීපන් ඉල්ලුවා පලි

මරු කවි පද ටික තමයි..පොඩ්ඩට හිතෙන දෙවල්.. :O
ReplyDelete@ චතුමිතු :- හිතන දේවල් නෙවෙයි උන දේවල්... ස්තූතියි...
ReplyDeleteමෙයාටත් වෙන දේවල්
ReplyDeleteකදුලක් ඉල්ලුවට නැහැ දැන් දිලි
ReplyDeleteසේරම එක තැනකට මැරි මැරි කෙදිරිලි
ඉල්ලන් කාපු වරදටද මං දැන් බිලි
කටින වාගේමයි සේල්ලම් ඇමතිලි
අනේ මන්දා බන් උබ ඕකටද විදගත්තේ
ReplyDelete@ දගයා :- තෑන්ක්ස් මචං.. එල කවිය
ReplyDelete@ කිඩෝ :- යකෝ දැන් මෙතන විදපු එකක් ගැන කියල තියෙනවද ?