2012-04-19

සයිබර් සිහින කුමරාගේ තෑග්ග... සයිබර් සිහින කුමරිය... ???



සයිබර් සිහින උළෙලට තව ඇත්තේ දවස් දෙකකටත් අඩු කාලයක්ය... .. කලිං සැරේට වඩා සද්දෙ මදියයි ඇනෝ ලොකු තාත්තලා සද්දෙ දානවාය... සද්දෙ දාන්නෙ වැඩි හරියක් ඇතුල හිස් උන්යැයි පොඩි මෑන්ට හිතෙන්නේය... අනිත් එක ඔය හැම තැනම අලි ටෝක් නරි වාදන් දෙන්නේ දෙන්නෙක් නැතිනං තුන්දෙනෙක් කියලාත් හිතෙන්නේය...  ඒවා වැඩක් නැතිය... වැඩක් ඇත්තේ සිහින උළෙලය... ඒකනං 22 දා.. ආයෙත් ඉටි කිරිස් වගේ තියෙන්නේය... ඒකෙ ආයේ හෝදන්න දෙයක් නැතිය....

බෙන්තර පාලමෙන් මෙහා උන් ටික රුහුණේ එන්න සෙට් වෙලා ඉන්නවාය.. ඒ පැත්තෙන් එන කෙනෙක් උන් එක්ක සෙට් වීලා එන්න පුලුවන්ය...  අනිත් උනුත් හතර වටෙන්ම එනවා කියා කීවාය.. 200 කට ආසන්න පිරිසක් රෙජිස්ටර් වෙලාද ඉන්නවාය...


එන්න පාර දන්නෙ නැති උන්ට  බදාගන්න බලාගෙන ඉන්න කිඳුරු  මලයා පාර ලෙසටම දාලා තියෙනවායා... ඒක නිසා ආයෙ මේකෙ ලියන්න දෙයක් නැතිය.. ඕනෑ අයට මෙතනට ගිහින් ඒක බලා ගන්න පුලුවන්ය....


බනිස් කන්න... තුන් පා දුවන්න ... කොට්ටෙන් ගහ ගන්න කට්ටිය රෙඩි වෙලා ඉන්නවායා...  ඒවා විතරක් නෙවේය... තව තරඟද තියෙනවාය...












මේ තරඟද ඒ තරගද ඇතුලුව තරඟ රාසියක් තියෙනවාය... හැබැයි
පොඩි මෑන් නම් රෙඩි වෙලා ඉන්නේ සිහින කුමරා තරගෙ දිනන්නටය...




ඒත්දැන්  ඒකෙ පොඩි අප්සැට් එකත් තියෙනවායා... ඒ තරගෙට දෙන තෑග්ග ගැනය...

සිහින කුමරා විදියට තේරෙන එකාට තෑග්ගට ලැබෙන්නෙ සිහින කුමරියයැයි නිල නොලත් ආරංචි මාර්ග පවසනවාය.....ඔය තරගෙට ඉදිරිපත් උනහොත් දිනන එක නිකන් ඇල්වතුරට උල් පිහියෙන ඇන්නා වගේ පොඩි මෑන්ට ෂුවර් ඒකේ ආයෙ හෝදන්න හෙයක් නැතිය.. 

 මාරයා මහතා .. අභීත ලොක්කා.. ඔබා සීයා  වැනි පස්ට හැන්ඩ් කන්ටෙස්ටන්ට්ලා ඒජ් ලිමිට් එක නිසා තරඟ කරන්න බැරිය...  එක්සෙකෙටිවු ලුක් එකක ඇති පොඩි මෑන් වැනි තරඟ කරුවෙක්ට   බඩ තඩි බනියා ...  කෝටුකිතයි සිහිනයා...  කුප්ප රත්ගමයා  හෝ...  හොර පූස් ආරච්චිලාගේ පුරුපුරුලා වගේ තරගකරුවන් ගේමක් නැතිය...

ඉතිං පොඩි මෑන් සයිබරයේ සිහින කුමරා උන විට තෑග්ගට ලැබෙන්නේ සයිබරයේ සිහින කුමරිය උනොත් කෙලා හුටස්ය... පිස්සු බම්ප් වෙනවාය ව්හෙම උනොත් වැඩේ පස්ට අවුල්ය...... අර මක්කදැයි කියනවානං  පොඩි මෑන්ගේ සිහින කුමරියද අවුරුදු උත්සවේට එන්න  සැවැන්ටි පයු පසන්ට් ඉඩ තියෙනවාය.. බැරිවෙලාවත් එහෙම උනොත්   ත්‍රාසය භීතිය දනවන  ලොමු දැහැ ගැන්වෙන  සිහින කුමරියන් දෙදෙනා කෙහෙවලු පටලවා  ගන්නා වලියකින් සිහින උළෙල නිමා වී යනවාඅ ආයෙ හෝදන්න දෙයක් නැතිය... මතක් වෙනකොටත් ඇඟ කිළි පොලා යනවාය..


ඒක නිසා සිහින කුමරාට ලැබෙන තෑග්ග ගැන දන්න එකෙක් හරියට හෝඩුවාවක් දෙනවානං හොදය... මක් නිසාදයත් තරගයට පෙර හෙයාර් කට් එකක්... පේෂල් එකක් හා... ස්පා එකක කිරීමට ඇති නිසාය.. තව  අනවශ්‍ය රෝම ඉවත් කිරීමටද ඇත... 

ඒක නිසා කට්ටිය ඉක්මනට මේ ගැන නිවැරදි ආරංචියක් දේයැයි බලාපොරොත්තු වෙනවාය...  එහෙනං කට්ටියම 22 සෙට් වෙනකං බායිය...

20 comments:

  1. එකක් කියන්න පුළුවත් අනිවාර්යෙන් සිහින කුමරිය හමිබ වෙන්නේ නැතිය සිහින කුමරිය මා ගෙදර ගෙන යනවාය
    පවුඩර් ටිකක් ගා රූපපෙට්ටිය උඩින් තියන්න එවැනි ගැලපෙන බෝනික්කියක් වෙන කොහෙන් හොයන්නද

    ReplyDelete
  2. සිහින කුමරිය ගන්න මොකා කෙළ හල හලා හිටියත් ඒකි ලැබෙන්නේ මටය. මන්ද මම තරගයේ සංවිධායක උතුමා බැවින්ය. ඇයව එක්ක ඒමට අපේ මෑණියන් වහන්සේගේද කැමැත්ත ලැබී ඇත්තේය... ඒ නිසා පොඩි මෑන්ට හා ජිංජිබිරිස්ට හුචුස්ය... කොහොමටත් රත්නපුර හෝ ගාල්ල දිස්තිරික්ක වලට ළග කෙනෙක් කුමරිය වෙන්නේ නැතුවාය. එතුමිය බිහිවන්නේ කුරුණෑගලින්ය...

    ReplyDelete
    Replies
    1. ඈ.... සංඓදායකයට කොහොමද බං කුමාරිව දෙන්නෙ ??

      Delete
  3. ane butha ridma oyata one nam sihina kumaraiya neve ethanata ena one kumariyakwa gedara aran yanna.man nam kehiwalu patala ganne na. :p :p :p

    ReplyDelete
  4. උබට ඔෆිස් එකේ අවුරුදු උත්සවේ නටල හම්බුන තෑග්ග වගේ එකක් දෙයි මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මෙහේ උන් කවුරුවත් නානකොට රේන් කෝට් පාවිච්චියක් නෑලු...

      Delete
  5. ලස්සන පොර තරගේ :D

    ReplyDelete
  6. මම නොඑමි කියලා කලින්ම කිව්වා..

    ReplyDelete
  7. සංගීත තොප්පි තරඟය නම් නියමයි.
    පින්තූරු දැක්කාම දුවගෙන එන්ට හිතුනා. :)))

    ReplyDelete
    Replies
    1. එන්ට එන්නට... දුවලා එන්ට...

      Delete
  8. Replies
    1. නිකන් කොචෝක් දාන්න එපා කතන්දර හරිය...

      Delete
  9. උඹ තරගෙට ආවොත් ගෙදර යන්න වෙන්නේ මේ වගේ
    https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-prn1/524064_131868426944342_100143586783493_145597_745568257_n.jpg

    ඒක නිසා ඕක සිහිනයට දීල නිකං ඉදිං..

    ReplyDelete
  10. ai sihina kumarita mantharakiri vath innava kiwwada?mathakaine galledi kala vage umba othanatath avith wede wana karayi.

    ReplyDelete
  11. ඇයි බොලව්. වැඩේ පටන් ගන්නත් කලියෙන් බොලා ගේමටනේ සෙට් වෙන්න හදන්නේ.[කොහොම උනත් විස්තරේ සයිබරේ දාපල්ලා.අවුරුද්ද බලපු විදිහටම ඒකත් බලන්නම්. එහෙම නැතිව එන්නයෑ]

    ReplyDelete
  12. පොඩ්ඩෝ.... මොකක්ද බං මේ පෙට්ටියේ රහස...
    ලැජ්ජාවෙ බෑ ඕයි....

    ReplyDelete