2015-11-14

තාමත් නොවැටී .. හිත රිදවන්නෙ කිමද වස්තුව ...



නිසල රැයක සයුරු ඉමක සිට  ,
මගේ ආදරණීය වස්තුව වෙත ලියමි ...

මම මෙතෙක් කාලයක්  උඩ  බලාගෙන බඩ උලාගෙන බකන් නිලාගෙන හිටියේ ඔයා වැටෙනකන්‍ ය . ඒත් ඔයා තාමත් වැටුනේ නැතය . ඒකට මට හිත හෙනට කරදරය ... ඔයා වැටෙන එක ගැන මම සිරසේ යන මෙගා එකක් වගේ අම්බානෙක දිග හීන බැලුවාය . ඒත් වැටුනේ නැතිය... ඒත් ඔයා කවදා හරි වැටෙන බව මම දන්නවාය .. එතකන් මගේ සිතුවිලි සසල උනත් නිසල කරගෙන ඉන්නට මම අම්බානෙක ට්‍රයි කොරලා කොරලා දත් මිටි කාගෙන බලාගෙන හිටියාය ...

ඒත් ඔයා තමත් වැටේන්නෙ නැති එක ගැන අපේ එක එක පඩාත්තල වල් නරි එක එක වල් කතා කියනවාය .. මේවා මට අහගෙන  ඉන්නට බැරිය.... බැරිම තැන ඇඳේ  පෙරලි පෙරලී හිටි මම ඇඳෙන්  බිමටද වැටුනාය ...

නොවැටිච්ච වස්තුවකට ඔච්චර මොකට දත කනවාදැයි මගේ බොක්කේ ෆිට් එකක් මගෙන් ඇහුවාය ...
වැටුනත් නැතත් ඔයාට මම එකෙන්ම මගේහඳවතේ පතුලේ අන්තිම කොනේ වම් කර්ණිකාවේ කුණු ලේ වලින් බුර  බුරා නැගෙන ආදරේ ඔයාට නිසල පුද සුනක තියා පුජා කරනවා කියා මම ඌට කිවුවාය .. ඌ මට කොචෝක් එක දමා  ගියාය ..
මගේ වස්තුව .. මොන රිම් ටොපයියෙක්  මොන මීට් බෝලයක් කීවද ඔයා දවසක එකෙන්ම වැටෙනවා බව මම දන්නවාය  ..

ඔයා වැටිච්ච දවසට  මේ මහා සප්ත සාගරේ තරනය කරමින්  ගාල්ල පරන ජැටියේ ඉඳලා ඕස්ට්‍රේලියාවට වෙනකං උනත් ඔයාව හොයාගෙන  පීනාගෙන් පීනාගෙන එන්නට  මේ මම ලෑස්තිය .. එසේ පීනාගෙන පීනාගෙන ඇවිත් වෙන එකෙක් ගන්නට කලින් ඔයාව කරේ තියාගෙන අර අපේ ස්කෝලෙ බුද්දාගම පොතේ තිබුන මාතුපෝසක ජාතකේ කුමාරයා වගේ දවස් හතක් පීනලා පීනලා ගොඩ එනවාය ...

ඒත් ඔයා වැටුනේ නැතිය ...

වැටුනෙ නැති ඔයා ඔය තරු බලා එක එක කියන පොරවල්ගේ කට ඇරෙන්න කාටවත් නොකියා වැටුන දවසක , ඔයාගෙ අගේ වැඩි වෙලා ඔයා බලන්න හතර දිබාගෙන්ම එන බවට සැක නැත ... ඔයා එතකොට  ඔය රිප්පිඩියෝ ගනන් ගන්නෙ නැතුව හෙන ගැම්මෙන් ඉන්න එක මගෙ ඒකායන පැතුමය  ...

ඒත් වස්තුව ... දැන්  බලාගෙන ඉදලාම  ඇහේ බබා බේබි වෙලාය ...

මම කොච්චර  හිත කරදරෙන් බලාගෙන හිටියත් ඔයාට කලින් අල්ලපු ගෙදර  නංගී දැන් වැටී ඇත... වැටී නැති චූ කෙලෙකුට ලවු කරන්න වීමෙන් මට වස විලි ලැජ්ජාවට පත් වෙන්නට වෙනවාය ... ඒක නිසා ඔයාට කලින්  වැටුන එහා ගෙදර  නංගීට  මගේ ලවු එක ට්‍රාන්සර් කොරනවාය .,...

ඒකට සොරිය ..

ඔයා වැටිච්ච දවසක ඔයාගෙ පාටියට ඇවිත් ලිවුම් කවරේ දාලා මේ ලියුම ඔයාට දෙන්න හිතාගෙන නවතින මම
ඔයා වැටෙනකං උඩ බලා හිඳි  ගාල්ලෙ

පොඩි මෑන් ය .. 

12 comments:

  1. බලපන් උඔගේ හැකියාව..
    එල ද බ්‍රා
    අද උදේම බඩ රිදෙනවා හිනා වෙලා..
    අල්ලපු ගෙදර නංගියා ඡම්බු ගහෙන්ද වැටුනේ..?

    ReplyDelete
    Replies
    1. හැකියාවට රැකියාව නෑ අපිම හදාගන්න ඕනේ ඒකනෙ සීන් එක

      Delete
  2. හෙහ් හෙහ් පට්ට........

    ReplyDelete
  3. උඔගේ බ්‍රා ගැන ලිපියෙන් පස්සේ මම මේ ගැන ටිකක් හෙව්වා..කියන්න කනගාටුයි මචං අපේ සමහර විධායක නිලධාරින්ට බ්‍රා වර්ග දහයක් කියා ගන්න බෑ..
    කුරැට්ටෝ කියලා තියනවා වගේ මගේ රස්සාව සුද්දියන්ට ඡංගි මහන එක..මම මේ රස්සාවට ආදරේයි..අනිත් ඇදුම් වලට වඩා කාන්තා යට ඇදුම් මහනකොට ඉගෙනගන්න දේවල් / අත්දැකිම් ලැබෙනවා වැඩියි..

    ReplyDelete
    Replies
    1. බ්‍රා ගැන ගොඩක් දේවල් දැනගත්තෙ මාතලන් ලොක්කගෙන් ... පොර තමයි මාචාර්‍ය ඊට් පස්සෙ ඔය හිතූ පැතූ සම්පත් දෙන ගූගල් දෙයියො ඉන්නෙ බං

      Delete
  4. මාත් බලාගෙන උන්නා... කෑල්ල වැටුනේ නෑ නේ බං...

    ReplyDelete
    Replies
    1. කෑලි ඔහොම්මයි මෙයා .. අපිට ඕනෙ වෙලාවට නෙවෙයි උන්ට ඕනෙ වෙලාවට වැටිල .. අපිට හුරු හුරු ගානවා

      Delete
  5. අම්මපා මේක දැක්කොත් නං වැටෙනවා ෂුවර්..........

    ReplyDelete
  6. වැටුනේ නැහැ කිව්වට, වැටුනට පස්සේ අපේ එවුන් ගල් කරලද දන්නේ නැහැ...
    එහෙව් පුතයලනේ ලංකාවේ ඉන්නේ...

    ReplyDelete