ගොතාපු ඒවා 3
ඔය ලොකු ඇස් දෙක මවන සිතුම් වල
හෙවනැලි වැටිලා ඔය සුදු මූනට
පෙම්පාටින් තව තව දිලිසෙනකොට
සිපගන්නැතුවම ඉන්නේ කොහොමද
දේ දුනු ලෝකෙන් සිහින ගෙනත් මම
එක එක තියලා ඇහිපිල්ලම් යට
කඩුපුල් මලකින් සුවද නෙලාගෙන
සරසිමි සිහිනය තව හැඩ වන්නට
මගෙ අත ගෙන ඔය බදවට දාගෙන
සිවුමැලි කොපුලක් පපුවෙ රුවාගෙන
නිදියන්නැතුවම දෑස් පියාගෙන
එලිවෙනක්ම් විදිනෙමි නුඹ උණුහුම
This comment has been removed by the author.
ReplyDelete