2012-02-25

ගාල්ලට ඉහල අහසේදී අපේ පුකවල් ලෙලිගිහිපු හැටි.... ( බිග් මැච් ආතල් කතා )




දුමීගේ පුක ගැන කතා නිසා හා බිග්-මැච් සීසන් එක නිසා අලුත් වෙච්ච  පුක ගැන මතකය අවදි කිරීමට අවසර....!!!

ඒ 2007 අවුරුද්ද... මෙච්චරකල් ජීවිතේ ගතකරපු සුන්දරම අවුරුද්ද...  පොඩි මෑන් පාසලේ ශිෂ්‍ය නායකයෙක් විදියට කටයුතු කරපු කාලෙ මුල්ම අවුරුද්ද... ඒ කියන්නෙ අපි ජුංඩො කාලෙ.... ස්කෝලෙ ඇතුලෙ පට්ට පොරවල් උනාට බෝඩ් එක ඇතුලෙ ලොකු අයියලාගෙ සියලු අනසක වලට යටත් වෙලා තියෙන හැම පක්කලි වැඩක්ම කරපු... පොඩ්ඩක් හරි වැරදුනෝතින් පැය දෙකේ තුනේ වාඩිවෙන පුටු උස්සගෙන ඉදපු කාලෙ...

 පක්කලි වැඩ කියල කිවුවත් ස්කෝලෙ වෙනුවෙන් කරපු ඒ හැම වැඩක් නිසාම ජීවිතේට ලැබුන අත්දැකීම්නම්  කියල වැඩක් නෑ... ඊටත් වඩා ගනිපු ආතල්  සහ දෙන්නෙක් තුන්දෙනෙක් ඇරෙන්න   දැනට ජීවිතේට ලැබුනු   ඇත්තම යාලුවො ලැබුනෙත් ඒ කාලෙයි......

ස්කෝලෙ ලොකු පොඩි කොයි එකත් ආස බික්-මැච් සීසන් එකටයි...  පෙරඩ් යන්න.. කොඩි දාන්න ..කොඩි කපන්න..  කැට යන්න... බිග් ඩිබෙට් එකට කෑගහන්න  මැච් එක දවස් දෙකේ පිස්සු කෙල්ලින්න...ලිමිටඩ් ඕවර් මැච් එක ... ඕ. බී මැච් එක.....  එතකොට නයිට් එක...  ආතල් කෝටියයි... 

අනිත් උන්ට ආතල් කෝටියක් ගන්න  පරිප්පු නැවු පිටින් බාන්න වෙච්ච සෙට් එකක් තමයි ස්කෝල දෙකේම ෆ්‍රිෆෙක්ට්ල කියන්නෙ... ඒත් ස්කෝලෙ වෙනුවෙන් ලැබුන ඒ වගකීම ස්කෝල දෙකේම උන් කලේ බොක්කෙන්මයි...  පිස්සලගෙ ස්කෝලෙත් එක්ක අවුරුදු සීයකට එපිටින් ඉදන් පටන් ගනිපු බිග්මැච් එක වටා ගෙතිල තිබුන ඒ සංස්කෘතිය  බිග් මැච් ගහන අනිත් ස්කෝල වලට වඩා  මේ ස්කෝලෙ දෙකේ උන්ගෙ ලේවලටම වැදිල තිබුන කිවුවොත් ඒක බොරුවක් නෙවෙයි....

ස්කෝලෙන් අයින් උනත් ලෝකෙ වටේම විසිරිල ගියපු උන් අවුරුද්දකට සැරයක්වත් සෙට් වෙන්න බිග් මැච් එක නිසා... ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ... ස්කෝලෙ යනකාලෙ ඔය බිග් මැච සංස්කෘතිය නිසාම  ස්කෝලෙ දෙකේ උන් පොඩි පොඩි කොකු දාගත්තත් ටික කාලෙකින් උන්  අම්භානෙකම සෙට් වෙන එක අනිවාර්යෙන්ම වෙච්ච දෙයක්...

බිග් මැච් සංකෘතියෙ ස්කෝලෙ දෙකේ ෆ්‍රිෆෙක්ලට වෙන් වෙලා තිබුන ප්‍රධාන රාජකාරිවලින් එකක තමයි කොඩි දැමීම... ඔය කොඩි දාන අතරතුර අපේ ආදරනීය සගයෙක් අඩි 40ක් විතර උස චූ කදම්භයක් නිකුත් කරපු හැටි  කලින් කිවුවනෙ...  ගාල්ල ටවුන් එකේ හැම ලයිට් කනුවක්ම බඩගාල  පත සයිස් උනගස්වල පත කොඩි දාන එක ලේසි වැඩක් නෙවෙයි....












  ඒකෙනුත් අමාරුම වැඩේ උනේ වෙරලෙ ඉදං මීටර් 800ක් විතර  එහායින්  මුහුද මැද තියෙන ලිහිනි ගලේ කොඩිය දාන එක සහ ගාල්ල පාක් එකේ තියෙන තල් ගස් වල කොඩි දාන එකයි... දවස් දෙක තුනක් තිස්සෙ ලයිට් කනු පහලවක විතර කොඩි දැම්මට පස්සෙ දවසක විතර රෙස්ට් එක අරන් ඊට පස්සෙන්ද  හවස අපි සෙට් උනේ තල් ගහේ කොඩිය දාන්නයි... කාර්‍ය බහුල  ගාල්ල නගරය පොඩ්ඩක් නිදාගත්තාම රෑ 11 විතර ලයිට්කනුවල කොඩි දාන අපි තල් ගහේ කොඩිය දාන්නෙ සෙට් වෙන්නෙනං හවස දෙකට විතර....


 ගාල්ල ග්‍රවුන්ඩ් එකේ පාක් එක පැත්තට වෙන්න ටෙන්ට් එක  ගහන උන් පාර්ක් එකේ තල්ගස් තුනෙන් දෙකකත්.. අනිත් උන් ඉතිරි තල්ගහෙත් කොඩි දාන එක තමයි ඉස්සර සිරිත.. අවුද්දෙන් අවුරුද්ද පැත්ත මාරු වෙන නිසා අවුරුද්දක් ඇර අවුරුද්දක් තමයි තල් ගස් දෙකක කොඩි දාන්න සෙට් වෙන්නෙ...

අපේ වාසනාවට හෝ අවාසනාවට අපේ අවුරුද්දෙ තල් ගස් දෙකකම කොඩි දාන්නයි  නියම වෙලා තිබුනෙ... සින්නො සෙට් එක එක තල් ගහක දානකොට ජුන්ඩො සෙට් එක එක ගහක දානවා.... ගේමට තමයි කොඩිය දාන්නෙ...

අදාල දවසෙ අවශ්‍ය උපකරනත් අරගෙන අපි අපේ ඒ දවස්වල නිල ප්‍රවාහන සහකරු පුටාර් වල නැගල ගාල්ල පාර් එකට ආවා...සෙට් එක ඔක්කොම හතලිහක් විතර...  මොකද එක ගහක කොඩියක් දාන්න විස්සක්වත් ඕනෙ...  ඒ මොකද කියල තමයි ඔය පහලින් තියෙන්නෙ...

Sony Ericsson K 310 එකකින් අරගෙන පස්සෙ කපල අලවපු පොටෝවක් තමයි ඔය...


තල් ගහෙන් භාගෙකට වඩා උස උනගහක තමයි කොඩිය ගැටගහල දාන්නෙ... මුලින් ඒකට සුපිරි පයිලය්ල දෙන්නෙක් ගස් දෙකට නැගල මුලින් ගහ උඩ සුද්ද කරන්න ඕනෑ...

ඒ අතරෙ අනිත් උන අපේ එකෙක්ගෙ උසට පරතරේ හිටින්න සිංගල් පොලු බැදගෙන ගහ උඩට යන්න ඕනෙ....  සිංගල් පොලු බදිනව කියල අපේ ඩික්ෂන්රි එකේ හැදින්නුවෙ දෙකේ දෙකේ පොලු ගහේ ඒ ඒ ස්තානවල නැවතිල ඉන්න පුලුවන් විදියට බදින එකටයි....


එහෙම බැදපු සිංගල් පොලු වලට එකා බැගින් නැගිනවා... ඊට පස්සෙ බෙල්ට්  එකක හෙම දාගත්තට...( ගහත් ඉනත් අර ගස් කපන මිනිස්සු වගේ දාන පටිය සිංගල් පොල්ලෙ හිටගෙන බෙල්ට් එක දැම්මට පස්සෙ අත් දෙකම නිදහස් ) පස්සෙ තමයි මිෂන් එකේ අමාරුම හරිය...  කොඩිය ගැටහහපු උණගහ තල් ගහේ මුදුනට අරගෙන යන එක...

විනාඩි තිහක විතර ගේමකින් තල්ගහ මුදුනට උණගහ අරගෙන යන එක සෙල්ලං කෙරුවාවක් නෙවෙයි එකෙක්ට හරි උනගහ ඇතාරුනොත් පල්ලහෙහා ඉන්න උනුත් සුද්ද කරගෙනයි උනගහ වැටෙන්නෙ... ඒ මදිවට මූද අයිනෙ නිසා තල් ගහ හුලගට පැද්දෙන්නෙ නිකන් මොකද්ද එකක වගේ...  එතකොට ගාල්ල සුප්ප්‍රසිද්ද සමනල පාලම යටින් යන කුණූ ඇලේ පතුලෙ ගල් පේනකොට කකුල් දෙක මැඩලින් ගහන්නෙ නැති එකෙක් ඉදියෙ නෑ...  අනිත් ලොකුම බාදකේ ත්මයි කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත දිමි ජනතාව..


කොඩිය සහිත උණගහ තල්ගහ මුදුණට සම්ප්‍රාප්ත වෙමින්

දිමියන්ගෙන් වැඩිම ප්‍රස්නෙ තිබුනෙ ගහේ කරටියේම ඉන්න හතර දෙනාටයි...  ගහ උස්සල උඩටම ආවට පස්සෙ ලණූ දාල ගැටගහන්න වෙන්නෙත් උන් හතර දෙනාටයි... මැරුනත් උණ ගහ අත නොඇර.. අඩි හැටක් හැත්තෑවක් ඉහල අහසෙ දිමි ප්‍රහාරයට ලක් වෙමින්... හුළගට වැනෙමින් තොල් පට්ට යනකං ලණුවල ගැට තදකරන ගමන්... නහයෙ කටේ විතරක් නෙවෙයි කලිසම අස්සෙත් දදුවන කොඩවු පිහිදාමින්... අපිට වාඩිවෙලා  ඉන්න තිබුනෙ අයිනෙ දාරෙ කටු කටු තියෙන තල් අතු වලයි...

ගස් බඩගාන්න ලයිට් කනු බඩගාන්න  අපේ යුනිෆෝම් එක වෙච්ච ගල් ෂෝටෙ කලිසං කකුල් අස්සෙන්  ගල් ෂෝට හිල් කරගෙන තල් අතුවල දාර කටු වලට  අපේ පුකවල් හිල් වෙන එකනං  නවත්තන්න විදියක් තිබුනෙ නෑ...  ඒ මදිවට ජොකාගෙ පටිවලට ඉඩමක මායිම දිගේ කානු කැපුව වගේ  පුක වටේටම හම යනකන් කැපිල තිබුන නිසා ගහැන් බැහැ ගත්තට පස්සෙ කට්ටිය ඇවිද්දෙ සත්තුවත්තෙ කෑම කාල කාල වැඩියේ පීනන්නෙ නැතුවම  හෙන සයිස් වෙච්ච පෙන්ගුයින්ල වගේ... බකල් ගගහ...ඇයි ඉතිං අර මායින් එකට ගෑවෙනකොට බුදු සනීපයි...

ඊටත් වඩා සනීපම වැඩේ තමයි රෑ වෙලා ආයෙත් ස්කෝලෙට ඇවිත් ටැප් එකක් උඩ පැත්තට හරවගෙන නානකොට දැනෙන සනීපෙ...  කට්ටිය වතුර පාරට  පුකවල් ඇල්ලුවෙ  පරණ මලකඩ කාපු දොරවල් ඇරෙන සද්දෙට කෙඳිරි ගගා...

ඊටත් පස්සෙ අහුවෙන දෙයක් ගිල දාල ස්කෝලෙ උසම තැන තියෙන අපේ රූම් එකේ කොරිඩෝවෙ කට්ටියම පුකවල් උඩ තියාගෙන නිදාගත්තෙ ඈත කඳු රැල්ල සිප එන සුලං රැල්ලට අපේ පුකවල්ලද සිපගන්න ඉඩ දෙමින්....


බිග් මැච් සීසන් එක වෙනුවෙන් තවත් සික පූතල වෙන... නැක පුතිවෙන  බික්මැච් ආතල් කතා බලාපොරොත්තුවන්න.......


 මග දිගට 19 බැලිවෙ නැති අයට....

66 comments:

  1. හිකිස්.....ලස්සන මතකයන් නේද...??

    ReplyDelete
  2. ඔය අතරෙ රෑට වෙන වෙන දේවලුත් වෙන්ඩැති නෙද ? පුක සම්බන්දව ? :P :P

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම... ඉස්සරහට ලියන්නම්.... :D

      Delete
  3. පොඩ්ඩා ඉහල අහසේදි පූක ලෙලිගහගත්තේ ඕන්න ඔහොමලු

    ReplyDelete
  4. අපොයි මොනා කියන්නද... පට්ට පට පට :ඩි

    ReplyDelete
    Replies
    1. පට්ට පට්ට තමයි ගැලවිලා ගියේ..

      Delete
    2. පට්ටම තැලෙනව අප්ප ඕව කරද්දි

      Delete
  5. හැක් හැක්.... මෙහේ කොහෙද බොල තල්ගස්.... අපේ පුකවල් විතරක් නෙවේ මුලු ඇඟවල්ම හමයන්නෙ සීසන් එක ඇබරුවයින් පස්සෙ එන බයිසික්ල් චේන් පාරවල් වලින්... ;)

    ReplyDelete
    Replies
    1. පෙරඩ් දවස් වලට ඕකත් නෝමල් මචං.... :D

      Delete
    2. සයිකල් චේන් පාරවල් වලට වඩා අමාරුයි කොහු ලනු කැරලි වලිං කෑවම . . . .

      Delete
  6. Ade me paara big match eka miss wenawa ban.. Patta dukay. Giya para nam set wuna... Aaye ithin koy kaleka big match ehekata ennada manda...


    P. li :: sinhala typing ne jangame :D

    ReplyDelete
    Replies
    1. ලබන අවුරුද්දෙවත් බලපං.... මම දන්න කීප දෙනෙක් මෙලහකටත් බිග් මැච් එක නිසා රට ඉදල ඇවිල්ල ඉවරයි...

      Delete
  7. හා මේවා දැම්මේ උඹලද.. මම ඒත් බැලුවා මොකක්ද සීන් එක කියලා.. ගාල්ලත් එක්ක ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. 2007 - 08 - 09 අවුරුදු තුනේම දැම්මෙ අපි තමයි... 07 අවුරුද්දෙ බිග් මැච් එක තිබුනෙ මාතර.. මාතරත් කොඩි දැම්ම මිරිස්සෙ ඉදල උනගස් කර තියාගෙන බයිසිකල් පැදලා... මාතර කොඩියත් එක්ක ඔක්කොම කොඩි 42ක් දැම්ම ඒ අවුරුද්දෙ... අවුරුදු සීයක් විතර පරන බිග් මැච් එකේ අවුරුදු 30ක විතර ඉදන්ම ඔය කොඩි සංස්ක්‍රිතිය තිබුනා.. සුලු සුලු තුවල ඇරෙන්න ලොකු ආබාදයක් වෙලා නෑ... දැන් ඉන්න එවුන්ටනං කොඩි 40ක් දාන්ව කියන්නෙ සිහිනයක්... දැන්නම පාසල් වලින් ලැඩේ දානව කොඩි දාන එක අනාරක්ෂිතයි කියල.. දැන් පොතේ ගුරාල හදන නි‍යාය තමයි ස්කෝල වල යන්නෙ... කොල්ලො නෙවෙයි බේබිල හදන්නයි ඒවට ඕනෙ...

      2007 2008 තමයි සුපිරිම අවුරුදු 2 පඒ ස්කෝල දෙකෙන්ම තරගෙට කොඩි දානවා.. ඒ ස්කෝල දෙකෙන් කොහ්මත් කොඩි 70කට කිට්ටු වෙන්න.. ඊට පස්සෙ එලගදි පටං ගනිපු තවත් බිග් මැච් දෙකක් නිසා ඒ ස්කෝල හතරත් කොඩි 30ක් වත් දානවා.. පාට පාට තඩි කොඩි 100ක් විතර ගල්ලෙ කොටු තාප්පෙ බිල්ඩින් උඩ ලයිට්කනුවල විතරක් නෙවෙයි මුහුද මැදත්.. කොහොමද ලස්සන.... ?

      Delete
    2. දැං ඉන්න එවුං සත පහකට වැඩක් නෑ බං ඒ අතිං නං . . .

      Delete
    3. ඒ බං උඹල මාතරත් බිග් මැච් ඒක ගැහුවද??
      ඒ මොකද්ද ඒ සීන් ඒක??

      කොහොම උනත් පට්ට අත්දැකීම් ටිකක් නේ මචං??

      Delete
  8. පිස්සු කොර ලෝකයක් තමා!!මැක්සා පෝසට් එක. පරණ මතක ආයිත් එනවා!!
    මෙදා පාරත් වෙනදා වගේම " ආදරවන්තයින්ගේ හටන" මාර්තු මාසේ 9-10 තියෙනවා!!
    සෙටාර් වෙමු හරිය....

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං කතා කරලා ඇස් දෙකටම ඇඩෙනවා... මම හිතන්නෙ 2005-2009 තමයි බිග් මැච් සීසන් එකේ උපරිම තත්වෙට ඉදපු අවුරුදු.. දැන්නම් ආයෙත් බහින කලාව...

      Delete
  9. මේපාරත් bandage ඔතාගෙන එනවද?
    -sLr-

    ReplyDelete
    Replies
    1. නෑ මචං.. මේ පාර ඊට ඊට වඩා වෙන්ස් එකක බස්සන්නයි බලාපොරොත්තුව ( සිතමින්- කවුද යකෝ මේ... ?)

      Delete
  10. මෙච්චර පුකවල් රිදෙන්න මාරු කාසි වත් ඇහින්දද කො‍ටු බැම්ම පිටිපස්සේ.....මේ පිංතූරේනං එළම එළ ඈ....

    ReplyDelete
    Replies
    1. කොටු බැම්ම පිටිපස්සෙ මාරු කාසි ඇහිලීම සම්බන්ද ඒවත් තියෙනව... ඒවතමයි සික පූතල වෙන ඒව කිවුවෙ... ඒව ඉදිරියට...

      Delete
  11. සොදා සොදා....මම නං තවම බ්ලොග් ලෝකෙට කකුල තිබ්බ විතරයි....

    ReplyDelete
    Replies
    1. කකුල තියපු ගමං පුකක බලන්නනෙ ඇවිත් තියෙන්නෙ... සාදරෙන් පිලිගන්නවා බ්ලොග් අවකාශෙට... එන්න කියවන්න.. පුලුවන්නං බ්ලොග් එකක ලියන්න.... :)

      Delete
    2. ඔය කිව්වේ පොඩ්ඩගේ පුකට දොදොල් කකුල තිබ්බා කියලා නේද

      Delete
    3. අග්.... කකුල කපනව ඩෝ...

      Delete
    4. ඒ කියන්නෙ . . . කකුලත් මදිද දැං ???

      Delete
  12. උඹ මහින්දේද? කියලා වැඩක් නැහැ පොඩිඩො.. මගේ යාළුවොත් ඉන්නවා ඔය සුප්‍රසිද්ධ පාසැල් දෙකේම. උන් කිවිවා උඹලා ඔය බිග් මැචි දවස් වලට කොඩි දාන්න ගියාම ඉස්කොලේ දෙකේ එවුන් දාගන්න වලි ගැන. එක පාරක් කටිටිය පොලිසි ගියා කියලත් ආරංචි. වලි දාගෙන නෙමෙයි. ලයිටි කණු උඩ කොඩි දැමිමා කියලා නේද?

    ReplyDelete
    Replies
    1. ඇයි එක දවසක්... දවස් ගානක් ඉදල තියෙනවා... :D :D ඒ වෙඅලි ඒ කාලෙට විතරයි බං... දුරදිග ගියපු එකකනං මතකෙ නෑ...

      Delete
  13. සහතික ඇත්ත මචන්...ඒ කාලෙ නම් කියල වැඩක් නැ..අවු 150 කට වැඩි ලංකාවෙ දිගම බිග් මැච් එක ගහන්නෙ අපි..දවස් තුනක්..ඒත් අපිට ඔහොම අත්දැකිම් ලැබුනේ නැ..ඒ ගැන දුකයි...අදත් උඹල ජිව්තේ බය නැතුව සීන් එකකට එන්ටර් වෙන්න මිනිස්සු එක්ක වැඩ කරන්න ඔය අත්දැකිම් තරං වටින්නෙ නැ වෙන මොනවත්

    ReplyDelete
    Replies
    1. අන්න කතාව.... ඒ ඒ බිග් මැච් එක්ක බැදිච්ච සංස්කෘති වෙනමම තියෙනවා... ඒව ආතල් විකාර ඒව වගේ පෙනුනට ඒවයි ලැනෙන අත්දැකීම කිසිම එකෙක්ට කිසිම පොතකින් කවදාවත් මොනම ස්කෝලෙකිවත් ලබන්න බෑ... ඒව තේරෙනෙ නැති උගත් මෝඩයො තමයි ඕවට අකුල් හෙලන්නෙ...

      Delete
  14. මරු බං... මටත් මතක් උනා අපේ බිග් මැශ් එක බං. කොඩි නොදැම්මට පට්ටම ආතල් ගත්තු කාලයක් තමයි බිග් මැච් එක කාලෙ.

    ReplyDelete
    Replies
    1. ඔය කොඩි සංස්කෘතියෙ නිර්මාපකයො ආදරවන්තයන්ගෙ සටනයි... ඊට පස්සෙ ගාල්ලෙ අනිත් ස්කෝලවලටත් පැතිරිලා ගියා.. ඊට එහානං පෙරඩ්.. ට්‍රක්.. කැට.. හැට් කලෙක්ෂන් තිබුනට කොඩි කතාව ගියේ නෑ මම හිතන්නෙ..

      Delete
  15. රෙන පුක ගැන වෙන්නැති මේ කිව්වෙ ? :-)

    ReplyDelete
    Replies
    1. යා යා.. කක්කි දාන පෂ්ෂ තමා...

      Delete
    2. ඔබා මාමට රෙන පුක ඇර වෙනත් පුකවල් තිබේද ???
      උදහස් වෙන්න කාරී නෑ... නොදන්නා කමට ඇහුවේ....

      Delete
  16. අපිට මෙහෙම ආතල් තිබ්බේ නෑනේ අඩු ගානේ පොඩි ජොලියක්වත් ගන්න දෙන්නේ නෑ මේවා දකිනකොට දුකේ බෑ

    ReplyDelete
  17. අම්මෝ... අර වගේ තල් ගස් උඩ නගින්න බය හිතෙන්නෙ නැද්ද හෆ්ෆා... කොඩියක් දාගන්න එච්ච්ර දුකක්...හම්මියෝ.....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බිග් මැච් උණ කියන්නෙ...කොඩිය දාන්නනං කවුරුවත් පස්ස නොගැහුවට ගහ උඩදි බය හිතුන වෙලාවල් තියෙනවා...

      Delete
  18. බිග් මැච් ආතල් ගැන වෙනම කතාකල යුතුයි

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මේ වෙනම සීරියස් එකක ලියන්නෙ... ඒත් කොච්චර ලියලත් ඉවර කරන්න බෑ ..

      Delete
  19. අම්මෝ කතා කරලා වැඩක් නෑ බං බිග් මැච් ආතල් වලින් ගුටි කාපු කැවිලි තාම රිදෙනවා...

    ReplyDelete
  20. අඩො මට ආයෙත් මේ පොස්ට් එක කියවන්න හිතුනා හවස් අතේ බන්..ඒකයි ආවෙ...පට්ට බන්..අර ගහ මාර උසයි නෙ බන්...උඹ පොටො එකට අලවන කොට උස වැඩි කලේ නැනෙ :D

    ReplyDelete
  21. එල එල ඉතුරු ටිකත් ලියපන් ඉක්මනට

    ReplyDelete
  22. පුක ගැන විතරනේ ලෑල්ල ගැන නැද්ද?

    ReplyDelete
  23. කියලා වැඩක් නෑ නියමම වැඩක් . කොච්චර දුකක් විඳගෙන මේවගේ වැඩක් කලත් අවසානයේදී ලැබෙන සතුට මැරෙනකම්ම මතක් කරතහැකි

    ReplyDelete
  24. හිකිස්‌ හිකිස්‌ අම්මෝ පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියවල ඉවර වෙද්දී හිනා වෙලා පණ ගිහින්... දැන් නම් හිනා උනාට ගස් උඩ නැගගෙන ඉද්දි නම් ඇඬන්න ඇති නේ...

    ReplyDelete
  25. එළ කොල්ලෙක්නෙ...මැක්සා

    ReplyDelete
  26. හැමදාම මතකයේ තියෙන සොදුරු මතකයන් ටිකක්..

    ReplyDelete
  27. උඹල නේද වල් ගලේ එවුන්ට ගැහුවෙ?

    ReplyDelete
  28. පාසල් කාලේ සුමිහිරි මතකයන් . හරිම රසවත් පොඩ්ඩෝ .

    ReplyDelete
  29. නියම ආතල් කතාවක්නෙ...තල් ගහේ ඉඳන් දෙන ගේම දැක්කම පුදුමත් හිතෙනවා..

    මට නම් පෙනුනෙ කතාවට පුක බලෙන් ඔබ්බලා වගෙයි :)

    ReplyDelete
  30. මේවා කියවද්දී කැපුනුකානු ආයේ සීතල වෙනවා වගේ බන්

    ReplyDelete
  31. ඔය කොඩි නම් මාත් දැකලා තියනවා එහෙ මෙහෙ යද්දි! කන කටු හිතා ගන්න පුලුවන් දාල තියන උස දැක්කම

    ReplyDelete
  32. පොඩ්ඩ පුක ලෙලියනකං ගස්නැග්ගද නැත්තං මේකගෙ පුකේ ලෙලියනකං සින්නෙක් පැද්ද කවුද දන්නෙ...?

    X-POrter

    ReplyDelete
  33. 2006 අවුරුද්දේ මමත් ටිකක් ඔය කොඩි සින් එකට එන්ටර් වුනා මොකද ඒ දවස් වල දැන් වගේ බාප්පලගෙන් වැඩි කරදරයක් තිබුනෙනැ

    ReplyDelete
  34. Niyamai mamath oya athal eka 96.97,98 awurudu wala gatta

    ReplyDelete
  35. ඔක්කොමත් හරි මේ උදවියගේ හැට් කලෙක්ෂන් හින්ද ඒ දවස් වල ක්ලාස් ගිය අපිට පාරේ බැහැලා වත් යන්න නෑ :පී

    ReplyDelete
  36. Thank you for sharing your info. I truly appreciate your efforts and I
    will be waiting for your further write ups thank you once again.
    Feel free to surf my web site :: arsenal transfer news 2009

    ReplyDelete
  37. Thanks in support of sharing such a good thought, post is fastidious, thats why i have read it completely
    Also visit my web-site - arsenal transfer rumours today

    ReplyDelete