Showing posts with label H වාට්ටුව. Show all posts
Showing posts with label H වාට්ටුව. Show all posts

2015-11-16

H වාට්ටුවෙන් එකෙක් .. ___________හාට්Piercing‬...✿•*`¨"





උඹට වගෙමයි මචං 
මටත් ප්‍රාඩෝ තිබුන 
කඩ්ඩ වැනු පට්ට සුදු 
විස්කි කෑලිත් හිටිය

ඇහැට සඟ අතට ලැප 
වගෙම හිතෙ ගට තිබුන 
මවුන්ට් එම් සී බම්බ 
කිලියො කාම වල බැස්ස .

ගියපු තැන දොර ඇරුන 
එහෙන් සැලුටුත් වැදුන 
මචං උඹ අඩෝ බං 
යාළු බේබිල හිටිය

සවුන්ඩ් වැඩි කරපු තඩි 
බෆල් මැද කල් මැරුව 
එලි පාට හූ බල්ටි 
ඔලුව මැද කරකැවුන

බැටන් තරු බූට් අඩි 
තලල අපි හිර කෙරුව 
අතින් බඩු අපිට නඩු 
පාට හරහට හිටිය ..