Showing posts with label මගේ ලට්ට ලොට්ට. Show all posts
Showing posts with label මගේ ලට්ට ලොට්ට. Show all posts
2015-11-25
සීයගෙ කතා
මගේ ජීවිතේ මම දැකපු පට්ටම පොර තමයි සීයා ...
දොං පැට්‍රික් හේවාවිතාරණ
එහෙමත් නැත්තන්
" පැටි මහත්තයා ... "
මේ පහුගිය සතියට සීය මැරිලා අවුරුදු අටක් වෙනවා ...
අවුරුදු 91 ක් , සාමාන්යෙන් තුන්වෙනි සැරේ බඩුම තමයි කිවුවට ,
හාට් ඇටෑක් 5ක් හැදිලත් ... ;
දෙවැනි හාට් ඇටෑක් එකෙන් පස්සෙ ...
"ජීවත් වෙන්න ආසනං තවත් සිකරට් බොන්න එපා .." කියල ; ඩොකා කිවුවහම,
,
"ඔවු මහත්තයො ... මට තියෙනවා , මූණුපුරාල ටිකකට මුන්ගෙ පරපුරේ ඉතිහාසය කියල දෙන්න "
කියල කිවුවත් ;
එදා පටන්, පුතාලාගේ අධිකරණේ,ඒක මතික තීරනෙන්.රැලේ පුට් සයිකලේ විකුණල දැම්මට පස්සෙත් ... කාටවත්ම නොකියා , කවුරු ගෙනල්ල දුන්නත් හරියන්නෙ නැති ... තමන්ම ගිහින් ගන්න ඕනෙ , සීකරට් බීම නවත්තන්න පුරුදුරුකරගත්ත
රුපියලේ බන්ටි ටොපි ගේන්න මැරෙන්න දවස් දෙකකට කලිනුත් හැතැම්මක් එහා දහයෙ කණුවට පයින් ගිහින් ආපු ...
දිනපතා ලංකදීපෙ, ලුහුඩු දැන්වීම් එක්කම අසවල් දින අසවල් තැන මුද්‍රණය කර බෙදා හරින ලදී වෙනකන් අකුරක් නෑරම කන්නාඩියක් නොදා කියවපු ,
කුඹුරු කෙටීම ,
පෙර පරිදිම ජීවත් වෙලා ඉන්න පුත්තු හතර දෙනාම ඒකමතිකව තීරණයෙන් තහනම් කරාට පස්සෙත් , උදැල්ලක් අරන් ගිහින් වත්තෙ පහල,පැය විසි හතරෙම උඩින් උතුරන ලිද
වටේ කාණු පාදපු ,
මැරෙනකං,
තමන්ගෙ දෙවනි කසාදෙ, තමන්ට වඩා අවුරුදු 16 බාල , සීය මැරිච්ච දවසෙනං ,මිනිය තියෙනකං,එකම වචනයක් , වතුර උගුරක් , අඩු ගානෙ එක කදුළක්
නොවැටි,දවස් තුනක හොද සිහියෙන්,
කෙලින්,මිණිය දිහා බලාගෙන හිටියත් , ඊට පස්සෙ හැම අවුරුද්දකම , සීය මැරිච්ච දවසට
හැම පුතාටම හේතුවක් නැතුව කෝල් කරල අඩන ... පහුගිය 83 උපන්දිනේට,ගෙදර තනියම් සිල් ගත්ත ,
කොරඹුරුවාන හෙට්ටිගේ පේමවතී ... , එයාගෙ"පේම" එක්ක . තමං හදපු ගෙදර ජීවත් වෙච්ච සීයට ,,,
; මැරෙන මොහොත වෙනකං ඒ වැඩේ බැරි උනා ...
ඒත් ...
කවදාවත් කියපු වචනෙ වෙනස් නොකරපු සීයා ...;
මැරෙන්න පැය කීපෙකටකලින් ,
"දැන් ඉතිං අපි මැන්ටල්නෙ බොලවු ... කොච්චරවාත් හුජ්ජ බර ... , දැන් මේ සරීරෙ .. ඉන්දිරිය ඔක්කොම වැහැරිලා .... පාලනේ නැති වෙලා තියෙන්නෙ ... .. අවුරුදු 90ක් කියන්නෙ සෙල්ලන්ද ... ,
කිය කිය හැමදාම රෑට හතර පස් ගමනක් දොට්ට පිලට යය ගමනක්දි , ලිස්සල වැටිලා පැය 20 විතරක් ඇඳේ නැගිටගන්න බැරුව ඉඳල හැමෝම එලවල තනියම කාමරේ දොර වහගෙන මැරෙන්න පැය කීපයකට කලින් .. රෑ 9 විතර ... තමන්ගෙ අධිෂ්ඨානෙ ඉෂ්ඨ කරගන්න මූනුපුරාල කැදෙවුවා ...
පිලිවෙලට ... ,
ලොකු තාත්තගෙ පුතා ට පස්සෙ
මම ,
මම ගිහින් ඇඳලග වාඩි උනා ...
"දන්නවද උබේ කිරිකිත්ත කවුද කියල ... "
" නෑ සීයේ .... "
" ඒකනෙ ... , දොං ඩේවිඩ් හේවාවිතාරණ , දන්නෙ නෑ .... ?? "
මම මුකුත් කිවුවෙ නෑ ...
මම බලාගෙන හිටියෙ සීයගෙ මූණ දිහා ... මකරෙක් පච්ච කොටපු රැල් බේරෙන , ඒත් සිනිදු දර දඩු බාහුව මම ල්ලගෙන හිටියා ...
කට පොඩ්ඩක් පැත්තට ගියාට ... කෙල බින්දුවක් බේරුනාට ... කියන වචන පැහැදිලියි ...
" පොතකුයි .. පැන්න්සලකුයි ගෙනෙන් .... "
මම පොතකුයි .. නැන්දගෙන් පෑනකුයි ඉල්ලගත්ත ...
ලියපං උබේ සම්පූරණ නම ... කොලේ පහලින්ම ....
මම ලිවුවා ....
ඊට උඩින් තාත්තගෙ නම ...;
මට පරපුරක් ඕනෙ උනේ නෑ ... මම හැමදාම ආදරේ කරපු ,
පුංචි කාලෙදි , උක්කුං මහත්තය මගේ පුතා කිවුවහම මම කොස්සෙන් ගහනකොට දොර මුල්ලෙ හැංගිලා ...
" චූටි හාමිනේ ... මෙන්න මේකව ගනින් ... කියලා,කෑ ගහපු සීයා ...,
පස්සෙ පස්සෙ අපි තාත්තලගෙ මහ ගෙදර ගියාම වරු ගනන් ඉස්සර කතා කියපු සීයා ...
මගේ වීරය වෙච්ච සීයා ... ,
පහනක තෙල් නැතුව නිවෙනව වගේ .. ටිකෙන් ටික් නිවෙන බව පේන නිසා මම හිටියෙ දරාගන්න බැරි දුකෙන් ...
මම ඉරක් ඇන්ද හෙමීට ...
"ඊලගට උබගෙ සීයා ... ;
මම ,
ලියපං ...
දොං පැට්‍රික් හේවාවිතාරණ ... "
මම තව ඉරක් ඇන්දා .....
"මගේ තාත්ත ... , උබේ මුත්ත ...
දොන් ප්‍රැන්සිස් හේවාවිතාරණ ... "
ඉරක් ... ..........
"මගෙ සීය ... , උබෙ නත්තා ...
දොන් බෙනඩික් හේවාවිතාරණ ... "
ඉරක් ... , කදුළු .....
"මොකද උඹ අඩන්නෙ .... ? "
මගේ අස් දෙකෙන් කදුලු බේරිලා යනව ලයිට් එලියෙ මුවාවට පවා ඒ සියවසකට කිට්ටු පරන ඇස් දැකල තුබුනා ...
"හෙග් හෙග් ... බය නොවී හිටපං ... මම මැරෙන්නෙ නෑ .... "
එක දවසට අගල් ගානක ගිලුන වගේ පෙනුන ඇස් දෙක බාගෙට පිය උනාට .. බැල්ම තියුණුයි ...
" කෝ පෙන්නපං ලියපුව .... "
පොතේ තිබුනෙ ඉරි ටිකකුයි මගේ නමයි විතරයි ....
" පලයං යන්න .. මෙතනින් ... තොපිට කියල වැඩක් නෑ .... "
සීය මාව කමරෙන් එලියට එලවගත්ත ... ඊට පස්සෙ බාප්පගෙ පුතා ...
ඌවත් වැඩි වෙලාවක් යන්න කලින් එලවගත්ත සීය එකෙක්ටවත් කාමරේට එන්න එපා කිවුව ...
" මම දැන්ම මැරෙන්නෙ නෑ ... මට පාඩුවේ ඉන්න දීපල්ල ... "
කිසි කෙනෙක්ට කාමරේට එන්න දෙන්නෙ නැතුව දොර වහන්න අපට සිද්ද උනා ...
අවුරුදු අනූවක් පරන කුරුං කුරුං සද්දයම් මැද්දෙන් උස්ම ඇදපු ඒ යන්තරේ හෙමීට නවතිනව, කාමරේ එලියෙ ඉඳ අපි
අහගෙන හිටියා ....
කියපු විදියටම පැටි මහත්තය මැරුනෙ නෑ ...
ගමේ මිනිස්සු වගේම මගේ ජීවිතෙත් හරි ඉහලින් සීය ජීවත් වෙනවා තාමත් ........
2015-11-11
ජගත් කාන්තා ප්‍රජාවට පිදෙන උත්තමා .. චා ... ර ............. කවි ..!!! // තිසර පට වරුණ
මාතලන් ලොක්ක මගේ පොස්ස්ට් එකකට තැනක් දීල තිබුනනෙ ... ඊයෙ ...
බොහෝ වු ඉතා තදින් බැනලා තිබුනා ලියන්නෙ නැති එක ගැනත් ...
ඉතිං එහෙම අපිට ආදරේ කරන ජන මනයා ඉන්නකොට ලියන්න හිතෙනවා ...
ඒත් කම්මැලියි අප්ප දැන් ...
බුකියෙනම් ඔහේ කොටල දානවා ...
ටීචාලංකාරයෙන් ආයෙ කරලියට නිසා ඒ වගෙම කයියකින් අරඹන්න හිතුවා ...
ඇරබුවට කොච්චර දුර යාවිද දන්නෙ නෑ ...
බලමු ...
ඒක කමක් නෑ ... උඹල්ගෙ රෝලටත් මේක ඈදා ගනිල්ලා ....
මෙන්න එහෙනම් ..
ජගත් කාන්තා ප්‍රජාවට පිදෙන උත්තමා .. චා ... ර ............. කවි ..!!!
තිසර පට වරුණ
______________________
නෙක හැඩ මවා පිරිමින් සිත මවිත කෙරූ
තන පට තමයි ගැහැණුන්ගේ රහස් කරූ
ඔසවා තබා දුටු දන මන මුලා කෙරූ
තිසර පට වනමි ගැහැණුන් බඳින යුරූ ...
තන පට තමයි ගැහැණුන්ගේ රහස් කරූ
ඔසවා තබා දුටු දන මන මුලා කෙරූ
තිසර පට වනමි ගැහැණුන් බඳින යුරූ ...
කොටු කොට තබා යන්නට නොම නිදැල්ලේ
හැඩ තල මවයි මන බඳිනා ඇසිල්ලේ
රුව වඩවනා තුරු දහවල මුලුල්ලේ
තබා රකියි ඇගෙ හංසයො කැදැල්ලේ ..
හැඩ තල මවයි මන බඳිනා ඇසිල්ලේ
රුව වඩවනා තුරු දහවල මුලුල්ලේ
තබා රකියි ඇගෙ හංසයො කැදැල්ලේ ..
අසුවී නොමැතිනම් පිරිමියකුගෙ අතට
එහෙමත් එකකි ඇත්තේ ලොකුවට යසට
කුමක් කරන්නද මඳිනම් හැඩ හිතට
අරන් බඳිනු මිස පුම්බපු පටි තනට
එහෙමත් එකකි ඇත්තේ ලොකුවට යසට
කුමක් කරන්නද මඳිනම් හැඩ හිතට
අරන් බඳිනු මිස පුම්බපු පටි තනට
පොදුවේ " බොඩිය කියලා අපි කීවාට
දැන් නෑ " බොඩිය " බ්‍රා වී ඇත පොෂ් ලෙසට
අඳිනා ඇඳුමෙ හැටියට එක එක හැඩට
බඳිනා තිසර පටි කැටගරි වෙයි හෙනට
දැන් නෑ " බොඩිය " බ්‍රා වී ඇත පොෂ් ලෙසට
අඳිනා ඇඳුමෙ හැටියට එක එක හැඩට
බඳිනා තිසර පටි කැටගරි වෙයි හෙනට
පුශප් , වොන්ඩර් , ඩෙමි , ෆ්රන්ට් ක්ලෝෂර් ද බ්‍රා
මිනිමයිසර් , කන්වර්ටබල් , මැටිනි බ්‍රා ..
තදට හිරට අකමැතිවට සොෆ්ට් කප් බ්‍රා
මේ හැම ගැනදැන හිටියොත් එලද බ්‍රා ...
මිනිමයිසර් , කන්වර්ටබල් , මැටිනි බ්‍රා ..
තදට හිරට අකමැතිවට සොෆ්ට් කප් බ්‍රා
මේ හැම ගැනදැන හිටියොත් එලද බ්‍රා ...
කිරි දෙන දරු ඇති අය හට නර්සින් ද
උර පටි නැති ඒවට රේසර් බැක් ද
වෙස්ටන් මනාලියකට බ්‍රයිඩල් බ්‍රා ද
පටි ඕනෙම නෑ නම් ස්ට්‍රැප් ලිස් ද
උර පටි නැති ඒවට රේසර් බැක් ද
වෙස්ටන් මනාලියකට බ්‍රයිඩල් බ්‍රා ද
පටි ඕනෙම නෑ නම් ස්ට්‍රැප් ලිස් ද
පිටට දාර නොපෙනෙන ටී ශ්ට් බ්‍රා ද
දුවන පනින අයනම් ස්පොට් බ්‍රා ද
චූටි චූටි අය හටි ටෙයි න බ්‍රා ද
ඕනෙ තැනට සෙට් වෙන බිල්ඩ් ඉන් බ්‍රාද
දුවන පනින අයනම් ස්පොට් බ්‍රා ද
චූටි චූටි අය හටි ටෙයි න බ්‍රා ද
ඕනෙ තැනට සෙට් වෙන බිල්ඩ් ඉන් බ්‍රාද
මෙකී නොකී ඔය හැම එක එක බ්‍රාද
පෙන්න නොපෙන්නා හංගාගෙන අඳිනාද
හංගා ඇගේ සුදු මෘදු ලැම රැකුවාද
විටක පිරිමි හට වඳ කොතරම් වේද ..
පෙන්න නොපෙන්නා හංගාගෙන අඳිනාද
හංගා ඇගේ සුදු මෘදු ලැම රැකුවාද
විටක පිරිමි හට වඳ කොතරම් වේද ..
කැන්ඩි , ෆැශන් බග් , නෝ ලිමිටුත් යනවා
ඔඩෙල් තිලකවර්ධන එක පීරනවා
එක එක පාට පටි ඇති නැති තෝරනවා
වැහුන රුවට රැවටී අපි ලණු කනවා ...
ඔඩෙල් තිලකවර්ධන එක පීරනවා
එක එක පාට පටි ඇති නැති තෝරනවා
වැහුන රුවට රැවටී අපි ලණු කනවා ...
එල්ලී වැනෙනවා ගස් වැටකොලු වාගේ ...
හෙල්ලි වැනෙනවා අයියෝ තන මාගේ
මල්ලි අඩනවානම් කෙල්ලත් උබගේ
සල්ලි විසි කරොත් බඩු ඇත වෙඩි වාගේ ...
හෙල්ලි වැනෙනවා අයියෝ තන මාගේ
මල්ලි අඩනවානම් කෙල්ලත් උබගේ
සල්ලි විසි කරොත් බඩු ඇත වෙඩි වාගේ ...
කතෘ දේපලකි .. කරුණාකර අයිතිය සුරකින්න ....
කොපි කිරීම / පිටපත් කර ලඟ තබාගැනීම / උපුටා ගැනීම / බද්දට හෝ කුලියට දීම / පාඩම් කර සමූහ ගායනය සපුරා තහනම්
කමෙන්ට් කිරීම සහ ශ්‍යා කිරීම පමණක් සෑහේ ....
2015-04-10
ප්‍රේමපූර්ණිකාව ( තද බල බූට් කෑ ලපයි සිපයිට හෘදයාබාද ඇතිකල හැකි බව කරුනාවෙන් සලකන්න)
ප්‍රේමය ...යනු කුමක්දැයි කියා ...
ඇට මුන් ඇට වෙන තර්ක විතර්ක තිබුනාට ...
බොහෝ උන් රෙද්දෙර රෙවෙනා කවි ලීවාට..
ගෝන අල බහින සයිස් වැල් බයිල කීවාට..
ප්‍රේමය යනු නිස්චිතවම මෙයයැයි කීමට ..
දන්ත හේමමලාටවත් .. දස්කොන් ප්‍රෙමිලාටවත් .. රෝමියෝ ජුලියට්ට තියා ..
එක වසරේ සිට ..
දහම්පාසලේ පන්තියේ පලවෙනියා වෙමින් මා තැබූ රෙකෝඩ් එකට කෙලවමින් අවසාන ශ්‍රේණියට හිමිදිරි උදෑසන ඇති වූ මෝල් අමාරුවක් ලෙස පැරෂුට් දැම්මා වූද .. දැකපු එකෙකුට අත දැමූ විට මයින පැටවු ඇතැයි සිතෙන බුරියට.. අගල් තුනහ මාරකටත් වඩා පහලට ළමා සාරිය ඇන්දා වූද ... බඩ ඉතා සුදු වූද.. මම ආසම ට්‍රයම්ප්, සයිස් 32 සුදුපාට තිති තිත් තිබුන රෝසපාට කුක්කු හැට්ටයේ කොහොම ඇතුලට දැම්මාදැයි හිතාගන්නට බැරි .. ඕගස්ට් එම්ස් , ටෙර පැට්‍රික්, ජෙඩා ස්ටීවන්ලාත් පදිරි තරමේ පුන් පයෝදර දැරුවා වූද ... අනර්කලිත් පදිරි තරමේ කොමල දැම්මා වූද .. ලොකු හාමුදුරුවන්ගෙ උපසම්පදා සීලයත් තොලෝන්චි.. චකබ්ලාස් වී යන්නා තරමේ ක්ලෝගාඩ් ඇඩ් එකක්වත් දැක නැති ඉටිකිරිස්, අහිංසක, ප්‍රේමාන්විත.. සිනහවක් තිබුනා වූද ... පසු කලෙක ගාල්ලෙ බීච් එකේ සිට කොළඹ පැත්තට.. මහමෝදර, දඩල්ල, නාරිගම, හික්කඩුව, බලපිටිය, කළුතර. ගල්කිස්ස .. අනිත් පැත්තට... රූමස්සල, උණවටුන, මිහිරිපැන්න,තල්පෙ, හබරාදූව, කොග්ගල, වැලිගම, මිරිස්ස, මාතර, මූදු වෙරලවල්වල... කඩල,පෝලෝ, මින්ට්, ග්ලූකෝරස කාරයන්ගෙ මඩි පුරවමින් කකුල් කොටවෙන තුරු... පුකෙ දියපට්ටා එනතුරු... ගල් උඩ, මැද, යට .. වැටෙකෙයි පදුරුවල .. සිමෙන්ති, ගල්, ලී, ෆයිබර්, බංකු වල, මැසි වල, කොට උඩ බෝටුටු උඩ , රස්තියාදු වූද ... ප්‍රින්ස් ..ප්‍රින්සස් .. ජීවන් .. කුවීන්ස් සහ තවත් නම මතක නැති ෆිල්ම් හෝල් ගානේ... ඕඩීසී.. බැල්කනි.. බොක්ස්... ශීට් වල මකුණො මැරුවා වූද ... පන්සලේ බෝ මලුව කොනේ .. විහාරගෙයි මුල්ලේ ... වැසිකිලි.. කැසිකිලි පල්ලේ සිට .. සී ලයින් .. උනවටුන බේ ඉන් .. තරූශ හොලිඩේ ඉන් .. ලෝටස් ගෙස්ට් වල පවා යටගල පන්සලෙන් ගෙනා කොඩි වැල් එල්ලා .. අඬා, දොඩා,රවා,පුප්පා, මුකුළු වී... තොදොල් වී .. හුර්ර්ර්ර්ර්ර්ර්ර්තල් වී .. මහත් වූ පින් රැස්කරගත්තා වූද ..... ඒලෙවල් දිස්ත්‍රික් පස්ට් වී .. ලෝකල් කැම්පස් හොද මදි වී.. මැල්බෝන් යුනිවසිටියක ඩිග්‍රි මදිවට පීඑච් ඩී ගැසුවා වූද ... සික්ස් පැක් දැමූ කොල්ලන්ට ආස වී .. හොරෙන් සිගරට් බිවු විට තරහ වී .. බිත්තර රොටි සමග නිවුඩේල් යෝගට් කවා .. යකඩ පඩි උඩදාන්නට ..අතින් වියදම් කර මාව ජිම් යැවුවා වූද .. පසු කලක බඩ තඩි කලු කොට මැනික් මුදලාලි කෙනෙකුගේ පුතෙකු වූ කද මයිලෙක්ගෙ කරේ එල්ලී යූ ඇස් ඒ සිට , ඌට කියා බඩ පුම්බාගෙන රෙද්දකුත් ඇදගෙනම බුකියේ මට පොටෝ එවන්නා වූද .. විසි ගනන් වලදී .. ගනන් වැරදී ගිය අති රමණීය විටක මරණීය පිප්ටි පසන්ට් ඩිස්කවුන් ලැබුනාවූ .. මගේ කුළුදුල් ප්‍රේම වෘතාන්ත වල එකක් වූද ...
පිංකි අක්කාටවත් ...
බැරි විය .......
එහි අල ගිය තැන .. මුල ගිය තැන ... වැල ගිය තැන ... බවුන්ඩේසම කැපූ තැන .. මුල් ගල් තැබූ තැන .. ගෙපල කැපූ තැන සොයා ගැනීමට
අටුවා .. ටීකා .. ටිප්පනි .. රිප්පිඩි .. ලේන් තැරි .. තියා ..
අලුත වැදූ මී ගොන් පැටියාගෙ නෙස් ටී වගේ හොට් හොට් අමු කිරි ගොම බෙට්ට ... ඒ වැස්සිගේම බුරුල්ල කහ වතුරෙන් සෝදා .. .. දොවා ගන්නා .. මගෙ පෙරපාසල් .. කිරිබබා ..කොස්කොල නැටි ලවු එක වූ ... නැවත දහය වසරේදි අහම්බෙන් හමු වී වෙසක් කාඩ් දී .. ඉහත කතාවම ටිකක් අඩුවෙන් රිපීට් වී.. පසුව එකීම වෙඩින් කාඩ් එකක් අපෙ ගෙදරටම එවුවා වූ... සඳමාලි .. මොන්ඩිසෝරියේ කොන්සට් එකේදි නැටූ දීකිරි දීකිරි සිංදුවේ වගේ එලකිරි .. මීකිරි හට්ටියකකින් අනා .ඉරිවේරිය ගිරි - කටරොළු - ගිනි බුරුත - අමු ඉඟුරු - ගෙළ නික -කරාබු යන උපන් ගෙයි දොස් නසනා බෙහෙත් වට්ටෝරුව ..දෙහි ඇඹුලෙන් .. මී පැණියෙන් අනා මිශ්‍ර කොට .. අසූවක් රෝග .. අට අනූවක් ව්‍යාදි .. එකසිය එකක් බූත දොස් නැති බංගස්ථාන වන්නට සර්ව බල දාරී අකිලිකටප්තේසි මත්‍රය එද්දාස් එකසිය අට වාරයක් මතුරා හත්පොලේ ගා තුන් වරුවක් ගිණි තැපුවද ..
බැරිය ..
එහෙවු ඉලවුවේ ...
බජාර් එකේ ලලක්කාගෙ ගර්බාසෙ වගේ මල ඉලවු බඩ කඩුත්තු අමන සක්කිලි ප්‍රේමය ගැන ...
ලබන ආත්මෙක මගේම දරුවෙක් වන්නට ප්‍රාර්ථනා කරනා දැනට මාස පහ හයකඩ උඩදී අලුතෙන් ලාතර පාස් වූ ඕයිසී මහතාගේ වික්‍රමාන්විත මතට තිත ගේමෙන් අයිස් පයිස් වී ... පන්සලේ හිටපු ප්‍රධාන දායක මැම්බර් පොඩි මහත්තය මහත්තයාගෙ කසිකබල් 13 ශ්‍රී ලදරං දංකුඩ ජිප් කබලටත් බයවෙමින් ... නයික් ස්නික්ර්ස් දමාගෙනම ජක බක ගගා වෙලේ වැටි වැටි දුවා .... කැරකෝප්පුවේ රැය පහන් කර බෙල්ල බේරාගෙන ඇවිත් ඊට පසුවදාත් ගේමෙන්ම ඩීල් එක කරනා ලසාගෙන් ... වැස්සෙ තෙමි තෙමි ගොස් හේමන්ත අයියාගෙ රේස් බුකියෙ ටකරං වහල යට සිකරට් තුනහ මාරකුත් පිට් එකට ලද කැප්ටන් උගුරු හතරපහකුත් මම නොකෑවද ලග ඉදපු එකා බුලත් විඩ බාගයකුත් කනතුරු තෙමි තෙමි වේලි වේලි සිට .. ජොකා පල්ලෙ රදවාගෙන " හෙට උදේට උයන්නද යකෝ මිරිස් ගෙනාවෙ" යැයි අරඹමින්.. අවුරුද්දක වැරදි එක පිට එක රිපීට් පිට රිපීට් පෝලින් කරවා .. සූරියා අහවල් රාසියේ ගැට්ටේ සිටිනා මොහොතේ වසර ගානක් සිට සුපුරුදු , හුරුපුරුදු, කන් කලු අපෙ අම්මාගේ බැනුම් සංඝායනා සුනාමිටත් අසු වී .. ගෙනා කංසා සුට්ට... රෝල් කරමින් උර උරා ඉන්න නිදි නැති තනි අදුරු මූසල තුප්පහි නිහඩ ජඩ .... මාන්දමික .. ශෝකාකූල .. ව්‍යාකුල .. ෆෑන් එකත් කැඩුන ... මදුරු කොයිලුත් ඉවර.. නෙටුත් ස්ලෝ රාත්‍රියකදී පවා
ගංජා ටික ඉවර වී .. ගෝල්ප් මක බෑවී .. කෝක් බෝතලෙත් සිදී ... . රිබිඩ්ඩ විසිවෙන තුරු .. අන්තිම ගෝල් ලිප් එකේ බසිය නිකම හැලෙන තුරු ... මොනිටර් ලිස්ස්ප් වෙන තුරු .. දෙපාරක් දොට්ට යනතුරු .. පුක ඉරෙනකං තැටමුවද ..
බැරිය ...
මේ මහා යහං හෑල්ල ... දත් මිටි කකා .. මේසෙට ගගහා .... කුනුහබ්බ කිය කියා ,,, හිනා වෙවී .. මට බැන බැන කියවගෙන ප්‍රේමය මොකද්දැයි හොයාගෙන ඉස්සා පුකේ දමාගෙන ආ තොපිලාට හොද වැඩේය ...
ඒක නිසා හොදම මේ මේන් මේ වගේ වැඩගම්මකට නැති පුක් ගැටි වල සුලැගිල්ල නොදමා පාඩුවේ වැඩක් බලාගෙන .. බනක් තලාගෙන .. අතක් මරාගෙන .. අහු උනොතින් .. වෙලකුත් කොටාගෙන ඉන්න එකය ...
එතකොට පකින් ඕසං ය ... !!!
තියෙන ගොඩ
ගංජා,
ප්‍රේමය,
මගේ ලට්ට ලොට්ට
2015-03-27
දුමක ආතල් එක .. අතිසයින්ම දුම් බොනන්න සදහා පමනයි ...
කාලෙකට පස්සෙ බ්ලොගට බැහැල දාපු කතා දෙකට හොද ප්‍රතිචාර තිබුනනෙ ... අර ඒ කාලෙ ඉදල මේකෙ නසරානි වෙච්ච සෑම එහෙම තාම ඉන්නවා ... ඉස්සර මේකෙ පැල් බැදගෙන ඉදලා පස්සෙ පස්සෙ බුකියට බැහැල ඉන්නකොට මම හිතුවෙ පරණ එවුන් මේකෙන් තොලෝන්චි වෙලා ඇති කියලා ...
කොහොමින් කොහොම හරි තව කතාවක් මතක් උනා ... ඒකත් අර කලින් දාපු යාලුවො තුන් දෙනාගෙ එකක්ම තමයි ... වෙරි වෙන එකයි .. මත් වෙන එකයි... පක් වෙන එකයි ....
ඔය තුනේ වෙනස දන්නෙ නැතිනම් ඉතිං ඒක කියවල එන්න වෙයි ...
බුකියෙන් සෙට් උන මත් වෙන එවුන් සෙට් එකක් එක්ක දුමක් දාල ආතල් එකේ කයියක් දාගෙන් ඉන්නකොට ඔය මම කලින් කියපු කතාව කිවුවම මේක මට කිවුවෙ බුකියෙ බොක්කක් වෙච්ච සුරංග ලක්මාල්...
ඉතිං ඒ ආතල් එකට මේ ආතල් එකට මේකත් පැට්ටට චොකට් කේක් කෑලක් වගේ සෙට් වෙන නිසා ...
ඔන්න එහෙනම් කොටල දානවා ...
ඔන්න ඔය වෙරි වෙන එකයි... මත් වෙන එකයි... පක් වෙන එකයි ... වෙරි වෙන්න විදියක් නැතුව .. මත් වෙන්න විදියක් නැතුව .. පක් වෙන්නත් විදියක් නැතුව සඳ බොද වෙලා නසරානි වෙලා ෆුල් අන්දොස් වෙලා ඉන්නවලු බීච් එකේ ගලක් උඩට වෙලා ...
එහෙම ඈත බලාගෙන ඉන්නකොට ... ඉන්නකොට... ඉන්නකොට ...
බොන එකා ... ඒ කියන්නෙ වෙරි වෙන එකා කියනවලු
"මචං... මේ මුළු මූ...දම ගල් බෝතලයක් වෙලා, මේ ගල රෝස්කරපු මස් කුට්ටියක් වුණොත් කොහොමද අාතල් එක" කියලා....
ඕක අහගෙන ඉදල පක් වෙන එකා සික් එකේ කිර කිර ඉඳල කිව්වලු
" මේ මුළු මූ...දම බවුව පැකට් එකක් වෙලා , මේ ගල කිරිටොෆියක් වුණොත් කෝමද ආතල් එක" කියල
එතකොට මත් වෙන එකා ඉන්නවලු මුහුදෙ ඈ...ත බලාගෙන
හෙන කල්පනාවක.
එහෙම ඉඳල කිව්වලු,
" මේ මුළු මූ...දම වැඩි සීනි ප්ලේන්ටියක් වෙලා, මේ ගල ජොයින්ට් පැකට් එකක් වෙලා,
උඹල දෙන්නත් ගොල්ලිෆ් දෙකක් වුණානම්
හම්මා ..... !!!
පකින් ඕසම් කිවුවලු ...
___________________________________________________
කතා දෙකක් දැම්ම කිවුවනෙ ... මෙන්න ඊටත් කලින් එක ... ඒකනං ගංජ කතාවක් නෙවෙයි ...
මේ නිකං කෙල්ලෙක් ඩයරියක් ලියපු එකක් ගැන ...
එහෙම ඩයරි ලිවිල්ල නිසා කෙලවී යන පාසල් කාලෙ ආදරේ ගැන ... ඔබ මගේ වෙලා ... මම ඔබේ වෙලා ...
තියෙන ගොඩ
ආතල් කතා,
ගංජා,
ඩුම්,
මගේ ලට්ට ලොට්ට
2015-03-25
වෙරි වෙනවද ? මත් වෙනවද ?? පක් වෙනවද ???
කරන්න වැඩක් නැති උනාම ඉදල හිටල බ්ලොග් එක මතක් වෙනවා ... ඒත් ලියන්න කම්මැලි .. ඉස්සරනං පුක ඉරාගෙන බ්ලොග් ලිවුව ... බුකියෙ ශ්‍යා කරා .. කමෙට් වලට රිප්ලයි කරා... ඒත් අනේ මන්ද ඇයි කියල ... දැන්නම් ඒ ඉස්ස හැලිලද කොහෙද ..
සිංඩි ටිකෙනුත් එලවලා මම හිතන්නෙ ...
ඕනම් දෙයක් එහෙම තමයි .. ටික කාලයයි ...
නිකන් ඉන්න වෙලාවට කම්මැලි වෙලාවට වෙන වැඩක් නැතිනම් ඉන්නෙ තනියමනං දුමක් දාල ෆිල්ම් එකක් බලන්න තියෙනවනම් ... අන්න ආතල් එක ...
නැතිනම් ඒ වගේම මම කැමති හොද කයියක් ගහන්න ... ඔවු .. පරණ ජොකියො දෙන්න තුන්දෙකෙන් සෙට් වෙලා ලාවට පැට්ටෙක් මරල දුමක් අදිනගමන් කයියක් ගහන්න ...
කයියක් ගහනව කියන්නෙ ඔය වල පල් දොඩවන එක තමයි ...
සම්ප්‍රප්පලාප ...
ඒ කියන්නෙ හිස් වචන ...
ඒත් ඔයි හිස් වචන වලට පුලුවන් අපේ ඔලුගෙඩි ඇතුලෙ තියෙන ඔක්කොම කුණු කන්දල් ටික එලියට අදින්න.. මිනිස්සුන්ට ඕනෙ ඒකයි ...
නිකං ඉන්න වෙලාවට ඔය කුණු ටික එලියට අදිනව කියන්නෙ
තමගෙ හිතේ තියෙන දේවල් කියවල එලියට යවන්න ... හිත නිදහස් කරගන්න .
වෙරි උනාම දොඩමළු වෙන්නෙ ඒ නිසා ... වෙරි උනාට වඩා දොඩමලු වෙන්නෙ මත් උනාම ... ඉතිං ඒක ට හැබැයි සෙට් වෙන්න ඕනෙ .. ගෑණුනම් ඉතිං බිවුව නොබිවුව කියල වෙනසක් තියෙන එකක්යැ ...
ඒත් තව සමහරු කැමති අඩියක් එහෙම ගැහුමාව සිංදු කියන්න ... නටන්න කෑගහන්න හූ තියන්න ..
මත්වෙන එකෙයි .. වෙරිවෙන එකෙයි වෙනස ඒකයි ...
එතකොට පක් වෙනව කියන්නෙ ...??
ඔවු ඒ වචනෙ තේරුම වගේ එකක් තමයි .. එහෙම වෙන්නෙ බවුව දාන අය ... උන් කැමති හීන ලෝකෙ හිරවෙන්න ...
මත් වීමයි ... වෙරි වීමයි.... පක් වීමයි වෙනස් ...
ඔය වෙනස හොදටම පෙන්නන කතාවක් තියෙනව ....
පැට්ටෙක් බාගෙට සෙන්ටිමෙන්ටල් කරල ඉන්න වෙලාවෙ ඔන්න එහෙනම් ඒ කතාවත් මෙහෙම කියන්නම්කො ...
එකම බෝඩිමේ ඉන්න යාලුවො තුන්දෙනෙක් හිටියලු ..
එකෙක් හොද බෙබෙක් ...
අනික මලෙක් ...
අනික බවුව කාරයෙක් .. ඒ කියන්න් කුඩු
ඔන්න දවසක් තුන්දෙනා තම තමන්ගෙ ආතල් අරගෙන රෑ වෙලා ආයෙත් එනවලු බෝඩිමට ... යතුර තිබිල තියෙන්නෙ බීපු එකා ගාව ඌ යතුර හලාගෙන ... ඌ කියනවලු ..
" මෙ ලබ්බ හරියන්නෙ නෑ ... කඩනො ඩෝ මම ඩොර ... "
වෙරි උනාම සිහිය නෑ ඉතිං අමතක වෙනවා .. ඒවගේම කලහකාරී .... වලි බරයි ...
මත් වෙච්ච එකා කිවුවලු ...
"පිස්සු කෙලින්න එපා .. අපි ආපු පාරෙ තමයි යතුර වැටිල ඇත්තෙ ... ගිහින් හෙමීට යතුර හොයාගෙන ඇවිත් දොර ඇරල ඇතුලට යමූ .. අනික තව ටිකකින් එලිය වැටෙයි යතුර පේනව එතකොට .. ඒක නිසා හිමීට යතුර හොයාගෙන යන් .. කලබල වෙලා ආතල්නම් කඩන්න එපා .."
මත් උනාම කලබල නෑ ... කට්ටිය පාඩුවෙමයි ඉන්නෙ ...
එතකොට අනිත් එකා .. බවුව කාරයා ....
" සිග් .... හිග් ....
මම මීදුමක් වෙලා හෙමීමීමීමී ට දොර හිලෙන් ඇතුලට යන්නම් ... උබල යතුරු හොයන් වරෙන් .... "
ඌ පක් වෙලා ....
________________________
අන්න ඒක නිසා වෙරි වෙන්න එපා ... පක් වෙන්න එපා ... වෙරිත් ඕනෙ නෑ ... ගානට මත් උනානං
පකින් ඕසම් .... !!!
2012-07-04
පොටෝ එකක් අරන් දෙන්න කකුස්සියේ ගහගන්නට (විරිඳු කවි- කොල්ලන්ට විශේෂයි )
මේක ඉස්සර අපි ආතල් එකට කියපු කවි සෙට් එකක්... ඕක කොහෙන් ඇහුනද කවුරු කිවුවද කියල මතකයක් නෑ... කොහොම හරි ට්‍රිපක් එහෙම යනකොට සිංදු කියද්දි ඕක ඇදෙනවම තමයි...
මේ ලගදි අපේ එකෙක් මතක් කරාම තමයි මේක ලියල දාන්න ඕනෙ කියල හිතුනෙ.. ඌ මතක් කරෙත් මොකක් හරි හේතුවකට එතන ඉදපු එකෙක් අර කවිය කියපු වෙලාවක ... අර හැමෝම අහල තියෙන එක...
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කී එකාගේ කට කෑවත් මදිය
ඉස්සර උන එකා හට බඩු හත අටය
ඉවසපු මෙමා හැමදාමත් තනිකඩය
ඊට පස්සෙ තමයි අරූ මේ කවි සෙට් එක මතක් කරෙ..සමහර විට මේකත් කට්ටිය අහලත් ඇති... අහපු නැති කට්ටියට තමයි මේ...
තව මේකෙ කවි තියෙන්න ඕනෙ මම හිතන්නෙ.. ඒත් මතක ඔච්චරයි...
ඇඟපත නියමෙට තියෙනව කියල කපුව කරත් අගේ...
නියම වඳුරු රූප දැක්කෙ ලඟට ආපුවමයි ඇගේ..
මේව දකින කොට දෙවියනි සතර දීගෙ එපා වෙතේ
බලන්න ගිය දෙවනි කෙල්ල තෙමිච්ච පපඩමක් වගේ...
අක්කරයක් විතර දිගට තියෙනව ඇගෙ දත් සැට් එක
කරදරක් නැතුව ඇහැකි පොල් බෑයක් ගාගන්නට
කතාකරල මෙහෙම කිවුව මම අපගේ කපු රාලට
පොටෝ එකක් අරන් දෙන්න කකුස්සියේ ගහගන්නට
උපාදියක් කරේ තියන් වැඩි වැඩියෙන් කරත් අගේ..
කෙල්ලට වැඩියෙන් තියෙන්නෙ නැන්දම්මා දාන රගේ
කටුස්සි වාගේ ඉදගෙන අනෙ මේකිගෙ තියෙන විසේ
පාං බාගයක් කන්නට මස් කලදක් නෑනෙ ඇගේ
හොයල බලල ගෑණූ රූප හති වැටුනා කුරුණෑගල
ඒක නිසයි මට හිතුනේ යන්න කියල මොණරාගල
මෙදා පාර මම ආවේ පොටෝ එකෙන් ඈ දැකලයි
ලගහට ආවමයි දැක්කේ මේකිගෙ කකුලක් බකලයි
බලං ඉදල බැරිම තැනදි සුනිල් අයිය අඩගහනව
කෙල්ලෙක් ඉන්නව බලන්න පොලොන්නරුවෙ යමු කියනවා
මෙච්චර ආදරෙ මොකටද කියලා මට සැක හිතෙනව
මොනව උනත් කෙල්ල බලන්නට යන්නට මට හිතෙනව
ආදරයෙන් ලගට ඇවිත් බැලුවනෙ ඈ වහල ඇහැක්
දෑවැද්දට දෙන්න තියෙනවා කීවා දරුවො පහක්
හිස මුදුනට කඩා වැටුන වාගේ අනෙ මහා හෙනක්
පස්සෙ බැලින්නම් දෙවියනෙ සුනිලයියගෙ පරණ එකක්
කලිනුත් මේ වගේ කවි සෙට් එකක් දැම්ම කවි මඩුවක්දි ගියපු සංවාදයක්..
කොයි ගෑණිත් එකයි අමරෙ කළුවරට
ඊට පස්සෙ පොඩි මෑන්ම ලියපු කයි කතන්දරේ..
සවිවී ඇත නොදැන ඇතුලින් බරු මුක්කූ - ඒ රණ තිසරුයැයි රැවටෙති කණ කොක්කූ 18+
2012-06-22
මඟුලක නටපු මඟුලක්.....!!!
කවුරු කවුරුත් තම තමන්ගෙ යාලුවන්ගෙ මඟුල් ගෙවල් වල ගිහින් ඇතිනෙ... මඟුල්
ගෙදරක ගියාම කරන ප්‍රධාන වැඩේ තමයි කෑම සහ බීම... විශේෂයෙන් යාලුවෙක්ගෙ
වෙඩින් එකකට ගියාමනං පිරිමි පාර්සවේ වැඩි දෙනෙක් කන් පාත් වෙන්න බොනවා...
බීල බීල තව සමහරු ආතල් ගන්න ගිහින් වලි වලින් තමයි ඉවර වෙන්නෙ.. ඒ වෙලාවටනං
අරූට වෙඩින් එක කියපු එක අපරාදෙ කියල හිතෙනව ඇති යාලුවට...
කෑම බීම කෙසේ වෙතත් එතන චාට්ර් නොවී අපේ ආතල් එකක් ගත්තට කිසි අවුලක් නෑ.. මේ ලගදි අපේ යාලුවෙක්ගෙ.. යාලුවෙක්ගෙ කිවුවට ඇත්තටමනං අපේ බොසාගෙ වෙඩින් එකට ගිහින් අපි පුංචි පහේ ආතල් එකක් ගත්ත... අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ .. කන් පාත් වෙන්න ගහල ඉදියෙ...
ආතල් එක මොකද්ද කියල පහත පොටෝ ට්කෙන් බලාගන්න පුලුවන්...






අර උඩින් තියෙන ආතල් එක ගත්තෙ වෙඩින් එකේ හෝම් කමින් එක දවසෙ... හෝම් කමින් එකත් ඉවර උනාම ඊට පස්සෙන්ද රෑට පොරගෙ ගෙදරත් පාටි එකක් තිබුනා .. ඒ ඉතිං අර කලිං කිවුව වගේ හොටෙල් එකට ගෙන්නගන්න තරම් බැරි උන්ටයි... හැබැයි ගොඩක් දෙනෙක් ඒ වැඩේට කැමතියි.. ඔය මහ ලොකුවට නැතුව තියෙන ඇඳුමක් ඇදෙගෙන ගිහිල්ල කාල කෙසේ වෙත්ත නස්පුක් වෙන්න බීල එන්න පපුලුවන් හින්ද...
එදාට තමයි අපි අපේ තෑග්ග දෙන්න සෙට් කරගෙන ඉදියෙ... වෙඩින් එකට තෑග්ගක් දෙනෙ නැති උනාම කට්ටිය කරන්නෙ ලිවුම් කවරෙක දාල සල්ලි දෙන එකනෙ.. ඔය තෑග්ගනං ටික කාලයක් හරි මතක තියේවි ඒත් දීපු සල්ලි..???
ලිවුම් කවරෙන් අරගෙන සාක්කුවේ දාගත්තාම වැඩේ ඉවරයි..
ඒත් අපි සල්ලි දුන්නෙ ආයෙ පොරට ජීවිතේට අමතක නොවෙන විදියට.... අපේ සෙට් එකේ 5 දෙනෙක් රු 1000 ගානෙ එකතු කරලා ඒ සල්ලි පන්සල් 6කට ගිහින් පොඩි සල්ලි වලට මාරු කරා... ඒ සල්ලි පාන් පිටි කිලෝ 5ක් එක්ක කවලං කරල ලොකු ඇන්කර් පෙට්ටියක දාල තාමයි දුන්නෙ...
පහල තියෙනව පොටෝ කෑලි ටික...





රු 377 ක සත විසි පහේ කාසි...ඒ කියන්නෙ සතවිසිපහේ කාසි 1200කට වැඩියි...තව රු 280 ක සත පනහෙ කාසි ඇතුලුව රු 5000ක මාරු සල්ලි....
තෑග්ග දීල යන ගමන් දන්න දන්න කියන එකාට කෝල් කරල කිවුව පොරට කතා කරල හදිස්සියකට පොඩි සල්ලි ටිකක් ගන්න පුලුවන්ද කියල අහන්න කියල...
පස්සෙන්ද දවල් වෙනකොට අපේ අම්මට හෙම්බිරිස්සාව හැදෙන සයිස් එකට ඇවිල්ල තිබුනා.... !!!
෴෴෴
ආයෙත් පොඩි සමාජ සත්කාරෙකට දායකත්වය දෙන්න හිතුවා... ඒ ගැන පහත ලිංක් එකෙන් විස්තරේ බලල කැමති කට්ටිය පුංචු උදවුක කරන්න...
පරිඝණක උදවු සමාජ සත්කාරය.....
කෑම බීම කෙසේ වෙතත් එතන චාට්ර් නොවී අපේ ආතල් එකක් ගත්තට කිසි අවුලක් නෑ.. මේ ලගදි අපේ යාලුවෙක්ගෙ.. යාලුවෙක්ගෙ කිවුවට ඇත්තටමනං අපේ බොසාගෙ වෙඩින් එකට ගිහින් අපි පුංචි පහේ ආතල් එකක් ගත්ත... අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ .. කන් පාත් වෙන්න ගහල ඉදියෙ...
ආතල් එක මොකද්ද කියල පහත පොටෝ ට්කෙන් බලාගන්න පුලුවන්...

![]() |
කේක් කැපීම |
![]() |
හොරා වගේ..... |
![]() |
![]() |
අලුත් ජෝඩුව... |
![]() |
මනමාලයයි... මනමාලියි... ෆල්වර් ගර්ලුයි. |





අර උඩින් තියෙන ආතල් එක ගත්තෙ වෙඩින් එකේ හෝම් කමින් එක දවසෙ... හෝම් කමින් එකත් ඉවර උනාම ඊට පස්සෙන්ද රෑට පොරගෙ ගෙදරත් පාටි එකක් තිබුනා .. ඒ ඉතිං අර කලිං කිවුව වගේ හොටෙල් එකට ගෙන්නගන්න තරම් බැරි උන්ටයි... හැබැයි ගොඩක් දෙනෙක් ඒ වැඩේට කැමතියි.. ඔය මහ ලොකුවට නැතුව තියෙන ඇඳුමක් ඇදෙගෙන ගිහිල්ල කාල කෙසේ වෙත්ත නස්පුක් වෙන්න බීල එන්න පපුලුවන් හින්ද...
එදාට තමයි අපි අපේ තෑග්ග දෙන්න සෙට් කරගෙන ඉදියෙ... වෙඩින් එකට තෑග්ගක් දෙනෙ නැති උනාම කට්ටිය කරන්නෙ ලිවුම් කවරෙක දාල සල්ලි දෙන එකනෙ.. ඔය තෑග්ගනං ටික කාලයක් හරි මතක තියේවි ඒත් දීපු සල්ලි..???
ලිවුම් කවරෙන් අරගෙන සාක්කුවේ දාගත්තාම වැඩේ ඉවරයි..
ඒත් අපි සල්ලි දුන්නෙ ආයෙ පොරට ජීවිතේට අමතක නොවෙන විදියට.... අපේ සෙට් එකේ 5 දෙනෙක් රු 1000 ගානෙ එකතු කරලා ඒ සල්ලි පන්සල් 6කට ගිහින් පොඩි සල්ලි වලට මාරු කරා... ඒ සල්ලි පාන් පිටි කිලෝ 5ක් එක්ක කවලං කරල ලොකු ඇන්කර් පෙට්ටියක දාල තාමයි දුන්නෙ...
පහල තියෙනව පොටෝ කෑලි ටික...





රු 377 ක සත විසි පහේ කාසි...ඒ කියන්නෙ සතවිසිපහේ කාසි 1200කට වැඩියි...තව රු 280 ක සත පනහෙ කාසි ඇතුලුව රු 5000ක මාරු සල්ලි....
තෑග්ග දීල යන ගමන් දන්න දන්න කියන එකාට කෝල් කරල කිවුව පොරට කතා කරල හදිස්සියකට පොඩි සල්ලි ටිකක් ගන්න පුලුවන්ද කියල අහන්න කියල...
පස්සෙන්ද දවල් වෙනකොට අපේ අම්මට හෙම්බිරිස්සාව හැදෙන සයිස් එකට ඇවිල්ල තිබුනා.... !!!
෴෴෴
ආයෙත් පොඩි සමාජ සත්කාරෙකට දායකත්වය දෙන්න හිතුවා... ඒ ගැන පහත ලිංක් එකෙන් විස්තරේ බලල කැමති කට්ටිය පුංචු උදවුක කරන්න...
පරිඝණක උදවු සමාජ සත්කාරය.....
2012-06-21
ෆේස් බුක් "පරිඝණක උදවු" සමාජ සත්කාරය - ඔබත් හැකි පමණින් දායක වෙන්න..
ඉස්සර පොඩි මෑණ් එහා ගෙදරට යනව හැමදාම සෙල්ලම් කරන්න ඒ එහේ ඉදපු මලයත් එක්ක මම තුනේදි විතර ඌ ඉදියෙ මොන්ඩිසෝරියේ... දවසක් එහා ගෙදරට යනකොට ගෙදර තියෙනව තව ටී වී එකක්... හැබැයි වැඩේ කියන්නෙ පොඩි එකාගෙ අම්ම ඒක ඉස්සරහ ඉදගෙන බටන් වගයක් තියෙන කෑල්ලක මොනවද පරිස්සමෙන් ඔබනවා...
පොඩිමෑණ් ඇහුව ඇන්ටිල තව ටී වී එකක ගෙනාවද කියල.. ඇන්ටි කින්ඩියට හිනා උනා...
"නෑ පොඩි මෑන්.. මේක කම්පියුටර් එකක්.."
ඒ තමයි මම ඉස්සෙල්ලම කම්පියුටර් එකක දැක්ක දවස... ඒත් ඒක ලගටවත් කිට්ටු වෙන්න අපිට තහනං... ඇංටිගෙ මල්ලි කාරයා ඒකෙන් කාට් ගහපු හැටි චිත්‍ර ඇන්දපු හැටි මම කට ඇරගෙන බලාගෙන ඉදියා ඇලඩිංගෙ පුදුම පහන දිහා බලනව වගේ... ... ඌ අර වයර් එකක් තියෙන කෑල්ල එහෙ මෙහෙ කරනව... අන්න යකෝ ටීවී එක ඇතුලෙ එක එක ඒව ඇදෙනවා... මම හිතුවෙ ඌ මැජික් දන්නව ඇති කියල...
දවසක් කවුරුවත් පේන්න නැති වෙලාවක මම ඒක වහල තියපු රෙද්ද උස්සල බලන්න ගිහින් මවුස් එක බිම වැටුනා...
දඩස්...
හරි කෙලියනෙ තාප්පෙට...!!!
ඇන්ටි දුවගෙන ආව..
"මොකද පොඩි මෑන් කරන්නෙ.. ඔයාට ඕව තේරෙන්නෙ නෑ.. මොකටද ඕක අවුස්සන්න ගියේ... බලන්න අරක කැඩුනද දන්නෙ නෑ... "
බලා බලා ගොඩයි..
ඊට පස්සෙ ඇන්ටි කෙලිංන්ම ගියේ අපේ අම්ම ගාවට......
" පොඩි මෑන් අපේ ගෙදර බඩු කඩනව මෙයාට හරි විසේ... "
එදා ඉදල මට ඒ ගෙදරට යාම තහනං අපේ අම්මගෙන්...
අවුරුදු පාලවකට විතර පස්සෙ මම ඒ ගෙදර ඇතුලට ආයෙත් දවසක් පය තිබ්බා. ඒ එදා මම කඩනව කියල මම ගෙදරින් එලියට එලවපු ඇන්ටිලගෙ ගෙ ගෙදර ජාතියේම වෙන එකක් ඇන්ටිම කඩාගත්තට පස්සෙ ඒක හදන්නයි...
එදානං ඇන්ටි මට බීම වීදුරුවකුත් දුන්නා...
පොඩි මෑන්ගෙ පවුල එහෙම නැති බැරි පවුලක් නෙවෙයි... හමුදා නිලධාරියෙක් වෙච්ච පොඩි මෑන්ගෙ තාත්ත පොඩිමෑන්ටත් පවුලටත් හැම සැප පහසුකමක්ම දුන්නා... ඒත් මීට වුරුදු දාසයකට දාහතකට කලිං කම්පියුටර් කිවුවම ඒක අපිට මැජික් එකක් වගේ...
ඒ වගේම කම්පියුටර් තාමත් මැජික් එකක වෙච්ච අපේ රටේම පොඩි උන් කී දෙනෙක්නං ඇද්ද... ??? අපි උදේ හවා මේකෙ එල්ලිලා රට වටෙ ඉන්න උන් එක්ක චැට් කර කර බ්ලොග් ලිය ලිය ආතල් ගන්නකොට කම්පියුටර් එකක අතින් අල්ලන්න ආසාවෙන් බලාගෙන ඉන්න පොඩි උන් කීදෙනෙක්නං ලංකාවෙ ඇතිද...
ඒ වගේ පොඩි උන් ටිකක් ඉන්න පාසලකට අපේ පරණ කම්පියුටර් එකක හයිරි ගිහිල්ල දෙනවනං උන් කීදෙනෙක් ඒක අත පත ගාල මේකෙ තියෙන ඇත්තම මැජික් එක ඉගනගනීවිද...
අන්න ඒ නිසා ෆේස් බුක් සමාජ ජාලයේ ප්‍රථම පරිඝණක උදවු ගෲපය වන "පරිඝණක උදවු" කන්ඩායම ඒ වගේ අවම පහසුකම් තියෙන සබරගමුවේ මැදගංඔය දම්මසේන විද්‍යාලයේ සිසුදරුවන්ට පරිඝණක විද්‍යාගාරයක් පරිත්‍යාග කරන්න දැනටමත් සියලු කටයුතු සූදානම් කරල ඉවරයි...
තව අවශ්‍ය වෙලා තියෙන්නෙ සීමිත උපකරණ ටිකක විතරයි...
කාටහරි මේ වෙනුවෙන් පුංචි උදවුවක් කරන්න පුලුවන්නම් ඒ පොඩි උන්ට එක මහ මෙරක් වගේ වේවි...
එහෙම උදවු කරන්න කැමති අය ඉන්නවනං පරිඝණ උදවු ගෲපයේ ඇඩ්මින් කැලුම් විජේවර්ධන සොයුරා (0773864180 ) හරි පොඩි මෑන්ව (0719586007) හරි සම්බන්ද කරගන්න... නැතිනම් පරිගණක උදවු ගෲපයේ ලබාදිය හැකි දායකත්වය ගැන පොඩි සටහනක් තියන්න...
මේ තියෙන්නෙ "පරිඝණක උදවු" ගෲපයට ලින්ක් එක...
https://www.facebook.com/groups/pariganakaudau/permalink/466449103385235/?comment_id=466493796714099&offset=0&total_comments=6
මේ තියෙන්නෙ ඒ වෙනුවෙන් සැකසූ යූ ටියුබ් වීඩියෝවට ලින්ක් එක...
http://www.youtube.com/watch?v=4kD1hcPBqAM&feature=youtu.be&noredirect=1
ලබන මාසෙ දවසක ඒ කැලෑමල් වලට අලුත් බලාපොරොත්තු අරගෙන කොළඹින් අපි යනවා සබරගමුවට ... කැමති කෙනෙක්ට සහභාගී වෙන්න පුලුවන් එදාට.. හරියටම දවස ඔක්කොම වැඩකටයුතු සූදානම් උනාට පස්සෙ කියන්නම්....
මේ වැඩ කටයුත්තට හැකි පමණින් දායක වෙලා ඒ පුංචි මල් කැකුළු සතුටෙන් ඉපිලෙන ඒ දියන ඉක්මන් කරමු නේද ?
2012-06-13
කෑදර හෙවත් කෑ බෑ පුතාගේ තවත් වික්‍රමයක්....
අපේ සෙට් එකේ ඉදපු කෑදරයගෙ " ලු " කතාවක් මම කලින් කිවුවනෙ... ඕක පරන කතාවක් කියල ඔය කතන්දර එහෙම කිවුවා... ඒක නිසා පොරරගෙ ඇත්තම කතාවක් කියන්න තාමයි මේ හදන්නෙ...
ඒ ලෙවල් කරන කාලෙ ඒ කියන්නෙ 2007 - 2008 අවුරුදු දෙකේ පාසලේ සීනියර් ප්‍රිෆෙක්ට් බෝඩ් එක තමයි ඔය අපේ සෙට් එක කියන්නෙ.. 24 දෙනෙක් ඉදපු සෙට් එකට ගුරුවරු පවා කිවුවෙ යමයො රැල කියලයි.. ඒ කාලෙ තිබුන ලොකුම ආතල් එකක් තමයි ලංකාව පුරාම ප්‍රිෆෙක්ට්ස් ඩේ වලට යන එක.. ඒකාලෙ ඉදලම ප්‍රිෆෙක්ට් ඩේ සංස්කෘතිය හා ඩේ නිසාම සෙට් වෙච්ච යාලුවො හැන අභීත එහෙමත් ලියල තියෙනව මම දැක්කා..
ඔන්න ඔය වගේ ඩේ එකකට යන්න අපි සෙට්වෙන්න කතාකරගත්ත සෙනසුරාද දවසක උදේ පාන්දරම ගාල්ලෙ ස්ටේෂන් එකට.. ඩේ එක තියෙන්නෙ මාතලේ ඊට පහුවෙනිද... ඒ කියන්නෙ ඉරිද... කොළඹින් 10. 30 තියෙන පොඩි මැණිකෙ ටේන් එකේ ගියාම 3 විතර වෙනකොට මාතලේ බහින්න පුලුවන්.. දුර ඩේ එකක් යනකොට කොහොමත් එහෙමයි ... වේලාසන ගිහිල්ල එහේ ඉන්න උන්ගෙ ගෙවල්වල රවුමක් දාල කොහෙන් හරි පැනල නාල කාල බීල රෑ වෙනකොට ඩේ එකට තියෙන ස්කෝලෙට එනවා... එදා රෑ ස්කෝලෙ තමයි නවතින්නෙ.. අපි වගේම දුර ඉදල එන තව ස්කෝල 10වත් නවතිනව අඩුම ගානෙ රෑට එදාට..
ඔන්න ඒ වගේ සෙනසුරාද උදේම යන්න ලේස්තිඋනත් මොකක හරි හේතුවක් නිසා අපිට කියපු වෙලාවට යන්න බැරි උනා .. අපේ කාගෙ හරි එකෙක්ගෙ බුලක් නිසා තමයි... උදේ 7ට පිටත් වෙන්න ඉදපු එක ගාල්ලෙන් පිත් වෙනකොට 3 විතර වෙලා මතක හැටියට...
යනකන් උගේ පරම්පරා වරුණනාව කියාගෙන හිගින් කොහොම හරි මාතලේ බහිනකොට වෙලාව 11.30 විතර වෙන්න ඇති ස්කෝලෙට යනකොට 12 කිට්ටුයි... ( ස්කෝලෙ නම මොකද්ද කියල නොවැලැක්විය හැකි හේතුව නිසා කියන්න බෑ.. මාතලේ ප්‍රධාන පිරිමි පාසල් කියල විතරක් මතක තියාගත්තම හරි )
මාතලේ ගිහින් සෙට් වෙන්න තියාගෙන තියපුව පරක්කු නිසා කෝච්චියේම සෙට් වෙලා තිබුන නිසා කට්ටිය ආවෙ හොදට නිදාගෙන... ඒක නිසා අපි එනව කියල කන්ෆෝම් කරන්න බැරි වෙච්ච නිසා අපිට ඩිනර් එකත් නෑලු....
ඔන්න කෑදරයගෙ ඔලුවට යකා වැහිච්ච තැන...
" මුන්ගෙ අම්මලට හු### එනව කියල කිය කිය එන්න ඕනෙද... ?? අපි කලින්ම කිවුවනෙ අපි එනව කියල... දැන් මම මුන් එකෙක් හරි මරාගෙන කනවා ඇයි යකෝ.. මගේ ඇස් දෙක පේන්නෙ නෑ බඩ ගින්නට... කඩවලුත් වහල මගුල.. "
කෑදරගෙ බෙරිහන්දීම අපි ඉවසගෙන හිටියෙ අපිටත් අම්භානෙක බඩගිනි නිසා....
උන් එක්ක ටිකක වෙලා කුටු කුටු ගාපු අපේ දුමින්දය අපේ තැනට ආවා...
හරි මචං නයිට් කඩයක් තියෙනවලු උන්ගෙ සෙට් එකකුත් අපිත් එක්ක එනවලු එතනින් කෑම කන්න පුලුවන් කියල කිවුවා...
" හු #### දැන්ද ඕක කියන්න කැ### @#%$#@$&%^*<{"<>()&* "
කෑදරය සුපුරුදු ලෙස අම්ම මෝ නැතුව අරුන්ට බනිනවා... ඒ මදිවට කලුවරේම එතන තිබුන බට් ඇඹරැල්ල පැලයක ගෙඩි ටික විතරක් නෙවෙයි කොලට ටිකත් ඌ කාල....
කොහොමින් කොහොම හරි අපේ සෙට් එකේ 8යි උන්ගෙන් තුනකුයි නයිට් කඩේට ආව.. කන්න ඇවිත් මේස දෙකක් එකට දාගෙන වාඩි උනා කන්න...
" මචං මෙතන තියෙන නියමම අයිටම් එක තමයි චිකන් සුප් එක.. තනියෙන් එකෙක්ට ලොවෙත් බොන්න බෑ පත සයිස්... වගේම මාර රසයි පාන් කාලක් එක්ක සුප් එකක ගැහුවනං ආයෙ බඩ පැලෙන්න තරමට... "
එහෙ ස්කෝලෙ එකෙක් අපිට රෙකමන්ඩ් එක දුන්නා ... ඒක නිසා අපිත් සුප් ඕඩර් කරා පාන් එක්ක...
සුප් එක ගෙනාවම තමයි දැක්කෙ ඌ කිවුවෙ ඇත්ත කියල... ඒ කාලෙ හැටියට රු 80 වගේ වෙච්ච සුප් එක මාර රසයි වගේම පත සයිස්... හැබැයි කෑදරයනම් සුප් එක දැකල කිවුවෙ වෙන කතාවක්...
" මේකද යකෝ තනි එකෙක්ට බොන්න බෑ පත සයිස් කිවුවෙ... හෙග්... මටනං පාන් ගෙඩියක් කන්න පුලුවන් මේකත් එක්ක.. "
කෑදරයගෙ බඩේ තරම අපි දන්නව උනාට ඒක අහපු අපේ මාතලේ සෙට් එක කෑදරයට හිනා උනා...
" පාන් ගෙඩියක්... ඕකත් එක්ක... ?? අනේ පලයන් බං යන්න.. උඹ කොන්ඩදෙනියෙ හාමුදුරුවො වගේ පෙරේතයෙන් බැඳගෙන ආවත් ඕකනං කන්න බෑ ... අපිට තනි සුප් එක බොන්න බෑ.. අපි තින්දෙනාම ගත්තෙ සුප් දෙකයි... "
උගේ සහජ දක්ෂතාවය අවතක්සේරු කරපු මේ නර පණුවො තුන්දෙනත් එක්ක කෑදරයගෙ තිබුන තරහ ඩබල් උනා උන් දාපු කින්ඩිය නිසා... යකෝ පිටින් ඇවිල්ල කන්න දුන්නෙ නැතුව මදිවට එක එක කින්ඩිත් දානවා... ඒක නිසා තමයි කෑදරය වහාම සංග්‍රාම භූමියට බැස්සෙ...
" හරි ඔට්ටුවක් අල්ලමු... මම මේ සුප් එකත් එක්ක පාන් ගෙඩ්යක් කනවා... බැරි උනොත් උඹලගෙ සුප් දෙකේ බිල මම ගෙවනවා... මම කෑවොත් මගේ බිල උඹල ගෙවන්න ඕනෙ හරිද.. ?? "
කෑදරයගෙ ඔට්ටුව උන්ට පෙනුනෙ වදුරෙක් ඇවිල්ල ගහක් උඩ ඉදගෙන නියවල කරන පොඩි විහිලුවක් වගේ... උන් උඩ පැනල ඔට්ටුව බාර ගත්තා... උන් දැන්නෙ නෑනෙ මේ ඉන්නෙ නිකන් වඳුරෙක් නෙවෙයි හිමාලෙ උනත් උස්සගෙන යන්න පුලුවන් හනුමන්ත බව...
ඔන්න මහා සංග්‍රාමය ඇරඹුනා.. කෑදරය කනව කනව කනව කනව කනව කනව ... ඉවරයක් නෑ ආයෙ කනවා...
අරුන් තුන් දෙනා බයවෙලා බලාගෙන ඉන්නවා....
අපේ උන් අමාරුවෙන් සුප් එක බීගත්තත් සමහර උන් සුප් එක ඉතුරුකරල බලාගෙන ඉද්දි කෑදරය තනියම සුප් එකත් එක්ක පාන් ගෙඩියක් කාල ඉවර කලේ වහල්ලක්වත් ඉතුරු නොකර...
අරුන් තුන් දෙනාගෙ ඇස් දැන් දැන් එලියට පැනල මේසෙ දිගේ රෝල් වෙයි කියල අපි බලාගෙන ඉදියා....
කාල ඉවර වෙලා උස්මක් අල්ලපු කෑදර උන්ගෙ දිහා බැලුවා...
" හරිනෙ මචං... එහෙනං බිල ගෙවනවනෙ... "
ඌ එහෙම ඇහුවාම උගේ දිහා බලාගෙන ඉදපු උන්ට පුලුවන් උනේ යන්නතන් ඔලුව හොලවගන්න විතරයි...
" අන්න එහෙම තමයි ඔට්ටු තියෙන්න ඕනෙ... .. "
හිනාවෙලා බඩ අතගාල එහෙම කියපු කෑදරයා අපේ තව දෙන්නෙක් ඉතුරු කරල තිබුන සුප් කෝප්ප වල තිබුන සුප් උගේ එකට දාගත්තා... දාගෙන කින්ඩි හිනාවක් දාල අරුන් තුන්දෙනාගෙ පැත්ත බැලුව...
" ඔට්ටුව හරි උනාට මගේ බඩ පිරුනෙ නෑ බං "
එහෙම කියල වේටරයට කෑගහල කතා කරා...
" අයියේ....... තව පාන් බාගයක් ගේනවයි....... !!! "
අරුන් තුන්දෙනා කලන්තෙ දැම්මෙ නැති එක විතරයි.... .......
෴෴෴
කෑදරයගෙ " ලු " කතාව මෙතනින් කියවන්න..
කෑදර හෙවත් කා බෑ පුතා..
2012-06-02
කෑදර හෙවත් කා බෑ පුතා
අපේ එකෙක් හිටියා... උගේ කාඩ් එක කෑදර... ඒ නම වැටුනෙ ඌට කොත්තු තුනයි එලෝලු රොටි තුනකුයි කන ගමන් කෝක් බඩි දෙකක් බොන්න පුලුවන් වෙච්ච නිසයි..
තවත් ඌ තියපු රෙකෝඩ් එකෙක් තමයි ගාල්ලෙ චීනගෙ කඩේ කිවුවාම ඕන එකෙක් දන්න චනීස් එකේ ( කුණු ඇල පාරෙ තියෙන ග්ලෝබ් චයිනීස් රෙස්ටුරෙන්ට් එක ) දෙන්නෙක් අමාරුවෙන කාල ඉවර කරන ෆුල් පෝෂන් එකක් මූට තනියම කන්න පුලුවන් ගේමක් නැතුව... ඒක කාල ස්කෝලෙට ඇවිදගෙන එන ගමන් මූ මැගී දෙකකුත් ගන්නව ස්කෝලෙට ගිහින් හදාගෙන කන්න කියල...
මූ කන තරමටම පුස් ඌරෙක්ට වගේ හයිය හත්තියත් තියෙනවා.. මූට යකා නැගපු වෙලාවට කරන්න තියෙන හොදම වැඩේ තමයි කකුල් දෙකට වැදල දුවල කොහේ හරි හැංගෙන එක.. එක සැරයක් අපි ට්‍රිප් එකක ගිහිපු වෙලාවක මූට ආතල් දීලා මට මතකයි මම ඔහිය ස්ටේෂන් එකේ ලැට් එකේ පැයකට වඩා හැගිල හිටිය මහ රෑ හීතලේ ගැහු ගැහි.
මූට අම්භානෙකම තරහ යන්නෙ බඩගිනි වෙච්ච වෙලාවට... ඒ වෙලාවට මූගෙ ඔලුවට ලේ යන නහර ඔක්කොම වැහෙනවා... ඊට පස්සෙ ඉදල මූ හිතන්න ගන්නෙ බඩෙන්... ලඟ පහත ඉන්න හැම එකා එකෙම මල පනින එක සාමන්‍ය සිරිතක්... මූට බඩගිනි වෙලාවට තින්තස් ඇන එක්ක ගල් අඟුරු උනත් කාවි.. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ...
අපේ සෙට් එකේ ඉදපු වාචාලම කට තිබුන තවත් එකෙක් වෙච්ච චූටි කියන විදියට මූ ඉපදිල තියෙන්නෙ " කා බෑ " නැකතෙන්... ඒක නිසාම චූටියා මූට ආදර්ශ පාඨයක් දාල තිබුනා.. ඒ තමයි
" කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිනියි..."
කෑදරයගෙ කෑම සමබන්ද කතා අම්බානෙක තියෙනවා.. ඒව ලියන්න බ්ලොග් පෝස්ට් 20 විතර ලියන්න වෙයි
හැබැයි මුගේ ආතල්ම සීන් එක වෙච්ච වෙලාවෙනං මම එතන ඉදියෙ නෑ.. ඒක නිසා මේක "ලු" කතාවක්.. අපේ උන් දිගට හරහට මඩගහනව ඌට මේක කිය කිය... මඩක්මද දන්නෙ නෑ.. හැබැයි උගේ ඉතිහාසය සලකා බලන කොට මේක වෙන්නත් බැරි නෑ...
ඔන්න කෑදරයො තෝ මේක බලල මගේ ඇගට ගොඩ වෙනව එහෙම නෙවෙයි හරිය...
ඔන්න දවසක් කෑදරයා ගියාලු මුන්ලගෙ ගෙවල් පැත්තෙ ගෙයක් ගෙවදීමේ පාටියකට.. ගාල්ලෙ ඉදල උඬුගම පාරෙ කිලෝමීටර් 50 විතර ඇතුලෙන් තියෙන ගමක් වෙච්ච තවලම ප්‍රාන්තෙ මිනිස්සුන්ගෙ ආගන්තුක සත්කාර ආයෙ ඉතිං හෝදන්න දෙයක් නෑ උපරිමයි..... උදේ පාන්දරම අදාල ඉස්ථානයට වාර්ථා කරපු මූ ගිහින් පුරුදු විදියටම උදේ පාන්දර ඉදංම කරපු එකම වැඩේ ඉතිං කන එක විතරයිලු...
කිරිබත් කැවිලිජාති කෙහෙල් ගෙඩි ඇතුලු තියෙන හැම එකකටම වගකියල ඔන්න ටික වෙලාවකින් කොල්ල ඉන්නවලු පුටුවක හාන්සියක් දාල බඩත් අතගගා...
"මොකද මචං සීන් එක..."
මුගේ ලඟට කිට්ටු කරපු එකෙක් මුගෙන අහල...
"කෑව වැඩියි වගේ බං... හරි අමාරුයි...."
අපරාදෙ කියන්න බෑ මොනව කරත් ඌ හරි අවංක එකා... මුගේ මූන දිහා බලල මූ ඉන්න අමාරුව තේරුම් ගත්ත මුගේ යාලුව ඊට පස්සෙ මූට මෙහෙම කිවුවලු..
ඒකනෙ ... තොට කන්න ගියාම මෙලෝ සිහියක් නෑනෙ... දැන් ඉතිං වෙන කරන්න දෙයක් නෑ ... උගුරට ඇඟිලි දෙක දාල වමනෙ කරපං...
ඒක අහපු කෑදරය දත්කූරු විකුවලු...
" තෝ මේ ලබ්බක් කතා කරනවා... යකෝ උගුරට ඇඟිලි දෙකක් දාන්න පුලුවන්නම් මම තව අරින් පුවාලු ගෙඩියක් කනවනෙ... "
අනේ ඉතිං කාට කියන්නද......
෴෴෴
කෑදරයගෙ බඩගිනි කම නිසාම හදපානේ හෙළුවෙන් අපිට මැරත්න් එකක දුවන්න සිද්ද වෙච්ච හැටිත් කියවන්න...
හඳපානේ නිරුවත් වානරයා 1
හඳපනේ නිරුවත් වානරයා 2
2012-05-29
හැපි මෙවුවා එකක් සමග පොඩි මෑන් ලොකු වීම..
සිංහල බ්ලොග් ගැන මම දැනගත්තෙ තරිඳු විජේරත්න මගේ මිතුරගෙන් .. මූණු පොතේ ගෲප් හදාගෙන පිස්සු විකාර ලියනකොට එක එක ස්ටේටස් දානකොට ඌ තමයි මට කෝල් කරල කිවුවෙ උඹට හරියන්නෙ බ්ලොග් කියල...
ඌ කියල දුන්න විදියට බ්ලොග් එකක හදාගෙන ලියන්න කියල අත ගැහුවට ඒක වැඩි කාලයක් කෙරුන වැඩක් නෙවෙයි... පෝස්ට් දෙකයිද කොහෙද දැම්මෙ... ඒක එහෙමම ඉවර උනා...
ඒත් බ්ලොග් කියවිල්ලටනම් දිගින් දිගටම ඇබ්බැයි උනා... මුලින් වෙබ් සයිට් එකක් කියල හිතාගෙන ඉදපු ටැබූ සබ්ජෙක්ට් කත්නදර එහෙමත් බ්ලොග් බව දැනගත්තෙ පස්සෙයි...
ඒත් බ්ලොග් කලාව කියන්නෙ රාමුවකට කොටුවෙච්ච දෙයක් නෙවෙයි අපි වගේ ඒවුන්ටත් ලියන්න දේවල් තියෙනව කියල හිතුනෙ පූසංගෙ බ්ලොග් ගඩොල් බ්ලොග් එක දැක්කට පස්සෙයි...
ඒත් කම්මැලි කම නිසාම ආයෙත් බ්ලොග් එකක් හදාගන්න වැඩේ දවසින් දවස කල් ගියා....
ඒ කාලෙ තමයි ප්‍රාර්ථනත් සිත් අහස කියල බ්ලොග් එකක පටන් අරගෙන මටත් ලියන්න කියල බ්ලොග් එකක හදල දුන්නෙ...
ඒ හරියටම ගිය අවුරුද්දෙ අද වගේ දවසක...
දාපු පලවෙනි පෝස්ට් එකටම හැමදාම කැමැත්තෙන් කියවපු බ්ලොග් අවකාසෙ දැවැන්තයන් වෙච්ච කතනදර බ්ලොග් ගඩොල් පුරු පුරු වගේ අය ඇවිත් කමෙන්ට් එකක් දැම්මාම දැනුන සතුට කියල වැඩක් නෑ...
ඒ ලැබිච්ච කික් එකත් එක්ක පොඩිමෑන් පටන්ගත්ත බ්ලොග් කෙරුවාවට අදට අවුරුද්දයි....
ඒ අවුරුද්ද ඇතුලත මේ පෝස්ට් එකත් එක්ක ලියපු පෝස්ට් 171ට ලැබුන ප්‍රතිචාර අමුතුවෙන් කියන්න ඕනෙ නෑ...
බ්ලොග් එකේ දකුණු පැත්ත බැලුවාම හිතාගන්න පුලුවන්...
හැබැයි සමහර පෝස්ට් ගාලුපාර වගේ දිග වෙද්දි සමරහ ඒව වචන තුන හතරකට සීමා උනා...
බ්ලොග් ලියන එක ආතල් එකට කරත් බ්ලොග් කියන්නෙ මහලොකු දෙයක් නොවුනත් බ්ලොග් නිසා ජීවිතේට ලොකු දේවල් ටිකක් ලැබුනා...
හිටිස් පස්සෙ යන පෝස්ට් .. කුනුහරුප පෝස්ට් ලියනව කියල කොච්චර අය උඩ පැන්නත් කෑගැහුවත් මටනං බ්ලොග් එක නිසා ලැබුන දේවල් වලින් වැදගත් වෙන්න කාරනා දෙකක් විතරයි...
ඒ සොඳුරු මිනිස්සු ටිකක් අදුනගන්න ලැබීමත්... බ්ලොග් ලියද්දි බලාපොරොත්තු වෙච්ච ආතල් එකත් මට මාවම වඩා හොදින් අඳුනගන්න ලැබීමත් විතරයි...
ඒ අතරින් බ්ලොග් ලිවීමෙන් ලැබුන ලොකුම දේ විදියට මම මට දැනෙන්න මදුෂාණි සහෝදරීට උදවුකරන්න ලැබීමත් සහ ඒ උදවුවෙන් ඇය දැන් සනීපවෙලා ඉන්න නිසා ලැබුන සතුටයි...
නැතුව හිට්ස් කියන ඉලක්කං ටික නිසා ලැනුනෙනං මම ලියන දේවල් මිනිස්සු කියවනව කියන දැනීම නිසා තව තව ලියන්න හිතුන එක විතරයි...
වෙනද වගේ දැන් ලියන්න වෙලාවක් නැති උනත් ඉඩ තියෙන වෙලාවට මොනව මොනව හරි ලියනවා අනිවාර්යෙන්ම
මේ අවුරුද්ද ඇතුලත ලැබුන දේවල් වලට .. බ්ලොග් ගැන කියල දුන්න විජේරත්න මිතුරාටත්... බ්ලොග් වලට මාව තල්ලු කරපු ප්‍රාර්ථනාටත් මූනුපොතෙන් මාව දිරිමත් කරපු බ්ලොග් ගඩොල් පුරුපුරුවටත් බ්ලොගේ ප්‍රසිද්ද වෙන්න පටන්ගනිද්දිම තල්ලුවක් දුන්න වැප්ටත් කියවාපු.. කමෙට් කරපු කෝල ,ඊමේල් වලින් දිරිමත් කරපු හැමෝටම කියන්න තියෙන්නෙ උඹලටත් බ්ලොග් අවකාශයටත් මම ආදරෙයි කියල විතරමයි.....
ඔන්න දැන් දැන් පොඩි මෑන් ලොකුයි හරිය.....
2012-05-23
මදුෂාණීට දැන් සුවයි....!!! හැමෝටම ගොඩක් පිං...
මතකද මීට මාස තුනකට විතර ඉහතදි ලට්ට ලොට්ට අඩවියෙන් ඔබෙන් පුංචි ඉල්ලීමක් කරා ජීවිතයක් බේරගන්න උදවුවක් දෙන්න කියල... ??
ඔවු... තයිරොයිඩ් පිලිකාවෙන් පීඩා විදපු මදුෂාණි සහෝදරීට ප්‍රතිකාර කරන්න එකතුවෙන්න කියලයි අපි හැමෝම ඉල්ලා සිටියෙ...
මේ ගැන මුලින්ම පොඩිමෑන්ට කිවුවෙ දේවායි... නිශාන්ත මහත්තයා මගින් තමයි දේවා මේක දැනගත්තෙත්....
සහෝදර පාසලේ සහෝදරියක් නිසාත් ලබා දී තිබුණු ලිපිනය ටිකක් ලඟ පහතක එකක නිසාත් වැඩේ ආරංචි උන දවසට පහුවෙනිද හැන්දෑවෙ කල්හාර කොලුවයි පොඩි මමයි ඇයව හොයාගෙන ගියා....
බලාපොරොත්තු උන විදියටම අපිට ඇයව මුන ගැහුනා.. ඇගේ මව අපිට සියලු වෛද්‍ය සහතික පෙන්වමින් අපිත් එක්ක කතා කරා...
ඒ සියල්ල සොයාගත්තට පස්සෙ දේවාත් මමත් අපේ බ්ලොග් අඩවිය මගින් ඇයගි ජීවිතය බේරාගන්න උදවු ඉල්ලුවා...
ගොඩක් දෙනෙක් ලට්ට ලොට්ට බ්ලොග් අඩවියේ පලවෙල තිබුන පෝස්ටුව මූණූ පොතේද ශ්‍යාකරමින් අපිත් එක්ක ඇයව බේරගන්න එකතු උනා..
ඒ අතරට ලංකාවෙන් එපිට ඉදපු අයත් ගොඩක් ඇයට උපකාර කරා...
ඇය රෝහල් ගතවීමට දිනකට පෙර අවශ්‍ය මුදලටත් වඩා ප්‍රමාණයක් එකතුකර ඇය අතට පත් කරන්නට මටත් නිශාන්ත මහතා මගින් අපිට මේ ගැන දැන්වූ ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි උන සුමිත් මහතාටත් පුලුවන් උනේ මේක කියවන ඔබ සියලු දෙනා නිසයි.... ශල්‍යකර්මයට පසුව කෙරෙන අනෙක් ප්‍රතිකාර සදහාත් ඇයට මුදල් ලැබුනෙ උණුවෙන හිත් ඇති මිණිස්සු ඉදපු නිසයි....
මාස තුනකට පස්සෙ අද ඇය පිලිකා මාරයා පරදා සතුටු සිනා සලන බව දන්වන්නෙ උතුරා යන සතුටත් සමගම බ්ලොග් පෝස්ට් දෙක තුනකින් ඇයගෙ ජීවිතය බේරගන්න විශාල වශයෙන් දායක වෙන්න අපිට පුලුවන් උනා කියන පුංචි ආඩම්බරයත් එක්කමයි...
ඇයව බේරාගන්න උදවු කර ලංකාවෙන් එපිට සිටින බ්ලොග් පාඨකයන් ඇතුලු සියලු දෙනාටම ඇගේ හිනාව දිහා බලල හිනා වෙන්න පුලුවන් දවසක් අද....
අපි ඇයට සුභ අනාගතයක් පතමු....... !!!
2012-03-16
ඇයි බං අලුත් කෙල්ලොන්ට මෙච්චර චූ බර හැදෙන්නෙ.... ??
මම ඉස්සර පිලි අරගෙන හිටියෙ කක්ක බර තමයි ලෝකෙ තියෙන ලොකුම බර කියල... ඒත් ලගදි දවසක ඒ පිලිගැනීම ආයෙමත් ප්‍රස්නයක් වෙන තරමටම හේතුවක් උනා... ලගදි දවසක් කියන්නෙ මේ පෙරේදා....
මට ආව ප්‍රස්නෙ තමයි....
දැන් ඔය කක්ක බර විතරද තියෙන ලොකුම බර....
එතකොට චූ බර...???
කක්ක බර උනාම වගේම හොදටම චූ බර උනාමත් ආයෙ හොදි ඔන්නෑ.... සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩයි...
උදාහරණයක් විදියට පන්තියක ඉන්නකොට ඔය බර දෙකෙන් එකක් හැදුන කියල ගන්නකො... තියෙන්නෙ එකම සයිඩ් ඉෆෙක්ට්ස්...
මුලින්ම අපි යෙදිල ඉන්න කාරනාවට අවදානය යොමු කරන්න බැරුව යනවා....
දාඩිය දානවා... ඇබරෙනවා..
දත්මිටි කැවෙනවා....
ඊට පස්සෙ කන් ඇහෙන්නෙ නැතුව යනවා...
ඇස් නිලංකාර වෙනවා...
ගිනා වෙන්න බැරුව යනවා...
ලග ඉන්න එවුන් එක්ක තරහා යනවා...
බර දෙකම තද උනාම වෙන වැඩ ඕක උනාට චූ බර තද උනාම වෙන නරකම වැඩේ තමයි බිංදුව බිංදුව ලීක් වෙන්න පටන් ගන්න එක.....
ඊට පස්සෙ ටොයිලට් එකට ගියත් කලිසම ගලවනකං අපේ මල්ලිට ඉවසන්න බැරි වීම....
ඇයි පොර දන්නවනෙ ලෝකෙ තියෙන ලොකුම සැපයක් දෙන්න යන්නෙ කියල... ඉතිං පොර හදිස්සි වෙලා සැලකිය යුතු ප්‍රමානයක් කලිසමේම දානවා... .. අත්දැකීමෙන් කියන්නෙ...
හැබැයි ඒක වලක්වා ගන්න පොඩි ගොඩ වෙදකමක් විදියට කලිසම පිටින්ම වෑල් එකේ කොන තද කරල අතින් අල්ලගන්නවනම් පොඩ්ඩක් විතර ලීක් එක නවත්තගන්න පුලුවන්...
දෙයියනේ එතකොට ගෑණු ලමයින්ට මොකද වෙන්නෙ.... ?? උන් කොහොමද අතින් අල්ලගෙන නවත්ත ගන්නෙ.... ???
එක දවසක් දෙකක ඇරෙන්න ඔය චූ බරනම් හොදටම තද වෙනකන් ඉදල නෑ මමනං කවදාවත්.... ඇයි ඉතිං පුරුස ආදිපත්‍යට පිහිට වෙන්න ඔය ඕන ගහල් ගලකට ඇල්ලුව ඇහැකි...
කෙල්ලොන්ට ඉතිං එහෙම බෑ....
දැන්නම් ඉතිං ඒවට ඔය එක එක ගැජමැටික් තියෙනව කෙල්ලන්ත් කොල්ලනට වගේ හිටගෙන චූ කරන්න..
ඒ ගැන දන්නෙ නැති අය මෙන්න මේක කියවන්නකො
හිටගෙන චූ කරන්න පුලුවන් කොල්ලන්ට විතරද... ?? ඇයි කෙල්ලන්ට බැරිද ??
පිරිමි ළමයින්ට වඩා ගෑණූ ළමයින්ට ඔය කියන සියලුම බරවල් දරාගන්න පුලුවන් උනත් චූ බර දරාගන්න එක අමාරුයිලු... මොකද පිරිමියෙක්ට වඩා ගැහැණියකගෙ මුත්‍ර මාර්ගය කොට නිසා එහෙම වෙනව කියල තමයි කියන්නෙ... ඔය නිකන් කීමත් කියනවනෙ කොට මොඩල් ලග පිකප් කියල... ඔය කලාස් වල තියෙන ටොයිලට් වලට ගියාම එහා පැත්තෙ තියෙන කෙල්ලොන්ගෙ ටියිලට් එකෙන් ඇහෙන සින්දුවේ සද්දෙ වැඩියි අපේ එකට වඩා...
කෙල්ලොන්ට සද්දෙට සිංදු කියන්නත් පුලුවන් වෙලා තියෙන්නෙ ඔය මුත්‍ර මාර්ගය කොට නිසාලු....
ඒක නිසා වෙන්න ඇති පෙරේද හවස අපේ කලාස් එක තව පොඩ්ඩෙන් හෝදන්න වෙන්නෙ....
ඔන්න සිද්දිය මෙහෙමයි.....
පොඩි ජොබ් කට්ටක් හමබ වෙලා නිසා වෙනද පුරුදු ජීවිත රටාව අනුගමනය කර්න්න බැරි වෙලා ඉන්න මොහොතෙ ඔන්න මම අපේ ඉන්ස්ටිටිවුට් එක පැත්තෙ ගියා පහුවෙලා තිබුන පාඩම වැඩ වගයකට....
මෙන්න එහෙ එවුන් සෙට් වෙලා මේ පාරත් අවුරුදු උත්සවයක් කරන්න.... මමනං කිවුව මට බෑ පුතෝ කියල... මේ එක අවුරුදු උත්සවයකටත් හරියට දායකත්වය දෙන්න බැරි වෙලා ඉන්නකොට කොහොම්ද තව එක කරන්නෙ.... ඒත් අපේ ක්ලාස් එක තමයි ඉන්ස්ටිට්වුට් එකේ තියෙන පරණම කලාස් එක.. කට්ටිය කරණ කෝස් ඉවර වෙලා අනිත් ක්ලාස් වල අලුත් ළමයි අරගෙනත් ඉවරයි...
ඒක නිසා අලුත් ශිෂ්‍ය සංගමේ නිලදාරීන් පත්කරගන්න උන්ට අවුරුදු උත්සවේ වැඩ ගැන කියල දෙන්න උනේ අපේ කලාස් එක උන්ට....
හිටියෙත් තුන් දෙනයි....
ඒක නිසා කට්ටියට වැඩ කටයුතු ටික කියල දෙන්න එන්නම් කියල මමත් ගියා සෙමින හෝල් එකට...
ඔන්න ඉතිං මීටින් එක පටන රගෙන අලුත් නිලධාරී මන්ඩලේ එහෙම පත්කරල වසරේ වෙන්න ඕනෙ වැඩ කටයුතු කියල දීල අලුත් අවුරුදු උත්සවේට වෙන්න ඕනෙ වැඩකටයුතු එහෙම කතා කරා...
මුලින් මුලින් කට්ටිය හොද උද්‍යෝගෙන් වැඩේට සපෝට් එක දුන්නත් පැය එකහමාරක් විතර යද්දි කට්ටියගෙ උනන්දුව ටික ටික අඩුවෙලා ගියා.. කට්ටියගෙ කිවුවෙ කෙල්ලොන්ගෙයි...
ජෝක් එකක් කරත් පස්සෙ පස්සෙ හිනා උනේ කොල්ලො විතරයි.. කොල්ලො හිනා වෙද්දි මෙන්න කෙල්ලො ඔරවනව මට....
මචං පොඩි මෑන්.. වැඩේ කර්ටියට බෝරින් වේගෙන වගේ යන්නෙ.. අපි ටග් ගාල මේක ඉවර කරල දාමු...
අපේ පන්තියේ අනිත් එවුන්ටත් කෙල්ලොන්ගෙ වෙනස තේරිච්ච නිසා අපි වැඩේ ඉකමට ඉවර කරල දැම්ම...
සෙමින හෝල් එක තියෙන්න තර්ඩ් ෆ්ලෝ එකේ ඉදල අපේ කාලාස් එක තියෙන්නෙ ෆස්ට් ෆ්ලෝ එකට අපි ඉතිං කයියක් දාගෙනපඩිපෙල බැහැගෙන ආව...
ක්ලාස් එකට ඇතුල් වෙනකොටම ඔන්න අපේ ලොක්ක අපිට කතා කරා... ලොක්ක කියන්නෙ අපේ සර්...
"ඈ බොල ***** තොපි අර අලුත් කෙල්ලො ටිකගෙ බොක්කවල් පලල මරන්නද හදන්නෙ... ?? "
අපිත් එක්ක ෆුල්ම ෆිට් එකේ ඉන්න සර් කතා කරන විදිය අවුලක් නැති උනත් එක පාරට එල්ල වෙන මේ අභූත චෝදනාව අපිට එක පාරට හිතාගන්න බැරුව ගියා....
" අලුත් කෙල්ලො මරන්න හැදුව .... මේ අපි... ?? ඒ කොහොමද සර් ..."
" ඇයි යකෝ තොපිල පැය දෙක තුනක් තිස්සෙ කියවන්න තියාගත්තාම..... ... උන්ට චූ බරේ ඉන්න බැරුව ඉදල තියෙන්නෙ... බලපං මෙතනින් දුවපු සේනාව... අනිත් ඔක්කොම ටොයිලට් වල ඉඩත් මදි වෙලා මේකටත් ඇවිත්...."
එලියට බැහැල බැලින්නම් ඇත්ත තමයි.. කෙල්ලොන්ගෙ ටොයිලට් එක ගාව තහක් විතර ඉන්නව පෝලිමෙ ඇබරි ඇබරි අඩි පොලවෙ ගහ ගහ.....
අපේ තුන් දෙනාම බඩවල් අල්ලගෙන හිනා උනා ඇති වෙනකං....
ඇයි යකෝ අපි දන්නවයි කෙල්ලොන්ට චූ කරන්න යන වෙලාවල් සර් බලං හිටියට.....
කොයි වෙලෙ බැලුවත් මේ දවස්වල කෙල්ලොන්ගෙ ටොයිලට් ගාව අම්භානෙක පෝලිම
ඇයි බං අලුත් කෙල්ලොන්ට මෙච්චර චූ බර හැදෙන්නෙ.... ?? අපේ එවුන් හැම එකාටම හෙන ප්‍රස්නයක් වෙලා තිබුනෙ ඕක...
අපේ සර්ගෙ ම්හා දැණුම සම්භාරය නිසා තමයි අපි දැනගත්තෙ ඒ සී එකට පුරුදු නැති කෙල්ලොන්ට ඒ සී එක නිසා ඉක්මට චූ බර හැදෙනව කියල...
කවුද හත්තිලවුවෙ ඕක දන්නෙ.... ඒ මදිවට උන් වතුර බෝතලයක් තියාගෙන කොයි වෙලෙත් චුට්ට චුට්ට බොනවනෙ....
අපි කලාස් එකෙන් එනකොටත් ටොයිලට් ගාව හෙන පෝලිම... සීන් එක මතක කර කර හිනා වෙවී අපි ගෙදර ආවා.... අන්තිම එවුන්ටනං ඉතිං ගෙදර යන්න පුලුවන් උනාද දන්නෙත් නෑ...
ඇයි ඉතිං බිංදුව බිංදුව එකතුවෙලානෙ මහ ගංගාවක් හැදෙන්නෙ.......
කොට මොඩල්.... ලග පිකප්....
Subscribe to:
Posts (Atom)