ටී වෙනයි
ප්ලේන් ටී වෙනයි ...
කිරි තේ වෙනයි
කිරි කහට වෙනයි ...
ඒත් ..
ටක ටකස් ගාන
යාරෙ මනින
අන්ඩ කැඩුනු බෙලෙක් කෝප්ප එකයි ... !
බංකු වෙනයි
පුටු වෙනයි ...
බංකුවේ වාඩිවෙන්න කඩදාසි ඉරයි ..
පුටු ලග අත පිහින්න ටිෂූ පේපර් තියයි ..
කැප්ටන්
ත්‍රී රෝස්
මුත්තයිය ,
ගෝල්ෆ් ලිෆ්
දුම කෝකත් එකයි ..
පාටට .. ෆිල්ටරේට ..
හැබැයි ගාන වෙනයි ...
දිස්නෙ ගහන සපත්තුවෙන්
පිල්ටර් කොටේ තලයි ...
ෆිල්ටර් නැති ඒවා ..
බාගෙට නිවන් කනේ ගහයි ...
ඒත්
අත හෝදන්න..
එක පයිපෙන් තමයි ...
ආනමාළු
කෝලිකුට්ටු ...
කෝකත් කෙහෙල් තමයි ...
තන්තිරියෙ කොනෙන් ...
එකම පරාලෙ එල්ලී වැනෙයි ...
ඒ ... ඒ ... බනිසට ...
ඒ ... ඒ ... කෙසෙල් ..
ගනන් වෙනස් හැබැයි ...
කෙසෙලුත් එහෙම තමයි ...
දිග සර්ට් අත් නැමෙයි ..
සරම් වලා පොට කැඩෙයි ...
කොට අලිසන් මජං සූට් ..
අත පුකේ පිහයි ...
නයින්ටි
ඩිස්කවරි
හොනට් ,
සීබී කියයි ...
ඇල්ටො
ප්‍රියස්
බෙනස් ,
ප්‍රාඩෝත් බහියි ...
ලොබු කටනම් තමයි ...
හැබැයි ...
මාමගෙ හිනාව එකයි ...
පොඩි සල්ලි ටකස් ගා ...
ලාච්චුවට වැටෙයි ...
විස්ස පනහ
පිලිවෙලක් නෑ ...
හැම තැනම හැලෙයි ...
මොනරගෙන් උඩ ...
ලාච්චුවෙත් පත්තරේ යටට යයි ...
රෙඩ් ලයිට් නිමෙයි ...
කොල ලයිට් වැටෙයි ...
ඔක්කොම ...
අධි වේගයෙන් දුවයි ... ...
_______හාට්Piercing...✿•*`¨"