Showing posts with label හිතුවක්කාර හීන. Show all posts
Showing posts with label හිතුවක්කාර හීන. Show all posts

2012-04-01

සිහිනයක පා සටහන්..... ( හිතුවක්කාර හීන 3 )




ආයෙමත් මට  ඔයාව මුනගැහෙන්න   එන්න වෙන්නෙ නෑ...
අපි දෙන්න හමබවෙන අන්තිම දවස අද....
මම ගැන ආයෙමත් හොයන්නත් එපා...
ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි...

හරියටම අවුරුද්දකට කලින්.. අද වගේ දවසක ඔයා අර ඉර බැහැගෙන යන ඈත අහස දිහා බලාගෙන කිවුවා...

මම ඔයා දිහා බැලුවෙ එක පාරටම...

ඒත් ගොඩාක් වෙලා යනකං ඔයා ඉදියෙ දවසක්ම අපිට එලියදීල   ඒ එලිය මුලු ලෝකෙන්ම උදුරගෙන කලුවර විතරක් ඉතිරිකරල මුහුදෙ හැංගෙන්න හදන ඉර දිහා....

ඔයා දැන් මේ කියන්නෙත් ඔයා ඒ ඉර වගේ වෙන්න හදනව කියලද... ??

ඇත්තමයි සුද්දි...
ඒවෙලාවෙනං මගේ පපුව නැවතුනා...

රැල්ල ඇවිත් කොච්චරවත් කකුල් දෙක තෙමාගෙන ගියාට..
ඒ වෙලාවෙ මගේ පපුව පිච්චුනා...

ඔයා නැතුව මම ඉන්නෙ කොහොමද... ??
ඔයාව ලගින් තියාගෙන මවපු හීන හැබෑ වෙන්නෙ කොහොමද... ??
ඔයාව සුරංගනාවි කරපු අපේ සුරංගනා ලෝකෙ මම හදාගන්නෙ කොහොමද... ??
කොටින්ම මම ජීවත් වෙන්නෙ කොහොමද... ??

ඒ ඔක්කොම ප්‍රස්න මූනෙ තියාගෙන ඔයා දිහා බලාගෙන ඉන්න  මම දිහා ඔයා එක පාරටම බලල හිනා උනේ මහ හයියෙන්....

හූ ... හූ... රැවටුනා නේද මෝඩයා..... අද අප්‍රේල් පලවෙනිද බව මතක නැද්ද මගෙ මෝඩ පැටියෝ....

ඔයා එහෙම කිවුවෙ මගේ කනත් මිරිකලා මට දිව ඇදල ඇදත් කරලයි...

වෙනද ඔයාගෙ ඒ දගකාරකම් වලට මම පැලෙන්න ආදරේ කරත් ඒ වෙලේනං මගේ හිතට ආවෙ දුකක් විතරයි සුද්දි...

ඔවු.. මාරම මාර දුකක්... විහිලුවටවත් ඔයාට එහෙම කියන්න පුලුවන් වෙයි කියල මම හිතුවෙ නෑ...

ඔයාට ඒක තේරුනා නිසා වෙන්න ඇති බිම බලාගෙන ඉදපු මගේ මූන ඔයා ඔයාගෙ පැත්තට හරවගත්තෙ...

"තරහද.. ??"

ඔයා ඇහුවෙ ඔයා තරහ උනාට  මම ඔයත් එක්ක කවදාවත් විහිලුවටවත් තරහ වෙන්නෙ නැති බව දැනගෙන....

" විහිලුවටවත් ඔයා ඒ වගේ කතා කියනවට මම කැමති නෑ සුද්දි..... "

මම කිවුවෙ ඔයාගෙ මූන දිහා බලාගෙන...    තොල් දෙක තදකරගෙන මගේ දිහා ටික වෙලාවක් බලාගෙන ඉදපු ඔයා මගේ නෙලලෙ මූන හංග ගත්ත අද වගේ මතකයි...

" සොරි.... මම හිතුවෙ නෑ ඔයට දුක හිතෙයි කියල...  මම විහිලුවටනෙ කිවුවෙ...  "

ඔයා කිවුවෙ මගේ ඉන බදාගෙන මූන මගේ බෙල්ලෙ හංගගෙනමයි...

මට දුක හිතුනට ඔයාටත් දුක හිතුන කියල මට දැනුන නිසාමයි රත්තරං පාට ඉර එලිය වැටිල රත්තරං පාටම දිස්නෙගහන ඔයාගෙ ඔලුව අතගාල " හරි හරි දැන් එක ඉවරයිනෙ " කියල මම කිවුවෙ...

"ඔයා වෙලාවකට හරි බොලදයි..."

ඔයා ආයෙමත් කිවුව්වා...

"ඔවු මම බොලදයි තමයි... අදරේ කරද්දි මම බොලද වෙන්න ආසයි...මහා පන්ඩිතයෙක් වගේ පුලුවන්ද ආදරේ කරන්න..."

ඔයා මගේ දිහා බලාගෙන හිටියා...

" ඇයි බොලද වෙන්න ආස.... "

හැමාදාම මම දෙයක් කිවුවාම ඔයාට දාහක් ප්‍රස්න....

එතකොටනෙ අපිට මේ ආදරේ ලස්සන බලන්න පුලුවන්.... ආදරේ විඳින්න පුලුවන්... .. අපිට හීන දකින්න පුලුවන් වෙන්නෙ...

" හීන.... "

ඔවු හීන තමයි.... 

ආදරේ හින්ද තමයි දවාලටත් හීන බලන්න පුලුවන්...

අර බැහැල යන ඉර එලියෙන් දිස්නෙ ගහන මුහුදෙන් පටි දෙකක් ඉරල අරගෙන ඔයාගෙ කොන්ඩෙ ගැටගහන තරමට...  යන්තමට පායගෙන අර තරු කඩාගෙන ඇවිත් ඔයාගෙ නලලෙ පොට්ටුවක් තියන තරමට... තැඹිලිපාට වලාකුලු චූටි කෑලි කෑලි වලට කපල ප්ලේන්ටියකට දාල දියකරගෙන ඔයත් එක්ක තුරුල්වෙලා බොන තරමට හීන දකින්න පුලුවන් එහෙම   බොලඳ විදියට ආදරේ  උනාමයි....

එතන නෙවෙයිද ආදරේ ලස්සන තියෙන්නෙ... ??

ඔයා ඇස් දෙක ලොකු කරගෙන හිටිය විතරයි මට උත්තරයක් දුන්නෙ නෑ...

පන්ඩිතය... මටනං එහෙම හීන පේන්නෙ නෑ...  ඔයා මගෙ නහය මිරිකල  ආයෙමත් මට තුරුල් වුනා


 ඊට පස්සෙ අපි දෙන්න වැල්ලෙ ඒ විදියට තුරුල් වෙලා කොච්චරනං වෙලා හිටියද....

ඔයාගෙ ඔය මූන.. ඇස් ... තොල්.. මම කීසැරයක්නං ඉඹින්න ඇද්ද...


ඒත් අවුරුද්දක් ගෙවිල යද්දි ඔයා එදා විහිලුවට මාව මෝඩය කරන්න කියපු කතාව ඇත්ත වෙලා....

මගේ බොලද ආදරේ දාල මහා බැරෑරුම් ආදරයක් හොයාගෙන ඔයා යන්න ගිහින් සුද්දි....

ඒත් ඔයා දන්නවද....

 ඔයා එදා මාව දාල යනව කිවුවාම මගේ හිතට ආපු අර ප්‍රස්න ගොඩ....

ඔයා නැතුව මම ඉන්නෙ කොහොමද... ??
ඔයාව ලගින් තියාගෙන මවපු හීන හැබෑ වෙන්නෙ කොහොමද... ??
ඔයාව සුරංගනාවි කරපු අපේ සුරංගනා ලෝකෙ මම හදාගන්නෙ කොහොමද... ??
කොටින්ම මම ජීවත් වෙන්නෙ කොහොමද... ??

ඒ හැම ප්‍රස්නෙකටම මම උත්තර හොයගත්ත සුද්දි....

උත්තරේ තමයි ඔයා බොලදයි කියපු ඒ ආදරේ.... 

ඔයා මගේ ගාව නැති උනත් ඔයාට තිබුන ඒ ආදරේ ... ඒ ආදරේ ගැන දැකපු හීන එහෙම්මමයි...

පන්ඩිතයෙක් වගේ ආදරේ කරානං ඒ හීනවල අයිතිකාරි හොය හොය මාව පිස්සු වැටේවි....

ඒත් මගේ බොලද කමට වෙන්න ඇති.... ඒ හීන ඇතුලෙ ජීවත්වෙන විදියක් මම හොයාගත්ත සුද්දි...

ඔයා නැති උනාට  මම ඉන්නෙ...
ඔයා නැති උනාට මගේ හීන හැබෑවෙන්නෙ
ඔයා නැතුව මගේ සුරංගනාලෝකෙ හදන්නෙ..
කොටිනම ඔයා නැතුව මම ජීවත්වෙන්නෙ

ඒ බොලද කමට මම බලපු  හීන වල.....

ඒ බොලද කමට හීන බලන මාව දාල ගියාට...
ඒ බොලද කමට හරියටම අවුරුද්දකට කලින් අද වගේ දවසක ඔයා මාව මෝඩය කරාට..

ඇත්තටම මෝඩය උනේ කවුද සුද්දි... ??




                                                      ෴෴෴


කලින් ලියපු හිතුවක් කාර හීන

සුද්දි

හීන කුමාරි




2012-01-18

හීන කුමාරී " ඉතිං ගෙම්බියේ ඒ ආදරේටනෙ..... " ( කෙටි කථාවක් )

කොළඹ නුවර ඒසී බස් එක කඩුගන්නාව කන්ද නැග්ගෙ හෙමින්...  තාමත් එච්චර උදේ වෙලා තිබුනෙ නැති හින්දද කොහෙද වෙන්න ඇති මීදුම හැම තැනම... ඒක නිසාම දැනෙන හීතලත් වැඩියි..... මගේ උරහිසට ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න එයාටත් ඒක දැනිල නිසා වෙන්න ඇති තව ටිකක මට තුරුල් උනේ... බස් එකේ ඒසී එකේ හීතල කපාගෙන එයාගෙ ඇගෙන් දැනෙන රස්නෙට මමත් තව ටිකක ගුලි උනා....

උදේ ත්‍රීවීල් එකට නැග්ග වෙලාවෙදි කෙල්ල මගේ අත තදකරල අල්ලගත්තු එක තාමත් එහෙමමයි... උදේ පාන්දර බයවෙච්ච හාපැටියෙක් වගේ බයවෙලා ඉදපු එයාගෙ මූනෙ තිබුන බයනම් දැන් නෑ වගේ.. .. ඒ බය වෙනුවට මූනෙ ඇඳිල තිබුනෙ මම ඇඳපු එයාගෙ චිත්‍රෙ තිබුන  හිනාවමයි.... උරහිසට ඔලුව තියාගෙන ආව නිසා අවුල් ඉන කොට කොන්ඩෙන් මූනට වැටුනු කොන්ඩ ගස් දෙක තුනෙන් ඒ හිනාවෙ ලස්සන වහන්න හදනවා... මම ඒ කොන්ඩ ගස් දෙක තුන අරගෙන එයාගෙ කන පිටිපස්සෙ රැදෙවුවෙ එයා හැමතිස්සෙම කරනව වගේ...


කෙල්ලට ආයෙත් නින්දෙන්ම හිනාවක් ගියා...  මම හිතන්නෙ හීනයක් දකිනව ඇති...... එයා ඉතිං කොහොමත් හීන කුමාරිනෙ....


" මම ඊයෙ රෑ ඔයාව හීනෙන් දැක්ක අනේ.... "

ඒ හැමදාම හෑන්ෆෝන් එක දිගේ එන රහස් හඩින් මට සතියකට දෙසරයක්වත් අහන්න ලැබෙන වචන ටිකක්...

"මේ මාව...."

එයාගෙ පුරුදු වචන ටිකට මගේ පුරුදු උත්තරේ මම හැමදාම වගේ දුන්නා....

"නැතුව මෝඩයෝ...  මම වෙන කාව හීනෙන් දකින්නද....."

"ඇයි අර ඔයාගෙ සිංදු  කියන වලහ.... "

" අනේ යනව යන්න... ඌ මට හීනෙන් බලන්න තරම් පිස්සුවක් නෑ.... "

" කවුද දන්නෙ .... ඔයා ඉතිං ඌට පිස්සු වැටිලනෙ ඉන්නෙ...  සිංදුවක් පේන්න බෑ ටීවී එක කෑගහන්නෙ... "

" ඒ ඉතිං කැමති සිංදුව වලටනෙ.. එහෙම කැමති උනා කියල ඌත් එක්ක ඉන්නව හීන බල බල ඉන්න තරම මට පිස්සුවක් නෑ... "

" එහෙනම් අර ඔයාගෙ යාලුවො මැරෙන්න හදන්නෙ.... "

" ඒ යාලුවො... මේ මම.... "

" හ්ම්ම්ම්ම්"

"මොකද හූම් ගාන්නෙ  බකමූනෙක් වගේ... "

"බකමූනො විතරද හූම්ම් ගාන්නෙ... "

"නෑ,.. ඔය මූනත් හ්ම්ම්ම් ගානව ..... "

ටිකවෙලාවක් සද්ද නැතුව ගියාම හැමදාම කතාව ආයෙත් පටන් ගන්නෙ එයාමයි....

" ඒයි මෝඩයෝ... ....ඉතිං ඔයා මගේ හීනෙ ඇහුවෙ නෑනෙ... "

" මම හිතුවෙ වලහෙක් ගැන කියලනෙ... ඉතිං ඔයා ඇත්තටම දැක්කෙ මොකෙක්ද... "

" මම දැක්කෙ පහනක්.... "

" එක පහනද.... "

" මෝඩයා... ඔයා අහන්නෙ නෑ කතාව.... "

" විහිලුවක්නෙ කරේ මගෙ පැටී.... කියන්නකො මොනවද දැක්කෙ.... "

" මම දැක්ක අපි දෙන්න  කසාද බැඳල ඉන්නවා........ "

" ළමයි ඉදියද ? "

"ඒක තමයි මුලින් මතක් වෙන්නෙ වලත්තයා..... "

"හරි හරි කියන්නකෝ.... "

"අපි දෙන්න කසාඳ බැඳල ඉන්නව චූටි ගේක...."

"ඉතිං"

"වෙලක් ගාව...... අයිනට වෙන්න තියෙනව පොකුනක්... ඒකෙ රෝසපාට නෙළුම් මල් පිපිලා... ඔයා ඒක ලග ඉදගෙන ඔයාගෙ චිත්‍ර අඳිනවා...  මම ඔයාට තේ හදාගෙන එනවා....  ඊට පස්සෙ අපි දෙන්නම පොකුණ ගාව බිම වාඩිවෙලා තේ බොනවා...."

"ඉතිං "

"ඉතිං එච්චරයි..."

"අයියෝ එච්චරද... මම හිතුවෙ තව ඇති කියල... "

" තව මොනවද... ?"

" ම්ම්ම්ම්ම්.... තව තේ බීල ඉවර වෙලා ඔයා මම චිත්‍රෙ අදින හැටි බලන් ඉන්නවා... "

"ඊට පස්සෙ "

" ඊට පස්සෙ අපි හවස් වෙනකම්ම එතන ඉන්නව.... ඊට පස්සෙ ගෙදර කරන්ටෙක නෑ.... ඒක නිසා උයන්න බෑ....  ඒක නිසා අපි යනව කඩෙන් කන්න..... "

" ඊට පස්සෙ .."

" ඊට පස්සෙ .. අපි අර හන්දියේ තියෙනව වගේ චූටි කඩේකින් ආප්ප කනවා... ..  සම්බලුයි... නිකන් ආප්පයි...
ඔයා කන්නෙ ආප්ප වාටිය විතරයි... මම මැද කනවා..."

" මට වඩෙත් ඕනෙ... "

" හරි අපි වඩෙත් කනවා... .. කාල.. ටවුන් එකේ රවුමක් ගහලා රෑ වෙලා ගෙදර එනවා...... "

" ඊට පස්සෙ "

"ඊට පස්සෙ වොෂ් එකක් එහෙම දාල... මම ඔයාව උස්සගෙන කාමරේට එනවා...."

" ඒ මොකටද ...... නෑ නෑ...මට ඇවිදින්න පුලුවන්... "

" ඉතිං ගෙම්බියේ ඒ ආදරේටනෙ.... ... උස්සගෙන ඇවිත් ඇඳ උඩින් තියනව.... "

" හා හා.. ඇති ඇති.... මම දන්නව මැට්ට දැක්කොත් දකින්නෙ ඔයවගේ වල් හීනයක් විත්තිය...."

" මොකද්ද ඒකෙ තියෙන වල් කම... "

" නෑ මම දන්නව ඊට පස්සෙ කියන ටික.... "

" මොනවද ඊට පස්සෙ කියන්නෙ... ? "

"නෑ නෑ ඕනෙ නෑ..."










" පහන්..... "

"හ්ම්ම්ම්..."

" ඇත්තට එහෙම ඉන්න මම ආසයි අනේ..... "


ඔය වගේ කතාවක් අන්තිමේදි එයාගෙ කටින් හැමදාම පිටවුනෙත් ඔය ටිකමයි.....  එයා දකින  හීනෙ මම හැමදාම  දුර අරන් ගියේ මගේ හීන කුමාරි හීන වලට ආස හින්දම නෙවෙයි... හීන කුමාරිට ආදරේ කරපු මම ඒ හීන වලටම පුරුදුවෙලා ඉදපු නිසා... ....   ආදරේ කරද්දි අනන්තෙටම බොලද වෙන්න මමත් ආස කරපු නිසා....

අපි දෙන්න හැමදාම ෆෝන් එකෙන් මවපු හීනවල දොරකඩට අද ඇවිල්ල ඉන්න වෙලාවෙ මගේ හිතට අමුතු බයක් දැනෙන්නෙ ඒ දැකපු හීන නිසාමද කියල මම දැනගෙන ඉදියෙ නෑ... හීන ලෝකෙ හීන දැක්කත්.. ඒ හීන වල පතුලටම කිමිදිලා අපි ඒ වෙලාවට ඒ හීන වල ජීවත් උනත් ඇත්ත ලෝකෙදි එහෙම නෙවෙයි කියල එයා දන්න බව  මම දැනගෙන ඉදියත් මොකද්දෝ බයක් හිතේ තියෙනව මට හොදටම දැනුනා...  ඒ අද ඉදං මගේ හීන කුමාරිගෙ හීන වල පෙනී ඉන්න විතරක් නෙවෙයි ඒ හීන වලට පණ දෙන්නත් ඉන්නෙ මමම විතරක් නිසා වෙන්න ඇති....

" මේ අහපං.... සමහර විට උඹ ඔය කරන්නෙ ජීවිතේ ලොකුම මෝඩකම වෙන්න පුලුවන්.... .. උඹට මට වඩා මොලේ තියෙනව... ආයෙත් පොඩ්ඩක් හිතපං... "

පුංචි කාලෙ ඉදල හිටපු මගේ එකම යාලුව මට එහෙම කිවුවෙ ඊයෙ රෑ....

" නෑ බං... මම නම් හිතන්නෙ මම මේ කන්නෙ මගේ ජීවිතේ ණුවනක්කාරම දේ...."

මම ඌට කිවුවෙ ඒකට එහෙම කිවුවෙ ඇත්තටමයි....

අම්මල තාත්තල ... ලොකු අය කියන විදියට අපේ වයසට කවදාවත් නොතේරෙන දේවල් හින්ද මට එහෙම හිතෙනව වෙන්න ඇති...  මම හිතනව වැරදි වෙන්නත් ඇති....  මොනව උනත් ආයෙත් හැරීමක් නෑ කියලනම් ඊයෙ රෑ ඉදලම මම දැනගෙන ඉදියා....

කෙල්ල තාමත් නිදි....  හැමදාම මට හීන බලන්න පුරුදු කරපු මගේ හීන කුමාරිගෙ හීන වලට එකතුවෙන්න ආසාවෙන මමත් ඒ ඔලුවට මගේ ඔලුව හේත්තු කරගෙන ඇස් දෙක පියාගත්තා.....


කලින් ලියපු හිතුවක්කාර හීනයට මෙතනින් යන්න...







2011-11-02

හිතුවක්කාරයකුගෙ හීන ........................සුද්දි




මේ...

මම ඔයාට සුද්දි කියන්නද...

මට... ..
ඇයි ඒ ...?

ඉතිං ඔයා සුදුයිනෙ.... ඒකයි...

පිස්සු... ...
මට වඩා කොච්චර සුදු අය ඉන්නවද.....

නෑ.......
ඔයාට වඩා සුදු අය කොහෙද .. මම දන්න සුදුම සුද්දි ඔයා තමයි...

ඔයාට පිස්සු අනේ...  ඊට වඩා මම හිතන්නෙ ඇස් පේන්නෙ නෑ...

ඇස් පේන්නෙ නෑ....
ඇයි එහෙම කියන්නෙ....?

ඉතිං ඔයා කියනවනෙ මට වඩා සුදු අය නෑ කියල...
ඕනෙ තරම් ඉන්නවා...

ඔයා හිතන්නෙ සුදු කියන්නෙ ඇස් වලට පේන දෙයක් කියල...

නැතුව...

එහෙනම් ඔයාට වැරදිලා...

වැරදිලා... .. ?
ඒ කොහොමද..

ඔයාට පේනවද අර  අහසෙ පුලුන් බෝල වගේ වලාකුලු... ..
ඒව පාවෙලා ඇවිත් ඉර වහගත්තාම.. ඉරේ රැස් වලට ඒව තවත් සුදුම සුදුයි... වලාකුලු දිස්නෙ ගහනවා... වලාකුලු දිහාම බලන් ඉන්න... ඔයාගෙ ඇස් නිලංකාරවෙලා යාවි... එතකොට මොනවත් පේන්නෙ නැතුව යාවි... ඒත් ඒ පේන්නෙ නැති ඇස්වලට දැන්නෙන්නෙ තියෙන්නෙ සුදුපාට නෙවෙයිද...

හ්ම්ම්ම්....

ඉතිං ඔයාත් එහෙමයි...
මම ඔයාගෙ මූන දිහා බලාගෙන ඉන්නකොට... අර සුදු වලාකු ඇවිත් ඉරවහගත්තාම වලාකුලු දිස්නෙ ගහනව වගේ.. ඔයාගෙ මූන.. ඇස්.. දිස්නෙ ගහනව.. ටික ටික ඒ දිස්නෙට ඇස් නිලංකාරවෙලා යනවා... එතකොට ඔයාව නෙපෙනුනත් මට දැනෙනව ඒ සුදු මූන... ඒ ඇස්වල දිස්නෙ.... ඊට පස්සෙ බලන බලන බලන හැමතැනම ඔයාගෙ මූන... ඔය ඇස්....

මගේ.... ... ??

ඔවු ඔයාගෙ තමයි...
ආ එතකොට කෝපි මල්.....
ඒවත් සුදුම සුදුයි... කෝපිමලක් දිහා බලාගෙන ඉන්නකොට ඉන්නකොට... කෝපිමල් වල සුවදට ඇස් පියවෙනවා... ඒ එන්නෙ අර සුදුපාටෙ සුවද...
ඇස් පියාගෙන ඉන්නකොටත් ඒ ඇස්පිහාටු යට දැනෙන්නම අර සුවද  කෝපි මල්... ඇස් පිහාටු යට තියෙන කෝපිමල් ටිකෙන් ටික හිතේ පතුලටම යනවා... ඊට පස්සෙ පේන්නෙ හිතින්...... එතකොට ඇස් දෙක ඕනෙම නෑ.. ඒ සුද බලන්න... ඇස් දෙක  වහගත්තාමත්  හැම වෙලාවෙම ඒ සුදු කෝපි මල් මයි පේන්නෙ...

හ්ම්ම්ම්....

ඉතිං ඔයත් ඒ වගේ... ඔයාගෙ ඔය සුදු මූන දිහා බලාගෙන බලාගෙන ඉන්නකොට දැන්ව මට ඔයාගෙ සුවද.. ඊට පස්සෙ ඇස් පියාගත්තාමත් පේන්නෙ ඔයාවමයි... ඇසි ඕනෙ නෑ එතකොට ඔයාගෙ සුදු මූන බලන්න...

මගේ.... .. ??

ඔවු ඔයාගෙ තමයි...
ආ එතකොට මීදුම...
හයියියියෙන් වහින දවසට නුවරඑලියෙ තියෙන මීදුම...
ඒක මැද්දට ගියාම මොනවත් පේන්නෙ නෑ... අන්දවෙලා වගේ.. බලන බලන තැන සුදු පාටයි..... ඒ සුදුපාට ඇස්දෙක හයියෙන් බදාගත්තාම.... ඇස් පියාගෙන ඉදියත් පේන්නෙ සුදුම සුදු මීදුමම විතරයි....

හ්ම්ම්ම්.....

ඉතිං ඔයත් ඒවගේ... ඔයා මගේ ඇස් දෙක ඉස්සරහට ආවම... ඔයාගෙ ඔය සුදු මූන මගේ ඇස් දෙක හයියෙන් බදාගත්තාම ඇස් දෙක වැහුවාම පේන්නෙත් ඔයාවම විතරයි... ඇස් ඇරගෙන ඉදිය පියාගෙන ඉදිය කියල වෙනසක් නෑ... ඔයා මගේ ලග නැති උනත් ඇස් පියාගෙන ඔයා ලග ඉන්නව වගේ ඔයාව බලන්න පුලුවන්...


මේ මම.... .. ??

ඔවු ඔයා තමයි.. ..
ආ එතකොට හිම ගොඩේ ඇවිදල තියෙනවද...
අලුතින් වැටිච්ච සුදුම සුදු හිමගොඩේ සෙරෙප්පු නැතුව නිකන්ම නිකන් ඇවිදගෙන යනකොට... කකුලෙ යට පැත්තට ඉදිකටුවලින් අනිනව වගේ...  ඒත් රිදෙන්නෙ හරිම ආස විදියට... එහෙම රිදිල රිදිල කකුල් හිරිවැටිල යනවා.. එහෙමම ටික ටික.. නහර දිගේ දුවල ඒ රිදිල්ල ඇවිත් ඇගම හිරිවැටෙනවා... ඇස් පියවිල යනවා..එතකොට ඇස් පියාගත්තත් පේන්නෙ අර සුදුම සුදු හිම...

හ්ම්ම්ම්....

ඉතිං ඔයත් ඒ වගේ... ඔයාගෙ සුදුම සුදු අත්වලින් මාව අල්ලනකොට... ඔය සුදු මූන මගේ බෙල්ලට තියල  මාව ඉඹිනකොට  ඉදිකටු ලක්ෂගානක් ඇනෙනව වගේ... ... ඒත් ඒක හරිම ආස කරන රිදිල්ලක්... ඒ රිදිල්ල නහර දිගේ ගිහින් මුලු ඇගම හිරි වැටෙනවා... ඊට පස්සෙ ඇස් පියාගත්තාමත් පේන්නෙ ඔයාවම විතරයි.... ඔයාගෙ සුදු මූනම විතරයි...

මගේ... ..??

ඔවු ඔයාගෙ තමයි..... ඔයාම විතරයි.....ඉතිං ඔයා මගේ සුද්දි තමයි......

ඔයාට වඩා පාටෙන් සුදු උන අයගෙ සුදු ඒ විදියට මගේ හිත ඇතුලටම දැනෙනවද...??
මගේ නහරයක් නහරයක් ගානෙ දුවනවද....??
මගේ පපුවට මෙච්චර බරට දැනෙනවද.....??

මම ඇස් පියාගත්තාමත් පේනවද... ??

හ්ම්ම්ම්......

ඉතිං කියන්න .. ....
ඔයා මගේ සුද්දි නෙවෙයිද.......... ??


                            __________________________

බ්ලොග් එක පටන්ගනිපු දවස්වලම දාපු.. වැඩියෙ කවුරුවත් කියවපු නැති මේ කතන්දර දෙක  කියෙවුවද.. ??

තින්තතෙතයියා

හදපානේ නිරුවත් වානරයා 1

හදපානේ නිරුවත් වානරයා 2