Showing posts with label චරිත. Show all posts
Showing posts with label චරිත. Show all posts
2016-01-06
සල්ලිද .. මිනිස්සුද බ්‍රෝ .. ??
බ්‍රෝ ...
මේ දවස්වල බුකියෙන් ප්‍රසිද්ධ වෙච්ච ආමන්ත්‍රණයක් ..
ඉස්සර උණවටුනෙත් හිටිය බ්‍රදර් කියල එකෙක් ...
කාගෙත් හිතවතා ... කොයි කවුරුත් කතා කරේ ඌට බ්‍රදර් කියල ..
හැබැයි ...
කාගෙ කවුද .. ඉන්නෙ කොහොමද ... වයස කීයද ... කරන්නෙ මොනවද .. රස්සාවක් .. බැඳලද ඌව දන්න කිසිම එකෙක් දන්නෙ නෑ ...
අඩුම තරමෙ නමවත් ...
බ්‍රදර් විතරයි ...
කාලයක් කොන්ඩෙ වවාගෙන, බැඳගෙන ආරුගම්බෙ හරි වේවුස් හරි ස්ලීපස් දෙකක් දාගෙන ..
බොහෝ වෙලාවට,ටී එක කරේ දාන්ගෙන ;රිදී. සුදු යකඩ මාල දාගෙන පාට පාට සඟක් දාගෙන .. චිලි කැෆේ , වයිබ්‍රේශන් ,හැපි බනාන පැත්තෙ රවුමක් දාගෙන ඔහේ ඇවිද ඉන්නවා ...
කොල්ලො එක්ක ..
කාලයක්...
කන් කඩාවැටෙන්න ගහල .. මඩ තැවරිල කිලුටු වෙලා,
කොන්ඩේ ඩාගෙන ,පිස්සෙක් වගේ ;
ටයිර් කඩේ , රොටී කඩෙ ,වැල්ලෙ , නුගේ , කඩොලානෙ , අතුපැලේ ..
අංකල්ල සෙට් එකක් එක්ක ...
කාලයක් ..
රේස් බයි එකේ , බුකියෙ ,ඩාලින් එකේ , ගෝල් ඉන් එකේ ...
එක නාකි බූඩලත් එක්ක ...
කාලයක්
සැන්මිරා එකේ .. යූ බී ආර් එකේ එක එක ටයි කෝට් දාපු පොරවල් එක්ක ...
කාලයක්
බීච් සෝටක් ගහන් , කට්ට කලු වෙලා බෝඩ් එකක් අරන් .. යුක්‍රේන් , ජර්මන් ,රශිය 19 යෙ 20 සුද්දියෙක් එක්ක ...
කාලයක්
ඇලියොන් , ප්‍රියස් වල ඇඩිඩාස් ස්නිකර්ස් ගහල කොන්ඩෙ කපල කනට කරාබුවක් දාල අයි ෆෝන් එකක් එක්ක විස්කි කෑලක් එක්ක ...
එක එක වෙලාවට කොහෙන් හරි පොරව සෙට් වෙනව ...
සමහර එලාවට බෑම කිවුවත් ... බලෙන් ඇදන් ගිහින් රෙඩ් ලේබල් එකක් කඩලා මැල්බරෝ පැකට් එකක් මේසෙ උඩට විසි කරනවා ...
එහෙම නැතිනම් .. වරෙන් වරෙන් කියල ඉනේ ගහගනිපු ගල් බාගයක් දික් කරලා පරිප්පු ඇට පැකට් එකකින් ඇට දෙක තුනක් අල්ලට හලනවා ... කනේ ගහගෙන ඉදපු කැප්ටන් එකක් පත්තු කරනව ...
තවත් සමහර වෙලාවට ..
" බ්‍රදර් .. දුංකොල ටිකක් පුච්චන්න විදියක් නැද්ද ... . ?"
කියල ලගට ලං වෙල ශේප් එකේ කියන වෙලාවලුත් තියෙනවා ...
ඉදල හිටල, සති ගානකට ආයෙ ඇහැට දකින්න නැති උනත් .. පැයෙන් දෙන්න රු 100 ත් ඉල්ල ගන්නවා ...
අඩුත් නෑ වැඩිත් නෑ 100 යි ..
ඒ උනාට නිතරම පාරක දැක්කොත් ,
ස්කූටි .. බාජ ... හොනට් .. සීබී .. ඇල්ටො .. පැන්ඩ වගේ කාර්වලිනුත් ගමන් බිමන් යනවා ...
" බ්‍රදර් .. උබ එක එක දවසට එක එක වාහනේ නේ ... ඊයෙ ආවෙ හොනට් එකෙන් .. අද ඇල්ටො එකෙන් ... .. පෙරේද සිගර්ට් එකක් බොන්න විදියක් නැතුව දැගලුවා ...
" අනේ බං මගෙ නෙවෙයි ... යාලුවෙක්ගෙ ... "
" එතකොට ගිය සතියෙ ඇලියොන් එකේ ආව කෑලක් එක්ක ... "
" ඒ කාර් එක ඒ කෙල්ලගෙ බ්‍රදර් ... කෙල්ල තමා යාලුවගෙ ... "
අපි ඔක්කොම හිනා උනා ...
ඌ ඉන්න තැනක කොහොමත් හරි ප්‍රිය මනාපයි .. විහිළු තහලු ... රස කතා ගොඩයි ...
කොහේ අරි තැනකට එක පාරට බ්‍රදර් එනව කියන්නෙ එතන සිට පිට වෙලා යනකං වෙදිකාව උගේ ...
කිසිම තැනක පැය දෙක තුනකට වඩ ඌව දකින්න බෑ ...
එහෙම තැන් වලදි ඌ කියන්න පුරුදු වෙලා ඉඳපු දෙයක් තිබුනා ...
" මම සල්ලි හම්බ කරේ නෑ .. මම හම්බ කරේ මිනිස්සු ... "
කාලෙකට පස්සෙ අද අහම්බෙන් හයි වේ එක ලගදි මගේ ලග බරාස් ගාල නතරකරා
ප්‍රාඩෝ තඩියක් ...
ක්‍රීස් ...
වීදුරු පහත් උනා ...
අම්මට හුඩු ... බ්‍රදර් කාරයා ...
" ඉතිං බ්‍රදර් කොහොමද ... කාලෙකින් දැක්කෙත් ... "
ඌ මගෙන් බොහොම සිරා විදියට හිනා වෙලා ඇහුවා ...
" අඩෝ ඒකනෙ ... දැන් දැන් මොන්ටෙරෝ උබට දන්නත් යාලුවො ඉන්නව නෙ ... "
" නෑ බ්‍රදර් මේක මගේ .... "
මට ඇඩ්‍රස් නැති උනා ...
කොච්චර උනත් ඌට කිවුව වචනෙ හරි නැති නිසා .. ඒක කැපිල යන්න මගේ හිදිසි සංතෝසය පල කරා ..
" අඩෝ එලනෙ ... එහෙනං උබ ගොඩ ගිහින් ආ ... "
" ඔවු කෝස් බ්‍රදර් .... අර මම ඉස්සර කියනවනෙ මම සල්ලි නෙවෙයි හම්බ කරේ මිනිස්සු කියලා ... "
"ඔවු ඔවු .. ඒක තමයි බං වෙන්න ඕනෙ ... සල්ලි බල්ලොවත් කනවද ... ?මිනිස්සු තමයි හම්බකරන්න ඕනෙ .. "
" අනේ උබේ ... පුක ...... "
සල්ලි වලින් ඕනෙ දෙයක් කරන්න පුලුවන්... ඒව ඔක්කොම එක වගේ ..
මිනිස්සු එක්කත් ඕනෙ දෙයක් කරන්න පුලුවන් .. හැබැයි එක එක වගේ ..
සල්ලි වෙනස් වෙන්නෙ නෑ ...
මිනිස්සු වෙනස් වෙනවා ...
ඉතිං බ්‍රදර් මිනිස්සු හම්බ කරා කියන්නෙ .. ඒව චංචල දේපල
ඉතිං
- ඒ හම්බෙච්ච මිනිස්සු ඔක්කොම මම සල්ලි වලට විකුන්න ... _
Subscribe to:
Posts (Atom)