Showing posts with label ඩුම්. Show all posts
Showing posts with label ඩුම්. Show all posts

2015-03-27

දුමක ආතල් එක .. අතිසයින්ම දුම් බොනන්න සදහා පමනයි ...



කාලෙකට පස්සෙ බ්ලොගට බැහැල දාපු කතා දෙකට හොද  ප්‍රතිචාර තිබුනනෙ ...  අර ඒ කාලෙ ඉදල මේකෙ නසරානි වෙච්ච සෑම එහෙම තාම ඉන්නවා ... ඉස්සර මේකෙ පැල් බැදගෙන ඉදලා පස්සෙ පස්සෙ බුකියට බැහැල ඉන්නකොට මම හිතුවෙ   පරණ එවුන් මේකෙන් තොලෝන්චි වෙලා ඇති කියලා ... 

කොහොමින් කොහොම හරි තව කතාවක් මතක් උනා ... ඒකත් අර කලින් දාපු යාලුවො තුන් දෙනාගෙ එකක්ම තමයි ...  වෙරි වෙන එකයි .. මත් වෙන එකයි... පක් වෙන එකයි .... 

ඔය තුනේ වෙනස දන්නෙ නැතිනම් ඉතිං ඒක කියවල එන්න වෙයි ... 

බුකියෙන් සෙට් උන මත් වෙන එවුන් සෙට් එකක් එක්ක දුමක් දාල ආතල් එකේ කයියක් දාගෙන් ඉන්නකොට ඔය මම කලින් කියපු කතාව කිවුවම මේක මට කිවුවෙ බුකියෙ බොක්කක් වෙච්ච  සුරංග ලක්මාල්... 

ඉතිං ඒ ආතල් එකට මේ ආතල් එකට මේකත් පැට්ටට  චොකට් කේක් කෑලක් වගේ සෙට් වෙන නිසා ... 
ඔන්න එහෙනම් කොටල දානවා ... 

ඔන්න ඔය වෙරි වෙන එකයි... මත් වෙන එකයි... පක් වෙන එකයි ... වෙරි වෙන්න විදියක් නැතුව .. මත් වෙන්න විදියක් නැතුව .. පක් වෙන්නත් විදියක් නැතුව  සඳ බොද වෙලා නසරානි වෙලා ෆුල් අන්දොස් වෙලා ඉන්නවලු බීච් එකේ ගලක් උඩට වෙලා ... 

එහෙම ඈත බලාගෙන ඉන්නකොට ... ඉන්නකොට... ඉන්නකොට ...

 බොන එකා ... ඒ කියන්නෙ වෙරි වෙන එකා  කියනවලු

"මචං... මේ මුළු මූ...දම ගල් බෝතලයක් වෙලා, මේ ගල රෝස්කරපු මස් කුට්ටියක් වුණොත් කොහොමද අාතල් එක" කියලා.... 

ඕක අහගෙන ඉදල පක් වෙන එකා සික් එකේ  කිර කිර ඉඳල කිව්වලු

" මේ මුළු මූ...දම බවුව  පැකට් එකක් වෙලා , මේ ගල කිරිටොෆියක් වුණොත් කෝමද ආතල් එක" කියල

එතකොට මත් වෙන  එකා ඉන්නවලු මුහුදෙ ඈ...ත බලාගෙන 
හෙන කල්පනාවක. 

එහෙම ඉඳල කිව්වලු,

" මේ මුළු මූ...දම වැඩි සීනි ප්ලේන්ටියක් වෙලා, මේ ගල ජොයින්ට් පැකට් එකක් වෙලා, 

උඹල දෙන්නත් ගොල්ලිෆ් දෙකක් වුණානම් 

හම්මා ..... !!!
පකින් ඕසම් කිවුවලු ...
___________________________________________________


කතා දෙකක්  දැම්ම කිවුවනෙ ... මෙන්න ඊටත් කලින් එක ... ඒකනං ගංජ කතාවක් නෙවෙයි ...
මේ නිකං කෙල්ලෙක් ඩයරියක් ලියපු එකක් ගැන ... 


එහෙම ඩයරි ලිවිල්ල නිසා කෙලවී  යන පාසල් කාලෙ ආදරේ ගැන ...  ඔබ මගේ වෙලා ... මම ඔබේ වෙලා ...