Showing posts with label ප්‍රේමය. Show all posts
Showing posts with label ප්‍රේමය. Show all posts

2015-04-10

ප්‍රේමපූර්ණිකාව ( තද බල බූට් කෑ ලපයි සිපයිට හෘදයාබාද ඇතිකල හැකි බව කරුනාවෙන් සලකන්න)



ප්‍රේමය ...යනු කුමක්දැයි කියා ...

ඇට මුන් ඇට වෙන තර්ක විතර්ක තිබුනාට ...  

බොහෝ උන් රෙද්දෙර රෙවෙනා කවි ලීවාට..
 ගෝන අල බහින සයිස් වැල්  බයිල කීවාට..
ප්‍රේමය  යනු නිස්චිතවම මෙයයැයි  කීමට ..

දන්ත හේමමලාටවත් .. දස්කොන් ප්‍රෙමිලාටවත්  ..  රෝමියෝ ජුලියට්ට  තියා ..

එක වසරේ සිට ..

දහම්පාසලේ පන්තියේ පලවෙනියා වෙමින් මා තැබූ රෙකෝඩ් එකට කෙලවමින්   අවසාන ශ්‍රේණියට හිමිදිරි උදෑසන ඇති වූ මෝල් අමාරුවක් ලෙස පැරෂුට් දැම්මා වූද ..  දැකපු එකෙකුට අත දැමූ විට මයින පැටවු ඇතැයි සිතෙන බුරියට.. අගල් තුනහ මාරකටත් වඩා පහලට ළමා  සාරිය ඇන්දා වූද ...  බඩ ඉතා සුදු වූද..  මම ආසම ට්‍රයම්ප්, සයිස් 32  සුදුපාට තිති තිත් තිබුන රෝසපාට කුක්කු හැට්ටයේ කොහොම ඇතුලට දැම්මාදැයි හිතාගන්නට බැරි .. ඕගස්ට් එම්ස් , ටෙර පැට්‍රික්, ජෙඩා ස්ටීවන්ලාත් පදිරි තරමේ පුන් පයෝදර දැරුවා වූද ...   අනර්කලිත් පදිරි තරමේ කොමල දැම්මා වූද .. ලොකු හාමුදුරුවන්ගෙ උපසම්පදා සීලයත් තොලෝන්චි.. චකබ්ලාස්  වී යන්නා තරමේ ක්ලෝගාඩ්  ඇඩ් එකක්වත් දැක නැති ඉටිකිරිස්, අහිංසක, ප්‍රේමාන්විත.. සිනහවක් තිබුනා වූද ... පසු කලෙක ගාල්ලෙ බීච් එකේ සිට  කොළඹ පැත්තට..  මහමෝදර, දඩල්ල, නාරිගම, හික්කඩුව, බලපිටිය, කළුතර. ගල්කිස්ස .. අනිත් පැත්තට... රූමස්සල, උණවටුන, මිහිරිපැන්න,තල්පෙ, හබරාදූව, කොග්ගල, වැලිගම, මිරිස්ස, මාතර, මූදු වෙරලවල්වල... කඩල,පෝලෝ, මින්ට්, ග්ලූකෝරස කාරයන්ගෙ මඩි පුරවමින් කකුල් කොටවෙන තුරු... පුකෙ දියපට්ටා එනතුරු...  ගල් උඩ, මැද, යට .. වැටෙකෙයි පදුරුවල ..  සිමෙන්ති, ගල්, ලී, ෆයිබර්, බංකු වල, මැසි වල,  කොට උඩ  බෝටුටු උඩ  , රස්තියාදු වූද ...  ප්‍රින්ස් ..ප්‍රින්සස් .. ජීවන් .. කුවීන්ස්  සහ  තවත් නම මතක නැති ෆිල්ම් හෝල් ගානේ...  ඕඩීසී..  බැල්කනි.. බොක්ස්...  ශීට්  වල මකුණො මැරුවා වූද ...  පන්සලේ බෝ මලුව කොනේ .. විහාරගෙයි  මුල්ලේ ...  වැසිකිලි.. කැසිකිලි පල්ලේ සිට  .. සී ලයින්  .. උනවටුන බේ  ඉන් .. තරූශ  හොලිඩේ ඉන් .. ලෝටස් ගෙස්ට් වල  පවා යටගල පන්සලෙන්  ගෙනා කොඩි වැල් එල්ලා .. අඬා, දොඩා,රවා,පුප්පා,  මුකුළු වී... තොදොල් වී .. හුර්ර්ර්ර්ර්ර්ර්ර්තල් වී .. මහත් වූ පින් රැස්කරගත්තා වූද .....  ඒලෙවල් දිස්ත්‍රික් පස්ට් වී ..  ලෝකල් කැම්පස් හොද මදි වී..  මැල්බෝන් යුනිවසිටියක ඩිග්‍රි මදිවට පීඑච් ඩී ගැසුවා වූද ...  සික්ස් පැක් දැමූ කොල්ලන්ට ආස වී .. හොරෙන් සිගරට් බිවු විට තරහ වී .. බිත්තර රොටි සමග නිවුඩේල් යෝගට් කවා .. යකඩ පඩි උඩදාන්නට  ..අතින් වියදම් කර මාව ජිම් යැවුවා වූද .. පසු කලක  බඩ තඩි කලු කොට මැනික් මුදලාලි කෙනෙකුගේ පුතෙකු වූ කද මයිලෙක්ගෙ කරේ එල්ලී  යූ ඇස් ඒ සිට , ඌට කියා බඩ පුම්බාගෙන  රෙද්දකුත් ඇදගෙනම  බුකියේ මට පොටෝ එවන්නා වූද  ..  විසි ගනන් වලදී .. ගනන් වැරදී ගිය  අති රමණීය විටක මරණීය  පිප්ටි පසන්ට් ඩිස්කවුන් ලැබුනාවූ .. මගේ කුළුදුල් ප්‍රේම වෘතාන්ත වල එකක් වූද ...
පිංකි  අක්කාටවත් ...
බැරි විය .......

එහි අල ගිය තැන .. මුල ගිය තැන ... වැල ගිය තැන  ...  බවුන්ඩේසම  කැපූ තැන .. මුල් ගල් තැබූ තැන .. ගෙපල කැපූ තැන සොයා ගැනීමට

අටුවා .. ටීකා .. ටිප්පනි ..  රිප්පිඩි  .. ලේන් තැරි .. තියා ..
අලුත වැදූ මී ගොන්  පැටියාගෙ නෙස් ටී වගේ හොට් හොට් අමු කිරි ගොම බෙට්ට ... ඒ වැස්සිගේම බුරුල්ල කහ වතුරෙන් සෝදා .. .. දොවා ගන්නා ..   මගෙ පෙරපාසල් .. කිරිබබා ..කොස්කොල නැටි ලවු එක වූ ... නැවත දහය වසරේදි අහම්බෙන් හමු වී වෙසක් කාඩ් දී .. ඉහත කතාවම ටිකක් අඩුවෙන් රිපීට් වී.. පසුව එකීම  වෙඩින් කාඩ් එකක් අපෙ ගෙදරටම එවුවා වූ... සඳමාලි .. මොන්ඩිසෝරියේ  කොන්සට් එකේදි නැටූ  දීකිරි දීකිරි සිංදුවේ වගේ එලකිරි .. මීකිරි හට්ටියකකින් අනා .ඉරිවේරිය ගිරි - කටරොළු  - ගිනි බුරුත  - අමු ඉඟුරු - ගෙළ නික -කරාබු යන උපන් ගෙයි  දොස් නසනා බෙහෙත් වට්ටෝරුව ..දෙහි ඇඹුලෙන් .. මී පැණියෙන් අනා මිශ්‍ර කොට .. අසූවක් රෝග .. අට අනූවක්  ව්‍යාදි .. එකසිය එකක්  බූත දොස් නැති බංගස්ථාන වන්නට සර්ව බල දාරී අකිලිකටප්තේසි මත්‍රය එද්දාස් එකසිය අට වාරයක් මතුරා හත්පොලේ ගා තුන් වරුවක් ගිණි තැපුවද  ..

බැරිය ..

එහෙවු ඉලවුවේ ... 
බජාර් එකේ ලලක්කාගෙ ගර්බාසෙ වගේ මල ඉලවු බඩ කඩුත්තු අමන සක්කිලි ප්‍රේමය ගැන ...
ලබන ආත්මෙක මගේම දරුවෙක් වන්නට ප්‍රාර්ථනා කරනා  දැනට මාස පහ හයකඩ උඩදී අලුතෙන්  ලාතර පාස් වූ ඕයිසී මහතාගේ වික්‍රමාන්විත මතට තිත  ගේමෙන් අයිස් පයිස් වී ...  පන්සලේ හිටපු ප්‍රධාන දායක මැම්බර් පොඩි මහත්තය  මහත්තයාගෙ කසිකබල්  13 ශ්‍රී  ලදරං දංකුඩ ජිප් කබලටත් බයවෙමින් ... නයික් ස්නික්ර්ස් දමාගෙනම  ජක බක ගගා වෙලේ වැටි වැටි දුවා .... කැරකෝප්පුවේ රැය පහන් කර බෙල්ල බේරාගෙන ඇවිත් ඊට පසුවදාත් ගේමෙන්ම ඩීල් එක කරනා ලසාගෙන් ...  වැස්සෙ තෙමි තෙමි  ගොස්  හේමන්ත අයියාගෙ රේස් බුකියෙ ටකරං වහල යට සිකරට් තුනහ මාරකුත් පිට් එකට ලද කැප්ටන් උගුරු හතරපහකුත්  මම නොකෑවද ලග ඉදපු එකා බුලත් විඩ බාගයකුත් කනතුරු තෙමි තෙමි වේලි වේලි සිට .. ජොකා පල්ලෙ රදවාගෙන  " හෙට උදේට උයන්නද යකෝ මිරිස් ගෙනාවෙ" යැයි අරඹමින්..  අවුරුද්දක වැරදි එක පිට එක රිපීට් පිට රිපීට්  පෝලින් කරවා .. සූරියා අහවල් රාසියේ ගැට්ටේ සිටිනා මොහොතේ වසර ගානක් සිට සුපුරුදු , හුරුපුරුදු, කන් කලු අපෙ අම්මාගේ බැනුම් සංඝායනා සුනාමිටත් අසු වී ..  ගෙනා කංසා සුට්ට... රෝල් කරමින් උර උරා ඉන්න නිදි නැති තනි අදුරු මූසල තුප්පහි නිහඩ ජඩ ....  මාන්දමික ..  ශෝකාකූල  .. ව්‍යාකුල ..  ෆෑන් එකත් කැඩුන ... මදුරු කොයිලුත් ඉවර.. නෙටුත්  ස්ලෝ  රාත්‍රියකදී  පවා 

ගංජා ටික ඉවර වී .. ගෝල්ප් මක බෑවී .. කෝක් බෝතලෙත් සිදී ... . රිබිඩ්ඩ විසිවෙන තුරු ..  අන්තිම ගෝල් ලිප් එකේ බසිය නිකම හැලෙන තුරු ...  මොනිටර් ලිස්ස්ප් වෙන තුරු .. දෙපාරක් දොට්ට යනතුරු ..  පුක ඉරෙනකං තැටමුවද ..

බැරිය ...

මේ මහා යහං හෑල්ල ... දත් මිටි  කකා ..  මේසෙට ගගහා  .... කුනුහබ්බ කිය කියා ,,,  හිනා වෙවී ..  මට බැන බැන   කියවගෙන ප්‍රේමය මොකද්දැයි හොයාගෙන  ඉස්සා පුකේ දමාගෙන ආ තොපිලාට හොද වැඩේය ...

ඒක නිසා හොදම මේ මේන් මේ වගේ  වැඩගම්මකට නැති පුක් ගැටි වල සුලැගිල්ල නොදමා පාඩුවේ වැඩක් බලාගෙන .. බනක් තලාගෙන ..  අතක් මරාගෙන .. අහු උනොතින් .. වෙලකුත් කොටාගෙන  ඉන්න එකය ...

එතකොට පකින් ඕසං  ය ... !!!