සාවිය.... නිෂ්ශබ්ද වේ.....න්.....!!!
සියල්ලෝම නැගිටිති... විනිසුරු එනු පෙනේ... විනිසුරු වාඩි වූවාට පසු අනිත් පිරිසද වාඩිගති...
උසාවියේ වැඩ කටයුතු ඇරබේ...
තෝල්කයා :-
නඬු අංක 2012.1.7 සයිබර් ගෙට්ටු ගෙදරක් යැයි කියා.. බොහෝ දෙනා නොමග යැවීම ගෑහැණු ළමයින්ගේ ජීවිත අනතුරට දැමීම හා බ්ලොග් අවකාෂයේ කීර්ති නාමයට අපහාස කිරීම..
අදාල තොරතුරු ඉදිරිපත් කිරීමට පැමිණිලි කරුවන් වන සයිබර් පොලීසිය වහාම කටයිතු කරන්න....
පොලිස් නිලදාරියෙක් ඉදිරියට එනු පෙනේ...
සයිබර් පොලීසිය :-
ස්වාමීනි පෙර දිනයේ පැවැත්වුනු ගෙට්ටු ගෙදර සංවිධායකයංගේ හා තවත් කීප දෙනෙක්ගේ මහා කුමත්‍රණයක්... එය අසාර්ථකයි.. නමුත් අපි කුමත්‍රණ කරුවන් හඳුනා ගත්තා ස්වාමීනි.... ඔවුන්ට අන් අයගේ අනාගතය විනාස කිරීම උත්සහ දැරීම , උන්ව එකසිය ගානට චාටර් කිරීම හා , නොමග යැවීම. බ්ලොග් අවකාශයට අපහාස කිරීමට උත්සහ දැරීම යන චෝදානා යටතේ මේ නඩුව ගොනු කර ඇත ස්වාමීනි...
විනිසුරු :-
කෙසේද සැකකරුවන් අඳුනා ගත්තේ... ??
සයිබර් පොලීසිය :-
මුල සිටම මේ පිලිබද සැක සිතුවා ස්වාමීනි.. ලංකාව වටෙන්ම මෙවැනි පිරිසක් ගෙන්වීම හරිම අස්වාභාවිකයි ස්වාමීනි එමනිසා අපගේ විශේෂ නියෝජිතයකු රහසේම එයට සහභාගී කරවා අපි සියල්ල සොයාගත්තා ස්වාමීනි ඔහු සාක්ෂියට කැදවීමට අවසර...
විනිසුරු :-
අවසර ලැබෙනවා.....!!!
තෝල්කයා :-
හොරෙක්, මංපහරන්නෙක් ලෙස වෙස්වාලාගත් දේශප්‍රේමී විශේෂ නියෝජිත උසාවියට වාර්ථා කරණු...
උසාවියේ පිරිස අතර සිටින ගෙට්ටුවට ආපු උන්ගේ කට ඇරේ... විශේෂ නියෝජිත බුවා සාක්කි කූඩුවට පැමිනේ..
විනිසුරු :-
තමාද ඒ විශේෂ නියෝජිතයා....
වි. නි බුවා :-
යෑස් සවාමීනි....
විනිසුරු :-
මොනවද තමාට ඒ ගැන ඔප්පු කරන්න තියෙන්නෙ සාක්ෂි....
වි.නි බුවා :-
පහුගිය ටිකේ ගෲප් චැට් බ්ලොග් පෝස්ට් ස්ටේට් අප්ඩේටින් සියලුම කරුනු පිලිවෙලකට ගොණු කරල මෙතන තියෙනව ස්වාමීනි... ඒ අනුව වරද කරුවන් අපි උසාවියට ඉදිරිපත් කර තියෙනවා ස්වාමීනි...
විනිසුරු :-
තමාට හොදටම ශුවර්ද...
වි. නි බුවා :-
යෑස්... වයි නොට් ස්වාමීනි....
විනිසුරු :-
එසේනම් සැකකරුවන් සාක්ෂිය සදහා කැදවන්න....
තෝල්කයා :-
ප්‍රධාන සැකකරු පොඩි මෑන් සාක්ෂි කූඩුවට කැදවනු....
උසාවියා පුරා කසු කුසුවක් පැතිරයයි....
තෝල්කයා :-
උසාවි ය නිෂ්ශබ්දා වේ....න්...
පොලිස් නිරධාරීන් දෙදෙනෙක් මැදින් අහිංසක පෙනුම ඇති පොඩි කොලුවෙක් සාක්ෂි කූඩුව වෙත පැමිනේ...
විනිසුරු :-
තමාද පොඩි මෑන්...??
පොඩි මෑන් :-
එසේය ස්වාමීනි...
විනිසුරු :-
අන් අයගේ අනාගතය විනාස කිරීම උත්සහ දැරීම , උන්ව එකසිය ගානට චාටර් කිරීම හා , නොමග යැවීම. බ්ලොග් අවකාශයට අපහාස කිරීම උත්සහ දැරීම යන තමාට එරෙහිව නැගී ඇති චෝදනා පිලිගන්නවද.... ??
කොලුවා ඔලුව කසමින් මද වෙලාවක් නිහඬව සිටී.....
තෝල්කයා :-
ගරු උසාවියේ කාලය අපතේ යවන්න එපා......
පොඩි මෑන් :-
එහෙමයි ස්වාමීනි පිලිගන්නවා.... ඒත් ඒ එක යහපත් අරමුණක් සදහා ස්වාමීනි..... මම පාපොච්චාරණය කරන්න කැමතියි....
නැවත්ත.. කසු කුසුව පැතිරයි... විනිසුරු තැන මදක් කල්පනාකරණු පෙනේ...
විනිසුරු :-
තමා දන්නවාද තමා පවසන සියල්ල තමාට විරුද්දවම සාක්ෂි ලෙස යොදාගත හැකි බව.... ??
පොඩි මෑන් :-
මා දන්නවා සොවාමීනි ඔහු එනවිටම මා දැනගත්තා ඒ එන්නෙ මා තලන්+නටම බව... මට ගැලවීමක් නෑ...මම පාපොච්චාරණය කරන්න කැමතියි....
විනිසුරු :-
හරි එසේනම් අවස්ථාව ලැබෙනවා....
පොඩි මෑන් :- ස්වාමීනි කටින් කට පැතිර තිබුනා සයිබරයේ කට්ටිය ආයෙත් එකතු වෙන එකක නෑ කියලා... එහෙම එකක් කරන්න කවුරුවත් මුල් වෙන එකක් නෑ කියල... ඕක හිතේ තියාගෙන ඉන්නගමනමයි මට බනියව දවසක් චැට් එකේ හම්බ උනේ...
පොඩි මෑන් බනියා දෙස බලයි... බනියා ඔරවනු පෙනේ...
බනියා චැට් එකේදී කිවුවා ස්වාමීනි ලීමෝල් ,හයිබ්‍රිඩ්, ඇන්ඩ්‍රොයිඩ් කොච්චර නයි ඇරියත් කෙල්ලෙක් වැටුනෙ නැති බැවින් ජීවිතේ වපා වෙලා බව.... දන්න කියන කෙල්ලෙක් සෙට් කරල දෙන ලෙස බැගෑපත් උනා ස්වාමීනි....
බනියා :-
(නැගිට කෑ ගසමින් ) ඕකා කියන්න පට්ට පල් බොරු ස්වාමීනි... එහෙම දෙයක් උනේ නෑ
පොලිස් කරුවන් දෙදෙනෙකු තඩි බනියා වත්තම් කරගන්නට උත්සහ දරනු පෙනේ...
විනිසුරු :-
ඕඩර්.... ඕඩර්... තමා හිතුවද මේක තමාගෙ ප්‍රොෆයිල් වෝල් එක කියල... ඕනෙ ඕනෙ විදියට කෑගහන්න.... ආයෙත් ඔහොම කෑගසුවොත් ඕෆ්ලයින් සිරගෙදර සතියක් තපින්න වේවි...
බනියා පොඩිමෑන් වෙත ගිනි පිටවෙන හා බැල්මට් එක්ක දමා වාඩිවෙයි
පොඩි මෑන් :-
"උඹට කෙල්ලෙක් හොයල දෙනවට මට මොනවද ලැබෙන්නෙ.... ??"
මම ඇහුව ස්වාමීනි...
"උඹට මොනවද ඕනෙ... " බනිය ගත් කටටම ඇහුවා.....
මම හිතුවෙ විහිලුවට කියල ස්වාමීනි ... ඒ නිසා මම උගෙන් හයිබ්‍රිඩ් කාර් එක ඉල්ලුවා....
" යකෝ ඕක මොකද්ද සිරා කෑල්ලක් සෙට් කරනවනම් දෙන්නම්....."
බනියා කිවුවෙ... එක පයින්.. මට ඉතිං අදහා ගන්න බැරුව ගියා ස්වාමීනි...
පොඩි මෑන් මදකට නිහඩවෙයි....
ඉතිං බනියාට කෙල්ලෙක් හොයාදෙන්න නම් ඌව නොදැකපු කෙල්ලෙක් වෙන්නත් ඕනෙ.. ගාල්ලෙන් පිට වෙන්නත් ඕනෙ මොකද ගාල්ල පුරාම ඌගේ පැටිකිරිය නොදන්න කෙල්ලෙක් නෑ ස්වාමීනි... ඉතිං මම හිතුවා මේක තමයි නියම චෑනිස් එක...
විනිසුරු :-
ගෙට්ටුවක් කියා කෙල්ලං ගෙන්වා ගැනීම...??
පොඩි මෑන් :-
එසේය ස්වාමීනි .. ඉතිං මම මේකට රවට්ට ගන්න පුලුවන් තාම කිරි බොන වයසේ කිඩෝවා අල්ල ගත්ත ස්වාමීනි... බ්ලොග් කිවුවොත් ඌට බත් ඕනෙත් නැති ගොං පොඩි එකෙක් බව මම දැන සිටියා ස්වාමීනි.. ඉතිං මම කිඩෝවත් අල්ලගෙන පෝස්ට් එකක් දැම්මා ස්වාමීනි... කීඩෝව මොකද අලිපත ලොකු ටෝක් දෙන ලංකාවෙ අස්සක් මුල්ලක නෑර දන්නව කියල... ටිකක් හිනාවෙවී ඉන්න ගොන් පාල මාමත් ලෙසටම ඇන්ද ස්වාමීනි...
ඇති ක්සිම වැඩකට නැතුව රාජ් ලොක්කවත් මේකට උසි ගැන්නුව ස්වාමීනි... පොරත් අතින් සල්ලි වියදම් කරගෙන හතරවටේට කෝල් දිදී කොළඹින් කට්ටිය එකතු කරා ස්වාමීනි... මට හයිබ්‍රිඩ් එකක්.. මුන්ට අතිනුත් කයිට්.. මතක් වෙනකොට මට දැනුත් පුකෙත් හිනා ස්වාමීනි....
විනිසුරු :-
කට කට....තමා දන්නවාද.. මේ උසාවිය.. අසභ්‍ය වචන පාවිච්ච කලාම මේ උසාවිය එන පොඩි උන නරක් වෙන බං.... ??
පොඩි මෑන් බය උන ආකාරයෙන් මදක් බිම බලාගෙන ඉදියි...
පොඩි මෑන් :-
ඉතිං එ ආකාරයෙන් වැඩේ උනා ස්වාමීනි.. .....
විනිසුරු :-
එතකොට තමාගේ පෙම්වතිය මේ අවස්ථාවට සහභාගී කරගත්තේ කිනම් අරමුණකින්ද...
පොඩි මෑන් :-
මම වගේ එක්සෙකටිවු ලුක් එකක් තියෙන.... හැන්සම් පොරකට එතන එන කෙල්ලන් හැමගේ බැල්මට් එක වැටෙන බව මම දැනගෙන ඉදියා ස්වාමීනි.... ඉතිං මට පෙම්වතියක් ඉදියොත් ඔවුන්ගෙන් බේරිලා බනියාගේ හයිබ්‍රිඩ් පෙන්වා ඌට කෑල්ලක් සෙට් කරන්න තමයි ස්වාමීනි මම මගේ පෙම්වතියට මේ අවස්ථාවට සහභාගී වෙන්නයයි දැනුම් දුන්නෙ... අනිත් එක බනියා දවසින් දෙකෙන් දමායන කෙල්ලෙක් නැතුව ටික කාලයක් අල්ල යන මෝඩ පහේ කෙල්ලෙක් එයාට කියල තෝරන්නත් එක්ක
විනිසුරු :-
ඒ ඇයි...
පොඩි මෑන්:-
ස්වාමීනිත් පිස්සු බම්ප් වෙන ප්‍රස්නනෙ අහන්නෙ.. ඇයි හත්තිලවුවෙ... කෙල්ල මූව දාල ගිය ගමන් මූ මගෙන් කාර් එක ඉල්ලගෙන ඒවි...
විනිසුරු :- කට කට... මේ තමාට දෙන අවසන් දැනුම් දීමයි...
පොඩි මෑන් :- සමාවෙන්න....!!!
ඔය අතරෙදි ගෙට්ටුවට සහබාගී වෙන පාට පාට ගෑනු ළමයෙක් බනියා කෙරේ පොඩි මනාපයකින් ඉන්න බව තේරුනා ස්වාමීනි .. මම ඒ ගෑනු ළමයාටත් පොඩි ලන්නක් දුන්නා ස්වාමීනි... මගේ ගානෙ කිරිටොපි දෙන බවත් ඒවා තමන්ගෙ ගානෙ ගේන ඒවා බව කියන්න කියල මම ඒ පාට පාට ගෑනු ළමයට කිවුව ස්වාමීනි... ඒ කෙලත් හිස් මුදුනින් පිලිගත්ත ස්වාමීනි....
විනිසුරු :- ඒ මොකටද
පොඩි මෑන් :- මහා ස්ත්‍රී පුරුෂ වශී රාජයෙක් ඒ කිරිටොපි වලට දාලා ඒ කෙල්ල ගෙනා කිරිටොපි බනියගෙ අතින්ම කෙල්ලට කාවල කෙල්ල බනියාට වශී කර තැබීමටයි ස්වාමීනි... ඒත් බනියාගෙ කරුමෙට කිරිටොපියට කෙල උනා ස්වාමීනි....
ඒත් පාට පාට ගෑනු ළමය ඒ වෙනකොත් කිරිටොපි ගේනවයි හතරවටේට අඩබෙර ගහල ඉවරයි ස්වාමීනි....කිරිටොපි නෑ කිවුවාම මෙන්න ඒ ලැජ්ජාවට ඒ ගෑනු ළමය එන්න බෑ කිවුව ස්වාමීනි...
ඒත් වැඩේ කියන්නෙ කොළඹින් කට්ටිය එකතු කරපු රාජ් ලොක්කත් මීය කඩල තියෙන්නෙ අත ලෙවකන්න නෙවෙයි ස්වාමීනි... පොරත් මේ ගෑනු ළමයට ඇහැගහගෙන ඉදල තියෙන්නෙ ස්වාමීනි... එන්න බෑ කියල කෙල්ල හැන්ගෙද්දිත් මෙන්න මේ යකා කාර් එකකින් කොට්ටාවෙ ඉදල පොර වගේ හිගින් කෙල්ලව දාගෙන ආව ස්වාමීනි... අනිත් උන්ට පට්ට කට්ට ස්වාමීනි...
කොහොමින් කොහොම හරි කට්ටිය ආවාම බනියට මම ඉන්න හිටින්න විදිය කියා දීල ටිකක් එහායින් ඉදගෙන අපි හොද ගෑනු ළමයි තේරුවා... ස්වාමීනි... ඒ අස්සෙ මෙන්න අපි ගිය එක හොය හොයා රෙපා මහත්තය වැටකෙයි ගාලක් පීරණව ස්වාමීනි... ග්‍රීස් යකෙක් වගේ,....
පුල් ආතල් ස්වාමීනි කලිසමත් පලාගත්තද කොහෙද වැටකෙය්ය ගාලෙ පැටලිලා...
විනිසුරු :- අම්මප... සිරාවට පුල් ආතල්නෙ ඕයි....
පොඩි මෑන් :- ආයෙ මේ මක්ක කියනවද ස්වාමීනි බඩේ බත් වගේ දාන්න පහක්.... !!!
පොඩි මෑන් විත්ති කූඩුවෙන් ඉස්සී පහක් දැමීමට සූදානම් වෙයි... ලග සිටි පොලිස් බටයෙක් පොඩි මෑන්ට ටොක්කක් අනී....
විනිසුරු :- ආතල් ගානකට ගන්න පුතා.. නැතිනම් ආපු නැති මටත් ඉරිසියි වගේ.,...කතාව කියන්න....
පොඩි මෑන් :- වැඩක් නෑ ස්වාමීනි ... කෙල්ලො හිටියෙ නෑ ස්වාමීනි බනියට ගැලපෙන ....
කා ගාගෙනම ඉපදිච්ච කොයිවෙලාවෙත් බඩගිනි හිම හංසිට බනියගෙ ලීමෝලවත් විකුණල කන්න දෙන්න නැරි නිසා එයා රිජෙක්ට් උනා ස්වාමීනි... අනිත් අය ඔක්කොම අක්කලා.... වයස ප්‍රස්නයක් නැති උනත් උන් කැමති උනේ මූව කූඩුවක දාගෙන හදාගන්න මිසක් ලවු කරන නෙවෙයි...
අන්තිම චෑනිස් එක... උඩට ඇවිත් තැණ්ඹිල ගන්න හදන කොටම අර පාට පාට ගෑණු ළමයට තැඹිලි අරන් දුන්නෙත් හද්ද වන්නියේ ඉදලා නාකියෙක් වෙනකම් නොබැද ඉන්න වලකච්ච ගහන්න අන්තිම මොහොතෙවත් පිරිත් ටික කියාගන්න කෑල්ලක් හොයපු එකෙක් ස්වාමීනි....
අන්තිමට සේරම චෑනිස් මක බෑවිලා ගිහින් මගේ හයිබ්‍රිඩ් සිහිනයට කෙල වෙලා ගියා ස්වාමීනි.....
එක වරම උසාවිය පිටිපසින් කෝලහාලයක් ඇසෙයි..... සැමගේ ඇස් ඒදෙසට යොමුවේ....
බනියා :-
අඩෝ උඹ හිතුවද උඹට හයිබ්‍රිඩ් ලැබෙයි කියල... මට ඇති හයිබ්‍රිඩ් එකක් නෑ ඩෝ... උඹත් මගෙ ලන්න කෑවා ඩෝ... තියෙනවනම් අච්චර රට ටෝක් දාල කට්ටිය එන දවසෙම මම ඕකෙ නෑවිත් පයින් එනවද ඩෝ.... උඹත් ඇන්ද මෝඩයා... හූ......
බනියා දගලමින් කෑගසයි.... පොලිස් කරුවන් දෙතුන් දෙනෙක් ඌට දෙකක් ඇන උසාවියෙන් පිටතට ගෙනයනු පෙනේ....
විනිසුරු :-
උසාවියේ අයතා විදියට හැසිරීම නිසා බනියාට තුන් මසක ඕෆ්ලයින් හිරගෙයි කිසිම වැඩක් නැතුව සිරකර තැබීමට නියෝග කරමි...
පොඩි මෑන් :-
ස්වාමීනී මා මෙයත් කිවයුතුයි... ගෙට්ටුවේදිත් කෙල්ලෙක් නොලැබීම නිසා බනියාගෙ මානසික තත්වය හොද මදි ස්වාමීනි...
විනිසුරු :- තමා කොහොමද එහෙම කියන්නෙ ?
පොඩි මෑන් :- මේ බලන්න ස්වාමීනි..... ගෙට්ටුවට පස්සෙ බනියා දාන ස්ටේටස්....
![]() |
| http://www.facebook.com/anushka.lakmal/posts/2173211388434 |
උසාවිය නැවත් සංසුන් වෙයි.... නිහැඩියාවක් පැතිරයයි... අවසානයේ විනිසුරු තීන්දුව ප්‍රකාශ කිරීමට සැරසෙයි
විනිසුරු :-
සියලු කාරන සැලකිල්ලට ගෙන මෙම චෝදනා සිදුකල පොඩිමෑන් ඒවා යහපත් චේතනාවෙන් කල නිසා දඩුවම් නොකරන නමුත් නැවත් මෙවැනි දේවල් නොකරන ලෙස දැඩිව අවවාද කරයි.... ..බනියා මානසික රෝහලකට යැවීමට නියෝගකර සිටින අතර කෑලි බැලීමට ආතල් ගැනීමට කොල්ලන් බැලීමට ඒමට නොහැකිවූ අයටත් මේ සදහා සහබාගී උන අයටත්
" සයිබරයේ සිහින උළෙල 2012 "
අප්‍රේල් 22 දා අගනුවරම පැවැත්වෙන බැවින් ඒ සදහා සහබාගී වීමට දැන්ම නිවාඩු දා රෙඩි පිට ඉන්නා ලෙසත් උසාවිය අවදාරනය කර සිටියි....
උසාවිය.... විසිර යා.....!!!
__________________________________________________
මඩ ගැහිල්ලත් කලාවක්............ ඉගන ගන්න....


