Showing posts with label පරණ කතා. Show all posts
Showing posts with label පරණ කතා. Show all posts

2015-11-25

සීයගෙ කතා


මගේ ජීවිතේ මම දැකපු පට්ටම පොර තමයි සීයා ...
දොං පැට්‍රික් හේවාවිතාරණ 


එහෙමත් නැත්තන් 

" පැටි මහත්තයා ... "


මේ පහුගිය සතියට සීය මැරිලා අවුරුදු අටක් වෙනවා ... 


අවුරුදු 91 ක් , සාමාන්යෙන් තුන්වෙනි සැරේ බඩුම තමයි කිවුවට ,
හාට් ඇටෑක් 5ක් හැදිලත් ... ;
දෙවැනි හාට් ඇටෑක් එකෙන් පස්සෙ ... 
"ජීවත් වෙන්න ආසනං තවත් සිකරට් බොන්න එපා .." කියල ; ඩොකා කිවුවහම,
,
"ඔවු මහත්තයො ... මට තියෙනවා , මූණුපුරාල ටිකකට මුන්ගෙ පරපුරේ ඉතිහාසය කියල දෙන්න "
කියල කිවුවත් ;
එදා පටන්, පුතාලාගේ අධිකරණේ,ඒක මතික තීරනෙන්.රැලේ පුට් සයිකලේ විකුණල දැම්මට පස්සෙත් ... කාටවත්ම නොකියා , කවුරු ගෙනල්ල දුන්නත් හරියන්නෙ නැති ... තමන්ම ගිහින් ගන්න ඕනෙ , සීකරට් බීම නවත්තන්න පුරුදුරුකරගත්ත 
රුපියලේ බන්ටි ටොපි ගේන්න මැරෙන්න දවස් දෙකකට කලිනුත් හැතැම්මක් එහා දහයෙ කණුවට පයින් ගිහින් ආපු ... 
දිනපතා ලංකදීපෙ, ලුහුඩු දැන්වීම් එක්කම අසවල් දින අසවල් තැන මුද්‍රණය කර බෙදා හරින ලදී වෙනකන් අකුරක් නෑරම කන්නාඩියක් නොදා කියවපු , 
කුඹුරු කෙටීම ,
පෙර පරිදිම ජීවත් වෙලා ඉන්න පුත්තු හතර දෙනාම ඒකමතිකව තීරණයෙන් තහනම් කරාට පස්සෙත් , උදැල්ලක් අරන් ගිහින් වත්තෙ පහල,පැය විසි හතරෙම උඩින් උතුරන ලිද
වටේ කාණු පාදපු , 
මැරෙනකං,
තමන්ගෙ දෙවනි කසාදෙ, තමන්ට වඩා අවුරුදු 16 බාල , සීය මැරිච්ච දවසෙනං ,මිනිය තියෙනකං,එකම වචනයක් , වතුර උගුරක් , අඩු ගානෙ එක කදුළක් 
නොවැටි,දවස් තුනක හොද සිහියෙන්,
කෙලින්,මිණිය දිහා බලාගෙන හිටියත් , ඊට පස්සෙ හැම අවුරුද්දකම , සීය මැරිච්ච දවසට
හැම පුතාටම හේතුවක් නැතුව කෝල් කරල අඩන ... පහුගිය 83 උපන්දිනේට,ගෙදර තනියම් සිල් ගත්ත , 
කොරඹුරුවාන හෙට්ටිගේ පේමවතී ... , එයාගෙ"පේම" එක්ක . තමං හදපු ගෙදර ජීවත් වෙච්ච සීයට ,,,
; මැරෙන මොහොත වෙනකං ඒ වැඩේ බැරි උනා ...
ඒත් ...
කවදාවත් කියපු වචනෙ වෙනස් නොකරපු සීයා ...;
මැරෙන්න පැය කීපෙකටකලින් ,
"දැන් ඉතිං අපි මැන්ටල්නෙ බොලවු ... කොච්චරවාත් හුජ්ජ බර ... , දැන් මේ සරීරෙ .. ඉන්දිරිය ඔක්කොම වැහැරිලා .... පාලනේ නැති වෙලා තියෙන්නෙ ... .. අවුරුදු 90ක් කියන්නෙ සෙල්ලන්ද ... , 
කිය කිය හැමදාම රෑට හතර පස් ගමනක් දොට්ට පිලට යය ගමනක්දි , ලිස්සල වැටිලා පැය 20 විතරක් ඇඳේ නැගිටගන්න බැරුව ඉඳල හැමෝම එලවල තනියම කාමරේ දොර වහගෙන මැරෙන්න පැය කීපයකට කලින් .. රෑ 9 විතර ... තමන්ගෙ අධිෂ්ඨානෙ ඉෂ්ඨ කරගන්න මූනුපුරාල කැදෙවුවා ...
පිලිවෙලට ... ,
ලොකු තාත්තගෙ පුතා ට පස්සෙ 
මම ,
මම ගිහින් ඇඳලග වාඩි උනා ...
"දන්නවද උබේ කිරිකිත්ත කවුද කියල ... "
" නෑ සීයේ .... "
" ඒකනෙ ... , දොං ඩේවිඩ් හේවාවිතාරණ , දන්නෙ නෑ .... ?? "
මම මුකුත් කිවුවෙ නෑ ... 
මම බලාගෙන හිටියෙ සීයගෙ මූණ දිහා ... මකරෙක් පච්ච කොටපු රැල් බේරෙන , ඒත් සිනිදු දර දඩු බාහුව මම ල්ලගෙන හිටියා ... 
කට පොඩ්ඩක් පැත්තට ගියාට ... කෙල බින්දුවක් බේරුනාට ... කියන වචන පැහැදිලියි ...
" පොතකුයි .. පැන්න්සලකුයි ගෙනෙන් .... "
මම පොතකුයි .. නැන්දගෙන් පෑනකුයි ඉල්ලගත්ත ...
ලියපං උබේ සම්පූරණ නම ... කොලේ පහලින්ම ....
මම ලිවුවා ....

ඊට උඩින් තාත්තගෙ නම ...;
මට පරපුරක් ඕනෙ උනේ නෑ ... මම හැමදාම ආදරේ කරපු ,
පුංචි කාලෙදි , උක්කුං මහත්තය මගේ පුතා කිවුවහම මම කොස්සෙන් ගහනකොට දොර මුල්ලෙ හැංගිලා ... 
" චූටි හාමිනේ ... මෙන්න මේකව ගනින් ... කියලා,කෑ ගහපු සීයා ...,

පස්සෙ පස්සෙ අපි තාත්තලගෙ මහ ගෙදර ගියාම වරු ගනන් ඉස්සර කතා කියපු සීයා ... 
මගේ වීරය වෙච්ච සීයා ... ,
පහනක තෙල් නැතුව නිවෙනව වගේ .. ටිකෙන් ටික් නිවෙන බව පේන නිසා මම හිටියෙ දරාගන්න බැරි දුකෙන් ...
මම ඉරක් ඇන්ද හෙමීට ...
"ඊලගට උබගෙ සීයා ... ; 
මම ,
ලියපං ... 
දොං පැට්‍රික් හේවාවිතාරණ ... "
මම තව ඉරක් ඇන්දා .....
"මගේ තාත්ත ... , උබේ මුත්ත ... 
දොන් ප්‍රැන්සිස් හේවාවිතාරණ ... "
ඉරක් ... ..........
"මගෙ සීය ... , උබෙ නත්තා ... 
දොන් බෙනඩික් හේවාවිතාරණ ... "
ඉරක් ... , කදුළු .....

"මොකද  උඹ අඩන්නෙ .... ? "
මගේ අස් දෙකෙන්  කදුලු  බේරිලා යනව ලයිට් එලියෙ මුවාවට පවා ඒ සියවසකට කිට්ටු  පරන  ඇස්  දැකල තුබුනා ...

"හෙග් හෙග් ... බය නොවී  හිටපං ... මම මැරෙන්නෙ නෑ .... "


එක දවසට අගල් ගානක ගිලුන වගේ පෙනුන ඇස් දෙක බාගෙට පිය උනාට .. බැල්ම තියුණුයි ...

" කෝ පෙන්නපං ලියපුව .... "
පොතේ තිබුනෙ ඉරි ටිකකුයි මගේ නමයි විතරයි ....
" පලයං යන්න .. මෙතනින් ... තොපිට කියල වැඩක් නෑ .... "

සීය  මාව  කමරෙන්  එලියට එලවගත්ත ... ඊට පස්සෙ බාප්පගෙ පුතා ...
ඌවත් වැඩි වෙලාවක් යන්න කලින්  එලවගත්ත  සීය එකෙක්ටවත්  කාමරේට එන්න එපා කිවුව ...

" මම දැන්ම  මැරෙන්නෙ නෑ ... මට පාඩුවේ  ඉන්න දීපල්ල ... "

කිසි කෙනෙක්ට කාමරේට එන්න දෙන්නෙ නැතුව දොර වහන්න අපට සිද්ද  උනා ...

අවුරුදු අනූවක් පරන කුරුං කුරුං සද්දයම් මැද්දෙන්  උස්ම ඇදපු ඒ යන්තරේ හෙමීට නවතිනව, කාමරේ එලියෙ ඉඳ අපි
අහගෙන  හිටියා ....

කියපු විදියටම පැටි මහත්තය මැරුනෙ නෑ ...

ගමේ මිනිස්සු වගේම මගේ ජීවිතෙත් හරි ඉහලින්  සීය ජීවත් වෙනවා තාමත් ........

2015-03-10

කෙල්ලන්ගෙ ඩයරි ලිවිල්ල නිසා කෙලවී යන පාසල් කාලයේ ආදරය ... " ඔබ මගේ වෙලා - මම ඔබෙ වෙලා


එවන එවන ලියුම පරිස්සං කරල තියාගන්න එක. එවන හැම මැසේජ් එකම සේවු කරන එක. ස්කෝලෙ කාල ලවු වලදි ගොඩක් උන් කරන දෙයක් ... පොත් අස්සෙ ලාච්චුවල තිබිල පරන කෞතුක බාන්ඩ තාම ලැබෙනව මටත් .. ඔය ලවු මේනියාව තව ටිකක් වැඩියෙන් හැදුන උන් ඉන්නවා ...
කොල්ල කෙල්ල ප්‍රසන්ට් එකක් දුන්නම ඒක ඔතල දීපු කොලේ අරන් තියගන්න අය.
බස් එකේ යන ටිකෙට් එක
පාක් එකට ගිය ටිකට් එක
ෆිල්ම් එක බලපු ටිකට් එක
එච්චරයැ
කොහේ හරි ගිහින් ටොපියක් කෑවත් ඒකෙ කොලෙත් උස්සගෙන යනවා..

ගොඩක් වෙලාවට තෙළිගු ෆිල්ම් එකක එන ආත්මගානක ආදරයක් වගේ ඔය විදියට එක සිතින් පේවී සැදැහැවත්ව උන්ඩුකපුච්චෙන්ම ලවු කරන්නෙ කෙල්ලො ...
ඔය වගේ ලවු කරනව කියන්නෙ අතුරු ආන්තරා සහ බෙල්ල ගසා යෑමෙ අවදානම ඉතා වැඩියි ...
ඒත් ඉතිං ඒක තමයි උන්ගෙ ආතල් එක ...

ඔය අවදානම සිය දහස්ගුණයකින් වැඩියි කෙල්ල ඩයිරියක් ලියනවනම් ... මොකද කියනවනම්
අපේ මහ මරම්පරාව ඔය මැනර්ස් කියන ඒව ගෑවිලවත් නෑ ...
ඩයිරියක් දැක්කොත් බඩුම තමයි ...

ඉතිං ඔය වගෙ අවාසනාවන්ත ඉරණමකට මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් ලක් උනා ...
ඌම තමයි වැඩේ වනකරගෙන තියෙන්නෙ ...
කෙල්ලට යාලුවෙච්ච දවසෙම ඌ දීල තියෙන්නෙ චොකල්ට් එකකුයි තඩි ඩයිරියකුයි...

බාදක කම්කටලු මැඩගෙන ... ඒ කිවුවෙ අම්මල තාත්තල සර්ල මිස්ල ප්‍රින්සිපල්ල ෆ්රිෆෙක්ට්ල කෙලම් කාරයො ඉරිසියාකාරයො මිත්‍ර දෝහියො එහෙම මැඩගෙන මුන්ගෙ ලවු එක අති සාර්තකව මාස හය හතක් රන් උනා කියමුකො ...
දවසක් වහාම ක්‍රියාත්මක වන පරිදි කෙල්ලගෙ අම්මල තාත්තල... පුංචිල බාප්පල.. මැර අයියයල
අයියගෙ වසවර්ති යාලුවො සෙට් එකක්ම කෙල්ලව පෙරහැරෙන් කොල්ලගෙ ගෙදර එක්කගෙන එනවලු අවේලාවෙ ...

මේ පාත් වෙන්න යන්නෙ මුරුගසං වරුසාව කියල කොල්ලට පංචස්කන්දෙම තේරුනත් .. ගෙදරින් පැනල යන්නයැ..
දෙවියන් සිහි කරල කොල්ල උඩ තට්ටුවට වෙලා හැංගිල හිටියලු

ටික වෙලාවක් ගියාලු .. පහලින් පියාගෙ අදරණීය ආමත්‍රණේට කොල්ල පහලට වීසි උනාලු ...
කෙල්ල සහ නැදෑ පිරිවර ඉස්සරහ වාඩිවෙලා ඉන්නවලු. කෙල්ල නිකං සෝමාලියාවෙ එකියක්ට මැලේරියාව හැදිල වගේ ඉන්නකොට මූ දැනගත්තලු බඩු බනිස් තමයි කියල ...

කොල්ල ගියාම තාත්තම ඩයිරිය අතට දුන්නලු ..
" කියවනවා .. "
>>>>>>>>>>>>
ජනවාරි 25
" ________ තමයි මට මේ ඩයිරිය දුන්නෙ ... ඒ ඩයරි එකයි රසම රස චොකල්ට් එකයි එක්ක එයා මට එයාගෙ දවතත් දුන්නන. මං දන්නව ________ ඔයා ටිකක් දගයෙක් උනාට හරිම හොද කෙනෙක් කියල මගෙ වස්තුවේ ... මගේ පන තියෙනකල් ඒ ආදරේ ඒ විදියටම රකිනව කියල ඔයාගෙ පුංචි කෙල්ල පොරොන්දු වෙනවා ...

මේ ලෝකෙ මට බලා බ්ලා බ්ලා බ්ලා ...
ඔන්න ඔය විදියට පටන්ගත්ත දිනපොතේ විස්තර ... ගියපු බස් ටිකට් පාක් ටිකට්.. කෑම බිල් වල ඉදල අලවල ලස්සනට අතින් අල්ලපුව වෙන වෙන තැන් වලින් අල්ලපුව මිරිකපුව ... කරපු කියපුව
හිනාවෙච්ච අඩපුව .. සිංදු කවි කෑලිත් එක්ක පාට පාටින් ඔක්කොම පස්චාත් යුද වාර්තාවක් වගේ මේකි ඩයිරියෙ ලස්සනට ලියලා ...

පලවෙනි පිටුවෙන් බාගයක් කියවනකොටම කොල්ලට අතීසාරෙ... පාචනේ.. ගලපටලෙ.. කක්කල් කැස්ස ඔක්කොම හැදීගෙන ආවලු ...
කියවන ඒව සද්දෙ එන්නෙ නෑලු ... වටේ කට්ටිය බලන් ඉන්නවලු ...
" පෙරේද දවසට පෙරලනවා ... "

තාත්තගෙ විදානය ආයෙත් ...
ගැහෙන වෙවුවලන අත් දෙකෙන් කොල්ල ඩයිරිය පෙරලුවලු ...
ඒ පිටුවෙනම් එච්චර දෙයක් තිබිල නෑ ..
මුලින්ම මෙන්න මෙහෙම පොඩි කවි කෑලක් තියෙනවලු ...
>
>
>

" ඔබ මගේ වෙලා .... මම ඔබේ වෙලා ...."
යටින් හිස් ප්‍රීති කොන්ඩම් එකක කවරයක් අලවල තිබුනලු .....
________________________________________________
සමාප්තයි .....!!!