2011-09-16

කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට... !!!



කවි මඩු ගැන කවුරුත් දන්නවනෙ.. ඔයා ලාංකීය එකෙනුත් කරේ.. ඒ වගේ ඔන්ලයින් කවි මඩුවක් නෙවෙයි  මේ කවි ටික කියවෙලා තියෙන්නෙ කහවත්ත පැත්තෙ කවි මඩුවකදියි.. දන්නවනෙ හිටවන කවි තමයි... 

හේමදාස ලියනගේ මහත්මයා ෆේස් බුකියෙ පොඩි මෑන් කරගෙන යන කවි මඩුව කියන ගෲපියේ දාල තිබිද්දි තමයි මේක දැක්කෙ..

එතුමා මේක උපුටා ගැනීමක් බව සදහන් උනා..
( උපුටා ගැනීම Freedomගේ උඩුගිය)

සදැස් කවි වල අලංකාරය හා එහි තියෙන රසය කියන එක මේ කවි ටිකේ  උපරිමේටම තියෙනවා...

සාහිත්‍යය මාසෙ නිසා  කට්ටියත් එක්ක බෙදාගන්න හිතුවා...


ගාල්ලේ ජී. ඇම්. අජිත් මුලසුන හොබවමින් කවි කිවිඳියන් හඳුන්වා දුන්නලු මුලින්ම

මුලාසනය:

පෙරහැර එක දිගට යනකොට නැත එළියක්
මට ඒ වග හිතුණි තනියම දහ වලියක්
එහෙනම් ඉතිං අරඹන්නද ගිනි කෙළියක්
අප්පුඩියක් ගහමු ඇතිවෙන්නට ජොලියක්

පසු බැස නොමැත මාකඳුරේ අමරේලා
සටනට පා තබති කොහොමත් සිරියාලා
ඔහුවයි ඇයයි මෙහි ඩිංගක් පටලාලා
දැන් මම බලන්නම් හැමටම රස දීලා


ඔන්න දැන් තමයි වාදෙ..




කවියා:

දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
රතු කැටයක් වගෙයි හරියට කහවත්ත

කිවිඳිය:

උපමා කියයි දම දම බොරු හිනාව
මට තේරුණා අමරෙගෙ උවමනාව
වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව

කවියා:

අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි

කිවිඳිය:

රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ



කවියා:

කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ

කිවිඳිය:

කැත එකියකට බොරු උපමා හරි ගස්සා
ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා

කවියා:

කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
අප වැනියන්ට පමණකි එය දකින මොලේ

කිවිඳිය:

අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
සතියක් යන්න පෙර මංගල නැකත මැකී
වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී

කවියා:

කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
ඔබ හින්දයි ගියේ වෙනතක ඒ කෙල්ල
මට පෙම් පිපාසය - හරියට පෑවිල්ල
නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?

කිවිඳිය:

අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල

කවියා:

කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
දැමුවට පසු ඇයට උපමා රූපකය
ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය

කිවිඳිය:

උපමා උපමේය දම දම පුරාණේ
එන්නෙම ළඟට මුල'සුනටත් හොරානේ
ඉන්නෙත් තවම අකලට දිරවලානේ
මට මොනවටද මේ වයසක පරානේ

කවියා:

සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක්

කිවිඳිය:

හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
සක්කරවට්ටමක් යනකොට නළවාලා
ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා

මුලාසනය:

හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!
 


කවියේ නව ප්‍රවනතාව හෙවත් රැඩිකල් කවිය ගැන  ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නවා පොඩිමෑනුත් සාහිත්‍ය මාසෙ වෙනුවෙන්...

අද දවසට දාපු දෙවනි පෝස්ට් එක.. පලවෙනි එක
 වෙරි උන ආදරේ   බැලුවද ?

31 comments:

  1. ඵලම ඵල.!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  2. මොනා වුනත් මරු කවි ටික.... අන්තිම කවිය අමරෙට විතරක් නෙමෙයි කොයි කොලුවටත් පාඩම්.... :)

    ReplyDelete
  3. හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
    කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
    ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
    කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!

    සහතික ඇත්ත.. මැක්සා කියන්නෙ මැක්සාගෙ 2 ගේ යකෝ :D

    ReplyDelete
  4. කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!
    හික්ස් :P

    ReplyDelete
  5. අපෝ උඹ ලියන ඒවට වඩා මේව හොදයි බං.. මේව මොනවද...:P

    ReplyDelete
  6. අද දවසේ දෙවෙනි පෝස්ට් එක නේද අයියේ! කලින් එක කවුරුවත් බලලත් නැති තරම් නේද? කුණුහරුප ලිව්වාමනම් මාර විදිහට හිට්ස් නේද?
    අපේ බුරම්පි ආතා ඔය වගේ ඔව්වට කියන්නේ "අනිච්චේ දුඛ්ඛේ!" කියලා

    ReplyDelete
  7. @ 3 වෙනි ඇනෝට :- ඔවු " මල්ලී" ඒවගේ ඒව කුණුහරුප කියල හිතාගෙන වචනෙ දැක්ක ගමන් එන කට්ටියත් ඉන්නවා දැන් ඔය " මල්ලි" ආව වගේ...
    " මල්ලිත් " මේකෙ ටොපික් එක දැකල ආව කුණුහරුපයක් කියල හිතාගෙනනෙ ඇවිත් වෙන අය හිතින් බැන බැන යන්න ඇති මේකෙ රහ කවි ටිකක් මිස කුණුහරුප නැති නිසා... කවිටික රස විදපු එවුන් කමෙට් එකක් දලා ගියා.. කමෙට් නොදාගිය හැම එකාම නෙවෙයි සමහරි බලාපොරොත්තුවෙන් ආව කුණුහරුපෙ නැතුව බැන බැන ගියා.. උඹ බැනල කමෙට් එකක්ම දැම්මා .... ඒකත් නම නැතුව..

    උඹ හෙලුවෙන් ඇවිත් අනිත් උන්ගෙ හෙලුව පෙන්නන්නෙ ඇයි බං.. ??

    ReplyDelete
  8. අපිත් එක්ක බෙදාගත්තට තෑන්ක්ස් අයියෙ....

    ReplyDelete
  9. පට්ට එකේ හොඳ එක..නියම කවි ටික බං =)

    ReplyDelete
  10. සිරා කවිටිකමයෑ........... :D

    ReplyDelete
  11. මරු කවි සෙට් එක සහෝ. අද තමයි දන්නෙ උඹ මූණුපොතේ කවි මඩුවක් කරන වග. අපිත් වෙලාවක් එන්නංකෝ

    ReplyDelete
  12. මේක තියෙනවා යූ ටියුබ් එකේ

    ReplyDelete
  13. අඩේ පට්ට කවි සෙට් එක. මම් ආස අකර කිවිඳි කියන අන්තිම කවියට. ඒක කියවලා වරුවක් හිනා උනා.

    ReplyDelete
  14. නියම කවි ටික......... :D :D

    ReplyDelete
  15. සහතික ඇත්ත....

    ReplyDelete
  16. "ඕන ගෑණියෙක්ට දියරෙද්දක් අන්දල වතුර බාල්දියක් ගහල ගත්තනං ඉතින් එච්චරම තමා මලේ" කිව්වලු.

    ReplyDelete
  17. මේකට කවි වලට දාපු කොමන්ට් ටිකත් දාපිය...

    ReplyDelete
  18. එලම කිරි.... නියමයි ආ...............

    ReplyDelete
  19. පස්ට පස්ට~! හිටිවන ආයි ලෙසටම දීලා!~

    ReplyDelete
  20. මේක නං නියමයි පොඩි මෑන්..මං මේ ටිකත් කියවල ආයෙ ගිහින් යූ ටියුබ් වීඩීයෝ එකත් බැලුව.. :D

    ReplyDelete
  21. ස්තූතියි කතන්දර ලින්ක් එක දුන්නට.... එතන තියෙනව මරුවටම.... අනිත් අයටත් කමෙට් වලට ස්තූතියි..

    ReplyDelete
  22. පොඩි මෑන්, පෝස්ට් ඔක්කොම නියමයි. දිගටම ලියපන්. ජයවේවා !
    KD IN

    ReplyDelete
  23. ඒක නෙවෙයි... මම අහන්නේ
    කලුවරට කොයි ගෑනිත් එකද?
    නැත්නම්
    කලුවරේදි කොයි පිරිමියත් එකද?

    ReplyDelete
    Replies
    1. කැමති එකක් හිතා ගන්න කොල්ලන්ට ඉතින් කලුවරට කොයි ගෑණිත් එකයි කියමුකෝ.....

      Delete
  24. මේ පෝස්ට් එක අදයි බැළුවෙ පොඩ්ඩෝ... මේකෙ ඉන්න අමරසිංහ කවියා කියන්නේ පිට පිටම තුන් වතාවක් හොදම හිටිවන කවියාට හිමි සම්මානය ලබපු විශිෂ්ඨ කවියෙක්. නමුත් ඔහු දැන් තමන්ගෙ ජීවිතයේ අවසාන කාලය ගත කරන්නේ. බොහොම අසරණ විදියට. ඔහු වෙනුවෙන් මේ 6 වෙනිදා උපහාර උත්සවයකුත් තියෙනවා. අවාසනාවට මට යන්න ලැබෙන්නේ නෑ...

    ReplyDelete
  25. කවි ටික පන්කාදු පහයි

    ReplyDelete