මෙන්න අද වෙනකං කතාව....
මගදිගට 1
මගදිගට 2
මගදිගට 3
මගදිගට 6
මග දිගට 7
මග දිගට 8
මගදිගට 9
අද එතැන් සිට....
ආයෙමත් මම වෙලාව බැලුවා.. තාම හයට කාලයයි.. ඊයෙ රෑ වේලාසනම නිදාගන්න හාන්සි උනාට පැය තුනක් හතරක් ඇදේ පෙරලි පෙරලි ඉදිය මිසක් නින්ද ගියේම නෑ. එකයි හතලිස් පහටත් මම වෙලාව බල්ල තුන්වෙනි සැරේටත් චූ කරල ආවා.. කොහෙන් බීපු වතුරද මන්දන් නෑ..
ඊට පස්සෙ යාන්තන් නින්ද යන්න ඇති.. ආයෙ ගැස්සිල ඇහැරෙනකොට පහයි දහයයි.. නින්ද යන්නෙම නෑ වගේ.. වැඩියෙ පෙරලෙන්නත් බෑ.. ඇද ජිරි බිරි ගානව ඇහුනොත් අක්ක ඒවි කාමරේට...ඇවිත් කියාවි පාඩම් කරන්න කියල... එයා එහා කාමරේ ලයිට් එක දාගෙන පාඩම් කරනවා....
මම පෙරේතය පොලවෙ ගහපු වගේ කොට්ටෙත් තුරුල් කරගෙන උඩුබැල්ලියන් අතට සිවිලිම දිහා බලාගෙන ඉදියා...
ෂික් වෙනද මෙහෙමද.. ඇද දකින්කොට නින්ද ගිහින් ... ආයෙ ඇහැරෙන්නෙ ආක්කගෙන් හම්බවෙන ගුටියට තමයි... මැරුව වගේ නිද.. ඒවගේද රෑට පේන ආතල් හීන ටික....
අර ප්‍රවීන එකේ යූ ඩී වගේ මුද්දත් දාගෙන් ඇවිල්ල අර පට්ට දිග කාර් එකෙකින් බහිනවා.. කෙල්ලො එනව සූ ගාල අත්සන් ගන්න .. ..
අනේ ම දන්නෙ නෑ මම මොනව කරල ජනප්‍රිය වෙලාද කියල.. කෙල්ලො ආවට මම එක පොතකවත් අස්සන් කරන්නෙ නෑ.. බල්වුස් එකේ බොත්තමක් ඇරල හරි, උදැල්ලෙන් කපපු පිට තියෙන බලවුස් එකක් ඇදපු කෙනෙක් පිට හැරෙවුවොතින් හරි, අගල් හයේ ස්කර්ට් එකක් ඇදපු හයි හීල් එකක් දාපු කෙල්ලෙක් කකුලක් දුන්නොතින් විතරයි අත්සන් කරන්නෙ... නැත්නම් ෆලයින් කිස් දීල යනව ඇතුලට..
අර දිග කාර් එකේ ආපු කෙල්ලො තිහක් විතර එනව මගේ පස්සෙන්.. බොඩිගාඩ්ල ටික වටේ ඉන්න කෙල්ලො අල්ලගන්නව.. ඇතුලට යනකොටම ප්‍රියංක චොප්ප්‍රලා දීපීකා පදුකෝන්ලා පොර කකා ඇවිත් බදාගන්නව.. කම්බුල් ඉබිනවා.. එයිස්චර්යා අක්කත් ඇවිත් මොනවදෝ කියල බක බක ගාල හිනාවෙලා කම්බුල් දෙකම ඉබිනවා.. අභිශේක් කාරයට මල පැනල බලන් ඉන්නවා.. මම ඌටත් කින්ඩි හිනාවක් දාල ගිහින් බෙල්ල ගාවට ගිලෙන සෝෆා එකේ ඉදගන්නවා...
මෙන්න බොලේ ශකීර ඇවිත් ඒ පාර වකා වකා කියනවා.. ස්ටේජ් එකෙන් බැහැල ඇවිත් සිලිං බිලිං සාය ඇදපු ඉන ගැලවිල යන්න හොලවනව මගේ ගාවම... එතකොට මම මොනරකොල මිටියක් අරගෙන ඒකෙන් තුන හතරක් ගහනව සායෙ ඉනේ.. පස්සට තට්ටුවකුත් දානවා.. ශ්කීරා ආයෙ කරන්ට් එක වැදුන වගේ හොලව හොලව යනව ස්ටේජ් එකට.. .
ඊට පස්සෙ දීපිකා පදුකෝන් ඇවිත් උකුලෙන් වාඩිවෙනව... හිමීට ඇගිල්ලෙන් මූනෙ ඉරක් අදිනවා.. මම ඇගිල්ල විකන්න හදනකොට ඇදල ගන්නව කැකිරි පැලෙන්න හිනාවෙලා... ආයෙ හෙමීට පිට අතගානවා... හෙමීට අතගාන පිට මෙන්න යකෝ ටික ටික රිදෙන්න ගන්නවා... හෙමීට දීපිකාව බොදවෙලා මෙන්න ප්‍රියංගිකාව මතුවෙනවා..
"නැගිටිනව මෝඩය... යන්නෙ නැද්ද පංති ? ?"
අපෙ අක්ක... කෙලිනව මගේ පිටට......
ෂික්... ගුටියක් කෑවත් අන්න හීන... ... ඒත් මේ දවස් ටිකේම.. පහුගිය දවසක අරය දාපු පැෂන් ෂෝ එක.. ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ ගියපු ටිකෙත් ඇවිත් කොච්චරවාත් කොන්ඩෙ හදනවා...
මල වදයක්නෙ ඕයි මේක.. කපනව මම කොන්ඩෙ අල්ලල... ..
ඒත් ඔලුව ඇල කරල අර ලොකු වීදුරු ඇස් දෙක මගේ පැත්තට හරවල බැලුවාම... ... වන්ෂොට් දැකපු හොර ඇමතිය වග.. නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්... මම පට්ට පජාතයි
මම ආයෙ වෙලාව බැලුවා.. හයහ මාරයි.. දැන් ඉතිං නැගිටල ශේප් එකේ ලේස්ති වෙන්න ඕනෙ... අද ෆිසික්ස් කාලාස් එකනෙ ඉතිං එයා පොත ගෙනත් දුන්නාම මගේ අගේ තවත් වැඩිවෙනවලු
පුල් ආතල්... පිස්සු බම්ප් වෙනවා ඕයි....
පන්ති යන්න වේලාසනම එලියට බැහැපු දවස අදද කොහෙද.. වෙනද කලිසං කකුල් නව නව පෑන් සාක්කුවෙ දානගමන් දුවන එකා නිවි හැනහිල්ල උදෙන්ම යනව දැකල එහාගෙදර ඇන්ටි මිදුල අතුගාන එකත් නවත්තල බලන් ඉන්නවා... හැමදාම ලාස් මෑන්ට එන මුරලිය වන්ඩවුන් බැට් කරන්න එනව දැකල වගේ...
ඇන්ටිටත් හිනා පරාක් දාගෙන හංදියට ආවට තාම අපේ එකෙක්වත් නෑ... ගන්න ඕනෙ කෝල් එකක්..
අං.. අහවල් එකෙන් තමයි කෝල් කරන්න වෙන්නෙ.. තාමා රැවටෙනවනෙ ෆෝන් එකට... සාක්කුවට අතත් දැම්මට පස්සෙ තමයි මතක් වෙන්නෙ.. ෂික්..
බස් හෝල්ට් එකේම තියෙන පෝස්ටර් ටික ගලවන ගමන් මම ආයෙ ලොකු වීදුරු ඇස් තියෙන මෙහෙනින් වහන්සෙ කෙන්ක් දීපු කමටහන් වලට භාවනාව වැටුනෙ මටවත් නොදැනෙන්න..
තොලත් තාම ටිකක් රිදෙනවා... අරූගෙ උන්ඩුකපුච්චෙට අල්ලල හුලං ගහන්න හිතෙන්නෙ මේ වෙලාව්ට තමයි...
ඒත් බුදු අම්මෝ.. ඌ ගහපු එකට මට මෙච්චර අමාරුනම් කොස්ගහක් වගේ නානා අපේ කකුලක් විතර අතිං රොනාල්ඩෝගෙ කෝන කික් එකක් වගේ ගහපු කනේ පාර වැදුන අරූට කොහොම ඇතිද... ?? අනිවා ඌට පෙර විසූ කද පිලිවෙත දැනගැනීමේ ණුවන, අර පුබ්බේ මොකකද එක පහල වෙන්නෙ ඇති...ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ.. ..
" මෙන්න බලපං ලවු නිසා හැදෙන කොල්ලො.... වෙන්ද වතුර ගහල එක්කගෙන එන්න ඕනෙ මුංව... ඒත් සේරමට කලිං අද නැගිටල හැන්ඩිය වගේ රෙඩි වෙලත් ඇවිල්ලා... හ හා... පර්ස් කෑල්ල එනවනෙ ඉතිං අද... බලපල්ලකො මුගේ මූනෙ තියෙන පැණි හිනාව....."
ළහිරුවයි පැංචයි මගේ ලග දන්නෙවත් නෑ....
"අඩෝ කෙල්ල එදා මූට ශීට් එක දුන්න මාත් එක්ක කතා කරන්න ඕනෙ නිසා.. මූ මාව ඇදලල වාඩි කෙරෙවුවනෙ.. .. අපි යාලුවොන්ට කොම්බුව දන්නෙ නැති නිසා වාඩි උනා හරිය... නිකං උඹ උඩ යන්න එපා..
මෙන්න යකෝ මූ කියන කතා... අලියෙක් පැඩපු කටුස්සෙක් වගේ ගුටිකාල බඩේ බත් නැතුව නංදොස් වෙලා ඉදපු මූව දැකල කෙල්ල ශීට් එක දුන්නෙ වාඩිවෙන්න... අනිත් ඒකිගෙ සිහින ලෝකෙ කිරුලු පලන් කුමාරය මමනෙ ඩෝ... ගිනි පිඹින මකරුංගෙන් බේරගෙන එක්කගෙන ආව මාත් එක්ක කතාකරන්නෙ නැතු මේ ඉගුරුපාං මලියත් එක්ක කතා කරන්න ඒකි නැගිටිවිද ...මුගෙ ආච්චිට....
"අනේ පල ඩෝ යන්න... උබත් එක්ක කතාකරන්න නැගිටින්න ඒකි පිස්සු වදුරෙක් කාල කියල හිතුවද... අනික උබත් එක්ක කතාකරන්න ඒකි නැගිටිනෙ මොකටද.. වාඩිවෙලම ඉදියනං එක උසනෙ.. නැගිටල මාරුවෙන් කතාකරන්නෙ මොකටද ඒකි...."
මාත් ඇරියෙ නෑ..
මම එහෙම කිවුවාම ලහිරුව පැංචට හූ තිය තිය හිනාවෙන ගත්තා... මල්බොරව බිස්කට් එකක් වගේ පැචගෙ මූන ඇකිලුනා ඌ කාපු නෝන්ඩියට.. ඌ මොනවද කියන්න කට හදනකොටම හොදවෙලාවට ආපු උඩුගම බස් එක් අපේ ගාව නතර කරා...
"උඹ හිතන් ඉන්නෙ උඹ හරි උස එකා කියලද.. ?? යකෝ උබට....කෙ... "
බස්සෙක නවත්තලත් මූට මෙලෝ සිහියක් නෑ... ලහිරුව ඌව ඇතුලට තල්ලුකරගෙන බස් එකේ එල්ලුනා යන්තං උගේ කට නැවතුනා ඒක නිසා.... කලාස් ටයිම් නිසා බස් එක කපල එකයි... මත් එල්ලුනා යංතං කකුලක් තියාගෙන.....
ඔන්න මගෙ ෆියෝනා කුමාරි .. ඔයාගෙ සිහින කුමාරයා ප්‍රේම පාරාදීසෙට එන්න මගුල් නැවේ නැග්ගා.... .... රාරාරාරාරාර....යිට්... යමූ......... පස්ස හරේ....
බස් එක දෙල්ගහ කඩේ ගාවට එනකන් මම බෙල්ල දාගෙන ඉදියෙ වියංග බස් එකට නගිනවද කියල බලාගන්න... ඒත් හෝල්ට් එකේ ඉදියෙ ශ්‍යාමිකයයි තව කොල්ලෙකුයි විතරයි..
" මොකද උඹ බලන්නෙ... බෙල්ල දදා.. මමත් එනකොට පේන්න ඉදියෙ නෑ... සමහර විට අදත් පරක්කු වෙලා ඒවි... "
ශ්‍යාමිකය කිවුවෙ මගේ ගාවින් ෆුඩ් බෝඩ් එකේ එල්ලෙන ගමන්...
ඌ එහෙම කිවුවාම මටත් එහෙම හිතුනා.... අර කියන්නත් වගේ පහුවෙලා ඇවිත් අදත් මොනවහරි හලාගනීවිද දන්නෙ නෑ..මට හිතෙනව මෙතන බැහැලා එයා එනකම් ඉන්න... ඒත් මේ අපේ වසවර්ති මාරයො කියන කුනු කතාවලින් බේරෙන්නෙ කොහොම්ද.. ..
කමක් නෑ හලාගෙන බැරිනම් ඔතාගෙන එන්න ඕනෙනෙ එයා කලාස් අද.... මගේ පොත දෙන්නත් එපැයි...
බස් එක ගාල්ලට ආවාම අපිත් බස් එකෙන් බැහැල පාට පාඩ ඩෙනිම් මැදින් දිග කොට ගවුම් අස්සෙන් මල් ඉරි ස්කර්ට් පස්සෙන් ප්‍රන්ති ප්‍රාන්තයට හබල් ගෑවා.. හමබ වෙන එකාට හායි බායි කියන කිය ඇවිත් පන්තියට එන චූටි පාරෙ ගේට් එක ලගින් මම ශ්‍යාමිකයවත් අල්ලගෙන නැවතුනා...
" පොඩ්ඩක් ඉදිං"
"මෙතෙන්දි අල්ලගන්නද හදන්නෙ.. "
ශ්‍යාමිකය කකුලක් ගහගෙන ගේට්ටුවට හේත්තු උනා..
"ඔවු නැත්නං කොහේ හොයන්නද මේ සෙනග අස්සෙ.. දැන් ඒවිනෙ.. මෙතන් ඉමු ටිකක් වෙලා....."
මමත් ඌ ගාවින්ම හේත්තු උනා.. අපේ උන් පෝලිමට සෙට් වෙලා.. කොච්චර කලින් ගියත් ඉතිං අන්තිම පේලි දෙක තුනෙන් එකකටනෙ..
එතකොටම ශ්‍යාමිකය මට වැලමිටෙන් ඇන්නා...
පොත දීපු දවසෙ ඉදල පෙරුම් පුරාගෙන ඉදියෙ ඒ මූන
... ව්‍යංගා.....
දම්පාට බලවුස් එකට කලු සකර්ට් එකක් ඇදලා... අනිත් ඒවනම් කිසිම වෙනසක් නෑ.. මගේ හිතේ ඇදිච්ච විදියමයි ...
"අම්මත් එක්ක එන්නෙ.. අර පිටිපස්සෙන් එන ඇන්ටි... ඒ අම්ම.. "
ශ්‍යාමිකය මගේ කනට කොදුරල කිවුවා... අයියෝ.. ඒ කියන්නෙ වැඩේ අබ්ලික්ද.. ෂික්.. මැදැයි මෙච්චර දවස් බලාගෙන ඉදිය ඇස් ටීක් වෙනකං... ජයෝදාවක් ජීවිතේට ඇදෙන්නෙ නෑ අපිට. ඔක්කොම ඇදෙන්නෙ අර අප්සට් හූරන ලොතරයි.. ඇදුනත් ඇදෙන්නෙ 10යි.. ඒකෙ තව එකක් හූරනවා ඒකටත් කෙලා හුටස්.. .. ලැබෙන 10ත් වැඩක් නෑ...
දැං ඉතිං පොත ඉල්ලගන්න කොහොමද... අම්ම ඉදිය කියල පොත දෙන්න බැරි කමක් නෑනෙ.. ඇයි යකෝ.. මම කේන්දරේ ඉල්ලුවද නෑනෙ.. ඒත් ඉතිං කෙල්ලට අවුලක් යයිද.. බලමු පේන්න ඉදලා.... එතකොට එයා පොත දෙයිනෙ...
කාලාස් එකේ ඉදපු දෙදාහක් විතරම ළමයි යන්නෙ මේ පුංචි ගේට්ටුවෙන් .. එකපාරකට තුන්දෙනෙක්ට වඩා යන්න බෑ ඒකෙ... මමයි ශ්‍යාමිකයි ගේට්ටුව ගාවම හිටගත්තා... .. ඇන්ටි ආවෙ ඉස්සර වෙලා.. ඇන්ටි අපිව පහුකරනවත් එක්කම...
එයා ඔලුව උස්සල අපේ දිදා බැලුවා... මම බොහෝම සිරා විදියට හිනා උනා.....
ඒත්..........
කවදාවත් නොදැකපු විදියට මගේ දිහා බලපු එයා බිම බලාගත්තා.....
ඇ..ඇයි ඒ.... ????
ඒ ලොකු වීදුරු ඇස් දෙක මම පලවෙනි දවසෙ දැක්ක ඇස් දෙකමයි... ඒත්.. මම පර්ස් එක අහුලල දීපුවෙලාවෙ තුබුන දිස්නෙ ගතිය අද තිබුනෙ නෑ.. ඒ ඇස් වල...
පපුවෙ කොනකින් පටන්ගනිපු මොකක්දෝ මහා රිදිල්ලක් වගේ එකක් පපුව පුරාම ඉරිතලල යද්දි.. එයාට කතාකරන්න මම කට ඇරියා..
" .................. "
ඒ උනාට මගේ කට වචන ආවෙ නෑ....
දවස් ගානක් තිස්සෙ ඇස් ගැලවෙනම් බලන් ඉදලත් වචනයක්වත් කතා නොකර හිනා පොදක් නැතුව... අඩුම ගානෙ.. අර ලොකු වීදුරු ඇස්වල දිස්නෙවත් නැතුව මොකකදෝ බොරපාටක් පුරවගෙන මගේ දිහා බලල අර පුරුදු සුවද විතරක් ඉතිරිකරල එයා යන්න ගියා...
අම්ම එලියෙ නැවතෙද්දි කෙල්ලන්ගෙ පෝලිමට එකතුවෙලා එයා ඇතුලට යනකම් බලන් ඉදියත් එකපාරක්...ඔවු.. එක පාරක්වත් එයා මේ පැත්ත නිකමටවත් බැලුවෙ නෑ....
"ව්‍යංගා... ඇයි දෙයියනේ මේ.... ?? "
මට කෑගහල අහන්න හිතුනා...
"අර මොකෝ බං අර..... ?? "
ශ්‍යාමිකය මගේ පිටට අත තියල කතාකරනකොට මම බිම බලාගත්තෙ කරන්න කියනන් දෙයක් නැති කමට...
"අම්ම හිටපු නිසා වෙන්න ඇති..."
මගේ කටහඩ වෙවුලනවා මටම දැනුනා
"උබේ පොත දුන්නෙ නෑනේද... ?? යකෝ උඹ අද ලියන්නෙ මොකේද කියල ඒකිට මතක් උනේ නැද්ද... අම්ම එක්ක ගියා කියල පොත දුන්නෙ නැත්තෙ... මේකි මාර හු _ _ _ _ නෙ බං... මම කිවුවෙ ඕකිට පිස්සු කියල... "
ශ්‍යාමිකයට මල පැනලා...
දුකක් තරහක් තව මොකකදෝ කියන්න බැරි දෙයක් හිතේ පොරකෑවත් ව්‍යංගට වචනෙයක් කියන්නවත් කියනවත් කියනව අහන්නවත් බෑ මට.....
"වරෙන් යන්න... "
මම ඌවත් ඇදගෙන කලාස් එක ඇතුලට ආවා.. පිටිපස්සෙ පේලියට ඉස්සරහ පේලියේ පැංචයි ලහිරුයි වාඩිවෙලා.. ඒකෙ තව දෙන්නෙක්ට ඉඩ තිබුනෙ නැති නිසා ශ්‍යාමිකයයි මමයි පස්සෙම පේලියේ වාඩි උනා.. ඒකෙ ඉදියෙ අපිට වඩා තව වැඩුමල් එකෙක් විතරයි..
ව්‍යංග ඇයි මට එහෙම කලේ..... අම්ම ඉදපු නිසාද.... ?? ඒත් අම්ම ඉදිය කියල ඇයි එයාට පොත දෙන්න බැරි.. ??
මම එහෙම හිතනකොටම සර් පංතියට ආවා...
"ඔන්න මට මොකක හරි කොලයක් දීපං බං... "
මම ශ්‍යාමිකයගෙන් කොලයක් ඉල්ලගත්ත... ඒත් ලියන්න තිය අහං ඉන්නවත් බෑ වගේ මොනවත්...ඔලුවත් රිදෙනවා... මම ඩෙස් එකට ඔලුවගහගත්තෙ ඔලුව වට වඩා හිත බර වගේ දැනුන නිසා
" විහඟ නෙත්මික.... "
සද්දයන් නැතුව තිබුන පන්තියේ බෆල් වලින් පැලෙන සද්දෙට මුලින්ම කියවුනේ මගේ නම...
සර් මයික් එකෙන්ම මගේ නම කියනවා....
මේ මොන හංස පූට්ටුවක්ද වැටෙන්න යන්නෙ...
මම ශ්‍යාමිකයගෙ මූන දිහා බැලුවෙ මොනව කරන්නද කියල හිතාග්න්න විදියක් නැතුව
"විහඟ නෙත්මික"
කලින් පාරටත් වඩා සද්දෙට ඇහුන මගේ නමින් මාවම වෙවුලල ගියා.....
වැටෙන්නෙ හංසපූට්ටුවක්ද බලු පූට්ටුවක්ද නැතිනම් ලියවැල් කැටයමක්ද අරගෙන
මගදිගට 11 ලගදීම එනවා....
කාලා වරෙන්කො.. අම්මපා අර පබා ඇන්ටි උන්න මෙගා සිරිස් එකක් වගෙ... කොටියාම කාපිය තෝ..!!
ReplyDeleteමං ආයෙ කියවන්න මේක.. මැරියං..!!
විහඟ නෙත්මික.... ආ මෙන්න ඔයාගෙ නෝට් පොත ගෑනු ලමයෙක්ගෙ අම්ම කෙනෙක් ගෙනත් දුන්නෙ.... අයියෝ පොලව හාරගෙනවත් හැන්ගියන්.... 11ත් ඉක්මනට දාපන්...
ReplyDeleteමේක හරියන්නෑ බොල. මේකා හැමදාම ක්ලයිමැක්ස් එකේදි නවත්තනවා. දැන් ඉතින් විහඟ ව්‍යාංගා එනකල් ඇස් ලොකු කරන් බලා හිටිය වගේ අනිත් කොටස එනකල් බලාඉඳපල්ලකො ඉතින්.
ReplyDeleteබලමු විහඟට මොකද වෙන්නේ කියලා...
ReplyDeleteමුළු කතාවම ඉවර උනාම බලනවා නිකං හිතේ බලාපොරොත්තු තියාගන්නෙ මොකද?
ReplyDeleteඅද කතාවෙ කිසි ගතියක් නැහැ, අනේ මන්ද, මට හිතෙන හැටි තමයි....
ReplyDeleteකතාව කෙටි වැඩියි ඩෝ..ඊලග එක දිගට ලිව්වෙ නැත්තම් එල්ලනව තෝව බාල්කෙ..
ReplyDeleteඅපෝ ඉක්මනට දාපංකෝ බං ඉතුරු ටිකත්......
ReplyDeleteතව කොටස් කීයක් තියනවද??
අඩෝ... අද කොටස කියෙව්වම නම් මේ චව්වගෙ හිතත් රිදුනා...
ReplyDeleteඅද එපිසෝඩ් එක කොට වැඩී මචෝ, නිකං කැළනිපාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ...ඉක්මනට අනිත් කෑල්ල ලියපන්
ReplyDeleteකතාව පට්ටයි... නියම උපහැරන ටික. ඒ උනාට ඇඩ් ටික හින්දද මන්ද කතාව දිග මදි වගේ තේරෙන්නෙ....
ReplyDelete11 ඉක්මනට දැම්මනම් අවුලක් නෑ... කෙල්ලගෙ පොත මාට්ටු වෙලා අම්ම සීන් එක දැම්මද... ලියපන් කො ඉක්මනට....
appa..........mokada me wenna yanne..?ikmanin 11 liyandoooooooooo........
ReplyDelete11 ඉක්මනට දාන්න පොඩ්ඩෝ.....
ReplyDeleteඅම්මපා කෙල්ලො ඔහොම වැඩ කරනවා අනන්තවත්..ඉතිං අපි මැරෙන්නයැ..බලමුකෝ..අනිවා කෙල්ලා පොත දීලද දන්නෑ සර් කාරයට
ReplyDeleteniyamai kathwe mula kiyawannanan mata kammali me kotasanan niyamai digatama liyanna ela
ReplyDeleteමේ පාර නං කෙලින්ම තාප්පෙ වගේ.... කෙල්ල සර්ට පොත දීලා උඔට දෙන්ඩ කියලා හරිනේ.....
ReplyDeleteඉක්මනට 11 වෙනි කොටහා දාන්ඩෝ
ReplyDeleteඉක්මනට අනිත් කොටස දාපියෝ . . .
ReplyDeleteකාලෙකින් මෙහෙම හොඳ බ්ලොග් 1 ක් කියෙව්වා.. මමත් ගාල්ලේ නිසා නිකන් බලන ඉන්නවා වගේ... ඉක්මනට ඉතුරු ටිකත් ලියපන්.. එල එල.... :)
ReplyDeleteඑල බ්ං....
ReplyDelete"අනේ පල ඩෝ යන්න... උබත් එක්ක කතාකරන්න නැගිටින්න ඒකි පිස්සු වදුරෙක් කාල කියල හිතුවද... අනික උබත් එක්ක කතාකරන්න ඒකි නැගිටිනෙ මොකටද.. වාඩිවෙලම ඉදියනං එක උසනෙ.. නැගිටල මාරුවෙන් කතාකරන්නෙ මොකටද ඒකි...."..මේ ටික නම් මරු,ඉක්මනට ඉතුරු ටික ලියන්න....
ReplyDeleteමග දිගට 11 කෝ
ReplyDelete