2011-10-31

අන්න බොල වේසාවී... _________ හාට් Piercing...✿•*`¨" ය ( 18+ ය )



චංඩිය බඩට දාවී..
නොන්ඩියො චංඩි වේවී
ගෑනි මදි වේවී
මම හොයං ඒවී..

මොනර කොළ පාවී
ඇග උඩදි දගලාවී
සද්ද කෝ අහවී
ෆැන්ටසිය ඉල්ලාවී...


බමන මත යාවී
චන්ඩිය නොංඩි වේවි
චික් කියා යාවී
ආයෙ දවසක ඒවී

ගෑණූ ඔරවාවී
බිමට කෙල ගහවී
බැනල දෙස් දේවී
නොදෝකින් වේසාවී


උඹලත් වේසකං පාවී
නිල් කොළ යටිං හැංගේවී
ඇග මසේ දිය වේවී
මමම වෙයි වේසාවී


නුඹලම කෙරූ වේසාවී
නුඹලගෙ වේසකං වහවී
සුදන මහතුන් කියාවී
අන්න බොල වේසාවී....


සුදනො වී මුර ගාවී
අන්න බොල වේසාවී...
   
                                                 _______ හාට් Piercing...✿•*`¨"
 


නිදාන කථාව

ලට්ට ලොට්ට පාඨිකාවකගෙ ඉල්ලීමක් තිබුන දවසක් මැසේජ් එකක් විදියට මූණූ පොතේ....

" ඔයාගේ _________ හාට් Piercing...✿•*`¨"  එකක් විදියට මේක දාන්න පුලුවන්නම්... අනේ මගේ නමනම් දාන්න එපා .. කෙල්ලෙක් වෙලත් ගෑනුන්ට වෙන අසාදාරණකම් ලියාගන්න විදියක් නෑ අපිට... .. පුලුවන්ම් මෙන්න මේ ගැන ලියන්න...   "

ටික කලකට කලින් ආව මේ ඉල්ලීම ඔන්න අද එලියට දානවා ...

සමාජ සම්මත කෙහෙල්මන් රෙද්දෙන් එපිට ඔලුව දාපු ඇයට පොඩි මෑන්ගේ ආචාරය....

අදාල පුද්ගලයන් එක්කෙනෙක්ගේ හෝ හාට් Piers වේවා....



           _______________________________________


මොකක හෝ ප්‍රස්නයක් නිසා කලින් දාපු පෝස්ට් දෙකම  හරියට පබ්ලිෂ් උනේ නෑ කියලයි මට හිතෙන්නෙ...
දැක්කෙ නැතිනම් කියවන්න...

මහරජතුමාට කළවැද්දාවන මම සෙනෙහසින් ලියන වගනම්
වදාපු ගෑණි _____ හාට් Piercing...✿•*`¨" ය



කලින් හාට් එකේ  Pierce කරපුවා... 

වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +

තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්

වේසිගෙ පුතා මම 18 + නොවේ

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව      
ආමි බූට්

හදවත සිදුරු කර සිතුවිලි පලදින්න   _________ හාට් Piercing...✿•*`¨" 

2011-10-29

වදාපු ගෑණි _____ හාට් Piercing...✿•*`¨" ය




                                  ඉස්සර වාගේ
                                  අමාරූ නෑලු
                                  ඔනේ වෙලාවට සිසේරියන්...
                                  වින්නඹු නෝනල
                                  දැන්නම් නෑලූ
                                  ඉන්න් හයි ෆයි ස්පෙෂලිස්...

                                  කැත කුණු ඇදලා
                                  හෝදන් නෑලූ
                                  ආයා බේබිව වොෂ් කරපං
                                  තන කිරි දෙන්නට
                                  වෙලාව නෑලූ
                                  ඇන්කර් වන් ප්ලස්  ලැට්ටෝජන්..

                                  මතු බුදු වේවා
                                  කියන්න බෑලූ
                                  ඉස්සර වාගේ පිං නැතිනම්..
                                 පසේ බුදුන්වත්
                                 වේවා වැන්දලු

                                 අඩුමතරමෙ වැදු ගෑනිනෙ මං
                                                                                       ________ හාට් Piercing...✿•*`¨"
  


කලින් හාට් එකේ  Pierce කරපුවා... 
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්

වේසිගෙ පුතා මම 18 + නොවේ

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව      
ආමි බූට්

හදවත සිදුරු කර සිතුවිලි පලදින්න   _________ හාට් Piercing...✿•*`¨" 


ප.ලි


කමෙට් අතුරුදහන් වන ලෙඩක් ඇවිල්ල... දන්න කෙනෙක් ඇයි කියල කියනවද... ??

2011-10-27

මහරජතුමාට කළවැද්දා වන මම සෙනහසින් ලියන වගනම්..


                                                     

                                         
    ප  බු  දෙ .....!!!

තරහ අවසරය...

ඔහේ තුමා  මේ ලිවුම දැක්කාම පිස්සු බම්ප් වී මල විකසිත වෙනවා බුදු ෂුවර්ය... ඒක මේ ඔහේ තුමාට ගැති කවවැද්දා දන්නවාය... මේ හංස පූට්ටුවා මේ සැරේ එන්න හදන්නේ මොන මීට් බෝලෙකටදැයි  ඔහේ තුමාට හිතෙනවා ඇතිය... ඔහේ තුමාගේ ශඬ් භාෂා පරමේෂ්වර උපදේසක බුවා තුමාලා ලෙසටම පඩි වදන් දෙනවා අනිවාය... ඒත් ඔහේ තුමා මේක කියවලා පොඩ්ඩක් කියවලා සලකලා බලනවා හොදය..


මහ අලියාලා කරේ මහ ශුක්‍රාණු වැඩේය... හංසයා පෙන්නා ඇන්දුවේ බූරුවාටය...  හංසයා ඔටුන්න දාගෙන ඉන්නවා මවා මවා පෙන්නුවාය.... මේ කළවැද්දාට ඔය පොලිටිකල් සෙප්පට විජ්ජා තේ රෙන්නේ නැතිය... කොටි හපුවාට බැස්ටිය දෙද්දී..  ඔහේ තුමාලාගේ කුරුල්ලා වාහිනියද...  සෝමක්කාගේ මොනරා වාහිනියද ඇතුල මීඩියා කාරයෝ කලවැද්දා සිංහයා කරාය.. ඉතිං කලවැද්දා පස්ට උඩ ගියාය....   කලවැද්දා පිංබී ඉන්නව දැකක් මහ අලියලාද කලවැද්දාට හේත්තු උනේය... සෙලෝරි(අ)ලිස්ටික් හීන පෙන්නුවාය.. කලවැද්දා ඔටෝපියනිසම් වල බල්ටි ගැසුවාය....


ඒත්  මීඩියා නරියෝ මැවූ සිංහයාගේ රිමෝට් එක තුබුනේ ඔහේ තුමා ගාවය... අඩුම ගානේ කලවැද්දාටවත් එය මීටර් උනේ නැතිය... අලියාගේ පවර් නිසා පොඩි පොඩි සෙල්ලම් දැම්මත් ඔහේ තුමා ගානට කළවැද්දට ගුලිය දුන්නේය...අර සීනුවෙන් ගැලවී ගිය මැද සද්දෙ එන කෑල්ල බුලත් කොලේ යටින් එල්ලී කළවැද්දාට කොචෝක් දැම්මාය.. ඒකෙත් රිමෝට් එක ඔහේ තුමා ගාව බව ආයෙ හෝදන්න දෙයක් නැත්තේය... තරහ අවසරය...බබාලා කෙලීලා කොන්ඩෙ පාටකරපු පොමනේරියන් කික්කි පැටික්කිලා හුරතල් කොරණ ගමන්ම කළවැද්දාගේ වුමන් කෝ කතා කියා දිගට හරහට ජහමනයාට ආතල් කතා කීවාය... කොච්චර කරත් වැඩේ ගූ හතය...

කලවැද්දා හිතාගෙන හිටියේ අලියාටද කොකා පෙන්න්නටය. ඒත් අලියාලා සෙට් එක මැද කෑල්ල නැති සීනුකාරයොත් එක්ක කලවැද්දාට මාන කොකාම පෙන්නා තිබුනේය... සීනු ,අලි ලොවෙත් නැත... අන්තිමට කළවැද්දාට ටොපිය සෙට් උනේය...

කළවැද්දාට ටොපිය සෙට් කරාට මහ අලියලාට රිටන් එක දැන් දැන් වැදෙනවාය... ඔලුව නැති මීඩියා නරියෝ කුලප්පු කර තැබූ පොඩි පොඩි අලි නාම්බෝ මහ අලියාගෙන් ගේම ඉල්ලනවාය...  මහ අලියාට වැලේ වැල් නැතුව නැට්ට පුකේ ගසාගෙන ඉන්නවාය...  ඔය කුලප්පු වෙච්ච අලි නාම්බෝ වගේ නැතිය.. මහ අලියා .., අලියා උනාට ගහන්නෙ ගොම බව ඔහේ තුමාට මීටර් වී ඇති නිසා.. හොර පාරේ කෙහෙල් ගෙඩි යවනවා කියා ආලංචිය... ඒත් මේ කලවැද්දානම් අලියාත් එක්ක ගේමය.. ඒත් ඉදල හිටලා හරි කළවැද්දා මීඩියා එකේ යන්නේ ඔය අලියා මේ පැත්තේ ආවාම නිසා කටවහගෙන ඉන්නවාය... නැතිනම් ඔය බොරු  අමාරු දමා හොස් පිටැල් එකට රිංගනවාය.. කළවැද්දී දමා මොනවා හෝ මීඩියා නරින්ට කියනවාය... ඒත් ජහමනයාට ඒවා දැන් පඩේකට වැඩක් නැත...

ඇස් බීද  කලින් කලවැද්දා කාපු ටොපියම කෑවේය...  ඒ අලියාගෙ පුක ලෙවකන්න ගිහින්න... ටොපිය ලොවන්න ලොවන්න ඇස් බීට කරපු පජාතවැඩේ මීටර් වී වැට පැන්නාය...  ලෙවකන පුක වෙනස් කරපු නිසා ඇස් බී  ගොඩය....  එක එක දඩාර සයිස් කොටි හපුවලාද... ගානට නැට්ට නවා අපිත් ලෙවකන්නම් කීවාය... උනුත් ගොඩය... අලියලාගේ ලන්න කෑව කළවැද්දාට විතරක්ම කෙල උනේය...

කියන්න පට්ට ප්‍රීතිය.. ප්‍රීති කීවාට ඔහේ තුමාට මෝස්ට් ෆැමිලියාර් රබර් කොපු ප්‍රීති නෙවේය... පස්ට හැපිය..

ඔහේ තුමා සෙට් කර ටොපියේ ආනුභාවයෙන් ඇස් බී ආදර්ෂයට ගන්නට  කළවැද්දාටද හිතෙනවාය... ඇස් බීලා වගේ අර කොටි හපුවලා වගේ..., මේ කළවැද්දාද ලෙසටම ලෙව කෑමට හිතාගත්තාය... මොකක හෝ ජිල් මාට් එකක් දමා කලවැද්දාටත් මේ ටොපියෙන් රිලීස් වීමට චෑනිස් එකක් අරන් දෙනු මැනවිය... ආයෙ දිව හැලෙනකම් ලෙවකනවාය.. බුදු ශුවර්ය...

එහෙනම් කලවැද්දා නවතිනවාය.. ඔහේ තුමා පොඩ්ඩක් සලකා බැලුවොත් පිංය....
ඔහේතුමාට ආයිබෝ වේවාය...

                                                                       මීට
                                                                       බලු ගැති ( වෙන්ඩ කැමති )
                                                                      
කළවැද්දාය...

බ්ලොග්වල, මූනු පොතේ ලියපු තමන්ගෙ නිර්මාණ සයිබරයෙන් එහාටත් ගෙනියන්න කැමතිද... මෙන්න අවස්තාවක්.... 


"වියමන"



                                                                                

2011-10-25

බ්ලොග්වල, මූනු පොතේ ලියපු තමන්ගෙ නිර්මාණ සයිබරයෙන් එහාටත් ගෙනියන්න කැමතිද... මෙන්න අවස්තාවක්....


ඉස්සර හිතට දුකක්... සතුටක්... ආවම අපි අහුවෙන කොල කෑල්ලක පොතක පිටිපස්සෙ ඔහේ කුරුටුගෑව...
මතකද...

සමහර වෙලාවට ඒව දකින්නෙ අපිම විතරයි...ඕනෙනම් ඉස්කෝලෙ .. පන්තියෙ.. අල්ලපු ඩෙස් එකේ යාලුව දකීවි...

වැඩිම උනොත් බිත්ති පුවත්පතට යාවි.....

ඒත් දවස් කීයකටද... ..

සමහර වෙලාවට  කොලකෑලිවල පොත් පිටිපස්සෙ ලියපු ඒව  ගේ අතුගාගෙන  යනකොට අපිටම ආයෙ අහුවෙලා  නැද්ද... ??

කාඩ් බෝඩ් පෙට්ටි පුරවපු පරණ පොත් බෝතල් පත්තර කාරයට දෙනකොට කාවොකාපු තමන්ම ලියපු පරණ කවියක් කකුල් දෙක මුල වැටිල නැද්ද...

පස්සෙ පස්සෙ අන්තර්ජාලෙ එක එක අඩවි වල... මූනුපොතේ තමන්ගෙ වෝල් එකේ... ගෲපයක වෝල් එකේ...
එහෙමත් නැත්නම්  බ්ලොග් එකක....

ඒවනම් ටිකක් දෙනෙක් දැක්ක...
ලයික් දෙක තුනක් වැටුනාම කමෙට් එක් වැටුනාම.. හිතට එනවා මාර ගැම්මක්...

ඔන්න ඉතිං ලියනව.. ෆේස්බුක් එකේ...  ගූගල් එකේ සවර් පිරෙන්න  කවි.. නිසදැස් ... සින්දු කෙටිකතා... අපිට හිතෙන දේවල්  ඔය හැම ජාතියම

ඒත් මූනුපොතේ වෝල් එකේ දාපු පරණ කවියක් ආයෙ හොයාගන්නෙ කොහොමද......

 අන්තර්ජාලෙ හැමෝටම සමීපත් නෑ...

ඒවගේම අන්තර්ජාලෙ කියන මාහා විසාල  මුහුදෙ අපි පුංචිම පුංචි එක වතුර බින්දුවක් විතරයි...

සයිබරයෙ හිරවුන අපේ නිර්මාණ ඊට ටිකක් එහාටත් ගෙනියමුද...
මොකද කියන්නෙ....

කැමතිනම් මෙන්න හැමෝටම අවස්තාව......  බ්ලොග් ලියන කියවන හැමෝටම....

                    

ඔබේ අපේ නිර්මාණ වලටම එලිදකින පත්තරයක්...

මාසෙට කලාප දෙකක් එලියට දාන්න තමයි අදහස.....

මංගල කලාපෙ ලගදීම ....

තමන්ගෙ නමින්.. එහෙමත් නැතිනම් බ්ලොග් අඩවියේ නමින් පින්තූරයක් ඇතුව නැතුව... තමන්ට කැමති විදියකට... කැමතිනම් ඕනෙ කෙනෙක්ට පුලුවන් වියමනත් එක්ක එකතුවෙන්න...

ඔබේ අතින්ම වියූ හොඳම අකුරු සහ ලස්සනම වචන...
අපට එවන්න ඕන මෙහෙමයි..

  අපිට ඊ මේල් කරනවානම් viyamana.art@gmail.com

  අපේ 'වියමන' face book group එකේ wall එකේ දාන්නත් පුලුවන්

   එහෙමත් නැත්නම්   'ප්‍රවිෂ්ඨ' ප්‍රකාශන, 199/ඒ, ඔරුතොට, ගම්පහ, ශ්‍රී   ලංකාව, ලිපිනයට තැපෑලෙන් එවන්නත් පුලුවන්...



                        හොඳම අකුරුවලින්
                        ලස්සනම වචනවලින්
               නිදහස් කරගන්න කාලය ඇවිත්
                       හිත පුරාවට පිරුණු
                             ආදරණීයම
                               හැ ඟී ම්. . .
                 මගේ ආදරණීය නොරිකෝ෴


          

          
  

2011-10-22

වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +







                               පිටරට එවුන් යනව දැකලම
                               වාහන හැටට හැටේ කෙලගෙන
                               අතගාල  හොයාගෙන කලුවරේම
                               විතරයි හැදුව හරවන්න පස්සෙ පාරට
                               පුරුදු පාරෙන් පිට පැනල
                               ආසාවට....

                               හෝහෝහෝහෝහෝහෝ... වු....!!!
                               පොලිස් රාල හාමිනේ
                               පිම්බ නේද විසිල් එක....


                              ඒයි ඔය කොහෙද
                              තමුසෙ යන්නෙ හොරෙන්ම
                              පිටරට එහෙම ගියාට...
                              මෙහේ බෑ එහෙම...
                              ලංකාවෙ පස්සෙ පාර
                              වන් වේ.... .....
                                                    
_________ හාට් Piercing...✿•*`¨"


ප.ලි

මේ _________ හාට් Piercing...✿•*`¨" එක ලියද්දි පොඩි කතාවක් මතක් උනා.. ඔන්න ඒකත් දානව මෙහෙමම

2011-10-21

කා.. මා..



එපා නුඹ වී එන්න
සිසිල දෙන පොද වැස්ස
ගිනි ගත්ත මේ වතට
ඕනෙ මෝසම් වැස්ස...

එපා නුඹ වී එන්න
සුව ගෙනෙන මද පවන
කැකෑරෙන මේ හිතට
ඕනෙ මහ සුළි සුළග..

එපා නුඹ වී එන්න
ප්‍රේම දෙවු දුව වෙසින
රකුසු වෙස් ගත් සිතට
ඕනෙ මරඟන රැජිණ...


කලින් ගොතාපුවට මෙතනින් යන්න......

2011-10-20

තාත්තට හොද වැඩේ ___ හාට් Piercing...✿•*`¨" ය.. ( වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි )




                                  අපේ තත්තා..
                    හෙල්මට් නොදැම්ම වරදට
                                 තවම ගෙවන
                                  දඩකොලේ
                                         මම

                            හොදවැඩේ තාත්තට

                                        හූ..... 
                                           _________ හාට් Piercing...✿•*`¨" 
   



කලින් හාට් එකේ  Pierce කරපුවා...    කියවලා අදහසක් දාලම යන්න...

සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්

වේසිගෙ පුතා මම 18 + නොවේ

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව      
ආමි බූට්  

හදවත සිදුරු කර සිතුවිලි පලදින්න   _________ හාට් Piercing...✿•*`¨"

2011-10-18

මග දිගට 12 " තොපිගෙ වල් කම.. තොපිල බලන්නෙම කෙල්ලොන්ගෙ අරව මේව ලොකුද කියල."..



මෙන්න කලින් කොටස් ටික කියවල නැති අයට....



මගදිගට 1                            මග දිගට 5                             මගදිගට  9
 
මගදිගට 2                           
මගදිගට 6                             මග දිගට 10

මගදිගට 3 
                         
මග දිගට 7                             මග දිගට 11               

මගදිගට 4
                           මග දිගට 8                     


අද එතැන් සිට....


 පර්ස් එක අහුලල දීපු දවසෙ ඉදලම කොලු කමට හැමදේම කලාට ඒ හැමදේම කොලුකමකට වඩා දුර ගිහින් කියල මට තේරෙන්නෙ දැනුයි... මගේ හිතේ ව්‍යංග වෙනුවෙන් තිබුනෙ ආදරයක්ද නැතිනම එයා අහම්බෙන් හම්බ උන නිසා හිතේ ඇදුන දෙයක්ද කියල වෙලාවකට හිතුනත් වෙන කිසිම කෙල්ලෙක් ගැන මට මේ විදියට හිතිල නෑ මීට කලින්... අපේ ස්කෝලෙ කෙල්ලො නැති උනාට දහම්පාසලේදී ඕලෙවල්  කලාස් වලදි ඕනෙතරම් කෙල්ලො මීටත් වඩා ආස්රේ කරල ඇති... එයින් කෙල්ලො තුන හතරකටම ට්‍රයි කරලත් ඇති... බස් වල යනකොට  කෙල්ලොන්ට නම්බර් දීලත් ඇති.. .. නම්බර් දීපු කෙල්ලො කතා කරලත් ඇති.. ඒත් ඒ කිසිම කෙල්ලෙක්ගෙන යාලුවෙමුද කියල අහන්න මට කවදාවත් හිතුනෙ නෑ...

ඒ මගේ හිතේ ඒ වෙලාවට හිතුනට.. හිතුන දේ කරාට පස්සෙ ඒ ගැන කවදාවත් මෙච්චර දුරකට හිතුනෙ නැති නිසා වෙන්න ඇති... අනේ මම දන්නෙ නෑ...  ආදරේ ඇති උනාම පිස්සු කෙලිනව නින්ද යන්නෙ නෑ අරව වෙනව මේව වෙනව කියල නවකතා පොත්වල තියෙන ඒවට මම ඕනෙ තරම් හිනා වෙලා තියෙනවා... ඒත් දැන්නම් ඉතිං හිනාවක්නම් එන්නෙ නෑ....

දෙපාරකට වඩා කතා කරල නැතු උනාට, හතර පස් වතාවකට වඩා දැකල නැති උනාට , ඒ මූන .. හුලගට මූන පුරාම දුවන ඒ කොන්ඩෙ... ඒ ගමන... සේරටම වඩා ඒ ලොකු වීදුරු ඇස්... ඒ ඇස්වලින් බලන බැල්ම... ??
මගේ හිත මෙච්චර තදට බදාගෙන කියල මම දන්නෙ දැනුයි...

ඔරලෝසුවේ රෑ දෙක වදින සද්දෙත් ඇහුනා...

එක අතකට මම මෙච්චර පුංචි දේකට මොකට හිත රිද්දගන්නවද... ව්‍යංග මාත් එක්ක කතා කරේ නැතුව විතරයි..
මීට පස්සෙ දවසක දැක්කොත් කතා කරනවා.... අනික මම කොච්චර කැමති උනත් එයා මට කැමති නැත්නම්... ..?? ඒත් දෙයියනේ අර ඇස් වලින් ඒ විදියට කොහොමද බලන්නෙ මගේ දිහා එයාගෙ හිතේ කැමැත්තක් නැතිනම්...

පර්ස් එක අහුලල දීපු වෙලාවෙ මගේ දිහා බලපු හැටි.. ටිකට් නෑ කියල මගේ අතත් අල්ලගෙන ඇස් ලොකු කරල බලපු හැටි.... ටික්කට බෝලෙ දාල එයාව බේරගත්තට පස්සෙ මගේ දිහා බලපු හැටි ...

අයියෝ.. මගේ ඔලුව පැලෙන්න වගේ...

මම ලාච්චුවෙන් පැනඩෝල් දෙකක් අරගෙන බිව්වා... ආයෙ ඇදේ හාන්සි වෙන්න හදනකොටම දැක්කෙ අද එයා පොතේ ලියල තිබුන මම ඉරාගනිපු කොලෙයි...

ඔවු... එයා මට කැමති නැත්නම් ඇයි  මගේ පොතට කවරයක් දැම්මෙ ?? පොතේ අර විදියට ලිවුවෙ... ??

එහෙනම් ඇයි එයා පොත සර්ට දුන්නෙ.. පන්තියේදි පොත අරගෙන එනකොට අර විදියට හිනාවෙලා හවසට මට අර විදියට එරෙවුවෙ.. ??

මම පුටුව ඇදගෙන වාඩිවෙලා  ඒ කොලේ ආයෙමත් දිග ඇරල බලාගෙන ඉදියා.... හවස ආපු හැටියෙම ඒ කොලේ පිටිපස්සෙම මම ලියපු පද පේලි හතර ආයෙ මටම රිද්දුවා...

විටක හිනැහෙන  විටක ඔරවන
උබේ අදරෙ ඇයි ගනං
මටම නොවෙමද නුඹේ හිතෙ ඉඩ
කදුලු විතරද ඉතිරි දැං ........  .....

කොලේ නවල තියල ලයිට් එකත් ඕෆ් කරල ඇදට ඇවිත් කොට්ටෙත් බදාගෙන ඇස් දෙක පියාගත්තා... ඒ ලොකු වීදුරු ඇස් දෙක හීනෙන් පෙනි පෙනි නින්ද යන්න කලින් ඔරලෝසුවේ තුන වදිනවත් මම අහගෙන...

උදේ නැගිටිනකොට නමයත් පහු වෙලා... අද ඉරිද නිසා ගෙදර කට්ටිය ඔක්කෝම ඉන්නව..
 ඇදේ පෙරලි පෙරලි ඉදල ඇති උනාම මම නැගිටල කාමරෙන් එලියට ආවා...

අක්ක කාමරේද.......

මම එයාගෙ කාමරේ දොර රෙද්ද ඈත් කරල ඔලුව දාල බැලුවා...  එයා පොතකට ඔලුව ඔබාගෙන පාඩම් කරනවා...

එයානම් ගොඩයයි..

මම හැරෙනවත් එක්කම  අක්ක මාව දැක්ක..

"ආ දැන්ද නැගිට්ටෙ මෝඩයා...
නියමයි ඒ ලෙවල් කරන ළමයෙක්ගෙ නින්ද... පාස් වෙයි විභාගෙ නියමෙටම..."

අක්ක දැක්ක ගමන් බර බරේ දාන්න පටන් ගත්තා.. වෙන වෙලාවටනම් මම ඒ වගේ වෙලාවට කරන්නෙ පැත්ත පලාතක ඉන්නෙ නැතුව කොහේ හරි එයාට නොපෙනෙන හරියකට යන එක...  අපේ අක්ක බනින්නෙ හරියට අර වේල් කරත්තෙ වටේ මායං වෙල අරෝ හරා කිය කිය යන  කපුච්චියො වගේ... කොන්ඩෙ කඩාගෙන කෑ ගහනව ලවක් දෙවක් නැතුව....

ඒපාර නිකන් හරි ඉහල උසාවියට අපේ අම්මට නඩුව ගියොත්....  ෆිල්ටරේ ගෝල්ඩ්ලිෆ් පැකට් එකක් වෙලා තමයි අම්ම ගාවට යන්නෙ අපෙ අක්කගෙ කටින්....

දේවාලෙ කපුව මෙහෙමනං දෙවියො කොහොම ඇද්ද... පුදුමාතලං වලදි ආමි එක කොටින්ට ගහන මල්ටිබැරල් එකකට කන තියාගෙන අහන් ඉන්නව ඊට වඩා සනීපයි......

ඒත් ව්‍යංග මගේ ඔලුවම කනපිට ගහල.... වෙනද හැංගෙනව වෙනුවට අද අවසිහියෙන් වගේ මම අක්කගෙ කාමරේට ගිහිං එයාගෙ ඇදෙන් හාන්සි උනා....

" ඒ පාර මෙතනත් ඇවිත් හාන්සි උනාද... ?? පොතක් බලගත්තනම් නරකයි නේ... ?"

මෙයාගෙ කැසට් එකේ කොයිවෙලාවෙත් දුවන්නෙ ඔය වචන සෙට් එක තමයි පොත පොත පොත.....

" මොනවද ඕයි නිතරම පොත පොත පොත... වෙන දෙයක් කියනවකො.. තමුසෙ වෙන වචනයක් දන්නෙම නැද්ද.... අපිට තාම ඒලෙවල් පටන් අරගෙන මාසයයි පාඩං කරන්න තියෙන්නෙ බම්බුව තමයි...."

වෙනදනම් මම මෙහෙම ලේසියෙන් අපේ අක්කට කෑ ගහන්නෙ නෑ... ඒත්..... අනේ මංදා...

" මෝඩයා... එදිනෙදා දෙන දේවල් එදාම බලනවා... ට්වුට් ටිකයි දෙන ගනං ටිකයි හදල සෙට් වෙනව ඒ ටිකට එදාම... එතකොට විභාගෙ ලං උනා කියල මැරීගෙන දගලන්න ඕනෙ නෑ...  මේ අපට වෙලා තියෙන දේ පේන්නෙ නැද්ද... අපිත් හිතුවෙ ඔහොම තමා.. දන්නෙම නෑ වැඩ ගොඩ ගැහෙනකං.... මම දැකල නෑ පොතක් අල්ලනවවත්.. ඒකයි කෑගහන්නෙ..."

"හරි හරි අනිත් දවසෙ පාඩම් කරනකොට මම ගේ වටේ මුලින්ම අඩබෙරයක් ගහල ඉන්නම්කෝ... එතකොට තමුසෙට ඇවිත් බලන්න පුලුවන්නෙ... "

මම අක්ක දිහා නොබලම කිවුවා...

මම සාමාන්‍යයෙන් අක්ක එක්ක කටගහගෙන යන්නෙ නෑ.. ඒ මොකද ඊට වඩා හොදයි  කොන්ක්‍රීට් කරපු පාරක් ලෑටිගානවා....

ඒත් අද ඔය සාමාන්‍ය දේවල් ඔලුවට එන්නෙම නෑ වගේ... මොකක් හරි හේතුවක් නිසා මම ඉදියෙ හැමෝම එක්ක තරහින්.. මටවත් හිතාගන්න බෑ.... 

" ඔය දැන් ඉතිං අලිය වෙලානෙ ... කිසි දෙයක් කියන්න බෑ.... "

අක්ක නැගිටල ඇවිත් මගේ ඇද ගාවින් වාඩි උනා...

" බලන්න  අම්මයි තාත්තයි කොච්චර මහන්සි වෙනවද අපි දෙන්නට උගන්නන්න... කොච්චර වියදමක්ද... ?? ඔයාට තේරෙන්නෙ නැත්තෙ නෑනෙ මල්ලි... ඔයා හැමදේ ගැනම සැහැල්ලුවෙන් බලන්නෙ.. එහෙම ඉන්න තියෙනවනම් හොදයි තමයි... ඒත් අපිට එහෙම බෑ..  මොකද අම්මයි තාත්තයි මහන්සියෙන් හොයන දේවල් වලින් තමයි අපි හැමදේම කරන්නෙ... අපිට පරම්පරාගත බූදල් නෑනෙ....."

"එක්සෑම් එකසැරෙන් ගොඩ යන්නෙ නැතුව ආයෙමත් කරන්න ගියොත්...  තව අවුරුද්දක්... තව නිකන් වියදමක්.. ඒත් එයාල කරාවි... ඒත් අපි  ටිකක් මහන්සි උනොත් ඒක නැති කරගන්න පුලුවන් වෙයි නේද... අපිටත් වගකීමක් තියෙනව මල්ලී... අපි පොඩි ළමයි නෙවෙයි... "

2011-10-17

එලකිරිය පොඩිමෑන්ගේ හිට් කවුන්ටරේ කඩා දැම්මාය




කලින් හුජ්ජ කොල්ලෙකුගේ කක්ක වැඩක් පොඩි මෑන් ලීවාය.... බ්ලොග් අවකාශයේ කස්ටිය ඒ ගැන කතා කෙරුවේය..
බැන්නේය...  කස්ටිය ඒවට කුණුහරුපයයි කීවේය...  තවත් කට්ටිය එහි වරදක් නැතැයි කීවේය... කොහොමින් කොහොමහරි ඒක එහෙම උනේය..

ඊ‍යේ හවස බ්ලොගයට ගොඩවුන පොඩි මෑන්ගේ ඇස් දෙක දොට්ට පැන්නේය.. මාස හතරහ මාරක බ්ලොග් කෙරුවාව තුල දවසක් තුල ලැබෙන වැඩිම හිට්ස් අද ලැබී තුබුනේය... පෝස්ට් එකක් දැම්මානම් ඒ පෙරේදාය.. පෝස්ට්  එකක් නොදා මේ මොන හත්වලාමක් වෙලාදැයි සර්ච් කොර බලන විට එලකිරියෙන් කස්ටිය හෝ ගා පැමිනි ඇති බව ගූගල් ලොක්කාගේ  ගැජට්ටුවේ වැටී තිබුනාය... බැලින්නම් වැඩේ  මෙන්න මෙහෙමය..

බ්ලොග් එකේ ඉතාමත් ජන-අප්‍රිය   පෝස්ට් 5ක්ම එලකිරියේ පලවී ඇත....

වැල ෆිල්ම් වල නිලියෝ
දියියො දීපු ලබ්බ
සනීපාර්ක්ෂක තුවා ගීතය
මෙලෝ රහක් නෑ 1 තට්ට තනියම
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී


කලින් හුජ්ජ කොල්ල වගේ නෙවේය .. මූ එල කොල්ලෙක්ය... පෝස්ට් එක කස්ටිය සමග බෙදාගත්තේ ලට්ට ලොට්ට  ලින්ක් එකද දාලාය... එල කිරියේ කොල්ලා එලකිරිය..

ලට්ට ලොට්ට ඇතුලත් කර ඇත්තේ සින්ඩි දෙකක විතරය.. අනිත් ඒවාට දාන්න පස්ට කම්මැලිය... ලට්ට ලොට්ට බලන්න වැඩිහරියක් කස්ටිය එන්නෙ මූනුපොතේ ගුරුප් එකේ ශයා කරගන්න ඒවා හරාහාය.....

කලින් එකා පෝස්ට් එක අමු අමුවේ ඉස්සුවාය... ගැටලුවක් නැත... වෙබ් අවකාෂයේ හෝ  මොනයම් මගුලක හෝ නිර්මාණකරුවෙක් යම්කිසි නිර්මාණයක් කරාට පසු එය හුදෙක් නිර්මාණයක් පමනක්යැයි පොඩි මෑන් පිලිගන්නේය.. එයට අයිතිකාරයෙක් සිටිය නොහැකිය...  ඒක හරියට  ළමයා වැදුවායි...  ඇති දැඩි කරායි... කියා අම්මලා තාත්තලා උගේ හැම මගුලටම ඇගිලිගසනවා වගේය...

ළමයා හැදුවානම් ඌට කන්න බොන්න දිය යුතුය.. තමන්ට හැකි පමනින් සමාජයේ කාලකන්නියකු නොවීමට ඉගැන්විය යුතුය... ඒත් උගේ අයිතිවාසිකම් වලට උගේ ජීවිතයට ඇගිලි ගසා ඌට නිතරම උදැල්ල දාන්නේනම් වැරදිය.. ළමයා තමාගේයැයි කියා තම්න්ට ඕනෑදේ කරන්නයයි කීම උගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගැනීමක්ය...  දැන් රෙද්ද උස්සගෙන එන  පොරවල් වලට මේ ටිකත් පොඩි මෑන් කියන්නේය... වැරැද්ද සාපේක්ෂය..  අම්මලාට වැරදි දේ ඌට වැරදි නොවන්නට පුලුවන්ය...

"අපි ඔය ළමයට වඩා කරුනු කාරනා දන්න නිසා කියන්නෙ... "
යැයි කීමද පට්ට ගොන්ය

මිනිසා සමාජසීලීසත්වයෙක්ය... ඌ හැමදේම කරන්නෙ සමාජයත් එක්කය... එහෙනම් අම්මලා තාත්තලා ඉන්නේ ළමයාට වඩා පරම්පරාවක් පිටුපස සමාජයකය.. ඒ ඒ සමාජවල තත්ව දෙපාර්ෂවයට තේරුම් නොයන එක පමනක් තේරුම් ගත යුතුය...

 අන්න ඒවගේ නිර්මාණයක් කරාට පසු ඒ නිර්මාණයට කිසිම අයිතියක් නිමාණකරුවාට නැත්තේය.. ඒකෙ හෝදන්න දෙයක් නැත... ඒත් අප තාම පෘථක්ජනයෝය...  තමන් හැදූ ළමයා වෙන එකෙකු විකුනාගෙන කනවා දකින්නට අම්මලා තාත්තලා කැමති නැත්තේය.. ඌ විකිනෙන්න කැමතිනම්  සොරි ඩොට් කොම්ය... ඒත් නිර්මාණකරුවෙකුට තමා වැදූ දරුවා හා සමාන නිර්මානය  දෙකයි පනහේ තුප්පහි වැඩකට විකිනීම නිර්මාණ කරුවාගේ ඇහේ කටු ඇනෙන වැඩක්ය.... දරුවා මෙන් නොව නිර්මාණය අජීවි දෙයක්ය..

බ්ලොග් ගරුවෙකු නිර්මාණයක් කිරීමේ අරමුණ තම ආත්ම තෘප්තිය, අනෙකාට රසවින්දනයක් සැපයීම හෝ යම් පනිවිඩයක් දෙන දෙයක් විය හැකිය.. ( බ්ලොග් කරුවෙක්ට ආර්තික වාසි නොලැබෙනා තරම්ය)

එය අමු අමුවේ හොරකන් කර තුප්පහි දෙකයිපනහේ තමන්ගේ ආර්තික වාසි සදහා යොදාගන්නේ... කිසිම රසවින්දන හැකියාවක් නැති අඳබාල පොන්ටිංලාය .. නමුත් තමන් දුටු නිර්මාණයක් අනෙකා සමග බෙදාගැනීම වරදක් නැත...
එතනදීත් තමන් එය කරායැයි පොරවෙන්න හදනවානම් එය පොර වීමක් නොව කොර වීමක්ය... නමුත් එය අනිත් අය සමග බෙදාගැනීම.. එකෙන්ම එලකිරිය....

බෙදාගැනීමේදී මුලින් කරපු එකා මතක් කරනවානම් එලම එලකිරිය

ඒ නිසා එලකිරියේ කොල්ලා එල කිරිය...

නැත   එලම එල කිරිය......

ප.ලි

අදට දවස් එකසිය දයක් පරණ බ්ලොගයට ෆලෝවර්ස්ලා 200 වෙලාය...
ඉතිං පොඩි මෑන්ට හැපිය



2011-10-15

සනීපාරක්ෂක තුවා ගීතය ... මෙලෝ රහක් නෑ 6





අපෙ අම්ම මේ ඉරිදා කඩේ ගිහිලා....
රෝස පාට පැකට් එකේ තුවා ගෙනල්ලා...
මම මොනවද අහලා
මගෙ කන මිරිකාලා..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ.....
පැන්ට්‍රියෙ දාලා වහලා
හංගල තිබ්බා.....

චිකි බුම්...

පැන්ට්‍රියෙ දාලා වහලා
හංගල තිබ්බා..... //


අපෙ අක්කා ලොකු ළමයෙක් වෙලා කියාලා
විස්වාසෙන් පෙරට එන්න අක්කට දීලා...
සුදු කලිසම ඇදලා
අක්කා යනව වනලා ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ.....
ලොකු උනාම මටත් අම්මෙ
දෙනවද ඒවා.....

චිකි බුම්..

විස්වාසෙන් පෙරට එන්න
දෙනවද ඒවා.... //





මෙන්න මේවත් මෙලෝ රහක් නෑ..

මෙලෝ රහක් නෑ 1 තට්ට තනියම

මෙලෝ රහක් නෑ 2 එක නැට්ටෙ ලබු

මෙලෝ රහක් නෑ 3 "නොදන්න මට අස්ප ගුඩුං 21 +"


මෙලෝ රහක් නෑ 4  විකනවා කොන

මෙලෝ රහක් නෑ 5  සූකිරි මගේ බෝලේ  ගල් පල්ලේ ආලේ


ලගදි  ________හාට්  එකේ  Piers...✿•*`¨"
   කරපුවා...

සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවි


2011-10-13

සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවි





                                ගහල සද්දෙට බෙර
                                දාල නැකතට සුදු පාවඩ
                                ඔල්වරසන් හඩ මැද්දෙම
                                කැපුවට රතු පීත්ත පටිය
                                සතුටින් පිම්බිල
                                කුලුදුල් ඉස්සරහ දොරේ 
                                උඹ.....
                                දන්නෙ නෑ නේද
                                නැගල එන පාරෙ මැද
                                ගල් පඩිපෙල පුරාම
                                ගල් කටුවෙන් කොටල
                                කැටයම් කපල මහන්සියට
                                සද්ද නොකරම හෙමිහිට
                                පාවඩ මුකුත් නැතුවම
                                කලකට ඉහත හැන්දෑවක
                                පස්සෙ දොර ඇරල
                                ගියපු බව
                                මම......
          ________ හාට් Piercing...✿•*`¨"


කලින් හාට් එකේ  Pierce කරපුවා...    කියවලා අදහසක් දාලම යන්න...

ග(ර්)ල්ස් හොස්ටල්

වේසිගෙ පුතා මම 18 + නොවේ

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව      
ආමි බූට්     


හදවත සිදුරු කර සිතුවිලි පලදින්න   _________ හාට් Piercing...✿•*`¨"
 
මගදිගට 11  දාල තියෙන්නෙ....

මගදිගට 12  ලගදීම එනවා......


2011-10-12

මග දිගට 11 " දෙදාහක් විතර සෙනග ඉන්න පන්තිය මැද්දෙදිම චූ යනවා මට ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... "


මේ කොටස පරක්කු උනාට බලවත් කානගාටුව... .. කලින් කොටස් අමතක වෙලානම්.. කියවන් එන්නකෝ...

මගදිගට 1                           
මග දිගට 5                             මගදිගට  9
 
මගදිගට 2                           
මගදිගට 6                             මග දිගට 10

මගදිගට 3 
                         
මග දිගට 7                                 

මගදිගට 4
                          
මග දිගට 8 


අද එතැන් සිට ...

මුලු පන්තියම වටපිට බලනවා...  කවදාවත් පන්තියේ කෙනෙක්ගෙ නමක් සර් කියල නෑ මේ විදියට මයික් එකෙන්.... නමෝ විත්තියෙන් කියවෙන්නෙ මගේ නමමයි....

මම ශ්‍යාමිකයගෙ මූන දිහා බැලුවා......

" එහෙම කෙනෙක් නැද්ද පන්තියේ....."

ආයෙමත් සැරයක් සර් අහනවා...  මේ දවස්වල ග්‍රහයොත් අන්තිමයි... දුක සැප නිති පෙරලේ කිවුවට මගේ දුක සැප පෙරලෙන්නෙ ඊට වඩා පට්ට ඉක්මනට...  හරියට  ව්‍යංග යනකොට පස්ස දෙපැත්තට ගැස්සෙනව වගේ... පට් පට්  ගාල  පෙටලෙනව... ව්‍යංග  වම - දකුණ , වම - දකුණ   කියල දෙපැත්තට ගස්සන කොට   විහඟගෙ  දුක - සැප , දුක -සැප...

ෂික්... මේ ඕප පාතික ගෑනු පරාණයක් මට කොටපු විනේක තරම...  ඔය වැනිල්ල දැකපු දවසෙ ඉදන් තමයි මට කෙල වුනේ...

" නැගිටපං යකෝ......."

ශ්‍යාමිකය මගෙ කලිසමෙන් අල්ලල  මාව උස්සන්න පුල් ට්‍රයි එක... මම බංකුව බදාගෙනම ඉදියා... පලවෙනි දවසෙ මොන්ඩිසෝරියට ඇවිත් දාල යාවි කියල බයට අම්මගෙ සාරියෙ එල්ලිල ඉන්න පොඩි එකෙක් වගේ...
 ඒ මදිවට මගේ නම දන්න එවුන් හැරිල බලනව මගේ දිහා.... මුන්ගෙ බඩ මාලු කන එපැයි  යකෝ අල්ලල... කෙල්ලො හොදයි තව....

පස්ස උස්සන්නම බෑ නිකන්  බංකුවට ඇලිල වගේ... .... ශ්‍යාමිකයා මාව උස්සනව...  මම බොහොම අමාරුවෙන් මගේ පස්චාත් ප්‍රදේශයට ගුරුත්වයට විරුද්ධව , බංකුවට ලම්බකව තවරණයක් ලබා දුන්නා.... අන්තිමේදි t නැමති කාලයකදි  a නැමති උපරිම  තරණයක් ලාබාගෙන
2t නැමති කාලයකදි මන්දනයෙන් යුතුව පස්චාත් ප්‍රදේශය කකුල් දෙක උඩ නිස්චල උනා....

අන්තිමේදි බොහොම අමාරුවෙන් මම මගේ කකුල් දෙක උඩ... ... පේලි එකසිය විස්සක් විතර තියෙන පන්තියේ අන්තිම පේලියේ කොනේම මම  පැන්ශන් එක දවසෙ අන්තිම බස් එක එනකම් බීල බීල බස් හෝල්ට් එකේ ඉන්න නාකි බූඩෙක් වගේ දැන් වැටෙයි දැන් වැටෙයි  කියල වැනි වැනි බලාගෙන ඉන්නවා...

නැගිට්ට මාව දකින්න මුලු පන්තියටම තප්පර තිහකට වඩා ගියේ නෑ.... කෙල ගිලෙන්නෙත් නෑ....  ජීවිතේට මෙච්චර සෙනගක් ඉස්සරහ මේ විදියට හිටගෙන ඉදල නෑ.... කකුල් දෙක වෙවුලනව මදිවට දැනට පැයකට කලින් අන්තිම බින්දුව වෙනකන් චූ කර්ල ආවත් කොහේදෝ නැති ඉලවු චූ බරකුත් ආවා....

ගල් මදිවට පොල්....

" පොත... "

සර් පොතක් ඔලුවට උඩින් උස්සල පෙන්නුව..... පෙන්නල දැම්ම කෙල්ලන්ගෙ ඉස්සරහ පේලියට ...

"ඇවිත් ගන්න......"

හරිනෙ ඉතිං දැන්.....මුගටි ගෙට පැන්නෝ කිවුවලු....... පන්තිය අන්තිම කොනේ ඉදල කොල්ලො දිගැරගෙන ඉන්න බූරු ඇදවල් වගේ කකුල්වලයි කෙල්ලො පලුවක් විතරක් තියාගෙන ඉන්න ගම්මුදාවක් වගේ තඩි පස්සවල් වලයි හැපි හැපි කොල්ලොන්ගෙ ලයින් එකයි කෙල්ලොන්ගෙ ලයින් එකයි අතර තියෙන චූටි ඉඩෙන් ත්‍රීවීල් එකක ගියොත් රුපියල අසූවක හයර් එකක් ගන්න දුර විතර දුරක් දෙදාහක් විතර කට ඇරගෙන බලාගෙන ඉදිද්දි ගිහින් ගන්න ඕනෙ පන්තිය මැදින්....

 දෙදාහක් විතර සෙනග ඉන්න පන්තිය මැද්දෙදිම  චූ යනවා මට ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... ...

අනේ දෙයියනෙ... රබර්ලටවත් මේ වන් දුකක් නම් නොවේවා.......!!!

2011-10-08

හූරණ ටිකකට් එකක් අරන් නැති අය ඉන්නවද ?? නැතිනම් මම මගේ මෙන්න මේ කන කපනවා....



හූරණ ස්විප් අරගෙන තියෙනවද... ??
අනිවා අරගෙන තියෙනවා.. නැති එකෙක් නෑ.....
නෑ කියල කියන එකෙක් හරි ඉන්නවනම්...
මම ඔප්පු කරල පෙන්නනව ආරගෙන තියෙනව කියල....
මගෙ අම්මා පල්ල... පෙන්නනව ඔප්පු කරල...

නැතිනම් මම මගේ මෙන්න මේ කන කපනවා....

හූරණ ස්විප් කියන්නෙ මහ පට්ටම පට්ට අමුතු දෙයක්...
සමහරුන්ට ඇදෙනවා....
සමහරුන්ට අතේ තියෙන රුපියල් විස්සටත් කෙලවෙනවා..
ඇදුනත් සොච්ච්මයි....
ඒකෙනුත් තව ටිකට් එකක් ගන්නවා....
පස්සෙ ඒකටත් කෙලවෙනවා..
කමක් නෑ විස්සට දෙකක් හීරුවනෙ කියල හිත හදාගන්නවා...
සමහරක් වෙලාවට විස්සට තුන හතරක් හූරන වෙලාවල් තියෙනවා....
එතකොටනම් ටිකක විතර හැපි..
ඇයි අතේ තියෙන විස්සට තුන හතරක් හූරලනෙ...
ඒත්  ඒ වෙලාවට අපිට හිතෙන්නෙ නැති දේ තමයි එකක් හූරල පැරදුන මිනිහට ව්ඩා තුන හතරක් හූරලත් පැරදුන එකා පට්ටම පට්ට ගොනෙක් කියල...

ඇදිච්ච රුපියල් විස්ස තියාගත්තත් වැඩක නෑ...
හූරල විතරයි නෙ...
ඒත් ඇදුන රුපියල් විස්ස තියාගන්නෙත් කීයෙන් කී දෙනාද... ??
මම හිතන්නෙ කවුරුවත් නෑ..

එක එක ජාතියෙඒ හූරණ ටිකට් එනවා... අපි එක එක දවසට එක එක ඒව හූරණවා...
අන්තිමට කෝක හීරුවත් අතේ තිබ්බ විස්සට කෙලවෙලා...

කමක් නෑ විස්සනෙ කියල හැමදාම හූරණවා....
දන්නෙම නෑ විස්ස විස්ස කෙලවෙලා
අපිත් නොදැනම හීරිලා...

කමක් නෑ ටිකට් කාරයවත් පෝසත් වෙනවනෙ...
ඒත් කොහෙද ටිකට් කාරය පෝසත් වෙන්නෙ..
ඌට තියෙන්නෙත් එක ටිකට් එකෙන් කොමිස් එකක්නෙ...

ඌ අර ලවුස් පීකරේ බෙල්ලෙ බැදන් කෑගහන්නෙ ඔය රුපියලේ කොමිස් එකට....
එත්කොට මොකාටද ටිකට් එකේ ලාබෙ...??

ජාතික ලොතරයි මන්ඩලේටලු..
ඒත් උන් කියනවනෙ ඒක රට ජාතියේ සංවර්ධනේට කියල...

ලබ්බ තමයි...

රට සංවර්ධනේ කරන්න ඔය ඕන තරං බදු ගහන්නෙ එක එක ඒව .. අර එස්ටී මේ එස්ටී.. වැට්  හුට්  පට්....
ඒවයින් ඔය කරන අහවල් එකක් කරන්න පුලුවන්නෙ...
සුවිප් එකක් පෙන්නල අපට බෝලෙ බස්සල .... සල්ලි කඩා ගන්නෙ... දන්නෙම නැතුව අපිට සුවිප් එක ඇදිල කල්ල මරේ... දිගටම ඕක හීරුවොත්...

කාර දෙනව බාර් දෙනව හෙන හෙන  ඇඩ් දානවා.... ඒත් මොකාටද හූරන එකෙන් ඔය කාර් බාර් ඇදිල තියෙන්නෙ..

මම දන්න එකෙක්ටනම් නෑ...

ඊට වඩා හොදයි ඕයි  සිගරට් එකක් බොනව රුපියල් විස්සට...
අඩුමගානෙ පපුවවත් හැදෙනවා...

පපුව බල්ලට ගියත් අඩුමගානෙ ෆීලින් එකවත් තියෙනවා... ඔය කෙහෙල්මල් විස්සට නියව නියව ඉන්නව වගේද දුම ඇදල ඇතුලෙ තියෙන ඔක්කොමත් එක්ක පිට කරන එක රුපියල් විස්සට...

පුග්... මේ යක්කුන්ට තේරෙන්නෙ නෑනෙ...

ඒත් ඉතිං මමත් ඉදල හිටල ඔය හූරණ ටිකකට් දෙක තුනක් අරගෙන තියෙනවා... පලවෙනි දෙක තුන හීරුවා.. පලවෙනි එකකම ටිකක දුරට ගියා විස්සෙ ඒව ඇදි ඇදි...
ආ වැරදුනා.. ඒ දවස්වල ටිකක් ලාබයි... රු  දහයයිනෙ...

දහයෙ ඒව ඇදි ඇදි ටිකක් දුර ගියා....

පස්සෙ කෙලවෙලා ගියා...

කමක් නෑ දහයට තුන හතරක්ම හීරුවනෙ... ඇදුනෙ නැතත් හූරන එකන ආතල් එක...

ඒත් දහය... මතක් වෙනකොට පොඩ්ඩක් විතර අප්සට්..

දෙවනි වතාවටත් තුන්වෙනි වතවටත් හීරුවා... ලෙල්ල ඇරිය විතරයි පුදනකොටම කාපි යකා හූරපු ගමන් කෙලා හුටස්...
අර කලින් වගේ දහයත් නෙවෙයි... විස්සක්.... ෂික්,,,,

අයෙනම් ගන්නෙ නෑ ඔය හූරණ ලබ්බවල්... මොන මගුලක්ද....

ඒත් ලොතරැයි කාරය පීකරේ දාගෙන අද අදිනවා..... ගාගෙන යනකොට ... අම්මමප උගෙ ආච්චිට...

දවස් දෙක තුනක් කන්දෙක වහගෙන හැංගිල හිටියා.. කොහෙද ම්...හුග්...
අර අපේ ගෙදර ඉන්න වේස බල්ලත් ඌට උඩු බුරලනවා....

බඌඌඌඌඌඌඌඌඌඌඌඌ...........

නොදකින් විතරක්.....  කපල දාන්න හිතෙනව ඕකගෙ බෙල්ලට රතු පටියක්...

බැරිම තැන.....
හවසට දුමක් දාන්න තියෙන සල්ලිත්  අරන් ගියානෙ  ඌ ගාවට...
අද අදින එක තියාගෙන ඇහැ යන්නෙම හූරන එකට...

ආයෙමත් ගත්ත මම හූරණ එකක්...
 හැබැයි,,,,,,

මේ පාර මම හීරුවෙ නෑ....
අරන් තියල තියනවා...

කොහොමද ආතල් එක.... එතකොට රුපියල් විස්සට තාම පාඩු වෙලා නෑ...
ඒකට කෙල වෙලත් නෑ,,,,
සමහර විට ලක්ෂ ගානක් ඇතුලෙ ඇති...
එහෙම කියල හිත රවට්ටගෙන තියාගෙන ඉන්නවා හූරන ස්විප් එක හූරන්නෙ නැතුවම...

එතකොට තමයි ඒකෙ නියම වටිනාකම තියෙන්නෙ... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...  ටිකට් එක නැතිකරගන්නෙත් නෑ හූරන්නෙත් නෑ...

පට්ට අමාරුයි තමා..ඒත් තියාගත්තොත්... අම්මප තියාගත්තොත්...

නෑ මම කියන්නෙ නෑ...

තියාගෙනම බලනවකො..... ...

ආයෙ හෝදන්න දෙයක් නෑ...
ආදරේ කියන්නෙ හූරණ ස්විප් එකක්ම තමයි....... ආයෙ ඒකෙ දෙකක් නෑ... ....

හා දැන් කවුද හූරණ ටිකක් අරන් නැත්තෙ ......???



අද ඡන්දෙ.... චන්දෙ ගැන පොඩි මෑන්ට හිතුන  හැටි දැක්කාද ?

අමුතු ඇටේ දියවන්නාව මහ සත්තුවත්තට යන්නට පස්ට් ස්ටෙප් එකට අද චෑනිස් එක...


කලින් හිතුන වෙන ඒවා...


කුණුහරුප ගැන ඉගන ගනිමු හැබැයි 18 + නොවේ

Modern Love සමීකරණය විසදීමෙන් කෙල්ලෙක්ගේ කන්‍යාභාවය = රු 800/= ??

රාජපක්ෂ ප්‍රතිඥාව හෙවත් කුරහන් සාටකේ රීලෝඩඩ්


මිස්ට ඇන්ඩ් මිසිස් මනමේගේ අප්සට් හනිමුන් එක සහ ඉතින් ඊට පස්සෙ 

දැන් පෙන්නනවා... "ග්‍රීස් යකා රී ලෝඩඩ් " රෙද්දෙ ගාගන්න කැමති අයට වඩාත් සුදුසුයි




2011-10-06

සිප් රන් දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්



                                           සාමලා අමරලා
                                           කොයිද දැන් ගුරුතුමී...
                                           පුංචි කලිසන් කොටය
                                           නමුදු අමතක නැතී...
                                           සොඳුරු සුදැදුරු නුඹට
                                           නිබද අප ණයගැතී
                                           වදිමි දෙපතුල් බැතින්
                                           දරු කැලැත වැද වැටී...

                                          අදත් ඉස්සර වගෙම
                                          කලු ලෑලි පුරාවට,
                                          ගයාවී වියැකෙමින්
                                          හුනුකූරු ගීතයක්...
                                          වේවැල් කසාය නුඹ
                                          තිත්ත බව පෙන්වීය..
                                          ගුණ ණැන බල පත අට
                                         ගෙන එකට සිදවී‍ය....
                                         සුවහසක් කල් අපව
                                         සිපි කිරෙන් නෑවීය...
                                         ඒ කිරෙන් පෝෂිතව
                                         නුබේ බල පෙන්වී‍ය...

                                         වන්දාමී වන්දාමී....
                                         අප හැදූ මවුපියනි.......



ලෝක ගුරුදිනය වෙනුවෙන්  සියලුම ගුරුවරුන්ට උපහාරයක් වේවා....... !!!