2012-02-28

පාරදිගේ පෙරලී ගිය ලොකු කුක්කු පොඩි උන හැටි - බීමත් යක්ෂයෙන්ක්ගෙන් තරුණියකට අතවර ( බිග් මැච ආතල් කතා 3 ) 18+




බික්මැච් සීසන් එකේ ආතල කතා කියන්න ඉතින් වෙනමම බ්ලොග් එකක් ලියන්න වෙනවා..

ඒ වෙච්ච ආතල් වලින්,

පුකවල් ලෙලි යවාගෙන  කොඩි දාපු හැටි  

පෙරඩ් යන්න   කෙල්ලට ගිෆ්ට් එකක් දෙන විදියට ශෝප් එකේ අක්කව අපහසුතාවයට පත් කරමින් එක්තාරා පුද්ගලයෙක් කුක්කු හැට්ටයක් මිලදී ගනිපු හැටි කිවුවනෙ...

අද කියන්න යන්නෙ ඊට පස්සෙ උන දේවල් ටිකක ගැනයි...

පෙරඩ් එක දවසෙ ස්කෝලෙ ළමයින්ගෙ පැමිනීම නම් ඉතිං එකසිය ගානට..  එකසිය ගානට කියන්නෙ ඉතිං ඇත්ත වශයෙනම එකසිය ගානට තමයි.. දාස් ගානක් ඉන්න ඉස්කෝලෙ එදාට ඉන්නෙ එකසියගානක් විතර නිසා... අට වසරෙන් ඉහලට යන්න යන්න පෙරඩ් එකෙට සහභාගී වෙන්න අවශ්‍ය නිසා කොල්ලො ස්කෝලෙ එන්නෙ අඩුවෙන්... පෙරඩ් එක පිටත් වෙන්නෙ ස්කෝලෙ ගාවින් 1.30ට උනත් උදේ ඉදල අවශ්‍ය විදියට සූදානම් වෙන්න එපැයි....

පාසලේ ඉවත් වෙච්ච උන්නම් වැඩි හරියක් සූදානම් වෙන්න කියල කරන්නෙ උදේ ඉදලම කන පැලෙන්න බොන එකයි... බීල සෙට් කර ගනිපු වාහනේ එල්ලිලා පෙරඩ් එකට එන එකයි...

පෙර කතාවේ සදහන් කල එක්තරා පුද්ගලයා ඇතුලු පිරිසත් පෙරඩ් එකට ලෑස්තිවෙන්න ගත්තෙ උදේ 9 විතර...  1.30 වෙනකොට අම්භානෙකම කන් පාත් වෙන තරමට ලෑස්ති උන පුද්ගලයා ඇතුලු පිරිස පෙරඩ් එකට පිටත් උනා..  සෙට් එකේ උදවුවෙන් රූමත් තරුණියකගෙ වෙස් ගත් පුද්ගලායා මිලදී ගත් කුක්කු හැට්ටය ආදාරයෙන් උස් ඌ ලැම මඩලක් හදාගත්තෙ බැලුම් බෝල දෙකකට වතුර පුරවල ගැටගහලයි....  එක ගානට දෙකක් හදාගන්න මර ගේමක් දෙන්න උනේ ඒ මොහොත වෙන කොටත් ඉතා හොද සිහි කල් පනාවෙන් ඉදපු නිසයි....

මිතුරන්ගෙ අප්‍රතිහත් දෛර්ය නිසා කාගෙත් සිත් ගත් රූමත් තරුණියක් පෙරඩ් එකේ ගියා... 

කොච්චර සිත් ගත්තාද කියනවන්ම් සුරා මතින් මත් වෙච්ච යක්ෂයෙක් මේ රූමත් තරුණිය ගැන පෙරඩ් එකේ මුල සිටම සිතක් පහල කරගෙන සිටි වග  දැනගන්න පුලුවන් උනේ පෙරඩ් එක ගාල්ල නගරට ඇතුල් වෙන මොහොතේදී  බොහෝ දෙනාගේ ඉල්ලීම මත තරුණිය ගමන්ගත් රථයෙන්  වෙනත් වෑන් රථයකට මාරු වූ අවස්ථාවෙයි...

ඒ රථයේ සිටි සුරා මතින් මත් වී සිටි මේ නොදැමුනු යක්ෂයා ගමන් ගන්න වෑන් රථයේ වහලය  මත මේ තරුණියට අතවර කරන්න ගත්තේ වටේ සිටපු උන්ගේ මහා ගෝෂා මැද හා ගාල්ල නගරයේ දහසක් ජනයා මැදයි...


තරුණියගෙ ලැම සපා කෑ යක්ෂයා (පෙරඩ් එක අවසානයේදී ගත් චායාරූපයක් )


පොලිස් නිලදාරිණියන් අදාල සිදුවීම දැක ඉවත් බලාගත් අතර... පොලිස් නිලදාරීනුත් සිනහමුසු මුහුනින් සිද්දිය නැරබූ බව කනගාටුවෙන් උනත් කියන්න වෙනවා...

යක්ෂයා කොච්ච සුරා මතින් මත් වී වියරු වැටී සිටියේද කියතොත් තරුණීයගේ උස් ඌ ලැම සපා කෑවේ උමතු අයුරුන්.... සපා කෑම කොතරම් දරුණු වීද යත් එක පියයුරක් තරුණීයත් යක්ෂයාත් තෙමා දමමින් පුපුරා ගිය අතර.. අනිත් පියයුර  කුක්කු හැට්ටයෙන් ඉවතට පැන ගාලුපාර දිගේ පෙරලී ගොස්  මාතර කොළඹ බස් රඨ්යකට යටවී ගියේ බොහෝ දෙනාගේ සෝ සුසුම් මැදයි...

මොහොතකට පෙර මනස්කාන්ත  මනරම් රූ සපුවකට උරුමකම් කී තරුණීයගේ උස් ඌ ලැම බුල්ඩෝසර් කල පිනෑස් ඉඩමක් සේ තුනී වී යාමට මොහොතක්වත් ගත උනේ නෑ...

අවසානයේ තරුණියට ලැම සකසා ගැනීමට අහල පහල කොල්ලන්ගේ ගදගහන මේස් වල පිහිට පැතීමට සිදු වුනා...

සිද්දිය එසේ අවසන් වී ගියත් පෙරඩ් එකට පසුදා ඇරඹි බිග් මැච් එකේ දෙවන දිනය අවසානයේ සංවිධානය වී තිබුන 08 බැජ් එකේ ගෙට්ටු ගෙදර අවසානයේදී ඒ ගැන යලිත් කතා බහක් ඇති උනා....

ඒ අදාල කතාබහ ඇති උනේ ගෙට්ටුව අවසානයේ තරුණිය ලෙස පෙනී සිටි අදාල පුද්ගල යා හා තවත් පුද්ගලයන්  දෙදෙනෙකු මැදියම් රැයත් පසුවී ගෙට්ටුව අවසානයේ පයින්ම ගෙදර බලා යමින් සිටි මොහොතේයි... ඒ පුදගලයා අපි  X යැයි සදහන් කරමු...

‍x                                                    -  කොච්චර උනත් පෙරඩ් එකේ දි කැ_ වැඩක් උනා බං....

තරුණීය ලෙස පෙනී සිටි පුද්ගලයා  - ඒ මොකද්ද මචෝ

‍x                                                    - අර පෙරඩ් එකේ රතුපාට සායක් ඇදගෙන කැ_ කෑල්ලක් විදියට එකෙක් ගියේ බං...

තරුණීය ලෙස පෙනී සිටි පුද්ගලයා  - ඉතිං

‍x                                                    - බොරු ත_ දෙක උනත් ඒක කැ_  තන් දෙක බං....  මම  ෆුල් ආතල් එකේ මිරික මිරික ඉදියෙ එක පාරටම අර  අම්මට හු __ __ යකෙක්   ඒ ත_ දෙක කෑවනෙ බං...  ෂික්... ආතල් එක කෑව...

තරුණීය ලෙස පෙනී සිටි පුද්ගලයා :-  අඩෝ කැ_ යකෙක්නෙ ඌ... උගෙ අම්මට හු _ _ _ එපැයි....


 කතාව අසා සිටි තෙවන පාර්ශවය පසුදින අදාල කතාව මතක් කරදෙන තුරු තරුණිය ලෙස පෙනී සිටි පුද්ගලයාට තමා කවුදයි අමතක වී සිටියේලු...

තරුණිය ලෙස පෙනී සිටි පුදගලයාට අදාල වෙලාවේ කොතරම් කෙලින් සිටීමට හැකියාවක් තිබුනේදැයි දැන්ගැනීමට ගෙට්ටුව අවසාන වීමට මොහොතකට පෙර ඉතිරිවීසිටි පිරිස සමූහ චායාරූපයක් ගැනීමේ අවස්ථාවේ ලබාගත් පහත වීඩියෝ පටය නරබන්න...






අදාල පුදගලාය හදුනා ගත්තේනම්  නම සටහන් නොකිරීමට කාරුනික වන්න....





2012-02-27

සයිබර් සිහින උළෙලේදී හැඬවෙන මංගල සීනු - "බනියාගේ විවාහ යෝජනාව"-



මේක හරියන්නෙ නෑ....

තවත් බලා ඉදලත් බෑ...

හොර රහසෙ වැඩේ කරාට කලින් සැරේ වැඩේ හරි ගියේ නෑනෙ...  ඒකෙන් මේකෙන් උනේ කොමිස් එකට මට ලැබෙන්න තිබුන හයිබ්‍රිඩ් එක නැති වීමයි.... කලින් සැරේ කිවුවෙ ඉතිං ගාල්ලෙ ගෙට්ටුවේ තමයි.... ගහපු ප්ලෑන් ඔක්කොම වතුරෙ ගියා මදිවට තව පොඩ්ඩෙන් හිරෙත් යන්න වෙනවා....

වැඩේ ගැස්සිල ගිය පාර කොල්ලට පිස්සු වගෙත් හැදිලා  උසාවිය දෙවනත් වෙන්න කෑගහපු හැටි මතකයි නේද... .... මතක නෑ... එහෙනම් මේ බලපල්ලා... ඌ කෑගහපු හැටි...

දැන් ඉතිං අර මොකුන්ද එවවුන් වගේ හිනා වෙන්න එපා හරිය...  පුක ලෑල්ලෙ තියන්න බැරි තරමට මහත් උනත් ඌත් හොඳ ගාල්ලෙ කොල්ලෙක්... ඔහෙලා ඔයා විදියට ඌට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැති එකට හිනා වෙලා ඌට දැන් පඩිසං දෙන විදියට පඩිසං දෙන්න ගත්තාම අඩපල්ලා...

එතකොට හිනා වෙන්නෙ අපි...

ඌට ඕක උනේ අල්ලපු ගෙදර නංගිගෙ ලවු එක කැඩෙන්න කොඩිවින කරලයි... ඒකනෙ කෙල්ලෙක් නැතුව හතරවරං ගහගෙන ඉන්නෙ මූන නිකං පපඩමක් වගේ කරගෙන...


කොල්ලට ඔන්න ඕක ගැන හිතලම මේ දවස්වල හිතේ අමාරුවට උණලු....

ඔන්න ඒක නිසා මේක ප්‍රසිද්දියේම පටන් ගත්තා... ඒ කියන්නෙ මංගල යෝජනාවක් දාන්න...

මංගල යෝජනාවක් දාන්න ලැජ්ජ වෙන්න ඕනෙ නෑනෙ... ඔය පත්තරයක් ගත්තාමත් කොච්චර තියෙනවද...

එහෙනං මෙන්න මංගල යෝජනාව....

දකුණේ හා ගොවි... ..  පුත්තලං බූරුවන් 10 වයස, එහෙත් නොපෙනෙන ඇගට සරිලන මොලයක් නැති උවද උස * 25 පමන බර.. ස්තූල පෙනුමැති , රැවුල නොකපන.. හයිබ්‍රිඩයක්, ඇන්ඩ්‍රොඩයක්  කැමරාවක් හා අනාගත ලීමෝළ් හිමිකරු  වරදට සමාව දෙන  "හා"  මිතුරාට සුදුසු සහකාරියක් මිතුරන් සොයයි... පලමු විවාහයෙන් වෙන්වී සිටින හෝ පැනගිය, ළමයින් ඇති හෝ නැති , වැන්දඹු හෝ වෙන්ඩ වැන්දඹු  උස , කොට , කළු , සුදු , තලෙලු  නාකි නොපෙනේනං වයස ප්‍රස්නයක් නැත. සුළු අබාද උවද සැලකේ...( පොතුකබර , කන,  ගොත , එක කනක් නොඇසෙන ) එකම සුදුසු කම ඔහුගේ බ්ලොග් එක කියවා තිබීම පමණි . කියවා නැතිනම් පහත සබැඳිය ඔස්සේ වරක් එයට පිවිසීමෙන් සුදුසුකම් සපුරාගත හැක. සුදුසුකම් සපුරාගත් අය තමාම ලියන්න.


                                Bunny ගේ  සිතුවිලි


ලිපි කවරේ ඉහලින්   "   බනියාගේ මංගල සිහිනය " -සයිබර් සිහින උළෙල 2012 " යනුවෙන් සටහන් කරන්න අමතක කරන්න එපා...

යෝජනා එවිය යුතු ලිපිණය

බනියාගෙ මංගල සිහිනය
විශේෂ නියෝජිත පොඩි මෑන් බාරේ
ලට්ට ලොට්ට බ්ලොග් අඩවිය
ගූගල්

 
වැඩිදුර තොරතුරු  _      071 9250005  (බනියා මහතාගේ  පෞද්ගලික දුරකථන )




මේ දවස්වල අසනීපයෙන් සිටින නිසා ඉක්මන් සුවය පතා කෝල් එකක්... මැසේජ්  එකක් යවන්නත් අමතක කරන්න එපා...

මංගල යෝජනාවට  එකතුවෙන්න කෑලි තියෙනවනං පහලින් කමෙට් කරල යන්න... කොහොමහරි මූට එක සෙට් කරල දෙමු අප්පා...


සයිබර් සිහින උළෙලේදී   බනියාට මංගල සීනු හැඩවෙන හැටි බලන්න ඔබත් එන්න.... !!!
                                                                 
                                                ෴෴෴


බිග මැව් ආතල් කතා 3-    පාරදිගේ පෙරලී ගිය  ලොකු කුක්කු පොඩි උන හැටි..... ඊලගට

බිග් මැව් ආතල් කතා 1 සහ 2  කියවලා රෙඩි වෙලා ඉන්නෙ.

1 - ගාල්ලට ඉහල අහසේදී අපේ පුකවල් ලෙලි ගිහිපු හැටි
2-පාසල් පෙම්වතා තම පෙම්වතියට තෑගි දීමට මිතුරන් සමග කුක්කු හැට්ටයක් තේරූ හැටි





2012-02-26

පාසල් පෙම්වතා තම පෙම්වතියට තෑගි දීමට මිතුරන් සමග කුක්කු හැට්ටයක් තේරූ හැටි ( බිග් මැච් ආතල් කතා 2 )



 උදාවෙලා තියෙන බිග්-මැච් සීසන් එක නිසා මේ දවස්වල බිග් මැච් ආතල් කතා ටිකක කියන්න හිතල මුලින්ම දැම්මෙ ගාල්ලට උඩින් අහසෙදි අපේ පුකවල් ලෙලි ගිහිහිපු හැටියි... කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් කියවතෑකි...

ඔය පිස්ස.. ඒ වගේම රත්ගමය යන ස්කෝලෙ එක්ක තමයි අපේ ස්කෝලෙතාඋවෘදු 106 තිස්සෙ බිග් මැච් කෙරුවාව කරන්නෙ...  ආදරවන්තයන්ගෙ හටන කියල විරුදාවලිය ලබාගෙන ඉන්නෙ මේ බිග්- මැච් එක ගහන ස්කෝලෙ දෙකේ සෑහෙන පිරිසක් බ්ලොග් අවකාසෙ ඉන්න නිසා ඉස්සරහට ඔය බිග් මැච් ගැන කට්ටිය ලියාවි කියල හිතනවා....

පිස්සගෙ ප්ලාමල්ල, රත්ගමයා... ආවාටය ලියන අසංග,  ඉසවුව  ලියන චාමික  වගේ තවත් කට්ටිය අතින් ඔය ගැන ලියවේවි...

බිග් මැච් ගන කතා  කතා කරණකොට පොඩි කාලෙ ඉදල  අපි සිහින මැවුවෙ පෙරඩ් යන්නයි... මැච් එකේ දවස් දෙක වෙලාවෙත් වාහනේක නැගල කොඩියක් එල්ලගෙන රවුමක් දාන එක වගේ නෙවෙයි පෙරඩ් එක කියන්නෙ මැච් එකට කලින් දිනයක නිලවසයෙන් යන  රථ පෙලපාලියයි...

මේ තියෙන්නෙ ගිය අවුරුද්දෙ  පෙරඩ් එකයි... ඉස්සුවෙ  එරන්ද සොයුරගෙ ප්‍රොෆටිල් එකෙන්...  වීඩියෝ එකේ ද්වනියට තියෙන පොටෝ කෑල්ලෙ පොර වගේ ඉන්නෙ ඌ තමයි....




මේකෙ අරමුන තමයි අදාල පාසලේ ක්‍රිකට් කන්ඩායමේ නායකයගෙ ගෙදරට.. ඔබුට සුභ පතන්න යන එක....  බයිසිකල් කාර් වෑන් ජිප් ලොරි ඔය කොයි වාහනෙත් එදාට කොල්ලො කෙල්ලො එල්ලගෙන පෙරඩ් එකේ යන හැටි බලාගන්න පුලුවන්...

මැච් එක ගහන ස්කෝල දෙකේම ඉදියෙ කොල්ලො වොතරක් උනාට අනිවාර්යෙන් පෙරඩ් එකේ ලස්සන ලස්සන කෙල්ලො ටිකක්නම් අනිවාර්යෙන්ම යනවා....  

..  වෙනසකට තියෙන්නෙ මේ ගෑනු ළමයි ටික කොල්ලෙක් මොනවත් කිවුවට කොහෙන්වත් ඇල්ලුවට.. මිරිකුවට... උම්ම එකක දුන්නට...  මොනවත් නොකියන්න තරම් විනීත වුවිනීත ගෑනු ළමයි වෙච්ච එකයි......  උනුත් හරි කැමතියි වැඩේට...

මේ ඉන්නෙ ගිය සැරෙ පෙරඩ් එකේ ගියපු ගෑනු ළමයි ටික දෙනෙක්...














මේන්න නේ  පෙරඩ් එක නිසා ඊට කලින්  වෙච්ච ආතල් කතාවක් තමයි මේ...

ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ ඒ කියන්නෙ 2010 වසරෙ ඔයවගේ ගෑනු ළමයකෙ වෙන්න එකතරා පුද්ගලයෙකුත් ලක ලෑස්ති උනේ දවස් දෙකකට විතර කලින් ඉදන්... තම නැගනියගේ නෙට් බෝල් ගහන්න අදින  සායක්  සහ  කබඩ් එකේ මුල්ලක තිබුන හැට්ට කෑල්ලක් වැඩේ සදහා සොයා ගත්තාල ... ගෑණු ළමයෙක් උනාම දුටුවන් මන බඳින රූ සපුවක ප්‍රධාන අංගයක් උස් වූ ලැම පෙදෙස...  පෙරඩ් එකේ වැඩි හරියක් කොල්ලො ආකරෂනය කරගන්න පුලුවන් ඒ වගේ ලැම පෙදසක හිමිකාරියකට....අනිත් දේ තමයි වැඩිහරියක් එවුන්ට කියල මිරිකවාගන්න පුලුවන්.... සහෝදර බාලිකාවන් පාරෙ යනකොට පොඩ්ඩක හොලවල පෙන්නන්න පුලුවන්.....

උස් වූ ලැම පෙදසක් තනාගැනීම  සදහා ඉතිං අනිවාර්යෙන්ම ඕනෙ දෙයක් තමයි කුක්කු හැට්ටෙ.... බ්‍රෙෂියර්.. බ්‍රා.. තන පට වගේ විවිද නම් භාවිතා කරත් කොල්ලොන්ගෙ වචනෙ උනේ " කුක්කු හැට්ටෙ " කියන එකයි.... කොල්ලො යට අදින ටී වෙස්ට් එකක රෝල් කරලා මැදින් කට්ටක් ගහල ගන්නවට වඩා ඔරිජිනල් කුක්කු හැට්ටෙකින් තියෙන ආතල් එක වැඩි නිසා පෙරඩ් එකේ යන ගෑණු ළමයි කුක්කු හැට්ට හොයාගන්න පෙරඩ් එකට කලින් ඉදලම හෙන ගේමක් දෙනවා... කුක්කු හැට්ටෙ ඇතුලට පොල්කටි දෙකක්.. පරන රෙදි කෑලි ටිකක දානවට වඩා ෆුල්ම නැචුරල් ලුක් එක එන්නෙ බැලුම් බෝල දෙකකට වතුර පුරවල දැම්මාමයි....

ඒ නිසා  පෙරඩ් ලංවෙන කාලෙ වෙනකොට පාසල අවට අහල පහල ගෙවල් වල, වැල් දිහා ඇහැ ගහගෙන ඉන්න එක ඔය ගෑණු ළමයි වෙන්න හදන කාගෙත් එක ක්‍රියාවක්...

  පාසලට යාබඳ.. පාසලේම ගුරුතුමියකගෙ ගෙදර රෙදි වැලේ ඔය වගේ දර්ශන කලින් දිනවල සුළබ උනත්.. පෙරඩ්  දින ලංවෙනකොට ඒවගේ දෙයක් හොයාගන්න බැරි උනේ ගිරුතුමී ගිය අවුරුදු වල උගත් පාඩම් නිසා ගත් ක්‍රියාමාර්ගයක් කියල ඉහත කී පුද්ගලයා ඇතුලු පිරිස නිගමන්ය කරාලු...

ඊට පස්සෙ තිබුනෙ එක ක්‍රියා මාර්ගයයි... ඒ සල්ලි දීල අලුතෙන්ම කුක්කු හැට්ටයක් මිලදී ගැනීමයි...

ඉතිං අදාල පුද්ගලයා තවත් පුද්ගලයන් තුන් හතර දෙනෙක් එක්ක කාන්තා ඇඳූම් විකුනණ වෙලඳ සැලකට ඇතුලු වෙලා වටපිට බලන  වෙලාවෙ එහි සිටි සුකුමාල වෙළද සේවිකාවක් කෙල්ලොන්ගෙ ඇඳුම් සාප්පුවකට ඇවිත් හතර වටේ කට ඇරගෙන බලන සෙට් එක දිහාවට ආවලු...

ඊට පස්සෙ ඇතිවෙච්ච දෙබස මෙහෙමයි...

"මොනවද සර් බැලුවෙ...."

වෙලද සේවිකාව  සුමුදු සුදු මුදු දසන් පෙන්නා විමසා ඉදියාලු.... එක සැරේ කටක් ඇරල ඉල්ලන්න පුලුව දෙයක් නොවන නිසා  අදාල පිරිස මුලින් මද සිනා පෑවාලු...

" ගර්ල් ෆ්‍රෙන්ඩ්ට ගිෆ්ට් එකක්ද... ??

අදාල පිරිසෙන් එකෙක්ගෙ කට ඉස්සර උනේ ඔය වෙලාවෙලු...

"ආ... ඔවු ඔවු... මෙයාගෙ
ගර්ල් ෆ්‍රෙන්ඩ්ට ගිෆ්ට් එකක් ගන්න තමයි අපි ආවෙ.... ..."


"මොනවද සර් බැලුවෙ...  ටොප් එකක්... ජින්ස් එකක්... ??

ඉහත සදහන් කල එක්තරා පුද්ගලයාගෙ ලගට ලංවුන සේවිකාව නැවතත් සුමුදු සුදු මුදු දසන් දක්වා විමසා සිටියාලු.... ලැජ්ජ බිමදිගේ යවා හෝ පැමිණී කාර්ය ඉටුකරගැනීමට අවශ්‍ය නිසා ඔහුත් සමග පැමිණි නොසන්ඩාල යහළුවන් පිරිසගේ මහ සිනා මැද ඔහු කට ඇරියාලු...

"නෑ  කුක්කු හැට්ටයක්......"

" ආ....."

කිසිදින නොඇසූ ඇඳුමක නමක් නිසා සේවිකාවගේ අපහසුතාවයට පත් උනාලු...

"නෑ නෑ මේ.... මේ... බ්‍රා එකක්..."

අන් අයගෙ සිනහ හඬ හා  "සර්" කියා ඇමතුවත් පාසල් යන වයසෙ හුජ්ජ කොල්ලෙක් පෙම්වතියට දීමට යන තෑග්ග ගැන ඇසූ වෙලද සේවිකාවගෙ මුව මොහොතකට ගොලු උනාලු.....

" අපිට බලන්න පුලුවන්ද...."

වෙලද සේවිකාවගෙ නිහඬතාව බලාගන්න බැරි තැන පෙර සදහන් කල පුද්ගලයා විමසා සිටියාලු...

" මේ පැත්තෙන් එන්න... "

වෙලද සැලේ වෙනත් පැත්තකට පිරිස කැදවාගෙන ගිය සේවිකාව....

" සර් මොකද්ද සයිස් එක... "

" අග්.. ඒක ප්‍රස්නයක් නෑ අක්කෙ.. ලොකුම බ්‍රා එකේ සයිස් එක කීයද...?

වෙලද සේවිකාව නැවතත් ගොලු උනාලු ....

"එක එක ජාතියේ ඒව එක එක සයිස් සර්..."

"වර්ගෙ ප්‍රස්නයක් නෑ පුලුවන් තරන් ලොකු එකක් දෙන්න.... "

වෙලද සේවිකාව නැවතත් ඉතා අපහසුතාවයෙන්  ප්‍රිය පාරිබෝගික හිතවතාගෙන් ලැබුන ඉල්ලීම අනුව විශාලම ප්‍රමානයේ කාන්තා යට ඇදුම් කීපයක් මොහොතකින් පිරිස ඉදිරිපිට මේසය උඩ ගොඩ ගැසුවාලු...

"අඩේ මේක හොදයි බං..."

" මේක හොද නැද්ද... මේක ඇදෙනවත් එක්ක... "

" නෑ  නෑ මේක ගනිං.. මේකෙ කෝප්ප වගේ අයිටම් එකකුත් තියෙනව... එතකොට එලට තියේවි..."

"එතකොට ගල වගේ  බං... එහම උනාම වැඩක් නෑ.. මේක ගනිං  මේකට හොදට පැද්දි පැද්දි තියේවි.... "

" මාත් කියන්නෙ මේක ගනිං... මේක මරු ගාන..."

සති ගානක් තිස්සෙ සපයාගැනීමට උත්සහකොට අවසානයේ මල් පල ගැන්වෙන්න යන උත්සහය ඉදිරියේ වෙලද සේවිකාව අමතකව ගිය  පිරිස  අදාල බාන්ඩය තෝරාගැනීම් කටයුතුවල නිරත උනේ ඔය ආකාරයටලු...  තමන්ගෙ පෙම්වතියට පාසල් වයසේ ආදරණිය පෙම්වතෙක් මිලදී ගැනීමට  යන තෑග්ග සහ... එය සාමූහික අදහස් මත තෝරාගන්නා ආකාරය අසා සිටි පැහැපත් පෙනුමෙන් යුතු සේවිකාව ගනුදෙනුව අවසානයේ සිටියේ ජම්බු ගෙඩියක් වගේ රතුවී බව පිරිසේ එක අයෙකුට මතක තිබිනි...


අදාල ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු පුද්ගලයා.. පුද්ගලියක් උන හැටි පහත චායාරූපයේ දැක්වේ...






මිලදී ගත් විසාල තනපටයේ තරමට විසාල පියයුරු යුවලක් හිමිව තිබුනත් පෙරඩ් එක අවසාන වෙනවිට චායාරූපයට අනුව  පියයුරු කුඩා වූ හැටි ඊලග කොටසින් කියවන්න.......

2012-02-25

ගාල්ලට ඉහල අහසේදී අපේ පුකවල් ලෙලිගිහිපු හැටි.... ( බිග් මැච් ආතල් කතා )




දුමීගේ පුක ගැන කතා නිසා හා බිග්-මැච් සීසන් එක නිසා අලුත් වෙච්ච  පුක ගැන මතකය අවදි කිරීමට අවසර....!!!

ඒ 2007 අවුරුද්ද... මෙච්චරකල් ජීවිතේ ගතකරපු සුන්දරම අවුරුද්ද...  පොඩි මෑන් පාසලේ ශිෂ්‍ය නායකයෙක් විදියට කටයුතු කරපු කාලෙ මුල්ම අවුරුද්ද... ඒ කියන්නෙ අපි ජුංඩො කාලෙ.... ස්කෝලෙ ඇතුලෙ පට්ට පොරවල් උනාට බෝඩ් එක ඇතුලෙ ලොකු අයියලාගෙ සියලු අනසක වලට යටත් වෙලා තියෙන හැම පක්කලි වැඩක්ම කරපු... පොඩ්ඩක් හරි වැරදුනෝතින් පැය දෙකේ තුනේ වාඩිවෙන පුටු උස්සගෙන ඉදපු කාලෙ...

 පක්කලි වැඩ කියල කිවුවත් ස්කෝලෙ වෙනුවෙන් කරපු ඒ හැම වැඩක් නිසාම ජීවිතේට ලැබුන අත්දැකීම්නම්  කියල වැඩක් නෑ... ඊටත් වඩා ගනිපු ආතල්  සහ දෙන්නෙක් තුන්දෙනෙක් ඇරෙන්න   දැනට ජීවිතේට ලැබුනු   ඇත්තම යාලුවො ලැබුනෙත් ඒ කාලෙයි......

ස්කෝලෙ ලොකු පොඩි කොයි එකත් ආස බික්-මැච් සීසන් එකටයි...  පෙරඩ් යන්න.. කොඩි දාන්න ..කොඩි කපන්න..  කැට යන්න... බිග් ඩිබෙට් එකට කෑගහන්න  මැච් එක දවස් දෙකේ පිස්සු කෙල්ලින්න...ලිමිටඩ් ඕවර් මැච් එක ... ඕ. බී මැච් එක.....  එතකොට නයිට් එක...  ආතල් කෝටියයි... 

අනිත් උන්ට ආතල් කෝටියක් ගන්න  පරිප්පු නැවු පිටින් බාන්න වෙච්ච සෙට් එකක් තමයි ස්කෝල දෙකේම ෆ්‍රිෆෙක්ට්ල කියන්නෙ... ඒත් ස්කෝලෙ වෙනුවෙන් ලැබුන ඒ වගකීම ස්කෝල දෙකේම උන් කලේ බොක්කෙන්මයි...  පිස්සලගෙ ස්කෝලෙත් එක්ක අවුරුදු සීයකට එපිටින් ඉදන් පටන් ගනිපු බිග්මැච් එක වටා ගෙතිල තිබුන ඒ සංස්කෘතිය  බිග් මැච් ගහන අනිත් ස්කෝල වලට වඩා  මේ ස්කෝලෙ දෙකේ උන්ගෙ ලේවලටම වැදිල තිබුන කිවුවොත් ඒක බොරුවක් නෙවෙයි....

ස්කෝලෙන් අයින් උනත් ලෝකෙ වටේම විසිරිල ගියපු උන් අවුරුද්දකට සැරයක්වත් සෙට් වෙන්න බිග් මැච් එක නිසා... ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ... ස්කෝලෙ යනකාලෙ ඔය බිග් මැච සංස්කෘතිය නිසාම  ස්කෝලෙ දෙකේ උන් පොඩි පොඩි කොකු දාගත්තත් ටික කාලෙකින් උන්  අම්භානෙකම සෙට් වෙන එක අනිවාර්යෙන්ම වෙච්ච දෙයක්...

බිග් මැච් සංකෘතියෙ ස්කෝලෙ දෙකේ ෆ්‍රිෆෙක්ලට වෙන් වෙලා තිබුන ප්‍රධාන රාජකාරිවලින් එකක තමයි කොඩි දැමීම... ඔය කොඩි දාන අතරතුර අපේ ආදරනීය සගයෙක් අඩි 40ක් විතර උස චූ කදම්භයක් නිකුත් කරපු හැටි  කලින් කිවුවනෙ...  ගාල්ල ටවුන් එකේ හැම ලයිට් කනුවක්ම බඩගාල  පත සයිස් උනගස්වල පත කොඩි දාන එක ලේසි වැඩක් නෙවෙයි....












  ඒකෙනුත් අමාරුම වැඩේ උනේ වෙරලෙ ඉදං මීටර් 800ක් විතර  එහායින්  මුහුද මැද තියෙන ලිහිනි ගලේ කොඩිය දාන එක සහ ගාල්ල පාක් එකේ තියෙන තල් ගස් වල කොඩි දාන එකයි... දවස් දෙක තුනක් තිස්සෙ ලයිට් කනු පහලවක විතර කොඩි දැම්මට පස්සෙ දවසක විතර රෙස්ට් එක අරන් ඊට පස්සෙන්ද  හවස අපි සෙට් උනේ තල් ගහේ කොඩිය දාන්නයි... කාර්‍ය බහුල  ගාල්ල නගරය පොඩ්ඩක් නිදාගත්තාම රෑ 11 විතර ලයිට්කනුවල කොඩි දාන අපි තල් ගහේ කොඩිය දාන්නෙ සෙට් වෙන්නෙනං හවස දෙකට විතර....


 ගාල්ල ග්‍රවුන්ඩ් එකේ පාක් එක පැත්තට වෙන්න ටෙන්ට් එක  ගහන උන් පාර්ක් එකේ තල්ගස් තුනෙන් දෙකකත්.. අනිත් උන් ඉතිරි තල්ගහෙත් කොඩි දාන එක තමයි ඉස්සර සිරිත.. අවුද්දෙන් අවුරුද්ද පැත්ත මාරු වෙන නිසා අවුරුද්දක් ඇර අවුරුද්දක් තමයි තල් ගස් දෙකක කොඩි දාන්න සෙට් වෙන්නෙ...

අපේ වාසනාවට හෝ අවාසනාවට අපේ අවුරුද්දෙ තල් ගස් දෙකකම කොඩි දාන්නයි  නියම වෙලා තිබුනෙ... සින්නො සෙට් එක එක තල් ගහක දානකොට ජුන්ඩො සෙට් එක එක ගහක දානවා.... ගේමට තමයි කොඩිය දාන්නෙ...

අදාල දවසෙ අවශ්‍ය උපකරනත් අරගෙන අපි අපේ ඒ දවස්වල නිල ප්‍රවාහන සහකරු පුටාර් වල නැගල ගාල්ල පාර් එකට ආවා...සෙට් එක ඔක්කොම හතලිහක් විතර...  මොකද එක ගහක කොඩියක් දාන්න විස්සක්වත් ඕනෙ...  ඒ මොකද කියල තමයි ඔය පහලින් තියෙන්නෙ...

Sony Ericsson K 310 එකකින් අරගෙන පස්සෙ කපල අලවපු පොටෝවක් තමයි ඔය...


තල් ගහෙන් භාගෙකට වඩා උස උනගහක තමයි කොඩිය ගැටගහල දාන්නෙ... මුලින් ඒකට සුපිරි පයිලය්ල දෙන්නෙක් ගස් දෙකට නැගල මුලින් ගහ උඩ සුද්ද කරන්න ඕනෑ...

ඒ අතරෙ අනිත් උන අපේ එකෙක්ගෙ උසට පරතරේ හිටින්න සිංගල් පොලු බැදගෙන ගහ උඩට යන්න ඕනෙ....  සිංගල් පොලු බදිනව කියල අපේ ඩික්ෂන්රි එකේ හැදින්නුවෙ දෙකේ දෙකේ පොලු ගහේ ඒ ඒ ස්තානවල නැවතිල ඉන්න පුලුවන් විදියට බදින එකටයි....


එහෙම බැදපු සිංගල් පොලු වලට එකා බැගින් නැගිනවා... ඊට පස්සෙ බෙල්ට්  එකක හෙම දාගත්තට...( ගහත් ඉනත් අර ගස් කපන මිනිස්සු වගේ දාන පටිය සිංගල් පොල්ලෙ හිටගෙන බෙල්ට් එක දැම්මට පස්සෙ අත් දෙකම නිදහස් ) පස්සෙ තමයි මිෂන් එකේ අමාරුම හරිය...  කොඩිය ගැටහහපු උණගහ තල් ගහේ මුදුනට අරගෙන යන එක...

විනාඩි තිහක විතර ගේමකින් තල්ගහ මුදුනට උණගහ අරගෙන යන එක සෙල්ලං කෙරුවාවක් නෙවෙයි එකෙක්ට හරි උනගහ ඇතාරුනොත් පල්ලහෙහා ඉන්න උනුත් සුද්ද කරගෙනයි උනගහ වැටෙන්නෙ... ඒ මදිවට මූද අයිනෙ නිසා තල් ගහ හුලගට පැද්දෙන්නෙ නිකන් මොකද්ද එකක වගේ...  එතකොට ගාල්ල සුප්ප්‍රසිද්ද සමනල පාලම යටින් යන කුණූ ඇලේ පතුලෙ ගල් පේනකොට කකුල් දෙක මැඩලින් ගහන්නෙ නැති එකෙක් ඉදියෙ නෑ...  අනිත් ලොකුම බාදකේ ත්මයි කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත දිමි ජනතාව..


කොඩිය සහිත උණගහ තල්ගහ මුදුණට සම්ප්‍රාප්ත වෙමින්

දිමියන්ගෙන් වැඩිම ප්‍රස්නෙ තිබුනෙ ගහේ කරටියේම ඉන්න හතර දෙනාටයි...  ගහ උස්සල උඩටම ආවට පස්සෙ ලණූ දාල ගැටගහන්න වෙන්නෙත් උන් හතර දෙනාටයි... මැරුනත් උණ ගහ අත නොඇර.. අඩි හැටක් හැත්තෑවක් ඉහල අහසෙ දිමි ප්‍රහාරයට ලක් වෙමින්... හුළගට වැනෙමින් තොල් පට්ට යනකං ලණුවල ගැට තදකරන ගමන්... නහයෙ කටේ විතරක් නෙවෙයි කලිසම අස්සෙත් දදුවන කොඩවු පිහිදාමින්... අපිට වාඩිවෙලා  ඉන්න තිබුනෙ අයිනෙ දාරෙ කටු කටු තියෙන තල් අතු වලයි...

ගස් බඩගාන්න ලයිට් කනු බඩගාන්න  අපේ යුනිෆෝම් එක වෙච්ච ගල් ෂෝටෙ කලිසං කකුල් අස්සෙන්  ගල් ෂෝට හිල් කරගෙන තල් අතුවල දාර කටු වලට  අපේ පුකවල් හිල් වෙන එකනං  නවත්තන්න විදියක් තිබුනෙ නෑ...  ඒ මදිවට ජොකාගෙ පටිවලට ඉඩමක මායිම දිගේ කානු කැපුව වගේ  පුක වටේටම හම යනකන් කැපිල තිබුන නිසා ගහැන් බැහැ ගත්තට පස්සෙ කට්ටිය ඇවිද්දෙ සත්තුවත්තෙ කෑම කාල කාල වැඩියේ පීනන්නෙ නැතුවම  හෙන සයිස් වෙච්ච පෙන්ගුයින්ල වගේ... බකල් ගගහ...ඇයි ඉතිං අර මායින් එකට ගෑවෙනකොට බුදු සනීපයි...

ඊටත් වඩා සනීපම වැඩේ තමයි රෑ වෙලා ආයෙත් ස්කෝලෙට ඇවිත් ටැප් එකක් උඩ පැත්තට හරවගෙන නානකොට දැනෙන සනීපෙ...  කට්ටිය වතුර පාරට  පුකවල් ඇල්ලුවෙ  පරණ මලකඩ කාපු දොරවල් ඇරෙන සද්දෙට කෙඳිරි ගගා...

ඊටත් පස්සෙ අහුවෙන දෙයක් ගිල දාල ස්කෝලෙ උසම තැන තියෙන අපේ රූම් එකේ කොරිඩෝවෙ කට්ටියම පුකවල් උඩ තියාගෙන නිදාගත්තෙ ඈත කඳු රැල්ල සිප එන සුලං රැල්ලට අපේ පුකවල්ලද සිපගන්න ඉඩ දෙමින්....


බිග් මැච් සීසන් එක වෙනුවෙන් තවත් සික පූතල වෙන... නැක පුතිවෙන  බික්මැච් ආතල් කතා බලාපොරොත්තුවන්න.......


 මග දිගට 19 බැලිවෙ නැති අයට....

2012-02-23

මගදිගට 19 ""මොන හු...." කටින් පිටවෙන්න ගියපු ඒ වචනෙ බොහොම අමාරුවෙන් නවත්තගෙන පස්ස හැරිල බැලුවෙ ...



මෙතෙක් කතාව...



මගදිගට 1     මග දිගට 5     මගදිගට  9       මගදිගට 13    මගදිගට 17
 
මගදිගට 2    
මගදිගට 6     මග දිගට 10     මගදිගට 14     
මගදිගට 18


අද එතැන් සිට....

මට මොනවත් හිතාගන්න බැරුව විනාඩියක් විතර කල්පනා කරන්න ඇති.. ශ්‍යාමිකයත් මගේ අලගට ඇවිත් වැලමිටෙන් ඇනල කෙල්ලව පෙන්නුවා...

" මම දැක්ක බං... ඒත් මේ ව්‍යංගද විමංසද කියල හිතාගන්න බැරුව මම මේ ඉන්නෙ... ව්‍යංගා දන්නෙ නෑනෙ බං විමංසත් එක්ක මම යාලු බව"


"කෝපි බිවුවානං තටමාපං පොඩි නම කිවුවලු.. උබටත් මෙච්චර මේ කෙල්ලො ඉන්නව .....ඩබල් ඇක්ටින් කේස් එකක්ම හොයාගත්තනෙ..."

ශ්‍යාමිකය කිවුවෙ හිනා වෙවී.. .. කොල්ලො ටික වටකරගෙන කතා කියන පැංචයි ලහිරුවයි සීන් එක දන්නෙ නෑ තාම... කෙල්ලත් වටපිට බලනවා...  කරන්න දෙයක් හිතාගන්න බැරුව මම මෙතන ලත වෙනවා... එයා හොයනෙ මාවද... ? මාව හොයනවනම් ඒ අනිවාර්යෙන්ම විමංස තමයි.. ව්‍යංගට මාව හොයන්න දෙයක නෑනෙ...

පුරුෂ දෛර්ය හිතට අරගෙන මමත් ඒ පැත්තට හෙමින් හෙමින් ඇවිදගෙන ගියා... ගිහිල්ල ශේප් එකේ කතා කරල බලනව කවුද කියල... විමංසනං දැනගන්න පුලුවන්නෙ... ඒත් නිකන් මොකද්ද මොකද්ද වගේ... ෂික්... මම කෙල්ලෙක්ට බයවෙලා තියෙන හැටි...

" කලාස් ඇරුනනං ගෙදර යන්නෙ නැතුව මොකද මේ රස්තියාදු ගහන්නෙ ස්ටෑන්ඩ් එකේ... කෙල්ලො ඔහොම වල බහින්න ගත්තම අපිට තියෙන තත්වෙ මොකද්ද..."

මම කෙල්ල ගාවට ලංවෙලා කිසිම වෙනස  නැතුව කතාව පටං ගත්තා.... අක්කගෙයි නංගිගෙයි වෙනසක් නැති ඇස් නිලංකාර වෙලා යන හිනාවෙන් කෙල්ල මට උත්තර දුන්නා...

" බස් එකක් එනකං නැවතිල ඉන්න එකට කියන්නෙ වල බහිනව කියලද ...? "

ම්ම්ම්... තමා හිතාගන්න බෑ කවුද මේ කියල... බලමුකො...

" බස් එකක් තිබිලත් නැගපු නැති නිසානෙ ඇහුවෙ.. හරි ඒක කමක් නෑ... කෝ අනිත් එක්කෙනා... මොකද තනියම..."

" කොයි එක්කෙනාද අහන්නෙ... "

කෙල්ල ආයෙත් හිනා උනා... මේ විමංසනං වෙන්න බෑ... මගේ විමංසව මට අඳුන්න බැරිද....  මේ ඉන්නෙ ව්‍යංගා...

" විමංස "

මම උත්තර දුන්නෙ නිකන් පොර වගේ...

" විමංස... මමනෙ විමංස.... "

මේකි හදන්නෙ මාව ආයෙ රවට්ටන්න... හුම්ග්.... ඒව කොහෙද නංගී මාත් එක්ක...  රූපෙන් අදුනන්න බැරි උනාට කතාකරන විදියෙන් කියන්න බැරිද මට කවුද කියල... දෙන්න හිතෙනව දෙකක්....

" කලිං රැවටුනාට දැන් රැවටෙන්නෙ නෑ...හරිද .....  දැන් මට අදුනගන්න පුලුවන්.... "

මම එහෙම කිවුවාම කෙල්ල ඇස් පුංචි කලා... ඔලුව හරවල මගේ දිහා බැලුවෙ අමුතු විදියට...

" ඒ කොහොමද... "

ඒ සැරේනං කටහඩේ අර කලින් තිබුන දගකාර ගතිය තිබුනෙ නෑ... මොකද උනේ මෙයාට එක පාරටම...

" නෑ මම නිකං හිතුනා.... .. මම හරි නේ...."

කෙල්ල  කතා කරේ නෑ... මගේ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියය විතරයි... ඇස් පුංචිකරල ඔලුව ඇලකරගෙන බලාගෙන ඉදපු ඒ බැල්ම දිහා බලාගෙන ඉන්නත් මාර මාරුයි... එයා මගේ දිහා බලාගෙන ඉදියෙ හරියට මාගේ දිහා බලල මොක හරි හොයනවගේ....

 එහෙම ටික වෙලා මගේ දිහා බලාගෙන ඉදපු ව්‍යංගා බිම බලා ගත්තා...

ඔවු.. මම ව්‍යංග තමයි....

කෙල්ල කිවුවෙ බිම බලාගෙනමයි.... මොනව හරි දේකට ව්‍යංගා අප්සට් කගහපු විත්තිය තේරුන නිසා විමංස කෝ කියල අහන්න දිව නැමෙන්නෙ නෑ නෑ වගේ....

මම ආයෙත් වටේටම කැමරාව දැම්මෙ නිකමටවත් විමංස පේන්න ඉන්නවද බලන්නයි... තාමත් කොල්ලො ටික වට කරගෙන සුපර් මෑන් වගේ වීර ක්‍රියාව රස කර කර කියන පැංචයි... ඒ ලගම ස්ටෑන්ඩ් එකේ කොට බිත්තියට කකුල ගහ ගෙන ඉන්න ශ්‍යාමිකයයි ලහිරුවයි තව සිය ගානක කොල්ලො කෙල්ලො ඇන්ටිල අංකල්ලයි බෙරිහන් දෙන බස් කොන්දලයි රටකජු කාරයොයි ත්‍රීවීල් කාරයොයි ඇරුනාම මම හොයාපු කෙනාවනම් ඇස් දෙකට හම්බුනේ  නෑ...


මම වට පිට බලල ඉවර වෙනකොට ව්‍යංගා හිටියෙ මගේ මූන දිහා බලාගෙන.. මම එයා දිහා බලනකොටම කෙල්ල හිනා උනා...

හැබැයි ඒ හිනාවත් වෙනද හිනාවනං නෙවෙයි...

" හප්පා... ඔච්චරටම විමංස නැතුව බැරුද.... ඔච්චරම හොයන්නෙ... "

එක සැරේටම  ව්‍යංග මගෙන අහපු දේට මට කට උත්තර නැති වෙලා ගියා...උත්තරයක් දෙන්න කට ඇරියත් මොනව කියන්නද කියල හිතාගන්න බැරුව වචන පිට උනේ නෑ...

මෙයාට මොකද එක පාරටම මෙච්චර ඒ ගැන හොයන්නෙ.... මෙයාට සැක හිතිලවත්ද .... මමත් මෝඩය වගේ ඇවිත් ඇහුවනෙ විමංසෙක් ගැන... ඒත් එහෙම අහුව කියල සැක හිතෙන්න විදියක් නෑනෙ... .. කලින් මොකකට හරි සැක හිතිලද දන්නෙ නෑ තිබුනෙ... එදා රෑ අපි දෙන්න තනියම කතා කරන වෙලේ දැක්ක නිසාද  දන්නෙත් නෑ..එදත් ආවෙ අමුතු බැල්මට් එකක දාගෙන,,,.එහෙම නැත්තං නිකමටවත් විමංසගෙ  ෆෝන් එක බලල තිබුනොත්...

"අග්... එහෙම එකක් නෑ හලෝ...... විමංස මෙතන ඉදියනං මම අහන්නෙ කෝ ව්‍යංගා කියලයි...   ඒක සාමාන්‍ය සිරිතනෙ... .. අයියෝ මොන ස්කෝලෙටද යන්නෙ... ආ..."

කෙල්ල කට ඇද කරා... පුංචි හිනාවක් ගියා කට කොනෙන්... අපෝ ඇති යන්තන්... මම හිතුවෙ වැඩේ කොට උඩ කියලයි...

"එයා යාලුවො වගයක් එක්ක බුක් ශොප් එකට ගියා.... දැන් ඒවි...  ආ ඒක නෙවෙයි... කවුද අර අද කලාස් එකෙන් පැනල දුවපු කට්ටිය... "

ආ.. හරිනෙ... .... පයනු අත දිග ලෝයනු ලයනු තමයි දැන් ඉතිං... මෙයාටත් මේ අස්සෙ ඒකම මතක උනානෙ... දැන් කොහොමද කලිසමක් ඇඳගෙන කටක් ඇරල කියන්නෙ ආ.. ඒ මමනෙ කියල....

" ඔයාගෙ යාලුවො කවුරු හරි වෙන්න ඇති ෂුවර් එකටම... හැබැයි... එයාල කාලාස් ඇවිල්ලනං ඉවරයි ආයෙ....අහගෙනනෙ ඉදියනෙ සර් කියපුව..."

අහගෙන ඉන්න ඉතිං අපි කාලාස් එකේ ඉන්න එපැයි... .. එයාටනං ඒක පුල් ජොලි වගේ...කෙල්ල හෙම කිවුවෙත්  ඔලුව වන වනා ඇස් දෙක ලොකු කරගෙන...... ඒ තාලෙට කොන්ඩෙත් පැද්දුනා නිකන් කිතුල් රෑනක් හුළගට ලෙලදෙනව වගේ....

යකෝ.. පරණ කවියො දාන උපමා නෙ මගේ හිතට දැන්  එන්නෙ...   වි‍යංග විමංස දෙන්නෙක් උනාට රූපෙ එකයිනෙ....  ඉතිං මගේ  හිත වාවා ගනු කෝම..


"ආයෙත් අහල..."

මම බොහොම අමාරුවෙන් කට ඇරල එහෙම කිවුවා...

මෙයා අපිව අදුනගෙන නැද්ද... නැතිනම් අඳුනගෙන බොරු කින්ඩියක්ද දාන්නෙ... මොනවයින් කොහොම උනත් පස්සෙ හරි මෙයා ආයෙ එකෙන්ම දැනගන්නව ඒ මහා අභිනිෂ්ක්‍රමනය කරපු වීර සේනාව මා ඇතුලු ජනතාව කියල... ඇල්වතුරට උල් පිහියෙන් ඇන්න වගේ ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... එහෙවු එකේ දැන්මම කියල ජාමෙ බේරගන්නවද... නැතිනං... ලිස්සල යනවද... ඒත් ලිස්සන්නෙ කොහොමද දැන්... කට ඉස්සර වෙලා ඉවරයිනෙ...

කෙල්ල තව මොනවද කිවුවත් ඒ කිවුවෙ මොනවද කියල ඇහුනෙ නැත්තෙ මගේ ඔලුවෙ වැඩ කරේ වෙන දයක් නිසා...

" මො... මො කද්ද.. ? "

මම එයාගෙන ආයෙ ඇහුවා...

"ඔයාට අදනං මොනවහරි වෙලා.... මම ඇහුවෙ එයාල දන්නවද කියල....  නැතිනං ඔයාගෙ යාලුවොද කියල..."

" අග්.. දැකල තියෙනව...  කතාකරල තියෙනව... ඒ වුනාට එච්චර ෆිට් එකක් නෑ... "

මම හිතන්නත් කලින් මගේ කට ව්‍යංගගෙ ප්‍රස්නවලට උත්තර දෙනවා... හිත හිත ඉන්න ගියොත් මෙයා සැක හිතනව... දැන් සායම බේරගන්නත් ඕනෙ.. ඒ අස්සෙ විමංසත් නෑ.. මෙයාට ඕනෙ නැති මල මගුලකුත් නෑ...  අම්මප මේ කෙල්ලො කියන ජාතිය අපිවත් පටලවනව මැගී නූඩල්ස් වගේ...

" බොරු කියන්න එපා.... අර අතන ඉදගෙන තාම දඟලන චූටි ළමය ඔයාගෙ යාලුවනෙ... එයානෙ පැනල දිවුවෙ සෙරෙප්පු දෙකත් ගලවල අතේ දාගෙන... අපි මැරෙනකං හිනා උනා දුවපු විදියට..."

අයියෝ....සුදු පැංචෝ........ ඔය  කලිසම ගලවල විසිකරපං  ස්ටෑන්ඩ් එකේ කොට බිත්ති උඩින්.... දැන් ඕක ඇදගෙන ඉදියට කිසිම වැඩක් නෑ.... මට පැංච ගැන ඇති උනේ විලිලැජ්ජාව පෙරටුකොටගත් මහා අනුකම්පාවක්....

දැන් ඉතිං සායම ඉවරයි උගේ.. මුලු ගාල්ලම දන්නව පන්තියේ බුලක් කෙලල නාකොටික් එකෙන් එනකොට සරම කම්බි වැටී තියල දුවපු කසිප්පු කාරයෙක් වගේ කැත විදියට දිවුවෙ මූ කියලා... ඇගේ  සයිස් එක නිසා මක්කම ගියත් ඌව මීටර් වෙනවා...  තව ඉතිං කතා කරන්න දෙයක් නැති නිසා.. මම පැංචගෙ දිහා බලල හිනා උනා..

තවමත් කොල්ලො දෙතුන් දෙනෙක්ට අතින් පයින් කතාව විස්තර කරල කියන පැංච් දිහා අපි දෙන්නම බලනව ඌ කොහොම හරි දකින්න ඇති... එක නිසයි ඌ ව්‍යංගත් එක පැනි හිනාවක් දැම්මෙ..  ව්‍යංගා අතේ ගුලිකරගෙන ඉදපු ලේන්සුවෙන් කට වහගෙන හිනා උනා....  පන්සලේ කටිනෙ දවසෙ පොඩි හාමුදුවන්ගෙ බල්ලා මූට එලවන් එනකොට මූ දිවුවෙත් නැවතිලා සෙරෙප්පු දෙක අතට අරන්... කලිසම උස්ස උස්ස... අයෙ හෝදන්න දෙයක් නෑ... මූ දුවන්න ඇත්තෙ ඒ විදියටම තමයි... ප්‍රාන බයට මුලු ලෝකෙම අමතක වෙලා යන්න ඇති.. ෂික්.. සර් කාරය අල්ලගෙන දෙකක නෙලුවත් නැවතිලා ඒ දුවපු විදිය බලාගෙන ඉන්න බැරි උනානෙ...

" එයානං පුදුම ළමයෙක් අනේ.. ඇගේ සයිස් එකටද වැඩ .... පුංචි එකෙක් වගේමයි... අර තාමත් දඟලනවා... ඒ වුනාට  කරන වැඩනං.... "

ව්‍යංගගෙ කතාව අහං ඉන්න ඉන්න මට දුක හිතුනෙම පැංච ගැන .. පවු අසරණ පැංචා......
අපි සෙට් එකම බේරිලා... මීටර් වෙලා තියෙන්නෙ මූ විතරයි... හැබැයි කෙල්ලොන්ට ඒක නිකන් මොන්ඩිසෝරි පොඩි එකෙක් කරපු දඟ වැඩක් වගේ... .... එකට විසිපහක් ඔට්ටුයි මූට කෙල්ලෙක් කසාද බඳින්නනං වෙන්නෙ නෑ මේ ආත්මෙදි.... අර සුද්දියො කූඩුවල දාල ඇතිකරන පුංචි බලු කුක්කෙක් වගේ කූඬුවක ඉන්න තමයි මූට යන්න වෙන්නෙ.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... බුදු ෂුවර්...

පැංච දිහා බලල මා ආයෙ හැරෙනකොට ව්‍යංග බලා ඉදියෙ මගේ දිහා.... මෙයාට නිකංවත් මාව  මීටර්ද....
දන්නෙ නෑ... හත්වලාමේ... එහෙම වෙලා තිබුනොත් බුරිය විකාගෙ මැරෙනව මෙතනම...


එතකොටම බස් එකත් ඇද්දුවා... ඒත් මෙයා තාම මෙතන...

" අන්න බස් එක ගියා.... මට පේන්නෙ කවුරුහරි එනකං  වගේ අදනං ඉන්නෙ... "

කතාව වෙන අතකට හරවන්න හිතාගෙන මම එහෙම කිවුවා...

" ඒකෙ සෙනගනෙ...  අනිත් එක නංගි ආවෙත් නෑනෙ තාම... "

එතකොට ස්ටෑන්ඩ් එකේ එහා කොනෙන් මතු උනෙ මම මෙච්චර වෙලා හොය හොය ඉදපු එක්කෙනා...  මටත් ඉස්සර වෙලාම එයා මාව දැක වෙන්න ඇති හිනා කටක් පුරවගෙ ආවෙ...  ඒත් ටිකක් ලං වෙනකොටම ඒ මූනෙ හිනාව අතුරුදහන් වෙලා ගියේ එක පාරටම....

ඇයි ඒ... ?? මම ව්‍යංගත් එක්ක ඉන්නව දැකපු නිසාද....?

මට එහෙම හිතල ඉවරකරන්න ලැබුනෙ නෑ කවුද පිටිපස්සෙන් ආපු එකක් මගේ ඇගේ හැපුනා.... මාව ඉස්සරහට විසිවෙලා යනවත් එක්කම පොත අස්සෙ දෙකට නවල තිබුන කාලාස් එකේ ටියුට් එක  ස්ටෑන්ඩ් එකේ පඩිය අයිනෙ තිබුන කලුපාට වතුර පිරිච්ච මඩවලට වැටුන නිසා මට යකා නැග්ගෙ ඉදපු තැනත් අමතක වෙලා...

"මොන හු...."

කටින් පිටවෙන්න ගියපු ඒ වචනෙ බොහොම අමාරුවෙන් නවත්තගෙන පස්ස හැරිල බැලුවෙ  ඇස් පේන්නෙ නැති එකා  මොකාද බලන්නයි....

ඇගේ පැපිච්ච එකා දැක්කම මුත්‍ර බොක්කෙන් පටන් ගනිපු හීතලකින් මුලු ඇගම හීතල වෙලා යද්දි.... වචනයක්වත් කතාකරගන්න බැරුව මම ගල් ගැහුනා....

කලින් දවසක නානගෙ කඩේදි අපිත් එක්ක ගේම ඉල්ලපු එකා... අපේ පරම හතුරා.... රබර්....

දැන්නං ඉතිං කෙල්ලො ඉස්සරහ හද්ද පීචං වෙන්නයි වෙන්නෙ...  ස්ටෑන්ඩ් එක ගෙදර වගේ වෙච්ච ඌට වලියක දාගන්න තැනක් නොතනක් නෑ... ... අපිත් එක්ක කොහොමත් දැඩි මලෙන් ඉන්න නිසා අනිවා දවසක රිටර්න් එක සෙට් වෙනව කියල දැනගෙන ඉදියත් මේ වෙලාවෙ රබර් තියා ප්ලාස්ටිකවත් අපි එකෙක්ගෙවත්  මොලේට ආවෙ නෑ...  හැබැයි ඌත් එක්ක වෙනද ඉන්න පිරිවරනං ඉදියෙ නෑ ඒ වෙලාවෙ.. ඕනෙ දෙයක් වෙද්දෙන් බලමු මූ මොකාටද එන්න හදන්නෙ කියල...

හොදටම බයවෙලා වගේ මගේ මූන දිහා හොරෙන් බලාගෙන ආපු විමංසත්, ව්‍යංග ගාව නැවතුනා...  ඌ ආයෙත් මගේ දිහා කින්ඩි බැල්මක් දාල මාව පඩේකටවත් ගනං නොගත්ත විදියට කෙලින්ම හැරුනෙ කෙල්ලො දෙන්න දිහාවට...

" කලාස් ඇරුනනං මොකද ස්ටෑන්ඩ් එකට වෙලා කරන්නෙ ගෙදර යන්නෙ නැතුව..... ? "

ඌ කෙල්ලො දෙන්නගෙන් එහෙම ඇහුවෙ නිකන් උන්ගෙ තාත්ත වගේ... මාව නිකං කරකවල අතාඇරිය වගේ.... මූට මොකද්ද තියෙන අයිතිය... එහෙම අහන්න.... 

"ඇයි උබෙ තාත්තගෙද ස්ටෑන්ඩ් එක....... "

එක පාරට එහෙම අහන්න හිතට ආවත් මගේ කටින් ඒවචන ටික පිට උනේ නෑ... ස්ටෑන්ඩ් එකේ නම ගියපු මැරයෙක් වෙච්ච රබර්ට මගේ හිතේ බයක් නොතිබුනා කිවුවනං ඒක බොරුවක්...  කෙල්ලො දෙන්නත් හොදටම බයවෙලා වගේ...

"නෑ... මේ.. සිංඩි.., බුක් ෂොප් එකට ගියා.. එයා එනකං ඉදියෙ... දැන් යනවා.... "

ව්‍යංග කිවුවෙ ගොත ගගහ... එතකොට සිංඩි කියනෙ විමංසට... සමහර විට ගෙදරට කියන නම වෙන්න ඇති... ඒත් මමත් අද දන්න ගෙදරට කියන නම කියල මූට විමංස ගැන කියන්න ඇයි.... ?? ව්‍යංගගෙ කටින් බයටම පුරුදු වචනෙ පිටවෙන්න ඇති... විමංසත් බිම බලාගෙන...

" නංගි එනකන්ද මෙතන එක එකත් එක්ක කදේ කයිය දාගෙන ඉදියෙ... බුක් ෂොප් එකට යන්න ඕනෙනං ඇයි දෙන්නම නොගියෙ..."

මුගෙ අම්මට.. මූට මොකද තියෙන අමාරුව...

" ඇයි එක එකත් එක්ක කයිය දාන්න උබෙන් අවසර ගන්න ඕනෙද.... උඹට මොකද්ද තියෙන අමාරුව... ?"

 තවත් කටවහගෙන ඉන්න බැරිම තැන මම කිවුවෙ ඌ ව්‍යංගගෙ මූනට දික්කරගෙන ඉදපු අත පහත් කරන ගමන්...... ඌ මහ චන්ඩියෙක් වෙන්න ඇති.. ඒත් ඌට තියෙන අමාරුව මොකද්ද කෙල්ල මාත් එක්ක කතාකරාම...

"මට තියෙන අමාරුව....."

දත්කූරු කාල මගේ දිහා ඔරවල බලන ගමන් එහෙම අහපු ඌ අත් දෙකෙන්ම මාව තල්ලු කරා...  මට වඩා ඇග පත තිබුන යකඩයක් වගේ උගේ අත්දෙකෙන් මාව තල්ලු අකරපු පාරට පස්සට විසිවෙලා ගියපු මම බේරුනේ  ස්ටෑන්ඩ් එකේ කනුවක් අල්ලගෙනයි... ඊලගට තප්පරයක් යන්නත් කලින් ඉස්සරහට පැනපු රබර්ගෙ මිටමොලවපු අත කෙලින්ම ආවෙ මගේ මූනටයි... හෙනයක් වගේ ආපු ඒ පාර නිසා ඇස් දෙකෙන් තරු පොකුරු පොකුරු පිටවෙද්දි... අතේ තියෙන පොත් ටිකත් සී සීකඩ විසිවෙද්දි... මූනත් බදාගෙන ස්ටෑන්ඩ් එකේ පඩිය උඩ මම ඇදගෙන වැටුනා...


" අනේ හෂාන් අයියෙ..... මොකද මේ..... පිස්සුද ඔයාට... "

ව්‍යංගයි ව්මංසයි දෙන්නම උගේ ඇගේ එල්ලෙද්දි... කෙල්ලො දෙන්නවත් තල්ලු කරගෙන ඌ ආයෙත් ආවෙ මගේ පැත්තට..

" මට තියෙන අමාරුවනෙ තොට දැනගන්න ඕනෙ... "

වැටිච්ච පොත ගොඩ මැද්දෙ අමාරුවෙන් නැගිටින්න හදන මගේ දිහාට ඌ පහත් උනේ එහෙම කියාගෙන...  රබර් තියා යකඩ උනත් ඇගේ පන තියෙනක ගුටිකාගෙන ඔලුව පහත්කරගෙනනං ඉන්නෙ නෑ පුතේ...

මමත් ඇගේ තියෙන හැම තරහ බිංදුවක්ම... රබර් ගැන හිතේ තියෙන හැම බය බිංදුවක්ම  එකතු කරල බිම වැටිල ඉන්න ගමන්ම මගේ දිහාට පහත් වෙන බර්ගෙ බඩට පයින් කෙලල ඇරියා...  ඌ පස්සට විසිවෙද්දිම ස්ටෑන්ඩ් එකේ බිත්ති උඩින් ආව තුන් හතර දෙන්ක්ම උගේ ඇගට පනිනවා මම දැක්කෙ යන්තමට.....

ආයෙත් බොදවෙලා ගියපු ඇස් දෙක යතාතත්වෙට එද්දි පැංච ලහිරු ශ්‍යාමික තුන් දෙනාම රබර්ව වටකරගෙන නෙලනවා... මගේ හක්ක ගැලවිලා වගේ... .. හක්කත් අල්ලගෙන නැගිටලා එතනට යන්න අඩිය උස්සනකොටම වටේන්ම  තව එක එකා දුවගෙන ආවෙ  නිකන් මුහුද ගොඩ ගලන්න වගේ...

නිමේෂ්, අමිල  වගේ අපේ සෙට් එකේ උන් වගේම රබර්ගෙ සෙට් එකේ එවුනුත් එතට ආව කියල දැනගත්තෙ දුවගෙන ආපු එකෙක් රබර්ව නවාගෙන ගහන ශාමිකයගෙ පිටට උඩ පැනල ගහපු නිසයි....  රබරයි මායි පටන් ගනිපු වලිය කොල්ලො විස්සකගෙ තිහකගෙ විතර පොරයක් වෙන්න තප්පර දහයක්වත් ගියේ නෑ...

ඒ ඒක්කම  ඒ මැදට පැනපු සරං ෂර්ට් ගහගනිපු සෙට් එකක්, වලිය   බේරන්න හෙන ගේමක් දුන්නත් එහෙට මෙහෙට ඇදි ඇදි විනාඩියක්වත් කට්ටිය ගහගන්න ඇති.. ඒ පොරේම අයිනක් ශ්‍යාමිකයට පිටට ගපු එකාගෙ කටින් ලේ පනිනකම්ම මමයි ශ්‍යාමිකයයි ඌට පෙරලගෙන ගැහුවා අම්බානෙකම...

"පොලීසියෙන්... දුවපං...."

කවුදෝ එකක් එහෙම කියාගෙන මගේ ටීෂර්ට් එකෙන් අදිද්දි ගහපු එකා අතැරිල මමත් ඌ දුවපු පැත්තට දුවන්න ගත්තා... එතනම තිබුන බස් එක එහා පැත්තට පැනගනිපු මම පස්ස හැරිල බැලුවත් කිසිම පොලිස් කාරයෙක් පේන්න හිටපු නැති නිසා දුවන එක නැවතුනෙත්... රතුපාට වලලු දාපු සුදු අතක් මගේ අත අල්ල ගත්තෙත් එකටමයි...

" අනේ විඟග... මොනවද මේ කරගත්තෙ...  හෂාන් අපේ ලොකු තාත්තගෙ පුතා.....!!!





විහඟ පොලීසියෙන් අල්ලගනීවිද... වලිය ගැන විමංසලගෙ ගෙදරින් දැනගනීවිද...   විහඟ විමංසා ආදරකතාවේ ඊලගට වෙන්නෙ මොනවද

මගදිගට 20 න් ලගදීම.....


2012-02-12

ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද?






ජීවත් වෙන්න අපි හැමෝම ආසයි...  ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්...

ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්...

අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ආදරේ කරන අය... අපේ අතින් ඉටුවෙන්න තියෙන යුතුකම්.. මේ හැමදේම දාල අපිට  යන්න වෙන්න පුලුවන් මේ ලෙඩරෝග නිසා...

පිලිකාව කියන්නෙත් ඒවගේ මාරාන්තික ලෙඩක... පිලිකාව නිසා අපි අතරින් අකාලෙ වෙන්වෙලා ගිය එක්කෙනෙක් හෝ ගැන අපි අහල තියෙනවා... ඒ තරමට පිලිකා මාරයා දරුණුයි...

ඒත් දැන් වෛද්‍ය තාක්ෂනෙ දිවුණු නිසා මේ රුදුරු ලෙඩ රෝග බොහෝමයක් පරාජ කරන්න පුලුවන්... ඒත් අව‍ශ්‍ය එක දෙයක් තියෙනව ඒ.. මුදල්...

හැමෝටම ඒවගේ අවස්තාවකට මුහුණ දෙන්න ප්‍රමානවත් ආර්ථික ශක්තියක නැති වෙන්න පුලුවන්

අන්න ඒවගේ අවස්ථාවකට මුහුණදීල ඉන්න සහෝදරියක් තමයි මදුෂාණි

ඇයගෙ ජීවිතේ නැවත් ලබාගන්න අවශ්‍ය වන්නෙ රුපියල් දෙලක්ෂ විසිදාහක් වගේ මුදලක්....


අපේ ආදරනීයෙකුගෙ ජීවිතේ වටිනාමකම ඇහුවොතින් ඔබට මුදල් වලින් ඒක මනින්න පුලුවන්ද... ??

ඇයත් ඒ වගේම  ආදරණීය හෝදරියක් , යෙහෙලියක් , දියණියක් ......

ඒත් ඇයගෙ ජීවිතය මිල වෙලා තියෙන්නෙ දෙලක්ෂ විසිදාහක් වගේ මුදලකට..රු 100ක් බැගින් පරිත්‍යාග කලත්  2200 දෙනෙක්ට මේ අහිංසක ජීවිතය බේරාගන්න පුලුවන්...

අපි පරිත්‍යාග කරන සුළු මුදලට ජීවිතයක් බේරගන්න වගේම ගොඩක් දෙනෙක්ගෙ ඇස්වල කදුළුත් නවත්තන්න පුලුවන්...

ඒවගේම ඒ බේරාගනුපු ජීවිතය හිනාවෙන සැරයක් සැරයක් පාසා අපිටත් හිනාවෙන්න පුලුවන්..

ඇගේ රෝගී තත්තය පිලිබද වාර්ථා හ වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් බලාගන්න පුලුවන්...

ඔබටත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු දෙන්න මෙන්න මේ විදිවලින් පුලුවන්....

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

·බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6

· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

වැඩුදුර තොරතුරු

ඇයගේ ලිපිනය : කජු ගහ වත්ත , ගනේ ගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති


තව දුරටත් මේ නැගනියගේ රොගි තත්වය හා ව්ස්තර පිලිබදවත් ඔබේ පරිතයාගයන් පිලිබදවත් ෆේස් බුක් මෙම පි‍ටුව හා සම්බන්ද වි ලබා ගත් හැක ( http://www.facebook.com/cooperative.nts )


Or more details :-

M.M.Nishantha
Skype : m.m.nishantha
Gtalk: m.m.nishantha
Facebook:<http://www.facebook.com/M.M.Nishantha
Blog: http://nursinglanka.blogspot.com/



මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර මේ නැගනියගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න..

2012-02-11

ඇය



ළඟින් හිඳින
සිනා සලන
විටක රවන
යෙහෙළිය ඇය....

සළුව ලිහන
හෙළුව යොමන
ඇඟ විකුණන
වේසිය ඇය....

ළමයි වදන
උන්ව හදන
රැහේ රකින
පතිනිය ඇය....

කතර මැවෙන
මුවන් මරණ
බොරුවෙ උපත
මිරිඟුව ඇය...

හිත් බරවෙන
ඇස් රතුවෙන
ඔතප් බිඳින
මීවිත ඇය...

අඳුර නසන
පිස්සු හදන
බල්ලො බුරන
පුන් සඳ ඇය...

ලොවම සදන
දිරිය ගෙනෙන
මතු බුදුවන
අම්මා ඇය....

සැවොම බනින
සැවොම වඳින
ඇයත් නොහැඳි
ගැහැනිය ඇය....



කලින් ගොතාපුවා _______________


නැති ඇති

කා... මා...
සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා

2012-02-10

අතේ මැහුම් ______ හාට් Piercing...✿•*`¨" ය




                                 ගෙනාපු
                                   මැෂිම
                              පරණ උණත්
                                  තාමත්
                                   අලුත්
                               පරණ පුරුදු
                               අතේ මැහුම්


                                                                                            ______ හාට් Piercing...✿•*`¨"



කලින් හාට් එකේ Pierce කරපුවා ______________



ඒ සුරාන්තය

වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ  කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං

වේසිගෙ පුතා මම 2  අම්ම රෙද්දෙ ආදරේ (18+) ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය

නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට්  
 



 

__ හාට් Piercing...✿•*`¨"
එන්න... හදවත් සිදුරු කර සිතුවිලි පළදින්න

2012-02-07

ඒ සුරතාන්තය ....




නිකන් ලැබුණු
අශ්වයගෙ
ගියේ නෑ
මම ඔය
දත් බලන්න

කැත ලස්සන
හොද නරක
මොකටද
බැහැල යනව
හෙට
ඇති උණාම

වෙච්ච වරදට
බැදුණු බැමි...
ඒත් ,
නෑ..
දෙයක් දැන්
කරන්න

අපරාදෙ
තිබුණෙ
මට
ඒ සුරතාන්තය
වෙනතැනකින්
හොයාගන්න
            
                               ______ හාට් Piercing...✿•*`¨"



______________________________________෴෴෴_______________________________________


මගදිගට 18
මෙතනින් කියවන්න.....




කලින් හාට් එකේ Pierce කරපුවා ______________


වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ  කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං

වේසිගෙ පුතා මම 2  අම්ම රෙද්දෙ ආදරේ (18+) ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය

නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට්   




2012-02-06

මගදිගට 18 " ඇගේ සයිස් එක බැලුවාම ඕක චූ දාන්න ඇතිවෙන්නවත් තියෙනවද දන්නෙත් නෑ.."




මෙතෙක් කථාව..


මගදිගට 1       මග දිගට 5      මගදිගට  9        මගදිගට 13     මගදිගට 17
 
මගදිගට 2      
මගදිගට 6      මග දිගට 10      මගදිගට 14



අද එතැන් සිට....



ගේට්ටුවෙන් එලියට ඇවිත් අනිත් කලාස්වලට තාමත් පාරෙන් එන ළමයිනුත් පෙරලගෙන වක්වැල්ල පාරෙත් ටික දුරක් දුවලයි අපි නැවතුනේ...

" ඒ යි නැවතියං.. මගෙ පෙනහැල්ල කටින් එන්න වගේ..."

සේරටම පස්සෙ දුවගෙන එන පැංච කෑගහනවා...

පැංචගෙ කෑගැහිල්ලට.... අපි ටික දෙනත් නැවතුනා... නැවතුනාට හතරදෙනාටම   විනාඩි 5ක් විතර යනකන් හති නිසා  හරියට කතා කගන්න උනේ නෑ...

" මෙතන ඉන්න එක ඉතිං සරීර සෞඛ්‍යට එච්චර ආතල් නෑ... යමන් කොහේට හරි... "

ඉස්සෙල්ලම කතාකරේ ශ්‍යාමිකයා... අපි වක්කවැල්ල පාරෙන් අතුරුපාරකට හැරිල කුණුපිට්ටෙන්න දිගේ ඇවිත් කොනේම කොට්ටම්බ ගහ යට වාඩි උනා...

"ආයෙනං කලාස් යනව බොරු...  ... පොරගෙ නෙවෙයි සදන් එක පැත්ත පලාතෙ යනව බොරු... "

"ඒ කියන්නෙ විභාගෙ කරන එකත් බොරුම තමයි..."

 කොට්ටම්බ ගහ යට කුණූඇලේ කොන්ක්‍රීට් ගැට්ට උඩ අපි හතරදෙනා පේලියට වාඩිවෙලා ඉදියෙ ඊලගට කරන්නෙ මොකද කියල හිතාගන්න බැරුව...

" මොන ල*** බං... ඕක විතරද කෙමෙස්ට්‍රි කාලාස් තියෙනෙ..  ඔන්න වෙන එකක් හොයාගෙන යමු බං... මටනං කොහොමත් පොරගෙ දර්ශනේ දිරවන්නෙ නැතුව ඉදියෙ..."

අර බඩ යන්න හැදුන මිනිහත් කිවුවලු  කොහොමත් මම බඩ සුද්ද වෙන්න බෙහෙත් බොන්න ඉදියෙ කියල...

ළහිරුවගෙ කතාවට මමයි පැංචයි මහ සද්දෙට හිනා උනා...  ඒක දිහා බලල ශ්‍යාමිකයත් ලහිරුවත් හිනාවට එකතු  උනා...

පාරෙ ගියපු ඇන්ටිල දෙන්නෙක් අපේ දිහා බලාගෙන ඔරවගෙන ගියේ හරියට   මුන්ට පිස්සු  කියන්න වගේ....

අපි හතර දෙනා විනාඩියක්වත් හිනා වෙන්න ඇති...

"හිනා වෙන්න නෙවෙයි යකෝ අඩන්න වෙලා තියෙන්නෙ..."

ශ්‍යාමිකය එහෙම කිවුවෙත් හිනාවෙන ගමන්මයි...

" හරි පස්සෙ අඩමු.. දැන් හිනාවෙමු.. සර් තාම අපේ පලු අරිනව ඇති... "

මම එහෙම කිවුවෙ ශ්‍යාමිකය දිහා බලාගෙනයි... හිනාවෙලා ඉවර වෙලා පැංච නැගිට්ටා

" මෙතන ඉදල හරියන්නෙ නෑ... අපි  යමු පාර්ක් එකට.. ගිහින්  පිලිවෙලක් ඇතුව මුගේ කතාව අහමු අර ගල් බංකුවක් උඩ වාඩිවෙලා...  ඒව පෙරලෙන්නෙ නෑනෙ... "

අපි ආයෙත් මහ සද්දෙට හිනා උනා... ලහිරුව නැගිටල පැංචගෙ ඔලුව නවල උගේ පිට එකක් ගහල කරට අත දාගත්ත... ඊට පස්සෙ අපිටත් ඉස්සරවෙලා සිංදුවකුත් කියාගෙන පාර පැත්තට යන්න ගියා...

 දැනට විනාඩි 10 විතර කලින් දෙන්නගෙ වැඩකෑලි කිය කිය මරාගන්න හදපු මුන්දෙන්න දෙන් කරට අතදාගෙන යනව නිකන් වන්නි මානුසීය  මෙහෙයුමේ 53 වෙනි සේනාංකෙයි 58 සේනාංකෙයි එකට එකතු උන වෙලාවෙ සෙබලු දෙන්නෙක් වගේ...

අම්මප ටී 56 තියා ගල් කටස් එකක්වත් නෑනෙ මුන් දෙන්නගෙ පුකට වෙඩි තියල මරල දාන්න...

"බලපං විහඟ මුන් දෙන්න අපිටත් එක්ක බාල්දිය පෙරලලා දැන් උන්ට මාර  ආතල්...   දෙන්න හිතයි ඇලට විසිවෙන්න අර පැංචයට... ඌ තමයි ඔක්කොම කරන්නෙ..."

ශ්‍යාමිකට හිතිල තියෙන්නෙත් මට හිතුන දේමයි....

" අඩෝ... උඹල දෙන්නට හෙන ආතල් නේද තොපිල දෙන්න කෙලගෙන ඩෙස් එක පෙරලලා අපිවත් කාල්ස් එකෙන් එලවලා.. දැන් මෙතන ටීටර් එකක වගේ සිංදු කියන්නෙ..."

මම කෑගහුවා...

"කවුද ඩෝ එලෙවුවෙ... උඹනෙ දිවුවෙ... "

පැංච එහෙම කිවුවෙ ගත් කටටම.. ලහිරුවත් ඌට 5ක් දැම්මා...

මුගේ කුඩප්පචිට... වටපිට බලල මම හිස් බියර් ටින් එකක් අහුලගනිද්දි ශ්‍යාමිකයා වෙන මොකද්ද එකකින් උන් දෙන්නට විසිකරල  ගහලත් ඉවරයි.. උඩ පැනල එකෙන් බේරුන පැංචා අපි දෙන්නට ටීෂර්ට් එක උස්සල පුකත් පෙන්නල  පිට්ටනිය දිගේ දුවගෙන ගියා... අපිත් වෙච්ච ඔක්කොම දේවල් අමතක කරල උන් දෙන්නගෙ පස්සෙන් එලෙවුවා...

කොහොමහරි විකාර කර කර අපි හතර දෙනාට පයින් ගාල්ලට එන්න පැය බාගයක්වත් යන්න ඇති.. එහෙම ඇවිත් ඕලෙවල් යන කාලෙ ඉදලම  නොකඩවා ගියපු එකම පන්තිය... ධර්මපාල සර්ගෙ පන්තියට  ඇතුල් වෙනකොට උදේ නමයටවත් වෙලා ඇති...

අවුවට වැස්සට , දුකට සැපට, වලට ආතල්එකට ,අපිට තිබුන  එකම නවාතැන.... ගාල්ලෙ පාර්ක් එක ... එහෙමත් නැතිනම් ධර්මපාල උද්‍යානය...

සති අන්ත දවසක් නිසා... පාර්ක් එකේ අම්බානෙක සෙනග...  ඒත් පිටිපස්සෙ කොනට වෙන්න  පාර්ක් එක තනිකරම  අයිතිකරගෙන තිබුනෙ එක පැත්තක් ආදරවන්තයො.. අනිත් පැත්ත ධර්මපාල සර්ගෙ ශි‍ෂ්‍යයෝ...

අඳුනන උන් කීප දෙනෙක්ත් හායි බායි කියාගෙන අපිත් ඇවිත් නැවතුනේ  ගල් බැම්මෙ එහා කොනටම...

"දැන් ඉතිං තෙමිච්ච ගෝල් ලිෆ් වලට අඬා පලක් නැත... ලද බීඩියෙන් සතුටුවෙන්න උබේ අර පැටලිච්ච  නූල් බෝලයක් වගේ මඟුල අපිට ලිහල තේරුම් බේරුම කරල දීපං..."

වාඩිවෙන තැන පිහිදාල සෙරෙප්පු දෙකත් ගලවල උඩ පැනල බැම්ම උඩින් වාඩිවෙන ගමන් පැංච කිවුවා...

මුන්ටත් ඉතිං ඒක අහගන්නකං නින්ද යන්නෙ නෑ... එස් ටී එෆ් එක දැක්කාම දුවන  පොට්ටු අම්මාන්ගෙ ලාබාල පිස්තෝල කල්ලි සාමාජිකයො ටිකක් වගේ  දුවල ගාල්ල දිස්ත්‍රික්කෙම ඉස්සරහ ගැලවෙන්න ගිය වස්තරේ බේර ගත්ත් දැන් ටිකකට කලින්... ඒත් මුන්ට මතක වෙන්නෙ මේකමයි.. කොච්චර උනත් හැම මගුලකටම ඉන්නෙ මුන් ටික නිසා  මම ආයෙත් කතාව පටන ගත්තා..

" මෙන්න මේකයි ස්ටෝරියේ ෆුල් කල්යිමැක්ස් එක... "

" මොකක් "

එහෙම ඇහුවෙ ඉංග්‍රීසි භාෂාව පිලිබද පස්චාත් උපාධිදාරී පැංචා...

" නෑ නෑ මුකුත් නෑ කතාව අහපංකෝ...  එතකොට උබට තේරෙයි..."

දැන් ඕක ඌට සිංහලෙන් තේරුම් කරනවට වැඩියෙ හොදයි ආයෙත් කාලාස් එකට යන එක... ඒක නිසා වෙන්න ඇති සේරටම කලින් ලහිරුව පැංචගෙ කතාව නැවත්තුවෙ...

" බස් එකේ දි මට මුලින්ම හම්බවුනේ ව්‍යංගව..... එයාගෙ පර්ස් එක තමයි මම ඇහිදල  දුන්නෙ.....  ඊට පස්සෙ ටිකට් නැතුව  ටිකට් එක දීල බේරගත්තෙ විමංසව..."

හැමදාම මොකක හරි කියනකොට වගේම  පැංච උගේ ගොන් ප්‍රස්නයක් එලියට දැම්ම එතකොටම...

" එතකොට උඹ අදුනගත්තෙ නැද්ද මේ විමංස ඉන්නෙ කියල... "

උගේ ඇගේ තරමටවත් මොලේ තිබුනනං කොච්චර දෙයක්ද...

" ගොං අලියො... මම දන්නෙ කොහොමද ඒ විමංස කියල.. දන්නවනම් මේක මෙච්චර පටලගන්නවද අපි.."

"ආ ඇත්ත තමයි...."

පැංච එහෙම කිවුවෙ මහා බැරෑරුම් දෙයක් තේරුම් ගත්ත වගේ...

" අනේ බං  මේ පැංචො දැන්වත් කටවහගෙන ඉදපංකො... කාල්ස් එකට කෙල්වුනා තොගේ ඔය වලත්ත කට නිසා.. සිකුරුට්ට මේකෙනුත් එකවල දානව තොගේ කට නිසා..."

ලහිරුවා එහෙම කිවුවෙ මගේ එහා පැත්තෙ ඉදගෙන එබිලා.. පැංච ඉදියෙ එහා කොනේම...

" කොහේද ඩො මම හින්ද කලාස් එකට එලෙවුවෙ.. අනික අහවල් මගුලකටද සික්ක අපිව එලවල දාන්නෙ.. උගෙ ආච්චිගෙ දෑවැද්දට ඌට මේක ලියල දීලද... ල *** තමයි..  නොදන්න දේ අසා ගැනීම තමයි මගෙ  සාර්ථකත්වයේ රහස නිකන් ඉරිසියාකරන්න එපා බං.... "

මුන් දෙන්නටනං ඉතිං කටවහගෙන ඉන්නම බෑ.. කාන්දන් දෙකක විරුද්ද ඩ්‍රැව දෙක වගේ මුන් දෙන්න යන්නෙම හරහට..

"සික්කගෙ ආච්චිගෙ දෑවැද්ද කොහෙද ඩෝ ඌට අයිතිවෙන්නෙ... ඒක උගේ සීයටනෙ අයිතිවෙන්න.. අනේ උබේ සාර්ථකත්වෙ කෙසේ වෙත්ත අසාර්ථකත්වයට මුලනං උබේ  ල *** තමයි  .. ඇගේ සයිස් එක බැලුවාම ඕක  චූ දාන්න ඇතිවෙන්නවත්  තියෙනවද දන්නෙත් නෑ.."

මුන්දෙන්න එක තැන ඉන්න වෙලාවක කිසිම දෙයක් කරන්න බෑ.. අර නිකන් පොලේ එකම තැන එකම ජාතිය විකුණන වට්ටි අම්මල දෙන්නෙක් වගේ...

" මොන මගුලක්ද බං.. හැම තිස්සෙම පොඩි උන් වගේ.. එපා වෙනවනෙ.. දැපැත්තෙ වාඩිවෙල කෙල ගන්නෙ.. පලයල්ලකො අර පිට්ටෙන්නට ගිහි කෙලගෙන වරෙන්..."

ශ්‍යාමිකය එහෙම කිවුවෙ සිරාවටම වගේ.. ඇත්ත තමයි මුන්ගෙ ආතල් වලට ඉතිං මල නොපැන තියෙන්නනං අද ගොළු බීරෙක් වෙන්න ඕනෙ..

" හරි හරි කථාව කියපං... "

පැංච අන්තිමට එහෙම කිවුවා... මමත් කතාව පටන් ගත්තා...

" ව්‍යංග ගෙදර ගිහිං විමංසත් එක්ක සීන් එක කියල...  ඊට පස්සෙන්ද මම උඹලගෙ ගෙදර ආව වෙලාවක ජනේලෙන් මාව පෙන්නල... ඒකයි විමංස මාව අඳුන ගත්තෙ එක පාරටම.."

අඩෝ මුන් දෙන්න කතාකරගෙන එහෙනම් ගේම දීල තියෙන්නෙ...

" ඔවු.. ගොඩක් උන් මුන් දෙන්නට රැවටෙනවලු එක වගේම නිසා... ඒක නිසා මුන් දෙන්නත් එහෙම  කරනවලු වෙන දවස්වලට... "

"බලපං මේ කෙල්ලො කියන ජාතිය කොල්ලො අපිව මුලා  කරන හැටි..."

පැංච කියන ඒවට අනිත් පැත්තට ප්‍රතිචාරයක් දක්වන්න ගියොත් තමයි ඌ ෆෝම් වෙන්නෙ... හොද වැඩේ තමයි ඇහුනෙ නෑ වගේ ඉන්න එක...

" අහපංකො.. ඊට පස්සෙ තමයි ආතල්ම සීන් එක.. පර්ස් එක ඇහිදල දෙනකොට  විමංස ගෙදර ඉදල තියෙන්නෙ ඇස් ලෙඩේ හැදිලා...  පස්සෙ ඒකිට හොදවෙලා ව්‍යංගට හැදිල.. ඒකයි ඒ දවස්වල දෙන්න එක පාරට බලාගන්න බැරි උනේ අපිට... එදා ඔය ටිකට් සීන් එක දවසෙනෙ අපි දෙන්න ගමගේ සර් එක්ක මැරතන් එක දුවල ශ්‍යාමිකලහ ආවෙ... එදානෙ අර සීන් එක උනේ... "

"අර සීන් එක මොකද්ද... ?

සුපුරුදු ලෙස ප්‍රස්නය පැංචගෙන්...

" ඇයි බං කෙල්ල ඇඳුම් මාරු කරපු  සීන් එක...  "

" හංං හා... ඒ වෙලාවෙනං උබ කිවුවෙ ට්‍රයම්ප් ඇඩ් එක කියල... දැන් උඹට කෑල්ල සෙට් නිසා කෙල්ල ඇඳුම මාරු කරණ  එකලු නේ...  උබට ලැජ්ජද පැටියෝ..."

ශ්‍යාමිකය එහෙම කිවුවෙනං අමුම අමු කිංඩියට...  ඌ එහෙම කිවුව්වාම අනිත් උන් දෙන්නත් ආආආ ගාල මහ හයියෙන් හිනාවෙන්න ගත්තා... මටත් හිනා ගියේ ඇත්තටම සී එක ඒක නිසා.....

"අහවල් මීට් බෝලයකටද යකෝ මට ලැජ්ජ.. ඒ විමංස නෙවෙයි ව්‍යංගා...."

මම එහෙම කිවුවෙ මුන්ගෙ කින්ඩියෙන් බේරෙන්න උනාට විමංස ගැනවත් ව්‍යංග ගැනවත් වෙන කෙල්ලො ගැන කතාකරන විදියට කතාකරන්න හිතුනෙ නෑ මට...

"හරි හරි මීට් බෝලයක් බැරිනම් ඕන බෝලයක්.. කියපංකො..."

මට කින්ඩි දැම්මට.. ඊලගට හිනා වෙන්න චාන්ස් එක තියෙන්නෙ මටනෙ.. ඉදපංකො...

"හැබැයි පුතෝ කාමරේ මම ඉදල  සීන් එක දැක්කට ඒක බැරවෙලා තියෙන්නෙ උබේ  අකවුන්ට් එකට..."

මම ශ්‍යාමිකයට කිවුවෙ මට දාපු කින්ඩි බැල්මට් එකට රිටන් එක දෙන ගමං... ශ්‍යාමිකයගෙ කට ඇරුනෙ නිකන්  කෙල්ලෙක්ගෙ ටයිඩ් ජීන්ස් එකක් නැවෙද්දි බරාස් ගාල ඉරිල යනව වගේ ඉක්මනට...

" මම මාට්ටු වෙලා... "

ඌ එකසිය ගානට  බයවෙලා...  ඌ ඒක අහපු විදියටයි... බයවෙලා ඉදපු විදියටයි සීන් එකට හිනාවෙවී ඉදපු අපි තුන් දෙනාන තවත් හිනා ගියා.. අපි විනාඩියක් විතර හිනා වෙලා ඉවරවෙනකං  ගෙබ්බ පොලවෙ ගැහුව වගේ ශ්‍යාමිකය කටත් ඇරගෙන බලාගෙන ඉදියෙ වචනයක්වත් කියාගන්න බැරුව...

" ඒකිලයි අම්මත් දන්නවද... ??  හු**ව.. ඇයි බොල වේ*ගෙ පුතෝ තෝ කිවුවෙ නැත්තෙ මම නෙවෙයි කියල... ?? කියපංකො ඒකි අම්මටත් කියලද.... මට ගෙදර ඉන්න වෙන්නෙ නෑ යකෝ... "

ශ්‍යාමිකය බයවෙන්න බයවෙන්න අපිටනං දැනුනෙ ආතල් එකක් විතරයි.. දැනට පැයකට විතර කලින් කාලාස් එකකට සමු දීල  පන එපා කියල දුවපු ඒවා.....  වෙන කාලාස් එකක් හොයාගන්නකන් මග ඇරෙන පාඩම්  අනාගන්න වෙන ඒව කිසිදෙයක් ඒ වෙලාවෙ අපේ හිතේ කොනකවත් තිබුනෙ නෑ..  ශ්‍යාමිකයගෙ තාමත් වහගන්න බැරිවෙච්ච් කටෙන් විසිවෙන කර්ණ රසායන වාග් ප්‍රහාරයට අපි ගල් බැම්මට හේත්තුවෙලා බඩවල් අල්ලං හිනා උනා...

" ඒකි අම්මට කියලනං වෙන දෙයක් මෙලහකට වෙලානෙ... එහෙම අවුලක් නෑ.. හැබැයි ඒකි උබත් එක්ක දැඩි මලෙන් ඉන්නෙ.. විමංසට කිවුවලු උබ ඉන්නවෙලාවක පේන්නවත් ඉන්න එපා මග සෙවලයෙක් කියල... ..”

ඇත්තට  විමංස මට එහෙම දෙක කිවුවෙ නෑ.. ඒත් ශ්‍යාමිකයගෙන් ආතල් එක ගන්න මම අතින් දැම්ම ඒ කෑල්ලට උගේ කලකිරීම මම හිතපු විදියටම තවත් වැඩි උනා...

“බලපං... බෙල්ල කඩාගෙන යාලුවොන්ට උදවු කරන්න ගියාම අපිට ලැබෙන පරිප්පුවල තරම....ෂික්...”

ඌ එහෙම කිවුවෙ අපි එකෙක්වත් දිහා නොබල... මට ඇත්තටම ඌ ගැන පොඩි දුකක් දැනුනා.. අරුන් දෙන්න නං තාම හිනාවෙනවා...

“ හරි හරි බං.. ඒක එච්චර අවුලක් නෑ.. ... එදා කලාස්  එකේදි මතකද ඒකි එරෙවුවා... ඒ ඔරවපු තැන් දෙකේම උඹ ඉදපු නිසා..පන්තිය පටන්ගන්න වෙලාවෙ නිකන් දැක්කෙ නෑ  වගේ ගිහින් තියෙන්නෙත් උඹ ඉදපු නිසා... අර ශොප් එකේදි එරෙවුවෙත් උබ ඉදපු නිසාලු...”

“ ඒ කියන්නෙ එදා ඇවිත්තියෙන්නෙ ව්‍යංගද... ? “

ශ්‍යාමිකය ඇහුවෙ ඒ මූඩ් එකෙන්මයි...

“ ඔවු... එදා මොකද්ද එකකට විමංස පල්ලියට ගිහිල්ල තාත්තත් එක්ක... ව්‍යංග කලින් ක්ලාස් ඇවිල්ල නැති නිසා.. ක්ලාස් එක ගැන දන්නෙ නෑනෙ.. ඒකයි අම්මත් එක්ක ඇවිත් තියෙන්නෙ... විමංස මගෙන් ඉල්ලගනිපු පොත ව්‍යංග අතේ එවල උදේ දෙන්න බැරිවෙච්ච නිසා ඒකි සර්ට දීල...”

“එතකොට උඹ ඊට කලින් දවසෙ පොත ගිහින් දුන්නෙ විමංසට... ? ”

“ නෑ  මගෙන් පොත ඉල්ලුවෙ විමංස උනාට ම්ම උඹලගෙ ගෙදරදි තාප්පෙ ලගට ගිහින් පොත දීල තියෙන්නෙ ව්‍යංගට ..”

අයියෝ බං... මෙ කතාව අහකොටත්  පැටලැවෙනව බං....  උන්ගෙ අම්මටයි තාත්තටයි බැරි උනානෙ මුන් දෙන්න දෙපාරට හදන්න... ..

ලහිරුව එහෙම කිවුවාම මෙච්චරවෙලා මූඬ් ගහගෙන ඉදපු ශ්‍යාමිකයටත් හිනාගියා...

“ එතකොට උඹ පොත අහුලල දුන්නෙ ව්‍යංගට.. ටිකට් එක දුන්නෙ විමංසට... එදා බස් එකේදි මට ශීට් එක දුන්නෙත් විමංස... එදානෙ උඹෙන් පොත ඉල්ලුවෙ..”

පැංචට තේරිලා යන්තං

"හරියට හරි.. එතකොට මූටයි මටයි එරෙවුවෙ ව්‍යංග.. ඇත්තම කියනවනං මට නෙවෙයි මූ ඉදපු නිසා...  මම බස් එකෙන් වැටිච්ච දවසෙ බස් එකේ ආවෙ විමංස..."

“ යකෝ මේක මහම මහ පටලැවිල්ලක් බං... ”

එතකොට අර ගෙදර ඇවිත් අම්මත් එක්ක මගෙන් පොත් ඉල්ලල තියෙන්නෙ විමංස  පාරෙදි මට කඩේ යනකොට  ඔරවල තියෙන්නෙ ව්‍යංගා...
ශ්‍යාමිකයගෙ පසුතැවිලි අමතක වෙලා වගේ  පටලැවිල්ල ලිහෙද්දි...

“ හරියට හරි...”

“ තරහ වෙන්න එපා මචං විහඟ.. අම්මප මට හිතෙනව ඕකුන් දෙන්නටම කුණුහබ්බ දෙකක් කියන්න ”

ශ්‍යාමිකය එහෙම කියවුවාම මම හිනා උනා විතරයි...

“ උඹට ඇත්තට කියන්න ශ්‍යාමික.. විමංස සෙට් වෙලා ඒකි මට එදා රෑ ඔය විස්තරේ ඔක්කොම කිවුවාම මට හිතුනෙත් ඕකමයි බං... ”

අපේ උන් සෙට් එකම මහ අහයියෙන් ආයෙමත් හිනා උනා...

"හැබැයි පුතේ උඹේ ඔය ප්‍රේම පුරානෙට ඔය ආගම් ප්‍රස්නෙනම් එනව ඉස්සරහට බලපං නැද්ද කියල..."

ළහිරුව මෙච්ච වෙලා සද්ද නැතුව ඉදල මට කියපු දෙ... පහුගිය දවස් කීපයකම මගේ හිතේ කොනක හොල්මන් කරපු දේමයි...


යකෝ හනිමුන් යන්න මාසෙකට කලින් අහවල් එක හෝදල වැඩක් නෑ ... ඒක ඒවෙලාවට බලමු.. නැද්ද මචං විහඟ...

උගේ ප්‍රස්ථා පිරුලට මට හිනා ගියත් ළගිරුව කියපු දේ ගැන හිතේ තුන බයනං එහෙමම ඉතිරිවෙලා පොඩ්ඩක්වත් අඩු උනේ නෑ...


තව පැය දෙක තුනක්ම  ව්‍යංග විමංස  මාතුර්කාවට පස්සෙ තව ලොවෙත් නැති වල් පල් අපි කතා කර කර ඉදියෙ ක්ලාස් ඇරෙන ටයිම් එක වෙනකම්...

ක්ලාස් ඇරෙන්නෙ එකට උනත් එකහ මාර වෙනවා කවුරුත් ස්ටෑන්ඩ් එකට එනකොට...අපිත් වෙලාවට සෙරෙප්පු කකුල් අතපය හෝදගෙන  ස්ටෑන්ඩ් එක පැත්තට ඇවිදගෙන ආවා... ඇවිත් උඩුගම පාරෙ බස් නවත්තන තැනට ආව විතරයි කලාස් එකේ කොල්ලො ටික අපිව වටකරගත්තා...

උන් එක්ක වෙච්ච වැඩේට හිනා උනාට... හූ කිවුවට... ඒගැන කතාකරාට.. මගේ ඇස් දෙකනම් වටේම දිවුවෙ එක රූපයක් හොයන්නයි...

හැබැයි මට  මම හොයපු දේ හම්බවුනේ විනඩි දහයකට විතර පස්සෙ...
රතුපාට ජින්ස් එකක ඇදල කොන්ඩෙ වෙන දාන පෝනිටේල් එක නැතුව නිකන් ඔහේ වැටෙන්න දාලා පුරුදු විදියටම පොත් ටික පපුවට තුරුල් කරගෙන ආපු කෙල්ල බස් එක ඉස්සරහ නැවතුනා...

හුටා.... එක්කෙනයි ඉන්නෙ.. එතකොට මේ  ව්‍යංගද.. විමංසද ??.. දැන් කොහොමද මම ලගට ගිහින් කතාකරන්නෙ... ??


විහඟට ව්‍යංග විමංස පැටලේවිද... ?.. රහසක් වෙච්ච ආදර කතාව එලිවේවිද... ??

මගදිගට 19 න්  කියවන්න...