2012-01-13
නැති- ඇති
නුඹට ගනු බැරි මට නොදෙනු හැකි
පෙමක් සිත ඇත සැඟවිලා...
නුඹට පෙම ඇති ඇයට බැඳි ඇති
ලොවක ඇත මා තනි වෙලා ....
සියලු දේ ඇති නමුදු නුඹ නැති
මටම මා දැන් ඇති වෙලා
මට ඕන නැති මා ඕන ඇති
ඇය නිසා ඉමි ඉවසලා .....
ඇගේ හිතෙ ඇති මගේ හිතෙ නැති
පෙමක මා ඇත හිරවෙලා
නුඹ නමින් නිති මැවු හීන ඇති
හිතේ පතුලෙම හිරවෙලා .....
යලි නොයනු හැකි ආයෙ එනු නැති
මතක සිත්තම් බොඳවෙලා
නිමාවක් නැති ඇරඹුමක් ඇති
බවම ආයෙත් සිහි කලා .....
සිතා නිමි නැති අඩා පල නැති
විරහ දුක ඇත පැමිනිලා
දරාගනු බැරි මුත් දරා ගමි
අපිට අපි නෑ හිමිවෙලා .....
_____________________________________________________________________________
මේ ගොතාපුව කියවල තියෙනවද ??...
කා... මා...
සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්
වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග
සම්මතයෙන් එහා අසම්මතයට නොයා
මගදිගට 17 දාලයි තියෙන්නෙ...
තියෙන ගොඩ
ගොතාපු ඒවා
Subscribe to:
Post Comments (Atom)
මම එක.....
ReplyDeleteහිමි වෙන්නෙ නැත්තම් ෆලෝ කරල ගිහින් අයිති කරගනින් හැබැයි උඹට කැමති නම් ඕන්...
ආයෙ කවිය කියවපං
Deleteරූපෙ දැක්කාම මං හිතුවෙ වාහන සීං එක්ක කියලා :D
ReplyDeleteසාස්පානක් කියල හිතුනෙ නැද්ද උඹට
DeleteErotic වලින් Romantic වලට සීරු මාරු වුනා ද ?
ReplyDeleteවිරිතක් තියෙන ලස්සන කවිය.......
Erotic , Romantic සම සමව බ්ලොග් එකේ දාල තියෙනවා... බලන්න " ගොතාපුව " ටැග් එක යටතෙ තියෙන ඒවා...
Deleteහ්ම්ම් කවිය ලස්සනයි/
ReplyDeleteකොයි කවියද.. ? කවි 5ක් තියෙනවනෙ
Deleteෂෝක් කවි ටික පොඩ්ඩෝ..! උම්මා! ජය වේවා!!
ReplyDeleteඒ සික් බං... ප්‍රසිද්දියේ උම්ම දෙනවද මෙහෙම...
Deleteඑකෙන්ම ෆට්ටයි ඇහ් !
ReplyDeleteතැන්කෝ ඇග් :D
Deleteaneeee manda bn
ReplyDeleteමොනවද බං... ??
Deleteකවිය මරු ඈ.
ReplyDeleteමොකෑ හාට් පියර්සින් වලින් සමු ගත්ත ද ?
ආයෙ පික්ෂුවක් ඇතෑ....
Deleteඑයා මට ආදරෙයි.... මම ඔයාට ආදරෙයි...
ReplyDeleteමොකෝ ඩබල් ගේමෙකක් දෙන්නද සෙට් වෙන්නෙ.....
"රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි..
පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟකල ආදරයයි......"
හය්යෝ සල්ලි... පොඩි කොලුවටත් වෙන දේවල්........
X-Porter
කොහෙද පොට්ට හැරියො මට වෙලා කියල තියෙන්නෙ මෙතන ??
Deleteදුක තමයි මල්ලි....
ReplyDeleteඇත්තටම මාරම ලස්සනයි අය්යේ
ReplyDeleteසියලු දේ ඇති නමුදු නුඹ නැති
ReplyDeleteමටම මා දැන් ඇති වෙලා
මටම ලියල වගේ