ඔන්න දැන් ආයෙ කියන්න දෙයක් නෑනෙ... ගාල්ලෙ ගෙට් එක ගැන.. ඔක්කෝමල දන්නවනෙ ඒ ගැන..
එන්න බැරි උන්දල දුකෙන් හූල්ලද්දි පිටරට ඉන්න උන්දල ඉරිසියාවෙ මරණීය තර්ජන කරද්දි ලංකාව වටෙන්ම 60 කට ආසන්න බ්ලොග් ලියන කියවන පිරිසක් 7 වෙනිද ගාල්ලට එනව කියල තමයි වාර්ථා වෙලා තියෙන්නෙ...
සමහර විට සෙනග ඊට වැඩි වෙයි ....
මීගමුව ගම්පහ කට්ටිය උදේ කොළබ සෙට් වෙනකොට කොළබ කට්ටියට සැට් වෙන්න අනුරාධපුරෙන් වගෙම කුරුනෑගල , කෑගල්ලෙන් කට්ටියත් දිවාරෑ නොබලා කොළඹට එනවලු...
රට පිට ඉදගෙනත් මේ වෙනුවෙන්ම එක්කෙන්ක් එනව කියලයි ආරංව්ය...
කොහොමද කට්ටියගෙ කැප කිරීම...
කොළඹින් හා ඒ අවටින් තව එන අය ඉන්නවනම් රාජ් තුමාගෙ මෙන්න පෝට් එක බලන්න... එතුමාව දැනුවත් කරලා අධිවේගී එකේ අධිවේගයෙන් එන්න එතැනට සෙට් වෙන්න....
කොළඹ අවට අය එහෙම එනකොට බෙලිඅත්ත , මාතර , ඇඹිලිපිටිය , රත්නපුර , මතුගම ප්‍රදේශවලින් කට්ටිය ගාල්ලට එනවා... වෙලාව මතකනෙ උදේ 8 ගාල්ල නව බස්නැවතුම්පල හා දුම්රියපල යා කරණ පාලම...
කලින් වෙලාව අපි 9ට දාගෙන තිබුනත් කොළඹ සිට එන ගෑණූ දරුවො වෙලාවට ගෙවල් දොරවල් වලට ඇරලීමේ මහා බර පැණ අපේ රාජ් තුමා කරට අරගෙන ඉන්න නිසාත්.. ලංකාව වටෙන්ම කට්ටිය එන නිසා උපරිම පුලුවන් වෙලාවක් කට්ටියට එකට විනෝද වෙන්න අවස්ථාව ලබා දෙන්න අවශ්‍ය නිසාත් වෙලාව පැයක් කලින් දැම්මා....
එහෙනම් මතකනෙ....
ගාල්ලෙ හා ගාල්ලට සෙට් වෙන අයට
________________________________
දිනය :- ජානවාරි 7 වෙනි සෙනසුරාදා
වෙලාව :- උදේ 8.00
ස්ථානය :- ගාල්ල බස් නැවතුම්පල හා දුම්රියපල යා කරන පාලම යට නෙවෙයි උඩ
ඩ්‍රෙස් කෝඩ් එක :- විලි වැහෙන ඕනෙම එකක්
අවශ්‍ය ද්‍රවය :- රු 200 /= මුදලක් , තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වතුර ( වතුර තියෙනව අම්බානෙක හැබැයි තියෙන්නෙ මූදෙ..... ඒව නැතුව වතුර හොයාගන්න තැනක් ලොවෙත් නෑ... ඒකයි කියන්නෙ උදේ ඉදල හවස් වෙනකං... )
වෙනැත් දෑ :-
_______________
හවසට හපන්න මොනවරි කිරි ටොපි, මස්කට්, පැනී බූන්දි, ඕනෙම එකක්...
ඔය අපේ සීනි බෝල නංගිලා අක්කලා පැනෝඩෝල් පෙත්තක් දෙකක් ගේන්ටලා. ඔලුවෙ කැක්කුමක් හෙම හැදුනොත්...
තව පොඩි ප්ලාස්ටර් කෑල්ලක් එහෙම.... සූදානම් සසීරෙ කෝකත් හොදයිනෙ... මුලින්ම කන්දක් නැගල ගලින් ගලට පැනල ගිහින් වැල්ලෙ තමයි ඉන්න වෙන්නෙ... ඊට පස්සෙ ඉතිං හොටෙල්වල වගේ නෝ එයාර් කන්ඩිෂන් අම්භානෙක මූදු හුළග , නෝ ටයයිල් ෆ්ලෝ සිප්පි කටු කකුලුවො පිරිච්ච වැල්ල , නෝ වට තිර ඔන්ලි ගස්කොලං , නෝ සැප පුටු දිරච්ච ඔරු කබල් දෙක තුනක් තිබුන වගේ මතකයි , නෝ හිල් කරපු පුටුව තියෙන බාත් රූම් විනාඩියට දෙපාරක් හෝදගන්න වතුර එන ( රැල්ල ගහන ) ෆුල් කවර් වාත බිත්ති සහිත මුහුද පමණයි...
ඒක නිසා ඔය බවලත් උදවිය ඔය බාත් රූම් ප්‍රස්නෙ ගැන පොඩ්ඩක් සැලකිලි වෙලා එන්ට... සැලකිලි වෙලා එනට කියන්නෙ උදේ ඔක්කොම කොරල එනට... කොල්ලොන්ට ඕනෙ තරම් ගස් ගල් පදුරු තියේ...
ආ.. අනිත් එක මම කිවුවනෙ ගමන් මාර්ගෙ ස්භාවය... පහසු ඇඳුමක්... මේකත් ඉතිං බවලත් උදවියටම තමා... උඩ යන ඒව ගැන සැලකිලිමත් වෙන්න.... හරිනේ....
ආ.... එතකොට ටොකොස් ටොකොස් සපත්තු.... බෙල්ලෙ තමයි එල්ලන් ඉන්න වෙන්නෙ.....
හරිනෙ හෙනම්... විනෝදය සපිරි වෙනස්ම විදියෙ අත්දැකීමක් අරගෙන.... අඟල් ගානක රාමුවකින් වටවෙලා ඩිජිටල් සංකේතවලින් ගොඩනැගුණු යාලුකම හැබැහින් විදගන්න දැකගන්න විනෝද වෙන්න දැන දුනගන්න....
7 වෙනිදට සෙට් වෙන්න...
තාමත් එනව කිවුවෙ නැති අය අද මේ පොට් එක දකින් අයට උනත් එන්න පුලුවන්...
බ්ලොග් ලියන්නම අවශ්‍යය නෑ... එක බ්ලොග් එකක් හරි කියවනවනම් එච්චරයි.... වයස ප්‍රස්නයක් නෑ.. අවුරුදු 16 ඉදල අවුරුදු 50 වැඩි අය දක්වා... ( නාකියයි , අඹේපාල මාමයි විතරයි හැබැයි) එදාට අපිත් එක්ක එකතු වෙනවා...
එකම එක පොදු අරමුණයි... බ්ලොග් ලිවීම හෝ කියවීම.... එපමනමයි....
එහෙනම්7 වෙනිදා ගාල්ලෙදි හමුවෙමු.. .....
මැතැන තමයි සෙට් වෙන්නෙ |
________________________________________________
ගෙට්ටුව ගැන කලින් ලියවුනු පෝස්ට්
7 වෙනිදා තහනම් වචන෴
ReplyDeleteබනියා
හයිබ්‍රිඩ්
ඉන්සයිට්
හයියෝ සල්ලි ඉරිසියයි ඉරිසියයි :-(
ReplyDeleteමේ මචං නාගන්න වගේ බැරි වෙයි ද ? දන්නේ නැ නේ. මම කියන්නේ මුහුදේ නාන එක හොදේ .
ReplyDeleteඑළ එළ පොඩිමෑන්.. අපි එඤ්ඤං...
ReplyDeleteමොකෝ බන් බැරි පුලුවන් ඇදුම් අරන් වරෙන්
ReplyDelete@ ගයාන් :- මොකා නෑවෙ නැත්ත මම නානවා... එහෙනම් ෆිට් තමායි... සෙටාර් වෙලා එන්න.... :)
ReplyDeleteඅයියෝ යෝ යෝ ඊළග අවුරුද්දෙවත් බලමු
ReplyDeleteකස්ටිය සෙට් වෙලා
ReplyDeleteලොකු ජොලියක් දාලා
ප්රිති වෙලා නටලා
ගෙදර යනවලූ
රත්නපුර පැත්තෙන් කවුද දන්නෑ යන්නෙ අපිටත් සෙට් වෙන්න.
ReplyDeleteඑලම තමා.... 7 ට සෙට් වෙමුකෝ... නැම බලමුකෝ එදාටම
ReplyDeleteපරිස්සමින් ගිහිං එන්න කියල තමයි කියන්න තියෙන්නේ...
ReplyDeleteඊළඟ පාරවත් බලමු :(
Praසන්ன :- හෂාන් කියල පොරක් කතා කරා එනව කිවුවා...
ReplyDelete0777648199 කාතා කරල බලන්න
කෝ හොට් හොට් නිවුස්වල නෑනේ පොඩි මෑන් ප්‍රසිද්ධියේ මගෙන් සමාව ගන්නවා කියලා...
ReplyDeleteපොඩි මෑන් -ගම්පහ පැත්තෙන් කවුරුවත් නැතෙයි? (එදාට ලාවට වගේ ගන්න මොකුත් නැතෙයි ඕන්?) ;)
ReplyDelete@ මංතරකාරි :- ඔවු ඔවු.. මොතර කාරි කෙල්ලෙක් උනොත් ඔක්කොමල ආවාම මම දණගහල සමාව ගන්නවා...
ReplyDelete@ පවනි :- ඇයි උඹ ඉන්නෙ... :D :D 7ට කොට්ටාවට සෙට් වෙයං... රාජ් කන්ටෑක්ට් කරපං
ReplyDeleteනුවරින් එන එකෙක් නැද්ද මේකට? ඉන්නවා නම් හොයල දීහල්ලකෝ... :(
ReplyDeleteහපෙ හප්පෝ ඉරිසියාවෙ මගෙ පපුව පුපුරන්න වාගේ....
ReplyDeleteපරිස්සමෙන් කල්පනාවෙන් වැඩේ සාර්ථක කරගෙන ගිහින් ඇවිත් දුර ඉන්න අපිට බලන්න පෝටෝ ටිකක් දාන්නලකෝ....
හෆ්ෆා... මේකට එන්න බැරි වුනොත්නම් මට ඉරිසියාවෙ පැලෙන්න වෙයි..:( :( එන්න උපරිම උත්සාහය ගන්නවා...හනේ...හයියෝ....
ReplyDeleteමේකත් අර සංගගෙ ෆේස්බුක් වොරෝධතාව වගේ අතිසාර්ථක වේවා!
ReplyDeleteපොඩි මෑන් - හිකිස්..... අඩේ මම ගම්පහ ද ඕන්? එහෙනම් අවුලක් නෑ.. මම ත් එක්ක එන්නම්කො මම....
ReplyDelete:D :D
ඕ. කේ. :D
හුල්ලන්ට තමා වෙන්නෙ.... සෝ සෑඩ්..... :'((((
ReplyDeleteඋපරිම ට්‍රයි එක දෙනවා. උඹේ නොම්බරේ දාගත්ත පරණ ෆෝන් එක නැති උනා. නම්මබර් එක දාපන්...
ReplyDeleteඅපි මාකුඹුරට එනකොට මජ්ජම බෙහෙත් ශාලාව ඇරලා නෑ. කලින් දවසේ ගත්තොත් උදේට මොකුත් නෑ. ගාල්ලෙදිම කලෙක්ෂන් කරල පිළිවෙලක් කරගන්න බැරිවෙයිද ? ( මේක මේ රහසින් අහන්නෙ)
ReplyDeleteවෙන එවුන් හොට් හොට් නිවුස් කිව්වම හිතෙන දේ නෙමෙයි මේකා 'හොට්' කියලා කිව්වම මට හිතෙන්නේ.
ReplyDeleteඅනිවා වෙලාවට අපි එතන.
අට වෙනකොට අපි ගාල්ලෙ දෑන් මන්තරකාරි කොල්ලෙක් උනොත් මොකදෑ වෙන්නෙ.
ReplyDelete@ Sumith Niriella
එකට ඉතින් පොඩිමෑන්ව කොන්ටෑක් කර ගනින්
ඇත්තෝ කති -බොති- සුඛති (සුවයෙන් හැසිරෙති)
ReplyDeleteනැත්තෝ සුත්ත පිට පෙරලා බලති .(සූත්‍ර පිටකය කියවති- අනිත්‍යය මෙනෙහි කිරීමට )
කමක් නෑ මලේ. උඹල හොඳට විනෝද වෙයල්ලා. අපිට නිවාඩු නැහැ .
සුබ සයිබර දවසක් වේවා!
අඩෝ......මැරුම් නොකා මගදිගට දාපිය....:'(
ReplyDeleteඑළ එළ මමත් දෙතුන් පාරක් මෙතනට නාන්න ගිහිල්ලා තියෙනවා...සුදු වැල්ල කියන්නේ මෙතනට මගේ හිතේ....ගිහිල්ලා ඇවිල්ලා විස්තර කියන්නකෝ....ජය..
ReplyDeleteහා එහෙනම් හම්බ වෙමුකො ! හුටා තව දවස් 2යි නේද ?
ReplyDeleteගැත්තාට සමාවන සේක්වා.. කැළණි පෙරහැර බලන්ට යමි..
ReplyDeleteකැළණි රජ මහා විහාරයේ පිහිටයි.. සුභ ගමන් කිව්වා..
enna kamathi e unata office ....... :(
ReplyDeleteGud Luck ...
Randika
මට ගාල්ලට ලඟ වුනත් එන්න වෙන්නේ නෑ පොඩි මෑන්..ඒත් කට්ටිය හැමෝටම සුභ පතනවා.ඔන්න ගමන ගිහින් ඇවිත් ගමනේ විස්තරයි පොටෝයි දාන්න ඕන හරිද?
ReplyDelete:D
ReplyDeleteමදැයි... :( එන්නම බලාගෙන හිටියේ... කොහෙද පන්ති නේ... මොකද කරන්නේ..? පන්තිද ගේට්ටුවද? අයියෝ සල්ලි... මොනෝ කරන්නද හිතා ගන්න බෑ...
ReplyDelete@දේවු දාස් :- මචං... සවුදියේ ඉදං.. අනුරාදපුරේ ඉදං.. බන්ඩාරවෙල ඉදං එවවුන් එනව ගෙට්ටුවට.. මම මේ කමෙට් එක දානකොට ගෙට්ටුවට තව පැය 17ක් තියෙනව... ඒත් සමහර උන දැනටමත් මග....
ReplyDeleteදවසක් ක්ලාස් වගේද මේක... ඔය දවස උඹ කාල්ස් ගියේ නෑ කියල විභාගෙ ෆේල් වෙනවද ??
@පොඩි මෑන්
ReplyDeleteදැන් අපි එනකොට මක්කෙයි උබට අරන් එන්න ඕන, හා කියමු බලන්න..
Kastiya awei gaalu... :(
ReplyDeletenodakin adayi dakke mekamaka bawiya podi man mala perethaya publicitya mad yakooo
ReplyDeleteThese are actually enormous ideas in on the topic of blogging.
ReplyDeleteYou have touched some good things here. Any way keep up wrinting.
Look at my blog ; chelsea transfer news 2012
I don't know if it's just me or if perhaps everyone else experiencing problems with your site.
ReplyDeleteIt appears as though some of the text within your
posts are running off the screen. Can someone else please comment and
let me know if this is happening to them too? This could be
a problem with my web browser because I've had this happen previously. Kudos
Visit my web site - man utd transfer news ronaldo
Very descriptive article, I enjoyed that a lot.
ReplyDeleteWill there be a part 2?
Also visit my website :: arsenal transfer rumours bleacher report
I blog quite often and I really thank you for your content.
ReplyDeleteThe article has really peaked my interest. I will
bookmark your website and keep checking for new details about
once per week. I subscribed to your RSS feed as well.
Also visit my web site ... pizza games for girls