ඇයගේ මොලකැටි සිනිඳු උණුසුම් සුසුම් වල අතර මැදට තමත් ඉඳ හිට වැටෙන ඉකියට ඔහුගේ වම් ඇලපතට තද වුණ ඇයගේ නිරුවත් පියයුරුවල ගැස්සිල්ලක් තවමත් ඔහුට දැනෙයි... සීතල දුරුත්තේ හිරිගඩු නංවන හීතල කපාගෙන ආ තරු එළිය හොටෙල් කාමරේ කැඩුණ වීදුරුව අතරින් පොරෝනයෙන් පමණක් වැසුණු ඇගේ නව යොවුන් වතේ දහසකුත් කෝමල රේඛා කෑදරකමින් අවුස්සා බලනු අදුරට හුරු වුණු ඔහුගේ දෑස් දුටුවේ නැත.
ඉකියේ ගැස්සිල්ලට දෙනෙත් මත ඇදි ,හදවතේ අදුරු පාතාලයක සිටියාවත්දැයි නොදැන සැගවී සිට මොහොතකට කලින් ඇගේ කොපුල් දිගේ රූටා ඇදහැලුණු පුංචි කදුළු පාරවල් දෙක තුනකට බයේ අන්ධකාරයේ මුල්ලක නොපෙනුණු ද්වාරයක් කං අඩි පලාගෙන යන තරම් හඩින් බිඳ දමා පැන ගිය ඒ නූගත් භයංකාර ගුප්ත වනචාරී මුග්ධයාගේ අඳුරු සෙවනැලි වලින් මිදී ඇගේ කොමල රේඛා වලට දඩ බල්ලන් සේ පොර කෑ තරු එළි මැද මුව පැටියෙකු සේ කොපුල් මත වේලී ගිය කඳූළු පාරවල් ඉව ඇල්ලූ මලානික තරු කිරණයක දිස්නයක් මත සටහන් විය...
ඔහු තවත් වරක් ඇගේ හිස සිම්බේය.... බොහෝ වේලා නොලද තෙතමනෙන් වේලී සීතලට රැළි ගැසුණු ඔහුගේ වියළි දෙතොල්වල පහස දැනීදෝ ඇය ඔහුගේ බෙල්ල වටා බැදි බාහු යුග්මයේ බැමි තදකරගති....
දෙවසරක් පණ දෙවනිකොට ජීවන හුස්ම පිඹ රැකි ප්‍රේමයේ තම සතු සියලුම වත්කම් වන්නා වූ ඇය නැමති පුෂ්පය විවාහය නැමති මොට මන්න පිහියකින් වෘක්ෂය හා පුෂ්පය අතර ඇති තුබූ සියලු බන්ධනයන් ඡේදනය කොට තමා සන්තක සියලු පයුරු පාසානම් අඩුක්කොට තැබූ පෙට්ටගමට රැගෙන යන ගමනේ අතර මග සංධිස්ථානයක හමු වූ පාළු මූසල හොටෙල් කොරිඩෝරය දිගේ "ටකොස්" "ටකොස්" බර අඩි තියමින් එද්දී නැගුණු හඩේ දෝංකාරයවත් ඔහුට මතක ඇද්දැයි සැක සිතේ....
ඒ වෙනුවට යථොක්ත මුග්ධයා බිඳලූ ද්වාරයේ ශබ්දයෙන් බිඳී ගියාවූ කං අඩි තුළ "හෝ" "හෝ" හඩනම් තවම ඇසෙනව බවනම් ප්‍රක්ත්‍යක්ෂය....
ඔහු ඇයට පෙම් කළේය .... අසීමාන්තිකව පෙම් කරේය... එහි කිසිම ඇඳක් පලුද්දක් වූවානම් දෙවියන් වහන්සේ මනුසතා ලෝකයට මැවීමේදීම මැවුවා වූ සියලු මනුෂ්‍යය සත්වයාටම පොදු ධර්මතාවයක් වූ මානුෂීයත්වයම පමණක් විය... ඇයද එසේමය... ඇය ගේ ආලය දෙවැනි වූවානම් ඒ විටක ඔහුගේ ආලයට පමණක්ම විය....
ඒත් ඒ ඔහුගේ හෘදය පුරවා තැබූ ආලය මුග්ධයාගේ නික්ම යෑමත් සමහ හටගත් ද්වාරයෙන් ඉවතට ගලයිදෝ ඔහුටම සැක සිතෙන්නට විය....
ඒ ක්ෂණයේදී ඔහුගේ දෑසේ මැවුණු හිත තුළ හටගත්තා වූ විචිකිච්ඡා චිත්ත මූලයක සේයා වහා හැදිනගත් ඇගේ දෑස කෙවිනි කඩා දෝරෙ ගලනා කදුළු වලින් සරණ බන්ධනයට එක මොහොතකට අභියෝග කළා වූ තවමත් හිස් මංගල පිරුවටය ප්‍රථම වරට තෙමා දැම්මාය... දශක දෙකක්වත් නැති තම ජීවිතයේ අතීතාවර්ජනය ඔහුගෙන් නොසැග වූවද , සැගවීමට බලාපොරොත්තු නොවූ එකම එක අදුරු මතකයක් දෝත දැරූ සංස්කෘතික පට සේල වෙලාගත් ස්ත්‍රීත්වය ඔහුගේ හසළ ප්‍රේමය හමුවේ ගොලුවිය.... එහි විපාක ඇයට ලැබෙනා බව දැන දැනත්.., ඔවුන් කාමරයට පියමනිද්දී නැගුණු පා හඬ යටපත් කල සිනාහඩවල් වල එක හඩක යටින් ගැබ්ව තිබුබා වූ අනිශ්චිත බිය හැදිනගත් හොටෙල් කොරිඩෝ බිත්ති එවෙලේ මෙන්ම මෙවෙලේද නිහඩ බව නොවෙනස්ව රැක්කාය....
නැතැයි කී මුග්ධයා ඇතැයි ඇයට සැක සිතී තිබිණි.... ඒ මුග්ධයා ඔහුද හැදින්නේ මංගල යහනට සුදුකොඩි එසවුන විටය... අදුරු පාතාලයක සැගවීසිට එකවරම විරාජමාන වූ මුග්ධයා විසින් රෝපණය කල එක ශනිකයේදී පැන නැග්ගාවූ යථොක්ත චිත්තක් වීථියේ ඡායාවට බිය වී ගැලූ ඇගේ කදුළු වලටම බය වූ මුග්ධයා දැන් පැන ගොස් අවසන්ය... ඒත් එයින් හද දොරගුළු බිඳ ලූ ශබ්දයෙන් සුණු විසුණුවී ගිය කං අඩිවල දෝංකාරය හැමදාට ඔහුට ඇසෙනු ඇත...
සඳ
නුඹ
නාවාට
කම්
නැත
තරු එලිය
මට
හුඟක් ඇත.. ....
___________෴ නිමි නැත ෴_____________
ගාලු ගෙට්ටුව ගැන දන්නවනෙ.... මෙතනින් දැනගන්න පුලුවන්
හප්පේ මේ අන්තිම ඡේදේ තේරුම අහන්න පරනවිතාන මහත්තය හම්බෙන්න යන්න වෙනවා.....
ReplyDeleteමුග්දයා සිටිය යුතු සැම තැනම විය යුත්තේ මෙයයි !
ReplyDeleteකොහෙන්ද බොල මේ වචන සැට් එක... දෙපාරක් කියවලත් තාම වැදුනෙ නෑ
ReplyDeleteසාමාන්‍ය ව්‍යවහාරයේ නැති වචන ගොඩාක් එකතු කරලා කතාවක් ලිව්ව පළියට කතාව සිරා වෙන්නේ නෑ. පොඩ්ඩක් බලන්න උඹේ කතාවේ දෙවන ඡේදයම තනි වාක්‍යයක්. එතකොට කියවන කෙනාට ඒක සෑහෙන්න අමාරුයි.
ReplyDeleteඅනිත් ලොකුම අඩුපාඩුව මේ කතාවේ වචන සෑහෙන ප්‍රමාණයක අක්ෂර වින්‍යාසය එහෙම් පිටින්ම වැරදියි. සමහර වචන මොනවද කියලත් හිතාගන්න බැරි තරමට වැරදියි. ඒ පිළිබඳව සෑහෙන්න සැලකිලිමත් වෙන්න වෙනවා.
මම මේ දේවල් උඹට කියන්නේ උඹට හැකියාවක් තියෙනවා කියලා ලාවට වගේ පේන නිසා.
සිඟිති ආතල් එකක් බලාපොරොත්තුවෙන් උඹේ බ්ලොග් එකට එන බොහෝ පාඨක පිරිසකට මේ කතාව වැටහෙයි කියලා මම නම් හිතන්නේ නෑ.
(මට මේ කතාව තේරුණාද කියන ප්‍රශ්නේ උඹේ මෝඩ පාඨකයෙක් නිසැකවම අහාවි. ඒ අයට කියන්න තියෙන උත්තරේ "ඔව් මට තේරුණා")
-උඹව ප්‍රශංසා නොකරන ඇනෝ-
බර බර වචන ගොඩා..යි. :)
ReplyDeleteපට්ටම පට්ටයි මචන්... සාමාන්‍යයෙන් උඹේ පෝස්ට් වලට කමෙන්ටුවක් නොදාම යනව උඹ ලියන ගොඩක් ඒව කියෙව්වහම මට මතක් වෙන්නෙ මාරෙ අයියගෙ අජිනමොටෝ පෝස්ටුව හින්ද.. කලින් කිව්ව වගේ මේ පෝස්ට් එක නම් පට්ට..
පලවෙනි පාරට උඩින් පල්ලෙන් කියොල දෙවෙනි පාරට ෆුල් සීරියස් එකේ කියෙවුවම තමා සීන් එක මීටර් උනේ. "සඳ නුඹ නාවාට කම් නැත තරු එලිය මට හුඟක් ඇත" දැන් කාලෙනම් කොහොමත් ඔය කියපු සඳ හොයන්ට අමාරුයි නෙහ්.
ReplyDelete@ ඇනෝ :- අක්ෂර වින්‍යාසය වැරදි එකනම් පිලිගන්නවා... මොකද මට ඒ ගැන දැනුමක් නැති නිසා එතාරම... පාඨකයන් බලාපොරොත්තුවෙන් ලිවුවෙ නෑ.. පාඨකයන් බලාපොරොත්තු වෙනවනම් මේව ලියන්නෙත් නෑ ..
ReplyDeleteම්ම හිතුවෙ මේකත් සිඟිති ආතල් එකක් කියලයි... ඔබතුමට එහෙම නොවුන එක ගැන ස්තූතියි...
උපදෙස් වලටත් ස්තූතියි....
-උපදෙස් , උපදොස් හොදින් හඳුනන පොඩි මෑන්-
//අනිත් ලොකුම අඩුපාඩුව මේ කතාවේ වචන සෑහෙන ප්‍රමාණයක අක්ෂර වින්‍යාසය එහෙම් පිටින්ම වැරදියි. සමහර වචන මොනවද කියලත් හිතාගන්න බැරි තරමට වැරදියි. ඒ පිළිබඳව සෑහෙන්න සැලකිලිමත් වෙන්න වෙනවා// ඇනෝගෙ මේටිකට එකගයි. ඒගැන සැලකිලිමත් වෙයන් කතාවෙ අවුලක් නෑ ඒක හොදයි. සැලෙන්න එපා.
ReplyDeleteමේ ඇනෝ ලේසි පහසු ඇනෝ කෙනෙක් නෙමේ, මුළු සිංහල බ්ලොග් අවකාස්හටම සිංහල උගන්නලයි නවතින්න හදන්නේ. මම හිතන්නේ ටී 56 කුත් අරගෙන් ආමි එකෙන් පැනල ආපු පොරක් සිංහල ටියුෂන් කඩයක් දාන්න ලැස්ති වෙනවා කියා.
ReplyDeleteපොර මෙන්න මේ බ්ලොග් එකේ දාල තියෙන කොමෙන්ට් ඉන්ටරෙස්ටින්.
@ ඔබා මාමා :- තැන්කූ ඔබා මාමෙ.... මම කිවුවනෙ උප දෙස් හා උප දොස් අදුනනව කියල..... :D :D
ReplyDeleteඅර ටික කියවා බුදු ජොලියක් වින්දෙමි...:D
සෑහෙන්න කියවලා තමා තේරුම් ගත්තෙ...
ReplyDeleteHikz
ReplyDelete@Observer
ReplyDeleteමාත් ගිහිල්ල බැලුව ඔබාගෙයි ඇනෝගෙයි ද්වන්ද සටන. ද්වන්ද කියන්න බැහැ නේද? තවත් කස්ටිය ඉන්නවනේ. හැබැයි ආතල් උපරිමයි.
Observer : ඉහත ඔබ සබැඳිය ලබා දී ඇති බ්ලොග් අඩවියේ කමෙන්ට් කළේ මම නෙමෙයි. මම කිසිම බ්ලොග් එකක ඒ වගේ තරහින් කෙමෙන්ට් කරලා නෑ.
ReplyDeleteඔබ තුමන්ලා දන්නවද අපි හැම කෙනෙක්ටම භාෂාව හසුරවන ආවේණික ගති ලක්ෂණ තියෙනවා. සමහර වෙලාවට සමහරුන්ටම ආවේණික වුන ව්‍යාකරණ දෝෂ තියෙනවා. ලේඛකයාගේ නම නොදන්නවා වුනත් සමහර වෙලාවට භාෂාව හසුරවලා තියෙන ආකාරය අනූව ලේඛකයාව හිතාගන්න පුළුවන්.
මම පොඩි මෑන්ට වැරදි පෙන්නලා දුන්නේ එයාගේ කතාවේ හරවත් බව අර අක්ෂර වින්‍යාස වැරැද්ද නිසා සෑහෙන්න මොට වෙලා කියලා දැනුන නිසා වගේම පොඩි මෑන් කියන්නේ යම් කිසි හැකියාවක් ඇත්තෙක් විදිහට මං දකින නිසයි.
වැරැද්දක් පෙන්නලා දුන්නාම ඒක පෙන්නලා දුන්න කෙනාව සමච්චලයට ලක් කරනවාද තමන් ඒ වැරැද්ද හදාගන්නවාද කියන කාරනය මත අදාල අයගේ ඉදිරි ලේඛන කටයුතුවල දියුණුව රඳා පවතීවි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඒ සබැඳියේ ඉන්න ඇනෝ තරම් නම් මම සිංහල දන්නේ නෑ.
-පොඩි මෑන්ව ප්‍රශංසා නොකරන ඇනෝ-
පොඩි මෑන්.... බර වචන ගොඩක් එක්ක හොඳ කතාවක් කියලා. මටත් හිතුන දෙයක් තමයි සරළ ව්‍යාකරණ රීති වරද්දන්නේ ඇයි කියන එක. ඒවා ගැන අවදානය යොමු කලොත් සහ අක්ෂර වින්‍යාසය ගැන සැලකිලි මත් උනොත් ව්‍යක්ත රචනා ශෙලියක් ගොඩනගාගන්න පුලුවන්. ඒක වටිනවා ලියන්නෙකුට.
ReplyDeleteඊළඟ එක තමයි මේ බර වචන රාශියට වඩා සුන්දර වචන ටිකකින් මේ හැඟීම දෙන්න තිබුණා. මහා ලොකු කතාවකුත් නෙමෙයිනේ මේ කියලා තියෙන්නේ. පොදු සමාජයේ ඉතා සරළ සාමාන්‍ය සිද්ධියක්. ඉතින් ඕකට මොකටද අපබ්‍රංශ වචන. පොඩී........ අහිතක් හිතන්න එපා. මම මේ ළඟක ඉදන් ඔයා ලියන දේවල් ආසාවෙන් කියවන රසිකාවියක්. මේවා කියන්නේ ඔයාව දිරිගන්නලා අපට කරන්න බැරි, ඒත් ඔයාට පුලුවන්, ඔයා කරන, ලිවිල්ල තවත් ටිකක් ගොඩදම්මවගන්න. ඒ හිතවතකම තේරුම් අරගෙන මේ කමෙන්ට් හිතට ගන්න.
@ ඇනෝ එක සහ දෙක :- ගොඩක් ස්තූතියි උපදෙස් වලට.... :)
ReplyDelete@ ඇනෝ 2 :- //ඊළඟ එක තමයි මේ බර වචන රාශියට වඩා සුන්දර වචන ටිකකින් මේ හැඟීම දෙන්න තිබුණා. //
ReplyDeleteමේකටනම් මම එකගහ නෑ... ඔහොමහිතුවනම් පුරානෙ පොත් ලියපු උන්දැල අපිට තියෙන සාහිත්‍යත් මහ මොට එකක්...
උදාහරණයක් විදියට රිය සක වන් පුලු ලුකුලට ගැලපෙන රණ තිසර තන වගේ බර උපමා දාන්නෙ නැතුව
මරු පුක මරු තන් දෙක කියල කියන්න තිබුනනෙ... ඇයි ඒ බර උපමා... ???
ලොකු ගැඹුරු දෙයක් තියනව කියල හිතෙනවා,එක එක තේරුම් හිතට එනව,එත් මට ඇත්තටම තාමත් හරි දේ හිතා ගන්ඩ බැ.මන් හිතන්නේ තව හැමෝටම මේක තේරුම් ගන්ඩ පුළුවන් විදිහට සහ මේ වාග් රසය රැකගෙන තව සරලව ලිව්වනම් ඇත්තටම හොදයි සහෝදරයා
ReplyDeleteඅකුරු විනිසෙහි දොස් තියෙනවා කියලා පොඩි මළයා පිළි අරං තියෙනවා නොවැ.. ඒත් මේ ලියවිල්ල ටිකක් බර ට ලියලා තියෙන හින්දා සිංහල යෙදුම් නිවැරදිව තිබුණා නම් හොඳයි කියලා මාත් හිතනවා..
ReplyDeleteහැබැයි කතාවේ රහක් නැහැයි කියලා කියන්නේ ඉරිසියාවටයි කියලයි මට නං හිතෙන්නේ.. මේක මසුරං කතා පොඩ්ඩක්..
මට තේරෙන විදිහට අකුරු විනිස හා වෙනත් සදොස් තැන් නිදොස් කරන්නම්.. මටත් වැරදුණොත් කවුරු හරි නිවැරදි කරන්න හොඳේ..
මුග්දයා==>මුග්ධයා
මොළ කැටි ==> මොලකැටි
තමත් ==> තාමත් හෝ තවමත්
හුරුඋණු ==> හුරු වූ හෝ හුරු වුණු
ඔහුගේ දෑස් නොදුටුවාය==> ඔහුගේ දෑස් දුටුවේ නැත
දාමා==>දමා
රේකාවලට==> රේඛා වලට
දඩබල්ලන්සේ ==> දඩ බල්ලන් සේ
දෑබාහු යුග්මයේ ==> බාහු යුග්මයේ
රැකූ ==> රැකි
සංන්තක ==> සන්තක
ඔහු ඇයට පෙම් කරේය ==> ඔහු ඇයට පෙම් කළේය
හ්‍ර්දය ==> හෘදය
ශනිකයේදී ==> ක්ෂණයේදී
චිතක් මූලයක ==> චිත්ත මූලයක
ජීව්‍යඅතීතාවර්ජන්ය ==> ජීවිතයේ අතීතාවර්ජනය
ඔවුද ==> ඔහුද
මෙය අගය කළ යුතු අර්ථාන්විත ලියැවිල්ලකි.. එහෙත් යොදාගෙන ඇති ශෛලිය තුළ රචකයා තරමක අසාධාරණයක් බසට සිදුකර ඇතැයි සිතීම වරදක් නොවේ.. ඒත් මෙය රසවත්ය..
@ චතුර විජේකෝන් :- නොහෝමත්ම ස්තූතියි... කට්ටිය පඬි ටෝක් දුන්නටකොය ටික කියල දුන්නෙ නෑ...
ReplyDeleteනැවත් වරක් ස්තූතියි...
මසුරං කමෙන්ට් පොඩ්ඩ...:D
@ චතුර විජේකෝන් :- නැවතත් ඔඹ තුමාට ස්තූතියි... වැරදි නිවැරදි කලෙමි
ReplyDeleteඅමනාප නොවන්න.. මට හැකි ලෙස වැරදි නිවැරදි කළෙමි.. මාගේ මුල් කමෙන්ටුවේ මට වැරදුණු තැන් කීපයක් ද නිවැරදි කළෙමි.. මෙය මා මෙසේ පළ කරන්නේ මාගේ ව්‍යක්ත බව පෙන්වීමට නොව සැබෑ ලෙසම රසවත් කතාවේ අගය වැඩි කිරීමට බව පවසමි..
ReplyDeleteඇගේ මොළකැටි, සිනිඳු, උණුසුම් සුසුම් අතර මැදට තාමත් ඉඳ හිට වැටෙන ඉකියට, ඔහුගේ වම් ඇලපතට තද වුණ ඇයගේ නිරුවත් පියයුරුවල ගැස්සිල්ලක් තවමත් ඔහුට දැනෙයි... සීතල දුරුත්තේ හිරිගඩු නංවන හීතල කපාගෙන ආ තරු එළිය හොටෙල් කාමරේ කැඩුණ වීදුරුව අතරින් පොරෝනයෙන් පමණක් වැසුණු ඇගේ නව යොවුන් වතේ දහසකුත් කෝමල රේඛා කෑදරකමින් අවුස්සා බලනු අදුරට හුරුඋණු ඔහුගේ දෑස් දුටුවේ නැත....
ඉකියේ ගැස්සිල්ලට දෙනෙත් මත ඇඳි, හදවතේ අඳුරු පාතාලයක සිටියාවත් දැයි නොදැන සැඟවී සිට, මොහොතකට කලින් ඇගේ කොපුල් දිගේ රූටා ඇද හැළුණු පුංචි කදුළු පාරවල් දෙක තුනකට බියෙන්, අන්ධකාරයේ මුල්ලක නොපෙනුණු ද්වාරයක් කං අඩි පලාගෙන යන තරම් හඬින් බිඳ දමා පැන ගිය ඒ නූගත් භයංකාර ගුප්ත වනචාරී මුග්ධයාගේ අඳුරු සෙවනැලි වලින් මිදී, ඇගේ කෝමල රේඛා වලට දඩ බල්ලන් සේ පොර කෑ තරු එළි මැද, මුව පැටියෙකු සේ කොපුල් මත වේලී ගිය කඳූළු පාරවල්, ඉව ඇල්ලූ මලානික තරු කිරණයක දිස්නයක් මත සටහන් විය...
ඔහු තවත් වරක් ඇගේ හිස සිම්බේය.... බොහෝ වේලා නොලද තෙතමනයෙන් වේලී, සීතලට රැළි ගැසුණු ඔහුගේ වියළි දෙතොල් වල පහස දැනීදෝ, ඇය ඔහුගේ බෙල්ල වටා බැදි බාහු යුග්මයේ බැමි තද කර ගත්තාය....
දෙවසරක් පණ දෙවනිකොට ජීවන හුස්ම පිඹ රැකි, ප්‍රේමයේ තමා සතු සියලුම වත්කම් වන්නා වූ ඇය නැමති පුෂ්පය, විවාහය නැමති මොට මන්න පිහියකින් වෘක්ෂය හා පුෂ්පය අතර තුබූ සියලු බන්ධනයන් ඡේදනය කොට තමා සන්තක සියලු පයුරු පාසානම් අඩුක් කොට තැබූ පෙට්ටගමට රැගෙන යන ගමනේ අතර මග සංධිස්ථානයක හමු වූ පාළු මූසල හොටෙල් කොරිඩෝරය දිගේ "ටකොස්" "ටකොස්" බර අඩි තියමින් එද්දී නැගුණු හඬේ දෝංකාරයවත් ඔහුට මතක ඇතිදැයි සැක සිතේ....
ඒ වෙනුවට යථොක්ත මුග්ධයා බිඳලූ ද්වාරයේ ශබ්දයෙන් බිඳී ගියාවූ කං අඩි තුළ "හෝ" "හෝ" හඬ නම් තවම ඇසෙන බව නම් ප්‍රක්ත්‍යක්ෂය....
ඔහු ඇයට පෙම් කළේය.... අසීමාන්තිකව පෙම් කළේය... එහි කිසිම ඇදක් පලුද්දක් වූවා නම්, ඒ දෙවියන් වහන්සේ මනුසතා ලෝකයට මැවීමේදීම මැවුවා වූ සියලු මනුෂ්‍යය සත්වයාටම පොදු ධර්මතාවයක් වූ මානුෂීයත්වයම පමණක් විය... ඇයද එසේමය... ඇය ගේ ආලය දෙවැනි වූවා නම්, ඒ විටක ඔහුගේ ආලයට පමණක්ම විය....
ඒත් ඔහුගේ හෘදය පුරවා තැබූ ආලය, මුග්ධයාගේ නික්ම යෑමත් සමහ හටගත් ද්වාරයෙන් ඉවතට ගලයිදෝ කියා ඔහුටම සැක සිතෙන්නට විය....
ඒ ක්ෂණයේදී ඔහුගේ දෑසේ මැවුණු, හිත තුළ හටගත්තා වූ විචිකිච්ඡා චිත්ත මූලයක සේයා වහා හැඳින ගත් ඇගේ දෑස් කෙවෙනි කඩා ගෙන දෝරෙ ගලනා කදුළු වලින් සරණ බන්ධනයට එක මොහොතකට අභියෝග කළා වූ තවමත් හිස් මංගල පිරුවටය ප්‍රථම වරට තෙමා දැම්මාය... දශක දෙකක්වත් නැති තම ජීවිතයේ අතීතාවර්ජනය ඔහුගෙන් නොසැග වූවද , සැඟවීමට බලාපොරොත්තු නොවූ එකම එක අඳුරු මතකයක් දෝත දැරූ සංස්කෘතික පට සේල වෙලාගත් ස්ත්‍රීත්වය ඔහුගේ හසළ ප්‍රේමය හමුවේ ගොලුවිය.... එහි විපාක ඇයට ලැබෙනා බව දැන දැනත්.., ඔවුන් කාමරයට පියමනිද්දී නැගුණු පා හඬ යටපත් කළ සිනා හඬවල් වල, එක හඬක් යටින් ගැබ්ව තිබුණා වූ අනිශ්චිත බිය හැදිනගත් හොටෙල් කොරිඩෝ බිත්ති එවෙලේ මෙන්ම මෙවෙලේද නිහඩ බව නොවෙනස්ව රකින ලදී......
නැතැයි කී මුග්ධයා ඇතැයි ඇයට සැක සිතී තිබිණි.... ඒ මුග්ධයා ඔහුද හැඳින්නේ මංගල යහනට සුදුකොඩි එසවුන විටය... අදුරු පාතාලයක සැගවීසිට එකවරම විරාජමාන වූ මුග්ධයා විසින් රෝපණය කළ එක ක්ෂණයකදී පැන නැග්ගාවූ යථොක්ත චිත්තක් වීථියේ ඡායාවට බිය වී ගැලූ ඇගේ කදුළු වලටම බිය වූ මුග්ධයා දැන් පැන ගොස් අවසන්ය... ඒත් එයින් හද දොරගුළු බිඳ ලූ ශබ්දයෙන් සුණු විසුණුවී ගිය කං අඩිවල දෝංකාරය හැමදාට ඔහුට ඇසෙනු ඇත...
කතාවනම් දෙවෙනි පාර තමයි තේරුනේ.. මේ බර වචන නිසා.. අර අන්තිම කවි කෑල්ල නම් එක පාරම තේරුම් ගත්තා.. ලස්සනයි..
ReplyDeleteපොඩි මෑන් - වැරදි නොසැලකූ කල කතාව නිර්මානාත්මකයි. සැලෙන්න එපා..
ReplyDelete@Observer- පොර මෙහෙටත් බැහැලා නේද බං.
රාජ් - උබත් ඔබා සහ ඇනෝ ආතල් එක බලලා වගේ.
ඇනෝ සහ ඔක්කොටම කියන්න තියෙන්නේ-
පොදුවේ ගත්තොත් ගොඩක් බ්ලොග් රචකයන්ට සිංහල බැරි කම නෙවේ තියෙන්නේ "ටයිප්" කරන්න කී බොඩ් එක නොදන්න කම. තවමත් මම දන්නේ නැහැ රැ සහ රු අකුරු දෙක ටයිප් කරන්න. (මට සිංහල/ඉංග්‍රිසි ටයිප් කරන් පුළුවං යතුරැ පුවරැව නොබලා)
හැමෝටම මේ කියන යුනිකෝඩ් අවුල නිසා කෙලවෙනවා. සිංහල බැරි කම නෙවේ. යුනිකෝඩ් බැරිකම. ඒක ඇනෝලට රජ මගුල්..
@ චතුර විජේකෝන් :- යමෙක් තවකෙක්ගේ අඩුපාඩුවක් පෙන්වීම් ඒ අඩුපාඩු පෙන්නන්නාගේ ව්‍යක්ථ බව පෙන්වීමයැයි පැවසන්නේ මැටි හරක් බව දනිමි... ඉහද සම හරක් කරා සේ නොකොට අඩුපාඩු පෙන්වාදීම හිස් මුදුනින් අගය කරමි... :)
ReplyDelete@ sAm :- හරියට හරි බං... ඔය ඇනෝල හැමෝටම එන්න කියල පෙන්නන්න කියන ඕනෙ අපි කියන හම වචනයක්ම ටයිප් කරන්න පුලුවන්ද කියල....
ReplyDeleteඅඩුපාඩු තියෙනව අපි කාගෙත්.... ඒව පෙන්වා දෙන්න පෙන්වාදෙන කෙනා සියල්ල දත් වෙන්න ඕනෙත් නෑ.. ඒත් ඒකටත් විදියක් තියෙනවා...
එයා පොර වෙන්න යනව අපි මහන්සියෙන් කරපු නිර්මාණෙ බලු බලු කරලා...
වචන භාවිතයේ තියෙන සංකීර්ණත්වය නිසා දෙපාරක් කියවලා තමා මීටර් කර ගත්තේ. කතාව පට්ට ය
ReplyDelete@පොඩි මෑන් : ස්තුතියි මල්ලී නිහතමානී කමට..
ReplyDelete@සෑම්..: මං පාවිච්චි කරන්නේ මධුර රියල්ටයිම් යුනිකෝඩ් කන්වර්ටරය..
ඒකෙ නම්
රෑ -- rA ලෙසත්
රූ -- rU ලෙසත්
රැ -- rae ලෙසත් තමයි ටයිප් කරන්නේ..
අමාරුවෙන් තේරුම් ගත්තා...
ReplyDeleteපොඩි මෑන් මට වෙඩි තියලා ගියානේ...කතාව වෙනස්..හොඳයි.මේ කවිය මගේ කවියකට දාපු කමෙන්ට් එකක් නේද..මට ඒක මතක් උනා..
ReplyDeleteසඳ නුඹ
පමා නැත
හිරු එලිය
තව ටිකක්
ඇත..
ජයවේවා පොඩ්ඩෝ!!
@ කුමාරිහාමි :- ඔවු... කතාව වෙනස්.. කුමාරිහාමිගෙ කවිය හොදට මතක තිනුනා... ඒකට දාපු කමෙන්ට් එකත් මතක තිබුනා.. මේකටත් ගැලපෙන නිසා දැම්මා... :)
ReplyDeleteවෙඩි තිබ්බෙ නෑ වෙඩි වලින් බේරෙන හැටි ට්‍රේනින් එකක් දුන්නෙ මගේ දැණුමේ හැටියට
ජය වේවා !!!
අනේ පොඩි එකෝ... මාත් මේ ඇනෝලායුද්දෙ බලං පොඩි ආතල් එකක් ගත්ත.... අඩේ.. පෙරහරට වඩා අලි බෙටිවලනෙ ආතල්එක තියෙන්නෙ.... අක්සරවින්නියාසයක් ගැන එහෙම ලියල තිබ්බෙ..... ඒ වින්නියාසෙ වැරදුනාට පොඩි එකා කිව්වදේ නොතේරිලා නෑ මට පේන්නෙ... එකියන්නෙ.. පොඩ්ඩගෙ අද්දයාසේ සාර්තකයි... යකෝ අපිට බසා අකුරු ඕනෙ අපේ හිතේ තියෙන දේ ඕන පොල් බූරුවෙකුට හරි තේරෙන්න කියන්න මිසක් වෙන මොන ලබ්බකටද.....මූට හිතිච්ච දේ... ඒ විදිහටම මූ අපිට කියල තියෙනවනං වෙන මොනාද බං....
ReplyDeleteඅඩෝ පොඩ්ඩො අත්තටම උඹේ මේ කෙටිම කෙටි දිග කතාව ගැන කියන්න මට ඕන උනේ.. ඒත් මේ පයිතගෝරාස් ටෝක්ස් දැකල... මාව පයිත්තියං වෙලා ගියාබං... මුං ඔක්කොම අකුරු ගැනයි අර ලබ්බ ගැනයි මේ ලබ්බ හැනයි කියවනව.... ඇයි බං මුලු අඟේම මොලේ තියෙන මුංට මේයකා මෙහෙම අපබ්බුරංස බාසාවකිං මෙහෙම අපබ්බුරංස කතාවක් කිව්වෙ ඇයි කියල බලන්න හිතෙන්නැත්තෙ..අර කිව්ව වගේ... ඔය ඔක්කොම බල බල සිංහලෙං කොටන්න ගියානං.. මේකා මේකපේදි මේක දාන්නෑ.. මොකද වින්නියාසෙ හොයනකොට හිතට ආපුදේ අමතකවෙලා... හොහ්..හොහ්....
ඕන පොරගතිශීලියෙක්ගෙ ඇතුලෙ සාම්ප්‍රදායික මුග්දයෙක් ඉන්නව බං... විසේසයෙංම සාම්ප්‍රදායික රැහැන් විප්ලවීය ආකාරයෙන් බින් ඳෙ නැති අපිවගේ තුන්වෙනි ලෝකෙ රටවල්වල.....හම්ම්ම්ම්........චින්තන විප්ප්ලවයක් වෙන්න සමාජ විප්ලවයක් වෙන්න එපැයි.....
X-Porter
කතාව නම් ෆට්ට,, හැබැයි මට තේරුනේ නැති එක තමයි අවුල,,, මෙතන මුග්ධයා කවුද කියලා තාම මීටර් උනේ නෑනෙ,,, පරණ නව කතාවක් කියෙව්වා වගේ හැගීමක් ආවා,,,, ඇත්තටම තෑන්ක්ස් කතාවට,,,, =)
ReplyDeleteගෙඩි පිටින් බ්ලොග් ලිපි හොරකම් කරමිං, අනුන්ගේ වැරදි සොයමිං, මෙලෝ රහක් නැති හරක් පොස්ට් දදා යන හිවලුන්ට වඩා.. පොඩි මැන්ගේ සිගිති ආතල් එක බලා හිත හදා ගැනිම හෙන ආතල්ය..
ReplyDeleteඌ සිගිති ආතල් දෙන්නෙ පොඩි එකා නිසාය.. ලොකු ආතල් දෙන ඒවාද ඔනි තරම් ඇත.. අපිත් තාම සිගිත්තො වෙමි..!
-පොඩි මෑන්ව ප්‍රශංසා නොකරන බනී-
කතාව නම් හොඳයි.කියවගත්ත බොහොම අමාරුවෙන්.මං මේ බොහොම දුර බැහැර ඉඳන් ආවේ පොඩිමෑනෝ.එක නෙවෙයි ඔය කතාව සිංහලෙන් ලියන්න බැරිද මයේ අම්මා?
ReplyDeleteඅනේ මට තේරෙන්නේ නෑ
ReplyDelete