2011-09-11

මෙලෝ රහක් නෑ 4 " විකනවා කොන"


කොහොමත් කවි ලියන එකේ.. සාහිත්‍ය මාසෙ නිසා කවි ටිකක් වැඩියෙන් දාන්න  කියල කල්පනා කරා.. පොඩි මෑන් ලියපු කවි මේ වෙනකොට කැර්ටගරි 3ක් තියෙනව.. දිගටම කියවපු අය දන්නව ඇති

මුලින්ම                     ගොතාපු ඒවා
ඊලගට                     මෙලෝ රහක් නෑ
ඊටත් පස්සෙ            හාට් Piercing...✿•*`¨


ගොතාපුවනම් ඉතිං පොඩි මෑන්ගෙ හිතට ආව ඔක්කොම ජාති..

මෙලෝ රහක් නෑ නම් .... දකින කියන ඇහෙන දේවල් වල රස ගුණ.... හැබැයි අහන්න එපා මට පේන්නෙ දකින්නෙ ඕව විතරද කියල.... අනිත් ඒවත් පේනවා.. කට්ටිය දැක්කත් ලියන්න නැති ඒව ගැනෙ පොඩි මෑන් ලියන්නෙ...

හාට් Piercing...✿•*`¨  නම් ඉතිං රිදෙන්නම දැනෙන්න ලියපු  කාටවත් නොපෙනෙන පැති කියල හිතුන ඒව තමයි....

හාට් Piercing...✿•*`¨  නැගල ගියා..... ඒ ම ඒ කැටගරිය පටන් අරගත්තෙ බ්ලොග් එකට කට්ටිය ටිකක් එන්න පටන්ගත්තට පස්සෙනෙ... ලට්ට ලොට්ට පටන් ගනිපු කාලෙම දාපු මෙලෝ රහක් එහෙමත් පොඩි මෑන්ගෙ පොඩි පොඩි වැඩ තියෙනව... රසවින්දන හැකියාව ඉගන ගන්න කැමති අයට.. අන්න බඩු... එක නැට්ටෙ ලබු වගේ

කිවුවත් වගේ සාහිත්‍ය මාසෙට මේ කැටගරි තුනම ආයෙත් කරලියට ගේන්නයි කල්පනාව...

අද ට මේ දෙවනි පෝස්ට් එක...  පලවෙනි එක තමයි  හාට් Piercing...✿•*`¨  කැටගරියෙන් දාපු ආමි බූට් එක


දැන්ඉතිං ඔන්න මෙලෝ රහක් නෑ ආයෙමත් ක
රලියට...  ගොතාපුව එකකුත් දාන්න හිතෙනවා.. බලමු..

සාහිත්‍ය කිවුවාම කවිම විතරක් නෙවෙයිනෙ... පොඩි මෑන් මේ දවස්වල ලියාගෙන යන යුගයේ පටලැවුන ලවුස් ටෝරිය... ඒකත් දන්න එපැයි..

ඔන්න ඒක නිසා  මගදිගට 8 ටයිප් වෙන ගමන්....

අග්... ඔය කවි කැටගරි වල වැඩියෙන්ම කැමති මොන කැටගරියටද කිවුවනම්... ..   තිත් දෙකයි ඩී

ඔන්න අද මෙලෝ රහක් නැති එක....


                              අරන් පපුවට තද             කරන්
                              බදාගෙන තුරුලේ           තියන්
                              විකනවා කොන නුඹ හොරෙන්
                              අනේ මම ඒ පොත       වෙයන්

                              ගමනෙ තාලෙට      පැද්දෙමින්
                              හාදු දෙන හැටි       ගැස්සෙමින්
                              මම නුඹේ පොත නම්      ඉතින්
                              ඉන්නවා තව           මිරිකෙමින්
 


23 comments:

  1. ලිව්වොත් ඉතින් මෙහෙම එකක්

    ReplyDelete
  2. @ අංජලී :- කොහොම එකක්ද ?

    ReplyDelete
  3. ගොතපු ඒවා පට්ට..අර හඳ ගැන ලියපු එක පට්ටය..

    ReplyDelete
  4. විකනවා කොන නුඹ හොරෙන්
    අනේ මම ඒ පොත වෙයන්

    මාත් මෙහෙම අන්තවත් හිතලා තියෙනවා බං :P :D

    ReplyDelete
  5. @ චම්ම :- එල..

    @ බනී :- උඹට වල් හාව කියන්නෙ නිකන්ද...

    ReplyDelete
  6. හෆ්ෆා......... කියන්නෙම මෙහෙම ඒවා නොවැ...;)
    දකින් කියන ඇහුන ඒවානෙ...;)
    නියමයි සහෝ...!!!!

    ReplyDelete
  7. මදයි මමත් ලියන්න කියලා ගත්තා කවියක් උබේ පොස්ට් එකට ...
    අපොයි මෙකටනම් මුකුත්ම ලියන්නේ නැහැ මං.. උබනම් සාහිත්‍යටම තමයි හොද..:p

    ReplyDelete
  8. තමුසෙ නම් මහා ජරා ම්නිහෙක්.මේ වගේ මල ජරාව විතරද ලියන්න දන්නෙ?

    ReplyDelete
  9. පට්ටයි පට්ටයි........
    සිරාවටම ලියවෙලා තියෙනව....

    ReplyDelete
  10. අඩේ අපිටත් ඔහොම හිතුන වෙලාවල් නම් තියෙනවා.. ඒක නෙමෙයි සාහිත්‍ය මාසේ එකේ කතාව ඉක්මනින් දාන්න පොඩ්ඩෝ...

    ReplyDelete
  11. @ හිතුවක්කාරි :- ස්තූතියි..

    @ හිරු එලිය :- ඒ මොකද ලියපංකො..:D

    @ ඇනෝ :- අග්.. මම ඒත් බබැලුව පහුගිය ටිකේ කමෙන්ට් එක් තිබුනෙ නැත්තෙ මොකද කියල... ජරාව කිය කිය හැමදාම එනවනෙ බලන්න .... ඒකනෙ වටින්නෙ.. ස්තුතියි ආයෙ එන්න බැනල යන්න...

    @ Dinesh :- දානවා දානවා...

    ReplyDelete
  12. අනේ මම මේ පොත උනා නම කියල හිතුන අවස්ථා නම ඒමට.. යකෝ අර කතන්දරේ දාපන්කෝ...

    ReplyDelete
  13. මැරියන් මෝඩ රිද්මයා තමුසෙගෙ ඒව බලන්න ඔනෙ නෑ මට

    ReplyDelete
  14. හික් හික්!! නියම කවිය. උඹ කවුරුහරි කෙල්ලෙක්ට ළඟදි බූට් එකක්වත් තිබ්බද මේ ඇනෝ ඇවිත් බනින්නෙ? :)

    ReplyDelete
  15. ඇත්තට කොහොම හිතෙනවද මන්දා මේවා මෙයාට.. ජය වේවා පොඩ්ඩෝ...
    :)

    ReplyDelete
  16. @ පිස්සා පලාමල්ල :- දානව දානවා.... හිටූ...

    @ ඇනෝ :- හි හී... මම දන්නව දැන් මේ කවුද කියල... මෙයා මේ ආදරේටනෙ බනින්නෙ... හැබැයි මම හිතන් ඉදියෙ ඇත්තට කියල.. අපරාදෙ... කමක් නෑ අනිතදවසෙ බලන්නෙ නැතුව හරි බනින්නකො..

    @ blog gadol :- නෑ නෑ මෙයා මේ ආදරේට බනින්නෙ.. මම දන්නව කවුද කියල වැඩේ කියන්නෙ ආයෙ බනින එකක් නැද්ද දන්නෙ නෑ.. අපරාදෙ.. හැබැයි දිගටම බලන්න ඒවි..:D

    @ ප්‍රාර්ථනා :- අනේ මම දන්නෙ නෑ.. මටත් හරි ප්‍රශ්නේ... කොහොම හිතෙනවද දන්නෙ නෑ.. :D

    ReplyDelete
  17. What's up every one, here every one is sharing these kinds of familiarity, thus it's pleasant to
    read this weblog, and I used to visit this webpage all the time.
    Stop by my blog post soccer transfer news arsenal

    ReplyDelete
  18. Hi there, I enjoy reading through your article.
    I like to write a little comment to support you.
    My blog post : chelsea transfer news 2012

    ReplyDelete
  19. I am really enjoying the theme/design of your weblog.
    Do you ever run into any internet browser compatibility problems?

    A few of my blog visitors have complained about my website not operating correctly
    in Explorer but looks great in Safari. Do you have any advice to help fix this problem?
    Also see my website: football news epl

    ReplyDelete
  20. I am truly grateful to the owner of this web
    page who has shared this fantastic post at here.
    Also see my web page - latest epl transfer news 2008

    ReplyDelete
  21. This is my first time pay a quick visit at here and i am genuinely pleassant to read all at one place.
    Feel free to surf my web blog :: soccer transfer rumours 2009

    ReplyDelete
  22. Hey there would you mind letting me know which webhost
    you're utilizing? I've loaded your blog in 3 completely different web
    browsers and I must say this blog loads a lot faster then most.
    Can you suggest a good hosting provider at a fair price?
    Many thanks, I appreciate it!
    Also see my webpage - pizza games new

    ReplyDelete
  23. I have learn a few good stuff here. Certainly price bookmarking
    for revisiting. I surprise how a lot effort you set to make this type of excellent informative website.
    My webpage ... pizza games papa

    ReplyDelete