2011-09-07

පොඩි මෑනුත් 50 ඕයි..!!!




ඔන්න එහෙනම් පොඩිමෑනුත් නොදැවී හාෆ් සෙන්චරියක් ගැහුවා .... අඩේ හැරිල ස්කෝර් බෝඩ් එක දිහා බලද්දි එනවනෙ  ඕයි පොඩි පහේ ආතල් එකක්...

පොඩිමෑන් ගර්වුන්ඩ් එකට එන්ටර් වෙලා අදට මාස 3දවස් 9 යි...  වැඩ බර ලෝඩ් එකක් අස්සෙ දවස් 98 කට පෝස්ට් 50 දාගෙන කොහොමහරි.. අඩේ මං හොදයිනෙ.... හොදයි කියන්නෙ ආයෙ ලෙසටම හොදයි..

කොහොමෙන් කොහොම හරි 50 දානකොට ෆලෝවර්ස්ල 127 ක් ඉන්නවා.. හිට්ස් 11000 පැනල...

පොඩි මෑන් හොද තත්වෙක ඉන්නව කියල පොඩි මෑන්ගෙ හිතට දැනෙනව.. ඒක නිසා තව ලියන්න ඕනෙ කියලත් හිතෙනව.. ඉතිං ඕයි ඒ මැදෑ....

අනේ මේ... පංඩිත කතා ඕනෙ නෑ.. මම නම් ඔය හිත හැදෙන්න බ්ලොග් ලියන එකෙක් නෙවෙයි.. කට්ටිය ආවෙ නැත්නම මේක නවත්තල දානව.. බම්බුව... හැබැයි  ඔය සමහර  කස්ටිය කියන්නෙ කවුරු ආවත් නැත්ත මම බ්ලොග් එක ලියනව කියල :D එහෙනම් අහවල් හෝම්කමිමකටද දන්නෙ නෑ සින්ඩි වලට දාන්නෙ...  හිනා යනව ඕයි මේවට......

ඔය මාස තුන ඇතුලත...  කරපු කියපුව දිගා බැලුවාම  මුලින්ම පටන්ගත්තෙ ගොතාපු ඒව වලින්... 

මෙලෝ රහක් නෑ
අවජාතකයාගේ යුතුකම් ඉටුකිරීම
ප්‍රීති-යෙන් මිනී මැරීම

             
වගේ ඒවා.. නැගල ගියා... කවදත් ගරු කරන ගොඩක් දේවල් ඉගන ගත්ත බ්ලොග් අවකාශෙ දැවැන්තයෙක් වෙච්ච කතන්දර ලට්ට ලොට්ට කවි බ්ලොග් කැටගරියට දැම්මෙත් ඔය ගොතාපු ඒව නිසානෙ... බ්ලොග් වලට ඇච්චන් කොල්ලෙක් වෙච්ච් පොඩිමෑන්ට කමෙන්ට්  එහෙමත් දාල කවි වර්නනා කරල හොද තල්ලුවකුත් දුන්නා... ඔන්න හැමදාම වගේ කතන්දරට පොඩිමෑන්ගෙ හදපිරි ප්‍රණාමය.

  ඒ අස්සෙ  පොඩි මෑන් සත්ව රාජදානියෙ කිසිම කෙනෙක් මෙච්චර කල් හොයගත්තෙ නැති සතෙකුත් හොයාගෙන වාර්තා කරානෙ.. සතෙක් කිවුවට ඇත්තටම කුරුල්ලෙක්... ඒ තින්තතෙතයියා   ඔහෙල දැකල තියෙනවයි.. ???

පස්සෙ ලට්ට ලොට්ට වල හිට්ම ක්‍රියේශන් එක මගදිගට නවකතාව... කොටස් හතක් මේ වෙනකොට ගිහිල්ල තියෙන්නෙ අතිසාර්ථක ප්‍රතිචාර මැද.... පලවෙනි කොටස කියවල ඒක කස්ටිය අතරට අරගෙන යන්න උදවුකර වැප්ට ඊලග මෙවුව එක...

ඇයි ඔට මග දිගට කතාව ලියපු ස්ටයිල් එකටම මුල්ම කාලෙ ලියපු වැඩි දෙනෙක් කියවපු නැති පොඩිස් පර්සනලි කැමතිම කතාව  හදපානෙ නිරුවත් වානරයා....

එතකොට ඔය කවි වලින් නැගල ගිය තවත් වැඩක් තමයි  _________ හාට් Piercing...✿•*`¨
චෝදනාත් ආවෙ නැත්තෙ නෑ රැඩිකල් වැඩියි කියල... පොරක් වෙන්න හදනවලු.... ඒක දැකල මට තවත් ආතල් ඕයි... පොරක් වෙන්න නේන්නම් හැදුවෙ... එහෙම වේගෙන එනව කියල කට්ටියට පෙනිලනෙ... ලැජ්ජත් හිතනව ඕයි... හැකෑස්...

ආ.. ඊට පස්සෙ  කිඩෝ, ග්‍රීස් හාවා (බනී) ඇතුලු ගාල්ලෙ බ්ලොග් කාරයො ටික.. හමුවෙන් පස්සෙ හොද සප් එක් දුන්නා...

කොච්චර බ්ලොග් කියෙවුවත් බ්ලොග් එකක් කරන්න ආස උනේ පූසන්ගෙ බ්ලොග් ගඩොල් දැකලයි... ඉතින් පූසොත් නිතර නිතර මේ පැත්තෙ ඇවිත් දීපු අවවාද අනුසාසනා ඇතුලු දිරිගැන්වීම්වලට මෙන්න ඊලගට මෙවුව එක.....

ඔය ලොකු ලොකු බ්ලොග් කාරයො ඇවිත් පොඩි අපට ඒවගෙ තල්ලු දෙනකොට පට්ට හැපි ඕයි...

අමතක වෙලා නෙවෙයි ලිවුවෙ නැත්තෙ අන්තිමට ලියන්න කියල හිතාගෙන ඉදපු නිසා... බ්ලොග් ලියන්න හිතුනත් තිබුන කම්මැලි කම නිසා පැත්තකට වෙලා ඉදිද්දි බ්ලොග් එකත් හදල දීලම මාව බ්ලොග් අවකාශෙට තල්ලු කරපු ආදරනීය  සෝසමල් සහෝදරී ප්‍රාර්ථනා... හැමදාම කියනව වගේ ස්තූති කරල යාලුකම හෑල්ලු කරන්නෙ නෑ මම... කියන්න තියෙනෙ ඒ යාලුකමට.. සහෝදර කමට හැමදාම ආදරෙයි...

 හැමදාම කමෙන්ට් කරපු අයට.. හැමදාම ලියන ඒව බලපු අයට .. දිරිගන්නපු අයට... බැනල දාපු එකම එක කමෙන්ට් එක දාපු ඇනෝට... පොඩි උපහාසයක් එක්ක ගේම ඇදපු චූටිමල්ලි ඇනෝට... ඔන්න ආයෙමත් මගේ මෙවුව එක...

දැන් ඇති ඕයි.....
ඔන්න මම අන්තිමට කියන්න...
ඔහෙල ඇවිත් කියවනකම් මම මේක ලියනව හරිය.......
 අපි කැපුනා....



22 comments:

  1. අප්ප්ද බොල 50 ටත් ආව එහෙනම්...ඔයා ආවා වගේ එහෙනම් සෙන්චරියටත් ඔය වේගෙන්ම යමු නේද.. ;)

    ReplyDelete
  2. අඩෝ කවුද යකෝ ග්‍රීස් හාවා ? මරනවා තෝ :D

    "ඔහෙල ඇවිත් කියවනකම් මම මේක ලියනව හරිය......."
    ඉතිං අපිට #ක ද යකෝ ? :P

    මචං.. අපි මේ වගේ එව්වා සාමාන්‍යයෙන් සමරණවා.. උඹ අද ගාල්ලෙද ඉන්නෙ ? :D :D

    ReplyDelete
  3. @ ChammA :- බලමු බලමු.. :)

    @ Bunny :- උඹ තමයි ඩෝ ග්‍රීස් හාව... ඌබට # උනාම මට ## යකෝ... ඔවු ගාල්ලෙ තමයි.. ඒත් ඉතිං උඹ අම්ද්‍යපයිනෙර... වෙන විදියකටනම් සමරන්නෙ නෑ :P

    ReplyDelete
  4. සුබ පැතුම් පොඩ්ඩෝ...

    ReplyDelete
  5. හැපී හාෆ් සෙන්චරියක් වේවා... කොච්චර වේගෙන් පෝස්ට් දැම්මත් මග දිගට දාන වේගෙනම් මදි. හැමදාම ලට්ට ලොට්ට බලන්නෙ කතාවේ ඊලඟ කොටස දාලාද බලන්න...

    ඔන්න අද ගාල්ලෙ සෙට් වෙලා සමරන්න ඔට්ටු නෑ හරිය? වීක් එන්ඩ් එකට ලොකූ පාටියක් දෙන්න...

    ReplyDelete
  6. ජයවේවා! දිගටම ලියපන් පොඩි මෑන් :)

    ReplyDelete
  7. අඩෝ පොඩි එකා, ඔන්න එහෙනම් මාත් උබට සුබ පැතුවා . ගහමු ඔය වේගෙන්ම සෙන්චරියත් ඇ.......
    මාත් මේ ටිකේ ගාල්ල අවට තමා කැරකෙන්නේ ඇත්තට මේක සමරන්න කොහෙටද බන් උබල සෙට් වෙන්නේ.

    ReplyDelete
  8. සුභපැතුම් සහෝ. මගදිගට එනකල් අපි මග බලන් ඉන්නවා. ඉක්මනට ඒක ලියපිය.

    ReplyDelete
  9. සුභ පැතුම් පොඩි මෑන්.100ත් ඉක්මනටම ලබන්න හැකි වේවා.මගදිගට ඉක්මනට ලියමු හොදේ....

    ReplyDelete
  10. අනේ තමුසෙට හරි ලොකුයි නේද 50 කියල?ජරා කථා ලියල

    ReplyDelete
  11. අහා.. නියම වෙලාවට ඇවිත් තියෙන්නේ.. මගෙනුත් සුබ පැතුම් පොඩි මනස්ට ..!

    ReplyDelete
  12. සුබ පැතුම් පොඩි එකෝ ..

    ReplyDelete
  13. පොඩිඑකා එහෙනම් 50කුත් ගැහුවා... ඔන්න අපෙන් උණුසුම් සුභ පැතුම්...මම මුලින්ම් මේ පැත්තට ගොඩ උනේ " මෙලෝ රහක් නෑ " පොස්ට් එකෙන්.. දිගටම ලියන්න.. ජය!!!!

    ReplyDelete
  14. කලින් ගොඩ වැදිලා නෑ මම මයෙ හිතේ... පහු ගිය කාලේ බ්ලොග් හුඟක් මග ඇරුනා... සුබ පතනවා... ආව ගියෝ නොවී එක දිගට ලියපන්.... ජය...

    ReplyDelete
  15. උබේ මේ පෝස්ට් එකට දාන 2 වැනි කොමෙන්ටුව... අදමයි මේ පැත්තෙ ආවෙ... සියළු වැඩ පසෙක ලා නව කතාව කියවන්න ගත්තා... ඊට පස්සෙ උබේ බ්ලොග් පෝස්ට් 50 ම කියවල තමයි වැඩේ නැවත්තුවේ... කාලෙකින් සෙට් උනා ආතල් බ්ලොග් එකක් කියන්න පුළුවන්...

    ජයෙන් ජය... හැබැයි පුතෙ අර කතන්දරේ නම් ඔන්න මග නවත්තන නෙමෙයි... මම බ්ලොග් එකේ ලින්ක් එකකුත් මගෙ බ්ලොග් එකේ දා ගත්තා අප්ඩේට් වූ සැනින් බලන්න කියල... ඒක නම් සුපිරිය.

    පරණ මතකයන් මටහ්ක් වෙනව බන් ඒකත් එක්ක... මමත් ලිව්ව ඔය වගේම කතාවක්... වෙලාවක බලපන්.

    ReplyDelete
  16. ඔන්න මගෙනුත් සුභ පැතුම්!!!

    ReplyDelete
  17. අඩේ.. ඔන්න අපේ පොඩ්ඩා 50ක් ලියලා.. ජය වේවා,..
    ස්තූතියට වඩා ඒ යාළුකම ආදරේ මට වටිනවා පොඩ්ඩෝ,.
    ජය වේවා..
    මේ ඒක නෙවෙයි සමරනවා නම් අපිටත් කියලා ඔය කරන දෙයක් කරා නම් හොඳා.. නැතුව තනියම සමරල තිබුනොත් ,.... ඒක පස්සෙ බලාගන්න බැරිය,..

    ReplyDelete
  18. ජය වේවා...!!!!!!!! දිගටම ලියන්න ඕං... මගෙන් සුභ පැතුම්....!!!!!

    ReplyDelete
  19. මගෙනුත් උණුසුම් සුභපැතුම් පොඩි මෑන්. බ්ලොග් ගඩොල් කියවීමෙන් ඔයාට ලැබුනු උත්ප්‍රෙරණය ගැන ගොඩක් සතුටුයි මට. දැන් ඉතිං ඊළඟට ටාගට් කරන්න සෙන්චරිය ගහන එක ගැන.

    බ්ලොග් අවකාශෙ නවක බ්ලොග් වලින් මම ගොඩක්ම කැමති බ්ලොග් එකක් තමයි ලට්ට ලොට්ට. මේ බ්ලොග් එකේ තියෙන රැඩිකල් ගතිය බොහොම ලස්සනයි. ලියන විදිහ වෙනස් කරන්න එපා. පොඩි මෑන්ට ලොකු අනාගතයක් තියෙනවා.

    ReplyDelete
  20. සුභ පැතුම් ඈ..සෙන්චරියක් ගහමු නේ.අපි ඉන්නවා නේ කියවන්න :D

    ReplyDelete
  21. thank you very much oyage me wadeta... digatama karagena yanna PODI MAN
    Girl of 27

    ReplyDelete