2011-09-18

කුණුහරුප ගැන ඉගන ගනිමු හැබැයි 18 + නොවේ




පොඩ් මෑන් කුණුහරුප දනී... ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නැත. නමුත් දන්න කුණුහරුප එකක්වත් ලට්ට ලොට්ට බ්ලොග් අඩවියේ ප්‍රකාශකර  නැත්තෙමි.... එම ප්‍රකාශය ඉතා වගකීමෙන් කියන අතර මෙම ප්‍රකාශය කිරීමට මුල් උනේ ලට්ට ලොට්ට කුණුහරුප බ්ලොග් අඩවියක් බව සම- හරක් ප්‍රකාශ කර ඇති නිසාය...

කුණුහරුප කීවාට කුනුහරුප ඇසුවාට කුණුහරුප යනු මොනවාදැයි අපි හරියට නොදන්නෙමු. එම නිසා ප්‍රථමයෙන් කුනුහරුප යනු මොනවාදැයි වැහැදිලි කරගැනීම වටී... කුණුහරුප නොදන්නා අයට කුණුහරුප ගැන දැනගැනීමට මෙසේ ලියා තබමි

කුණුහරුප සහ කුණුහබ්බ යනුවෙන් මෙමෙ වචන විවහාරවෙයි..  කුණුහබ්බ යන්න කුණූහරුප යන්නෙන් කටවචනයට පහසුවෙන අන්දමට බිදී ආවකි.. ප්‍රාදේශීය විවහාරයේදි එය කුණුහබ්බ යනුවෙන් විවහාර උනත් හරි වචනය කුණුහරුප වෙයි

කුණුහරුප යන වචනය කුණු + හරුප  වශයෙන් විසන්ධි කල හැක..

එවිට...,

කුණු =  ඉවතදමන ද්‍රවය... කැලි කසල.. පාවිච්චිය නුසුදුසු...  අපිරිසුදු වැනි තේරුමක් ගත හැක... ඉංග්‍රීසි භාශාවෙන් නම්  කුණු =  dirt.. dirty... impure ...rubbish... වැනි තේරුමක් දෙයි

හරුපය =  හරුපය යන්නට නියම තේරුම වචනය යන්නයි... නමුත් විවහාරයේදී   නොතේරෙන යම් ප්‍රකාශයකට හරුපය වශයෙන් භාවිතා වෙයි

" මොකද්ද බං ඒ කියපු හරුපෙ ??"
වැනි ප්‍රකාශ ඔබ අසා ඇතයි සිතමි..

නමුත් හරුපය = වචනය  /  word වෙයි

එසේනම් කුණුහරුප යන්න මෙසේ විග්‍රහ කල හැක...

පාවිච්චියට නුසුදුසු /  අපිරිසිදු   වචන

සිංහල භාෂාවේදී මෙවැනි කුණුහරුප 19ක් ගැන සදහන්වෙයි...  එම එක වචනයක්වත් මෙහි සදහන් කල නොහැකි උවත්   ගූ , චූ ,පඩ , පුක, හුජ්ජ, ලබ්බ  වැනි බොහෝ අය කුණුහරුපයයි සිතාගෙන සිටින වචන එම කාන්ඩයට ඇතුල් නොවෙයි...

මෙම වචන
ගූ         =    අසූචි , මල
චූ , හුජ්ජ  =   මුත්‍ර
පඩ        =   අධෝ වාතය
පුක        =  අධෝ මුඛය
ලබ්බ      =  ලබු කැටය /  ලබු ගෙඩිය 


දෙන බව අපි කවුරුද් දනිමු...    නමුත් සාමන්‍ය විවහාරයෙන් මෙම වචන ඈත්වී ඇත...  එම වචන වලට සාපේක්ෂව ඉහත තේරුම සදහන්  කල වචන විනීතයැයි මිනිසා විසින් සම්මතයක් ගොඩ නගාගෙන ඇත..  උපන් දවසේ සිට සම්මතයට පුරුදුවී සිටි උන් සම්මතයෙන් පිට පැනීම හෙවත්  වැට පැනීමට පැකිලේ.. එසේ තමන්ම පාලනය වීමට හදාගන්න රීති මාලවක් යමෙක්ට තිබිය හැක... එයට ප්‍රතිපත්තියැයි කියමු. පුද්ගලයාගෙන්  පුද්ගලයාටද එම ප්‍රතිපත්ති වෙන්ස්විය හැක.

මිනිසුන්ම තම සභ්‍යත්වය පාලනය කරගැනීමට  සාදාගත් සම්මත නම් වැට යමෙකු පැන ගියහොත් එය අසම්මතයැයි කියති.  ඒත් මෙම සම්මතය රීතියක් මිස නීතියක් නොවන බව අවධාරණය කරනු කැමැත්තෙමි.  සම්මතය හෝ අසම්මතය සාපේක්ෂ වෙයි.

මෙසේ උදාහරණයක් ගෙනදක්වනු කැමැත්තෙමි..

  කලකට ඉහතදී ගෙදර අයියාට හා මල්ලීට එකම අඹුවක් කැන්දාගෙන ඒම එකගෙයි කෑම නම්විය.. එහිදී පිරිමි දෙදෙනාගෙන් ගැහැනියගේ හදහන සමග වඩාත් ගැලපෙන හදහන ඇත්තා හෝ බොහෝ විට වැඩුමල් පිරිමියාට නීතියෙන් කාන්තාව හිමිවන නමුදු ඇය දෙදෙනා සමගම පවුල් කෑ යුතුය... දෙදෙනා සමගම සංවාසයේ යෙදිය යුතුය.. දරුවන් වැදිය යුතුය... අප්පා කවුරු උනත් ඔවුන් පෝෂණය කල යුතුය..

 එකල සමාජ හර පද්දදියට අනුව එය සම්මතයැයි පිලිගැනිනි.. නමුත් වර්තමානයේ  අයියාගේ  බිරිද සමග මල්ලී තනිපංගලමේ කතා කර කර සිටිනවා දුටුවත් මිනිස්සු හිනාවෙති.. ඔවුන්ට පද හදති.. ඉහත කී අන්දමට එකගෙයි කෑවොත් ගල් ගසා හූකියති..  නැවත නැවතත් එය කියා ඔවුන්ද පොඩි ආතල් එකක් ගනිති.... ඒ වර්ථමානයේ එකගෙයි කෑම සමාජය අසම්මතයැයි සලකන බැවිනි..

එමනිසා සම්මතයැයි අසම්මතයැයි  සාපේක්ෂ සීමාවක් මිස නිරපේක්ෂ දෙයක් නැත..... බර වචනවලින් නැතුව කියනවානම් සම්මතයක් හා අසම්මතයක් කියා දෙයක් ලොවෙත් නැත. එය ඒ ඒ පුද්ගලයාට දැණුම පරිචය අනුව වෙයි....

එසේනම් ගූ, චූ . හුජ්ජ , පුක ආදී වචන  ලේඛණ කලාවේදී හෝ වාචිකව හෝ යොදාගැනීම කුණුහරුපත් , සම්මතයෙන් පිටත් නොවන බව යලිදු කිව යුතු නැත...

චූ , හුජ්ජ , පඩ . පුක , ලබ්බ   වැනි වචන සාමාන්‍ය ප්‍රාදේශීය විවහාරයේ ඕනෑ තරම් දැකිය හැක... එම වචන ප්‍රසිද්දියේ හෝ අප්‍රසිද්දියේ ලියැවෙන කියැවෙන ඕනෑම දෙයකදී වාරණය කල යුතු නැත....

29 comments:

  1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... මෙහෙමනෙ සහෝ... අපේ රටේ බහුතරයක් දෙනෙක්, කෙනෙක් මොනාහරි පටන්ගත්තහම කරන්නෙ, මුලින්ම ඒකට අකුල් හෙලන එක, ඊටපස්සෙ ඒක වට්ටන්න හදන එක, ඒක හැටියක්, හැමෝම නොවුනත් බහුතරයක් දෙනා කරන්නෙ ඕක..

    ඔයා කරන්නෙ හරි දෙයක් නම්... හිතට අවංකනම්, කවුරුත් කියන ඒවට සැලෙන්නෙපා..:)
    අර කතාවකුත් තියෙන්නෙ, බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑනෙ..:)

    ජය වේවා..!!!!

    ReplyDelete
  2. මේකනෙ මලයා අපිට සමහර දේවල් අපිට ඕන විදියටම කරන්න බැහැ. එහෙම කරන්න ඕන උනත් ඒක කරන්න ගියොත්, මේ තියන සමාජෙන් මොකක් හරි කතාවක් හැදෙනවා ......

    හැබැයි ඕන එකෙක් ඕන දෙයක් කියපුදෙං කියලා, "මම යනවා මගේ ගමන මගේ පාඩුවේ" කියලා යන්නත් පුලුවන් .....

    එතකොට සමහර අය අපිව අයින් කරයි, සමහර අය කියයි "මූ මාර පොරක්නෙ කියලා" ....

    කොහොම උනත් මල්ලි ලියන භාෂා ශෛලියට මම කැමතියි, හිතන විදියටත් කැමතියි ....

    අනිත් අය ගැන නම් මම කියන්න දන්නෙ නැහැ මට වැඩකුත් නැහැ ......

    ReplyDelete
  3. මොනා උනත් මේක හෙන චාටර් බ්ලොග් එක.. !! ඒකනෙ හැමදාම මං බලන්නෙ :P :D

    ReplyDelete
  4. පොඩ්ඩගේ තර්කෙත් එක්ක මාත් එකගයි.. හැබැයි අපිට හැමෝවම වෙනස් කරන්න බෑ...

    ReplyDelete
  5. බනියගේ කථාව නම් මරු.. හී හී.. අනේ ඔව්වා ගනන් ගන්න එපා පොඩ්ඩෝ,.. මම නම් ඔයාගේ හැම ලිපියක්ම බලනවා.. ඔයා ඉතින් ඒක දන්නවනේ,. කරන දේ අවංකව කරන්න,. අනිත් අය මොනවා කිව්වම මොකෝ,. ඔයාගේ බ්ලොග් එක බලන අය බලනවා, නොබලන අය ගැන ගනන් ගන්න එපා... ඒ අය වචන වලින් විතරක් මනින ඔයා දෙන්න හදන ගැඹුරු පණිවිඩ ගන්න ඕනේ අය ගනීවි.. අනිත් අයට නිකා ඉන්න කියන්න අප්පා..

    ReplyDelete
  6. අමු ගූ පෝස්ට් එකක්නෙ. මේක ලියන්ඩ ගිය වෙලාවෙ අර කතාවෙ ඊ ලඟ කොටස ලිව්වනම් තොට හෙන ගහයි චූ කොල්ලා..

    ReplyDelete
  7. උබටත් කියන්න වෙන්නෙ කුනුහබ්බ තමයි.... ඈ බොල පොඩ්ඩො බොට මෙ වැල් බයිල කෙලින වෙලාවෙ අර කතන්දරේ කොටල දැම්මනම් නාකයි නේ...

    මටත් කියන්න තියෙන්නේ පංසල් හංදිය කියපු ටිකම තමයි.

    අපි නොදන්න කුනු හබ්බ. හික් හික්

    ReplyDelete
  8. දවසක් අපි 9 වසරෙදි අපේ සංගීත සර්ට වැරදිලා "ප**" කියලා කියවුණා. ඒ කියවෙච්ච විදියට අපි ඔක්කොටම වගේ හිනා ගියා. සර්ට හෙන අප්සෙට් "මොකෝ හිනා වෙන්නෙ ?" කියලා ඇහුවා. අපි ඒත් හිනා වෙනවා. ඉස්සරහ පේලි වල හිටපු කොල්ලෝ අතින් කට වහගෙන. අන්තිමට සර් සිංහල ටීචර්ට එන්න කියලා අපිට කියලා දුන්නා ප** කියන්නෙ මල්ල තෙරුමය එක ඇවිල්ලා සිංහල වචනයක්ය... කුණුහරුපයක් නෙවේ කියලා.

    ReplyDelete
    Replies
    1. සිංහල ගුරු අත් පොතක පයිය යන වචනයට අර්ථය දී ඇත.එහි සඳහන් වන්නේ , පසුම්බිය, පුරුෂ ලිංගය යන අර්ථ දෙකයි.

      Delete
  9. එකම රාමුවකට කො‍ටු වෙනව ට වඩා ඒ රාමුවෙන් පිට පැනලා, නව ඉම් සොයා යන එක ගොඩක් හොඳයි. ලෝකෙ ට වෙනස් යමක් දෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි. හැබැයි එහෙම පිට පනින සීමාවත් දැනගන්න ඕනේ. ඔයා ඒ සීමාව හඳුනාගෙන වැඩ කරන බව පේනවා. තමන් දන්නවා නම් තමන් කරන්නේ හරි දේ කියලා, අනිත් අයගේ බොරු මඩ ප්‍රචාරවලින් නොසැලී ඉදිරිය ට යන්න.

    ඔබට ජය!!!!!!

    ReplyDelete
  10. @ බොහොම ස්තූතියි අදහස් දක්කවපු සියලු දෙනාට... මම මේක කිසිම දේකින් සැලුන නිසා ලියපු දෙයක් නෙවෙයි... මම ලියන ඒව බල බල ඒවයි තියෙන සමහර වචන කුණුහරුප කියල හිතාගෙන ඉන්න නොදන්න අය වෙනුවෙන්නෙ.... පවුනෙ එයාලා දැන් දැනගනීවිනෙ.. මොනවද කුණුහරුප කියල... ආයෙ මොකක්හරි හොයාගන්නකම් කටවහගෙන ඉදීවි..

    අනිවාර්යෙන්ම මම කාටවත් ඕනෙ විදියට ලියන්නෙ නෑ.. මම ලියන්නෙ මට ඕනෙ දේ.. ඒ මට ඕනෙ දේ මට ඕනෙ විදියට ලියලා කවුරුවත් ඒව කියවන්නෙ නෑ කියල පෙනී ගිය දවසට මම මේක නතර කරල දානව.. කවුරුවත් කියන විදියට ලියන්නෙවත් ලියපු රටාව වෙනස් කරන්නෙවත් නෑ.. හෝදන්න දෙයක් නෑ ආයෙ ඒකෙ.. :D :D

    ReplyDelete
  11. හිතන් ඇති මම මේ පැත්තේ නො ආවේ ඔයාගේ කුණුහබ්බ වලට බයේ කියලා...:P :D මේ දවස් ටිකේ වැඩ වැඩි වුනා..:/ නවත්තන්න ඔනේ නෑ එකෙක් සිටි දිගටම කියවන්න..:)

    ReplyDelete
  12. සම්මතයට පිටින් හිතන උන්ට චින්තන නිදහසක් තිබුන දාට තමා ඕක කතා කරන්න වෙන්නේ. නැත්නම් වෙන්නේ සම්මතය තුල හිර වෙලා ඉන්න අයම ඇවිත් අපිව බැක් ලිස්ට් කරන එක...

    ReplyDelete
  13. මේකනේ මල්ලි ඔය වචන කුණුහරුප නෙමේ තමයි. ඒ වුනාට ඉතින් ඔයාගේ ළමයෙක් කවද හරි මහා පාර මැද්දේ ''තාත්තේ මට හුජ්ජ කරන්න ඕන '' කියනවට ඔයා කැමතිද . අපි ඒකට අකමැති ඇයි. කාලයක් තිස්සේ සම්මත වෙලාතියෙන නිසා ඒ වචන එච්චර භාවිතයට සුදුසු නැති වගට . ඒ භාෂාව ආයිමත් ජනතාව අතරට යායුතු යයි ඔයාල හිතනවා නම් අවුලක් නැහැ . මොකද ඉස්සරහට එන්නේ ඔයගොල්ලන්ගේ කාලෙනේ . මට මේ බ්ලොග් එක ගැන ප්‍රශ්නයක් නැහැ . ඔයාගේ මග දිගට කතා පෙළ හෙම මන් කියෙව්වා . හෙටත් මන් කැමති දෙයක් තිබ්බොත් කියවනවා. මට නම් අර වචන වල මොකක්ද කෙලින්කියන්න බැරි ගතියක් තියනවා . ඒ ඉතින් අපේ පරම්පරාව හැදිච්ච හැටි වෙන්ට ඇති .

    ReplyDelete
  14. අඩෝ ඔය කියපු එකා කුණුහර්ප කිව්වේ ගූ, චූ, හුජ්ජ, පුක කියන වචන ටිකටනං ඌට ඒවා යන්නෙ නැති ප්‍රශ්නයක් ඇති නැත්තං ඔය පොෂ් කියාගන්න පුස් බූරුවෙක්ද දන්නෙත් නෑ... මේ පොඩ්ඩෝ උබත් අර සුලා වගේ විද්‍යාත්මකව කුණුහර්ප කියන්න ගනිං :D මොනවා උනත් මේ වචන ටිකට කුණුහර්ප කියලා කියන එකෙක් ඉන්නවනං ඌ බ්ලොග් දෙකතුනකට විතරක් සීමා වුන ගොසිප් සයිට් පැත්ත පලාතෙ නොයන (නැත්තං කුණුහර්ප අහලා නැති) එකෙක් වෙන්න ඕනෙ :P

    ReplyDelete
  15. බ්ලොග් වලට මං අළුත් මේ කියවන බ්ලොග්අතර කැමතිම බ්ලොග් වලින් එකක් මේක කිව්වොත් හරි.(අඩේ මං කුණු හබ්බ වලට කැමැති නිසාවත්ද :)) මගදිගට මරුම මරු. උපමා උපහැරණ වරුෂාවයි. මක් කරන්නද ඉතිං අපිට බැරි වුනාට. තවත් දෙයක් ගූ හුජ්ජ කොල්ලං ගැනත් කතාවක් ලියපු එකේ ඕවා අහන්න වෙන එකත් සාධාරණයි. තොප්පිය තමන්ට කියල හිතුපු එව්වොත් නැතෑ.

    පැහැදිලි කිරීමක් කුණු හබ්බ කියන්නේ බං (පොඩි මෑන් කොල්ලෙක් නේද.? :P) පොඩි එවන්ට ඔය හරුප කියන එක කියන්න බැරි නිසා ආව එකක් මං හිතන්නේ හබ්බ හප්ප ඔහොම තියෙනවනේ

    කුණු හරුප ගැන අහල තිබුනත් මේච්චර පැහැදිලිව කියවල තිබුනේ නෑ ඕං .ස්තුතියි සහෝ වැඩි හිටියන් බර බරේ දමයි. ගනන්ගන්නෙපා ඔහොම තමයි.

    ReplyDelete
  16. @ බින්දි :- මම බලාගෙන ඉදියෙ මේ පැත්තෙ එනකම්... මොකද කියල දන්නව ඇති... අක්ක කියපු දේ ඇත්ත මම පිලිගන්නව ඔය කියපු වචන ටික මම කොල්ලෙක් නිසා කිවුවා.. කෙල්ලෙක්ට කෙලින් කියන්න බැරි කරල තියෙන්නෙත් අර සම්මතයම තමයි... ගෑනියෙක්ට රටේ ජනාදිපති වෙන්න පුලුවන් ඒත් ඔය කියන සම්මතේ බිදින්න ආවොත් හෙන ලෙඩේ... ඔන්න ඕකයි තත්වෙ...

    මම කියන්නෙ නෑ මේ වැලලී ගියවචන ඉදිරියේදී සමාජ ගතවිය යුතුයි මේ භාෂාවම පැමිනිය යුතුයි කියල.. මම කියන්නෙ මෙය වලපල්ල නොයා යුතුයි මොකද මෙහි ඇති වැරදක් නැති නිසා...

    ඉස්සර අපේ රටේ තිබුන ආදිවාදී සංස්තෘතීන් අපේම කියන්න පුලුවන් අනන්‍යතාවයනනද අපෙන් නැත්තටම නැති වෙලා.. ඇයි ඒ... ?? අර ශිෂාඨ කියන ලෝකෙට එනව ඒකෙන් අපේ කම වැලලිය යනවා... ලෝක බලවතා වෙච්ච ඇමරිකාවට තියෙන ඉතිහාසෙ මොනවද.. ?? සුඩ්දගෙ හැම මගුලම ගැන මහ ලොකුවට කතා කරනවා ඒත් කෝ උන්ගෙ ඉතිහාසෙ... ?? ශ්‍රේෂ්ඨ අනාගතයක් ගොඩනැගෙන්න අභ්මනවත් ඉතිහාසයකින්...

    මගේ ළමයෙක් ම්හා සභාවක් මැද්දෙ අප්පුච්චෙ මට හුජ්ජ බරයි මාව කක්කුස්සියට එක්කන් පලං කියනවනම් මම ආඩම්බරයි.. මගේ වැදූ අම්ම පල්ලා... ඒ මොකද ඌ නියම සිංහ ලේ තියෙන එකෙක් වෙච්ච නිසා...

    ඒ වචන් ටිකෙන් විතරක් ඌ ගොඩේ නූගතෙක් කියල මනිනවනම් ඌ වඩා හරකෙන් තවත් නැතුව ඇති....

    සංහල කම සංකෘතිය සදාචාරෙ කියන්නෙ පිටින් පේන බොරු ආටෝප වලට නෙවෙයි... මම ඇහිබඹ පියර්ස් කරල කොන්ඩෙ ස්ට්‍රේට් කරල ඉදගෙන මේව කතා කරනව කියල වෙන එවුන් මට තර්ක දානවා... නමුත් මගේ බල්ටි මිසක් විසිල් නෑ...

    හදපු සමාජ සම්මතේට ගැතිත් නෑ... මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ විප්ලවයක් කරන්න නෙවෙයි.. මෙන්නමෙහෙම එකකුත් තියෙනව නේද කියල එකෙක් හරි දකීවි කියන බලාපොරොත්තුවෙන්.... මම හිතුවා ඒක කරන්න කල් යාවි කියල... ඒත් වාසනාවකට ඉක්මනටම පොටක් පාදන්න කට්ටියට පුලුවන් උනා... ඒ හඩ තැලුවෙ හිස් කල බව කෑ ගහල කියන්න මට උවමනා නෑ අක්කෙ... එතුමීට පෙන්නුවා මම ඒක දන්නව කියල ඒකයි කටවහගත්තෙ... වෙන මොනවත් නිසා නෙවෙයි..

    බොහොම ස්තූතියි...

    ReplyDelete
  17. කව්රු උනත් කමක් නැහැ මෙකට මෙක හරි ලියන්යන්න දිපන්කෝ ..බලන් ඉන්න බැරි උන් නොබල හිටහාන්... මංගල්ලේ..එකේ උනේ
    කුණුහර්ප පාඩමකුත් කියලා දුන්න එක විතරයි...

    ReplyDelete
  18. හරුපය ,“කුණු“ හරුපයක් වෙන්නේ එය භාවිත වන සමාජයේ පවතින පිළිගැනීම් අනුව , කුණු හරුප දැන ගන්න එක වරදක් නැහැ , ඒත් ඒව එළියට දාත්දි අවට සමාජය ගැන යම් අවබෝධයක් තබා සිටීම වැදගත්.හොඳ සමාජ විද්‍යාත්මක පිවිසුමකට ආරම්භයක් දෙන ලිපියක් .

    ReplyDelete
  19. අනේ පොඩ්ඩො උඹ ඔය සම-හරක් කියන ඒව ගනන් ගන්න එපා බන්...

    පහුගිය ටිකේ ගිය මෙගා නාට්‍ය කොටස් ටික ඉවර වෙනකන් හිටිය මිසක් නැත්තන් මමත් මේ පැත්තෙ දිගටම එනව...

    ReplyDelete
  20. පොඩ්ඩා... උඹ ඔය එක එකා කියන එවා ගනන් ගන්න එපා... උඹේ ගමන උඹ පලයන්... ඵල ඇති රුකට නේ ගල් ගහන්නේ...

    ReplyDelete
  21. මටත් පොඩි මෑන් කියලා තියෙන වචන වල එහෙම වැරැද්දක් පේන්නෙ නෑ.

    මොකක්හරි ප්‍රශ්නයක් ඇති වුණාද? මම දැක්කා රංගත් පෝස්ට් එකක් ලියලා තියෙනවා

    ReplyDelete
  22. @ All :- වෙන වෙනම ලියන්න දේවල් නෑ මම හිතන්නෙ.. අදහස් දක්වපු හැමට ස්තූතියි.. පොඩි පොඩි දේවල් දන්නෙ නැති ලොකු ලොකු යට දැනගන්නයි ලිවුවෙ.. වෙන දේකය නෙමෙයි.. :D

    ReplyDelete
  23. Bunny,අලුත් කොල්ලා,සිහිනයක මියැදුනු සිතක් කට්ටියගෙම comentz නියමයි....:P :D

    ReplyDelete
  24. mona labbakda mee???? lol... issara wage hamadaama nathi unath ahamben blog balana welawaka aniwaa balana blog ekak thamaa me..

    eeka neme, adee mama oya kiyana kunu harupa 19 gana danne naane.. welaawa thiyana welaawaka mata eyak daapanko oya kunuhabba set eka.. hiki hiki..

    ReplyDelete
  25. Thanks in support of sharing such a fastidious thinking, article is fastidious, thats why i have read it fully
    Feel free to visit my weblog ... barcelona transfer news january 2013

    ReplyDelete
  26. Good day! I could have sworn I've been to this site before but after reading through some of the post I realized it's new to me.
    Anyways, I'm definitely happy I found it and I'll be book-marking
    and checking back often!
    Here is my weblog - news about football players transfer

    ReplyDelete
  27. Pretty! This has been an extremely wonderful article.
    Thank you for supplying this information.
    Look into my web-site ; pizza games suite life zack cody

    ReplyDelete