2011-11-16

මගදිගට 14 " ඒ එක්ම දොරෙන් ඇතුල් උන කෙනා දැක්කාම මගේ ඇහැට ස්කුරුප්පු නියනෙන් ඇන්න වගේ උනා.."



අද වෙනකන් කතාව.......

මගදිගට 1            මග දිගට 5             මගදිගට  9              මගදිගට  13
 
මගදිගට 2            
මගදිගට 6              මග දිගට 10

මගදිගට 3 
         
මග දිගට 7               මග දිගට 11               

මගදිගට 4
            මග දිගට 8               මග දිගට 12       



අද එතැන් සිට....




ෆෝන් එක අතට ගත්තට එක සැරේට වචන ආවෙ නෑ මගෙ කටට කතා කරන්න.... මම තටම තටම ඉන්න කොට එහාපැත්තෙ කෙනා මට ඉස්සර උනා...

" විහඟ...."

 මගේ කන්දෙකට කවදාවත් අහල නැති විදියටයි  මගේ නම මටම ඇහුනෙ...  වෙනද ඒ කටහඩේ තිබුන දගකාරකම ගෑවිලාවත් තිබුනෙ නෑ ඒ වෙලාවෙනම්...

" ඔයා ආවලු නේද මාව බලන්න... ගොඩක් හවස් වෙනකම් ඉදියා කියල ලහිරු මට කිවුවා....."

තුවාල නොවිච්ච අතේ වැලමිට ඇදට තියල උඩට ඉස්සිලා කොට්ටෙ හදන්න කියල මම ලහිරුවට ඇහෙන් කිවුවා... ඇදේ ගෙනල්ල තියපු විදියට ඉදපු මම මේ පොඩ්ඩක් එහෙට මෙහෙට උනාමයි....

" හ්ම්ම්......  "

කෙල්ල හූම් කිවුව විතරයි...  මොනව කියනද කියල මට හිතාගන්නත් බෑ... හිත හිත ඉන්න වෙලාවෙ ආයෙමත් සැරයක් මම එයාට පැරදුනා...

" ඔයාට කොහොමද දැන්.... "

මම කවදාවත් අහල නැති විදියට ව්‍යංගා මගෙන් ආයෙමත් ඇහුවා....

" දැන් හොදයි...  ඔලුවනම් චුට්ටක්  රිදෙනවා.... "

ආයෙමත් අපි දෙන්නම කතා නෑ...

" කොහොමද ගෙදර ගියේ... අම්ම බැන්නෙ නැද්ද...  ඇදුමෙ ලේ ගෑවුනා කියල... "

ඇත්තටම ඇදුමෙ ලේ ගාගෙන කෙල්ල කොහොම යන්න ඇතිද ගෙදර....  ළහිරුව කතාව කියන වෙලාවෙමයි ඕක මගේ හිතට ආවෙ...

" ටිකක් බැන්න.... ඒක කමක් නෑ... "

ආයෙත් සද්ද නෑ....
 සික්... මේක නිකන් දැනුමයි වාසනාවයි වගේනෙ... එයා අහන ඒවට මම උත්තර දෙනවා.. මම අහන ඒවට එයා උත්තර දෙනවා... මෙහෙමනම් හරියන්නෙ නෑ සුමනපාල...

" විහඟ ..... "

ආයෙමත් කතාව පටන්ගත්තෙ...  එයාමයි....

" කියන්න..... "

" වැඩි වෙලා  කතා කරන්න  වෙන එකක් නෑ.. අම්ම ඒවි....  "

අයියෝ... මෙයා ෆෝන් එක තියන්නද හදන්නෙ...  කොහෙද ඉතිං.. ඒකි කෝල් කරලත් මම නිකන් බිත්තරේ හිරවෙච්ච කිකිලියෙක් වගේ තටමනව විතරනෙ...  අඩුම ගානෙ ආව එකට තෑන්ක්ස් කියලවත් කිවුවද...  කෙල්ලට එපා වෙන්න ඇති... මම වගේ ගොං අලියෙක්...

"අග්.. ඒකට කමක් නෑ... කතාකර එකම මැදැයි..."

හිතුනෙ එකක් කියවුනේ තව එකක්... මේ කෙල්ලො කියන ජාතියනම් අපිට මොනව කරනවද දන්නෙ නෑ....

" මම ඔයාට කතා කරේ......... ඔයාගෙන් සමාව ඉල්ලන්න විහඟ.... "

ඈ..... සමාව ... මොනවද මෙයා මේ කියන්නෙ...

" සමාව....  ?? ඒ මොකටද ඔයා මගෙන් සමාව ඉල්ලන්නෙ... ?? ඔයා මට මුකුත් කරල නෑ ....  පිස්සුද..."

ඇත්තටම එයාට මගෙන් සමාව ඉල්ලන්න හේතුවක් නෑ... හරියට එයා මාව බස් එකෙක් තල්ලු කරා වගේනෙ...

" ඔයාට තේරෙන්නෙ නෑ විඟග...  ඔයා බස් එකෙන් වැටුන එකට... ඔයාට ඔහොම උණ එකට මමත් වග කියන්න ඕනෙ..."

මම වැටුන වෙලාවෙදි  කෑගහල අඩල මාව ඉස්සුවෙ.. කඩාගෙන හොස්පිටල් එකට ආවෙ.. .. මේ ඔක්කොම කරේ ව්‍යංගගෙ හිතේ මම ගැන තිබුන ආදරේ නිසා කියලයි මම හිතුවෙ...  ඒත්... දැන් මේ මොනවද කියන්නෙ... එයාගෙ හිතේ තියෙනෙ මම ගැන අනුකම්පාවක් විතරද... ??  එහෙම නැතිනම් එයාගෙත් ඔලුව කොහේ හරි වැදිලද... ??

" මට තේරෙන්නෙ නෑ...  ඒ කියන්නෙ ඔයා අදෘශමාන බලවේගයක් වෙලා මාව බස් එකෙක් තල්ලු කරාද... "

මම හිනා වෙවී   කතා කරනව දැකල පැංච එහා ඇදේ අංකල්ට මාව පෙන්නල මොනවද කිවුවා... අංකලුත් හිනා උනා... 
නාකියා.. ඌටත් ඕනෙ නැති මගුලක් නෑ...

" ඔයාට හැම එකම විහිලු ..... ... එහෙම නෙවෙයි ඇත්තටම කියන්නෙ...  ඔයාට ඔහොම උන එකට මාත් වැරදියි... "

"  ඒ කොහොමද... "

"පස්සෙ කියන්නම්... මට ඔයාව බලන්න සමහර විට එන්න බැරි වේවි....  ඔයා හොද වෙලා එන්න... මම එතකොට කියන්නම්... පුලුවන්නම් මට සමාවෙන්න..."

ආයෙ ආයෙත් මෙයා මේ සමාවක් ගැනම කියන්නෙ ඇයි... ...  කෙල්ලො ජාතියනම්.... වැඩක් නෑ කතා කරලා..

" මම කිවුවනෙ.. සමාවක් ඉල්ලන්න දෙයක් නෑ කියල... "

මම කොච්චර කිවුවත් මෙයා පිලිගන්නෙ නෑ කියල දැන දැනම මම ආයෙමත් කිවුවා...

නැත්තෙ නෑ.. තියෙනවා... මැට්ටා... ගෙට් වෙල් සූන්... තියන්නම්..
ජේසු පිහිටයි... බායි...

ආයෙමත් අර පුරුදු විදියට කතා කරත් ඒ එයාගෙ පුරුදු කටහඩනම් නෙවෙයි.. ඒ කටහඩේ තිබුනෙ දුකක්...

මම වචනයක් කියන්න කලියෙන්ම එයා ෆෝන් එක තිබ්බා...  මම ඒ නම්බර්එක... ෆෝන් එක දිහා බලල  ආයෙ ආයෙ මතක් කරන ගමන් ලහිරුවට  ෆෝන් එක දික් කරා...

" හැබැයි පුතෝ.. එකෙක් නෙවෙයි කෙල්ලො දාහක් වැටෙනව කිව්වත් මම නෙවෙයි ආයෙ බස් එකකින් තියා පුට් සයිකලේකින්වත් පනින්නෙ.. මොන ලැජ්ජ නැති වැඩක්ද... "

මට හැරෙන්නවත් උනේ නෑ... පැංචා පටන්ගත්ත උගේ නරි වාදම...

" කවුද යකෝ බස් එකෙන් පැන්නෙ... ලිස්සල වැටුන මිසක්... "

පැංචයි ශ්‍යාමිකයයි දෙන්නම එහාපැත්තෙ ඇදේ අංකල් කාරයත් එක්ක සෙට් වෙලා.. ඒ පැංච බලාගන්න සෙට් උන ලෙඩා..අංකල්ට හොදට හිතට අල්ල ගිහිල්ල වගේ මුන් දෙන්න... පොර බලන්න එන කට්ටිය ගෙනාපුව බාගෙකටම වැඩේ දීල ඉවරයි ඒ ටිකට මුන් දෙන්නා..

ශ්‍යාමිකයගෙ ලෙඩා ගොරවන සද්දෙ මෙහාට ඇහෙනව.. ඒකයි ඌත් ඇවිත් අර අංකල්ගෙ ඇදේ පැත්තකින් වාඩි වෙලා.. ලහිරුවත් මගේ ඇද ලග...  වාට්ටුව නිකන් අර ගමේ තේ කඩයක් ලග වගේ...  පැංච පොඩි උනාට උගේ කට පොඩි නෑ...  උගේ මොලෙත් පොඩි නිසා ටික වෙලාවකින් ඌ ඉන්න තැන අමතක වෙනවා... ඌ කියන ඒවට අංකල් කාරයත් හිනා වෙනවා... අම්මප...මූත් අර කෝපිකඩේ  අබිලිං වගේ ඩයල් එකෙක්නෙ... පෙරලන්න හිතෙනව මේ සේලයි බෝතලේ එල්ල තියෙන බාර් එක මුගේ ඔලුවට....

 "දැන් කියනව ලිස්සලලු වැටුනෙ...අපි නොදන්න චෙස්... කෙල්ල ඔරවලා.. කොල්ල දුකට බස් එකෙන් පැනලා... අතපය කඩාගෙන දැන් ඉන්නව ඇද උඩ දපල.. කෙල්ලොනම් කොච්චර ඉන්නවද නේද අංකල්.... මම අහන්නෙ ඔහොම අතපය කඩාගන්න සිරිතක් තියෙනව කෙල්ලෙක් කියල..

පැංච මගේ දිහාවත් බලන්නෙ නැතුව මට ඇහෙන්න කියවනවා... ශාමිකයයි ලහිරුවයිත් හිනාවෙනවා...

" ඒක තමයි ඒක තමයි...  හෙග් හෙග් හෙග්...."

අංකල් කාරයත් පැංච කියන හැම මගුලටම හිනා වෙනවා..  පැංචත් මගේ බෙල්ල කප කප අංකල් කාරයගෙ මිදි ඇපල් දොඩං වලට ගේම දෙනවා...  අම්මප.. මුගේ බඩ මාලු කන්න එපැයි යකෝ අල්ලල...  මගේ අවංක පිවිතු ආදරේ මදිවට මූ මගේ චරිතෙත් ගාතනේ කරණව මේ කොහෙවත් යන නාකියෙක්ගෙ දොඩමකට... සික් නැගිටල මූට එකක් අනින්න බැරි හැටි....

අංකල් කාරයත් මොකක් හරි ජිල්බරියකින් කකුල් දෙකම කඩාගෙනයි ඇද උඩට වෙලා ඉන්නෙ... ඒක නිසා යූරීන් බෑග් එකකුත් දාලයි තියෙන්නෙ.. ඔය තියෙන්නෙ වැඩේ... දෙන්නම් උඹල දෙන්නටම... තව ටිකක් රෑවෙන්න ඕක ඇදල දැම්මාම හරි...  මට හිනා උනානෙ හේක තමයි හේක තමයි කිය කිය.. .. ඒතකොට ඇදපුරාම බඩු...  උපස්තායක පැංචට තමයි අස් කරන්න වෙන්නෙ.... එක ගලෙන් කුරුල්ලො දෙන්නයි... ඉදපංකො තොට...

පැංච තවමත් එක එක ඒව කියනවා.. මොනව කරන්නද ඉතිං.. ඌත් එක්ක කියවගන්න බෑනෙ.. කටත් රිදෙනවා කතා කරනකොට.. රෑ වෙලා දෙන්නම්කො තොට...

ඒ එක්කම බෙහෙත් ට්‍රොලියක් තල්ලුකරගෙන  ආව ලස්සන චූටි නර්ස් අක්ක කෙනෙක් ඉවර වෙන්න කිට්ටුවෙලා තිබුන මගේ සේලයින් බෝතලේට අලුත් එකක් හයි කරා...

හෑ...........මෙයා හවස ඉදියෙ නෑනෙ...  එහෙනම් රෑ වැඩට එන්න ඇත්තෙ... පැංචගෙත් කතා පෙට්ටිය වැහුනෙ ඉබේටම...  දැන්නම් ඉතිං සතියක් ඉදියත් කමක් නෑ.. වගේ...

නර්ස් අක්ක මගේ මූන දිහා බැලුවාම මම කට පුටා හිනා උනා.... එයත් හිනා උනා... මම ශ්‍යාමිකයට ඇහැක් ගැහුවා.. ඌත් ඇස් ලොකු කරා...

" මරු බං "

හැබැයි ඒක කිවුවෙ සද්ද එන්නෙ නැති වෙන්න කට විතරක් හොලවලා....

" බොරු කියල යාලුවො තුන්දෙනෙක්ම නැවතුනා නේද....... සද්දෙ ඇහෙනවා අරෙහෙට.. ඩොක්ටර් ආවොත් බනීවි අපටත් එක්ක..... අනික මෙයාට වැඩියෙ කතා කරන්න දෙන්න එපා.... "

එහෙම කියල මගේ අතට දාල තියෙන කැනිව්‍ලා එකට බෙහෙතකුත් විදල චූටි නර්ස් යන්න ගියා... එයා වෝඩ් එකේ කොට බිත්ති අස්සෙන් පේන්නැතුව යනකම්ම එකෙක්වත් කතාකරේ නෑ....

ලහිරුව මගේ ගාවට ඌ වාඩිවෙලා ඉදපු බංකුවත් උස්සගෙන ආවා....

" අඩේ මචං විහඟ.. උඹ දැන්ම හොද වෙන්න එපා මචං... අපි එන්නම් හැමදාම රෑට උඹ ගාව ඉන්න...  සිරාවට මම මේ කියන්නෙ... "

ලහිරුව කිවුවෙ මගෙ අතිනුත් අල්ලගෙන.. මම උගේ බඩට ගැහුවා........

 "මොකද උඹට නර්ස් අක්කට හිත ගියාද.... ??"

නැතුව ඩෝ... බලපං කො....   අර මුදුරස් පලම් දාපු රසම රස කේක් එක වගේ....

ඈ යකෝ... උගේ මුදුරස් පලම් දාපු කේක් එක බලන්න  මම ඇදට වෙලා ඉන්න ... නොදකින් මුන්....

"මට ඇදට වෙලා ඉන්න කියන්නෙ උඹත් මොකකින් හරි පැනල අතපය කඩාගෙන වරෙන් කො මේ වෝඩ් එකටම ... එතකොට එයා අතගාලම උඹට බෙහෙත් දාවි... ඇයි යකෝ මට හොද නොවී ඉන්න කියන්නෙ... උඹට ලේයර් කේක් එක ඕනෙ උනාට මගෙ වැනිල ඩ්‍රීම් එක  ඉන්නෙ මෙහේ නෙවෙයිනෙ... ... "

මම එහෙම කිවුවාම ලහිරුවට හිනා ගියා... ඌ මගේ කට වැහුවා...

" හරි හරි  කතා නොකර ඉදපං.... .."


  සේලයින් පාලාස්ටර් මැද්දෙ තවත් දවස් දෙකක් ඉදියට පස්සෙ තමයි යන්නතන් ගෙදර එන්න පුලුවන් උනේ...  මැහුම් කපන්න ආයෙ දවස් හයකින් එන්න කිවුවා... නාන්නත් නෑ... ඔලුව නිකන් කහනව කහනව වගේ...  අක්කගෙන් කන් දෙක පිරෙන්න අහගන්න වෙයි කියල හිතාගෙන ඉදියට එහෙම අප්සට් එකක් උනෙත් නෑ...  බලං ගියාම පොඩ්ඩක් අතපය තුවාල උනාට අනිත් ලාබ සත්කාරනම් උපරිමයි... දවස් දෙකට  මිදිම කෑව කිලෝ එකක් විතර...  කෑම බීම ලගට.... හවසට සුප්...  ඒවගේද කෑල්ලත් නිකන්ම සෙට්.... සික් දන්නවනම් පලවෙනි දවසෙම බස් එකෙක් වැටෙනවනෙ... ලහිරුවගෙ ෆෝන් එකට දවස් දෙකක්ම  ව්‍යංග මැසේජ් කරලත් තිබුනා  කොහොමද අහල... අපරාදෙ කියන්න බෑ මැසේජ් එකක් ආව ගමන් ඌ එනව කඩාගෙන ගෙදරටම....

" අඩෝ... මේවට ගෙවපං හොදේ.. ඇයි  යකෝ මම නිකං උඹල දෙන්නගෙ නිල පනිවිඩ කරු වගේනෙ.....  තොට එවන්න ඕනෙ මැසේජ් එක එවල මටත් මැසේජ් එකක් එවනව උඹට කිවුවද අහල...ඒකට රිප්ලයි කරන්නත් ඕනෙ.....ඒක තොට කිවුවාම තෝත් කොටන්නෙ මේකෙන්මනෙ... ඒ රුපියලටත් කෙලවෙනෙ මට....  මේක යකාගෙ ලවු කිරිල්ලක්නෙ බං.... .."

නොදකින් විතරක් මූ රුපියලකට නහින හරියක්.....  කොච්චර පරාර්තකාමී වැඩ කරත්... ලවු වලට සප් එක දුන්නත්... මූට කෑල්ලක් සෙට් වෙන්නෙ නැත්තෙ ඕක නිසා තමයි.... චේතනාව හරි නෑනෙ.... හිතේ  කහට....

"ඒක තමයි ඩෝ යාලුවො කියන්නෙ.... අපි පහුගිය ආත්මවල ඔයවගේ බෙල්ල කඩාගෙන සප් එක දුන්න නිසා තමයි උඩ ඉන්න කස්ටිය මේ ආත්මෙ අපිට කෑලි සෙට් කරන්නෙ...  ලබන ආත්මෙවත් එකක් සෙට් වෙන්න කියල මේ ආත්මෙවත් හිත හොදින් සප් එක දීපන්... ඔය රුපියලට දෙකට කෙදිරිගාන්නෙ නැතුව...."

මම කිවුව්වෙ උගෙන් ෆෝන් එක උදුරගන්න ගමන්....   ෆෝන් එක නැතිකරගත්ත එකේ අමාරුව දැන් තමයි තේරෙන්නෙ ...  ෂික්... ෆෝන් එක තිබ්බනම්  මේ ඇද උඩට වෙලා ඉන්න එකේ...  ඉගිලි ගොස් එස් එම් එස් කුරුල්ල ශාමිකලගෙ අල්ලපු ගෙදර කූඩු හදනවනෙ...   පොඩි කොස්සක් කොහේ හරි තියෙනවා.... මට එපාවෙලා තියෙන්නෙ....

"අනේ මගෙන් උඹ අහගන්න එපා...  රුපියටල කෙදිරි ගෑවිල්ල...  මැසේජ් එකක් ආවම බයිසිකලේ පැදන් තුන් කට්ටුව ගෙවාගෙන මම එපැයි එන්න  මෙහෙට....  රුපියල වගේද බොල ඒක...."

ලහිරුව කිවුවෙ ඒක අල්ලල පෙන්නන ගමන්...  ඌ ඒක කරපු විදියට මට බකස් ගාල හිනා ගියා....

" උබේ එක ගෙවුනට මට පාඩු නෑනෙ බං.... උඹ මට උදවු කරන නිසා ඕනෙනම් ඕකෙන් වෙන්න ඕනෙ වැඩ ටික මම කරල දෙන්නම් උඹ බැන්ද දවසට...  "

මම හිනා වෙවී කිවුවාම ලහිරුවත් හිනා ගියා...

" නොදකින් තෝ.... "

එහෙම කියාගෙන ලහිරුව මගේ ඇද උඩ වාඩි උනා...  මම ව්‍යංගා එවපු මැසේජ් එකට රිප්ලයි කරා...

" මේ ඒක නෙවෙයි... උබට එන්න දේවිද අද... ??"

අද ශ්‍යාමිකලගෙ නංගිගෙ පාටි එක...  අනිවා ව්‍යංගත් ඒවි... ඉතිං මම නොගිහින් කොහොමද... ඒත් මේ පැලැස්තර් අලවගෙන යන්න ගියාම තමයි එපා වෙන්නෙ... ඇයි ඉතිං හැම එකාම අහනවනෙ මොකද උනේ කියල....  ඒත් ඉතිං ව්‍යංග එන නිසා අනිත් එවුන්ට හෙන ගැහෙන්න කියල යන්න වෙනව ඉතිං...... ලවු එක නිල වශයෙන් ස්ටාර්ට් කරන්නත් තියෙනවනෙ.. තාම මේ පරීක්ෂණ විකාශයක්නෙ දුවන්නෙ...

" අවුලක් නෑ... මම අම්මට කිවුවා...  තුවාලත් තියාගෙන යන්නෙ කොහොමද කියල ඇහුව මිසක් එපා කිවුවෙ නෑ... අක්ක මොනවත් කිවුවෙත් නෑ... "

මම ඒ ටික කිවුවෙ සද්දෙ අඩු කරල ... එහා කාමරේ අක්ක පාඩම් කරනවා...

" යන්න හදනකොට ලෙඩේ දාවිද දන්නෑ.."

මම කියපු විදියටම ලහිරුවත් ඇහුවා.... මේ දවස් ටිකේම  අක්ක යුද මුක්ත කාල වකවානුවක් ප්‍රකාශයට පත් කරල නිසා එච්චර අවුලක් වෙන එකක් නෑ...

මම ඔලුව වැනුවා....


පහ විතර වෙනකන් කයියක් දාගෙන ඉදල  මම එහෙමම ලේස්තිවෙලා ලහිරුවලහට ආවා...   ලහිරුවත් ලේස්තිවෙලා අපි ශ්‍යාමිකයගෙ ගෙදරට එනකොට හයහ මාර විතර වෙලා....

අපි යනකොටත් පැංචයි  නිමේශයයි අමිලයි ඇවිල්ලා.... මම වටපිට බැලුවෙ  ව්‍යංගා පේන්න ඉන්නවද බලන්න.... 

ම්හුග්...  පේන්න  නෑ...

ව්‍යංගා ආවෙ නැද්ද අකියල අහන්න ඕනෙ උනත් පැංචගෙ කට අවුස්සගන්න ඕනෙ නැති නිසා මම කට වහගෙන ඉදියෙ ශ්‍යාමිකය එනකං....  ඌ  පුක කැඩිච්ච කඩිය වගේ එහෙට  දුවනවා මෙහෙට දුවනවා....  අපේ ලගට එන්න ඌට තව විනාඩි පාලවක්වත් යන්න ඇති...

" අම්මට හුඩු උඹල දෙන්නත් ඇවිල්ල මම දැකෙත් නෑ  බං....  මේ පැංචො... අර සවුන්ඩ් පොඩ්ඩක් බලපංකො.... මොකක්ද වෙලා ඒකට...."

ශ්‍යාමිකය ආව ගමන් කියවගෙන කියවගෙන ගියා... පැංච ඔය බෆල් කෑලි ගැන පොඩ්ඩක් දන්න නිසා ඌ ඒ පැත්තට යන්න නැගිට්ටා...

" මේ උඹලත් යමං ඇතුලට... පස්සෙ හෙමීට සෙට් වෙමු මේ පැත්ත්තට...."

ශ්‍යමිකය කිවුවෙ මගේ පිටට තට්ටුවක් දාලා...   මම උගේ මූන දිගා බැලුවාම  ඌ ඇහැක් ගැහුවා... අපි ටිකත් නැගිට්ට හෙමීට ගෙදර පැත්තට යන්න... එතකොටම මම ශ්‍යාමිකගෙ  අතින් ඇදල ඌව මගේ ලගට ගත්තා....

" ඒ ව්‍යංගා තාම ආවෙ නැද්ද.... ??"

මෙච්චර වෙලා අහගන්න බැරුව ඉදපු ප්‍රස්නෙ මම උගෙන් අහුවෙ රහසින්... ඕක පැංචගෙන ඇහුවනම් උගේ බෝක්කුව තාම ඕක ගැනම වැඩ ....

" නෑ බං...  දැං ඒවි... එහාපැත්තෙ ලයිට් හයිකරන්න ගියපු වෙලාවෙ මම දැක්ක ලේස්ති වෙලා ඉන්නවා...."

ඒ කියන්නෙ දැන් එයා ඒවි...  උන් එන්නෙ කෙලින්ම ඇතුලටනෙ.. ඒක නිසා ඇතුලට වෙලා ඉන්න එක හොදයි... මමත් නොන්ඩි ගහ ගහ අපේ උන් පස්සෙන් ගේ ඇතුලට ආවා....  පිම්බිච්ච තට්ටු තට්ටු රෝස පාට ගවුමක් ඇදගනිපු ශ්‍යාමිකලගෙ නංගි අද වෙනදට වඩා ලස්සනයි...  අපි ගෙට එනකොටම අපිත් එක්ක හිනා උනා...

" කෝ අපිට ආයුබෝවන් කියන්නෙ නැද්ද ?? "

මම නංගිගෙන් එහෙම අහනකොට නංගි හිනාවෙලා අත්දෙක එකතු කරා...

" අපෝ හැමදාම එන අයට මොන ආයුබෝවන්ද... "

අපි හැමදාම වගේ එනා නිසා නංගි අපිව හොදට අදුනනවා...  අපේ සෙට් එකේ වෙන එකෙක්ටවත් නංගිල ඉදියෙ නෑ... ඉතිං හැමෝම ශ්‍යාමිකයලගෙ නංගිට මාර ආදරෙයි.... මම අතපය කඩාගෙන නිසා එන්න බැරි උනාට ගෙදර තීන්ත ගාන ඒවා බිම පොලිශ් කරන ඒවා හැම දේම කරල තිබුනෙ අපේ උන් ටික....

"නංගි ඒක නෙවෙයි  අන්දයෙක්ට දීලද ගවුම මැස්සුවෙ... "

පැංචත් වාඩිවෙන ගමන් නංගිත් එක්ක කතාව පටං ගත්තා...

" ඒ මොකද... මේක ගත්ත එකක... "

නංගිත් ගවුම හරව හරව බලන්න ගත්තෙ මොකකහරි වැරද්දක් ඇති කියල හිතාගෙන..

" නෑ ඉතිං අරෙහෙන මෙහෙම කෑලි එල්ලෙනෙවා... මම හිතුවෙ අන්දයෙක් මහල කියල... "

පැංචටත් ඉතිං තැනක් නොතනක් නෑ කියවන්න ගියාම....

" හපෝ ඔය ගොඩේ ඉකෝලෙ අය දන්නවද අලුත් පැෂන් ගැන..."

නංගියි පැංචයි ඔහොම රංඩුවෙන අතරෙ අකක කෙනෙක් ඇවිත් අපිට බීම ඇල්ලුවා... පැංච බිම පහත් වෙලා සෙට් එකට මොකක්ද වෙලා තියෙන්නෙ බලනවා.. මමත් තියෙන සීඩී ටික එකෙන් එක බලද්දි.. දොර පැත්ත බලාගෙන මගේ ලග හිටගෙන ඉදපු ශ්‍යාමිකයගෙ මූන අපස්මාරෙ හැදිච්ච එකෙක්ගෙ වගේ ටික ටික වෙනස් වෙන්න ගත්තා.... ඇදෙක දැන් දැන් බිමට වැටෙයි වගේ... කටත් ඇරිල  දාඩියත් දාල...
මූට මොන දිෂ්ඨියක් වැහීගෙන එනවද... ??

 "මොකෝ යකෝ...."

මම බීම එක අල්ලගෙන ඉදපු අතින්ම ඌට එකක ඇනල ඇහුවත් ඌ නෙවෙයි හෙලවුනේ...  යන්තමට මට මූන උස්සල දොර පැත්ත පෙන්නුවා...

මමත් බීම එක  බොන ගමන්ම ඌ පෙන්නපු පැත්තට හැරුනෙ මූ මේ බයවෙච්ච යකා බලන්නයි...

ඒ එක්කම දැකපු දෙයින් මගේ ඇහැට ස්කුරුප්පු නියනෙන් ඇන්න වගේ උනා....

මල ගිනි විජ්ජුම්බර තිස් දෙකයි.....  නයි කයිද රෝස් පාං...  ජොසපිං අක්කට ජැස්මින් පවුඩර්..... ඈ යකෝ... මේ හීනයක්ද... මගේ ඇස් දෙක මටම විස්වාස නැතුව ගියා...  කටට ගනිපු බීම ටික ඉස් මෝලේ යද්දි... පැංචගෙ අතේ තුබුන සීඩී ටික සට පට ගාල බිම වැටෙද්දි... ශ්‍යාමිකය ලෝවාමහාපායෙ ගල්කනුවක් වගේ ගල් වෙද්දි...සාලෙ ඉදපු ඔක්කොම අයගෙ කචබචේ නැවතිල කටවල් ඇරෙද්දි  දොරෙන් හෙමි හෙමීට ඇතුලු උනේ

ව්‍යංගා......

එයාට පස්සෙනුත්......

ව්‍යංගා.....

මල හත්වලාමේ ව්‍යංගල දෙන්නයි....







පිස්සු බම්ප් වෙනව යකෝ.. එක්කෙනෙක් නෙවෙයි ඩබල ඇක්ටින්...

                   නිවුන්නු හත්වලාමෙ නුවුන්නු.... !!!



ලටපැව්වුන ස්ටෝරියේ  පලැවිලි බේරගෙන  අලුත් තැන් පටලගෙන


මගදිගට 15 ලගදීම එනවා...



62 comments:

  1. පිස්සු බම්ප් වෙනවා නේන්නම්..අනේ ඉතින් ඊට පස්සේ???....

    ReplyDelete
  2. වචන කෑලි ටික නම් මල් මසුරන් බන් පොඩ්ඩො.... නිවුන්නු... හපොයි.... මට හිතුනා ඔහොම උලව්වක් කියලා... දැන් ඉදපන් තව සතියක් ඉතුරු ටික බලන්න...

    ReplyDelete
  3. niyamai podda..... maru kathawa me oya dennatama love da?

    ReplyDelete
  4. හත්වලාමෙ එහෙනම් ඒකයි විටෙක සිනා විටෙක එරවිලි තිබිල තියෙන්නෙ එහෙනම්.,

    ReplyDelete
  5. අම්මට සිරි !!! එන්න එන්නම Fairy Tale එකක් වගේ වෙනවනේ.....:O

    මල් 7යි ආ....
    ඊළඟ එකත් ඉක්මනටම දාන්න.......

    L.Punch

    ReplyDelete
  6. අඩෙ අප්පේ...මේ මක් වුනාද එක පාරට.... :O

    ReplyDelete
  7. පිස්සු බම්ප් වෙනව නේන්නම් යකෝ.. ඒපාර මොන හුට්ටප්පරයක්ද? :D

    ReplyDelete
  8. එහෙනම් අනික් කෙනා තමයි එදා ලවර් එකේදි අපේ විහගට ඔරෝල තියෙන්නෙ....හරි හරි...

    හිකිස්..... මාර සීන් එක දෙයියනේ.....:O

    ReplyDelete
  9. මගුලක් තමා නිවුන්නු

    ReplyDelete
  10. . උඹට ලේයර් කේක් එක ඕනෙ උනාට මගෙ වැනිල ඩ්‍රීම් එක ඉන්නෙ මෙහේ නෙවෙයිනෙ... ... ":D:D
    hureeeeeeeeeeeeeee.........
    onna mama kalinma kiuwa me denna nimunnu kiyala ......yes.!! mama kiyapu eka ehenam hari needa.......jaya wewa..!!!
    ithuru kaaalla ikman karala ewanna.......:D

    ReplyDelete
  11. මල හුට්ටප්පරයයි දැන් ඉතින් කාල වරෙන්කො....:D

    ReplyDelete
  12. අම්මට සිරි යකො.. උඹ එහෙනම් මේකද මට කිවේ. හත් වලාමේ නිවුන් ඩබලකගේ මාමා වෙලත් මට ඕක නිච්චියක් ගියේ නැනෙ..

    අම්මා ගහයි.. දෙන දෙයියො උඹට එක වර්ගෙන්ම ජාති දෙකක්ම දීලා :D :D :D

    ReplyDelete
  13. ඉක්මනට ඊලග එකත් දාපන්.බලාගෙන ඉන්න හරි අමරුයි. ඒ තරමටම ආස හිතෙනවා.
    මරු වචන සැට් එක.................

    ReplyDelete
  14. දැන් අක්කයි නංඟියි දෙන්නම ලවුද??

    ReplyDelete
  15. අඩෝ............මාර කේස් එකක් නේ! ඉක්මනට දාපං අනිත් කෑල්ල!

    ReplyDelete
  16. හික්.. ෆට්ට.. මගේ හාමිනෙයි එයාගේ නංගියි වගේ. අය්යෝ.. ෆෝන් එකෙන් කතාකරාමත් මම අඳිනවා ඒ හාමිනේ කියල.

    ReplyDelete
  17. මල මගුලයි...පිස්සු හැදෙනවා පොඩ්ඩෝ...
    දන ඉතින් දෙන්නටම ලව් කරන්න බැරිය.:ඩි:ඩි

    ReplyDelete
  18. පොඩ්ඩො අද කතාවත් එලය පට්ටය. මෙච්චර කල් ගිහිල්ලත් නිකමටවත් උබට ව්‍යංගා ඔයදේ කිව්වෙ නැහැනෙ.
    15 ඉක්මනටම දාපන් අපි බලන් ඉන්නවා.........

    ReplyDelete
  19. බුදු අම්මෝ හොල්මන්............ නෙමේ නේද...
    ඔන්න ඔහෙ දෙන්නටම ලව් කරගෙන එකගෙයි බින්න බැස්සනම් ගොඩනෙ.. :D :D

    ReplyDelete
  20. අඩේ .... මාව කාපං.. අනේ බන් ඉක්මනට දාපං ඕක... පිස්සු ත්‍රිබ්ල් බන්..

    ReplyDelete
  21. මේ මෙගා එක දැක්කේ පහුවෙලා, මුල ඉඳන් එන්න කම්මැලි කමට කියෙව්වෙ නෑ...තරහ අවසර...

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. අප්පොච්චියේ වෙච්චි දෙයක්!!!!

    ඉතුරු ටිකත් ඉක්මණට ලියන්නෝ................

    ReplyDelete
  24. අප්පොච්චියේ වෙච්චි දෙයක්!!!!

    ඉතුරු ටිකත් ඉක්මණට ලියන්නෝ................

    ReplyDelete
  25. පිස්සු බැම්පුනා !!!
    කෙල්ලෝ දෙන්නෙක් !!!

    ReplyDelete
  26. ෂා...... මටත් හිතුණා කිඹුල්ලු වෙන්න ඇති කියලා...
    නිවුන්නු ගෙදර ඇතුලට එන විදිය කියලා තියෙන තැන නම් මාරයි... හින්දි ෆිල්ම් එකක් බැලුව වගේ... :) :) :)
    ජයවේවා!!

    ReplyDelete
  27. සිරා බං කතාව.... මම මුලදි හිතන් හිටියෙ වයර් කෙල්ලෙක් කියල.... දැන් නෙව සීන් එක පැහැදිලි වෙන්නෙ.... ඈ පොඩ්ඩො දැන් කවුද උබේ ව්‍යංගා ඒකිම තමා ඒක දන්නෙ....

    ReplyDelete
  28. මචෝ කතාව ගින්දර වගේ ලියන්වා එල ඈ... කියවල ඉවර වෙනක්ම් හුස්ම ගන්න අමතක වෙනවා හිනා වෙලාම ලියල තියෙන විදියට. සිරාම සිරා අයිත් වචන දෙකක් නෑ...

    ReplyDelete
  29. eeeeeeee mara scene eka.... hebei niyamai... e podiman, "ඒ එක්කම දැකපු දෙයින් මගේ ඇහැට ස්කුරුප්පු නියනෙන් ඇන්න වගේ උනා....

    මල ගිනි විජ්ජුම්බර තිස් දෙකයි..... නයි කයිද රෝස් පාං... ජොසපිං අක්කට ජැස්මින් පවුඩර්..... ඈ යකෝ... මේ හීනයක්ද... මගේ ඇස් දෙක මටම විස්වාස නැතුව ගියා... කටට ගනිපු බීම ටික ඉස් මෝලේ යද්දි... පැංචගෙ අතේ තුබුන සීඩී ටික සට පට ගාල බිම වැටෙද්දි... ශ්‍යාමිකය ලෝවාමහාපායෙ ගල්කනුවක් වගේ ගල් වෙද්දි...සාලෙ ඉදපු ඔක්කොම අයගෙ කචබචේ නැවතිල කටවල් ඇරෙද්දි දොරෙන් හෙමි හෙමීට ඇතුලු උනේ
    ව්‍යංගා......
    එයාට පස්සෙනුත්......
    ව්‍යංගා.....
    මල හත්වලාමේ ව්‍යංගල දෙන්නයි....
    " me kella marama marama maaaaarama lassanai.....
    Girl of 27

    ReplyDelete
  30. P S : Mata meka aththatama mavila penuna...
    Girl of 27

    ReplyDelete
  31. අප්පට සිරි. කතාව අන්තිමට ෆුල් හොල්මන් නේ... ඉක්මනට ඊලඟ එක දාන්ඩෝ.....

    ReplyDelete
  32. @ සුජානි :- ඉතිං ඊට පස්සෙ ඊලග කොටසින්

    @ පිස්සා :- ඔවු ඔඋව්.. හිටපං හිටපං :D

    ReplyDelete
  33. @ මදාරා :- මමනම් එක්කෙනෙක්ටවත් ලවු නෑ

    @ පිණිබිදු :- නෑ... ඒක නෙවෙයි... ඒක බලන්න ඊලග කොටසින්

    ReplyDelete
  34. @ ඇනෝ 1 :- සැබෑ ජීවිතෙත් සුරංගනා කතා තියෙනවා...

    @ නිසූපා :- දෙන්නෙක් ආවනෙ...

    ReplyDelete
  35. @ ChAnDiKa :- කලින් හුට්ටප්පරේම ඩබල වෙලා

    @ නිසපු :- නෑ ව්‍යංගා තමයි එරෙවුවෙ.. ඊලග කොටසින් බලන්නකො

    ReplyDelete
  36. @ Dush :- මගුලක්දත් අහනවා...

    @ ගායනා :- එවන්නම් එවන්නම්

    ReplyDelete
  37. @ රවිඳු :- මොනවද ?? :D :D

    @ Bunny :- නෑ මේ කියපු එකෙන් බාගයයි

    ReplyDelete
  38. @ Koba :- දාන්නම් දාන්නම් :D ස්තූතියි

    @ තාරක :- බලමුකො :D

    @ Sabith :- දාමි දාමි

    ReplyDelete
  39. @ ක්සැන්ඩර් :- කෝල් එකෙන් විතරනෙ මාරු වෙන්නෙ ?? :P

    @ ගිනි කුරුල්ලා :- දෙන්නෙටම ?? බලමු බලමු :D

    @ Nipz :- මගේ නෙවෙයි බං ව්‍යංගා

    ReplyDelete
  40. @ රහස් පරීක්ෂකයා :- මම හරක් මස් කන්නෙ නෑ බං :D :D
    දාන්නම් දාන්නම්

    ReplyDelete
  41. @ Observer :- කියවන්න කම්මැලිනම් ඔබා මාමෙ කම්මැලි වෙලාවක කරන්න වැඩක් නැති වෙර්ලාවක් බලල වාඩි වෙන්න.... කියවන්න මතක තියාගෙන ඉදල :D

    ReplyDelete
  42. @ මහී :- මහෝට මොනව වෙලාද මේ... :D ලියමි ලියමි

    @ මධුරංග :- අනේද කියන්නෙ..:D

    @ අයේෂා :- තෑක්ස් තෑක්ස්... :D

    ReplyDelete
  43. @ ප්‍රසංග :- ඒකනෙ කියන්නෙ වයර් මාරුවෙනව ලියන්න ගියාමත් :D

    @ සිහින කොදෙවුව :- ස්තූතියි.. දිගටම එන්න කියවන්න

    @ Wasana :- එලාආආආආආආආආආආආආ :D :D

    ReplyDelete
  44. @ ඇනෝ 2 ( girl 27 ) :- එහෙනම් නියමයි :D

    @ Danushka :- හැක හැක දානව දානව

    ReplyDelete
  45. හත්වලාමේ පිස්සු බම්ප් වෙනවානේ හිකි හිකි ඒකනේ කියන්නේ බොලාට වයර් සෝට් කියලා

    අන්තිම ටික නම් සිරාවටම මැවිලා පෙනුනා මල්ලි

    ReplyDelete
  46. අම්මා ගායි බැට් එකෙන් පිට පැලෙන්නම,,,,දැන් ඉතිං කෙලා හුටස් තමා...අවුලක් නෑ දෙකම කරපං බං,,,,බැරි නම් ව්‍යංගා පාර්ට් 2 මට දියන්,,,,,,.හොඳ එකා වගේ අනිත් කෑල්ල දාපං,,,මට හරි ආසයි උඹ ගෑනු දෙන්නෙක්ගෙන්ම ගුටි කනවා බලන්න....හිකිස්.......

    ReplyDelete
  47. පොඩි මෑන්ට නම්.. මාර හැකියාවක් තියෙන්නේ ..ඇ...

    ReplyDelete
  48. @ මංතරකාරි :- කාලෙකින් ඇවිත් මේ පැත්තෙ,,,

    ReplyDelete
  49. නෙ... @ ශානු :- ඒකනෙ බං අක්කේ කියන්නෙ

    ReplyDelete
  50. @ පිස්සු / මෝඩ කොල්ලා :- ඒක ඉතිං මගෙන් නෙවෙයි විගඟගෙන් ඉල්ල ගනින්... :D

    ReplyDelete
  51. pattai pattai monawa kiyannada hitaganna ba

    ReplyDelete
  52. machoo! seerama eka paarata kiyawagena giya! mokakda bn meeka maara kathawaknee! mmm! mula eewata comment kale nathi unata mm kathawa maara gathi bNZ! seratama wada maxxa cse 1 meeka! mm! twins! :D :D :D pissu ekai!

    ReplyDelete
  53. ithiri tika kiyawanne nathuwa apeth pissu bamp wenawa.. ohoma bakas gaala nawathwannepa doo...
    "T" akka

    ReplyDelete
  54. සහගහන ඇත්ත,,,,,මටත් මේක කියවලා ඉවරවෙද්දි මුගෙ පරම්පරාවම මතක් කෙරෙනවා,,,ඇයි බං රෙස්ද මූ හැමදාම මෙව්වා එක ඉවර කරන්නෙ සිද්දියට එන්ටර් වෙද්දිමනෙ,,,,,,

    ReplyDelete
  55. sha harima lassana kathawak ayye,, digateme liyaen :) take care

    ReplyDelete
  56. මම හිතුවා ඕක වෙයි කියලා... මදැයි කොලා ඉතින්...

    ReplyDelete
  57. koooo thama 15 part eka nene...
    Girl of 27

    ReplyDelete
  58. වහාම ඉතුරුටික දාපාං......නැත්තං තලේබාන් කාරයෙක්ට කියල තොට වස් කවියක් කියෝනවා

    ReplyDelete
  59. අනේ දෙය්යා මෙකෙ මේ කලු පාට බෑග්ග්‍රව්න්ඩ් එකේ සුදූපාට අකුරුවල පාට ඩින්ගිත්තක් වෙනස් කොරන්ට...මගෙ ඈස් ගෙඩි දෙක රිදෙනවා...

    ReplyDelete