2012-03-31

පිරිමින්ගෙ "පිබිදීම" ...එතකොට ගැහැණුන්ගෙ ??



ගැහැණූ සහ පිරිමි ලිංගික වශයෙන් වෙනස් උනත්  බොහෝ විට සමාජයේදී සම අයිතිවාසිකම් දරති. ආසියාතික රටවල අනෙත් රවලට වඩා පුරුශ්‍යාදිපත්‍ය නිසා කාන්තාවට එම සම අයිතීන් නොලැබෙන බව බොහෝ කාන්තාවෝ කරණුලබන චෝදනාවක්...  මෙම මාතෘකාව පුලුල්ව සාක්ච්චාකල යුතූ මාතෘකාවක් වූවත් මෙම ලිපියෙන් බලාපොරොත්තුවන්නේ  තවත් පිරිමින් චෝදනා ලබන තවත් එක සාධකයක් වන ලිංගිකාදිපත්‍ය ගැහැණිය වෙත පැතිරවීම හා  ගැහැණියට වඩා ලිංගික කර්තව්‍යට පිරිමියා  නිතරම සූදානම්ව සිටීම යන කරුණුවලට අදාල විද්‍යාත්මක පසුබිම විමසා බැලීමටයි...

ලිංගික විද්‍යාව යමු ඉතා සිත් ඇදගන්නා විෂයක්  වන අතර.. බොහෝ දෙනා නොදන්න විෂයක්ද වෙයි... ලිංගික විද්‍යාව ක්‍රමානුකූලව හැදෑරීමේදී එදිනෙදා ජීවිතේදී  අප සමාජය සමග කටයුතු කරද්දී  ඇතිවන ගැටලු මෙන්ම ස්වයං පෞර්ෂය වර්ධනය කරගැනීමට හා  ආත්ම අභිමානය ඇතිකර ගැනීමටද  100% වැදගත් වෙයි. ලිංගිකත්වය යනු ගැහැණීයක් හා පිරිමියක් සංසර්ගයේ යෙදීම පමණක්යැයි බොහෝ දෙනා සිතා සිටියද ගැහැණියක් හෝ පිරිමියක් වෙනත් ඕනෑම  මනුෂ්‍යය  දෙස බැලීමත් ලිංගික ක්‍රියාවක් වන අතර මවක් තම පුත්‍රයා දෙස බැලීමද , පුත්‍රයා තම මව දෙස බැලීමද මීට අදලා වෙයි... උදාහරණයක් ලෙස  පිරිමියක්  නිරුවත් නාට්‍යාංගනාවල් දෙස බලන්නේ රාගය වර්ධනය කර හැගීමෙන් වන අතර ගෙදරදී තම මව දෙස බලන්නේ රාගය මර්ධනය  කරන  බැල්මකින් වෙයි...  සියලුම පුද්ගලයන් හා තමා සම්බන්ද මිනිසාගේ සිතුම් වලදී ලිංගිකත්වය අඩංගු වන අතර විවිධ භාහිර බලපෑම් නිසා එය අඩු වැඩි විය හැක...

   ලිංගික විද්‍යාව කෙසේ වෙතත්  "ලිංගික"  යන වචනය ගෑවෙන  මොනයම් දෙයක් හෝ වේවා ටැබූ සබ්ජෙක්ට් එකක් වීම ලංකාව වැනි රටක සාමන්‍ය දෙයක් නිසා ලිංගිකත්වය යනු " ගැහැණියක් හා පිරිමියකගේ ලිංගික අවයව සංබන්ධ ක්‍රියා පමණක්යැයි සිතා ඒ ගැන අනවබෝධයෙන්  අපගේ ජීවිත අවුල් වියවුල් කරගනිති.. එකිනෙකාට චෝදනා කරති...

ලට්ට ලොට්ට  හී පලවූ බොහෝ නිර්මාණ "ලිංගිකත්වය" සම්බන්ද ඒවා හෙවත් " කුණුහරුපයැයි" බොහෝ දෙනාගෙන්  චෝදනා ලබන්නේද...  එම නිර්මාණ  මගින් එලියට අඳින්නට සමත්වූ අපගේම ලිංගිකත්වයේ නිරුවත පිලිගැනීමට අකමැති වන්නේද  ලිංගිකත්වය  ගැන හරියට අවබෝදයක් නැති කම නිසා යැයි සිතමි.  එමගින් මෙහි පලවූ නිර්මාණ  අති සාර්ථක නිර්මාණ යැයි පවසාගැනීමක් සිදු නොවන්නක් බවත්  අදාල නිර්මාණකරණයේදී බලාපොරොතු වූවාට වඩා ප්‍රථිපලදායී වූ නිසා  බොහෝ නිර්මාණ ගැන අතිශ්‍යය තෘප්තිමත් බව පමණක් කියනු කැමත්තෙමි...


උදාහරණයක්  ලෙස  මේ සිංහල බ්ලොග් අවකාශයම ගනිමු...  මෙහි ඇති කාන්තාවන් විසින් ලියනා  බොහෝ බ්ලොග් වල විරහව ගැන ඔවුන් ලිපියක් ලියන්නේනම් එහි වරදකාර පාර්ශවය බොහෝ විට පිරිමියා වෙයි...  ඒ වගේම එහි අනිත් පැත්ත එනම් පිරිමින්ගේ බ්ලොග් වල  විරහව සම්බන්ද මාතෘකාවල වරදකාරියෝ කාන්තාවෝ වෙයි...  එමෙන්ම පිරිමින්ගේ විවිද ගතිගුණ  ගැන කෙලින්ම චෝදනා කරණ කාන්තා බ්ලොග් මෙන්ම ගැහැනු ගැන චෝදනා කරන පිරිමින්  ලියනා බ්ලොග්ද ඔබ දැක ඇතුවා නිසකයි...  මෙය නිසැක වශයෙනම ලිංගික අනවබෝදය වන අතර  මෙම ලිපිය ලිවීමට මාහට පාදක වූ පොඩිකුමාරිහාමිගේ " පිබිදීම" ලිපියේ  කොටසක් උපුටාගෙන  ඒ ගැන ප්‍රවේශයක් ගනිමු...

 ""පොඩ්ඩි මේ ලඟදි කියෙව්වා ලංකාවේ මොකක් හරි පත්තරයක (අර පබාගෙන් අහන්ට වගේ එකක ) කාන්තාවක් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා තියනවා.

'මගේ සොහොයුරිය නිවසට එන දිනවල මගේ සැමියා හැසිරෙන්නේ හරිම ප්‍රබෝදෙකින්. ඒ දිනවලට ඔහුට මා ඕනෑමයි. මට ඒ අවස්තාවලට එන්නේ ලොකු තරහක්. මින් අදහස් වෙන්නේ ඔහු මගේ සොහොයුරියට කැමති බවද?'

 
ඔන්න ඉතින් අර පබා වගේ කෙනා මෙහම පිලිතුරක් දීලා තිබුනා. පිරිමි ගෑනුන්ට වඩා වෙනස්ලු. ඒ හන්දලු ඔහොම වෙන්නේ. ඒක ගනන් ගන්ට එපා කියලත් තිබුනා. සාමාන්‍ය සිදුවීමක්ලු. පිරිමි සමහරවිට අඟහරු ලෝකෙන් ආපු හන්දා වෙන්ට ඇති."""


ඇත්තටම පිරිමි හා ගැහණුන් බාහිරින් වෙනස් වනවාටත් වඩා ඔවුන්ගේ සිතුම් පැතුම්.. ආකල්ප... ගතිගුණ හා හැකියාවන්ද වෙනස් වේ.. එය පරිණාමීය හා ජීව විද්‍යාත්මක උරුමයක්... සාධකයක් වන  අතර මෙ ගැන නොදන්න බොහෝ  අය විවිද මත ඉදිරිපත් කලහ..  එයින් පිරිමින්ට එල්ලවූ තවත් ප්‍රධාන චෝදනාවක් නම් රජයන්, අගාම්  හා අධ්‍යාපන ක්‍රමද  ගැහැණුන් පීඩනයට පත්කොට මර්ධනය කිරීමට පිරිමින් විසින් කරන උපක්‍රමයන් බවයි... 

ඇත්තෙන්ම ඉතිහාසය අනුව එය එසේ පෙනී ගියත්  ගැහැණුන් හා පිරිමින් සැම අතින්ම සමානනම්  පිරිමින් සැම විටම ලෝකයේ පාලණය ලබා ගත්තේ කෙසේදැයි  යන්න සලකා බැලිය යුත්තකි... අධිතාක්ෂණික  පරිගණක ආශ්‍රිත මොලය ස්කෑන් කිරීමේ යන්ත්‍ර මගින් සජීවීව  මොලයේ ක්‍රියාකාරීත්වය විමසා බැලීම මගින් මේ සදහා පිලිතුරු ලැබී ඇත...

මවු කුස තුලදී මොලය සකස්වූ අකාරයත්  හෝමෝන බලපෑමත් අනුව අප සිතන පතන දේ වෙනස් වල අතර  ගැහැණූන් හා පිරිමින්ගේ වෙනස් හෝමෝන තත්වයන් ඔවුන්ගේ මේ හිතන පතන ආකාරයන්ට හේතුවී ඇත. ඒ අනුව පිරිමි  හා ගැහැණු  සමානයි යනුවෙන් අප මුල් බැසගෙන සිටින්නේ දේශපාලණික  හා අධ්‍යාත්මික සිතුවිල්ලෙන් බැහැරව විද්‍යාත්මකව විමසා බලා වෙනස් කම් ඇතැයි පිලිගැනීමට හා ඒවා මොනවාදැයි විමසා බැලීමට කාලය පැමිණ ඇත...

පිරිමි හා ගැහැණු වෙනස් ලෙස පරිණාමය වී ඇත්තේ එය එසේ සිදුවිය යුතු හෙයිනි.. පිරිමි දඬයම් කාරයෝ වූහ... ගැහණු තම අනාගත පරපුර රැකබලා ගන්නිය  වූවාය... පිරිමි අරාක්ෂාව සැලසූහ.. ගැහැණූ දරුවන් පෝෂණය කලාය... අවුරුදු මිලියන ගනනක මෙම ක්‍රියා කලාපයේ  ප්‍රථිලයක් ලෙස ඔවුන්ගේ මොලය මෙන්ම සිරුරුද වෙනස්  ආකාරයට පරිනාමය වී වැඩුනෝය... ඔවුන්ගේ සිරුරු විෂය සමගාමීව පරිණාමය වෙද්දී මොලයද ඒ සමග විය...

පිරිමින් ඈත කැලයේ තම පවුලේ අවශ්‍යතාවයන් සපුරාලීමට  දඩයමට යද්දී ගෙවෙන්නා වූ රලු ජීවිතයට ඔවුන් ක්‍රමයෙන් හැඩ ගැනුනෝය...  එහිදී සිදුවන තුවාල සීරීම් හා තද හිරු රැස්වලින් ආරක්ෂා වීමට ඔවුන්ගේ ශරීරය වසා සිටින හම කෙන්මෙන් හැඩ ගැසුනි...  එය රළුව ඝණව වැඩෙන්නට වූ අතර ගුහාවල තම දරුවන් පෝෂණය කරමින් සිටි ගැහැණුන්ගේ හම වඩා මෘදුවත් සංවේදීවත් තව දරුවන්ට අවශ්‍යය උනුසුම ලබාදිය හැකි පරිදි පරිණාමය විය... 

සම යනු ශරීරයේ ඇති විශාලම අවයවය වන අතර එය  වර්ග මීටර දෙකකටත් වඩා විශාල වේ...  ඒ මත අක්‍රමවත් අයුරින් වේදනා සංවේදක 2,800,000 පමණද , සීතල දැනීමට 200 ,000 පමණද , ස්පර්ෂය   පීඩනය  හා දැනීමට 500,00 පමණද  සංවේදක ඇත. ඉහත සදන් පරිණාමීය ක්‍රියාවලියේදී පිරිමින්ගේ හමෙහි ඇති ස්පර්ෂ සංවේදක ශරීරයේ නිස්චිත ස්ථාන කිහිපයකට පමනක් සීමා විය.. එය ප්‍රධාන වශයෙන් ශිෂ්ණයේ පෙරසම හා වෘශණ කෝශවල සමට එකරාශී විය...

එසේ අවශ්‍යතාවයක් නොවූ ගැහණුන්ගේ  කන් පෙති, බෙල්ල, පියයුරු, යෝනි බිත්ති ,බගමනිය කලවා යටිපතුල් ඇතුලුව ශරීරය පුරාම මෙම සංවේදක පැතිරී ඇත...

මේ අනුව ගැහැණිය ස්පර්ෂයට ඉතා සංවේදී වන අතර පිරිමියා ගැහැණීයගේ සංවේදී භාවයෙන්  විස්සෙන් එකක් තරම්වත් සංවේදී නොවෙයි...  එමනිසා ගැහැණු බොහෝ විට සිපගැනීම ... වැලදගැණීම... තුරුලුවීම ....  හා අතගෑමට කැමති වන අතර එයත් ලිංගික ආශ්වාදය සදහා වෙයි.. නමුත් එය පිරිමියා හා සැසදූ විට  ඔහුගේ ලිංගික ආශ්වාදය සමග වෙනස් වෙයි..

ගුහා වල තම දරුවන් පෝෂනය කරමින් සිටින ඇය  මෘදු ඇවතුම් පැවතුම් ඇත්තියක් වන අතර ස්පර්ශය  සිපගැනීම ... වැලදගැණීම... තුරුලුවීම ....  හා අතගෑම මගින් මෘදු ලිංගික ආශ්වාදයක් ලබා තෘප්තිමත් වූ අතර   සංවේදී භාවයෙන් අඩු පිරිමි ලිංගික ආශ්වාදයේ තෘප්තිය උදෙසා  සුරාන්තයම සොයා ගියහ... එම නිසා පිරිමියාට ලිංගික අශාවන් මුදුන් පමුණවාගැනීමට ගැහැනිය සමග සංසර්ගයේ යෙදීමම අවශ්‍ය උවත් ගැහැනියට එය වෙනත් වඩා මෘදු ආකරයකින් පිරිමියාට තුරුලුව සිප වැලදගෙනීම් මගින් ලබා ගැනීමට පුලුවන....

එම නිසා පිරිමින් නිතරම ලිංගික එක්වීමට සූදානමින් සිටින නමුදු ගැහැණිය එය සදහා ප්‍රමාද වන්නේ ඇයට වෙනත් වඩාත් මෘදු ආකාරවලින් ලිංගික තෘප්තියක් ලැබීමට හැකියාව ඇති නිසාය..  නමුත් ගැහැනියක් හා පිරිමියෙකු අතර  සංසර්ග ක්‍රියාවලිය ආරම්භයේදී  ගැහැණිය පමා වන නමුදු එම කාර්යේ යෙදීමේදී ඇය අඩු සංවේදී පිරිමියා ඉක්මවා යයි... මෙම නිසා වඩා හොද අඹු සැමි ඇසුරක් සදහා ෆෝ ප්ලේ හෙවත්  සංසර්ගය යෙදීමට ප්‍රථම සිපවැලදගැනීමට  ආදර බස් දෙඩීමට මනෝවිද්‍යාවේ උපදෙස් දෙන්නේ මේ නිසාය...

එම නිසා පිරිමින්ගේ මේ නිරන්තර "පිබිදීමට"  ගැහැණිය චෝදනා කිරීම  හා ගැහැණිය  ලිංගික කර්තව්‍යට පමා වීමට පිරිමින් චෝදනා කිරීම තම තමාගේ  සිතුම් පැතුම් වලින් බලා විරුද්ධ ලිංගිකයාගේ හැගීම් නොදැන කරණ අසාධාරණා චෝදනා වේ...  එමෙන්ම මේ නොවටහා ගැනීම් නිසා ගැහැණීය හා පිරිමිය අතර වන අඬදබරද බොහෝ වන අතර එය  එකිනෙකා නොරිස්සුම්  සහගත තත්වයන් ඇතිකිරීමට බලපායි.. එම නිසා මෙහි සැබෑ තතු දැන  අපට නැතුවම බැරි විරුද්ධ  ලිංගිකයා තේරුම් ගැනීමෙන් වඩා පලදායී  සහ සම්භන්ධතාවයක් ගොඩනාගගෙන ඇතිවන අවුල් වියවුල්  හා මතබේද  දුරුකරගැනීමට හැකිවනවා ඇත...

2012-03-29

කොල්ලන්ගේ බනිස් කෑම ( අතිශ්‍යයින්ම කොල්ලන්ට පමනය )



කොල්ලෝ බනිස් කෑමට රුසියෝය... බනිස් කන්න ආස කෙල්ලෝද සිටියාට  වැඩිපුරම බනිස් කන්න කැමති කොල්ලෝය... බනිස් කන්නේ බඩගින්නට නෙවේය... බනිස් කන්නේ ආසාවටය... අවුරුද්ද කාලයට නම් කන්නේ තරගයටය.. ඒ තරගවලත් වැඩිපුරම සිටින්නේ කොල්ලෝය.. කොල්ලෝ හා කෙල්ලෝ එකට බනිස් කනවා පොඩිමෑන් හැබැහින් ජීවිතේට දැක නැත්තේය...  දකින්න ආසාවෙන් ඉන්නවාය.. ඒත් ලංකාවේ ඒවා දැකීමට තව අම්බාඑක කලක් යාවිය...

කොල්ලෝ  බනිස් කෑමට ආස උනත් බනිස් ගැන දන්නා උන් අඩුය... ඒ නිසා බනිස් කෑම ගැනි කියන්න කලිං බනිස් ගැන ලියනවානං හොදයි කියා හිතෙනවාය... 

බනිස් ජාති මහ හුගක් තියෙනවායා... සිංගල් බනිස් , ඩබල් බනිස් , ක්‍රීම් බනිස් , කැට බනිස් , සීනි බනිස්  ගල් බනිස් ආදී වසයෙන්ය... සමහර බනිස් සෝ කේස්වල දමා මැස්සෝ ඇහිරි ඇහිරි තියෙනවාය... ඒවා කන්න කස්ටිය වැඩි කැමැත්තක් නැතිය... ඒත් නැති කමට ඒ බනිස්ද ගිල දාන එවුවෝ නැත්තෙම නැතිය... සෝ කේස් වල තියෙන බනිස් ගෙඩි තියෙන කඩේ අනුව ගාන වෙනස් වෙනවාය... මෝනිස් එක වගේ හයි පයි කඩේකින් ගන්නවානං ගාන සැරය.. පෙට්ටි කඩේකින් ගන්නවානං ගාන අවුලක් නැතිය... කඩේ සෝ කේස් එකට රැවටි එකම බනිස් ගෙඩිය සමහරු වැඩි මිලක් දීලා කනවාය... උන් හෙන පවුය..


සීනි බනිස් තියෙනේ  පුල් කවර් පිටය... හුලං වැදුනත් සීනි දියවෙනවාය..  ක්‍රීම් බනිසුත් එහෙමය..  යන්තන් ඇත්තං ක්‍රීමී බේරෙනවාය.. ගල් බනිස්නං ඕන මළ දානෙකට ඔට්ටුය..  ඒත් වැඩි දෙනා ආස පැකට් එකේ තියෙන පැකිං පිටිං බනිස් වලටය...


ඔය කොයි බනිසත් කන්නේ ආසාවටය...  සමහරු බඩගින්නටද කනවාය.. ඒත් බනිස් ගෙඩියකින් බඩ පිරෙන්නේ යන්තං ඇබිත්තය.. තව චුට්ට වෙලාවකින් බඩගිනි මහ හුගක් එනවාය...

  ගොඩක් දෙනා ආසා බනිස් තමන්ගේම කරගෙන කන්නය. තමන්ගේ කරගන්නත් කැමති අලුත්ම බනිස්ය.  සිංහලෙන්ම කියනවානං අර කලිං කිවුවා වගේ පැකින් පිටින් බනිස්ය.. පැකින් එක කඩලානං ඒවා ගේන්න කැමති නැතිය..  පැකින් කඩපු බනිස් හොරෙන අහලවලා සමහර හොර  මුදලාලි ගොල්ලා හොරෙන් විකුනනවාය.. ගෙදර ගෙනැල්ලා කන්න බලපු වෙලාවට වැඩේ අහු උනොත් මුදලාලිටත් බඩු පැකිංය... ඒත් හයි පයි කඩවලින් ගේන නිසා සමහරුට ඒවා ගානක් නැතිය..  ගානක් තිබුනත් කඩේ කොලටි එක මතක් කොරං නිකං ඉන්නවාය...  කොලටි කඩවල තියෙන හෙන ගනං බනිස් හිටපු හැටියේ අඩුවට දෙනවාය... ඒවා පැකිං කඩපු බනිස් බව කොල්ලෝ දැනගත යුතුය...


පැකින් එක අප්සට් උනත් කොළටි බනිස් නැත්තේම නැතිය.. ඒවානං අවුලක් නැතිය.. පැකින් කඩපු එකාලාට ඒවා කන්න පින නැතිය... ඔය පැකින් එකේනං වැඩක් ඇත්තේම නැතිය.. විකුනන්න... ගාන වැඩි කරන්න දාමු උප්පරවැට්ටියක්ය.. බනිස කොලිටි නං එච්චරය...

වෙන එකෙක්  කාපු බනිස් වලට කවුරුවත් කැමති නැතිය.. ඒත් නිකන් දෙන නිසා ඒවා කන උන්ද සිටිනවාය... කවුරු හරි පැකින් කඩලා බාගෙට කාලා තියෙන බනිස් ගෙඩියකින් කෑල්ලක් කඩාගන්න වැඩි හරියක් උන්දැලා කැමතිය.. ඒ මොකද කියනවානං තමං කාපු කෑල්ලත් පැකිං කඩපු එකාගේ අකවුට් එකට ඩිපොසිට් වෙන නිසාය... ඒත් හොරෙන් බනිස් කා මාරුවෙන්න හදන වෙලාවල් වල බඩු පැකට් වෙන අවස්තාද ඇත... එහෙම වෙලාවට අතින් පහක් දී අනුන් කාපු පජාත බනිසක් සෙට් වෙනවායා... ඒකනං හොඳම වැඩේය...

බනිං කෑම ගැන කතා කරනවානං ඒක කරන්න ඕනෙ ක්‍රමේටය.. කාලෝචිත උදාහරණයක් අරගෙන
ඔහෙලාට ඒක  මෙහෙම පැහැදිලි කොරලා දෙනවාය

අවුරුද්දට අපි බනිස් කෑමේ තරග ඕනෑ තරං දැක තියෙනවාය..  කොල්ලෝ බනිස් කන්න ගියාම බදාගෙන කන  බව දන්නා නිසා   උන්ගෙ අත් බඳිනවාය.. හැබැහින් පලවෙනි සැරේට බනිස් ගෙඩිය කන්න යනකොටත් අපේ අත් තියෙන්නේ ඒ වගේම බැඳලාය.. බනිස අල්ලන්නට අපිට බැරිය... ගේම දෙන්නට ඕනේ කටින් ය...

බනිස් වැලට එල්ලෙද්දී ඕනේ තරං බනිස් තියෙනවා නේදැයි සිතා කම්මැලි උනොත්  වැඩේ කොට උඩය... ඉස්සෙල්ල දුවන එකා කන්න ලේසි හොදම බනිස තෝරා ගන්නවාය... ඒක නිසා  අනිත් එවුට කලින් දුවගෙන ගොස් හොදම බනිස්  ගෙඩිය අල්ලා ගැනීමට කොල්ලෝ දස්සයෝ වෙන්ඩ ඕනෑය...

තරගයේ  බනිස් තියෙන්නෙ වැලේ එල්ලිලා උඩින්ය.. ඇත්ත බනිසුත් එහෙමමය..  තියෙන්නෙ හෙන උඩිංය.. ඒවා බිමට ගන්න කොල්ලෝ දැනගන්න ඕනෑය.. ඒකත් ක්‍රමේටය...

බනිස් ගෙඩිය ගාව දන ගැහුවොත් බනිස් තව තව උඩ යනවාය... ඒක නිසා දුවගෙන ආවත් බනිස් ගෙඩිය ගාව දනගාන්න හොද නැතිය.. ඒ වගේම පැනපු ගමන් බනිස් කන්නද බැරිය.. බනිස් එතකොට දුර යනවාය...  දුවගෙන හොදම බනිස අල්ලගත්තානං කලබල වෙන්න බැරිය... පස්ට් ඔප් ඕල් උඩින් තියෙන බනිස් ගෙඩිය කටිං ගේම දී බිම දාගත යුතුය.. ඒතකොට කන්න පට්ට ලේසිය... බනිස් උඩින් තියෙන විට කන්න අමාරුය. අපේ බෙල්ලේ පොට යනවා විතරය...

බනිස් ගෙඩිය බිම දැම්මාමත් කන්න හදිස්සි වෙන්න හොද නැතිය.. කලබලේට කටට ආව බනිසත් හිරවෙනවාය...ඒක නිසා  එක සැරේ මුලු බනිසම කන්න බැරිය. කන්න ඕනෙ චුට්ට චුට්ටය.. චුට්ට චුට්ට කාල බැලින්නං මුලු බනිසම කාලා ඉවරය... ඒ කියන්න ගේම දිනුන්ය...

බනිස් කෑම සැබැවින්ම ගේමක් කරගන්නේ  කොල්ලෝ අපිමය... ක්‍රමේට කරනවානං ගේමක්  ඇත්තේම නැතිය..  බනිස් පැකිං කඩා බාගෙට කා දමා යාම සුදුසු නැතිය...  ඒව හෙන පවුය... කන එකෙක්ටවත් කන්න නැතිය.. පැකින් කඩා බාගෙට කා බනිස් මග දමා යන උන්ට අන්තිමට ලැබෙන්නේත් වෙන එකෙක් කාපු බනිසක්මය... ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නැතිය.. ඒක නිසා අල්ල ගනිපු බනිස කෑම  හෙමි හෙමින් හිත සතුටින් කල යුතුය...  එතකොට එය ලෝකේ හොදම බනිස වෙනවාය.. අනිත් උන්ගේ බනිස්වලට ඉරිසියා නොකල යුතුය... ඒවා හොරෙන් කෑමද  හොද නැතිය.. ඒවා හොරෙන් කන්න යන වෙලාවේදී තම්න්ගේ බනිසට කපුටෝ කොටන්නට පුලුවන්ය... එල්ලෙන බනිසට වඩා බිම දාගත් බනිස හොදය.. කෑමට ලේසිය... පුල් ආතල්ය....

අන්තිමේදී ඔහෙලාට මෙහෙම කියනවාය...

 කොයි කඩේ වික්කත්... ගාන කීය උනත්... සීනි ක්‍රීම් දමා රසට පෙනුනත්... බනිස බනිසමය...  කාල බැලුවාම එකමය... වෙනසක් නැත්තේමය.. ආයෙ ඒකේ  හෝදන්න දෙයක් ඇත්තේම නැතිය......  ...

කලිං පොඩි මෑන් මයිනාට බනිස් කැවීමක්  ගැනද  ලිවුවාය...  ඒකත් මේකේම සබ් කැටගරියක්ය... ඒකත් ඕනෙනං පහලිං බලන්න පුලුවන්ය...

"වල්ලද මල්ලද ? , මයිනද බනිසද ? " ජැක් ගැහිල්ල


                                                         ෴෴෴
ප. ලි

 පෝස්ටුවට පොටෝවක් දමන්න "බනිස්" කියා සර්ච් කරවිට කලිං සැරේ සිහින බක් මහ උළෙලේ අපේ කස්ටිය බනිස් කන හැටි පොටෝ අම්බානෙක ආවාය... මේ සැරේ  බනිස් කන්න ඔහෙලටත් චෑනිස් එක තියෙනවාය.. ඒක නිසා ඔහෙලත් අප්‍රේල් 22 වැල්ලවත්ත කුරේ ග්‍රවුන්ඩ් එකට  එන්නය... එනවානං මෙතනට ගිහින් රෙජිස්ටර් වෙන්න  වෙනවාය...   පොඩි මෑන්ද බනිස් කන්නට එදාට එනවාය...



2012-03-24

අලිංගේ අපේ කෙරුන්..... .... 18+



අලියා කෙලින හැටි සත්තු වත්තේදී දැකගන්නට පුලුවන්ය. අලියා කෙලින හැටි පොඩි බබාලා නලිය නලියා බලනවාය. ඒ අතරේදි ලොකු බබාලා චූටි  බබාලා කාලේදී අලි කෙලි බැලූ හැටි සිහිකරනවාය. සත්තු වත්තේදී අලියා කෙලින හැටි ලොකු බබාලා මෙන්ම පොඩි බබාලාද ආසාවෙන් බැලුවාට  සමහර ගම්මානවට වල් අලියා පැන කෙලිනවාට කවුරුත් බයය. එවිට අලි වෙඩි දමා අලියා එලවා ගන්නවාය.

 අලියා කොටන් අදිනවාය..  අලියා පෙරහැරේද යනවාය..පෙර හැරේ යන අලියා බෙටි දානවාය.. ඒවා අලි බෙටිය.. අලි බෙටි අලි ගඳය..  අලියා ඉන්නේ කැලේය... උන් වලි අලිය.. .. ඒවා අලි ලංකාවේනං  දේෂපාලනයේද අලියෝ ඉන්නවාය.. උන් කොළ පාටය... අලියා පෙරහැරේ කරඩුව අරන් යනවා බලන්න ලස්සනය. ඌ අලි උජාරුවෙන් පෙරහැරේ යද්දී දේශපාලන අලියෝ දිගට හරහට නාගන්නවාය... ඒකට හේතුව නායක අලියා අප්සට් නිසායැයි රැලේ තරුණ අලි නාම්බන් කුලප්පු වී ඇති නිසාය...

දළ තියෙන අලියෝ ඉන්නවාය.. උන්ගේ සමහර එවුන්ගේ  දළ පූට්ටු වෙලාය. දළ නැති අලියෝද ඉන්නවාය.. වල් අලි ඉන්නේ කැලේය.. දළ දෙක , හොඬවැල , නැට්ට සහ , අලි ජුංඩා බිම ගෑවෙන අලියන්ට සද්දන්ත කුලේ අලි කියනවාය..  සමහරක අලින්ගේ දළ ඇතුලේ ගජ මුතු තියෙනවාය...

එකී මෙකී නෝකී අලි ජාති අම්භානෙක ඉන්නවාය.. ඔය කොයි අලියත් දකින්න අපි හරි ආස කරනවාය.

අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත කීවාට වැඩිපුරම නලියන්න හිතෙන්නෙ අලි බබාලාටය.  ඔය කොයි අලි බබාත් නලියා  දවසක කෙලවා ගන්නවාය... කෙල ගන්නේත් අලි නිසාමය...  ඒ අලි ගැන වැඩියේ කෂ්ටිය දන්නෙ නැති නිසා මෙසේ ලියනවාය....

කෙල්ලන් අලියා  -
එක එකාට අලි ටෝක් දමා තනියෙන් යන වෙලාවට උන්ගේ සෙට් එකකට අහු උනාම මේ    අලියා දැක ගන්නට පුලුවන්ය...

කෙහෙම්බෙන් අලියා - 

කෙල්ලං අලියාගේ තවත් ප්‍රබේදයක් ලෙස හදුන්වන්න පුලුවන්ය...  සමහර හයි ෆයි පාටි අවසානයේද මේ අලියාට චාන්ස් එක ලැබෙනවාය..  මේ අලියා නිසා අලි අමාරුවේ වැටුන එවුන්ද ඉන්නවාය|

කේසාවට අලියා    - 

කොයි අලියාත් කෙලින්නේ මේ අලියා නිසාය...  කෙහෙම්බෙන් අලියා වගේම මේ අලියා නිසාත් අලි මරාල පෙරලෙන්නට පුලුවන්ය...

කෙහෙල අලියා    -

මේ අලියා එච්චර අවුලක් නැති අලියෙක්ය... කාගේත් කැමත්ත හා සංතෝසය අනුව සිදුවෙනවාය..

කෙහෙන් නැතුව අලියා -

හිරේ යාමට හා තුං කට්ටුව ලාච්චුවේ දමාගැනීමට හේතුවාසනා ගෙන දෙන අලියෙකි...

කෙල්ලට අලියා   -

කේසාවට අලියා නැති වෙලාවට පිහිට වෙන අලියාය.. කෙහෙන් නැතුව අලියාට වඩා මේ අලියා දාහෙන් සම්පතකි...

 කෙස්සට අලියා  - 

භයානක අතුරු ප්‍රථිපල ගෙනදිය හැකි අලියෙකි.. ලයිසන් පිට ඇති කරනවානං හොදය.. ලයිසං නැතත් ආරක්සක විදිවිදාන නැතිනම් අලි අමාරුවක වැටීමට හැකිය..

කෙමාරුවට අලියා - 

මේ අලියා  නිසා  කෙස්සට අලියා මුන ගැහෙනගැහ්න්න කෂිටිය යනවාය ... කෙස්සට අලියා  ඒවෙලාවටනං ආරක්සක විදි විදාන අමතකව යෑමට ඉඩ තියෙනවාය..

කෙකලට අලියා - 

පරික්ෂන මට්ටමේ ඇති අලිවර්ගයක්ය.. තාමත් හරියාකාරව සොයාගෙන නැත

කේච්චිට අලියා -  

බලාපොරොත්තු බිද වැටීමක්දීමේ අලියා ගැන කෙලින්ම කටින් පිටවෙනවාය...  තාත්තාට නොඇසෙන්නට  මේ අලියා ගැන මතක් කරනවා නම් හොදය...

කෙම්මට අලියා -

සිටින නරකම අලි වර්ගය බවට සැකක් නැතිය... ඕනෑම තරහ ගිහිපු අවස්තාවක මේ අලියා සිහි වෙනවාය..මේ අලියා ගැන ඇසීමට කවුරුත් අකමැතිය.. ඒ ගැන බලාගන්නට  හැමෝටම කෙනෙක් ඉන්නා නිසා මේ අලියා ගැන අප වද විය යුතු නැත..

මගහැරුනු අලි ඉන්නවානං සියලුදෙනාගේ යහපත උදෙසා පහතින් කමෙට් එකක් ලෙස දාමා යනවානං අලි තැන්කූය...


ප. ලි

තව අලියෙක් මතක් උනාය...

කෙක්කට අලියා -

මේ අලියා බලාගන්න  කොල්ලෝ හොර අලියා වගේ ඇවිත් මල්ලීව ගොන් අලියාව කරගන්නවාය.. අලියා පෙන්නා මාරු උන විට මල්ලීගෙන් අලි පෝරියල් කනවාය...

තව අලි මත්ක වෙන හැටියට ලියනවාය...

ප.ප. ලි

කමෙට් වලට වැටුන අ;ඉ දෙන්නෙක්ය

 කේප්ප අලියා -


ගෑහැණූ පාර්ශ්වයට විතරක් මුණ ගැහන අලි වර්ගයක්ය..  ගෑණු කේප්ප අලියා පිටේ යද්දී පිරිමි බලා සිටීමට කැමතිය... කේප්ප අලි පැදපු කෙල්ලෙක් අල්ලාගෙන කෙම්බානෙක අලියා පිටේ යවන්න කොල්ලෝ සිහින බලනවාය...


කේතල් එකට අලියා -


බහෝවිට ලයිසං නොගෙන පදින අලි වර්ගයක්ය... කෙල්ලන්ට මේ අලි පෙන්නා කොල්ලෝ මාරුවී යනනේය... වැඩේ අල වූ විට කෙල්ලගෙ පාර්ෂවය විසින්  කොල්ලාට දෙකක් ඇන බලෙන් ලයිසං ලබා දීමට හේතුවිය හැකි අලි වර්ගයක් නිසා ප්‍රවේසමෙන් පරිහරණය කරන්නේනං හොදය...... 



2012-03-23

ඇගේ කව




දිනක් කොළයක ලියපු කවියක
අහම්බෙන් ඇස නැවතුනා
දහසකුත් තව එකක් කවි මැද
ඒ කවියටම හිත ගියා...

කවියෙ  ලස්සන එලිසමය  දැක
මගෙ හිත තව  බර වුනා
මොකද්දෝ හුරු පුරුදු ගතියක්
තියෙන වගනම් සිහි කලා...

කවිය කාගෙද කයිති කාටද
මගේ සිත විමසිලි උනා
කාත් කවුරුත් නෑ වගෙයි මුත්
තනි කවට මම පෙම් කලා...

හිතේ පතුලෙම තිබුණු තනුවක
තාලයක් මට සිහි වුනා
ඒක කවියට නූලටම හරි
කවිය මම හොරකම් කලා....



කවිය ලී ඒ අයිති කාරිය
දිනක හදිසියෙ පැමිණුනා...
මගේ තනුවට වැයෙන්නේ ඇගෙ
කවිය බව ඈ සැල කලා....

මගේ  තනුවක තාලයට මේ
කවියෙ පද වැල  හරි ගියා
ඒ නිසා මට කවිය දෙන්නකො
මම ඇගෙන් එය  ඉල්ලුවා...

නොකිය මගෙ කව ගත්ත මදිවට
ලස්සනත් එහි නැති කලා...
නුබේ තනු මට එපා මගෙ කව
දෙන්න ඈ එය ඉදිරුවා...

මගේ තනුවට බැඳුනු කවි පද
කැඩිල එහෙ මෙහෙ විසිරුනා
කැඩුණූ කවියේ අකුරු එක එක
අඬ අඬා මම ඇහිලුවා....






                                                                          ෴෴෴෴

කලින් ගොතාපුව ටිකක්....


දේ දුන්න දුර වැඩියි හිතුනා

ඇය
ඒ රණ තිසරු යැයි රැවටෙති කණ කොක්කූ...
කා... මා...
සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්
වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා

"කලා වමනය මම ජුලියට්.... " ______ හාට් Piercing...✿•*`¨"




මාගේ ජුලියට්....

නොවුනාට
මම උබේ රෝමියෝ
මිලටගත්
නුඹයි මගේ
ජුලියට්.....


නැතිවුනත් උබේ
හදවත
බඩගින්නට කන්න
උබේ
ඔය ඇඟ
දුන්න උඹ මට  
ජුලියට්....

උබේ මොලගෙඩියෙන් සුප්..
බඩවැල් නූඩල්ස්...
ලේ වලින් සෝස්
පෙති කපපු මිනී  මස්
උබේ
පුච්චන් කෑවා මම
ජුලියට්....

අතුරුපසට
ඇස් ගෙඩි දෙකෙන් ලොලිපොප්
 දැං
බඩපිරී
ඉස්මුරුත්තාවයි
කලා  වමනය මම
ජුලියට්....

කනකං රසට තිබුනත්
කෑවෙ මහ
ජරාවකි
පලයං යන්න
මට එපා....
මගේ නෙවෙයි උඹ
දැන්
ජුලියට්.....!!!
                         
       ______ හාට් Piercing...✿•*`¨"


කලින් හාට් එකේ Pierce කරපුවා ______________



අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ

ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ  කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං

වේසිගෙ පුතා මම 2  අම්ම රෙද්දෙ ආදරේ (18+)  

ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය

නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්

 වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට්  
 




__ හාට් Piercing...✿•*`¨"
එන්න... හදවත් සිදුරු කර සිතුවිලි පළදින්න

2012-03-21

ඇනෝනිමස් ආතල් හෙවත් බල්ලාට සිංහයා යැයි බියවීම...




ඇනෝනිමසා බ්ලොග් අවකාශයේ  මේන් ටොපික් එකක වී තිබුනේ දැනට ටික දවසකට කලින්ය...  හැමෝම ඇනෝ නිමසා ගැන විවිද මත පලකරාට දැන් ඒවා ආයෙ කිසිකෙනෙකුට මතක නැත...  පුරුදු පරිදි ඇනෝලා බ්ලොග් අවකාශය ගදගස්සවාගෙන  යති....

ප්‍රථමයෙන් මෙය  කිව යුතුව ඇත... මෙය කිසිම  පුද්ගලයෙක් හෝ කිසිම බ්ලොග් අඩ්ඩවියක් ගැන ඇනෝනිමස් ආතල් හී "ඇනෝනිමසා"  මාරයාගෙන හෝරාව සමග ඇති පෞද්ගලික තරහක්  වැනි තරහක් පිරිමසා ගැනීමක් නොව විවෘතව හා පොදුවේ.. නිර්නාමික ඇනෝනිමස්ලා ගැන  මාගේ පෞද්ගලික අදහස පමණකි...

අපි ජීවත්වන සැබෑ සමාජය හා සයිබර් සමාජය තුල  ඇත්තෙ සුලු සුලු වෙන්ස් කම් කීපයක් පමණී... ප්‍රධාන වෙනස් කම   සයිබරය  භෞතික නොවීමයි... අනිත් දෙයනම් සැබෑ සමාජයට වඩා ඇති සජීවී බවයි...  අප කරන යම් ක්‍රියාවක් සැබෑ සමාජයේ දකින්නෙ ඉතා සුලු පිරිසකටය... අපිව අදුනා ගැනීමට, අපට එකවර සම්බන්ද වීමට හැක්කේ සීමිත පිරිසකටය... සයිබරයේ එය සාපේක්ෂව ඉතා විශාල අගයක් ගනී... අනිත් ප්‍රධාන දෙය නම් අනන්‍යතාවය වසන් කිරීමට හැකිවීමයි...  සැබෑ සමාජයේ අප සාමන්‍යන් විවහාර කරන පරිදි " කාඩ් එක කුඩු කරගත්තෝතින්" නැවත් කාඩ් එක හදාගැනීමට හැකියාව ඉතා අඩුය...  යම්කිසි සාපරාදී ක්‍රියාවක් කල පුද්ගලයකු තමන්ගේ අනන්‍යතාවය වසන කිරීමට තමාගේ භාහිර පෙනුමේ සිට වෙනස් කල යුතු බොහෝ දෑ ඇත... නමුත් සයිබරය භෞතික නොවන නිසා අවශ්‍ය වන්නේ අලුත් "අයි ඩී" එකක් පමනි..


" අයි ඩී එක තිබූ පමනින්  ඇනෝගෙන් වෙනස් වන්නේ වෙන්ව හදුනා ගැනීම පමණකි... එය එතරම් දෙයක් නොවේ.."

මෙම අදහස මෙම ඇනෝ සංකල්පය සමග නැගෙන තවත් එක් අදහසකි.. නමුත් මා දකිනා විදියට අයි ඩී එකක්

 තබා ගැනීමෙන් වෙන්ව හදුනා ගැනීම ඇනෝ ලෙස එනවාට වඩා සෑහෙන වෙනසක් ඇති කරයි.. ඇනෝනිමසෙකට වර්ථමානයක් අනාගතයක් හෝ අතීතයක් නැත...  නමුත් අයි ඩී එකක් ඇත්තාට මෙම කාල තුනම තිබේ.. භෞතික නොවූ සයිබර් අවකාශය තුල අපි හදුනා ගන්නේද භෞතික නොවූ ඒ නාමයෙන්මය.. සැබෑ සමාජයේ පුද්ගලායා හදුනා ගැනීම හා  සයිබර් අවකාශයේ පුද්ගලයා  හදුනා ගැනීම අතර බොහෝ වෙනස් කම් ඇත. ප්‍රධාන දේ භෞතික නොවීමයි.. අනිත් දේ නම් සයිබරයේදී යම් පුද්ගලයෙකුට භෞතිකව හානි සිදු කල නොහැකි වීමයි...  එසේ නම් ඔහුට හානි සිදුවන්නෙ ඔහුගේ වර්චුවල්
(සිංහල  නම කල්පනාවට එන්නේ නැත ) පෞර්ශත්වයටයි , ජීවිතයටයි... එම නිසා කුමක් හෝ අයි ඩී එකක් තිබීම  ඇනෝ කෙනෙක්ට වඩා ඉතා වෙනස් වේ...


පුද්ගලයන් ගොඩනගා ගන්නා  අන්න්‍යතාව සයිබරයේ හා සැබෑ ලෝකයේ වෙනස් උනත් එලියට එන්නේ එකම සිතක ඇවතුම් පැවතුමය.. එමනිසා  සුලු සුලු වෙනස් කම්  ඇරුනාම සයිබරය යනු අපි ජීවත් වන සමාජයේම ඩිජිටල් ප්‍රතිරූපයකි..  විවිධ අදහස්, ගතිගුණ ,හැදියාව,  ඇති පුද්ගලයන්ගේ එකතුවකි...  එම නිසා සබෑ සමාජයේ සිදුවන.. සිදු කරන .. ඕනෑම දෙයක් සයිබරයේ අපේක්ෂා  කල හැක...



සිංහල බ්ලොග් අවකාශයේ ඇනෝනිමසා.....



ඇත්තටම ඇනෝනිමස් යන්න ඉතා ප්‍රබල සංකල්පයකි... කෙනෙක්ට තම අන්න්‍යතාවය සගවාගෙන සමාජයට යහපතක් කල හැකිය...  භාහිර බලපෑම් නිසා එලියට නොදාන දෙයක් අනන්න්‍යතාවය සගවාගෙන අන් අයගේ යහපත උදෙසා සිදුකල හැකිය... යහපත් අදහස් .. ගැඹුරු සංවාද  ගොඩ නැගිය හැකිය  ඒත් බහුතරයක් ඇත්තේ ගොං පාට් දමන ඇනෝලාය.. පහත් වින්දන කාරයෝය...

සයිබරය මේ මුලු පෘථිවියේම  ඇති ජලයනම් සිංහල බ්ලොග් අවකාශය යනු  අපේ දෝතට ගත් හැකි ප්‍රමානයත් වඩා අඩු වේ...  එය තුලත් මේ ඇනෝ ප්‍රවනතාව ව්‍යාප්ත වී ඇති අතර එය සමහර විට කරදරය වන තරමටම පැමින ඇත...




ඇනෝනිමස් ලෙස පෙනී සිටීමට ඕනෑම පුද්ගලයෙක්ට අයිතියක් ඇත...  එය බ්ලොග් ලිවීමේ සේවාව සපයන ආයතනවලින්ම තමන්ගේ අනන්‍යතාවය සගවා ගැනීමට ලබා දී ඇති පහසුකමකි.... "ඒ සමාජයෙ හැටි... ඒක අපිට වෙනස් කරන්න බෑ..." අපේ කටින් සමහර වෙලාවට පිටවන මේ වැකිය 100% සත්‍ය වනවා සේම සයිබරයේ අනන්‍යතාව සැගවීමට ඇති හැකියාව වැඩි වීම " සයිබරයේ හැටි වන අතර එය අපට වෙනස් කල නොහැක"  එම නිසා එම පහසුකම ඕනෑම පුද්ගලයෙක්ට  භාවිතා කර හැක... එසේ පහසුකම සපයා දී ඇත්තෙ අනන්‍යතාවයක් හදුනාගැනීමට නොහැකිනම් එලියටට එන  "අදහස්" ප්‍රමානය වැඩි නිසා බව මාගේ හැගීමයි...    යම්කිසි මීටිමකදී හෝ රැස්වීම්කදී කලුවරේ සැගවී සිට හූවක් කීමට බොහෝ දෙනා පෙලබෙන නමුදු වේදිකාවට පැමින සියල්ලන්ටම පෙනෙන ලෙස කලින් හේතුවටම පෙර විදියටම හූවක් කීමට පෙලබෙන්නෙ කීයෙන් කී දෙනාද... ??

ඒත් තමා සිදු කරන ක්‍රියාව කුමන එකක හෝ වේවා... සැගවීසිට කිරීම එක්තරා නිවට භවකි...  බියගුලු කමකි.. නෝන්ජල් කමකි... සෑම දෙනාම හදුන්නවන පරිදි " කොන්ද පණ නැති කමකි...

මෙම "ඇනෝනිමසා යනු කොන්ද පන නැති එකෙක්" යන්නට බුවාගේ අඩවිය විවේචක බ්ලොග් අඩවියෙන් උපුටාගත් කමෙන්ටුවක් දක්වා ඇත...


"""" ලිපියට බොහොම ස්තුතියි.මා පුර්ණකාලීන අනොනිමසෙයෙක්.මා බ්ලොග් ලියන්නේ නැහැ.මා නම් ප්‍රතිපත්තියක් වශයෙන් කුණුහරුප ලිවීම සහ පුද්ගලික මඩ ගැසීම් කරන්නේ නැහැ.මටනම් ඇනෝ කෙනෙක් ලෙස පෙනී සිටීමට බලපාන හේතු තියෙනවා පළමු කාරණය මා ආරක්ෂක අංශ සාමාජිකයෙක් වීම.එනිසා මාහට යම් යම් සීමා වලට යටත්වීමට සිදුවේ.අනිත් අතට මා කුමන අයුරින් හෝ ප්‍රසිද්ධියට ප්‍රිය නොකිරීම තවත් හේතුවකි.කොන්ද සම්බන්දව මට නම් ගැටලුවක් ඇත මන්දයත් යුද ගැටුමකදී එය බිදී ගීය නිසා.නමුත් එය ලිවීම සඳහා බාදාවක් වී නැත. """



කොන්ද බිඳිගිය පුද්ගලයකුට  කෙලින් සිටගෙන වාඩිවී ලිවීමට හැකියාව  ලැබී ඇත්තේ  කෙසේදයි මාහට ගැටලුවකි...  එම නිසා මෙමෙ අකමෙන්ටුවත් ඇනෝනිමස් පාක්ෂිකයකු විසින් දැමූ එකක විය හැක..


ආරක්ශක අන්ශයේ සේවයේ යෙදී සිටි මෙතුමාට යම යම් සීමාවන්ට යටත් වී අදහස් දැක්වීමට සිංහල අවකාශයේ  බ්ලොග් අඩවි කීයක්නම් ඇද්දයි ප්‍රස්නයක් නැගේ...  අනෙක බ්ලොග් ලියන්නෙකු නොවුනාට අයි ඩී එකක් නැතයි කීම විහිලුවකි...  බුවාගේ අඩවිය කියන්නා සේ අඩු පරිඝණක සාක්ෂරතාවක් ඇති අයෙක්ට උනත් අයිඩී එකක් සදාගැනීමේ අපහසුවක් මා දකින්නෙ නැත.. සිංහල යුනිකේත වලින් කමෙට් එක ලිවීමේ හැකියාවක් ඇතිනම් අයි ඩී එකක හදාගැනීමට බැරියයි කීම විහිළුවකි...


සමහර විට මෙය 100 % සත්‍ය විය හැක... මා ඉහද කල උපකල්පනයන් වැරදි විය හැක... ඒත්  ප්‍රශ්ණය වන්නෙ වර්ථමාන සිංහල බ්ලොග් අවකාශයේ මෙවැනි හේතු නිසා ඇනෝ ලෙස පැමිනෙන ආය කී දෙනෙක් ඇද්ද යනුවෙනි...

පැමිනෙන බොහෝ  අය කරන්නෙ තමාගේ පහත් සමාජයට.. සම්මතයැයි ඔහු සිතා සිටින සීමාවට බයේ හංගාගෙන සිටින මානසිකත්වයන් එලියට දමා ගැනීම පමනකි...

ඕනෑම පුද්ගලයෙක් 100% විවෘත වන්නෙ තම හෘදසාක්ෂියට පමනකි . එසේ තම හෘදසාක්ෂියට පමනක් වසන කල නොහැකි මිනිස් සිතේ චිත්තයන්  ඔවුන් ලෝකයෙන් සගවාගෙන සිටින්න  ඒවා ලෝකය පිලිගත් "සම්මත" තත්වයෙන් බැහැරවන නිසා කාඩ් කුඩුවේයැයි ඇති භය නිසා  විය හැකිය... (උදාහණයක් වශයෙන්  ලිංගික හැගීම හා ආශාවන් )   තමාගේ මතයන්  නිසා තමාට යම් හානියක් සිදු කරාවියැයි යන භය නිසා විය හැකිය... ( දේශපාලනික විවේචන සිදුකිරීමට ඇති භය)  හිත මිතුරන්  තරහ වේයැයි සිත නිසා විය හැකිය ( පෞද්ගලික රහස් )... ... වෙනත් මිනිසුන් තමා ගැන ඇතිකරගන්න ආකල්පය ගැන ඇති සැලකිල්ල නිසා  හෝ වෙතන් ඕනෑම දෙයක් විය හැකිය... ....

සිංහල බ්ලොග් අවකාශයේ ඇනෝලාගේ මුදුන් මල් කඩ ලෙස සැලකෙන " ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවියේ තේමා පාඨය වී ඇත්තේ " එන්න හිත ඇතුලෙ හිරකරගත් දේ එලියට යවාගන්න " යනුවෙනි...    තමන් බ්ලොග් තර්ස්ථවාදීන් යැයි ඔවුන්ම අහඳුනවා ගනිති.... එසේ හදුන්වා ගන්න ඇනෝනිමස් ආතල්  ඇනෝනිමසාගේ ප්‍රබලත්වය ගැන කතාකරති.  විවාදයක් නැත... ත්‍රස්ථවාදීන් කොපමන ප්‍රබලදැයි ලාංකිකයන් වන අපට කීමට අවශ්‍ය නැත...  නමුත් වැදගත් වන දේ නම්  ප්‍රබලත්වයට වඩා ඔවුන් සිදුකල "හානියක්" මිස  යහපතක් නැතිවීමයි...

"""""සමහරු මෙතන ලි‍යවෙන දේවලට ඇනොනිමසයා එක්ක තරහ වෙනවා. ඒත් ටිකක් හිතලා බලන්න. ඔබ ඇත්තටම තරහ වුනේ කාත් එක්කද? මොකද ඇනොනිමසයා කියල එකෙක් නෑ. "මේ ඉන්නේ ඇනොනිමසයා" කියලා ඇඟිල්ල දිගු කරන්න කවුරුවත් නෑ. එතකොට ඔබ තරහ වුනේ ඔබ එක්කද? """"

මේ ඇනෝනිමස් ආතල් අඩවියේ  "ඇනෝනිමස් ආතල්  ලියන්නෙ කවුද යන්න " යන මැයෙන් ඇනෝනිමසාවිසින් ලිවූ ලිපියේ උපුටා ගැනීමකි...  එහි සදහන් පරිදි   "මොකද ඇනොනිමසයා කියල එකෙක් නෑ. "මේ ඉන්නේ ඇනොනිමසයා" කියලා ඇඟිල්ල දිගු කරන්න කවුරුවත් නෑ."  යනුවෙන් ඔවුන් ඇනෝනිමස් ලෙස පෙනී සිටින්නෙ  අවජාතකයන් බව  ඔවුන්ම කියා ගනිති.


අවජාතක =   අව- ජාතක 

අව- අඩු, පහත්   වේ

ජාතක - උපත, බිහිවීම වේ    ඒ අනුව පහත්, අඩු උප්පත්තියක් ඇත්තා අවජාතකයා වේ .ඔවුන්   කාගේ කවුද,  ආවේ කොහෙන්ද , නමක් ගමක් දන්නේ නැත...  හරි වැරද්ද පෙන්නා දෙන්නට  කෙනෙක් නැත...   කුලයක් ගෝත්‍රයක්  නැත...   කරනා වැඩ වලින් කුඩුවීමට කාඩ් එක නැත. තමන් කවුදැයි තමන්වත් නොදන්නා ඔහු හෝ ඇය අනාගතයක් වර්ථමානයක් අතීතයක් නැති  සම්භවයක් ඔහුවත් නොදන්නා අයෙක් වෙයි...   එවැන්නෙක්ට ගොඩනගාගත් ප්‍රතිරූපයක් නැති නිසා  ඕනෑම කුණුගොඩක් එලියට දැමීමට හැකියාව ඇත...

මේ ඇනෝනිමස් ආතල් අඩවියේ  "ඇනෝනිමස් ආතල්  ලියන්නෙ කවුද" ලිපියේම තවත් තැනක

"කවුද ලිව්වේ කියන දේ හෙවීම නැත්තන් ජාතකේ හෙවීම අද ඊයේ ඇති වුන දෙයක් නෙමෙයි. ඒ වගේම අඥාත බවත් අද ඊයේ ඇති වුන දෙයක් නෙමෙයි. මේ දෙකටම දිගු ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා අපි ඒ සෙල්ලම් අත අරිමු"   යනුවෙන් ඔවුන් අඥාත හෙවත් ජාතකයක් නැති ඔවුන්ම බව පිලිගෙන ඇත...

පෞද්ගලිකව මටනම් ලියපු එකාගේ ජාතකය වැඩක් නැත.... ලියපු දේ පමනක් සෑහේ...  ඇනෝ ලෙස පෙනී සිටින බොහෝ උදවිය  කරන්නෙ ප්‍රසිද්දියේ තම නිරුවත හුවා දැක්වීමයි... එය තමා අඥාත බව ලොවට කියා පෑමක් බව ඔවුන් නොසිතන්නෙ තමා " ඇනෝනිමස්" යන මහා බලගතු නමකට මුවා වී සැගවී සිටින නිසා යැයි සිතන නිසා වීමට පුලුවන... ඒත් වැදගත්ම දේ නම්  තමා කරන්නෙ කොන්ද පන නැති  අඥාත වැඩක් බව තමා දැනගෙන සිටීමයි... ඇනෝ නිමසා අඥාත උවත් ඒ පිටිපස සැගවී සිටින  පුද්ගලයා වැදූ  මවක් පියෙක් ඇති නිසා ඔබුටහුට හෝ ඇයට ජාතකයක් ඇත...

එම නිසා ඇනෝ ලෙස එලියට එන්නෙ තමාගේ ජාතකේ අඩු පාඩු නිසා වන අඩුපාඩුකම් බව තම හෘද සාක්ෂිය දන්නවා ඇත...   මනස + උස්  හෙවත් මනුස්සයෙක්ට  ඇත්තටම තම හෘද සාක්ෂියට විරුද්දව යාමට හැකියාවක් නැත.. එසේ නම් එසේ අඥාත ඇවිදින් පහත් මානසිකත්වයන්  ප්‍රදර්ශනය කරන්නෝ තිරිසන්නු වෙති...

බල්ලන්ට තම ජාතකය ගැන හෝ අන් දෙයක් ගැන වැටහීමක් හෝ පුරුද්දක් නැත..  පැටියා කාලයේ කිරි දී වැදූ තම මව සමග වුවද වැඩුනු පසු ප්‍රසිද්දියේම සංසර්ගය යෙදෙති.. ඒ ඌ තිරිසනා නිසායා.. ඕනෑම තැනක ජරා කරති. ගද ගසනවායැයි හෝ තවත් කෙනෙක් බලං සිටිනවායැයි කියා තැකීමක් නැත.. ඒ ඌ තිරිසනා නිසාය.. ඌ වචනයේ පරිසමාප්ත අර්ථ්යෙන්ම  කරන්නෙ බලු වැඩය..  එවැනිව අඥාතව  මනස + උස්  හෙවත් මනුස්සයන්ට නොගැලපෙන තිරිසං වැඩ කරන ඇනෝලාත් මේ බල්ලාත් අතරේ මා නම් වෙනස් කමක් දකින්නේ නැත...

එමනිසා මේ තිරිසනුන්ට බය විය යුතු නැත...  තමා බය නොවී සිටීනම් කිසිම බල්ලෙක් හපන්න එන්නේද නැත... බ්ලොග් අවකාශයේ බල්ලන්ට හපන්න කොහොමවත් බැරිය...මේ බුරන   බල්ලංට සිංහ හම පෙරෙවුවේද  අපිමය... අපි සිංහයායැයි එ බල්ලන්ට රැවටෙන විට උන්ට ආතල්ය... එමනිසා  ඒ සිංහ හමට අපිම සිංහයායැයි නොරැවටී කරන්නට ඇත්තේ බුරන බල්ලාට බුරන්නට ඇර  අපේ ගමන පාඩුවේ යෑම පමනක්මය...


මෙය  පොඩි මෑන්ගේ ලට්ට ලොට්ට බ්ලොග් අඩවියේ කමෙට් දමන මෙන්ම සිංහල බ්ලොග් අවකායේ බහුතරයක් ඇනෝලාට මිස හැම ඇනෝලාටම  නොවේය.. කුමක් හෝ හේතුවක් නිසා අයි ඩී එකක නොමැති අය හෝ පෞද්ගලික හේතු නිසා අනන්‍යතාව සගවන එහෙත් ලිපියකට වැදගත් ලෙස..  හොද ප්‍රතිචාර දක්වන ඇනෝලාත් මේ අතර සිටිති.. නමුත් අවාසනාවකට ඇනෝලා ඇන්ව හදුනා ගැනීමට නොහැකි නිසා සියලු ඇනෝලා වැටෙන්නෙ බලු කැටගරියටය...  නමුත් ඇනෝලා ලෙස පැමිනෙන අය තමන් මොන කැටගරියට අයත් දැන් තමාම ඉතා හොදින් දන්නා නිසා ඒ ගැන වැඩිදුර පැහැදිලි කිරීමට නොයමි...


බ්ලොග් අවකාශයේ යහපත් ඇනෝලාට ජයවේවා.... !!!




ප. ලි

 බල්ලන්ගේ බලු ආතල් දැකාම සමහර වෙලාවට  අපිටද පුල් ආතල්ය...   දැන් පල්ලහා කමෙට් තීරුවේ එවැනි බලු ආතල් දැක අපිටද ආතල් එකක් ගන්නට ලැබේවායි පතමි... 


ප . ප.ලි

  නගරේ  කාක්කන් වගේ කොන්ද පණ නැති හැංගි මුත්තන් සෙල්ලං නැතුව සිංහල බ්ලොග් අවකාශයම දිනූ ගමේ බයියාට බොක්කෙන්ම සුභ පැතුම්......!!!


2012-03-20

මම එය වින්දෙමි.... නැත විදෙවුවෙමි.... ...


මම වලාකුලක්මි....
රාත්‍රී අහසේ සුළගට ගසාගෙන යන වලාකුලක්මි...
දහස් සංඛ්‍යාත තාරකාවෝ දිලි දීලී මා වටේ සිටිනා හැටි බලා සිටීමට අපූරුය...
තරාකා එලිය පරයා නැගී ආ චන්ද්‍රයා  මා අසලම දිලෙන්නට විය... 
මා දෑත් විහිදා එය මා තුලට ගමි...
මා තුලට වන් චන්ද්‍රයාගේ සෞම්‍ය එලියෙන් රාත්‍රී අහසේ දිලෙන තාරකාවන් පරයා නැගෙන මනස්කාන්ත දර්ෂනයක් මවන්නෙමි....
ඉමක කොනක නොපෙනෙන රාත්‍රී අහසේ ඔහේ පාවී යන්නෙමි... මේ දැනෙන සැහැල්ලුව නිදහස කියා නිම කිරීමට බැරි තරම්ය...

රාත්‍රිය නිමාවෙමින් සඳ බැස යන්නට  විය...   නැග හා හිරුගේ තේජස් රිවි කිරණින්  සැහැල්ලුවේ ආ මම තරවී ඇදහැලීමට ආසන්න වැහු වලාකුලක් වූවෙමි.... තවත් නොබෝ වේලාවකින් මේඝ ගර්ජනා මැද ඇද හැලෙන්නට වන බව දුටිමි...

දැන් මම වැස්සක් වීමි....

හිරුගේ රැසින් වියලී ගිය පොලෝ තලය තෙමා සුවපත් කරමින්  ඉඩෝරය නිමාකර ඇද හැලෙන වැස්ස වීම ගැන මම සතුටුවීමි....

වියලී ඉරිතැලී ගිය පොලව මගේ පැමිනීම ගැන සතුටු විය... ආදරයෙන් පිලිරැගෙන මම ඔහුගේ තුලට ගතිමි...  කාස්ටක පොලවට ඇදහැලී මඩපාඩ වී ගිය මම ඔහුගේ තුලදී නැවතත් පිරිසිදුවී පුංචි දිය බුබුලකින් යලිත් මතුපිටට පැමිනියෙමි....

මම දැන් ගලා යන දිය පහරක් වීමි....

හිරුගේ රැසින් පොලෝ තලය විඩා නොකරන මහා වන මැදින් ගලා බහිනා පුංචි දියාපරක් වීමි...
ගස් වැල් මුල් අස්සෙන් ගලා බසිමින් පෝෂනය ලබා  මම ටික ටික හැදී වැඩෙන්නෙමි... ඇලක්.. දොලක් වී.. කෙත්වතු සරුකරන නිල්වන් දියදහරක්ව තවත් වර්ධනය වෙමින් මා ගලන්නෙමි....

මම දැන් ගඟක් වීමි...

පුංචි දොලපාරක්ව ගැලූ සංදියේ මෙන් නොව බොහෝ දෑ  මගේ දිය තුල සගවා.. තවත් බොහෝ දෑ ඒ දියෙන්ම විනාශ කර දමමින් ගලා යන්නෙමි.. විටක තැනිතලා ඔස්සේ අලසකමින් යුතුවද තවත් තැනක ගල්පර මතින් චන්ඬවද කිසිවෙකුට නොනැවතිය හැකි ලෙස  දඟකාරව ගලා යන්නෙමි...  එ පෙරලිකාර ගමනේ උච්චතම අවස්ථාවක මට දිය ඇල්ල නැමති ඇය හමුවීමි....

වලාකුලක් සේ අහසේ පාව ඇවිත්  වැස්සකව මහපොලවට වැටී දියබුබුලක්ව නැවත් ඉපදී ගමන අරබා විටක නැවතෙමින්... විටක සැඩවෙමින් සැම විටම වැඩෙමින් ආ මගේ ගමන්  එය  උච්චතම අවස්ථාව වීමි...

දුටු දුටුවන් මවිතයටත්  අමන්දානන්දයටත්  පත්කරමින්.. සුදු පෙනකැටි විහිදුවමින්  සතුටෙන් පිම්බෙමින් ගඟක් වූ මට මගඳි හමු වූ ඇය නැමති දිය ඇල්ල සමග  කලින් දරා සිටි දගකාර  බව.. නිහඩ බව අවසන කොට වේගයෙන් ඇදහැලෙන්නෙමි...  එය මගේ ගමන්  අලංකාරවත්ම.. ප්‍රීතිමත්ම අවස්තාව බව දනිමි....

ඒත් දිය ඇල්ල සේ ඇද හැලී එහි කෙලවර දුටිමි.... ඒ මනස්කාන්ත බව සැහැල්ලු බව ක්‍රමයෙන් නිමාවී පෙරටත් වඩා ගැඹුරුව.. එහෙත් නිහඩව ගලා යමි...  බොහෝ දෙනා මෙන් මමත් පෙර දුටුවේ සුදු පෙනකැටි විහිදුවා අදහැලෙනවා  පමනක් උවත්... දිය ඇල්ල යනු ගඟක එක නිමේෂයක් පමණක් බව දැන් මා දනිමි...

යලිත් නිහඬව මෙන්ම  ගැඹුරුව බවද දාරාගෙන  ගලා යමි.... ඔරු පාරු මා මත එහේ මෙහේ යන හැටි බලා හිදිමි.. එවින් දැන් මා සතුට ලබමි... නිහඩව
 ඔවුන් උඩුගං බලා යෑමට වෙරදරන හැටි බලා සිටිමි...එය නිහඩවම විද ගමි...

දැන් ගඟෙහි අවසානය බව දනිමි.. කලපුවෙන් ගලා ආ කරදියේ  ලුණුරස ටික ටික දැනෙන්නෙමි...

දැන් මම මහා මුහුද වන්නනෙමි...
වලාකුලක්ව පාවී... වැස්සක්ව ඇදවැටී... ගඟක්ව ගලා විත් ...අවසානයේ ,පොදු ධර්මතාවය වූ මහමුදේ කරදිය වීමි...

බොහෝ දෑ සගවාගෙන  බොහෝ බර දරාගෙන නිසසලව හිදිමි...  පෙර මාසේම ගලා ආ බොහෝ ගංඟා මාසමග සමුදුරේ එකතු වෙන හැයි බලා හිදිමි...

දැන් දැන් අහසේ පාවී යන වලාකුළු යලිත් දකිමි... මේ ගැඹුරු බව .. සංකීරණ බව  නොමැතිව සුළගට පාව යන ඒ වලාකුලු දිහා බලා සිනා සලමි...  විටක එයට ඉරිසියා කරමි... සිතින් වලාකුලක් වන්නට තැත් කරමි...

එක වරම ඒ මා දරාසිටි ගැඹුරු බව නොදැනී  සැහැල්ලුවක් විදිමි... ඇස් නිලංකාරවන දීප්තිමත් හිරු එලිය පමනක් දකිමි...


දැන් මම යලිත්  හිරුගේ තෙදින් කරදියෙන් වාෂ්ප වී මිදුණු පුංචි දිය බිඳුවක් වන්නෙමි....

අගක මුලක් නැති ඉමක් කොනක් නැති අහසේ අරමුණකින් තොරව මම පාව යනෙමි...

ඉතිං කියමි...
ඒ මා වින්දේ ජීවිතය බව දැන් දනිමි...  දැන් එයින් මිදී නැවත්ත වලාකුලක්  වනතෙක් මෙසේ පාවෙන බව දනිමි...  වලාකුලක් වී පාවී සදේ තුරුලේ සැනසී හිරුගේ තෙදින් වැස්සක්ව යලි මම මහපොලවටම වැටෙනවා ඇත...  එයින් යලි දිය බිබුලක්ව ඉපදී දොලක් සේ වැඩේ ගගක් සේ ගලා දිය ඇලිද පසුකරමින් යලිත් මහ මුදුදටම පැමිනෙන බව දනිමි...

එහි නිමක කොනක් නොමැති බව දැන් සිතමි...

යලිත් වලා කුලක් වීමට ප්‍රථමයෙන් මෙම චක්‍රයේ අවාසානයක් සොයමි....


 ඈත සිතිජයේ බලාපොරොත්තුවේ දේ දුනක සේයාවක් දුටුවත් ....

එයට පමා වැඩි බව පමනක් දනිමි.......

                                                 ෴෴෴

අද දාපු අනිත් පෝස්ට් එක...

දේ දුන්න දුර වැඩියි හිතුනා....


2012-03-19

දේදුන්න දුර වැඩියි හිතුනා.....



දිනක් මම දේදුන්න දැක්කා..
අහසෙ හරි ලස්සනට උන්නා
පොළවෙ මට දුර වැඩිද හිතුණා
ඒ උණත් මගෙ හිතම බැඳුණා....

වරක් සිතිජය ගාව දැක්කා..
මහ මුහුද දේදුන්න ගිල්ලා
පීනලා මට යන්න හිතුණා
ආයෙමත් දුර වැඩියි දැනුණා...

මුහුදෙ රුවලක් ඈත දැක්කා
සිතිජෙ ලගටම ගිහින් තිබුණා
දේදුන්නෙ රුව ආයෙ මැවුණා
බෝට්ටුවකට මමත් නැග්ගා...

මගදි වතුරේ මැණික් දැක්කා
මුහුද ඇතුළේ දිස්නෙ දුන්නා
දේදුන්න දුර වැඩියි හිතුණා
මැණික් ගන්නට මූදේ පැන්නා...






                                                                         ෴෴෴

කලින් ගොතාපුව ටිකක්.....            



ඒ රණ තිසරු යැයි රැවටෙති කණ කොක්කූ...

කා... මා...
සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා

 

2012-03-16

ඇයි බං අලුත් කෙල්ලොන්ට මෙච්චර චූ බර හැදෙන්නෙ.... ??



මම  ඉස්සර පිලි අරගෙන හිටියෙ කක්ක බර තමයි ලෝකෙ තියෙන ලොකුම බර  කියල... ඒත් ලගදි දවසක  ඒ පිලිගැනීම ආයෙමත් ප්‍රස්නයක් වෙන   තරමටම හේතුවක් උනා... ලගදි දවසක් කියන්නෙ මේ පෙරේදා....

මට ආව ප්‍රස්නෙ තමයි....

දැන් ඔය කක්ක බර විතරද තියෙන ලොකුම බර....

එතකොට චූ බර...???

කක්ක බර උනාම වගේම හොදටම චූ බර උනාමත් ආයෙ හොදි ඔන්නෑ.... සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩයි...

උදාහරණයක් විදියට පන්තියක ඉන්නකොට ඔය බර දෙකෙන් එකක් හැදුන කියල ගන්නකො... තියෙන්නෙ එකම සයිඩ් ඉෆෙක්ට්ස්...

මුලින්ම අපි යෙදිල ඉන්න කාරනාවට අවදානය යොමු කරන්න බැරුව යනවා....
දාඩිය දානවා... ඇබරෙනවා..
දත්මිටි කැවෙනවා....
ඊට පස්සෙ කන් ඇහෙන්නෙ නැතුව යනවා...
ඇස් නිලංකාර වෙනවා...
ගිනා වෙන්න බැරුව යනවා...
ලග ඉන්න එවුන් එක්ක තරහා යනවා...

බර දෙකම තද උනාම වෙන වැඩ ඕක උනාට චූ බර තද උනාම වෙන නරකම වැඩේ තමයි බිංදුව බිංදුව ලීක් වෙන්න පටන් ගන්න එක.....

ඊට පස්සෙ ටොයිලට් එකට ගියත් කලිසම ගලවනකං අපේ මල්ලිට ඉවසන්න බැරි වීම....

ඇයි පොර දන්නවනෙ ලෝකෙ තියෙන ලොකුම සැපයක් දෙන්න යන්නෙ කියල... ඉතිං පොර හදිස්සි වෙලා සැලකිය යුතු ප්‍රමානයක් කලිසමේම දානවා... .. අත්දැකීමෙන් කියන්නෙ...

හැබැයි ඒක වලක්වා ගන්න පොඩි ගොඩ වෙදකමක් විදියට කලිසම පිටින්ම වෑල් එකේ කොන තද කරල අතින් අල්ලගන්නවනම් පොඩ්ඩක් විතර ලීක් එක නවත්තගන්න පුලුවන්...

දෙයියනේ එතකොට ගෑණු ලමයින්ට මොකද වෙන්නෙ.... ?? උන් කොහොමද අතින් අල්ලගෙන නවත්ත ගන්නෙ.... ???

එක දවසක් දෙකක ඇරෙන්න ඔය චූ බරනම් හොදටම තද වෙනකන් ඉදල නෑ මමනං කවදාවත්.... ඇයි ඉතිං පුරුස ආදිපත්‍යට පිහිට වෙන්න ඔය ඕන ගහල් ගලකට  ඇල්ලුව ඇහැකි...

කෙල්ලොන්ට ඉතිං එහෙම බෑ....

දැන්නම් ඉතිං ඒවට ඔය එක එක ගැජමැටික් තියෙනව කෙල්ලන්ත් කොල්ලනට වගේ හිටගෙන චූ කරන්න..
ඒ ගැන දන්නෙ නැති අය මෙන්න මේක කියවන්නකො



හිටගෙන චූ කරන්න පුලුවන් කොල්ලන්ට විතරද... ?? ඇයි කෙල්ලන්ට බැරිද ??




   පිරිමි ළමයින්ට වඩා ගෑණූ ළමයින්ට ඔය කියන සියලුම බරවල් දරාගන්න පුලුවන් උනත් චූ බර  දරාගන්න එක  අමාරුයිලු... මොකද පිරිමියෙක්ට වඩා ගැහැණියකගෙ මුත්‍ර මාර්ගය කොට නිසා එහෙම වෙනව කියල තමයි කියන්නෙ... ඔය නිකන් කීමත් කියනවනෙ කොට මොඩල් ලග පිකප්  කියල...  ඔය කලාස් වල තියෙන ටොයිලට් වලට ගියාම එහා පැත්තෙ තියෙන කෙල්ලොන්ගෙ ටියිලට් එකෙන් ඇහෙන සින්දුවේ සද්දෙ වැඩියි අපේ එකට වඩා...
කෙල්ලොන්ට සද්දෙට සිංදු කියන්නත් පුලුවන් වෙලා තියෙන්නෙ ඔය මුත්‍ර මාර්ගය කොට නිසාලු....

ඒක නිසා වෙන්න ඇති  පෙරේද හවස අපේ කලාස් එක තව පොඩ්ඩෙන්  හෝදන්න වෙන්නෙ....

ඔන්න සිද්දිය මෙහෙමයි.....

පොඩි ජොබ් කට්ටක් හමබ වෙලා නිසා වෙනද පුරුදු ජීවිත රටාව අනුගමනය කර්න්න බැරි වෙලා ඉන්න මොහොතෙ ඔන්න මම අපේ ඉන්ස්ටිටිවුට් එක පැත්තෙ ගියා  පහුවෙලා තිබුන පාඩම වැඩ වගයකට....

මෙන්න එහෙ එවුන් සෙට් වෙලා මේ පාරත් අවුරුදු උත්සවයක් කරන්න.... මමනං කිවුව මට බෑ පුතෝ කියල... මේ එක අවුරුදු උත්සවයකටත් හරියට දායකත්වය දෙන්න බැරි වෙලා ඉන්නකොට කොහොම්ද තව එක කරන්නෙ.... ඒත්  අපේ ක්ලාස් එක තමයි ඉන්ස්ටිට්වුට්  එකේ  තියෙන පරණම කලාස් එක.. කට්ටිය කරණ කෝස් ඉවර වෙලා අනිත් ක්ලාස් වල අලුත් ළමයි අරගෙනත් ඉවරයි...

ඒක නිසා අලුත් ශිෂ්‍ය සංගමේ  නිලදාරීන් පත්කරගන්න  උන්ට අවුරුදු උත්සවේ වැඩ ගැන කියල දෙන්න  උනේ අපේ කලාස් එක උන්ට.... 

හිටියෙත් තුන් දෙනයි.... 

ඒක නිසා කට්ටියට වැඩ කටයුතු ටික කියල දෙන්න එන්නම් කියල මමත් ගියා සෙමින හෝල් එකට...

ඔන්න ඉතිං මීටින් එක පටන රගෙන අලුත් නිලධාරී මන්ඩලේ එහෙම පත්කරල වසරේ වෙන්න ඕනෙ  වැඩ කටයුතු කියල දීල අලුත් අවුරුදු උත්සවේට වෙන්න ඕනෙ වැඩකටයුතු එහෙම කතා කරා...

මුලින් මුලින් කට්ටිය හොද උද්‍යෝගෙන් වැඩේට සපෝට් එක දුන්නත් පැය එකහමාරක් විතර යද්දි කට්ටියගෙ උනන්දුව ටික ටික අඩුවෙලා ගියා.. කට්ටියගෙ කිවුවෙ කෙල්ලොන්ගෙයි...

ජෝක් එකක් කරත් පස්සෙ පස්සෙ හිනා උනේ කොල්ලො විතරයි.. කොල්ලො හිනා වෙද්දි මෙන්න කෙල්ලො ඔරවනව මට....

මචං පොඩි මෑන්.. වැඩේ කර්ටියට බෝරින් වේගෙන වගේ යන්නෙ.. අපි ටග් ගාල මේක  ඉවර කරල දාමු...
අපේ පන්තියේ අනිත් එවුන්ටත් කෙල්ලොන්ගෙ වෙනස තේරිච්ච නිසා අපි වැඩේ ඉකමට ඉවර කරල දැම්ම...


සෙමින හෝල් එක තියෙන්න තර්ඩ් ෆ්ලෝ එකේ  ඉදල අපේ කාලාස් එක තියෙන්නෙ ෆස්ට් ෆ්ලෝ එකට අපි ඉතිං කයියක් දාගෙනපඩිපෙල බැහැගෙන  ආව...

ක්ලාස් එකට ඇතුල් වෙනකොටම ඔන්න අපේ ලොක්ක අපිට කතා කරා... ලොක්ක කියන්නෙ අපේ සර්...

"ඈ බොල *****  තොපි අර අලුත් කෙල්ලො ටිකගෙ බොක්කවල් පලල මරන්නද හදන්නෙ... ?? "

අපිත් එක්ක ෆුල්ම ෆිට් එකේ ඉන්න සර් කතා කරන විදිය අවුලක් නැති උනත් එක පාරට එල්ල වෙන මේ  අභූත චෝදනාව අපිට එක පාරට හිතාගන්න බැරුව ගියා....

" අලුත් කෙල්ලො මරන්න හැදුව .... මේ අපි... ?? ඒ කොහොමද සර් ..."

" ඇයි යකෝ තොපිල පැය දෙක තුනක් තිස්සෙ කියවන්න තියාගත්තාම..... ... උන්ට චූ බරේ ඉන්න බැරුව ඉදල තියෙන්නෙ... බලපං මෙතනින් දුවපු සේනාව... අනිත් ඔක්කොම ටොයිලට් වල ඉඩත් මදි වෙලා මේකටත් ඇවිත්...."

එලියට බැහැල බැලින්නම් ඇත්ත තමයි.. කෙල්ලොන්ගෙ ටොයිලට් එක ගාව තහක් විතර ඉන්නව පෝලිමෙ ඇබරි ඇබරි  අඩි පොලවෙ ගහ ගහ.....

 අපේ තුන් දෙනාම බඩවල් අල්ලගෙන හිනා උනා ඇති වෙනකං....

ඇයි යකෝ අපි දන්නවයි කෙල්ලොන්ට චූ කරන්න යන වෙලාවල් සර් බලං හිටියට.....

 කොයි වෙලෙ බැලුවත් මේ දවස්වල කෙල්ලොන්ගෙ ටොයිලට්  ගාව අම්භානෙක පෝලිම

ඇයි බං අලුත් කෙල්ලොන්ට මෙච්චර චූ බර හැදෙන්නෙ.... ?? අපේ එවුන් හැම එකාටම හෙන  ප්‍රස්නයක් වෙලා තිබුනෙ ඕක...

අපේ සර්ගෙ ම්හා දැණුම සම්භාරය නිසා තමයි අපි දැනගත්තෙ  ඒ සී එකට පුරුදු නැති කෙල්ලොන්ට  ඒ සී එක නිසා ඉක්මට චූ බර හැදෙනව කියල...

කවුද හත්තිලවුවෙ ඕක දන්නෙ.... ඒ මදිවට උන් වතුර බෝතලයක් තියාගෙන කොයි වෙලෙත් චුට්ට චුට්ට බොනවනෙ.... 

අපි කලාස් එකෙන් එනකොටත් ටොයිලට් ගාව හෙන  පෝලිම...  සීන් එක මතක කර කර හිනා වෙවී අපි ගෙදර ආවා.... අන්තිම එවුන්ටනං  ඉතිං ගෙදර යන්න පුලුවන් උනාද දන්නෙත් නෑ...

ඇයි ඉතිං බිංදුව බිංදුව එකතුවෙලානෙ මහ ගංගාවක් හැදෙන්නෙ.......

කොට මොඩල්.... ලග පිකප්....

2012-03-12

ඔබ ඔබේ ජීවිතයේ සාර්ථකත්වය මැනගැනීමට කැමතිද.... ? එහෙනම් මෙන්න...




වයස අවු 2 දී          -  ජීවිතයේ සාර්ථකත්වය යනු තනිවම  නැගී සිටීමයි

වයස අවු 4දී           - ජීවිතයේ සාර්ථකත්වය යනු  ඇදුමේ චූ නොකරගෙන  සිටීමයි

වයස අවු 5දී           - ජීවිතයේ සාර්ථකත්වය යනු ටොයිලට් යාමෙන් පසු තනිවම පුක සෝදා ගැනීමයි

වයස අවු 10 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනු තමාගේ වැඩ තනිවම කර ගැනීමයි

වයස අවු 12 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනු මිතුරන් සිටීමයි

වයස අවු 15 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනු සතුරන් ඇතිකර ගැනීමයි

වයස අවු 16 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනු ලවු කිරීමයි

වයස අවු 17 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනු කිස් කිරීමයි

වයස අවු 18දී         - ජීවිතයේ සාර්ථකත්වය යනු රියදුරු බලපත්‍රයක් තිබීමයි

වයස අවු 19 දී        -
ජීවිතයේ සාර්ථකත්වය යනු මිතුරන් සමග ආතල් ගැනීමයි

වයස අවු 20 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනු සෙක්ස් කිරීමයි

වයස අවු 25දී         -ජීවිතයේ සාර්ථකත්වය යනු රස්සාවක් තිබීම හා  මුදල් තිබීමයි

වයස අවු 28 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනුකසාද බැදීම හා   මුදල් තිබීමයි

වයස අවු 30 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනු ළමයෙක් සිටීම සහ මුදල් තිබීමයි

වයස අවු 35දී         - ජීවිතයේ සාර්ථකත්වය යනු ගෑණිගෙන් / මිණිහගෙන් ගුටි නොකා සිටීම සහ මුදල් තිබීමයි

වයස අවු 40දී         - ජීවිතයේ සාර්ථකත්වය යනුපවුලේ සමගිය සහ මුදල තිබීමයි

වයස අවු 45 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනුපවුලේ සමගිය සහ මුදල තිබීමයි

වයස අවු 50 දී        -ජීවිතයේ සාර්ථකත්වය යනුපවුලේ සමගිය සහ මුදල තිබීමයි

වයස අවු 55 දී        -ජීවිතයේ සාර්ථකත්වය යනුරස්සාවක් තිබීම හා  මුදල් තිබීමයි

වයස අවු  60 දී       - ජීවිතයේ සාර්ථකත්වය යනු සෙකස් කිරීමයි

වයස අවු 63 දී         -
ජීවිතයේ සාර්ථකත්වය යනු මිතුරන් සමග එක් වී ආතල් ගැනීමයි...

වයස අවු 65 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනුරියදුරු බලපත්‍රයක් තිබීමයි

වයස අවු 70 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනු කිස් කිරීමයි

වයස අවු  72 දී       - ජීවිතයේ සාර්ථකත්වය යනු ලවු කිරීමයි

වයස අවු  75 දී       - ජීවිතයේ සාර්ථකත්වය යනු සතුරන් ඇතිකර ගැනීමයි

වයස අවු   78 දී      - ජීවිතයේ සාර්ථකත්වය යනු මිතුරන් සිටීමයි

වයස අවු  80 දී       - ජීවිතයේ සාර්ථකත්වය යනු තමාගේ වැඩ තමාම  කර ගැනීමයි

වයස අවු 85දී         -   ජීවිතයේ සාර්ථකත්වය යනුටොයිලට් යාමෙන් පසු තනිවම පුක සෝදා ගැනීමයි

වයස අවු  88 දී       - ජීවිතයේ සාර්ථකත්වය යනු ඇදන් සිටින ඇදුමේ චූ නොකර ගැනීමයි

වයස අවු 90 දී        -   ජීවිතයේ සාර්ථකත්වය යනු තනිවම  නැගී සිටීමයි


෴ ප්‍රොෆෙසර්  - පොඩි the ?  මෑන්.... ෴






2012-03-09

ගාල්ල නගරයේ සැරි සැරූ හොට් ඇන්ඩ් සෙක්සි කෙල්ලෝ සහ උන්ගෙ කොල්ලෝ පින්තූර සහිතයි (බිග්මැච් ආතල් කතා 5 )


වැඩියෙ කියන්න දෙයක් නෑ...  බිග් මැච් ආතල් කතා සීරියස් එකේ බිග් මැච් පෙරඩ් එක ගැනත් ලියල තියෙනවනෙ.... කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් කියවන්න




බිග් මැච ආතල් කතා 1 -  ගාල්ලට ඉහල අහසේදී අපේ පුකවල් ලෙලිගිහිපු හැටි....


බිග් මැච ආතල් කතා 2-  පාසල් පෙම්වතා තම පෙම්වතියට තෑගි දීමට මිතුරන් සමග කුක්කු හැට්ටයක් තේරූ හැටි


බිග් මැච ආතල් කතා 3 -පාරදිගේ පෙරලී ගිය ලොකු කුක්කු පොඩි උන හැටි - බීමත් යක්ෂයෙන්ක්ගෙන් තරුණියකට අතවර


බිග් මැච් ආතල් කතා 4 හිමිවුනෙ පුකට අපෙ දුකමය බිග් මැච් කාලේ



ඒක නිසා පෙරඩ් එක ගැන වැඩි දෙයක් කියන්නෙ නෑ... ඊයෙ.. ඒ කියන්නෙ 2012- මාර්තු -08 වෙනිද  තමයි මේ වුරුද්දෙ පෙරඩ් එක....



අද ෆොටෝ බලනකොට තමයි විලිලැජ්ජ බර හැදෙන්නෙ....


ෆොටෝ ටිකකුයි කැත වීඩියෝ ටිකකුයි තියෙනවා...    පොඩි උන් බලල නරක් උනා කියන්න එපා... ඔන්න...
























අර ඔබා මාම අනුගමනය කරපු ක්‍රියා පටිපාටිය  තමයි මේ... පොඩි උන් උන් ඉන්නවන තාම යන්න පුලුවන්...





මොකද හොදම  සහ කැතම  ටික  ඊලගට














































































2012-03-08

හිමි වුනෙ පුකට අපෙ දුකමය බිග් මැච් කාලේ .... ( බිග් මැච ආතල් කතා 4 )



බිග් මැච ආතල් කතා මුලින් ඒව කියෙවුවෙ  නැති අයටයි මේ.....  ඒව කියෙවුවෙ නෑ කියල මේ කතාවෙ රසවින්දනයට එච්චර බාදාවක් වෙන එකක නෑ...

ඒත් පුකවල් ලෙලි ගිහිපු හැටිනං කියවන්න වෙයි...


බිග් මැච ආතල් කතා 1 -  ගාල්ලට ඉහල අහසේදී අපේ පුකවල් ලෙලිගිහිපු හැටි....

බිග් මැච ආතල් කතා 2-  පාසල් පෙම්වතා තම පෙම්වතියට තෑගි දීමට මිතුරන් සමග කුක්කු හැට්ටයක් තේරූ හැටි
බිග් මැච ආතල් කතා 3 -පාරදිගේ පෙරලී ගිය ලොකු කුක්කු පොඩි උන හැටි - බීමත් යක්ෂයෙන්ක්ගෙන් තරුණියකට අතවර

 
බිග් මැච්  කාලෙ පට්ට ආතල් වගේම පට්ට කට්ටක් කන්න වෙන කාලයක්... ඒ කට්ට වැඩි හරියක් කන්න වෙන්නෙ ස්කෝල දේකේම ප්‍රිෆෙක්ලට තමයි... අනිත් ටික ටෙන්ට් කමිටියේ උන්ට...


හැබැයි ඔය  වැඩි හරියක් කට්ට කෑවෙ  ඉල්ලගෙන අතින් දාගනිපු රාජකාරි නිසාමයි... ඒකෙ ප්‍රධාන වැඩේ කොඩි දාන එක.... ඒකට ස්කෝලෙන් කිසිම සපෝට් එකක ලැබෙන වැඩක් නෙවෙයි....

ස්කෝලෙ සමහර සර්ලම  අපේ මූනටම කිවුවෙ උඹලට තියෙන පුකේ අමාරුව කියලයි.....

සමහර විට අපිට ඒ පුකේ අමරුව එන්න ඇත්තෙ අපි වදපු අම්මට වගේම අපි හදපු අම්මටත් ඇත්තටම ගොඩක් ආදරේ කරපු නිසා....

බෙල්ල කඩාගෙන තුවාල කරගෙන කොඩි දාපු එක... තමන්ගෙ ස්කෝලෙට මොනවහරි කියනවනම් උන් එක්ක මරාගනිපු එක... බිග් මැච් එක වෙලාවෙදි උගුර ලේ රහ වෙනකන් තමන්ගෙ ස්කෝලෙ නම කියල කොල්ලො ටික කෑගහන් එක...  පඩියට උගන්නන ඒ ගුරුවරුන්ට තේරෙන්නෙ නැතුව ඇති...

ඇත්තටම අපිට ලොකු පුකේ අමාරුවක් තිබුනා... ඒකට කොල්ලො කිවුවෙ "ඉස්ස පුකේ" කියලයි.... හැබැයි ඒ පුකේ ඉදපු ඉස්සට අපි පට්ටෙට ආස කරා...

හැබැයි ඔය පුකේ ඉදපු ඉස්ස නිසාම  අමාරුවේ වැටිල දුක් විදින්න උනේ අපේ පුකවල් වලටමයි...

ගාල්ලට ඉහලින් අහසෙදි අපේ පුකවල් ලෙලි ගියාට පස්සෙ  දවස් දෙක තුනක් යනකං විදපු දුකනං ආයෙ කියල වැඩක නෑ... උදේට ස්කෝලෙ යන්න ජොකා අදිනව කියන එක තරං එපා කරපු වැඩක් තිබුනෙ නෑ ඒ දවස්වල...

 අමාරුවෙන් බකල් ගගහ  ජොකා ඇඳගෙන ඇවිත් ස්කෝලෙදි ගලවල දානවා...  ඊට පස්සෙ ඉන්නෙ සිවිල් පිට... ඒ දවස්වලට වැරදිලාවත් ප්‍රයිමරියෙ පැත්තෙ යන්නෙ නැතුව ඉන්න අපි සෙට් එකම වග බලාගත්තා.... ඒ මොකද කියනවනං අපේ මංනංකල්පිත රාජ්ජ වල අග රැජිනියො වෙලා  ඉදපු ඔය එකවසර දෙකවසර බබාල ගෙනියන්න එන ඇන්ටිල දැක්කොත් බාලදක්ෂ ජම්බෝරියක් වගේ ටෙන්ට් ගහල තියේවි හතර වටේටම...

ඉතිං ඔය පුකවල් ලෙලි ගිහින් දවස් දෙක තුනක් ගතවෙලා අබාද තත්වයන්ට පත්වෙලා තිබුන පුකවල් යතා තත්වෙට පත්වෙනකොට තමයි වෙරිම වෙරි බෑඩ් නිවුස් එකෙක් ආවෙ...

"අඩෝ අරුන් ලිහිනි ගලේ කොඩිය දාලා..... "

ලිහිණී ගලේ කොඩිය දානව කියන්නෙ ගාල්ලෙ වෙරලෙ ඉඳල  කිලෝ මිටරයක් විතර දුරින් මුහුද මැද තියෙන  ගලකටයි... තල් ගහේ කොඩිය දානව වගේම  ලිහිණීගලෙත් කොඩි දාන එකත් සම්ප්‍රධායක්...

හැබැයි ඕකට යන්නෙ බෝට්ටුවකින් නං නෙවෙයි...
 
උනගස් ලණු අරන්  යනවනං ඉතිං ඒ සයිස් එකට  ලොකු බෝට්ටුවක් වෙන්න ඕනෙ... අපිට කොයින්ද බෝට්ටු.. බෝට්ටුවක් තිබුනත්   සම්ප්‍රධාය තමයි ගලට පීනල ගිහින් කොඩිය දාන එක..

මේ වැඩේට ස්කෝල දෙකේම පිහිනුම් කන්ඩායම් දෙකේ ෆුල් සපෝට් එක ලැබෙනවා...

අපිට කලිං ඔය පිස්සලගෙ ස්කෝලෙ කොඩිය දාල කියල  බෑඩ් නිවුස් එක අපිට ආවාම අපි වහාම ක්‍රියාත්මක වන පරිදි හවසම කොඩිය දාන්න තීරණය කරා...

සාමාන්‍යෙන් මුහුද හයිය නැති ( මුහුද සැර වෙනවට කියන්නෙ මුහුද හයිය වෙනව කියලයි ) උදේ වෙලාවෙ තමයි කොඩිය දාන්නෙ...   දවල්ටනං අවුවෙ ඔය දුර පීනනව කියන්නෙ ඉතිං එපාවෙන වැඩක්...අනිත් එක දවල්ට ගල රත්වෙනව...  ඉතිං වතුර වැඩි උනත් .. මුහුද හයිය උනත් හවසම කොඩිය දන්න කට්ටිය සෙට් උනා....



කොළඹ මාතර පාරෙ ගාල්ල පහු කර ගමන්  සී රෝඩ් එකේ යනකොට මුහුද පැත්ත බැලුවොත්  ෆොටෝ එකේ තියෙන විදියට  මුහුද මැද ලිහිණිගලේ තියෙන  ස්කෝල දෙකේම කොඩි බලාගන්න පුලුවන් මේ දවස්වල....




සීරෝඩ් එකේ ඉදල ගලට දුර එච්චර නෑ  කියල පෙනුනත්   ඒ පැත්තෙ ඉදල පීන්න බැරි හේතු දෙකක් තිබුනා... එකක් ඒ පැත්තෙන් තිබුන මාරාන්තික දිය වැල... අනිත් එක තමයි බෝට්ටුවලින් ඇවිත්  දැල් ගහල තියෙනෙ කොහේද කියල හොයාගන්න බැරි කම...

වෙරලට පොඩ්ඩ දුරයි...

උනගසුත් අරන් පීනගෙන යනකොට ඔය දෙකෙන් මොන එකට අහු උනත් ඉතිං බඩුම තමයි...

ඒක නිසා ස්කෝල දෙකේම උන් පීනල ගියේ ගාල්ල පරණ ජැටියෙ ඉදලයි.... ඒ පැත්තෙන් මම හිතන්නෙ කිලෝ මීටරයකට වැඩියි...

අපේ සෙට් එකේ තුන් දෙනෙකුයි සීනියර් කෙනෙකුයි ස්විමින්ග් කල්බ් එකේ තුන් දෙනෙකුයි එක්ක අපි හවස වැඩේට බැස්සා....

අර පුකේ ඉදපු ඉස්ස නිසාම අපිට අපේ පුකවල් වල අමාරු ඒ වෙනකොට අමතක වෙලයි තිබුනෙ...

ඒක  මතක උනේ ඇඳුම් ටික ගලවල දාල මුහුදට පැන්න වෙලාවෙ ලෙලිගිහිපු තැන් වල ලුණූවතුර ගෑවෙද්දියි....

තල්ගහේ නැගල පුක ලෙලියවාගනිපු දෙන්නෙක් විතරයි හැබැයි එතන ඉදියෙ...

වතුරට පැනපු ගමන්  අපි දෙන්නට  ඒක කොච්චර ඉෆෙක්ට් උනාද කියනවනම් විනාඩියක් විතර යනකන් මූණු ඇබුල් කරගෙන වතුරෙදිම පුකවල් අල්ලගෙන මූන ට මූන බලාගෙන ඉදියෙ අනිත් උන මේ මොකද උනේ කියල බලාගෙන ඉදිද්දියි....

උණ ගස්, නූල්, කම්බි, ලණූ ,අරගෙන ලිහිණිගලටම පීනල ඉවර උනාට පස්සෙ තමයි අනිත් අමාරුව...

ගල පුරාමා කාවාඩි.. කාවාඩි කියන්නෙ මුහුදෙ ගල් වල ඇලිල ඉන්න බෙල්ලො විශේෂයක්... ගෑවුන තැන කැපෙනවා...  බොහොම පරිස්සමෙන් තමයි වැඩ කරන්න ඕනෙ...  ඔය ගිහින් එන ගමනෙ තුවාලයක් දෙකෙක් නැති වෙනවනම් ඉතිං ඒක ඉතාම කලාතුරකින් වෙච්ච දෙයක්...

ලුණූවතුර ගෑවිල හරි සනීප දැනෙන පුක කාවාඩි ගොඩේ ගලේ තියනකොට හොදි ඕන්නෑ සනීපෙ...... ඒ සියලු අමාරුකන් අමතක කරලා අපි කොඩිය ගලේ හිටවන මිෂන් එක ක්‍රියාත්මක කරා...

ලිහිණී ගල කිවුවට ඒක ගල්  දෙකක්  එකතුවෙච්ච ගල් පරයක්... ගොඩට පේන්නෙ පුංචි ගලක් වගේ උනාට සාමාන්‍යෙන් ඒක ලොකු සයිස් පරයක්.. ... ඒකෙ මැද ගල් දෙක එක්තුවෙච්ච තැන පැල්මෙ තමයි උණ ගහ හිටවල කොඩිය දාන්නෙ...  ඒ කාලෙමෙ තිබුන අපේ එකෙක්ගෙ අක්ක කෙනෙක්ගෙ වෙඩින් එකකදි උගෙන් තව එකෙක්  අක්ක හනිමුන් එකට කොහේද යන්න කියල අහන එකට ඇහුවෙ " අක්ක  ලිහිණි ගලේ කොඩිය දාන්න කොහේද යන්නෙ කියල යි...."


 එහෙම විතරක් දාල මදි ඉතිං... තුන් පැත්තට උණගහ උඩ ඉදං ලණූ අදින්නත් ඕනෙ... කොඩිය නොවැටී තියෙන්න...

කොඩිය මුදුනේ සිට මුහුද පතුලේ  ඇති කොකුවල  ගැටගසා ඇති ලණූ



ඒ ලනු ගැට ගැහුවෙ මුහුද යට කිමිදිලා ඒ ගලේ යට කවුදෝ අනාදිමත් කාලයක සිට විදල හයි කරල තියෙන්නෙ කොකු වලයි....

දිය යට කිමිදෙමින් කොඩිය මුදුනේ සිට ඇති ලණු ගැට ගසමින්


ඒ කොකු ඒ විදියට ගලේ හයි කරේ කවුද කියලනං අපි අද වෙනතුරු දන්නෙ නෑ

ෆුල් මිෂන් එකම නිමා කරලා ඒ විදියට ආයෙමත් අපිට ජැටියට සම්ප්‍රාප්ත වෙන්න පැයකට වඩා ගියේ නෑ...

ජයක්ග්‍රාහී ලෙස යලිත් ගොඩබිම කරා...


පැයකට වඩා ලුනුවතුරෙ තිබුණ පුකේ තුවාල රෝස පාට වෙලා තිබුනා...

ඒ තුවාල වල  ෆොටෝ තිබුනත් දාන්න බැරි තරම් අලංකාරයි....අසභ්‍යයි.... කුජීතයි....විලිලැජ්ජ බරයි..... !!!


                                                ෴෴෴෴



මේ අවුරුද්දෙ බිග් මැච් එකේ පෙරඩ් එක අද.... ....  මේ සැරේ කුක්කු හැට්ටයක් ආච්චිගෙන් ඉල්ල ගත්තා.... ආච්චිගෙ පරන එකක්ලු....

ඒකත් හෙන සයිස් ඕයි .....!!!