2011-10-06
සිප් රන් දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්
සාමලා අමරලා
කොයිද දැන් ගුරුතුමී...
පුංචි කලිසන් කොටය
නමුදු අමතක නැතී...
සොඳුරු සුදැදුරු නුඹට
නිබද අප ණයගැතී
වදිමි දෙපතුල් බැතින්
දරු කැලැත වැද වැටී...
අදත් ඉස්සර වගෙම
කලු ලෑලි පුරාවට,
ගයාවී වියැකෙමින්
හුනුකූරු ගීතයක්...
වේවැල් කසාය නුඹ
තිත්ත බව පෙන්වීය..
ගුණ ණැන බල පත අට
ගෙන එකට සිදවීය....
සුවහසක් කල් අපව
සිපි කිරෙන් නෑවීය...
ඒ කිරෙන් පෝෂිතව
නුබේ බල පෙන්වීය...
වන්දාමී වන්දාමී....
අප හැදූ මවුපියනි.......
ලෝක ගුරුදිනය වෙනුවෙන් සියලුම ගුරුවරුන්ට උපහාරයක් වේවා....... !!!
තියෙන ගොඩ
ගොතාපු ඒවා
Subscribe to:
Post Comments (Atom)
මටත් කියන්නට තියෙන්නේ එයමයි! ජීවිතයේ මා දුටු විශිඹ්ඨම මිනිසුන් මගේ ගුරුවරුන් ය! :)
ReplyDeleteහොඳ ගෝළයෙක්...
ReplyDeleteසාමලා අමරලා
ReplyDeleteකොයිද දැන් ගුරුතුමී...
පුංචි කලිසන් කොටය
නමුදු අමතක නැතී...
සොඳුරු සුදැදුරු නුඹට
නිබද අප ණයගැතී
වදිමි දෙපතුල් බැතින්
දරු කැලැත වැද වැටී...
අදත් ඉස්සර වගෙම
කලු ලෑලි පුරාවට,
ගයාවී වියැකෙමින්
හුනුකූරු ගීතයක්...
වේවැල් කසාය නුඹ
තිත්ත බව පෙන්වීය..
ගුණ ණැන බල පත අට
ගෙන එකට සිදවීය....
සුවහසක් කල් අපව
සිපි කිරෙන් නෑවීය...
ඒ කිරෙන් පෝෂිතව
නුබේ බල පෙන්වීය...
වන්දාමී වන්දාමී....
අප හැදූ මවුපියනි.......
really a nice one. good wrk.
ReplyDeleteතාම ඉස්කෝලේ යනවැයි?
ReplyDeleteහොඳ ලිපියක් . .
වන්දාමී වන්දාමී....
අප හැදූ මවුපියනි
කාලෙකට පස්සෙ කමෙන්ට් වලට රිප්ලයි කරන්න වෙලාවක් හොයාගත්තා..
ReplyDelete@ තනි අලියා :- ඔවු එහෙම කියන්න පුලුවන්...
@ මාතලන් : - හැක හැක .. එච්චර හොද නෑ...
@ බනී :- ෂා මාර ගති මචං....
@ charith's blog :- thanks machan
@ දුකා :- ස්කෝලෙට සමුදුන්නෙ 2008
ස්තූතියි ....
මුලින්ම අකුරු උගන්නපු ගුරුවරයගේ ඉදන් උගන්නපු හැම ගුරුවරයෙක්ටම අපි සදා ණයගැතියි...
ReplyDeleteමේ මගේ පලවෙනි කමෙන්ට් එක,වෙනදා ලියන ඒවට වඩා වෙනස් වගේම ලස්සනයි..අපේ ජීවිතේ අපට හම්බවෙන හැම ගුරුවරයෙක්ටම අපි නය ගැති වෙන්න ඕන....ගුරුවරයාගේ චරිතය කොහොම උනත්...කවදද මගදිගට ඊලග එක දාන්නේ ,කතාව නම් එලකිරි...මන් ආසාවෙන්ම කියවපු කතාවක්...
ReplyDeleteInformative article, just what I needed.
ReplyDeleteFeel free to surf my page - chelsea transfer news 2012