2015-11-25

සීයගෙ කතා


මගේ ජීවිතේ මම දැකපු පට්ටම පොර තමයි සීයා ...
දොං පැට්‍රික් හේවාවිතාරණ 


එහෙමත් නැත්තන් 

" පැටි මහත්තයා ... "


මේ පහුගිය සතියට සීය මැරිලා අවුරුදු අටක් වෙනවා ... 


අවුරුදු 91 ක් , සාමාන්යෙන් තුන්වෙනි සැරේ බඩුම තමයි කිවුවට ,
හාට් ඇටෑක් 5ක් හැදිලත් ... ;
දෙවැනි හාට් ඇටෑක් එකෙන් පස්සෙ ... 
"ජීවත් වෙන්න ආසනං තවත් සිකරට් බොන්න එපා .." කියල ; ඩොකා කිවුවහම,
,
"ඔවු මහත්තයො ... මට තියෙනවා , මූණුපුරාල ටිකකට මුන්ගෙ පරපුරේ ඉතිහාසය කියල දෙන්න "
කියල කිවුවත් ;
එදා පටන්, පුතාලාගේ අධිකරණේ,ඒක මතික තීරනෙන්.රැලේ පුට් සයිකලේ විකුණල දැම්මට පස්සෙත් ... කාටවත්ම නොකියා , කවුරු ගෙනල්ල දුන්නත් හරියන්නෙ නැති ... තමන්ම ගිහින් ගන්න ඕනෙ , සීකරට් බීම නවත්තන්න පුරුදුරුකරගත්ත 
රුපියලේ බන්ටි ටොපි ගේන්න මැරෙන්න දවස් දෙකකට කලිනුත් හැතැම්මක් එහා දහයෙ කණුවට පයින් ගිහින් ආපු ... 
දිනපතා ලංකදීපෙ, ලුහුඩු දැන්වීම් එක්කම අසවල් දින අසවල් තැන මුද්‍රණය කර බෙදා හරින ලදී වෙනකන් අකුරක් නෑරම කන්නාඩියක් නොදා කියවපු , 
කුඹුරු කෙටීම ,
පෙර පරිදිම ජීවත් වෙලා ඉන්න පුත්තු හතර දෙනාම ඒකමතිකව තීරණයෙන් තහනම් කරාට පස්සෙත් , උදැල්ලක් අරන් ගිහින් වත්තෙ පහල,පැය විසි හතරෙම උඩින් උතුරන ලිද
වටේ කාණු පාදපු , 
මැරෙනකං,
තමන්ගෙ දෙවනි කසාදෙ, තමන්ට වඩා අවුරුදු 16 බාල , සීය මැරිච්ච දවසෙනං ,මිනිය තියෙනකං,එකම වචනයක් , වතුර උගුරක් , අඩු ගානෙ එක කදුළක් 
නොවැටි,දවස් තුනක හොද සිහියෙන්,
කෙලින්,මිණිය දිහා බලාගෙන හිටියත් , ඊට පස්සෙ හැම අවුරුද්දකම , සීය මැරිච්ච දවසට
හැම පුතාටම හේතුවක් නැතුව කෝල් කරල අඩන ... පහුගිය 83 උපන්දිනේට,ගෙදර තනියම් සිල් ගත්ත , 
කොරඹුරුවාන හෙට්ටිගේ පේමවතී ... , එයාගෙ"පේම" එක්ක . තමං හදපු ගෙදර ජීවත් වෙච්ච සීයට ,,,
; මැරෙන මොහොත වෙනකං ඒ වැඩේ බැරි උනා ...
ඒත් ...
කවදාවත් කියපු වචනෙ වෙනස් නොකරපු සීයා ...;
මැරෙන්න පැය කීපෙකටකලින් ,
"දැන් ඉතිං අපි මැන්ටල්නෙ බොලවු ... කොච්චරවාත් හුජ්ජ බර ... , දැන් මේ සරීරෙ .. ඉන්දිරිය ඔක්කොම වැහැරිලා .... පාලනේ නැති වෙලා තියෙන්නෙ ... .. අවුරුදු 90ක් කියන්නෙ සෙල්ලන්ද ... , 
කිය කිය හැමදාම රෑට හතර පස් ගමනක් දොට්ට පිලට යය ගමනක්දි , ලිස්සල වැටිලා පැය 20 විතරක් ඇඳේ නැගිටගන්න බැරුව ඉඳල හැමෝම එලවල තනියම කාමරේ දොර වහගෙන මැරෙන්න පැය කීපයකට කලින් .. රෑ 9 විතර ... තමන්ගෙ අධිෂ්ඨානෙ ඉෂ්ඨ කරගන්න මූනුපුරාල කැදෙවුවා ...
පිලිවෙලට ... ,
ලොකු තාත්තගෙ පුතා ට පස්සෙ 
මම ,
මම ගිහින් ඇඳලග වාඩි උනා ...
"දන්නවද උබේ කිරිකිත්ත කවුද කියල ... "
" නෑ සීයේ .... "
" ඒකනෙ ... , දොං ඩේවිඩ් හේවාවිතාරණ , දන්නෙ නෑ .... ?? "
මම මුකුත් කිවුවෙ නෑ ... 
මම බලාගෙන හිටියෙ සීයගෙ මූණ දිහා ... මකරෙක් පච්ච කොටපු රැල් බේරෙන , ඒත් සිනිදු දර දඩු බාහුව මම ල්ලගෙන හිටියා ... 
කට පොඩ්ඩක් පැත්තට ගියාට ... කෙල බින්දුවක් බේරුනාට ... කියන වචන පැහැදිලියි ...
" පොතකුයි .. පැන්න්සලකුයි ගෙනෙන් .... "
මම පොතකුයි .. නැන්දගෙන් පෑනකුයි ඉල්ලගත්ත ...
ලියපං උබේ සම්පූරණ නම ... කොලේ පහලින්ම ....
මම ලිවුවා ....

ඊට උඩින් තාත්තගෙ නම ...;
මට පරපුරක් ඕනෙ උනේ නෑ ... මම හැමදාම ආදරේ කරපු ,
පුංචි කාලෙදි , උක්කුං මහත්තය මගේ පුතා කිවුවහම මම කොස්සෙන් ගහනකොට දොර මුල්ලෙ හැංගිලා ... 
" චූටි හාමිනේ ... මෙන්න මේකව ගනින් ... කියලා,කෑ ගහපු සීයා ...,

පස්සෙ පස්සෙ අපි තාත්තලගෙ මහ ගෙදර ගියාම වරු ගනන් ඉස්සර කතා කියපු සීයා ... 
මගේ වීරය වෙච්ච සීයා ... ,
පහනක තෙල් නැතුව නිවෙනව වගේ .. ටිකෙන් ටික් නිවෙන බව පේන නිසා මම හිටියෙ දරාගන්න බැරි දුකෙන් ...
මම ඉරක් ඇන්ද හෙමීට ...
"ඊලගට උබගෙ සීයා ... ; 
මම ,
ලියපං ... 
දොං පැට්‍රික් හේවාවිතාරණ ... "
මම තව ඉරක් ඇන්දා .....
"මගේ තාත්ත ... , උබේ මුත්ත ... 
දොන් ප්‍රැන්සිස් හේවාවිතාරණ ... "
ඉරක් ... ..........
"මගෙ සීය ... , උබෙ නත්තා ... 
දොන් බෙනඩික් හේවාවිතාරණ ... "
ඉරක් ... , කදුළු .....

"මොකද  උඹ අඩන්නෙ .... ? "
මගේ අස් දෙකෙන්  කදුලු  බේරිලා යනව ලයිට් එලියෙ මුවාවට පවා ඒ සියවසකට කිට්ටු  පරන  ඇස්  දැකල තුබුනා ...

"හෙග් හෙග් ... බය නොවී  හිටපං ... මම මැරෙන්නෙ නෑ .... "


එක දවසට අගල් ගානක ගිලුන වගේ පෙනුන ඇස් දෙක බාගෙට පිය උනාට .. බැල්ම තියුණුයි ...

" කෝ පෙන්නපං ලියපුව .... "
පොතේ තිබුනෙ ඉරි ටිකකුයි මගේ නමයි විතරයි ....
" පලයං යන්න .. මෙතනින් ... තොපිට කියල වැඩක් නෑ .... "

සීය  මාව  කමරෙන්  එලියට එලවගත්ත ... ඊට පස්සෙ බාප්පගෙ පුතා ...
ඌවත් වැඩි වෙලාවක් යන්න කලින්  එලවගත්ත  සීය එකෙක්ටවත්  කාමරේට එන්න එපා කිවුව ...

" මම දැන්ම  මැරෙන්නෙ නෑ ... මට පාඩුවේ  ඉන්න දීපල්ල ... "

කිසි කෙනෙක්ට කාමරේට එන්න දෙන්නෙ නැතුව දොර වහන්න අපට සිද්ද  උනා ...

අවුරුදු අනූවක් පරන කුරුං කුරුං සද්දයම් මැද්දෙන්  උස්ම ඇදපු ඒ යන්තරේ හෙමීට නවතිනව, කාමරේ එලියෙ ඉඳ අපි
අහගෙන  හිටියා ....

කියපු විදියටම පැටි මහත්තය මැරුනෙ නෑ ...

ගමේ මිනිස්සු වගේම මගේ ජීවිතෙත් හරි ඉහලින්  සීය ජීවත් වෙනවා තාමත් ........

9 comments:

  1. උඹේ කතාවේ මාත් ජීවත්වුණා..එච්චරයි.
    සීයාට නිවන් සුව..!

    ReplyDelete
  2. සීයගෙ විදිහට සීයට යන්න දුන්න එකම මැදැයි....
    සීයට නිවන්සුව..!
    ජයවේවා..!!

    ReplyDelete
  3. උඹ කියලා තියෙන කතා ටිකනං පට්ට..... සීයා තමන්ගේ ජීවිතේ පොර කරගත්තු චරිත දෙකක් මමත් දන්නවා....ඒක්කෙනෙක් නෝනගේ අයියා..... අත්තා කිව්වොත් අාය කිසි දෙයක් ඔ්න්නෑ.... අනිකා මගේ යාලුවෙක්.... උෟ තාම දවසට සිගරට් දහයක් විතර බොනවා.... කවදා හරි සීයා විදිහට කහින්න ඔ්නලු....

    ReplyDelete
  4. අධිෂ්ඨානශීලී පුරුෂයෙක්

    ReplyDelete
  5. මේක ඇත්ත කතාවක් නම්,
    සීයා පට්ට පොරක් නේ....
    අදහන්ට වටිනවා ඒ වගේ අය...
    අනේ මන්දා නිවන් සුව නම් දෙන්ටද නැද්ද කියලා හිතා ගන්ට අමාරුයි...

    ReplyDelete
  6. පට්ටයි මචං...
    උඹට මෙච්චර හොඳට ලියන්න හැකියාව තියාගෙන මේ වගේ බොක්කට වදින දේවල් අඩුවෙන් ලියන එක අපරාධයක්...

    ReplyDelete
    Replies
    1. වෙලාව තමයි පුටා ප්‍රස්නෙ

      Delete
  7. ඕසන් සීයෙක් නේ...

    ReplyDelete