2011-12-26

මීට වුරුදු හතකට කලින් නත්තලට පසුදා සිදු උන ..කාටවත් නොකිවු,,, තවත් එක් සත්‍ය කතාවක්....



දින  අමතක වීමේ පොඩි ලෙඩක් තිබුනත් නත්තලට පසු දා නිසා පොඩි මෑන්ට දිනය හොදටම මතකයි...... පහුගිය අවුරුදු හත පුරාවටම උදෑසන වගේ හිත පුරාම පෙරලිකරමින් තිබුන ඒ කාටවත් නොකී එක් සිදුවීමත් එක්කම අදත් උදේ පාන්දරම පොඩි මෑන්ට අවදි උනා... සාමන්‍යයෙන් අවදින වෙන වේලාවට වඩා පැය හතරක් පහක් කලින් උනත් පහුගිය අවුරුද්දෙ නත්තලට පසුදා එක්ක ගත්තාම ඒකෙ අමුත්තක් තිබුනෙ නෑ...... හිත ඒ විදියටම පොඩි වෙනස්ක්වත් නැතුව පොඩි මෑන්ට රිද්දන්න ගත්තා.. ...

හැමෝම දන්න සිද්දියක එක් අතුරු කතාවක  කවුරුවත් දන්නෙ නැති කොටසක් හැමදාම හිතේ හැංගිලා තිබුනා...  වෙනදාට ඒක හිතෙන් තියාගෙන විශේෂ හේතුවක් නැතිනම් වදින්න විතරක්  පෝයකටවත් පන්සලට නොයන පොඩි මෑන් වදින්න විතරක් අවුරුද්දෙ එකම එක දවසකට පන්සල් ගියානම් ඒ දෙසැම්බර් 26 වෙනිදා.... රෑට  නෙවෙයි උදේ.... දහයට විතර....

අරුදු හතක් පුරාවට හිතේ හැංගිලා තිබුන දේ  මේ විදියට එලියට දාන්න හිතුනෙ ඇයි කියලනම් හිතෙන්නෙ නෑ...  සමහර විට බ්ලොග් කෙරුවාවට ඇබ්බැහි වෙලා නිසා වෙන්න ඇති... කාටවත් කියන්න බැරි දේවල් එලියට දාන්න හොදම තැන මෙතන කියල හිතෙන නිසා වෙන්න ඇති....කොහොමින් කොහොම හරි බ්ලොග් එකේ පලවෙනි වතාවට කටින් නොකියවුන හිතේ ගැගිලා තිබුන දෙයක් එලියට එන්නයි මේ හදන්නෙ...

දිනය හරියටම මීට අවුරුදු හතකට කලින්...  අද වගේ දවසක්...
වෙලාව...  මේ සටහන ලියන්න ගනිපු වෙලාවමයි... උදේ 7ට විතර ඇති...
හැමෝටම මතක ඇති එදා පෝට දවසක්.....


ඒ වෙද්දි පොඩි මෑන් ස්කෝලෙ දහය වසරෙ ඉගන ගනිපු... ස්කෝලෙ උන්ට වඩා ගමේ ටියුෂන් පන්තියේ කොල්ලොත් එක්ක බොක්කෙන්ම ෆිට් එකේ ඉදපු බෙල්ල කැපුවත් හිතුන දේ කරණ මහ නාහෙටම අහන්නෙ නැති එකෙක්.... හැම පෝයදවසකම වගේ ඊට කලින් කතා කරගත්ත විදියට මූදෙ නාන්න යන්න පොඩි මෑන් ලේස්ති උනා... තමන්ගෙ වයසෙ  හැම එකෙක්ටම වඩා වගේම දන්න කියන ඕනෑම එකෙක්ගෙන් පොඩි මෑන්ට වඩා පීනන්න පුලුවන් උන් ඉඳියනම් ඒ පස් හය දෙනෙකුට වඩා නෑ....  උනුත් ස්කෝලෙ ලයිෆ් ස්විමින් එකේ අයියලා... කොච්චර පීනන්න පුලුවන් උනත් තනියම මූදේ නාන්න යන්න පොඩි මෑන්ට අවසර නෑ... අනිත් උන්ටත් එහෙමයි... ඒක නිසා  ස්විමින් ට්‍රන්ක් එකට උඩින් කලිසමක් දාගෙන පොඩි මෑණ් වෙන්ද වගේම ගෙදරින් පිටත් උනා...

අපි හැමදාම උදේට ගෙදරින් පිට උනේ මැච් එකක් විකුණලයි...  ඒ කියපු විදියටම උදේ  11 විතර වෙනකම් සෙල්ලම් කරපු අපි  අපේ නිල ප්‍රවාහන සහකරු වෙච්ච පුට් සයිකල් පිටේ දෙන්න තුන්දෙනා නැගලා උනවටුන වැලෙ දේවාලෙට එන එක පුරුද්දක්....  මූදෙ නාන්නටත් වඩා  ජංගි කෑලි ගහගනිපු සුද්දියො බලන්න...  පෝය දවසක්නම් අනිවා ජංගිවලට වඩා ලංකාවෙ වටෙනම  එක එක සයිස් එකේ ලෝකල් කෑලි බහින එක අපි අත්දැකීමෙන් දන්නවා... සුද්දියොන්ගෙ යන්තං අහවල් තැන් වැහිච්ච ජංගිකෑල්ලි එල්ල ගනිපු කැරපොතුපාට ඇඟ බලනවට වඩා තෙමිච්ච කලිසමක් අස්සෙන් යන්තං පේන අපේ පුරුදු ලංකාවෙ පාටට අපි ආස වෙව්ච්ච නිසා පෝය දවසට මූදෙ නෑමනං අත ඇරියෙම නෑ....

වෙනද සෙල්ලම් කරල දවල් වෙලා වැල්ලට ගිහින් හවස් වෙනකං ඉදියත් සෙල්ලං කරන්න තරම් කට්ටියක් එදා ඉදියෙ නෑ... 

" නත්තල් පාටිවලට ගිහින් කෙලල කෙලල නිදි ඇති තාම.... " 

හසරංගයා  එහෙම කිවුවෙ නමය විතර වෙනකනුත් පිට්ටනියෙ ඉදියෙ අපි හතර පස් දෙන් එක් නිසා....

" මේ මඟුල හරියන්නෙ නෑ  බං.. යමං අන්න අද වේලාසනම නාන්න... "

වෙන්න තියෙන දේවල් නවත්තන්න බැරි නිසා වෙන්න ඇති... එකෙක්වත් අකමැති උනේ නෑ... ඉම්බුව ඇර....

"මම එහෙනම් ගෙදර යනවා...."

ඌ කිවුවෙ ඌට පීනන්න බැරි නිසාමයි... පීනන්න බැරි නිසාම ඌ වතුරට බයයි... හදිස්සියෙන් හරි අපිත් එක්ක නාන්න ආවත් කවදාවත්ම ඌ ඉනෙන් උඩට වතුර එන්න ඈතට ආවෙ නෑ...

" මෙන්න මේ විකාර නැතුව යමං... මොකද උඹලගෙ කපපු තැනින් ඇතුලට වතුර යනවද... ?? "

හැමදාම ඔයවගේ වෙලාවට මුස්ලිම් ආගමිකයෙක් වෙච්ච ඌට කට කැඩිච්ච විහිලුවක් කරේ පොඩි මෑන්.. ඒක විහිලුවක් විදියටම බාරගන්න තරම් අනිත් එවුන්ට නොතිබුන හොද හිතක් ඌට තිබුනා... ඌ නෙවෙයි කිසිම දවසක වචනයක් කිවුවෙ...

"මේ එහෙනම් දෙවටෙට දාල යමං... තාම අම්මල ගෙදර ඇති.. දැක්කොත් ඔක්කොමලට සොරි තමයි..."

 ඉම්බුවා... පොඩි මෑන්ගෙ ඒ දවස්වල ඉදපු හොදම යාලුවා...යාලුකමට ආගම ප්‍රස්නයක් උනේ නෑ කවදාවත් අපිට...  මුස්ලීම් ආගමේ ඉගැන්වීම් වලට ඒකාලෙ ඉදලම තදින් විරුද්ධ උන පොඩිමෑන් ඉම්බුවත් එක්ක වාදකරගනිපු දවස් අනන්තයි...  ඒත් උන්ගෙ අවුරුදු කාලෙට හදන වටලප්පං අපි රස බලනකොට.. අපේ කැවුම් උන් රස බලනකොට ඒ වාද විවාද ගැන හිතේ කොනකවත් තිබුනෙ නෑ...  කොච්චර බැනගත්තත්... වලිය හැමදාම ඉවර කරේ ඉම්බුවා...  ඒ පරාජෙ හැමදාම ඌ බාර අරගෙන... උපතින්ම වැඩියෙ සද්ද නොදාන එකෙක් වෙච්ච ඉම්බුවට ඉදපු එකම යාලුවා පොඩි මෑන්... අනිත් උන් එක්ක කතා කරත් සෙල්ලම් කරත් ඊට එහාට උගේ වැඩි සම්බන්දයක් තිබුනෙ නෑ...

බයිසිකල් හතරක අපි අටදෙනෙක් දෙවටෙ හන්දියට එනකොට වෙලාව නමයයි කාලට කිට්ටු ඇති...  අකුරැස්සෙ පාරෙ ඉදල දෙවටෙ හන්දියෙන් මාතර  පාරට වැටිල වැල්ලෙ දේවාලෙට තිබුනෙ කිලෝමීටර් දෙකක විතර දුරක්... පුරුදු විදිඅම හංදියෙ අයිනෙ තියෙන පෙට්‍රෝල් ෂෙඩ් එක මැදින් දාල අපිට කලිං ආව බයිසිකල් දෙකම මාතර පැත්තට හැරෙවුවා...  ෂෙඩ් එක ඇතුලෙ තෙල් ගහන්න ත්‍රීවිල් පෝලිමේ නවත්තල තිබුන බයිසිකලෙන් බැහැපු අපි දෙන්න ශෙඩ් එක අයින දිගෙ බයිසිකලෙත් තල්ලු කරගෙන මාතර පාර ගාවට ආව විතරයි.... එහාපැත්තෙ පාර අයිනෙ තිබුන මාලු ලෑලි ගලවගෙන ආව වතුර පාරට අපේ දනහිස හරියට විතර වෙනකම් පාර වතුරෙන යටඋනා..  වෙන දෙයක් හීනෙන්වත් හිතාගන්න බැරුව එක එකාගෙ මූන බලනවත් එක්කම දෙවනි වතුර පාර ආවෙ අයිනෙ කඩවල වහලවලුත් ගලවගෙන...

අනිත් හැම එකාම කරනව වගේ පන බයේ අපිත් හිස හැරුන අත දිවුවා... අන්තිමට දුවල නැවතුනේ අකුරැස්ස පාරට හැරෙන තැනට ටිකක් මෙහාට වෙන්න තියෙන රේල් ගේට්ටුව ගාව... වතුර පාරත් එක්කම අඩිගුලක් වගේ ඇවිස්සුන දෙවටෙ හංදියේ ගෑනු මිනිස්සු ළමයි වාහන ඉවක් බවක් නැතුව එහේ මෙහේ ගියා... හූ සද්ද විලාප සද්ද එක්ක මිනිස් ජීවිත උදුරගන්න ආපු වතුරපාට ගෙවල් දොරවල්  කැඩිල  යන සද්දත් එක්ක එහේ මෙහේ යන වාහනත් තුන හතරක් එකට හැපුනෙ මහා සද්දෙට... ඒ එක්කම පාර හිර වෙලා නිසා වැදුන වාහනවල හෝන් සද්දවලින් මර බයේ ඉදපු මිනිස්සුන්ගෙ ඒ බය තවත් බය තවත් වැඩි උන බව දන්නෙ අත්දැකීමෙන්...

රේල් ගේට්ටුව ගාවට එනකනුත් දුවගෙන ආව අපි දෙන්නට ඊට එහාට යන්න විදියක් තිබුනෙ නෑ... වහන පවා පාරෙ අතාඑරලා දාල දුවන  මිනිස්සුන්ගෙනුයි වාහනවලිනුයි පාර වැහිලයි තිබුනෙ... ඒ වෙනකොටත් දනහිස හරියට ටික් උඩට වතුර පාඅර තිබුනා....

මරු විකාරෙන් ඔලුව පිස්සු වැටිල ඉදපු අපි දෙන්න ඊට පස්සෙ කරේ මුහුදට සමාන්තරව තියෙන රේල් පාර දිගේ දුවපු එකයි.... තප්පර දෙක් යන්න කලින්  රේල් පාර පැත්තක තිබුන පුංචි ලෑලි ගෙවල් ගලවගෙන ආව වතුර පාරට අපිට ඉස්සරහින් දුවපු මිනිස්සු අහුවෙලා ගහගෙන යද්දි දුවන එක නවත්තල ආපහු හැරෙන්න හැදුවත් අපිට අත් උනෙත් ඒ සෙතේමයි.... තප්පර ගානක් වතුරත් එක්ක පොර බදනවත් ඉම්බුව මගේ ඇගේ එල්ලෙන්වත් තාපයක් වගේ මොක හරි ගැට්ටක් අහුවෙනවත් මට යන්තමට මතකයි.... ඒ ගැට්ට දිගේ එල්ලිලා මම උඩට නගිද්දි ඉම්බුව ආයෙමත් මගේ ඇගේ එල්ලුනා...

උගේ වම් අත මගේ දකුනූ අතින් අල්ලගනිපු මම එල්ලිලා  තාප්පෙට බඩගාගත්තා...

" රිද්ම... අනේ බං   මාව බේරගනිං.... "

මගේ අතේ එල්ලුන ඉම්බුව එහෙම කිවුව මට මතකයි.... ඒත්  යක්ෂයෙක් වගේ  ආපි වතුර පාරට තාප්පෙ කඩාගෙනන  මාව අනිත් පැත්තට වැටෙද්දි කලුපාට මහා වතුර පාර ඇතුලට උඹ  ඇදිලා ගියා..... මගේ අත අල්ලන්න දික්කරපු අතත් ඒ විදියට  දික් කරගෙනම.....


ඒ මේ ලෝකෙ ඉන්න එකෙක් උඹව දැකපු අන්තිම වතාව....

උඹේ මිනියවත් හොයාගන්න පුලුවන් උනේ නෑ...

ගාල්ලෙ ගොඩගපු හැම මිනී ගොඩකම.. අන්තිමපාරට මගේ දිහා බලල ජීවිතේ ඉල්ලපු උබේ ඒ ඇස් දෙකත් එක්ක මූන මම උඹලගෙ තාත්තත් එක්ක දවස් ගානක් හෙවුවා.... ඒත්  උඹව ආයෙත් පාරක් දැකගන්න අපේ ඇස් පිං කරල නැතුව ඇති......

උඹ යන්න ගියා.. ආයෙ නොඑන්නම...  එකම එක පාරක් උබේ දිහා බලාගෙන අඩන්නවත්... අපිට ඉඩක් නොතියම.....


මාව බේරගනිං කියල මගෙන් ජීවිතේ ඉල්ලපු උඹට.... එක දසමයක උදවුවක් කරන්න අවුරුදු ගානක් උබේ හොදම යාලුව වෙලා ඉදපු එකාට බැරි උනා...... මගේ අතේ එල්ලිලා  " අනේ මාව බේරගනින් කියද්දි උඹව උඩට ඇදල ගන්න මට බැරි උනා....  උබේ ඇස් මගේ දිහා බලල ජීවිතේ ඉල්ලද්දි.... උඹට ඒක දෙන්න මට බැරි උනා මචං........



මට දහස් වතාවක් සමාවෙයන් ඉම්බු............!!!

සෙල්ලං කරන්නෙ නැතුව උඹ අපිත් එක්ක මූදෙ නාන්න ගියපු බව උඹලගෙ තාත්ත ඉස්සරහ මම අඩ අඩා කිවුවාම වෙනදට යකෙක් වගේඋඹට අල්ලං ගහපු උඹලගෙ තාත්ත මගෙත් බෙල්ල මිරිකල දාවි කියල මම හිතුවත්.. මාව තුරුල් කරගෙන පොඩි එකෙක් වගේ උඹලගෙ තාත්ත ඇඩුවා...  ඒ මූන බලාගෙන උඹ මගේ අතේ එල්ලිලා ජීවිතේ ඉල්ලපු බව මට කියාගන්න පුලුවන් කමක් නෑ ඉම්බු... තාත්තගෙ පීනන්න බැරි පුතාව බෑ කියද්දි මූදෙ නාන්න එක්කගෙන ආපු... පීනල කප් ගහපු මට ඒ පුතාව ගෙදර එක්කන් එන්න බැරි උනා කියල කටක් ඇරල කියන්න පුලුවන් උනේ නෑ බං....

ආයෙත් මට සමාවෙයං බං.... උබේ හොදම යාලුවට සමාවෙයං.....!!!

හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් මම දැං පංසල් යනවා... ගිහින් පහනක් පත්තු කරලා මගේ ආගමේ විදියට උඹට පිං දෙනවා... උබේ ආගමේ විදියට උඹ උබේ දෙවියො ගාව ඇති... මගේ ආගමේ විදියට මම උඹට නිවන් සුව පතන්නම්....

ඉම්බු උඹට නිවන් සුව.....!!!

ප. ලි

කමෙන්ට් එකක් දාන්න හිතෙනවනම් මම හැම කෙනාගෙන්ම එකක් ඉල්ලන්නම්...

ඒ කාලකන්නි  නමවත් කියන්න එපා..... .... ....

89 comments:

  1. අපි හැමෝගෙම ඇස්වල කදුළු මල්ලි !

    ReplyDelete
  2. ඇගේ මයිල් කෙලින් උණා.... එතනින් එහාට මොකුත් කියන්නෙ නෑ මම.... ඇගේ පිපිච්ච හිරිගඩු කමෙන්ට් එක ලියන මේ වෙලාවෙත් තියෙනවා...

    ReplyDelete
  3. හ්ම්ම්ම් මම දාන්න හිටිය කමෙන්ට් එක වෙනස් කළා අපෙත් නෑදෑවෙන පවුලක්ම ඔය කාලකන්නියා බිලි ගත්තා එක්කෙනෙක්ගෙ මිනියක්වත් අපිට හොයා ගන්න බැරි උනා :(

    ඔයාගෙ යාළුවට නිවන් සුව මල්ලි එයා කොහේ හරි ඉඳලා මේක බලාගෙන ඇති

    ReplyDelete
  4. ඔයා ලියල තියෙනා විදියටයි වැඩියත්ම දුක රිද්ම..... මටත් ඇඬුනා...

    යාලුවට නිවන් සුව ...!!!

    ReplyDelete
  5. ඔයාගේ යාළුවා ගැන හරිම දුකයි... පොඩි මැන් ගෙන් සංවේදි ලිපියක් දැක්ක පළවෙනි වතාව මේකද කොහේදෝ...ඒ වගේම ඔයාගේ ජිවිතේ බේරිලා තියෙන්නෙත් වාසනවාකට..ඒ කාලකණ්නියාව තව දුරටත් මෙලෙස දකින්න නොලැබේවා යි මගේ ප්‍රාර්ථනයයි..

    ReplyDelete
  6. ගොඩාක් දුක හිතෙන කතාවක් මචං.... මමත් ඒ දේවල් මගේ ඇස් දෙකෙන් දකින්න තරම් පව් කරලා තිබ්බා... සිය දහස් ගානක් අපේම එවුන්ගේ ජීවිත, එදා මහ අසාධාරන විදියට බිලි උනා මචං... උඹ වරදක් කරලා නෑ, යාලුවා වෙනුවෙන් කරන්න පුලුවන් හැමදෙයක්ම උඹ කලා...

    යාලුවට නිවන් සුව පතනවා මචං හදවතින්ම...

    ReplyDelete
  7. මං මාර පිනක් කරලා තිබ්බා.. දෙවට කිට්ටුව ඉදලත් වතුර නොදැක ඉන්නත්, ඔය එක මිනීයක් වත් නොදැක ඉන්නත්..

    මං ඊට එහා දෙයක් කියන්නැ..

    ReplyDelete
  8. මමත් ඔය අද්දැකීම ලබපු කෙනෙක් මල්ලි. අපි හැමෝගෙම ජීවිත වල ඔය වගේ අහිමිවීම් තියෙනවා...ඔයාගෙ යාලුවට නිවන් සුව ලැබෙන්න කියල පතන එක විතරයි අපි හැමෝටම දැන් කරන්න පුලුවන්. අපි ඒ යුතුකම ඉෂ්ඨ කරමු....

    ReplyDelete
  9. ඔයාගේ යාළුවා ගැන හරිම දුකයි... පොඩි මැන් ගෙන් සංවේදි ලිපියක් දැක්ක පළවෙනි වතාව මේකද කොහේදෝ...ඒ වගේම ඔයාගේ ජිවිතේ බේරිලා තියෙන්නෙත් වාසනවාකට..ඒ කාලකණ්නියාව තව දුරටත් මෙලෙස දකින්න නොලැබේවා යි මගේ ප්‍රාර්ථනයයි..

    ReplyDelete
  10. @ All :- හැමෝටම ස්තූතියි....

    @ අංජලී & චතුමිතු :- මොකෝ මේ ඩබල් ඇක්ටිං.... :)

    ReplyDelete
  11. එදත් අද වගේ හොදට පායපු දවසක්.ගාල්ලෙ උන් අද කාලගුණේ මොකක්ද කියල දන්නවනෙ.9.30න් පස්සෙ වෙච්ච දේ මම කියන්නෙනෑ.25 වෙනිද මම හිටියෙ මාතර,අපේ ක්‍රිස්තියානි නෑ කෙනෙකුගෙ ගෙදර,අපිට නත්තල්නම් නෑ ඒත් අපේ පුරුද්දක් තිබුන හැම නත්තලටම එහේ යන්න(2004 තමා අන්තිම වතාව )එදා මට මතකයි එහෙ න0ගි මාත් එක්ක සෙල්ලම් කරපු හැටි.අවුරුදු 4යි.පුදුම දගයක් තිබ්බ ළමයෙක්.බත් කෑවෙත් මගෙ උකුලෙ ඉදන්.එත්.....26....හ්ම්...මාරයියාගෙ පෝස්ට් එක දැකල හිනාව නවත්ත ගන්න බැරිව එතන පොඩි මෑන්ගෙ කමෙන්ට් එක දැකල මෙතන ආවම උනෙ ස්ක්‍රීන් එක නොපෙනෙන්න ඇස් කදුලින් වැහිච්ච් එක.අනේ මගෙ උකුලෙ ඉදන් බත් කාපු දරුවා,මම මළමිණියවත් දැක්කෙ නෑ.ඒ පවුලෙ 4 දෙනයි,26 පල්ලි ගිහින් තිබුනා.4 දෙනාගෙන් 1නයි ඉතුරු උනෙ,එයාගෙ අම්මා,එයාගෙ මහත්තයා,එයාගෙ දුව ඔක්කොම **** ගෙනිච්චා.නූතන පටාචාරාවක් තමා.

    (@පොඩි මෑන්-මාත් බොලැයි වයසෙ තමා,උඹලගෙ ආදරවන්තයෙක්.මට යන්තන් උඹව මතකයි )

    ~ආදී~

    ReplyDelete
  12. මොනව කියන්නද කියල හිතාගන්න බැහැ බන්...
    .හිතේ පතුළටම වඳිනව..ජීවිතේ සමහර දේවල් අපිට ආපහු හරවන්න පුලුවන්නම් කියල හිතෙන වාර අනන්තයි..ඒත් එහෙම කරන්න බැහැ...කැමතිවුනත්..අකමැතිවුනත් ..මිහිරි..අමිහිරි මතක ඔක්කොම කරතියාගෙන ජීවිතේ ගෙනියන්න සිද්දවෙනව...
    ...උබේ යාලුවට මමත් නිවන්සුව පතනව.....!!!

    ReplyDelete
  13. මට කියන්න කියලත් වැඩි දෙයක් නෑ...යාලුව බේරගන්න බැරි උන 1ට ඔයා වැරදි නෑ....මම කතෝලික..යාලුවගෙ ආත්මෙට සැනසීම ලැබේවා කියල පතනව...!!!!!!!!!!!!!

    ReplyDelete
  14. අපෙත් මහ ගෙදර අද හත් දෙනෙක් සමරල හත් අවුරුද්දෙ දානෙ. අපේ පරම්පරාව ඉවරවෙනකල් ඔය දුක අපි ගාවම තියෙයි!

    ReplyDelete
  15. මේකට බිලිවෙච්ච සමීපතමයෙක් නැති එකෙක් නැති තරම්.... මම ඊට පහුවදා ගාල්ලේ ගිහින් ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එකෙන් බැස්සම මට ඇඬුනා මචන්... හපුගල හිටපු එකෙක්ගේ මෝටර් සයිකලයක් අරන් මම මුළු ගාල්ල වටේම මගේ යාළුවෝ හෙව්වා... අදටත් මට හම්බ වෙච්ච නැති උන් ඉන්නවා මචන්.....

    ගාල්ලටසම්භන්ධයක් නැතත් උන් අපිට දීපු ලෙන්ගතුකම... ඒක මිල කරන්න බෑ මචන්....

    ReplyDelete
  16. ඈස් දෙකට කදුලු ආවා පොඩි මෑන්...

    ඉම්බුට නිවන් සුවයම පතමි..!

    ReplyDelete
  17. ඇස් කඳුලු වලින් පිරුනා..
    කතාව ලියපු ශෛලිය නිසා හිතේ දුක වැඩිවුනා....ඔයාගෙ යාලුවා ඒ ජීවිතේ පතාගෙන ආපු හැටි කියල හිතල හිත හදාගන්න බලමු....
    අපි හැමෝම ඔහුට නිවන් සුව පතමු..

    ReplyDelete
  18. උඹේ කතාව පුදුම විදිහට හිත පෑරුවා මචන්...

    ඒ දවස මහා කාලකන්නි දවසක් කියල තමයි කියන්න තියෙන්නේ

    ReplyDelete
  19. දැනෙන්න ලියලා.. උඹට කොච්චර දැනෙනව ඇතිද මචං..

    යාළුවට නිවන් සුව..

    ReplyDelete
  20. මටනම් කියන්න වචන එන්නෙත් නෑ... උබ මෙක දරගන්නෙ කොහොමඩ කියල මම දන්නෙ නෑ. එත් කියවපු මම නිකන් අත්‍රන්මන් වෙලා වගෙ ගිය ටික වෙලාවකට... යාලුවට නිවන්සුව පතනවා...

    ReplyDelete
  21. සෑහෙන්න දුක හිතෙනවා මට කියන්න වචන නෑ හැබැයි කදුළු නම් පිරිලා මේක ලිව්වේ පොඩි මෑන්මද කියලා හිතාගන්න බැරිවුනා ඒ තරම් සංවේදියි....යාළුවට නිවන් සුව පතනවා

    ReplyDelete
  22. හැම කෙනෙකුටම වගේ මේක කියෙව්ව මගෙත් ඇස් වලට කඳුලු ආව පොඩි මෑන්.
    යාලුවට නිවන් සුව පතමි.

    ReplyDelete
  23. මෙච්චර දවසක් පිස්සු විකාර කියලා අපිව හිනස්සලා අද අපිව ඇඩෙව්වා නේද??

    යාලුවා ගෙනාපු ආයුෂ ඉවර ඇති.ඔයා ඒකට මොනවා කරන්නද??
    ඉම්බුට නිවන් සුව.

    ReplyDelete
  24. කතාව අවසානයේ, දන්නා කියන කෙනෙක් නැති උනා වගෙයි දැනුනේ! යාලුවට වගේම, ඔයාටත් සැනසීමක් ලැබෙන්න කියලා පතනවා!!!

    ReplyDelete
  25. ..........................!

    ReplyDelete
  26. 'පොඩි මෑන්' ගෙ , හොඳම පෝස්ට් එකක්

    ReplyDelete
  27. ඇගේ හිරිගඩු පිපුනා මචං
    උබේ යාලුවට යාලුවට නිවන් සුව පතමි

    ReplyDelete
  28. mage es walath kandulu malli.imbuta niwan suwa!

    ReplyDelete
  29. ඉම්බු ට නිවන්සුව ලැබේවා !!!!

    ReplyDelete
  30. උඹ නියම යාළුවෙක් මචං. ඔය වගේම සිද්ධි සිය දහස් ගනනක් ඒ මූසල දවසෙ සිද්ධ වුනා. සමහර අය ඒකෙන් වාසි ගත්තා. ඒත් උඹ හැම අවුරුද්දකම යාළුවා වෙනුවෙන් පින් දෙනවා. උඹේ යාළුවා උඹ එක්ක තරහා නෑ කියලා මට හිතෙනවා. ඒකතමයි යාළුකම මචං....

    ReplyDelete
  31. ඉම්බුට නිවන් සුව පතනවා!!!

    ReplyDelete
  32. අහා එක ගනන් ගන්න එපා.. :) එ අපේ අක්කිගේ එකවුන්ට් එක ..අක්කි මගේ ලැප් එකෙන් එයාගේ එකවුන්ට් එකට ලොග් වෙලා..සයින් අවුට් වෙලා නෑ.. මම දන්නේ නෑ නේ ඉතින්..හික්ස්..ගනන් ගන්න එපා පෙර වු විප්ලව වෙන්න එයාට මොලේ අමාරුවක් නෑ.. මට තිබුනොත් මිසක්..:D :D

    ReplyDelete
  33. Pradeep කියපු එකම මමත් කියනවා....

    ReplyDelete
  34. @ ආදී :- අප්පට සිරි එහෙමද... කවුද දන්නෙ.... :) වෙලාවක සෙට් වෙමුකො...

    ReplyDelete
  35. @ All :- හිනායන දේවල් කිවුවත් ලිවුවත් හැමදාම හිතේ හිරවෙලා තිබුන දෙයක් ඕක.. කාලයත් එක්ක අමතක වෙලා ගියා තමයි..දුක අඩුවෙලා ගියා තතායි... ඒත් දෙසැම්බර් 26 වෙනිදට ආයෙ උන දවස වගේම අහිතට දැනෙනවා...

    කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි....

    ReplyDelete
  36. අවුරුදු හතක් තිස්සෙ අඬපු කඳුලු ඇති මුහුදක් පිරෙන්න ! ඔයිටත් වඩා ළඟින් ඉඳපු, සෙනෙහස පාපු අය අතින් මිදිලා යද්දි, කෑ ගහලා අඬන්නවත් බැරි තරමට අසරණ කරපු රළත් එක්ක මම තවමත් තරහ්යි. සදාකාලිකව වෛර කරනවා !

    ReplyDelete
  37. ______ ගන ලියවෙච්ච ___________ වචනය එකතනකවත් ගෑවිච්ච නැති පෝට් එකක්. විශිෂ්ඨයි පොඩි මෑන් ඔබේ ලිවීමේ හැකියාව.
    ලියපු ශෛලිය නැතිනම් මේකත් එක කතාවක් විතරක් වෙන්න තිබුනා.
    මගේ ඇහැටත් කදුලු ආවා.

    විජිත පතිරණ

    ReplyDelete
  38. මිතුරාට නිවන් සුව පතමි

    ReplyDelete
  39. යාළුවා හොඳ තැනක ඇති...හිත හදාගනින් පොඩි මෑන්....අපි කාටත් ඔයදේ වෙනවා...දවසයි, වෙලාවයි තැනයි තමයි දන්නැත්තේ...

    ReplyDelete
  40. පොඩි මෑන් ලියපු 2, 3ක් මම කළින් කියවල තිබ්බට, මේක තමයි දාන පළමුවෙනි කොමන්ට් එක. ඒ, මේක කියවනකොට මටත් ඒ සිදුවීම නිසා නැති වුන යාලුවෙක් මතක් වෙලා. යාලුවෙක් කිව්වට, ඌ තමයි ඒ ජාතියෙ මට හම්බ වෙච්ච හොඳම යාලුවා. අර කෝච්චියෙ ගිහින් තමයි එයාලා නැති වුනේ.

    බොහොම සංවේදී අත්දැකීමක් සහ ලිපියක්.

    ReplyDelete
  41. ඔය ඇද්දැක්කිමට මමත් මුණ දුන්නා..උනේ මෙහෙමයි අපෙ තාත්තා පොඩි ගමනක් ගියා වෙනද වගේ උදේ රෙඩියො එක අහගෙන හිටපු මට අහන්න ලැබුනේ "අමුතුම කතාවක් මුහුද ගොඩ ගලනවා"...එතකොටම අපෙ 4න් එක රින් වෙන්න ගත්තා තාත්තා..පුතේ පාන.... වතුර බලගෙන ඉන්නකොට හිදුනා මම දැන් ගෙදර එනවා..ලෑස්තිවෙලා ඉන්න බලන්න යන්න...නොදැනුවත් කම නිසා ශොටක් දාගත්තු මම මගට ගියේ මේ මොකක්ද මේ වින්නැහිය කියල හිතා ගන්න බැරුව..විනාඩි 10 යන්න කලින් ආපු තාත්තත් එක්ක බයික් එකේ ඊලඟ විනාඩි ඵෙදි මුහුදටත් ගියා යනකොට මීරට් 100 විතර මුහුද හිදිල තිබුනා කවදා කාපු ටකරන්ද කියල මමයි තාත්තයි කනදාවත් නොගිය තරම් දුර ඇවිද ගෙන ගියා මුහුදේ ඔය අතරේ සමහරු කකුළුවො අල්ලනවා ටික වෙලාවකින් හිතා ගන්න බැරි විදිහට අයෙත් හිදුන වතුර පිරෙන්න ගත්තා වතුර පාරත් එක්ක අයෙත් මුදුදේ රැල්ල ගහන මට්ටමට දුවපු අපි නැවතිලා බලගෙන හිටියේ මොකද වෙන්නේ කියලා එත් වෙනස්ක් තිබුනා වෙනදට රැල්ල ගහන හරිය පාස් කරන් වතුර උඩට ඇවිත් තිබුනා තවත් විනාඩියක් යන්න කලින් ආපු රැල්ල අපිවත් නාවගෙන දනිස්ස හරියට වතුරත් පුරවගෙන හිතා ගන්න බැරි තරම් දුරට ගියා කකුල් ගල් වෙලා වගේ එකම විලාපයයි ආපු බයික් දාල අපිත් දුවන්න ගත්තා....තාත්තා කො අෆොයි එයා වතුර පාරේ බයිකෙක හරවනවා කරන්න දෙයක් නෑ අයෙත් වපිටි පස්සටදුවන කොට වතුර දනිස්සෙන් ටිකක් උඩට තිබුනා පටස් ගාල හරො ගත්තු බයික් එක මගේ තල්ලුවත් එක්ක ගොඩට දාගන්න පුලුවන් වුනා අපි බයික් එකට නැගල යනවත් එක්කම ආපු දෙවනි රැල්ල වහලවල් උඩින් යනවා විතරයි දැක්කකේ..පාලමට උඩර ගියා.....රෙල් පාරේ සිල්බරන් කොට ඩො ඩො ගලා පලමේ වදිනවා..පාලම කැඩෙයි කියලා ගාලු පාරේ වාහන යන එක නැවැත්තුවා..කළුම කළු පාටට ආපු වතුර ඇල ඉවුරේ තිබුන ගෙවල් අරගෙනම ගලගෙන ගියා..හ්ම්ම්..අයෙත් නම් එ වගේ දෙයක් වෙන්න එපා මතක් වෙනකොටත් හිරිගඩු පිපෙනවා...

    ReplyDelete
  42. චේතනාවම කර්මය වේ.. උඹ යාළුවව බේරගන්න හිතපු මොහොතේම ඒක කරලා ඉවරයි.. යාළුව කවදාහරි උඹ ළඟට එයි.බ්ලොග් අවකාශයේ වනචරම කොල්ලෙක්ගේ ලෙයින් ඉපදිලා...

    ReplyDelete
  43. ගොඩක් දුක හිතුන පෝස්ට් එකක්. මටත් හිතෙන්නේ ලහිරුවා කියපු දේමයි.

    ReplyDelete
  44. අඩේ ඇඬුන බං..ඉම්බුවා ලබන ආත්මේදීත් උඹේම යාළුවා වෙලා ඉපදෙන්න කියලා පතනවා

    ReplyDelete
  45. හැමදාම මාව හිනස්සන පොඩි මැන් අද මාව ඇඬෙව්වා....

    ReplyDelete
  46. godak duka hituna ayye :'( as welin kandulu kate kadan watene eke nawathaganeme sahene welawak giya... imbute niwan suwa pathene gaman ae ayya api athare aye ipadila ayyage hode yaluwek wenne kiyala prarthana karanewa :)

    ReplyDelete
  47. මම මල්ලි උඹගේ පෝස්ට් හැමදාම බලනවා කමෙන්ට් කලේ නැති උනාට මේ පෝස්ට් එක දැක්කාම අහක බලාගෙන යන්න හිතුනෙ නැහැ, දුකයි .........

    ඉම්බුට නිවන් සුබ ලැබේවා .........

    ජාති ජාතිත් උඹේම යාලුවෙක් වෙලා ඉපදෙන්න වාසනාව ලැබේවා ....

    ReplyDelete
  48. දුක හිතෙනවා... :(

    ReplyDelete
  49. උබෙ කතාව ඇහුවම අද මම දාන්න හදපු පොස්ට් එක නොදාන්න තීරනය කලා. මොකද ඒක විනෝදාත්මක කතාවක්. ඒ කතාවටත් අදට හරියටම අවුරුදු 7යි.

    ReplyDelete
  50. මිතුරාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි..!!!

    ReplyDelete
  51. @ All :- කමෙන් කරපු හැමෝටම ස්තූතියි.... ඇත්ත... හිතවතෙක් දන්න කියන කෙනෙක් නෑදෑයැක් නැති නොවුන කෙනෙක් නැති තරම්....

    කවුරු ආවත් යන්න වෙනවා.. ඒක අනිවාර්යයි.. නමුතු ඉම්බුව ගිය විදියයි දුක... තාම ඇස් දෙක ඉස්ස්‍රහ මේ දැන් වගේ මට පේනවා... වුරුදු ගානක් මම ඔයට ටික මගේ යාලුවෙක්ටවත් නොකිය ඉදියා...

    ඒත් මේ කතාව කියල හැමෝම මේ විදියට දුක බෙදාගන්න එකතු උන වෙලාවෙ ඒ හිතේ බර ටිකක් අඩු උනා වගේ දැනෙනවා...

    හැමෝටම ආයෙමත් ගොඩක් ස්තූතියි....

    ReplyDelete
  52. mama ada ahamben ferst time meka beluwe....ekath mehema sad story 1k..monawa karannada machan...uba honda yaluwek...meka baladdi mata hithuna eththatama matath ubba wage yaluwek unnanam kiyala...kohoma unath kamak neha....IMBUWATA MAMA NIWAN SUWA PATHANAWA....

    ReplyDelete
  53. ඇස් වලට කඳුලු ආවා මචං. ඉම්බු අරගෙන ආපු ආයුෂ ඔච්චර විතරක් වෙන්න ඇති.

    නිවන් සුව පතනවා.....

    ReplyDelete
  54. ආදරයට මිත්‍රත්වයට ජාති ආගම් නෑ මචං! ප්‍රියයන්ගෙන් වෙන්වීම සැබැවින්ම දුකක්! මිතුරෙක් වෙන් වුනාම තියන දුක ගැනත් මං හොඳට දන්නවා...

    ReplyDelete
  55. විශිෂ්ට ලිපියක් මචන්. ඉම්බුට නිවන් සුව අත්වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  56. මච0, ඔය කිට්ටුවම තමයි සමනලයත් ඒ කාලේ පදි0චි වෙලා හිටියෙ..

    http://samanalpatiya.blogspot.com/2011/12/7.html

    අපි බලාගෙන ඉන්දැද්දි මිනිස්සු ගහගෙන ගියා මට අද වගේ මටහකයි. මමත් එක්ක එකට ක්ලාස් ගියපු යාලුවෙක් හිටියා අපේ ගෙවල් ගාව. මිනිහා මහින්දියන්. මම නමවත් දන්නෙ නෑ. එකට ක්ලාස් යන නිසා කතා බහ කරනවා. පස්සේ ආර0චි වුනා එයාගේ ගෙදර කවුරුවත් ඉතුරු වෙලා නෑ කියලා..

    ReplyDelete
  57. ජීවිතේ හැටි අනේ මන්දා...

    ReplyDelete
  58. මං බොහොම අමාරුවෙන් යටකරන් හිටපු දුකක් උඹ අයෙත් අලුත් කලා කොල්ලො.
    මගේ ජීවිතේ වෙලා හිටි කෙනාව ඕකා අරන් ගියෙත් ලයිට් හවුස් හෝටලේ ලඟදි.
    මටවත් කාටවත් එයාගේ මූණවත් බලාගන්න බැරි උනා. :( :( :(

    ReplyDelete
  59. ammata udu! machooo! mata mokuth kiyanna deyak na! :( bokkatama waduna!

    ReplyDelete
  60. ඊයේ ඇවිදින් මේ කතාව කියවලා ගියත් ඩේලි ඩිලයිට් එක අවසාන වෙච්ච නිසා මට කමෙන්ට් කරන්න බැරුව ගියා .

    මේ ලිපිය දැක්ක වෙලේ පටන්ම උඹ ලියාපු ලිපි සේරම මම මුල ඉඳන් කියෙවුවා සමහර ඒවා කුජීතයි .! සමහරක් ඒවා පුදුමයි ..

    උඹ ලියපු එවුවා අතරින් මගේ හිතට වැඩියෙන්ම දැනුනේ මේ ලිපිය .වෙන කියන්න දෙයක් නෑ මමත් ඉම්බුට නිවන් සුව අත් වෙන්ඩයි කියලා පතන්නම් ..!

    ReplyDelete
  61. ඇත්තටම කඳුලු ආවා අය්යේ....මට වෙන කියන්න දෙයක් හිතා ගන්න බෑ....:'(

    ReplyDelete
  62. අපි ත් හැමදාම බීච් එක පැත්තෙ සැට් වෙනකොට කස්ටියටම කියනවා කිණ්ඩියට වගේ සුනාමියක් ආවොත් යනවනම් කියල පලයන් මාත් එන්නම් කියලා.. ඇයි වදේ.. කරුමෙට හරි බේරුනොත් කටක් ඇරල කියන්නෙ කොහොමද අපි ශොට් එකක් දන්ට බීච් එකට ගියාය කියලා.. :D :D නැද්ද මං අහන්නේ...

    ReplyDelete
  63. සිරාවට සෙන්ටිමෙන්ටල් විදියට ලියල තියෙනවා.........
    ඇස්දෙක තෙත් වුනේ මටත් නොදැනිම......

    ReplyDelete
  64. අප්පට සිරි කාල කන්නි වචනෙ කිව්වෙ සුනාමි කියන එකටද...? මීටර් උනේ නෑ බං... සොරි හොදේ... හම්බේක් උනාට අවුලක් නෑ... උබට නිවන් සුව..

    ReplyDelete
  65. ඇත්තටම කඳුලු ආවා.... හිත පෑරුවා.......:'(

    ReplyDelete
  66. උඹගෙ යාලුවට නිවන්සුව මචන්. මමත් මගේ යාලුවො සෙට් එකටත් තව පොඩ්ඩෙන් බඩු බනිස් වෙනවා. ගෑනියෙක්ට වඩා රස්සාව ලොකු වෙලා මම 26 ට එලි වෙන්න කොළඹ ආව එකෙන් තමා මමත් මගේ යාලුවොනුත් බේරුනේ. නැත්නම් එදා රෑ තිස්සෙ බීල එලි වෙනකම් උනව‍ටුනෙ. අපි හිටිය තැන කෑලිත් හොයන්න තිබුනෙ නෑ පස්සෙ බලද්දි

    ReplyDelete
  67. කියන්න දෙයක් නෑ බන් ඇස් වල කඳුළු.... ඉම්බුට නිවන් සුව පතනව...!!!!

    ReplyDelete
  68. @ රංග :- පෝස්ට් එකක කියෙවුව වගේ මතකයි ඔය සීන් එක... :)

    ReplyDelete
  69. කමෙන්ට් ඒකට පරක්කු වෙච්ච එක ගැන දුකයි... මන් දන්නවා පොඩි ඔඅ මර බිය කොහොමද කියල.... අපි උනත් හිටියේ ඒ තරම්ම දුකෙන් මන් සති ගානක් බල කටක් කෑවේ නැහැ ඔයාගේ යාලුවට නිවන් සුව

    ReplyDelete
  70. මචං..අපිට ඒ දේවල් වලක්වන්න විදියක් නෑ.. අපේ ආගමේ විදියට ඒක දෙවියන්ගේ තීරණය.. කොහොම උනත් මගෙත් නෑදෑ හිත මිත්‍රයෝ ගොඩක් එකෙන් නැති වුණා.. ඒත් ඒ මතකයන් නම් තාමත් එහෙමමයි!

    ReplyDelete
  71. හිතේ හංගගෙන හිටිය කතාව ‍කියල මේ විදියට හරි හිත සැහැල්ලු කරගත්ත එක හොදයි මල්ලී. මාත් හිටියෙ මාතර ඒ වෙලාවෙ.ඒ ගැන මතක් කරන්නවත් කැමති නෑ මම නං.

    ReplyDelete
  72. පොඩි මෑන්ගෙ බ්ලොග් එකට අදයි මුලින්ම ආවෙ.පටන්ගන්නකොටම හරිම සංවේදී කතාවක් හම්බවුණේ.අපි දෙවියො නෙවෙයි නෙ බං.මනුස්සයොනෙ.අපි අසරණ වෙන වෙලාවල් එනවා.උඹ ඒ වෙලාවෙ උඹට පුලුවන් දේ පුලුවන් උපරිමයෙන් කලා...ඒ ගැන හිතලා හිත හදා ගනින්....ඉම්බුට නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං.

    ReplyDelete
  73. @ඇනෝ : මට මේ කතාව මතක් උනේ උඹේ කමෙන්ට් එක කියවලා.

    ඔය සිද්දියට පස්සෙ ගාල්ල පොලිස්සියට ගෙනත් ඉන්නවලු බේරිච්ච අය. මුලින් එක සෙට් එකයි. පස්සෙ එක සෙට් එකයි. පස්සෙ සෙට් එකේ ආපු කෙල්ලෙක් එක පාරටම කුඩේ දිග ඇරන් පලවෙනි සෙට් එකේ ආපු කොල්ලෙක්ට ගහන්න ගත්තලු. පස්සෙ බැලින්නම් මේකයි වෙලා තියෙන්නෙ. වතුර එන කොට මේ කපල් එක පාර්ක් එකේ ඉඳල තියෙන්නෙ. කොල්ලා කෙල්ලවා දාල දුවල. ඌ හිතලා නෑ කෙල්ල බේරෙයි කියලා.

    (ඇත්තටම සිද්ද වෙච්ච දෙයක්..)

    ReplyDelete
  74. ඔය කාලකන්නි සිදුවීම මතක් කරන්නත් මම ආස නෑ බන්. මමත්

    ReplyDelete
  75. ගාලෙ හිටියෙ එදා... පෝස්ට් එක කියවල ඉවර වෙද්දි ඇස් වල කඳුලු...

    ReplyDelete
  76. very sad to hear this story.....
    I will pray 4 u & ur friend!
    ===Adrian==

    ReplyDelete
  77. very sad to hear this story.....
    I will pray 4 u & ur friend!
    ===Adrian==

    ReplyDelete
  78. මම මේ බ්ලොග් එකේ දාන පලවෙන් කමෙන්ට් එක
    මගේ ඇස් වල කඳුලු පිරුනා මේ කතාව දැකලා,
    ඉම්බුවා,ඔබට අපේ ආගමේ හැටියට නිවන් සුව!!

    ReplyDelete
  79. දුකයි ගොඩක් දුකයි..... ජීවිතේ හැමදාමත් අපි ආසා කරන, කැමති දෙවල්, අපි ළඟ රැඳෙන්නෙ නැහැ.... කොහොම හරි අපෙන් ගිලිහෙනවා....,
    ඉම්ඹුත් ඔයගෙන් ගිලිහුණු තවත් වස්තුවක්......
    ඉම්ඹුට නිවන් සුව!!!


    ......Thilini Akka........

    ReplyDelete
  80. පොඩි එක්කෙනා කියපු මග විස්තර අනුව අපිත් ඉන්නේ ඔය දෙවට පැත්තේ තමයි, මුද අයිනේ,,, දෙවියන්ගේ පිහිටෙන් අපි එදා ගෙදර නොහිටියට අපි ගමනක් යද්දී හික්කඩුව හරියෙන් අහුවෙලා 99.99 න් තමයි ජිවිතේ බේර ගත්තේ .... මරණය කියන එක මොකක්ද කියලා , ඒ වගේම ජිවිත ආසාව කියන එකත් හොඳටම තේරුම් ගියේ එදා තමයි.. :'(
    අපේ ගෙවල් පැත්තේ හඳුනා ගත සහ නොගත් මළ සිරුරු 880 ක් පුංචිවත්ත පල්ලි ඉඩමේ මිහිදන් කරා.. සමහරවිට ඔය ඉම්බුත් එතන සමාදානෙන් සැතපෙනවා ඇති..
    may Allah grant ur friend heaven !! :'(

    ReplyDelete