2012-02-01
පංචාංග ලිතෙන් ඔප්පුවන ලංකාවෙ ලෙස්බියන් සීන්.,...
කොටස් වශයෙන් ලියන කතා දෙකක් යනවනෙ මේ දවස්වල බ්ලොග් එකේ... දැන් මේ එයින් එකක අන්තිම කොටස ලියන්න කියල වාඩි උනා විතරයි.. අපේ අම්මත් ඇවිත් මගේ ගාවින් වාඩිවෙලා අරක මේක කියන්න ගත්තා... ඔන්න ඔය සීන එක නිසා මම වැඩේ පොඩ්ඩකට නවත්තල සින්දුවක් දාගෙන අම්මත් එක්ක චැට් එකක දාගෙන හිටියෙ මගේ වැඩේ තනියෙන් කරන්න මම කැමති නිසා... අම්ම ගියාම ලියනව ... මම හිතුවෙ එහෙමයි...
ඒත් මෙන්න බොලේ එක පාරට මොකද්ද වැටුනා මගේ උරහිසට... මම උඩ විසිවෙලාගියා...බයවෙලා දඟලලා පුටුවෙන වැටෙන්නෙත් නැතුව අම්ම ඉස්සරහ සරම කඩාගන්නැත් නැතුව ලෝක මාරුවෙන් බේරුනා කියමුකො...
වැටිල තියෙන්නෙ හූනෙක්... නොදකි විතරක්...
හූනත් ඩිම් පුල් වෙලා වැටිච්ච පාරට එහෙමම ඉන්නව හෙලවෙන්නෙ නැතුව බිම...
ඌට ඕනෙවෙලාවක යන්න ඇරල මම ආයෙත් වාඩි උනා පුටුවෙ...
මෙන්න අම්ම කියනව හූනං ඇගවැටීමේ පලාපල බලන්නලු...... මොනවද තියෙන්නෙ කියල...
" ඔක වැටුන කියල මොකද්ද අම්මෙ වෙන්නෙ ...... ඇයි මූ සුර දූතයෙක්ද...... නැතිනං සාතන්ගෙ අවතාරෙද..."
මම කෑගහල නිකං ඉදියා...
" ඔය නිකන් තියෙන ලිතේ බලපංකො දරුවො..."
අම්මගෙන් බේරෙන්න බෑ....
" අම්මට ඕනෙනම් බලාගන්න.. මට වැඩක කරගන්න දීල... "
මම එහෙම කියල ආයෙත් මොනිටරේට මූන ඔබාගත්තා...
අම්මත් කාමරෙන් එලියට ගියා ආයෙ මොනවත් නොකියම.. ඔන්න දැන් මේක ලියල දාන්න පුලුවන්.. එහෙම හිතාගත්තට ආව මට පොඩි පහේ චූ බරක්... බරවල් තියාගෙන මේක ලියතෑකිද... ඕක දාල එන්න ඕනෙ...
මමත් ගියා බාත් රූම් එක පැත්තට...
මෙන්න මම යනකොට අම්ම කුස්සියේ බිත්තියේ අලවල තියෙන ලිත බලනවා... ....
මම එතනින් යනකොටම අම්ම හිනාවෙලා යන්න ගියා.. ... අම්ම මහ කින්ඩි හිනාවක් දාපු නිසා යනගමන පැත්තක තියල මමත් ඔන්න ඔහේ එබිල බැලුවා ලිතට...
හූනං ඇගවැටීපේ පලාපල...
නළල- තානාන්තර
හිස -කලහ
බැම- රජුන්ගේ බුහුමන්
මුහුණ - බන්දු දර්ශන
යකෝ හූනෙක් වැටෙන්න ඕනෙද අර අල්ලපු වැටේ ඉන්න හරක් බන්දුව දකින්න... දවසට දහ දොලොස් වතාවක් ඕකා බුලත් කහට දත්සැට් එක පෙන්නල විරිත්තනවනෙ... හූන කෙසේ වෙතත් ඕක රෑකට දැක්කොත් මහසෝනෙක් වගේ වෙයි...
මට ඒවයින් වැඩක් නෑනෙ.....කෝ මේ වම් උරහිස.... මම හොයාගෙන හොයාගෙන යනකොට මෙන්න තියෙනව බඩු...
යකෝ චූ බර වාස්ප උනා... ආව ආතල් එකට....
වම් උරය - ස්ත්‍රී සැප
ෆුල් ආතල්...
මට හිනා ගියා මහ හයියෙන්... අම්මත් මරුවෙලා ගියා යන්න....
ආයෙත් කාමරේට ඇවිත් ඇවිත් උන මට ආවෙ බ මට ආවෙ මාර ප්‍රස්නයක්...
ඔක්කොම දමලගහල මේක ලිවුවා ප්‍රස්නෙ නිරාකරණය කරගන්න...
දැන් මේකයි ප්‍රස්නෙ...
ඕකෙ පුරුසද ස්ත්‍රීද කියල නෑනෙ... එතකොට ස්ත්‍රී පරානෙක වම් උරහිසට හූනෙක් වැටුනත් ස්ත්‍රී සැපද... ??
ඔය පංචාග ලිත කියන්නෙ සෙල්ලම් පහේ බඩුවක්ද.. අවුරුදු නැකතෙ ඉදල අරකද මේකද හැම එකකම තියෙන්නෙ ඕකෙනෙ...ඒක නිසා වැඩේ ඇත්ත වෙන්න ඇති...
අනික ඉතිං හූන කිවුව වගේ කියන්න නිකන්යැයි... බලං ගියාම පංචාංග ලිතෙන් ඔප්පු වෙනවනෙ ලංකාවෙත් ලෙස්බියන් සීන් තියෙනව කියල...
ආයෙ හෝදන්න දෙයක් නෑ... හූන කිවුව වගේම තමයි....
ම්ම හිතන්නෙ කොල්ලොන්ගෙ වම් උරහිසට වැටෙන්නෙ නොකන හූනො වෙන්න ඇති... එතකොට කෙල්ලොන්ගෙ... ??
තියෙන ගොඩ
මට හිතෙන හැටි
Subscribe to:
Post Comments (Atom)
ලිතේ පුරුශසැප කියල එකක් එහෙම නෑනෙ?. එහෙනං බයවෙන්න දෙයක් නෑ
ReplyDeleteඑහෙනං ඉතිං අපේ උන් හූනො අල්ලගෙන ගිහින් කෙල්ලොන්ගෙ ඇගට විසි කරාවි
Deletematath ooka una bro.. mona hu**K wath une na :P
ReplyDeleteඒ කියපු එක හැර වෙන්ත් සැප තිබේ.... ;)
Deleteදැන් ඉතින්, ඕක මීට කලින් ලැබිල නැතෙයි ..? ස්ත්‍රි සැප ....
ReplyDeleteඕනෙ නැති ප්‍රස්න අහන්න එපා...
Deleteඅපි එනවනම් එන්නෙ එලිපිට හරි... හූනන්ගෙ වෙස් අරන් එන්නෙ නෑ... උඹට ඔය කියන සැප ලැබුනොත් කියපන්කො... ;)
ReplyDeleteඒකනෙ මම කිවුවෙ... හා මම කියන්නංකො...
Deleteඇයි වදේ හූනට ගෑණු පිරිමි අඳුනන්න පිලිවන්නෙව..... ඌ බලලා පනිනව ඇත්තෙ...
ReplyDeleteපනින හූනො ගැන නං මම අහල නෑ නොකන හූනොනං ඉන්නව...
Deleteමේ මචං.. චූ කරලා ඉදපං.. :D
ReplyDeleteඋබේ කමෙට් එක දැක්කාම දැම්ම ගිහින්...
Deleteඅපෙත් කුස්සියේ බිත්තියේ අලවල තියෙන්නේ "ලිත"
ReplyDeleteපට්ට චින්තනය බොල. ඇත්ත තමා... හූනෝ කේස් වලින් බ්ලොග් පිරෙයි වගේ. ලගදිත් හූනු කතාවක් බැලුව බ්ලොගක.
මාත් දාගන්ට ඕනේ අහවල් එකෙක් අහවල් තැනට !
අහවල් එකේ අහවල් එක තමයි තියෙන්නෙ... හරියට හරි
Deleteඉස්සර දවසක් මගේ උර හිසටත් හුනෙක් වැටුනා බං. අපරාදේ කියන්න බැ හිටපු එකිත් වෙන කෙනෙක් කසාද බදාගෙන ගියා. පරිස්සමින් හිටපන් කොලුවෝ.මේ කලියුග කාලේ ඔක්කොම වෙන්නේ අනිත් පැත්තට.
ReplyDeleteඋඹ දන්න බම්බුව... ගිහින්බලපං ලිත උබේ වැටිල තියෙන්නෙ අනිත් උරහිසට දකුණු උරහිසට... එතකොට තියෙන්නෙද
Deleteදීර්ගායු...
ඉතිං බොරුද... ???
එ මේ බිත්ත්යේ යන හුනො අරගෙන උරහිසේ තියා ගත්තොත් ඔක හරියනවද දන්නේ නෑනෙද...?
ReplyDeleteඑවුව්වනං දන්නෙ නෑ... :D :D
Deleteදැන් කස්ටිය හූනා වැටෙනකන් වම් උරහිස අල්ලන් ඉඳියි. ඔය හූනා ගැන කතා බෝහෝය. හුදී ජන පහන් සංවේගය උදෙසා මෙහි ලියනවාය.
ReplyDeleteහූනා නොකන්නේ රෑටය...
හූනත් මුත්තත් එක වගේය..
හූනාගේ නැත්තේ මයිල්ය...
නොකන හූනා කෙදිරිගායි...
Deleteහූනා චිකන කොට නරි කැලේ දුවයි
Deleteඇනෝ ++++ නරි කැලෙන් පිට පනියි කිවුවනං නේද හොද... ??
Deleteපිස්සු හැදෙන සීන් එකක් නේ..හිකිස්...//..
ReplyDeleteකොහොමත් ඔකේ මල කොමිටල් ඒවා ගොඩක් තියෙනවා..කිව්වත වගේ මේ රටේ හැම එකක්ම හදන්නේ ඕකෙන් නේද..අපේ රටට බඩුම තමා.
අන්න කොල්ල ආව තැනට..... :D :D
Deleteබිත්තියේ හූනෙක් ඉන්නවද කියලා බලන්ඩ ඕනා.
ReplyDeleteපුලුවන්නම් ඇගට දාගන්න
Deleteඅඩේ කොමෙන්ටුවක් දාන්න ඉස්සල්ලා විනාඩියක් ඉදපන් හූනෙක් හොයාගන්නකම්
ReplyDeleteහූන අහු උනාද...
Deleteඊයා මේකා කියුවොත් කියන්නේ මේ වගේ එකක් තමයි :/
ReplyDeleteවර්ඹගෙ ඇගටත් හූණො වැටිල තියෙනවද ?
Deleteඅනේ නැහැ බොල. අම්මෝ වැටෙන්නත් එපා :ඩි
Deleteහිතලා වට්ට ගන්න බැරිවෙයිද දන්නෑ අපිට ඕනි තැනකට...
ReplyDeleteට්රයි කරල බලපං...
Deleteඔය ලිතේ බලහන් හූනෙක් අල්ලල දැම්මොත් මිසක් වැටෙන්න ඉඩක් නැති තැන් වලට හුනන් වැටීම ගැනත් ඵලාපල තියනවා, නිකමට හිතල බලහන් ඒ තැන් වලට හුනන් වැටීම ගැන ..ආ.... තව දෙයක් , ඒ එක අවයවයක් යටතේ මරු පලාපලයකුත් තියනවා ,ඒක දැක්කාම හිතට එන්නේ වෙනමම ආතල් එකක් !
ReplyDeleteසහතික ඇත්ත... ගුදය කියලත් තියෙනව... මම හිතුව ඔය කියන්නෙ ඉතිං පුකට නේද කියල.. මෙන්න පහලින් තට්ටමට වෙනම පලාපල තියෙනව... යකෝ එතකොට ඔය කියන තැනට වැටෙන්න හූනො යනකොට තට්ටං දෙක අතින් පලල් කරගෙන අරක උඩට අල්ලගෙන ඉන්න ඕනෙ...
Deleteහික්ස්ස්... පොඩි මෑනුත් හිතන එව්වා නෙ?? කොහෙ ගියත් වල් කතාවක්..:p
ReplyDeleteඇත්තක් කිවුවත් වල් කතාවක්ලු...
Deleteහූනන් මකන්න දන්නෙ නෑ කියලා කවුද පොරක් කියලා තිබුණා. ඒකයි ඕවා ඔය විදියටම තියෙන්නෙ...
ReplyDeleteඅම්මපා,,,,
Deleteකෙල්ලෙක්ව හොයා ගද්දී අහන්න වෙයි නේද වම් උරට හූනෝ වටිලා තියනවද කියලා...:D
ReplyDeleteඑහෙනං වහාම ඒ කෙල්ල අතඇරල දාපං... ඒ කෙල්ලට ලැබෙන්නෙ ස්ත්‍රී සැප :D
Deleteඕං අපේ දුමා ඉල්ලන් කනවා.....කොහොමද දුමාගෙන් කෙල්ල සැප ඉල්ලුවොතින්
Deleteබොරු කතා... කවද්ද අපේ වම් උරහිසට හූනො වැටුනෙ ???
ReplyDeleteදවසේ කමැන්ට් එක.... :D :D :D
Deleteහෙටවත් හුනෙක් වැටියන් වම් උරහිසට.
ReplyDeleteසාදු....!!!
Deleteපොඩි කාලේ ඔය ලිත බලලා යෝනිය කියන්නේ මොකක්ද අහලා තාත්තා කන මිරිකුවා මුත්‍රා යන්න....
ReplyDeleteමමනං ඇහුවෙ නැඹයි යෝනියෙයි වෙනස මොකද්ද කියල...
Deleteකරුමෙට ඉතාලියේ හූනෝ නෑනේ....
ReplyDeleteආයෙ ලංකාවට ආවම හූනෙක් අල්ලං පලයං... :D
Deleteෂික් .කරුමේ කියන්නේ මෙහේ හූනෝත් නෑ ...ලිතකුත් නෑ ..අහම්ම්බෙන් හරි මොකෙකේ හරි වැටුනොත් ..ඔය කියන ස්ත්‍රී සැප ලබා ගන්න ..ගෑනුත් නෑ ..බන් ..මෙහේ ඉන්න නින්ජලගෙන් සැප ගන්න ගියොත් ..ලොවෙත් නෑ ..පොඩි මෑන් ඔය විස්තර තියෙන්නේ ඈ පයියගේ ලිතේද බන් ...
ReplyDeleteඈපයියා තමයි කිවුවෙ....
Deleteයකෝ තාම චූ කරේ නැද්ද ?? ස්ත්‍රී සැප ලැබෙන්න කලින් චූ කරල හිටු.. නැත්තම් කරදරයි
ReplyDeleteමාතලං +++++
උඹ ඕක කිවුවාම මතක උනේ.. බලල තියෙනවද ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට් කියල ෆිල්ම් එකක්... ඒකෙ එක තැනක වැඩේ මැද්දෑවෙදි ඌට චූ බරක හැදිල චූ දාන්න හෙන ගේමක් දෙන්නෙ.... :D :D
Deleteහූනා රෑට නොකයි.... නොකන හූනා කෙට්ටු වේ.....
ReplyDeleteනොකන හූන කෙදිරි ගායි
Deleteඅපෝ...ඔය ලිත් වල තියෙන ඒවා ඇත්ත වෙන්න ගියොත් මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන්නෙ නෑ... :P
ReplyDeleteකෝ මඟ දිගට?????
අරක ඉවර කරල දානං හොදේ...
Deleteසිරාවට අර වුරුදු නැකැත්වල තියෙන්නෙ ගිනිකොන දිෂාව බලා රැකිරක්ෂාවලට පිටත්වනු මැනවි කියල... අපේ ආච්චිලගෙ ගෙදර ඉදිද්දි දවසක් සීය ලිත ඉරුවා... ගෙදර ගිනිකොන දිසාවෙ තියෙන්නෙ කොහිල වලක්,.,,:D
පුරුෂ මූලික සමාජේ නිසා 'ස්ත්‍රී සැප' කියල තියෙනවද කවුද දන්නේ? :PP
ReplyDeleteඇත්තට කෝ මග දිගට??? විහඟයා හිටි කියල තාම දුවනවද?
හරි මොන මූලික සමාජෙ වුනත් කෙල්ලෙක්ගෙ ඇගට වැටුනොත් ඒත් ස්ත්‍රී සැපද ??? එහෙනම් ගෑනුන්ගෙ අවයව වලට වෙන වෙනම තියෙනව... ඕක තියෙන්නෙ පොදුවෙ..
Deleteමම හූනන්ට කැමති නැත්තෙ ඔන්න ඔය සාස්තරෙ හන්දමයි ඕන්..
ReplyDeleteඇයි ජෝන් කැමති පුරුෂ සැප වලටද ??
Deletemalli oya babala thiyenne panchanga litha nemei . oka awrudu nekath gahala thawa bahubuutha tikak liyala keeyak hari hoyaganna hadapu podi kolayak.. panchanga litha kiyananne loku pothak.. wedi visthara danna kenekugen ahaganna
ReplyDeleteඒකත් එහෙමද... ඒකෙ ගහල තියෙන්නෙ එහෙමනෙ...
Deleteමේකනම් හෑල්ලුවට ගන්න එපා පොඩ්ඩෝ... ඔය හූනන්ගේ අනික්වනම් මම දන්නේ නෑ.. ඔය වම් උරේ සීන් එකනම් ඇත්ත.. අපේ අයියා කාරයාගේ උරහිසට හූනෙක් වැටුනා. මම කිව්ව අඩෝ ස්ත්‍රී සැප කියලා. කිව්වත් වගේ පහුවෙනිදා ඌට සෙට් වෙලා හිටපු කෙල්ල ගලේවෙල යන්න පර්මිසන් දීලා. එදා ඉඳන් දිගටම ඌ නානාප්‍රකාරයේ දේවල් ලැබුවා කියලා පත්පොතේ සඳහන් වෙනවා.. ඒ කීවේ උගේ ඩයරියේ...
ReplyDeleteබි. පෙ . සි
Deleteෆුල ආතල් ඕයි... :D :D
හූනෙක්ට පුළුවන්නම් ස්ත්‍රී සැප දෙන්න මාරයිනේ මේ ඒක නෙමෙයි.....ඔය ලිතේ තියෙන්නේ හූනන් ඇඟ වැටීමේ මෙව්වානේ එතකොට මචෝ හූනියන් ඇඟ වැටුනාම මොනා වෙනවද දන්නේ නෑ නේද......ඉක්මන්ට ගිහින් චැක් කොරාපන් ඒ හූනෙක්ද හූනියෙක්ද කියලා
ReplyDeleteඋඹ ඔහොම දෙයක් කියනකන් මීටර් වුනේ නෑ බං....
ReplyDeleteපොඩි මෑන් මල්ලියෝ
ReplyDelete"නැකතත් හූනාටය" කියලා කියනවා .
ලංකාවේ "ස්ත්‍රී සැප " තවම නීති ගත කරලා නැති නිසා කෙල්ලන්ට හූනන් ගෙන් පරිස්සම් වෙන්න කියලා තව අලුත් කතාවක් ලියපන් .
මල්ලියෝ
Deleteඅපි පාසල් යන කලේ කරපු වැඩක් සහ "හුජ්ජ බෝතලයක් " ගැන කතාවක් මම උඹගේ බ්ලොග් එකේ කොමෙන්ට් එකකට ලිව්වා .
උඹ කියෙව්වද .......උඹගේ වැඩනම් මරු......
හූන වැටුනාම ස්ත්‍රී සැප ලැබෙනවනං ස්ත්‍රියක් වැටුනම ලැබෙන්නෙ හූනු සැපද?
ReplyDeleteසිරා කතාව
ReplyDelete. හූනත් මාර ඩයල් එකක් නේ බං. බූඩිත් ලිතක් හොයාගන්න ඕනේ කොහොමහරි හූනෙක් වට්ට ගන්න උරහිසට !
Incredible! This blog looks just like my old one!
ReplyDeleteIt's on a completely different topic but it has pretty much the same page layout and design. Outstanding choice of colors!
My web-site chelsea transfer news falcao
Howdy just wanted to give you a quick heads up. The text in your article seem to be running off
ReplyDeletethe screen in Internet explorer. I'm not sure if this is a format issue or something to do with internet browser compatibility but I thought I'd post to let you
know. The design look great though! Hope you get the issue fixed soon.
Many thanks
Feel free to surf my blog chelsea transfer news falcao
An impressive share! I have just forwarded this onto a
ReplyDeletecolleague who has been conducting a little homework on
this. And he in fact ordered me dinner because I found it for him.
.. lol. So let me reword this.... Thank YOU for the meal!
! But yeah, thanx for spending some time to talk about this topic here on your web site.
Take a look at my website - arsenal transfer news
I for all time emailed this web site post page to all my
ReplyDeleteassociates, because if like to read it afterward my contacts will too.
My web-site ; football transfer rumours tottenham hotspur
මාරම මෝඩ අතල එකක් නේද ඔබතුමා ගන්නේ...අනේ පව් අසරණ බූරු හරක් පැටව්. හරකුන්ට දාව ඉපදිලද මන්ද
ReplyDelete