2012-02-05

අරක්කු නොබීම රිය අනතුරුවලට හේතුවේ...!!! සහ බනියා පොඩි මෑන් මරන්න හැදූ හැටි






දිනය :- පෙබ. 4 ( නිදහස් දවස )වේලාව :- . 5.40 පමණ
ස්ථානය :- දක්ෂිණ අධිවේගීය මාර්ගය පින්නදූව පිවිසුම අසල


රෝගියාගේ
සම්පූරණ කටඋත්තරය මෙසේයි..

පොලිස්
නිලධාරියා :- අනතුර වෙච්ච හැටි විස්තර කෙටියෙන් විස්තර කරන්න

පොඩි
මෑන් :- මම ගාල්ල පැත්තෙ ඉදල අධිවේගී මාර්ගයේ පිවිසුමේ පින්නදූව පැත්තට යමින් ඉදියා... ඒත් ගෙදර කවුරුවත් ඉදියෙ නෑ.. වෙලාවෙ ජංගම දුරකථනය අම්මාගෙන් මරණීය තර්ජ්නයක් ආවා... බැලින්නං අම්ම ගෙදර ඇවිත්... ඉතිං මම ගෙදර එන්න එළිට එන්න වාහනය හරවනකොටම ඉදිරියෙන වේගයෙන් ආව අනිත් වාහනය මගේ වාහනයේ හැපුණා... පොඩි වැහි පොදක් තිබුණ නිසා පාර ලිස්සන ගතියක් තිබුණා තිරිංග යෙදුවත් වාහන් දෙකම ලිස්සා ගියා...

පොලිස්
නිලධාරියා :- එතකොට වැස්සද අනතුරට හේතුව...

පොඩි
මෑන් :- අපෝ නෑ... අනතුරට වග කියන්න ඕනෙ බණියා...

පොලිස්
නිලධාරියා :- කවුද

පොඩි
මෑන් :- අර බ්ලොග් ලියන මූණ පුරා රැවුවල් වවා ගනිපු වල් තඩි හාවෙක් ඉන්නෙ.. අන්න ..

පොලිස්
නිලධාරියා :- හරියට පැහැදිලි කිරීමක් කරන්න අනතුරට හේතුව ඔහුනං අපිට සිදුවෙනවා ඔහුගෙනුත් කට උත්තරයක් ගන්න

පොඩි
මෑන් :- අයියෝ අංකල් බ්ලොග් ගැන දනෙ නැද්ද

පොලිස්
නිලධාරියා :- කවුද බොල අංකල්..... ????

පොඩි
මෑන් :- හරි හරි සෑර් සෑර්...

පොලිස්
නිලහධාරියා :-අන්න එහෙම වරෙන්

පොඩි
මෑන් :- එහෙනම් ෆේස් බුක් දන්නවද

පොලිස්
නිලධාරියා :- ඔවු දන්නවා...

පොඩි
මෑන් :- අර ඒකෙ ලෝකෙ තියෙන එකම හයිබ්‍රිඩ් එකයි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකයි ඌට තියෙනව
වගේ පොරටෝක් දෙන එකෙක් ඉන්නෙ...

පොලිස්
නිලධාරියා :- අර ලීමෝලක් තියෙනව කියල කෙල්ලෙක් දාගන්න ගිහින් නෝනිඩි වෙච්ච ෆෝටෝ
ගහන් එකාද...

පොඩි
මෑන් :- හරියට හරි සිරිසඟබෝ බෝ ක්‍රියේශන් උගේ තමයි... බෙල්ල නැතුව ෆොටෝගහන්නෙ...

පොලිස් නිලධාරියා :- හරි හරි දැන් කොහොමද මිනිහ මේකට ඉන්වෝල් උණේ..

පොඩි
මෑන් :- මෙන්න මේකයි කේස් එක... ඊට කලින් දවසෙ අර කල්හාර කොලුවයි මයි ලාවට බියර් එකක් තොල ගානගමන් හෙට නිදහස් දවසෙ තදේට මොනවහරි තොලගාන්න ඕන කියල කතාකරා... මේ වල් බනියටත් අපි කතා කරා...මූ ඒකට කැමතු උණේ නෑනෙ සෑර්.. මූ අපේ නිදහස සමරන අදහස කඩාකප්පල් කරල දැම්මා... මූ ඒකට කැමති වෙලා සෙටාර් වෙන්න ආවනං අපි තාම කරටි කැඩෙන්න ගහනව සෑර්... මූ මේක මාව මරන්න කරපු කුමත්‍රනයක් සෑර්...

පොලිස්
නිලධාරියා :-අම්මප කියහං...

පොඩි
මෑන් :- ආයෙ මොන කතාද සෑර්... බඩේ බත් වගේ... අම්මප ඕක එන්න බෑ කිවුවා සෑර්... මරන්නමයි හැදුවෙ ඕක මාව... මේ බලන්න මූ දාල තියෙන කමෙට්...


පොලිස් නිලධාරියා :- අනේ කියන්නෙ ඕයි... තමුසෙල මේ හුචක්කුව ඇනගත්තෙ නැතිනං මෙලහට මාත් ගෙදර නිදහස සමරණවනෙ මගෙත් නිදහස කෙළල තියෙන්නෙ මූණෙ...

පොඩි
මෑන් :- අන්න ඒකනෙ කියන්නෙ සෑර්... ඒකටත් බාල්දිය පෙරළුවෙ මූ තමයි...

පොලිස්
නිලධාරියා :- මූව ඇතුළට දන්න ඕනෙ.. අයිසෙ.... අපේ නිදහස නැතිකරේ මූණෙ...

පොඩි
මෑන්.. :- ඒකනෙ සෑර්...

පොලිස්
නිලධාරියා :- එහෙනම් තමයි ඔක්කොම කරල තියෙන්නෙ... ඕකව අල්ලල දෙකක් දීල දානව ඇතුළෙ...

පොඩි
මෑන් :- හරියට හරි සෑර්...

පොලිස්
නිලධාරියා :- අඩේ අයිසෙ.. කුජීතයි... මම මේ අන්තිම ටිකත් කට උත්තරේ ලියාගෙනනෙ... අර මට සෙට් වෙන්නබැරි වෙච්ච එකත්...

පොඩි
මෑන් :-   සත්‍යෙ සටහන බුද්ධියේ විමසුමට කියල යටින් ගහන්න සෑර්... එතකොට ලොක්කත් අහුවෙලා අරූට තමයි ලෙඩේ දාන්නෙ..  ආර වර්ඩ් එකට ඔක්කොමල පදිරියි සෑර්...

පොලිස්
නිලධාරියා :- තමුසෙටත් එන්නෙ මාර අයිඩියාස්නෙ ඕයි... එහෙනං මම ගියා බොක්ක..

පොඩි
මෑන් :- බොක්ක තමයි සෑර්...
පොලිස් නිලධාරියා :- (රහසිං ) අනිත් දවසෙ තමුසෙල සෙට් වෙනවනං ඌට එපා මට කතාකරනවා... මෙන්න නොම්බර්  එක  *************

පොඩි
මෑන් :- ආයෙත් ආහල.. බුදු බොක්ක මචං....ෆිට් තමායි....

පොලිස්
මචං :- ෆිටේ ෆිට් ඕයි........!!!



               ______________________________________________ 



අනතුර සිදූ වූ වෙලාවේ ලබාදුන් එක  දුරකථන ඇමතුමෙන් පැමිණ නැවත නිවසට පැමිනෙන තෙක් මා සමග සිටි ගයාන් කල්හාර සොයුරා ආදරෙන් මතක් කරණ අතර දුක සැප සොයා  බැලූ මූනුපොතේ හා බ්ලොග් අවකාශ්‍යේ සියලුම දෙනාට ස්තූතියි...

තුවාල වලට ආදරෙන් බෙහෙත් දැමූ ලස්සන නර්ස් අක්කාට විශේෂ ස්තූතියි....   !!!
(එයා අද  ඉදල බ්ලොග් එක බලන නිසා නිකං ලැජ්ජයිත් වගේ.....)


108 comments:

  1. අර කියන්නාහේ ඉක්කන් සූය පාර්තනා කොරනවා...
    (මග දිගට ඉක්මනට දාන්නකො අලේ..)

    ReplyDelete
    Replies
    1. සලී ඊලග දාන්නං.. දැන් ඉතිං කොහොමත් ටික දවසක් ගෙදරනෙ... :)

      Delete
  2. අනේ අම්මපා මේ බනියා කරන වැඩ..යකඩෝ උබ ඔයිං ගියා හොදයි බන්..

    ReplyDelete
    Replies
    1. බලපං මිත්‍ර ද්‍රෝහියෝ...

      Delete
  3. ගෙට් වෙල් සූන් පොඩි එකෝ.. ඔන්න මම ඇත්ත කතාව අලුත්ම පෝස්ට් එකේ දැම්මා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ... ඔය පත්තර කාරයො කවද්ද ඇත්ත කිවුවෙ මාතලං...

      Delete
  4. යකෝ බනියව මරන්න එපැයි. මූ දෙකට ගනින්න බැහැ වගේ ඉන්නේ. බලපිය තව ඩිංගෙන්....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මම ඌට මෛත්‍රී කරනව බං....

      බනියා ඖවපත් වේවා.....!!! කෑල්ලක් සෙට් වේවා..... !!! ඉරිසියාව නිසා නොදැන අක්‍රන වැරදි වලට උඩ කෂ්ටිය සමාව දෙන සේක්වා....!!!

      Delete
  5. ඉක්මණට සනීප වෙන්න හොඳටම....!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... !!! කුලෙ තුවාලයක් විතරයි දැනට තියෙන්නෙ අනිත් ඒව පොඩි පොඩි තැලීම්... දවස් දෙක තුනකින් ඔක්කොම හරියාවි

      Delete
  6. සිරාවටම අරක්කු නොබිමද බන් හේතුව???
    දැනගත්ත එකත් හොඳා..අනිත් දවසේ පුට් සයිකල් කට්ටක් පාරට දාන කලිනුත් ෂොට් එකක් බඩට දාගෙන ඉන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අන්න හැදෙන ළමයි... මේවයින් පාඩං ඉගන ගන්න..

      Delete
  7. එහෙනං කෝම හරි නයිටක්, දානයක්, මිස් වුනා කට්ටියට.....අපරාදෙ....

    ReplyDelete
    Replies
    1. බලපල්ල දෙයියනේ මේ මනුස්සය කියන කතා...

      Delete
  8. හත්තිලව්වේ වන්ඩිය අනාතයි නෙ පොඩි මෑන් මොක උනත් පොඩි මෑන්ට අවුලක් නෑ නෙව....ඒ ඈති.......ඉක්මන් සුවය ලෑබේවා පොඩි තුවාල ටිකට.....

    ReplyDelete
  9. අලෙ අප්පේ මන් ඒත් හිතුව පෝස්ට් එකක් දාන එකක් නැද්ද කියලා මේ ගැන මේ තියෙන්නේ බැබලි බැබලි... හෙට් වෙල් සූං කීවා ඕං

    ReplyDelete
    Replies
    1. බනියගෙ කෲර ක්‍රියාව ලෝකෙට හෙලි කරන්න ඕනෙ බං... ඌ හිතන් ඇති මම බයට කට වහන් ඉදියි කියල

      Delete
  10. Get Well Soon පොඩ්ඩෝ......!!!
    මොනවා නැතත් " මග දිගට " පොස්ට් කරන්න Get Well Soon.............:)

    ReplyDelete
    Replies
    1. හේ හේ.. තැන්කූ තැන්කූ...

      Delete
  11. වල් හාවා.... හින්දා තව ටිකෙන් පවුල් කියක් අනාත වෙනවද?
    මුට දෙකක් ගහලා නම් හරියන්නේ නැ..

    ශික්... පොලොසියේ මහත්වරුත් දන්නවද අර ලි මෝල් කථාව,........ අය්යෝ අපරාදේ.

    අනේ පොඩ්ඩෝ දැන් ඉතින් ගෙදරට වෙලා පොඩ්ඩක් රෙස්ට් කරපන්කෝ........

    ReplyDelete
    Replies
    1. යා යා.. රෙස්ට් රෙස් තමයි...:D

      Delete
    2. රෙස්ට් කරන ගමන් කාලක්ක්‍රියාවත් කොරන්න වෙයි.. දැක්කනේ නොබී රිය දාවනය කරල උන දේ??

      Delete
  12. සුදු අයියෝ.....තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටෙන් අත්දෙකට ආන්තරාවක් වුනේ නෑ නේඩ....
    (දැන් දිගටම ගෙදර ඉන්නවනම් ටික ඩවසක් මගදිගට කොටස් දෙකක්ම දාපිය පවු නොදී...:(.
    ඔය වදින්නෙ අපි හූල්ලන හීල්ලිල්ල....)

    ඉක්මණට සනීප වෙන්න මගෙ අයියෝ.....බුදු සරණයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... !!! දාන්නම් දානම් දැන් ඉතිං ගෙදරනෙ..

      ඔය දෙයියො හින්ද නෙවෙයි බොල අර නර්ස් අක්ක සනීප කරේ මාව

      Delete
    2. ආරංචී....එයා ඔයා ගියාට පහුවෙනි දවසෙ ඉඳල බෙහෙත් ගන්නවලු....

      Delete
  13. අපරාදේ නයිස් බිස්කට් කාලා ප්ලේන්ටි බොන්න තිබ්බ..

    අඩේ අපි දන්නෙ නැහනේ... මම දැක්‍කනේ ඔන්ලයින් ඉන්නව. :-0

    ReplyDelete
    Replies
    1. දැන් ගෙදර ඉන්නෙ... කීයට විතරද ඔන් ලයින් ඉදිය ද්වල් 11 විතරනං මිත්‍රයෙක්ගෙ ෆෝන් එකකින් ගූගල් එකට සෙට් උනා...

      Delete
  14. කතාවනං නිර්මාණාත්මකයි.මාතෘකාවේ පොඩි අවුලක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මතෘකාව බලල කතාව කියවන්න එන කට්ටිය දැනගන්නවනෙ ආදර්ෂෙ මොකද්ද කියල.. :)

      Delete
  15. හරි කොල්ලෝ අහන්නත් සතුටුය්,සිරාවටම උඹ බීල හිටියේ නෑ නේ????

    ReplyDelete
    Replies
    1. නෑ බං... මේ ගෙදරට හොරෙන් පොඩි රෝන්දයක් යන්න ඉදියෙ...:D :D

      Delete
  16. මදැයි ගාලු ඇවිත් නෑ ගෙවල් ටිකත් වන්දනා කරලා නයිටක්‌ ගහන්න බලන් හිටියා.

    ReplyDelete
    Replies
    1. ඕකට නලගෙයක්ම ඕනෙද බොල... වරෙන් හෙට උනත්.. ඊට වඩා සලකන්නං...

      Delete
    2. අඩෝ අර හුනා කියපු කතාවත් උඹ අර නර්ස් අක්කට කියලා ඇත්ත කර ගන්න ඇති නේ? දැන් නම් ඉතිං ගාලු පැත්තේ ආවොත් අනිවා උඹටත් දඩයක් දාලම තමයි යන්නේ :ඩි

      Delete
    3. කැත කතා කියන්න එපා... ඒ සහෝදර ප්‍රේමය...

      සික් මගේ කට...

      Delete
  17. කරන දෙයක් ප්‍රවේසමට.., දිවි ගැලවුමට සුභ පැතුම්..!

    ReplyDelete
  18. මම දන්නවා බනියා මොකද කලේ කියලා. බනියා අල උන හීන වලට විසඳුම් හොයනවා වගේ පෙන්නලා යටින් ගැහුවා ප්ලෑන පොඩි මෑන්ව මරන්න. අන්න ඒකයි බනියගේ කුමන්ත්‍රනේ. හැමෝම මිනීමරු වල් තඩි මැර හාවාගෙන් ප්‍රවේසම් වෙන්න.

    ReplyDelete
  19. අඩේ පට්ට සීන් එකක්නේ වෙලා තියෙන්නේ.සිරිසගබෝ ක්‍රියේෂන් එකේ ඇඩ්‍රස් එක දියන්කෝ. :D

    ReplyDelete
    Replies
    1. ඔය බනිය ඉන්නෙ... ඇඩ්‍රස් ඕනෙ නෑ...

      Delete
  20. අම්මියෝ.. පොඩි මෑන් හොදින් නේද?? ඉක්මණින් හොඳටම හොද වෙන්න!!! මීටපස්සෙ පාප මිත්‍රයෝ අඑසුරෙන් මිදෙන්න...

    ReplyDelete
    Replies
    1. සම්පූරණ ඇත්ත... අපාය සහායක මිත්‍රයො...

      Delete
  21. ඊලග දවසෙ යනකොට කියහං මාත් එන්නම්

    ReplyDelete
  22. හික්ස්
    ඉක්මණින් සනීප වෙයන් මචෝ

    ReplyDelete
  23. ඈ පොඩි මෑන් උඹ බෙහෙත් දාපු නර්ස්ටත් බිලොග් ගැන කිවිවද? අද ඉදලා ඉස්පිරිතාලෙකට ගිහිං ඉවරයි හදිස්සියට ලෙඩෙක් අරන්. මුන් ඔක්කෝම රෑ 10 වෙනකමි නාටිටී ටික බලලා ඊට පස්සේ මුගේ බලොග් කියවන්න පටන් ගනියි....!!!
    ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. නැත්තං.. මම බ්ලොග් ගැන ලෙක්චර් එකක් දීලා ආවෙ... :D :D

      Delete
  24. අම්මපා මම දන්නෙ දැනුයි....
    මෙව්ව එකට මොකුත් හානියක් නෑනෙ...
    සුළු තුවාලනම් ඉතින් දවසින් දෙකෙන් සනීප වෙයි

    ReplyDelete
    Replies
    1. ඬොවු මචං.. දැන් අවුලක් නෑ... :)

      Delete
  25. මල්ලි , දැන් කොහොමද , ඔයාට කරදරයක් නැහැ කියල බස් රේඩියෝ එකේ අහන්න ලැබුණා ..ඒ ගැන සතුටුයි ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... බුකියෙදිත් හොයල බලල උපදෙස් දුන්නට... දැන්නම ගොඩක් හොදයි..

      Delete
  26. ඇත්තටම පොඩ්ඩෝ මම දැනගත්තේ සිද්දිය දැන් ටිකකට කලිනුයි.. හ්ම්ම්
    බස් ඒකෙන් තමයි කරදරයක් නැහැ කියලා දැනගත්තෙත්

    ReplyDelete
    Replies
    1. ඔවු එච්චර අමාරුවක් නෑ දැන් හොදයි...

      Delete
  27. අඩේ මම දැනුයි දන්නේ සීන් එක වැඩි ආබාධයක් එහෙම නෑනේ නේද ඉක්මන්ට සනීප වෙයන් මචං ඔහොම බේරුණු එක මදැයි.......මෙච්චර දෙයක් වෙලත් ඒකත් මඩක් විදියට හිනා යන්න ලිව්ව එකනේ වැඩේ.......ඉක්මන් සුවය ලැබේවා

    ReplyDelete
    Replies
    1. මඩ නෙවෙයි.. මේව සහතික ඇත්ත...

      Delete
  28. උන්නු හැටියට මළා මදැයි!!!

    ReplyDelete
  29. ඉක්මන් සුවය පොඩි මෑන්..හැබෑටම මොනවද වුන ඉන්ජරීස්.....

    ගෙදරට වෙලා ඉන්නවානම් කතාව දාමු නේද??

    ReplyDelete
    Replies
    1. කකුල පොඩ්ඩක තුවාලයි... එච්චරයි... දාමු දාමු

      Delete
  30. බනියගේ වැඩ නිසානේ මේ ඔක්කොම.. කොහොම උනත් ඒ තරම් අනතුරක් නොවුන එක ගැන සතුටුයි..

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං අපාය සහායක...

      Delete
  31. අඩෝ.. මං බැලුවෙ තොපිලා නිදහස් දවසෙවත් හොද මිනිස්සු කරලා ගෙවල් වල තියන්න.. කවුද දන්නෙ බීවෙ නැති උනාම උඹ වෙව්ලනවා කියලා :D :D

    ReplyDelete
    Replies
    1. පල පල.. උබල වගේ එවුන් එන්න කාතාකරන්වත් හොද නෑ...

      Delete
    2. වල් බනියා... යකො සැට් වීමකට බෑ කියනවද එහෙමත්... සික් මෙහෙව් එකෙක්

      Delete
  32. අම්මො ඇති යන්තම් නූලෙන් බේරිලා නේද ? පරිස්සමින් මල්ලි වැස්ස දවස් වල හයිවේ යනකොට . දෙයක් උනාට පස්සේ කාටවත් වැ‍රැද්ද පටවලා වැඩක් නැ . ඒ නිසා පරිස්සමින්..

    ReplyDelete
    Replies
    1. වෙන්න තියෙන දේවල් වෙනව ක්කෙ... කාගෙවත් වැරද්දක් නැහෙ ඒකට...

      Delete
  33. අර පෙරලිලා ගියපු කාර් එක නෙමේනේ...ඒකේ බුවා නං හබක්...මම හිතුවේ ඌ කියලා....

    ReplyDelete
    Replies
    1. ඌනං ඔන්ද ස්පොට් මචං... :D :D මම ත්‍ර්ඩ් පාටි

      Delete
  34. රදියා :-

    ඉක්මන් සුවය ලැබේවා ...
    ඔය පොඩි තැලිම් වලට කලවම් කරන්නේ නැතුව පොඩි ෂොට් එකක් දාගත්තනම් හරි ..:P

    ReplyDelete
    Replies
    1. ඔලුව වැදිච්ච වෙලෙ කනෙන් ලේ ආව නිසා මේ දවස්වල ඒව ගන්නෙ නැතුව ඇලර්ට් එකේ ඉන්නෙ... ඒක නිසා ඒව තහනම්:D

      Delete
  35. දෙයිහාමුදුරුවනේ සනීප වෙයන් ඉක්මනට.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං.. දැන් මටද උඹ දෙයි හාමුදුරුවො කිවුවෙ.. :D

      Delete
  36. අඩේ කතන්දරේ දැනගත්තේ දැන් නෙව.... අවුලක් නෑ නේද පොඩ්ඩෝ??? එල එල ඉක්මන් සුවය ලැබේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං...දැන් අවුලක් නෑ..

      Delete
  37. හිහී, එළ කොල්ලෙක්නේ! :D ඉක්මනින් සුවවෙලා පොලෝසියෙ මහත්තැන්ට පාටි කෑල්ලක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා! :D

    ReplyDelete
    Replies
    1. පොරගෙන් ඉල්ලගන්න හදන්නෙ :D :D

      Delete
  38. ඉක්මන් සුවය පතමු! :)

    ReplyDelete
  39. මේ සිද්ධිය දන්නේ දැන්..අපොයි ඔයින් ගියා මදැයි..ඉක්මනට සනීප වේවා!..අම්මට සිරි ගජ මේකා නර්ස්ටත් බ්ලොග් එක ගැන කියලා...

    ReplyDelete
    Replies
    1. යා යා.. මාව ටෙස්ට් වලට එහෙමට මෙහෙට එක්කගෙන ගියේ අක්ක තමයි... එයාට මම බ්ලොග් අවකාශෙ ගැනම ලෙක්චර් එකක් දුන්න... :D

      Delete
  40. ඉකමනට සනීප වෙන්න මල්ලි.. විහඟ විමන්සව දැකල බස් එකෙන් වැටුන වගේ ඔයත් කාව හරි දැකල කාර් එක හැරෙව්වේ?

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. අපේ අම්මගෙ මරණීය තර්ජනේ නිසා හැරෙවුවෙ..

      Delete
  41. අඩේ පොඩ්ඩෝ උඹ හොදින් නේද දෙයියො.... අපි එන්නම් උඹව බලන්න.....(මගෙත් පොඩි තුවාලයක් තියෙනවා බන්. අර නර්ස් අක්කගෙ ලින්ක් එක එවහන්කො බෙහෙත් අහගන්න.)

    ReplyDelete
    Replies
    1. උඹ එන්නෙ මාව බලන්නද අක්ක බලන්නද.. වැඩක් නෑ බං.. මම ඉන්නෙ ගෙදර අක්ක හොස්පිටල් එකේ..

      Delete
    2. එන්නෙනම් උඹව බලන්න... ඒත් බන් මගේ තුවාලෙට බේත් ටිකක් දාගන්නත් ඕනිනේ.....

      Delete
  42. හප්පා මම උන්නැති දවස් ටිකට සෑහෙන්න දෙවල් සිදුවෙලානෙ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. ජෝන් කොහෙද ගියේ.. ??

      Delete
  43. නොදකින්... මම හිතුවෙ දවස් 4 - 5 ක් ඇද උඩ ඉන්න බඩු සැට් කියල... කෝ මූ හැරෙන තැපෑලෙන් ඇවිත් නේ...

    ඈ.. යකෝ නෑර්ස් අක්කත් බ්ලොග් එක බලනවද.. කරාපිටියෙද බන්... අලේ... මම දන්න අක්කිල ( නංගිලා ) 4 ක් නැත්තම් 5 ක් ඕකේ ඉන්නවා නෙව.. හැබ‍යි මාව ඇඩ්මිට් කලොත් මට බඩු පැකට් වෙන අක්කියෙකුත් ඉන්නො.

    ReplyDelete
    Replies
    1. ඇයි අක්කිට උඹ බඩු පැකට කරල පැන්නද ??

      Delete
  44. ela ela get well soon kiwwa onna


    sudu podda

    ReplyDelete
  45. Wow, awesome blog layout! How lengthy have you been blogging for?
    you make running a blog look easy. The total look of your web
    site is magnificent, as neatly as the content!
    Also visit my web site ; latest transfer news for arsenal the gunners

    ReplyDelete
  46. That is a good tip especially to those fresh to the blogosphere.

    Simple but very precise information… Thank you for sharing this one.
    A must read post!
    My page ... pizzagamesforkids.com

    ReplyDelete