2011-10-12
මග දිගට 11 " දෙදාහක් විතර සෙනග ඉන්න පන්තිය මැද්දෙදිම චූ යනවා මට ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... "
මේ කොටස පරක්කු උනාට බලවත් කානගාටුව... .. කලින් කොටස් අමතක වෙලානම්.. කියවන් එන්නකෝ...
මගදිගට 1 මග දිගට 5 මගදිගට 9
මගදිගට 2 මගදිගට 6 මග දිගට 10
මගදිගට 3 මග දිගට 7
මගදිගට 4 මග දිගට 8
අද එතැන් සිට ...
මුලු පන්තියම වටපිට බලනවා... කවදාවත් පන්තියේ කෙනෙක්ගෙ නමක් සර් කියල නෑ මේ විදියට මයික් එකෙන්.... නමෝ විත්තියෙන් කියවෙන්නෙ මගේ නමමයි....
මම ශ්‍යාමිකයගෙ මූන දිහා බැලුවා......
" එහෙම කෙනෙක් නැද්ද පන්තියේ....."
ආයෙමත් සැරයක් සර් අහනවා... මේ දවස්වල ග්‍රහයොත් අන්තිමයි... දුක සැප නිති පෙරලේ කිවුවට මගේ දුක සැප පෙරලෙන්නෙ ඊට වඩා පට්ට ඉක්මනට... හරියට ව්‍යංග යනකොට පස්ස දෙපැත්තට ගැස්සෙනව වගේ... පට් පට් ගාල පෙටලෙනව... ව්‍යංග වම - දකුණ , වම - දකුණ කියල දෙපැත්තට ගස්සන කොට විහඟගෙ දුක - සැප , දුක -සැප...
ෂික්... මේ ඕප පාතික ගෑනු පරාණයක් මට කොටපු විනේක තරම... ඔය වැනිල්ල දැකපු දවසෙ ඉදන් තමයි මට කෙල වුනේ...
" නැගිටපං යකෝ......."
ශ්‍යාමිකය මගෙ කලිසමෙන් අල්ලල මාව උස්සන්න පුල් ට්‍රයි එක... මම බංකුව බදාගෙනම ඉදියා... පලවෙනි දවසෙ මොන්ඩිසෝරියට ඇවිත් දාල යාවි කියල බයට අම්මගෙ සාරියෙ එල්ලිල ඉන්න පොඩි එකෙක් වගේ...
ඒ මදිවට මගේ නම දන්න එවුන් හැරිල බලනව මගේ දිහා.... මුන්ගෙ බඩ මාලු කන එපැයි යකෝ අල්ලල... කෙල්ලො හොදයි තව....
පස්ස උස්සන්නම බෑ නිකන් බංකුවට ඇලිල වගේ... .... ශ්‍යාමිකයා මාව උස්සනව... මම බොහොම අමාරුවෙන් මගේ පස්චාත් ප්‍රදේශයට ගුරුත්වයට විරුද්ධව , බංකුවට ලම්බකව තවරණයක් ලබා දුන්නා.... අන්තිමේදි t නැමති කාලයකදි a නැමති උපරිම තරණයක් ලාබාගෙන
2t නැමති කාලයකදි මන්දනයෙන් යුතුව පස්චාත් ප්‍රදේශය කකුල් දෙක උඩ නිස්චල උනා....
අන්තිමේදි බොහොම අමාරුවෙන් මම මගේ කකුල් දෙක උඩ... ... පේලි එකසිය විස්සක් විතර තියෙන පන්තියේ අන්තිම පේලියේ කොනේම මම පැන්ශන් එක දවසෙ අන්තිම බස් එක එනකම් බීල බීල බස් හෝල්ට් එකේ ඉන්න නාකි බූඩෙක් වගේ දැන් වැටෙයි දැන් වැටෙයි කියල වැනි වැනි බලාගෙන ඉන්නවා...
නැගිට්ට මාව දකින්න මුලු පන්තියටම තප්පර තිහකට වඩා ගියේ නෑ.... කෙල ගිලෙන්නෙත් නෑ.... ජීවිතේට මෙච්චර සෙනගක් ඉස්සරහ මේ විදියට හිටගෙන ඉදල නෑ.... කකුල් දෙක වෙවුලනව මදිවට දැනට පැයකට කලින් අන්තිම බින්දුව වෙනකන් චූ කර්ල ආවත් කොහේදෝ නැති ඉලවු චූ බරකුත් ආවා....
ගල් මදිවට පොල්....
" පොත... "
සර් පොතක් ඔලුවට උඩින් උස්සල පෙන්නුව..... පෙන්නල දැම්ම කෙල්ලන්ගෙ ඉස්සරහ පේලියට ...
"ඇවිත් ගන්න......"
හරිනෙ ඉතිං දැන්.....මුගටි ගෙට පැන්නෝ කිවුවලු....... පන්තිය අන්තිම කොනේ ඉදල කොල්ලො දිගැරගෙන ඉන්න බූරු ඇදවල් වගේ කකුල්වලයි කෙල්ලො පලුවක් විතරක් තියාගෙන ඉන්න ගම්මුදාවක් වගේ තඩි පස්සවල් වලයි හැපි හැපි කොල්ලොන්ගෙ ලයින් එකයි කෙල්ලොන්ගෙ ලයින් එකයි අතර තියෙන චූටි ඉඩෙන් ත්‍රීවීල් එකක ගියොත් රුපියල අසූවක හයර් එකක් ගන්න දුර විතර දුරක් දෙදාහක් විතර කට ඇරගෙන බලාගෙන ඉදිද්දි ගිහින් ගන්න ඕනෙ පන්තිය මැදින්....
දෙදාහක් විතර සෙනග ඉන්න පන්තිය මැද්දෙදිම චූ යනවා මට ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... ...
අනේ දෙයියනෙ... රබර්ලටවත් මේ වන් දුකක් නම් නොවේවා.......!!!
මාම බොහොම අමාරුවෙන අඩියෙන් අඩිය... පන්තිය ඉස්සරහට ඇවිදගෙන ආව... ඉස්සරහට එනකොට තමයි තේරුනේ හැමදාම මට ප්‍රස්නයක් වෙලා තිබුන කෙල්ලො ඉස්සරවෙලා පන්තිය ඇතුලට දාන්නෙ ඇයි කියන එකට උත්තර ආවෙ...
ඇයි යකෝ... නිසාර්න් මාච් එකක් වගේ ඩිකිය නැති මටත් මේ පේලි අස්සෙන් ඉස්සරහට යන්න මෙච්චර අමාරුනම්... ඩබල් කැබ් වගේ ටොම්බ සයිස් ඩිකිත් එක්ක කෙල්ලො කොල්ලොන්ට පස්සෙ පන්තිය ඇතුලට ගත්තොත් වාඩිවෙලා ඉන්න කොල්ලොන්ගෙ ලගින් මේ චූටි ඉඩේ යනකොට මොනවයින් මොනව නොවේවිද... ?? මොනව උනත් පේලියේ කොනට කොල්ලො මිනී මරාගන්න එකනම් ආයෙ බුදු ශුවර්...
පන්තිය හදල තිබුනෙ පිටිපස්සට උස් වෙන විදියට.. ඒවගේ උස් වෙන පඩි හතරක් පහක් වත් තියෙන්න ඇති හෝල් එකේ... මගේ කරුමැට පන්තිය මැද්දෑවෙදි එයින් පඩියක් දකින්නෙ නැතුව කෙල්ලෙක්ගෙ වතුර බෝතලේකුත් පෙරලගෙන වැටෙන්න ගියා..... බොහොම අමාරුවෙන් ඉස්සරහ පේලෙයේ ඉදපු කෙල්ලගෙ කොන්ඩෙ එල්ලිල වැටෙන්න නැතුව බේරුනා.... ඒකෙ කොන්ඩෙ අදල අරගෙන මගේ දිහ බැලුවෙ මම ඒකිට අතවරයක් කරන්න ආව වගේ... රැවිල්ල.....ගලවන්න හිතෙනව කලිසම ඔලුවෙන්....
පන්තිය පුරාම පටන් ගත්ත හිකි හිකියන් හිමීට වැඩි වෙද්දි හොද වෙලාවට සර් පාඩම පටන් ගත්තා....
පොත පස්සට එවුවෙ නැතිවට සර් ගැන තරහකුයි... මට උදේ පොත නොදුන්නට ව්‍යංග ගැන තරහකුයි එක්ක.. ඉතුරු දුර මම කඩාගෙන බිදගෙන ගිහින් පොත අරගෙන ආයෙමත් හැරුනා....
ඈ.. මේ මගේ පොතද... .. කහපාට කොලේකින් කවරයක් දාල ... ස්ටිකර් අලවල....
Wihanga nethmika
physics
"Units Dimensions & Measurements "
2008 A/L
අම්මට හුඩු... ගැජමැටික් පෑනකින් ලස්සන බෝල අකුරෙන් මේ ලියල තියෙන්නෙ මගේ නමත් උඩින්ම... වැඩි සැකේට මම පොත පෙරලලත් බැලුවා...
ජොසපින් අක්කට ජැස්මින් පවුඩර්.... මේ මගේ පොත තමයි.....
පොත දැකල මගේ හිතේ තිබුන තරහ ඩිංගක් තුනී වෙලා යනවත් එක්කම....
හතර වෙනි පේලියේ මැද හරියට විතර වෙන්න මගේ හිතේ පැලපදියන් වෙලා තිබුන ඒ පුරුදු ලොකු වීදුරු ඇස් දෙක, ඇස් දහස් ගානක් මැද්දෙ උනත් මම දැක්කෙ රෑට තරු කොච්චර තිබුනත් සිකුරු තරුව අපිට ටග් ගාල පේනව වගේ.....
මගේ දිහා බලල තොල් දෙකත් තදකරගෙන ඔලුව ඇල කරල එයා දුක හිතෙන විදියට මාත් එක්ක හිනා උනා.... කැන්ටිම ඇතුලට වෙලා අපි පීරියඩ් කට් කර කර ප්ලේන්ටි බිබී ඉන්නකොට හදිසියේම ගමගේ සර් කඩාපාත් වෙනකොට අපි පුටු පෙරලන් වාෂ්පවෙලා යනව වගේ... ඒ හිනාවට මගේ හිතේ තිබුන තරහවල් ඔක්කොම බය ලැජ්ජාව පෙරලගෙන අතුරුදහන් උනා..... මගේ කටේ කොන් දෙකත් වැට පැන්නෙ මටත් නොදැනිම වෙන්න ඇති...
මගේ පැණි හිනාව දැකල මම හිනා වෙන්න කාත් එක්ක ද බලන්න ඒ පේලියේ ඉන්න කෙල්ලොත් හැරි හැරි බලනව ව්‍යංග දිහා... උන් ටික දෙනා නෙවෙයි නෙවෙයි මුලු පන්තියම බලන් ඉදියත් පුලුවන්නම් මම පන්තිය ඇරෙනකම් ඉන්නව එයාගෙ මූන දිහා බලාගෙන...
ඒත් තව ටිකක් වෙලා මම මෙතන ඉදියොත් සර් කාරය මගේ පුකට පයින් දෙක් ගහල එලවනව ඉස්සරහට.... ඒ එක්කම අහල පහල වට්ටි අම්මල ටික බලන නිසා ව්‍යංගත් බිම බලාගත්ත... මම අකමැති උනත් මගේ කුල් දෙක මාව බලෙන්ම වගේ පස්සෙම පේලිය ලගට ඇදගෙන ආවා...
"මොන මගුලකටද ඒකි පොත සර්ට දීල තියෙන්නෙ... අම්ම ඉදිය කියල උඹට පොත දෙන්න බැරිද ..... අනික එදා අම්ම ඉන්න තැනමනෙ ඒකි අපේ ගෙදර ඇවිත් පොත ඉල්ලුවෙ මගෙන්... "
මම වාඩි උනා විතරයි ශ්‍යාමිකය කියවන්න පටන් ගත්තා...
"හැබැයි ෆුල් ඇඩ් එක... තෝ කෙල්ලොන්ගෙ වතුර බෝතලුත් පෙරලගෙන ගෙන වැටි වැටි යනව දැක්කාම අපි මෙහේ හිනා කලා මැරුනා.. මොනව උනත් කෙල්ල පුල් චාටරයක් තමයි උඹට සෙට් කරේ...."
පැංචත් පිටිපස්ස හැරිල මට කොන්ඩිය දානව...
" පල ඩෝ යන්න... උබලට තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව... කට්ටිය ඉදපු නිසයි.. අම්ම ඉදපු නිසයි ඒකි ලැජාවට මට පොත දෙන්න නැතුව ඇත්තෙ... එහෙම තමයි ඩෝ ලැජ්ජ බයට හැදිච්ච කෙල්ලො... "
මගේ ෆියෝනා කුමාරිට එහෙම එක එක ඒව කියන්න දෙන්න පුලුවන්ද.... මේ වගේ මොට්ට බූරු පැටවුන්ට...
"අනේ අනේ.. පල යන්න... ලැජ්ජ බය.... පුග්... මම කියන්නෙ නෑ ලැජ්ජ බය...... සෑහෙන ලැජ්ජ බය නිසා තමයි අච්චර සෑහෙන දිග සායවල් අදින්නෙ... ... අනේ බං විගඟයෝ...."
ව්‍යංගට එක එක ඒව කියනකොට මට තදවෙන බව දන්න නිසා මුන් මාව බයිට් එකට ගන්නයි හදන්නෙ...
"අන්න ඒකනෙ සනා එතනත් උඹලගෙ ඉරිසියාව... ඔය ගමේ ලතාල වගේද ඒකිගෙ පොෂ් ලුක් එක... කොටට ඇන්ද කියල ලැජ්ජ බය නැති වෙනවද.... ඒව නිවු සටයිල්..... මේ ගමේ ලැවරියා එකක් වගේ ටිකිරි ලියා කෙනෙක්වත් උඹලට සෙට් වෙන්නෙ නැති වෙලාවෙ වැනිල අයික්‍රීම් උඩින් දාපු කූල් ෆලූඩ එකක් වගේ කෑල්ලක් සැට් වෙනවට උඹලට පැලෙන්න ඉරිසියයි වෙන මොනවද..... "
මමත් ඇරියෙ නෑ...
"හරි හරී... උඹ ඔය කියනව වගේ අයිස්ක්‍රීම් දාපු පලූඩ එකක් වගේ තමයි කෑල්ල.. ඒක අපි නෑ කියන්නෙ නෑ... ඒකට වහ වැටිල පැනි මුට්ටියම පෙරලගෙන පස්සෙන් ගියාට ඔය දුන්නෙ අද ඒකි ටොපිය ලෙසටම..."
"සිරාවට මචන් ලැවරියා වගේ ගමේ කෑලි මෙහෙම පරිප්පු දෙන්නෙ නෑ... උන් අකමැතිනම ඔරවල ලග තියෙන ඒව විසිවෙන්න ගස්සල හොල්ලල යනව විතරයි... උබේ පොෂ් කෑල්ලනෙ ඔය දීල තියෙන්නෙ පරිප්පුවක් නෙවෙයි චීස් පීස එකක්ම...
උඹ දැන් ඩිංගකට කලින් කෑවෙ ඒක පන්තිය මැද්දෑවෙ ඉදං මුලු පන්තියටම පේන්න.. අනේ ඩෝ....."
උන් සෙට් එකම මට එරෙහිව අතිෂ්‍යය දරුණු බර අවි පාවිච්චි කරනවා... මගේ පරම පිවිතුරු ප්‍රේමනීය මරණිය රමනීය අමරනීය තව තව එක එක ජාතියේ නීය... ආදරේ පරදින්න දෙන්නෙ කොහොමද....
"දැන් උඹල කියන්නෙ ඒකි මට චාටර් දෙනව මට අකමැති නිසා කියලද... "
"මේ බලපං එහෙනම් පොතට කවරෙයක් දාල තියෙන්නෙ අහවල් රෙද්දකට වෙන්න ඇති...... අනේ බං...දැන්වත් පිලිගනින් උඹලගෙ හිතේ තියෙන ඉරිසියාව...."
මම පොත උස්සල පැංචගෙ මූන ඉස්සරහින් එහෙ මෙහෙ වැනුවා....
" අම්මට හුඩු මූට ගිය කල..... බලපංකො පොතේ ලස්සන... "
පැංචගෙ ඉරිසියාකාර හිතෙන් ඌටත් නොදැනිම ඇත්තක් පිටවෙන්න තරන් පොත ඇත්තටම ලස්සනයි...
අවසානේ මගේ න්‍යෂ්ඨික අවි ප්‍රහාරය හමුවේ මගේ පිවිතුරු ප්‍රේමයට බර අවි එල්ල කරපු
ප්‍රේමත් ද්‍රෝහී ඉරිසියාකාර ත්‍රස්තවාදීන් ටිකට ඇඩ්‍රස් නැති උනා....
මම හිනා වෙවී පොත දිග ඇරියා... පොතෙන් එන්නෙත් එයාගෙ ලගින් එන සුවද වගේ....
මම පිටුවෙන් පිටුව හෙමීට පොතේ අද ලියන්න තියෙන තැන වෙනකම් පෙරලගෙන ආව...
ඒ පිටුවෙ ලස්සන බෝල අකුරෙන් පැන්සලෙන් මෙන්න මෙහෙම ලියල තිබුනා....
එයා පැන්සලෙන් ලියන්න ඇත්තෙ මට ලියනකොට ඒක මකාගන්න වෙන්න ඇති...
මගේ හිත ඇතුලෙන් මල් වෙඩි පත්තු වෙද්දි .... මම ඒ කොලේ හෙමීට ඉරල අරගත්ත...
කොලේ ඉරෙන සද්දෙට මගේ දිහා බලපු ශ්‍යාමිකයට මම කොලේ පෙන්නුවේ යුධ නීති වලට පටහැනි උනත් මගේ න්‍යෂ්ඨික අවිවලින් යටත් වෙලා ඉන්න ත්‍රස්තවාදීන්ට උන් කරපු දේවල් වලට් අමානුසික ලෙස හිරි හැර කරණ අමානුශික ආසාවෙන්.....
ඇස් ලොකු කරගෙන මගේ දිහා බලපු ශ්‍යාමිකයා අන්තිමේදි හිනාවෙලා මට වැලමිටෙන් ඇන්නා....
"පාටියක් දීපං මස්සිනා....."
මමත් හිනා වෙවී කොලේ නවල සාකුවේ දාගත්ත පරිස්සමට... පන්ති ඇරෙනකම්ම එක එක ඒව කල්පනා උනා මිස සර් කියපු දෙයක්නම් ඔලුවෙ තිබුනෙම නෑ...
අම්මප මේ කෙහෙල්මල් ඉලවුව හින්ද අද්‍යාපනේටනම් කෙලවෙනවම තමයි...
අපි පන්ති ඇරිල ගාල්ලට එනකම් හෙමි හෙමීට ඇවිදගෙන ආවා.. පංති ඇරිල ව්‍යංගව හොයාගන්න ට්‍රයි එකක් දුන්නත් සීනි ගෝනියේ තෙල් කූබියෙක් හොයනව වගේ කොහේ හොයන්නද.....
අපේ සෙට් එකම ස්ටෑන්ඩ් එක දිගේ ඇවිදගෙන ඇවිත් අපේ පාරෙ බස් ගහන තැන පුංචි තාප්පෙට හේත්තු වෙලා කයියක් දාගෙන ඉදියා... රබර්ලගෙ සීන් එක ආයෙත් අර් සෝම නැනදගෙ වාහිනියේ ප්‍රතිනිර්මාණය කරන වගේ පැංච තනියෙන් රගපාන ගමන් අපේ පංතියේ අනිත් සෙට් එකට විස්තරේ කියනවා.... හැබැයි ඌ කියන විදියට ඌත් හතර පස් දෙනෙක්ට බිම වැටෙන්න ගහල... අපේ එවුනුත් සීන් එක අහගෙන ඉන්නව කට ඇරගෙන වට වෙලා. ඒ මදිවට ස්ටෑන්ඩ් එකේ යන මිනිස්සුත් එබිල බලනව තෙල් බේත් කාරයෙක්ද කියල... ඇයි මුගේ මේ වෙසක් නට්‍ය බලන්නෙ අපේ උන් ඌව වටකරගෙනනෙ...
මම තාප්පෙට හේත්තුවෙලා ඉදියට මට ඉස්සරහ මගේ පැත්ත හැරිල හිටගෙන ඉදපු ශ්‍යාමිකය මගේ බඩට ඇගිල්ලෙන් ඇනල ඇහෙන් මගේ පිටිපස පෙන්නුව...
මමත් ඌ පෙන්නපු දිහව හැරිල බැලුවා....
ව්‍යංග යනව තව කෙල්ලො දෙන්නෙක් එක්ක ලව(ර්) එක පැත්තට... අනිත් කෙල්ලො දෙන්න කච බච ගගා හිනාවෙවී ටිකක් ඉස්සරහින් යනවා.. මෙයා අර සුපුරුදු ගමන.. පොත් ටික අත් දෙකෙන්ම පපුවට තුරුල් කරගෙන... අර කෙල්ලො කියන ඒවට හිනාවෙවී සද්ද නැතුව යනව පස්සෙන්... අම්මනම් පේන්න නෑ වගේ...
"වරෙන් යන්න"
මම ශ්‍යාමිකයවත් ඇදගෙන එයාල ගියපු පැත්තට දුවගෙන ආව... අපි එතනට එනකොටම කෙල්ලො ටික කුඩ අකුලන් ලව(ර් )එක ඇතුලට යනව ... අපිත් පොත් ටික බෑග් කවුන්ටර් එකේ තියලා හෙමීට ලව(ර්) එක ඇතුලට ආව...
සෙනසුරාද නිසා ඇතුලෙ සෙනග සූ ගාලා..... ඒත් එක්කම ටිකක් ඈතට වෙන්න කොන්ඩ කටු තියෙන තනැක ව්‍යංගගෙ මූන මම දැක්කෙ යාන්තමට
මමයි ශ්‍යාමිකයයි හෙමි හෙමීට එතනට කිට්ටු කරා... එයාගෙ ලගට එනකම්ම එයා අපිව දැක්කෙ නෑ...
"ව්‍යංගා... "
මම කතා කරනකොටම කෙල්ල ගැස්සිල හැරුන අපේ පැත්තට...
ඒත් එක්කම අර හැමදාම හිනාවෙන ලොකු වීදුරු ඇස් දෙක කවදාවත් මම දැකල නැති විදියට දිලිසුනා... හැබැයි ඒ වෙනද වගේ හිනාවෙන් නෙවෙයි... තරහෙන්...
එච්චර ලස්සන අහින්සක මූනකට එච්චර නපුරුවෙන්න පුලුවන්ද හිතෙන තරමටම ඒ ඇස් දෙනෙක් ගින්දර පිට උනා.... මෙච්චර වෙලා හිතේ තිබුන හැගීම ඔක්කොටම එක සැරේ ගිනිගත්ත වගේ මගේ මුලු ඇගම එයාගෙ ඒ බැල්මට පිච්චිල යද්දි තවත් තප්පර දෙක් විතර අපේ දිහට ඔරවගෙන ඉදපු එයා එකපාරටම හැරිල යන්න ගියේ වචනයක්වත් නොකිය.....
පංතියේදි අර විදියට හිනා උන එයා... මගේ පොතේ අර විදියට ලියල හිනා මූනු ඇදල තිබුන එයා.. ලස්සනට නම ලියල ස්ටිකර් අලවල මගේ පොතට කවරයක් දාල දීපු එයා.. එයාට වැරද්දක් කරපු හතුරෙකුට වගේ මාව පිච්චෙන තරමට ඔරවල වචනයක්වත් නොකිය යන්න ගියා..
"අනේ ඇයි ව්‍යංග මේ........ මම මොනවද ඔයාට කරේ.... "
ටිකෙන් ටික ඈතට යන එයාව ඇස්දෙකට ගලාගෙන ආව කදුලුවලින් බොදවෙලා යද්දි සෙනග මැද්දෙදි කෑගහල අහන්න මට හිතුනා....
විටක හිනැහෙන විටක ඔරවන
උබේ අදරෙ ඇයි ගනං
මටම නොවෙමද නුඹේ හිතෙ ඉඩ
කදුලු විතරද ඉතිරි දැං ........ .....
මගදිගට 12 න් බලාපොරොත්තු වන්න
තියෙන ගොඩ
මග දිගට (නවකතාව)
Subscribe to:
Post Comments (Atom)
පට්ට පට්ට.....වන් මෝ.................
ReplyDeleteඅප්පොච්චියේ ඒ මොන හෙණ ගෙඩියක්ද පාත් වෙලා තියෙන්නේ හිකි හිකි එහෙන් එක්කෙනෙක් මාතර ටවුන් එක විග්‍රහ කරමින් කතා ලියනවා මෙයා මෙහෙන් ගාල්ල ටවුන් එක විග්‍රහ කරමින් කතා ලියනවා ගාල්ලෙ ලවර් එක ගැන න්අම් ඉතින් කතා කරන්න ඕනි නෑ මම ආසම තැනක් ටවුන් එකේ තියෙන තව ඊට එහා පැත්තේ තියෙන කූල් ස්පොට් එක ආව් ආව් ♥♥♥
ReplyDeleteමොන හු ද බන්.... අනේ සොරි... හක් හක්... සිරාවට උබ නිකන් කන්දක් මුදුනට එක්කන් ගිහින් අතෑරියා වගේ බ්‍රේක් ගහද්දි තද වෙනවනේ....
ReplyDeleteදැන් ඉතින් තව මාසයක් වත් ඉන්න වෙයිද දන්නෙ නෑ... ඉක්මනට දාපන්කො කොල්ලො.. අමතක වෙනව නවත්තපු තැන නැත්තම්. ඒ ලෙවල් කාලෙ මතක් වෙනව බන්.. පට්ට අහ්
ශානු ගාල්ලෙද ? කව්ද මාතර ගැන ලියන එකා... ලින්ක් එක දැම්මනම්
ReplyDeleteනියමයි පොඩි මැන්... හම්ම්.. නියම කතාව.
ReplyDeleteඅනෙ දෙය්යනේ මොකද්ද උනේ????
ReplyDelete@පිස්සා පලාමල්ල :නෑ නෑ ගාල්ල මගේ ගම ඉතින් මට මෙහේ වගේම තමයි ගාල්ලත් අයියා
ReplyDeleteලොවෙත් නෑ මචං.............
ReplyDelete@පිස්සා පලාමල්ල : මෙන්න ඔයා ඉල්ලපු ලින්ක් එක http://apeisawwa.blogspot.com/search/label/%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F..%E0%B6%85%E0%B6%B1%E0%B7%9A%20%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%98
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅහ් එළ කිරිස්... ඒ අඩවිය ට ගොඩ වැදුනෙ අදමයි.... ටැන්කියු නංගා
ReplyDelete@පිස්සා පලාමල්ල :අන්න එෆ්බී එකට ලින්ක් එක දාලා ඇති
ReplyDelete@ ශානු :- ආවුදත් අහනවා... ඔය කූල්ස්පොට් එකත් ඉස්සරහට කතාවෙ තියෙනවා... ගම ගාලෙ කිවුවා... මොන බාලිකාවෙද දන්නෙ නෑ... අර ලින්ක් එකට තෑනිස් හොදේ... මගේ ගම ගාල්ලෙ උනාට තාත්තලගෙ ගම මාතර ඉතිං මාතර නුපුරුදු ප්‍රදේශයක් නෙවෙයි අපිට,,,
ReplyDeleteඅඩෝ.... දුක හිතෙන ඒවා ලියන්න එපා බං....
ReplyDeleteඇඬෙනවනෙ ඕයි......
@ Waruna :- වන් නෙවෙයි තව ගොඩක් තියෙනව... :D :D
ReplyDelete@ පිස්සා පලාමල්ල :- වැඩ බං මේ ටිකේම... අනික අනිත් මොනව ලිවුවත් මම මේක ආවට ගියාට ලියන්නෙ නෑ.... ඒකයි ෆුල් නිදහස් වෙලාවක ලියන්නෙ... පුලුවන් ඉක්මනට දෙන්නම්... යකෝ බ්‍රේක් ගහන්නෙ නැතුව තව කොහ්චර දිගට ලියන්නද උඹ කියන්නෙ :P
ReplyDelete@ මහී :- තැන්කූ තැන්කූ
ReplyDelete@ Madawa :- මොකද උනේ බලන්න වෙන්නෙ ඊලග කොටසින් තමයි...
@ කල්ප :- එල එල මචං
@ chaw chaw :- මොනව කරන්නද බං..... :(
ReplyDeleteanee manda mata hithenawa me ව්‍යංග kiyanne nimunnu needa..?? onna mata hagena dee.........:D:D
ReplyDeleteකතාවේ රස මුල ඉදන්ම වෙනස් නොවී තියෙනවා පොඩ්ඩෝ... එලම තමයි.. ඉකමනට අනිත් කොටස් දාපන්..!
ReplyDelete@ gayana :- :O උදේ ඉදලම එක්කෙනයිනෙ ඉදියෙ... ක්ලාස් එකට ආවෙත් ක්ලාස් එකේදි හිනා උනෙත් ශොප් එකේදි එරෙවුවෙත් එක්කෙනාම තමයි...
ReplyDelete@ Kavinda :- බොහොම ස්තූතියි.... පුලුවන් ඉක්මනට දානවා...
ReplyDeleteමචන් පිස්සගේ " දිනිති පාසල් වියේ ඇතිවූ කුලුදුල් ආදරය " කියෙව්වට පස්සේ බ්ලොග් එකක කියවන රසවත්ම නවකතාව මේ.... මචන් මමත් අල්ලපු වැටේ.... ඒ කාලේ කෙල්ලගේ අම්ම තාත්ත මාතරට ගොඩ බහින පෙරමග සලකුණු තිබ්බ නම් කොලොම්බෝ එක්ස්ප්‍රස් ගාල්ල තමයි ඉතින් මමත්... හික් හික් උඹේ කතාව කියවද්දී මගේ හිතෙන් මම ආයෙම ගාල්ල ටවුන් එකේ ඇවිදිනව මචන්... ඉක්මනට ඊලඟ කොටස ලියපන් මචන්.... අඩේ මෙන්න තවත් ලින්ක් එකක්.... තැන්ක්ස් ශානිකෝ පිස්සට දීපු ලින්ක් එකට.... :D
ReplyDeleteහෆොයි . .
ReplyDeleteකෙල්ලන්ගේ ගල් හිත් වගේ . .අහ් සොරි . . . හිත් ගල් වගේ කියන්නේ ඕක තමා . . .ශිහ් . .
පව් යකෝ . . .
දුක්වෙන්ට එපා බන් පස්සේ ශේප් වෙයිනේ . . .
@ ගුනේ :- තෑන්ක්ස් මචං.... පුලුවන් ඉක්මනට දානවා... මමත් මේ ශානු දීපු ලින්ක් එක කියවන ගමන්... :D
ReplyDelete@ දුකා :- අනේද කියන්නෙ.. කෙල්ලන්ගෙ හිත් ගැනනම් කියල වැඩක් නෑ බං
ReplyDeleteමොනවද යකෝ ඇඬෙන එවුවා ලියන්නේ.... :(
ReplyDelete$@&^$@%*#(@^#@*&!*#O%@&
ReplyDeleteකතාව නියමෙටම යනවා පොඩ්ඩා.. අනිත් කොටස ඉක්මනින් දාන්න...
ReplyDeleteනියමයි ඉක්මනට 12ත් දාපන්.දාපන් කිව්වේ ෆිට් එකට :-)
ReplyDeleteඅන්තිමටනම් දුක හිතුනා බන්...
ReplyDeleteනියමයි අය්යේ,ඒත් අනේ මොකද මේ කතාවේ අන්තිම ටික,දුකයිනේ....:'(
ReplyDeleteඅඩේ මචන් ලොවෙත් නැ ලොවි ගහෙත් නැ ..උඹ එලට ලියනවා
ReplyDeleteමම මේකේ කොටස් දෙකයි කියවලා තිබුනේ . පාන්දර 1.00 ට විතර පටන් අරගෙන 3.00 වෙනකන් පිලිවෙලකට කෙලගෙන ආවා . අම්මපා මරු පොඩ්ඩෝ . දිගටම ලියපන් . පොඩ්ඩා හැමදාම මට කියන කතාව ඇත්ත කියලා දැං හිතෙනවා . මම ඉඳලා හිටලා ඇවිත් කිචි කවලා යනවා වගේම නොවුනත් මේක මට නම් කොච්චර කියෙව්වත් මදි . තව දිගට තිබ්බනම් කියලා හිතුනා . පිලිවෙලකට අමුනගෙන යමුකෝ . අපි ඉන්නවා සප් එක දෙන්න හැමදාම ලගින් . ( නොපෙනුනාට . :P ) සුබ ගමන් . . . ජය . . .!
ReplyDeleteඅම්මෝ..කොටස් 11 ම එක දිගට කියෙව්වා..හිනා වෙලා පන යනවා ඔයා ලියන විදියට. මේ "ඉඳියා" කියන වචනේ ගාල්ලේ වචනයක්ද...හ්ම් වෙන්න බැහැනේ...:))
ReplyDelete@ ChAnDiKa :- මොනව කරන්නද බං ඇඩෙන සීන් එකන්කොට ඇඩෙන ඒව ලියන්න එපැයි :D :D
ReplyDeleteඒ පාර මොකක්ද ඒ හෙන ගෙඩිය?????
ReplyDelete@ Bunny :- $%$^%*&^%*^%*(&^*&_)+P:+(^&*$
ReplyDelete@ Dinesh :- ස්තූතියි... පුලුවන් ඉක්මනට දානවා.. :)
@ නලීන් :- ඕනෙ එක් කියපං බං.. කියපං කිවුවෙත් ෆිට් එකට හොදේ.. :D :D
ReplyDelete@ තාරක :- දුකයි නේන්නම් බං..
@ danu :- මොනව කරනද අරම උනාම දුක හිතෙනවනෙ....
ReplyDelete@ rawana :- තෑන්ක්ස් මචං.... දිගටම එන්න කියවන්න :D
@ සුශාන් :- ඔයාට තියෙන ලෙඩේම තමයි මටත් තියෙන්නෙ... මොකද ඉතිං මත් කතාව ඉක්මනට ලියන්න වෙන්නෙ නෑ... මොක්ද ම පෝස්ට් එක ලියනවනම් එක සැරේටම ලියන්න ඕනෙ නවත්ත නවත්ත ලියන්න බෑ.. උපමා උපමේය පොත පෙරලල අරගෙන කල්පනා කරල එඩිට් කරල ලියල එලියට දාන්න සෑහෙන වෙලාවක් යනව.. උදේ 9 විතර ඉදල ලියල තමයි ඔය 3. 30 පෝස්ට් එක දැම්මෙ.. හැබැයි ඔයා වගේ කිති කවල යන්නෙ නෑ.... ටිකක් දිගට ලියනවා... :D :D
ReplyDelete@ සයුරී :- ස්තූතියි කතාව කියවල කමෙට් එකක් දැම්මට.. ඉදියා කියන එක බෙන්තර පාලමෙන් මෙහා පැත්තෙ අයට ආවෙනික වචනයක් මම හිතන්නෙ.... හිටියා වෙනුවට ඉදියා කියල කියන්නෙ... මාතර අය තමයි වැඩි හරියක් කියන්නෙ ඒත් ගාලෙත් ඒ ආභාෂය තියෙන අය නැතුවම නෙවෙයි.. දිගටම එන්න කතාව කියවන්න.. හිනාවෙච්ච තරමටම අඩන්නත් එක්ක.. :D
ReplyDelete@ නිසූපා :- අනේ මන්දා... මොකකද කියල.. ඊලග කොටසින්වත් බලමු :D :D ස්තූතියි අක්කෙ.. හැමදාම ඇවිත් කමෙට් එකක් දාලම යනවට
ReplyDeleteaiyooooo mara scene eka thamai... mekaithin vyangage gon wadak... eya thamai potha sirta denna aththe...eelaga kotasa ikmanata gannakoooooo....
ReplyDeletegirl of 27
වැඩකට නැති විකාර කථාවක්......... :/ :/
ReplyDeletehiks ගණං උස්සනව කියන්නෙ ඕකට තමයි.. :D
ReplyDeleteබැරිවුන ටිකත් අදයි කියෙව්වෙ..
ඉක්මනට ලියමු.. :)
@ girl of 27 :- මේ ව්‍යංගට මුකුත් කියන්න එපා විගඟට තදවේවි.. :D දානව දානව ඉක්මනට දානවා..
ReplyDelete@ ඇනෝ :- ඒ වැඩක් නැති විකාර කතාව කියවන්න ඔයා හැමදාම එනවනෙ ඇනෝ... :P
ReplyDelete@ හිම කුමාරි :- ඒකට කියන්නෙ ගනං උස්සනව කියලද... පවු නැද්ද අප්පා... ලියමු ලියමු..
ReplyDeleteඅපරාදේ කියන්න බෑ පොඩි මෑන් ඔයා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කොලුවෙක් :) අදයි මේ කතා කියවන්න ගත්තේ.. අනේ ඉතිං අපිටත් උසස් පෙලක් තිබ්බනේ කියලා මතක් උනා ... මග දිගට 12 එනකන් බලාගෙන ඉමි :)
ReplyDeleteපොඩ්ඩො ඔක්කොම පට්ට.හැබැයි උබ හොදමතැනදි කතාව ඉවරකරනවනෙ බන්...........12 ඉක්මනටම දාපන්.....
ReplyDelete@ wasanaa :- ඉක්මනටා දානවා ... දිගටම එන්න කියවන්න
ReplyDelete@ Nipz :- මෙගා ටෙලි වල දැකල නැද්ද ත්‍රාසය බීතිය පිරි කුතුහලයකින් කොටසක් අවසන් කරනෙ.. :D :D ස්තූතියි.. ඉක්මනට දානවා...
පට්ටයි බන් කතාව..මං මේ ඊයේ පෙරේද දැකල සේරම ටික කියවගෙන ආවා....ඔන්‍න දැන් තමයි මටත් තද වෙන්නේ හරිය?? !#%@^@&#%&$^&
ReplyDeleteඉක්මනට අනිත් ටිකත් දාපන් පොඩ්ඩෝ..
ගාල්ලේ කොල්ලෙක් නේ??
අපිත් වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ ඔය පළාතේ තමයි..
එල එල..
මේ..උඩ යන්නේ නැතිව ඉක්මනට 12 දාපන්..
නැත්තම් කපනවා ඩො හරිද?
:පී
වාව්......හුඟ කාලෙකට පස්සෙ සුපිරි කතවක් කියෙව්වා....පොඩි මෑන්..කතාව නම් පට්ටයි ආ......කියන්න වදන් නෑ. දිව නැවෙන්න ඇඟිලි දෙකක් කට ඇතුලට දාල ගහන්න හිතෙනවා විසිල් එකක් මුලු ගාල්ලටම ඇහෙන්න......අද දවල් තමයි අහම්බෙන් මම ඔයාගෙ Blog එකට ආවෙ. ආපු ගමන් කරේ එක හුස්මට " මග දිගට " කියවපු එක.......දැන්නම් ඊලඟ කොටස කියවනකම් ඉවසීමක් නෑ.....ඉක්මනට අනිත් ටිකත් දාන්න...හැබැයි යාලු ඔයා එක තැනක කියල තිබුනා " දිගටම එන්න කතාව කියවන්න.. හිනාවෙච්ච තරමටම අඩන්නත් එක්ක.." කියලා........ඒ මොකද.මෙච්චර හිනස්සන අපිව ඉස්සරහට අඬවන්නද හදන්නේ....කොහොම උනත් අපි දිගටම කියවනවා....ඔයා ඉස්සරහට තව හොඳට ලියයි කියල විශ්වාසයි......දකුනෙ එකෙක්නේ........අයෙ හූදන්න දෙයක් නෑ.Best of Luck
ReplyDeletemachan podiman oyaa ano kiyana ewa ganam ganne nathuwa kathawa digatama liyapan... okun liyanneth na liyana ekekuta liyanna denneth na... mama me kathawa thiyenawda kiyala hamadama balanawa ... elatama liyanawa machan...
ReplyDeletejaya wewa....
අම්මපා මලයෝ උබනම් සිරාවටම ලියනවා...
ReplyDeleteඅදම තමයි උබෙ බ්ලොග් එක කියෙව්වෙ... කතාව එක හුස්මට කියෙව්වා ඔෆිස් එකේදිම...
ඉක්මනට ඉතුරු කොටස දාපන්... නැත්නම් උබව කොග්ගල කඩේ හන්දියේ තියන් ගහනවා....
:)
මොන දිල්ලියක ගියත් ගාල්ල අමතක වෙන්නෑ බන්.. ඔය කතාවෙ තියෙන විදියෙම අතීතයක් මටත් තිබුනා.. කුනු ඇල පාර, රේල් පාර, සදර්න් ක්ලාස් එක, කොටුව..... ඔයවගේ තැන්වල අපි කොච්චර වල ගහන්න ඇත්ද..... පුදුම සුන්දර කාලයක් ඒක... ඒවා මගෙ බ්ලොග් එකේ ලියන්න වෙලාවක් නෑ බන්... ගාල්ලෙ මතකය ගාල්ලෙ කොල්ලෙක්ට අමතක වෙන්නනම් එකා මැරිල උපදින්න වෙයි....
එල එල... දිගටම ලියන්න...
This comment has been removed by the author.
ReplyDeleteade mn last week 1th GF ekka galle lover 1ta giya,fattaa
ReplyDeleteHi there! This is my first comment here so
ReplyDeleteI just wanted to give a quick shout out and say I really enjoy reading your blog posts.
Can you suggest any other blogs/websites/forums that cover the
same topics? Thanks a ton!
Here is my homepage ... transfer news soccer 2012
Pretty! This was an extremely wonderful post. Many thanks for supplying
ReplyDeletethese details.
my website > arsenal transfer rumours news 2007
This comment has been removed by the author.
ReplyDeleteහරිම ලස්සනයි.. දිගටම ලියන්න...මම දෑං තමයි මුල ඉදන්ම කියවගෙන ආවේ..ඊළග එක කියවනකන් හදිස්සියි...
ReplyDelete