මගදිගට 1
මගදිගට 2
මගදිගට 3
මගදිගට 6
මග දිගට 7
මග දිගට 8
අද එතැන් සිට.....
ලහිරුව යනව පුකට පෙට්‍රල් ගහපු බල්ලෙක් වගේ.. පස්ස බැලිල්ලක් හෙවිල්ලක් නෑ.. පැංචත් ඒ පස්සෙන් යනවා.. ලේන්සුවත් ඔලුවට තියල තද කරගෙන... මාත් ඉතිං උන්දෙන්නගෙ පස්සෙන් වෑන් හෙල්සිංගෙ පස්සෙන් ෆිල්ඩියාවෙ ඩ්‍රැකිවුවා අදිපාදිවරයගෙ ගෙට ඇතුල්වෙන මීනා පාකර් වගේ ගැහි ගැහි වත්ත ඇතුලට අඩිය තිබ්බා...
ඇගේ පතේ රිදෙන ඒව ටික ටික වැඩිවෙද්දි.. ඊට අනුලෝමව හාට් බීට් එකත් ඒකාකාර තරණයකට ලක්වෙද්දි අපි මුඩුක්කු වත්තෙ අර චූටි චූටි ගෙවල් අස්සෙන්.. ලිං ගාවින්... ඇදුම් වැලවල් යටින් පාත්වෙලා... කානු උඩින් පැනල... ගෑනු නාන තැන් මැද්දෙන් රිංගලා... බාල්දි පෙල්ලගෙන... පරෙයියො කුකුල්ලු එලවගෙන... ආපදාවකින් තොරව කුනුඇල පාරෙ කොනෙන් මතු උනා...
අප්පා නිවන් ගියා වගේ.....
" අඩෝ අරුන් සෙට් එක ඉදියෙ නෑනෙ වෙලාවට මම හිතුවෙ දැන් නැතුවට දැන් පාත්වෙලා ගේම අදියි කියල..."
කුණු ඇල පාරට ආව ගමන් මම ළහිරුවට කිවුවෙ හිතේ තිබුන සිරාම බය..
" උන් සෙට් එකම කේ ටී එස් එක ගාවින් අනිත් පාරට හැරෙනව දැක්කා මම.. උන් එන්නම ආයෙ රවුමක් ගහන්න ඕනෙ.. මේ පාරගාවට එන්න.. ඒකයි මම යමන් කිවුවෙ..."
ලහිරුව උගේ ස්තානෝචිත අහවල් එක ගැන උදම් අනනව... අම්මප මූ ඕක කලින් කිවුවනම් පිච්චිච්ච ලේ ලීටර් බාගයක් විතර ඉතුරුයිනෙ..
අපි කුනු ඇල පාර දිගේ කලු පාලම පහු කරගෙන ඇවිදගෙන ආවා.... එකෙක්ටවත් අයිඩියා එකක් තිබුනෙ නෑ කොහේට යනවද කියල..
"තාම ලේ එනවද... ?"
උගෙන් අහුවෙ පැංච නලලට තියාගෙන තිබුන ලේන්සුව අරගෙන බලනව දැකල..
"ටිකක්.."
"එහෙනම් බෙහෙත් ටිකක් දාගන්න වෙයි බං යමන් කෆා එකට..."
පැංචත් වචනයක්වත් නොකිය අපේ පස්සෙන් ආවා... අම්මප මුගේ කට වැහිච්ච හැටි.. අපි එකෙක්ටවත් කරන්න බැරි වෙච්ච වැඩක්නෙ රබර්ල කරේ.. වෙන වෙලාවට මෙහෙම කටවහගෙන ඉන්න පුලුවන් එකෙන්ද මූ... කොයිවෙලාවෙත් කියවනව කියවනව... දැන් ඉන්නව ගලේ රීපු බලල වගේ... ... ඌත් එහෙමනෙ වෙන කොහේ වැඩේ කරත් වහනවා.. ඒත් ගලේ දාපු වෙලාවට වහගන්න බැරි නිසා බයවෙලා සද්ද නැතුව ඉන්නව කොයි වෙලේ අහුවෙයිද කියල
අපි කෆා එකට එනකොට වෙලාවට වැඩියෙ සෙනග හිටියෙ නෑ.. ඉදපු දෙන්න තුන්දෙනාත් අපි දිහා බැලුවෙත් මොන්ඩිසෝරි ට්‍රිප් එකකින් සත්තුවත්ත බලන්න ආපු පොඩි උන් කූඩුව වටේ ඉදන් ගෝරිල්ල බලනව වගේ කටින්... මූන උස්සන්නම් බෑ වගේ... මම බිම බලාගෙන පැංචවත් තල්ලු කරගෙන ඉස්සරහට ගියා එතකොටයි මම දැක්කෙ අර ඉතුරු උන හොදි එක පැංචගෙ කලිසම පුරාම හැලිල තියෙනවා.. ඒකෙ තිබුන කරපිංච කොලත් ඇලිල මුගේ පස්සෙ.. ඇතුලට යන ගමන් මම හෙමින් ඒව පිහිදුවා.. කලිසම් පස්ස දුඹුරුපාට වෙලා ඒකෙ කරපිංච කොලත් ඇලිල තියෙනව දැක්කාම මිනිස්සුන්ට මොනව නොහිතේවිද...
පැංචගෙ තුවාලෙ බලපු එතන ඉදපු වයසක මිසී කෙනෙක් ටොම්බ සයිස් වීදුරු කන්නාඩි දෙක උඩින් අපේ දිහාත් බැලුවා...
"මැහුමක් දාන්න වෙයි.."
හරිනෙ... කාල වරෙන්කො... වෙන තුවාලයක්නම් ඉතිං මොනවහරි කියන්න පුලුවන්. මැහුම් දාන්න තරම් තුවාල වෙලා කියල දැනගත්තාම සේරටම වඩා පැංචලගෙ ආච්චි තමයි යමාමහ පෙලහර පාන්න ගන්නෙ... අපි ගිහිල්ලත් ඉවරයි ඒ පැත්තට..
"තොපිල තමයි අපේ එකාවත් අරන් ගිහින් එක එකාගෙ අතේ පයේ හිරි අරින්න ඇරියෙ.. හෙ... මහලොකු යාලුවොලු.. ඔන්න උඹට මම කිවුවයි කියල හිතාගනින් මංගලිකෝ.. මේ මාලුවොත් එක්ක මූ යැවුවොත් ඔයිට වඩා නස්පැත්තියක් කොරගෙන තමයි නවතින්නෙ.. ඔන්න මම නොකිවුවයි කියන්න එපා.. හෙ... යාලුවො.. යාලුවො නෙවෙයි මුන් මාලුවො..."
අර ලොබු කටෙන් වෙනද දවසක් විකන බුලත් විට පැයට කාල ඉවරවෙන තරමට වික වික අපිට බනීවි.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... මොකෝ උන්දැට දත්කූරු කන්න එක දතක්වත් තියෙනව්ව කියලලැයි.. අපි කියල හිතාගෙන බුලත් විට විකාවි එකසිය ගානට...
එක අතකට අපිත් වැරදියි.. ඌ ආවෙත් අපි නිසානෙ... ෂික්.. තොලත් රිදෙනව අප්පා.. ඊට වඩා රිදෙනවා බඩ පහත්වෙනකොට කොරවෙනව වගේ... අතත් ඉදිමිලා.. අරූගෙ අර හපුටු මූනට ගැහුවනෙ...
පැංචට බෙහෙත් දාල ඉවරවෙනකං අපි දෙන්න ඉස්සරහ තියෙන පුටු දෙකකට වෙලා වාඩිවෙලා ඉදියා.. මගේ බොත්තන් දෙකක් කැඩිලා සක්කුවේ බාගයක් ඉරිලා එල්ලෙනවා.. ලහිරුවගෙ කලිසමේ බොත්තම විතරක් නෙවෙයි ශිප් එකත් කැඩිලා ඒක නිසා ඌ ෂර්ට් එක උඩින් දාගෙන... එතෙන්ට එච්චර ඩැමේජ් උන එකේ ඇතුටත් හානිද දන්නෙ නෑ.. අපොයි මල විනාසයක් වෙන්නෙ එහෙම වෙලානම් ... පවුලෙ එකම පිරිම දරුවා...අංකල් උඩු රැවුල කර කව කව පුරාජේරුව කියන කයිකාර හේවගේ පරම්පරාවට මුගෙන් පස්සෙ බුදු අම්මෝ මාක් තමයි... අංකල්ට කියවන්න පුරාජේරුවත් නැතිවෙනවා... සොරි අංකල්.... මට අංකල් ගැනත් දුක හිතුනා
ඒ එක්කම පැංච බෙහෙත් දාගෙන එලියට ආව... ආයෙ අපි තුන්දෙනාම කුණුඇල පාර දිගේ ස්ටෑන්ට් එක පැත්තට හෙමින් හෙමින් ඇවිදගෙන ආවා... එකෙක්වත් කතා නෑ... මම වගේම උනුත් ගෙදර ගිහිල්ල කියන බොරු රිදෙන ඒවට කරන වැඩ එහෙමත් මතක් කරගන්න ඇති... ඒ එක්කම අයිනෙ ලයිට් කනුවක ගහපු කට අවුට් එකක් දැකපු මට තවත් දෙයක් මතක් උනේ පොල්ලෙන් ගැහුව වගේ...
ව්‍යංගා....
එදා එයා පලවෙනි දවසෙ දකිද්දි අතේ තිබුන ෆයිල් එකේ රූපෙම තියෙන අපේ සර්ගෙ කලාස් එකේ කටවුට් එක...
මට වෙලාව බැලුනෙ ඉබේටම... 1.25 යි.. ඒ කියන්නෙ අපි ස්ටෑන්ඩ් එකට යනකොට ගානට ස්කෝල ඇරල ළමයි ටික සෙට් වෙයි ස්ටෑන්ඩ් එකට... ඒ කියන්නෙ ව්‍යංගත් එන වෙලාව හරි බොත්තං කඩාගෙන ඇස් වටේ නිල් වෙලා මූනු උදුම්මගෙන තොල් පලාගෙන සාක්කු ඉරාගෙන... තමයි යන්න වෙන්නෙ
කොට්ටෙ පුලුන් ගොට්ටෙ දෙළුම්... ආයෙ හෝදන්න දෙයක් නෑ ඕනෙ එකෙක්ට පේනව ඉස්ම යන්න හොද හෝටලේකින් කාල කියල... ලගට ආවොත් තමයි තේරෙන්නෙ කාපු හෝටලේ බලු වටින්නෙ නෑ කියල.. ඇයි ඇගපත පුරාම හොදි හලාගෙන පිලී ගඳයිත් එක්ක....
කලිසමක් ඇදගෙන මෙහෙම යන්න පුලුවන්ද එයා ඉස්සරහට... දැන් ඉතිං එහෙම කියල මොනව කරන්නද... බලමු ගිහිල්ල එයා උඩුගම ක්වු එකේනෙ ඉන්නව කිවුවෙ.. ටික්ක් වෙලා බලල යාවි.. හැංගිල ඉන්නවා..
ඒත් එතකොට අදත් පොල්ල තිබ්බ වෙනවා... චික්.. කොච්චර චෑනිස් එක්ද අද මේ මිස්වෙන්න යන්නෙ.. එයා එච්චර එන එකේ මම දෙවනි දවසෙත් පොල්ල තිබාම එයාත් හිතයි ආයෙ මොකට යනවද කියල.....ෂිකේ ෂිකේ ගූ ගොඩේ ගල් බනිස්... මොනව කරන්නද කියල හිතාගන්න බෑ.... මොනව උනත් එයා ඉස්සරහට මෙහෙම යන්න පුලුවන්ද....
අපි උඩුගම හෝලට් එකට එනකොට මගේ ඇස් දෙක මටත් හොරෙන් හතර වටේටම කැරකුනා..
පේන්න නෑ...
ඉස්කෝලෙ ඇරිච්ච වගේම නිසා එච්චරම ළමයි නෑ 1.45 විතරවත් වෙනවා ඉටෑන්ඩ් එක පිරෙන්න.. ඒත් බස් එකේ වාඩිවෙන්නනම් ඉඩක් තිබුනෙ නෑ.. ඒක නිසා අපි බස් එක ගාව හිටගෙන ඉදියා.. යන යන එකා හැරිල බලනවා.. අම්මප උන්ටත් ඕනෙ නැති මල බම්බුවක් නෑ.. ස්කෝලෙ ළමයි ටිකක් ඉන්න හින්ද වැඩියෙ අපිව හයිලයිට් වෙන්නෙනම් නෑ..
ඒත් එක්කම බස් එක අද්දන්න හැදුවා... දැන් මොකද කරන්නෙ... ව්‍යංගා එනකම් ඉන්නවද.. යනවද...
මම එහෙම හිත හිත වටපිට බලනකොට ලහිරුවයි පැංචයි බස් එකට නගිනවා... දැන් මොනව කරන්නද... හිත බෑ කියල කෑගහද්දි මගේ කකුල් දෙක මාවත් අරගෙන බස් එක ඇතුලටම ගියා... පිටියට ආව ගමන් ටී ටුවෙන්ටියක් වගේ දිගට හරහට ගහල ලකුණු ගත්තට මැද පෙල ඔක්කොම චකබ්ලාස් වෙලා රන්රේට්ට් එක එකපාරට ගාල්ලෙ කොටුවෙ හැඩේට පහලට බැහැල තියෙන වෙලාවක හුදකලා ඉනිමක් ක්‍රීඩා කරණ ඕපං බැට්මන් කෙනෙක් වගේ තමයි දැන් මේ කේස් එකත්... ගහපු ලකුණුවලත් මෙලෝ රහක් නෑ දැන්.... ව්‍යංග හම්බෙච්ච දවස්වලනං ගුඩ්ලෙන්ත් වැටිච්ච ඉන්සිං වලටත් එක්ස්ට්‍රාකවර් හරහා හතරෙ ඒව ගහපු මට දැන් ෆුල්ටොස් වලටත් ලීවු අවුට් කරන්න වෙලා තියෙන්නෙ..
ෂික්....
බස් එකේ උඩින් අල්ලගන්න බාගෙට උස්සපු අත පහත දැම්මා.. උස්සගන්න බෑ ... බඩ රිදෙනව... අල්ල ගන්නත් තැනක් නෑ .... මෙහෙම දෙපැත්ත වැදි වැදි ගිහිල්ල ගෑනුන්ගෙන් ගුටිකනව ඒපාර... මම පැංචටත් ඇහෙන් ඉස්සරහ පෙන්නල ඉස්සරහට ගියා ගිහිල්ල ෂීට් එකකින් අල්ල ගත්ත විතරයි...
පිස්සු බම්ප් වෙනවා.... මෙන්න බොලේ ව්‍යංගා....!!! .... මට ඉස්සරහම ෂීට් එකේ වාඩිවෙලා....
දකින්න දවස් ගානක් පෙරුම් පුරපු ඒ ලොකු වීදුරු ඇස් දෙක........ මගේ ඇස් දෙකේ ඇවිල්ල හැප්පුනෙ නොහිතපු වේගෙන්... එවරෙඩි බැටරි දාපු කෑලි පහේ ටෝච් එකක් මගේ මූනට ඇල්ලුව වගේ මගේ ඇස් දෙක් නිලංකාරවෙලා ගියා....
එයා දැක්ක ගමන් මගේ මූන ලන්ඩන් ගියපු මාග්‍රට් නැන්ද පිටකොටුවෙ මැනිං මාකට් එකේදි දැක්ක ඇල්බට් අංකල්ගෙ මූන වගේ වෙන්න ඇති...
එයාට හිනා ගියා...
අපි දෙන්නා මූනට මූන බලාගෙන හිනාවෙනව දැකල පැංචට මාංදම වගේ.... ගුටිකාල තුවාලවෙච්ච පැත්තෙ පුංචි උන ඇහැත් පුලුවන් තරම් ලොකු කරල මූ අපි දෙන්න දිහා මරුවෙන් මාරුවට බලනවා.. ව්‍යංගගෙ එහා පැත්තෙ වාඩිවෙලා ඉදපු නංගිත් අපි දෙන්න දිහා මාරුවෙන් මාරුවට බලනවා...
මුලු පඩියම පැරදිල ෆුල් නසරානි වෙලා රේස් බුකියකින් ඩෝප් මරගාත් එලියට බහින පියන් කෙනෙක් වගේ අවුට් ලුක් එකක් තියෙන මාත් එක්ක මේ කෙල්ල මොන කෙහෙල්මලකට හිනාවෙනවද කියල ඒ නංගි හිත්නවත් ඇති...
ඒ පාර ව්‍යංගා බැලුවෙ පැංචගෙ දිහා... කෙල්ලගෙ බැල්ම දරාගන්න බැරුව පැංච අඩියක් පස්සට විසි උනා...
ආවාසෙන් හොරාකාල මාට්ටු වෙලා ඇබිත්තයගෙන් ගුටිකාපු තෙමිච්ච් බලු කුක්කෙක් වගේ කන් කඩා වැටිල පැලැස්තරේකුත් දාගෙන ඉදපු පැංචව දැක්කම කෙල්ලට දුක හිතෙන්න ඇති
" වාඩි වෙන්න..."
එහෙම කියාගෙන ව්‍යංගා නැගිට්ටා.... උඩ පැන්න පාර බස් එකේ වහලෙ වැදුන ඩෝංං ගාල..... මගෙ ඔලුව නෙවෙයි
හිත......!!!
ඒත් ...මේ ගොං අලියා මගේ මූන දිහා බලං ඉන්නව පලවෙනි වතාවට දැක්ක වගේ... ...
වාඩිවෙයං උලමො... මෙච්චර චාන්ස් එකත් වැදිලත් මූ වාඩිවෙන්න නැති හැටි... එනකං මග දිගට කෙදිරි ගෑව... දැන් වාඩිවෙලා යන්න ෂීට් එකක් ලැබිලත් මූ වාඩිවෙන්නෙ නෑනෙ... දෙන්න හිතෙනවා... අනිත් ඇහැත් පොඩි වෙන්න...
වාඩිවෙයං ගොන් හරකා.. මම උගේ ෂර්ට් එකෙනුත් ඇදල වාඩිකෙරෙවුවා බලෙන්ම ෂීට් එකේ....
මූට වාඩිවෙන්න බැරිනං උඩ පොල්ලෙ වවුලෙක් වගේ එල්ලිල ගියත් මට කමක් නෑ.. ඒත් යකෝ ව්‍යංග ආයෙ වාඩි උනොත්....!!
ගොං පැංචා යන්තං වාඩි උනා... කෙල්ල මගේ ගාවින් හිට ගත්තා....
අම්මෙ.... සු..ව...ද....!!!
සිරාවට තාත්ත මෙයාලගෙ අම්ම එක්ක හනිමුන් යන දවස් වල කපුරුබෝල කම්පැනියක වැඩ කරන්න ඇත්තෙ ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... මෙච්චර ගිනි දවල් වෙලා ගිනි අවුවෙ අනිත් උන් ගාවින් මන්නාරං වැල්ලට ගියාම එන කරවල ගද වගේ දාඩිය ගද එද්දි මෙයා ගාව මෙච්චර සුවදයි....
ඒකත් වෙලාවට ගියා.. නැත්නං මගේ හඩු ගඳ දැනේවි මෙයාට.....
කෙල්ල හිනා වෙනවා... මාත් අමාරුවෙන් තොල් දෙක දැපැත්තට කරල දත් ටික පෙන්නුවා...
ඇගට හිරවෙන්න ඩෙනිමක් ඇදල රතුපාටින් ටොප් එකක් ඇදල බෑග් එකයි කොන්ඩ බූල් අතේ පයේ දාන ගැජට් බැජට් ඔක්කොමත් ඒ පාටින්ම දාගෙන .. අර හැමදාම මූනට වැටෙන කොන්ඩ කෑල්ල ඒ විදියටම මූන පුරාම දුවනවා.... .
කෙල්ල හිනා උනාට මට ආයෙත් මතක් වෙන්නෙ මෙයා අර පෙන්නපු පැෂන් ෂෝ එක.. මම ඒක ටිකට් නැතුව බලනව කියල මාට්ටු උනා වෙලා නේද මේ ඉන්නෙ...
මගේ පපුව මටත් නොකියම ස්පීඩ් එක වැඩි කරා...
" මොකද යුද්දෙකට ගියාද.."
දැන් මොකේදැයි දං වලදන්නෙ ඇහුවලු... මෙයත් උදේ පාන්දරම අහන ප්‍රස්න....
" ඔවු අනේ.. දන්නෙ නැද්ද... මේ දේශසීමා අර්බුද..... අදත් ගරිල්ලන්ගෙ කැරැල්ලකට අහු උනා.. දන්න ශිල්ප ඔක්කොම දාල බේරිල ආවෙ..."
" පේනවා..."
කෙල්ල බිම බලාගෙන හිනා උනා... ෂික්....වස නෝන්ඩිය අර රබරට දෙන්න හිතයි ප්ලාස්ටික් වෙන්න....
"එදා ඔයාට පොත දෙන්න බැරි උනානෙ....... මගේ ෆෝන් එක නැති උනා පොඩි කරදරයක් වෙලා.. ඒකයි.."
කෙල්ල දිහා රබර් ඇහ දාන ගමන් මම පොත් ගොඩෙන් පොත තේරුවා.... කෙල වෙලාද දන්නෙ නෑ ඒකත්...
අම්මෙ නෑ ඇති යංතං පොතට මුකුත් වෙලා නෑ....
"එහෙමද.... ඒකතමයි මාත් බැලුවෙ... අපරාදෙනෙ.. කොහොමද ෆෝන් එක නැති උනේ... "
මෙයාටත් ඕනෙ නැති මල බම්බුවක් නෑ.... අරං දෙන්නද මෙයා ෆෝන් එකක්.... දැන් කියපං ආයෙ බොරුවක්... කටට බොරු එන්නෙත් නෑ බඩ රිදෙනව වැඩි කමට...
"ආ පොත...."
මම ආයෙත් දත් තිස් දෙකම පෙන්නල පොත දුන්න එයාට ....
"තෑන්ක්ස්...."
ඔක්කොම රතුපාට ගැජට බැජට් මැද්දෙ ඒ සුදුම සුදු කම්මුල් වල ගැහෙන්න එයා හිනා උනේ... මල්වානෙ රතුවෙන්න ඉදිච්ච තඩි රබුටන් ගෙඩියක පොඩ්ඩක් කඩපු පොත්ත අස්සෙන් සුහුපාට මදේ පේනව වගේ....
බඩ රිදෙන එක දතකාල ඉවසගෙන මම අත උස්සල උඩ බාර් එකෙන් අල්ල ගත්තා... කෙල්ල වගේ මටත් පුලුවන්ද ෂීට් දෙක අල්ලගෙන යන්න.. දැන් බස් එක ට්ක දුර ඇවිත් හුලං වැදිල නිසා හඩු ගදත් අඩු ඇති.. අපේ ගඳට හරියන්න ඔය එන්නෙ සුවද..... අම්මාග්.....
ඊට පස්සෙ පට්ට පතන්දර මහා බේගල් කතන්දර ජාතක වස්තුව පටන්ගත්තා... ඇ යකෝ ෆෝන් එක නැති උනේ සර්ට බයේ දුවල කියල මෙයාට කියන්නද... බස් එකේ රෝද හයෙම ඩෝං ගාල පැලිල හුලං යනවා මම කියන බේගල් වලට තව ඩිංගකින්... ඒ ගැන මෙලෝ හාංකවිසියක් දන්නෙ නැති කෙල්ල අර ලොකු වීදුරු ඇස් දෙක තවත් ලොකු කරගෙන මූන පුරා දුවන කොන්ඩ ගහ ආයෙත් ආයෙත් කන පස්සට දානගමන් කතාව අහනවා...
"අපරාදෙනෙ.. දැන් ඔයාට ෆෝන් එකක් නැද්ද ?"
මෙච්චර වෙලා ඉස්සරහ බලාගෙන කතා කරපු කෙල්ල මගේ මූන දිහා පලවෙනි පාරට බලල ඇහුවා...
" නෑනෙ.... ගන්න ඕනෙ එකක්..."
මම දුක හිතෙන මූඩ් එකක් දාල කිවුවා... කෙල්ලත් තොල පෙරලල ආයෙ ඉස්සර බලා ගත්තා.. අර කොන්ඩෙ හැදුවා.... දැනට හයපාරයි..
බස් එකත් කොට කොට ආවා... මමත් එයාගෙ ප්‍රස්නවලට අමූලික බොරු ඇද බබා... යන්තං ජාමෙ බේරගත්තා... කෙල්ල ඇස් දෙක් ලොකු කරගෙන අහං ඉන්නවා.. පැංච මගෙ කුල පාගනවා....
හෙමින් පාගපං යකෝ......
කොහොමින් කොහොම හරි ව්‍යංගා බහින තැනට බස් එක ආවා....
"මම බහින්නම් පොත දීපු එකට තෑන්ක්ස්.. මම රිටන් කරන්නම් ඉක්මනටම ... බායි... ජේසු පිහිටයි....!!!"
එකලොස් වෙනි පාරත් කොන්ඩෙ හදල මගේ දිහාට හැරිල බොහොම සිරා විදියට එයා කිවුවා...
මට යන්තං බායි කියාගන්න විතරයි පුලුවන් උනේ... ෂික් මොනවහරි ඊට වඩා කියන්න තිබුනා.. දැන් මොනව කරන්නද... කෙල්ල බස් එකෙන් බැහැලත් මගේ දිහා බැලුවා...
මම ටෝංං ගාල ඇහක් ගැහුවා... එයා හිනාවෙලා බිම බලාගෙන මූනට වැටුන කොන්ඩ කෑල්ල කන අස්සට දාගත්තා...
දොලහයි..
අපි තුන්දෙනත් බස් එකෙන් බහිනකං මම ඉදියෙ ඒ හිනාව ඇතුලෙ නැවතිලා...
" තොල තවාගනින්..."
එහෙම කියල පැංචත් යන්න ගියා... ලහිරුවයි මායි හෙමි හෙමිහිට කන්ද නැග්ගා... පුපුරුගහන තොල රිදෙන බඩ ඇරුනම මගෙ හිතෙත් මොකක්දෝ රිදිල්ලක් තියෙනව වගේ... හැබැයි අර වගේ නෙවෙයි ඒක මාර ආස හිතෙන රිදිල්ලක්...
"වලියෙන් හැබැයි එක හොදක් උනා..."
මෙච්චර වෙලා සද්ද නැතුව ඉදපු ළහිරුව කට ඇරියා.... මොකක්ද යකෝ වෙච්ච හොදේ... බඩ තාම රිදෙනවා...
මම උගේ දිහා බලල ඔලුවෙන් අහුවා මොක්කද කියල...
" කාපු පරාටෙ වල සල්ලි දුන්නෙ නෑ යකෝ....."
ඌ කියපු විදියට මටත් බක්ස් ගාල හිනා ගියා......
" දාපං අත......
ෆිට් තමායි.....!!!
ඩවුන් උන රංරේට් එක වැඩිවෙන්නට නැවත අරඹමින් සිටි පිතිහරඹය අතරතුර දුවද්දී දැවීයාමට ආසන්න අවස්තාවක තර්ඩ් ඇම්පෙයාර් ඩිෂිශන් එකත් අරගෙන
මගදිගට 10 ලගදීම එනවා....
මරු මචං! ලියපං හැකි ඉක්මනින්!
ReplyDeleteඅම්මපා මුංනං... මරු කටෙත් බිස්නස් කිවුවලු :D
ReplyDeleteඉතුරු ටිකත් කිවලමා ම එන්න ඕනේ. මට කතාව කොයිල් උනා.
ReplyDelete"ලහිරුවගෙ කලිසමේ බොත්තම විතරක් නෙවෙයි ශිප් එකත් කැඩිලා ඒක නිසා ඌ ෂර්ට් එක උඩින් දාගෙන... එතෙන්ට එච්චර ඩැමේජ් උන එකේ ඇතුටත් හානිද දන්නෙ නෑ.. අපොයි මල විනාසයක් වෙන්නෙ එහෙම වෙලානම් ... පවුලෙ එකම පිරිම දරුවා..."
ReplyDeleteඉතිං ඒකටනෙ යකෝ යාලුවො කියලා උන් ඉන්නෙ :D :D :D
උඹ මගේ යකා අවූස්සන්නේතුව අනිත් කෑල්ල ඉක්මනටම දාපන්.. මම නොකිවුව කියන්න එපා පස්සේ හරිය
ReplyDeleteමරු බං මේක නම්. ලියන ඉට්ටැයිල් එක පට්ටය.
ReplyDeleteඅද නම් කතාව ගොඩක් ලියලා. ඒක හොදයි. :)))
ReplyDeleteඑල එල.... කතාවනම් නියමෙට තියෙනව මචෝ... ඉක්මනටම අනිත් එකත් ඕනේ....
ReplyDeleteනියමයි යාලුවෙ කතාව, දැන් ඉතින් කියපන්කෝ කවද්ද ඉතිරි කොටස දාන්නෙ කියලා...
ReplyDelete@ මුචලින්ද :- ලියමුකො ලියමුකො.. :D
ReplyDelete@ ChAnDiKa :- මරු කටෙත් බිස්නස්... ?? ඒ මොකක්ද බං
@ මදුරංග :- හා හා කියවල එන්නකො
@ Bunny :- ඒත් ඉතිං අවඔකවම උගෙ පරම්පරාව නෙවෙයිනෙ
ReplyDelete@ aparaajitha :- හරි හරි මම ඔහේ කිවුවැයි කියල කියන්නංකො හරිය
@ පිණීබිදු :- හැක හැක ස්තූතියි මචං
@ නිසූපා :- මේකනෙ අක්කෙ කතාව නවත්තන්න පුලුවන් තැනකදි නවත්තනවා ... නැතුව හිතල අඩුකරනව නෙවෙයි :D
ReplyDelete@ Chaw chaw :- දෙන්නම් දෙන්නම්... පුලුවන් ඉක්මනට දෙන්නම්කො :D
@ uviniran :- ස්තුතියි යාලුවා... පුලුවන් ඉක්මනට දාන්නම්කො.. :)
ශිරා කතාව මචං අපි හැමදාම කියවනවා. ඉතිරි ටිකත් ඉක්මනට දාපං මටත් කියපංකෝ උඹ කියවන උපමා පොත කොහෙන්ද ගත්තේ කියලා.
ReplyDeleteගල්ගේ පොටො එක අතේ තියාගෙනද කතාව ලිව්වේ. :))))))))))))
මෝඩ රිද්මගෙ මෝඩ කථාව
ReplyDeleteඇති යන්තං උබට කතාව ලියන්න මතක් වෙලා :D
ReplyDeleteඅනේ බන්ස් මේකක් දැම්මොත් ටාං ගාලා ලින්කුව එවපන්කෝ තව ඩිංගෙන් අදත් මට මේක මිස් වෙනවා
niyamai,niyamai.............
ReplyDelete10 enathuru balan innawa........
@ සිහිනයක මියැදුන සිතක් :- උපමා පොත ගත්ත එකක් නෙවෙයි මචං මමම ලියපු එකක්.. :D ගල්ගේ පොටෝ එක කියන්නෙ මොක්ද බං
ReplyDelete@ ඇනෝ :- අදත් ඇවිත් තියෙන්නෙ මේ පැත්තෙ.. :D
@ කිඩෝ :- එල එල.. මම දාන්නම් මචං
@ ගායනා :- හරි හරි ලියල දාන්නම්කො ඉක්මනට...
මචෝ කොහෙන්ද බං අර පොටෝ කෑල්ල හොයා ගත්තේ....
ReplyDeleteනියම කතාව... අළුත් උපමා උපමේය නියමයි....
ReplyDelete10 වෙනි කොටසත් ඉක්මණට දාන්න..... :D
මේකත් ඉටිකිරිස්!!!!!!!! 10 එකනං බලන් සිටිමි
ReplyDeleteaiyo meka ai man dan dakke, kathawa iwarawelama dakkanam eka husmata kiyola iwarakaranna thibba. me kotas 9 ma ekadigata kiyogena kiyogena giya, harima lassanai liyala thiyenawa, dan ithin 10 kotasa danakan iwasillak nathiwa inna epai.. :(
ReplyDeletemeka novel ekak wage publish kala nam maru
//කටට බොරු එන්නෙත් නෑ බඩ රිදෙනව වැඩි කමට...\\
ReplyDeleteහික් හික් හිකිස්
නියමයි අනේ......ලස්සනයි.........:) කතාව ලිව්වම මට ලින්ක් එක එවනවද?අද තව චුට්ටෙන් මම කතාව දකින්නෙ නතුව යනවනේ.......
ReplyDeleteane deiyane kohen hoyaganipu upamada me ada thami okkoma kiyeuwe usmagannath amarui hinaawelaama puduma lasssnai kathaawa ikmanata liyanna ithuru tika meeta passe enawa kiyawanna aththatama lssanai
ReplyDeleteකතාව නම් පට්ට ලස්සනයි අයියේ. මාර උපමා නේ දාල තියෙන්නේ. හිනා කාල මැරෙනවා. ඊලග කොටසත් ඉක්මනට දාන්ඩෝ..............
ReplyDeleteජය වේවා............!!!!!!!!
අහ් අහන්න බැරි උනා. ඇත්තටම මේ ෆොටෝ එක හොයාගත්තේ කොහෙන්ද අයියේ?
ReplyDeleteඇයි මේ හැමෝම 4ටෝ එක ගැන අහන්නෙ.. ??
ReplyDeleteකලිසම් පස්ස දුඹුරුපාට වෙලා ඒකෙ කරපිංච කොලත් ඇලිල තියෙනව දැක්කාම මිනිස්සුන්ට මොනව නොහිතේවිද...
ReplyDeleteහක් හක්... හැබෑට මොනා හිතයිද බන්.....
අඩේ සුපිරියි බන් ලියවිල්ල... ආයේ නෑ උපරිමයි. පට්ට උපමා සැට් එක...
හක් හක්... පරාට වල සල්ලි දුන්නෙ නෑ... ලොවෙත් නෑ ඕයි.
අඩේ හැමෝම අහන ප්‍රශ්නෙ මම නෑහුවොත් කැත නිසා අහන්නේ... මේ ෆොටෝ එක කාගෙද.. ( මටත් ඕනි නැති උලව්වක් නෑ. )
අර මුලින්ම තින 4ටෝ එක පස්සේ ගහපු එකක්නේ..
ReplyDeleteප්ලාස්ටර් දාලා තින විදිය..
ළහිරු ගේ 4න් එකෙන් අරන් තින්නේ? ගෙදරකදි.
මන් තව කියන්නම්.....
අඩේ අද බන් දැක්කේ...
ReplyDeleteඑන හැම බෝලෙකටම හොඳට බැට් කරන ගමන් ඉතුරු ටිකත් ඉක්මනට දාපන්කෝ....
ko meke ithuru tika danne naddoo....
ReplyDeleteමුල ඉදලම කියවගෙන ආව අද තමයි ඉවර කරගන්න ලැබුනේ... කියන්න වචන නෑ බන්... උපරිමයි.... පිස්සා කිව්වා වගේ පට්ට උපමා සැට් එක.... ලොවෙත් නෑ....:D ඊලග කොටස ඉක්මනට දාපන් බන්.....
ReplyDeleteඑල,
ReplyDeleteෆොටෝ එකේ ඉන්න කෙනාව ඕන් අපි න්අම් දැක්කේ නෑලු
ReplyDeletehik hik :D
ReplyDeleteගොඩක් කාලෙකට පස්සේ බඩ පැලෙනකම් හිනා වෙවී කියෙව්වා.... උපරිමයි මචො... තව ලියපන්. මැක්සා
ReplyDeleteEla podi man elada braaa
ReplyDelete