2011-06-06

මග දිගට 1



අප්පට සිරි වෙලාව 7.30 පහුවෙලා... පංති 8.00 . කොහෙද ඉතිං, මේ දවස් ටිකේම දුන් දදා නිදාගෙන වස කම්මැලිනෙ ... ආයිත් කලාස් යනව කියල මතක් වෙනකොටත් මරනව වගේ හපෝයි..... ඕ ලෙවල් ඉවර වෙලා ඒ ලෙවලුත් පටන් ගත්තනෙ ඉතිං. කලාස් පටන් ගෙන තාම සති දෙකයි.දවස් දෙකේම ගියෙත් පරක්කු වෙලා.ඒක ගානක් නෑ සෙට් එකත් එක්ක ගිය නිසා.අදනම් සේරටම වඩා පරක්කුයි.අපේ එකෙක් බේතකටවත් ඉන්න  එකක්ක් නෑ..

                                              මම මූන හොදල ඩෙනිම දාගෙන ටී එකකුත් දාගෙන එලියට බැස්සා.
" ඒයි මේ කොහෙද යන්නෙ ??"
අපෙ අක්ක දැන් තමයි මාව දැකල තියෙන්නෙ
"ඇයි පන්ති යන්නෙ පේන්නෙ නැද්ද ?"
"පංති...? මේ වෙලාවට ?"
එයා හිටතන්න ඇති මම නිදාගෙන ඉන්න කොට අද පංති නෑ කියල
"ඔවු හලෝ පරක්කු උනා"
මම එහෙම කියාගෙන ගේටුව ඇරියා...
"හනෙ හනෙ තමුසෙනම් කරයි ඒලෙවල්ම"
උදේ පාන්දරම අපෙ අක්කක්කගෙ සෙත් පිරිත් ගායනය මැද්දෙ මම පාරට ආව. වෙලාවට අම්ම වැඩට ගිහින්. නැත්නම් ඉතිං අයෙ ආටානාටියත් කියවනව. අයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ. කොහොම කොහොම හරි හෝල්ට් එකටත් දුවගෙන වගේ ආව. බේතකටවත් අපේ එකෙක් ඉදීවිද ?... ම්ම්ම්ම්ග් එකෙක්වත් නෑ... දැන් ඉතින් මොකද කරන්නෙ පන්තියට යනකොට 8.40 වත් වේවි. දාහක් විතර සෙන අස්සෙ ෆුල් ඇඩ් එක වෙන්න තමයි වෙන්නෙ ගෙදර යනවද... පංති යනවද ... පුග්.. කොහේ ගෙදර යන්නද අර මාර දූති අද ගෙදරනෙ. මතක්වෙන මතක් වෙන සැරේට බනීවි මට. යනව ටවුන් එකට ගිහිල්ලම බලනව කාසිය වාසිය උඩ දාල.
                     හෝල්ට් එකට වෙලා මම ඔටුවෙක් වගේ බෙල්ල දික් කරගෙන බලන් ඉදියා. පරක්කු වෙලා තියෙනව මදිවට අද බසුත් නෑ.. ශික්..!!! සීටී බී එකක් ආවොත් හොදයි නැත්නම් ඉතින් අතේ තියෙන දහයට තමයි කෙලවෙන්නෙ. එහෙම හිතල ඉවර කරන්න උනේ නෑ වංගුවෙන් මතු උනේ ප්‍රයිවට් එකක්.. නොදකින් විතරක් අදනම් ලබපු ග්‍රහය නම් අන්තිමයි. මොනව කරන්නද ඉතිං.සීටීබී එනකම් ඉදියොත් පන්ති අරින්න තමයි යන්න වෙන්නෙ . කරන්න දෙයක් නෑ මේකෙ යනව.කොට කොට ඇවිත් මාගේ ලග නවත්තපු බස් එකට සයිබීරියාවට පිටුවහල් කරපු වහලෙක් වගේ මමත් නැග්ගා.ඔෆිස් ටයිමුත් පහුවෙලා නිසා බස් එකේ සෙනගත් නෑ. දොරගාවම සීට් එක එහෙමත් පිහිදාල වාඩියකුත් දැම්මා 
                           ශික් විතරක්.. බලපන්කො මේයකා යන්නෙ නෑනෙ කොටනවනෙ.අම්මප අනින්න හිතයි මූට දෙකක් .වෙන වෙලාවට නගිනක ඉන්නෙත් නෑ තදියම. අද බඩගානව මෙහෙම ගියොත් ඉතින් යාවි පංතිම.. හපෝයි... පැයක් විතර පරක්කුවෙලා පන්තියට යනකොට ආයෙ ඉතිං හොදි ඕනෙ නෑ... 
                                   බස් එක ඊලග හෝල්ට් එකෙත් නැවැත්තුවා... නොදකින් විතරක් මෙ යකා යනකොට හෙට එලිවයි.අදනම් පංති යන්නෙ නෑ... මම හිත හදාගෙන ශීට් එකට හේත්තු වෙලා ඇස් දෙකත් පියාගත්තා.
                       
මම ඇස් දෙක පියාගෙන විනාඩියක්වත් ගියේ නෑ කොහෙදෝ ඉදල නහය ගලවගෙන යන සුවදක් එන්න පටන් ගත්තා... අප්පට සිරි කවුද යකඩෝ මේ. මගේ ඇස් දෙක මම හිතන්නත් කලින් බලෙන්ම ඇරිල සුවදෙ අයිති කාරයව හොයන්න ගත්ත.... ම්ම්ම්ම්ම්ම්ම් චොකලට් පාට ස්කර්ට් එකක් එක්ක කහපාට ටී එක් ඇදගත්තු කෙල්ලෙක් හිටගෙන ඉන්නව මට ටිකක් එහායින්. එයා පැත්තට හැරිල ඉදපු නිසා මට එයාගෙ මූන පෙනුනෙ යාන්තමට වගේ. ඒකත් මූන පුරා වැටිච්ච කොන්ඩෙට වැහිල... අම්මපා මුන්ට කොන්ඩෙ පීරන්න බැරි හැටි. එතකොට මෙයාද මේ සුවදෙ අයිතිකාරි... වෙන්න්න එපයි එහෙම... මෙච්චර වෙලා තිබුනෙ මල පෙරේත් ගදක්නෙ බස් එක ඇතුලෙ. මෙයා නැග්ගට පස්සෙ තමයි අයෙ මේ සුවද... අම්මා......ග්... නහය ගලවගෙන යනව.. අම්මප මෙයාගෙ තාත්ත කපුරුබෝල කාරයෙක්ද දන්නෙ නෑ... පේන විදියට කෙල්ලත් කපුරුබෝලයක් වගේ සුදුයි.. අම්මප තාත්තනම් කපුරුබෝල කාරයෙක්ම තමයි ආයෙ හෝදන්න දෙයක් නෑ ...කොහෙද ඉතිං.. උදේ පාන්දර ඉදලම අවටියල් වැඩ සිද්ද වෙලා ඒ ව අමතක කරල දාන්න අර කපුරුබෝලයක් වගේ සුදු මූන බලාගන්න බැරි හැටි... කොච්චරවත් නැග්ගත් හරි තාම අහක බලාගෙන.. මේ පැත්ත බලනවකො ඕයි..ම හිතින් කෑ ගහල කිවුවා ම්ග්.... බලන්නෙම නෑ... ඇහැත් රිදෙනව රබර් ඇහැ දාලම



                                     

මූන පේන්නෙ නෑ කියල නිකන් ඉන්න පුලුවන්යැ... මගෙ ඇස්දෙක දියත් කරා විමර්ශ්න මෙහෙයුමක්... ඔහොම මෙහෙයුම ක්‍රියාත්මක වේගෙන වේගෙන යනඔට දෙකපුදේ ලග ඇස්දෙක නැවට්තුට පටාස් ගාල... කටත් අරුනද මන්ද..

කිරි අප්පට විදුලි කොටාපි.. මෙයත් යන්නෙ මේ ම යන කලාස් එකටමනෙ. ඔය තියෙන්නෙ අතේ ෆයිල් එක බැබලි බැබලි...


අම්ම ගහයි බැට්  එකෙන් ඒ කියන්නෙ මයා යන්නෙත් දැන් දැන් අපේ කලාස් එකටමයි...... ඇයි යකෝ.... මෙච්චරවෙලා මොන මගුලක් කරාද? ඔන්න අපි කොල්ලොනම් නිදාගත්ත කියලවත් කියන්න පුලුවනනේ ඒත් මෙහෙම දවල් වෙනකම් නිදියන සිරිතක් තියෙනවද හැදිච්ච ගෑණුළමයි...ඒත් ඉතින් මොන වෙඩිමක් වෙලා හරි එයා මේ වෙලාවට ආව එකනම් කොච්චර දෙයක්ද.. උදේ පාන්දර ඉදලම මුස්පේත්තු ග්‍රහයෙක් ලබල කියල හිතුවට ඔය තියෙන්නෙ... හික්...
                        දැන් ඉතින් මේ අදුනන්නෙ නැති ළමයෙක් එහෙමත් නෙවෙයිනෙ අපේ පන්තියේම ඉගන ගන්න ළමයෙක්නෙ... ඉතිං උදේ පාන්දර වචනයක් කතානොකරොත් හිතටත්හරි නෑ,, ම්ම්ම්ම්ම්ම්.......... කොහොමද කතාව පටන්ගන්නෙ.... ඒත් වචන එන්නෙම නෑනෙ  මගෙ කටට... ශික්... උදේ පාන්දර දත් මැදපු නැති නිසාද මන්ද.. 
                                 කොහොමින් කොහොම හරි බස් එකත් ටවුන් එකටම ආව.. දැන්නම් මෙය බැහල දුවයි එකසිය ගානට.. අයෙ හෝදන්න දෙයක් නෑ එකෙ.. ඒත් අප්ප මොනව කතා කරන්න කියලනෙ හිතාගන්න බැරි... බස් එක නවත්තලත් ඉවරයි.. එයාටත් බහින්න හදිස්සිය... මමත් එයා ගාවින්ම පෝලිමෙ බහින්න එනව.... කටට වචන එන්නෙම නෑ. මම කල්පනා කරනව...මේහුග්...වචන එන්නෙම නෑ....
         අන්තිමේදි මම වචනයක් කියන්නත් කලින් එයා බස් එකෙන් බැස්සා.. ඒත් බොලේ ඒ එක්කම එයා පොත් ටිකත් එක්කම පපුවට තුරුලුකරන් ඉදපු එයාගෙ රෝසපාට පර්ස් එක බිම වැටුනනෙ... දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනව කියන්නෙ ඔන්න ඕකට මල්ලී. පන්තියට පරක්කු වෙලා පස්ස් කැඩිච්ච කඩිය වගේ දුවගෙන යන එයාටමෙලෝ  සිහියක් නෑ පර්ස් එක වැටුන කියල.. ඔය දුවන්නෙ සුසන්තිකා වගේ ගස්ස් ගස්ස්ස... අම්මප මාර ගැස්සිල්ල. කැඩිල විසිවෙයිද දන්නෙ නෑ..මීට වඩා හොද චාන්ස් එකක් කොයිද කතා කරන්න.. 
"ස්...ස්ස්....ස්... මෙ..මෙ.. .."  
හනේ අපොයි.. ඔච්චරයි මට කියාගන්න පුලුවන් උනේ... එයා අඩි දෙකෙන් මගෙන තව හැතක්මක් විතර දුරට ගියා.. හුම්ම්ම් යමන්කො... කලාස් එකටනෙ යන්නෙ.මමත් ඒ එකසිය ගානට දුවන රුහුණු කුමරි පස්සෙන් පන්ති ප්‍රාන්තය බලා නැවු නැග්ගා... 
අපේ පන්තියට ටවුන් එකෙ ඉදල මීටර් 400 විතර ඇවිද්ගෙන යන්න ඔනෙ එයට මෙලෝ සිහියක් නෑ හුරේ රන් එක තව දුර යන්නත් තියෙන එකෙ පර්ස් එක ඇරල බලන්න පොඩි ආසාවකුත් ආව..ම්ම්ම් අනුන්න්ගෙ පර්ස් එකක් බලන එක හරි වැඩක්ද ? මගෙ හිත මගෙන්ම ඇහුව.. ඒත් ඉතින් වැරදි වැඩක් කියල නොබල ඉන්න කියලද දැන් කියන්නෙ.... මම ඔහොම හිතනකොට මගේ අත්දෙක ම දන්නෙම නැතුව පර්ස් එක ඇරලත් ඉවරයි.. මොනව කරන්නද දැන් ඉතිං ඔහේ බලනව....
පාට පාට පෑන් ලෝඩ් එකකුයි අඩිරූල් මකන ටිපෙස්ට් කවකටු කටර් ස්ටිකර්... යකෝ.... නයි පොලොන්ගුත් ඉන්නවද දන්නෙ නෑ...අම්මපා මුන් මෙච්චර බඩු අරන් එනවද? සන්තකේටම ගේන්නෙ එක පෑනයි අපිනම් අදනම් කලබලේට ඒකත් අමතක වෙලා...හනේ අම්මප කෙල්ලො ජාතිය ම්ම්ම් බලමු... තව .....ම්ම්ම්ම්ම් චූටි බබාලගෙ ඩේ කාඩ් රෝස මල් සුපර්ස්ටාල ශාරුක් කාන්නල රිතික් රෝශන්ල අස්සෙ අර බේයිබෙ බේයිබෙ කියන සුද්දත් ඉන්නව... හනේ මන්දන්නෙ නෑ...මොලෙ කොලොප්පන් වෙනව බලල... 
මම තව තව පර්ස් එක අවුස්සල බැලුව.. පන්ති ඔක්කොම වගේ පටන්ගෙන නිසා පාරෙ සෙනගටත් නෑ මෙච්චර ජාති තියෙන එකෙ මම හොය දේ නැද්ද ?
ඔන්න බඩු.. අලි මදිවට කොටි... මෙච්චර වෙලා මම හෙවුවෙ අයි ඩී කාඩ් එක...
                    ව්‍යංගා නිර්වානි සමරසේකර
යකෝ... මාර නමක්නේ ඒක... .. ඈ අනිත් එක මෙයාගෙ පදින්චිය දෙහිවල... එතකොට දෙහිවල එක්කෙනෙක් කොහොමද ගාල්ලෙ කලාස් යන්නෙ ? කමක් නෑ කමක් නෑ... දැන් ගාල්ලෙනෙ ඉන්නෙ... අප්ට බලගන්න බැරියෑ..

අයි ඩී කාඩ් එක විතරක් නෙවෙයි පන්ති කාඩ් එක්ත් මට අහු උනා වෙන පොකට් එකක් ඇතුලෙ තිබිලා
 නයි කයිද රෝස් පාන්... තනිඇහැට ඇඩෙනවා......

දැන් පන්තියට ඔන්න මෙන්න... ඔන්න දැන් තමයි බයිස්කෝප් එකෙ විසිල් බල්ටි තියෙන හරිය..

                     මම හිතුව වගේම පන්තිය ලංවෙනකොටම කෙල්ල හොයනව පර්ස් එකෙ කුඩ අස්සෙයි අරහෙයි මෙහෙයි එක විකාරයයි... එකපාරටම බිමත් බලල පස්ස් හැරිල මගේ දිහාත් බැලුවා...හරියට අඩන්න වගේ....අයියෝ.......!!!
            මෙච්චර වෙලා හැමදේටම හිනා වෙවි සතුටු වෙවී ආව මගෙ හිත හුලන් ගිහිපු බැලුමක් වගේ උනා ඒ බැල්මට... එච්චර අසරන බවක් තිබුන ඒ ඇස් දෙකේ... පර්ස් එක හැම තැනම හොයපු කෙල්ල බයවෙච්ච මුව පැටියෙක් වගේ ගේට් එක ලගට උනා කදුලු පුරවගෙන ඇස් දෙකේ... එකපාරට මොනව කරන්නද කියල හිතාගන්න බෑ වගෙ...
හපෝයි.... තවත් බලාගෙන ඉදියොත් මම මෙතනම පොලව පලාගෙන අපායට ඇදගෙන යනව... මාත් හිමින් සීරුව්වෙ ලංකරා.. 
"එක්ස් ක්කියුස් මී... ඔයා හොයන්නෙ මේකද.....?"
මම කෙල්ලගෙ මූන ඉස්සරහටම පර්ස් එක දික් කරල අහුවෙ බොහොම හෙමින්... මොකද චුට්ටක් ගැස්සුනත් ඒ ඇස් දෙකේ තිබුන කදුලු බිංදු දෙක පිට පනින්න බලාගෙන තිබුනෙ කියල මට දුරටම පෙනුන නිසා... පර්ස් එක දැක්ක විතරයි ඩොල්ෆින් වෑන් එකක හෙඩ් ලයිට් දෙකක් විතර ඇස් දෙක ලොකු කරපු කෙල්ල මගේ දිහා බලාගෙන ඉදියෙ ඇලඩින්ගෙ පුදුම පහන දිහා බලන්න වගේ..
"ඔයා බස් එකෙන් බහින කොටමයි වැටුනෙ... මම කතා කරා ඒත් ඉතින් සුසන්තිකා වගේ දිවුවනෙ මටනම් දුවන්න බෑ ඔච්චර හයියෙන් වේලාසනම ආව නිසා උදේට කෑවෙත් නෑ ඒක නිසා හිමින් තමයි ආවෙ"
ම පර්ස් එක දි කරගෙන ඉන්න ගමන් හොර බොරු වන්චා නැතුව ෆුල් ස්ටෝරියම කෙල්ලට කියල දැම්මා.. අන්න ඒ පාරනම් කදුලු පිරිච්ච ඒ ඇස් දෙක පුංචි කරල කෙල්ලට හිනාවක් ගියා.... රතුවෙලා තිබුන කම්බුල් තවත් රතු උනා... ඔලුව ඇල කරල හිමීට හිනා වෙනගමන් පපුවට තුරුල් කරගෙන තිබුන ෆ්යිල් එකෙ කෝනක් විකුවා..
අනේ............... ඇයි ම ඒ ෆයිල් එක උනේ නැත්තෙ ?
"තෑන්ක් යූ,,,"
බොහොම සිරා විදියට හිනාවෙලා එයා මගේ අතින් පර්ස් එක ගත්ත.... අරගෙන හිමීට ටික්ක ගාවට ගිහින් කාඩ් එක දෙන ගමන් අයෙත් හිනා පොකුරක්ම මගේ පැත්ත හැරිල බිමට දැම්මෙ කිසිම ලෝබ කමක් නැතුව..
අන්න එහෙමනෙ ගෑණුලමයි ඉන්න ඕනෙ...මාත් හිනා වේගෙනම කලාස් එක ඇතුලට ආව... කොහෙද ඉතින් අර මොකක්ද කම හිතට එනකොට ණුවන කියන එක පස්සෙ දොරෙන් පලායනව කියනවනෙ ... කෙල්ලත් එක්කම මත් කලාස් එක ඇතුලට ගිය නිසා පටන් ගත්ත මුලු ක්කලාස් එකේම පිලිගැනීමෙ ගීතෙ
:ආ...ආඅ.....ආඅ.......ආආආඅ.ආආ..ආ......"
පැයක් විතර පහු වෙලා කෙල්ලෙකුත් එක්ක පන්තියට ආව.. හොපෝයි හොදි ඕනෙ නෑ නෝන්ඩිය..ඉස්සර දොරෙන් ඇතුල් වෙලා පස්සෙම පේලියේ වාඩිවෙන්න යනකම් පිලිගැනීම නැවතුනේනම් නෑ... මොනව කරන්නද ඉතිං..... කෝපි බීවානම් තටමාපං පොඩිනම කිවුවලු.... අපේ සෙට් එක ඉන්නව හැමදාම වගේ පස්ස්සෙ පේලියේ.. මමත් ගිහින් බංකුව කොනෙන් වාඩි උනා. එයත් ඇපල් ගෙඩියක් වගේ රතු වෙලා කෙල්ලගෙ පැත්තෙ පස්සෙම පේලියෙන් වාඩි උනා... අයෙත් මේ පැත්ත් හැරිල හිනා උනා....
 හැබැයි ඇස් දෙකෙන්.....  
"ඒකාකර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් සිරස් මාර්ගයක් ඔස්සේ.......!!!
        තවත් ටික වෙලාවකට පස්සෙ සර්ගෙ කටහඩ ගොඩක් ඈතින් මට ඇහෙන්න පටන් ගත්තා..

44 මෙහෙම කිවුවා:

  1. අඩේ පොඩි මෑන් මම නං ඔය කෙල්ලොන්ගේ පර්ස් බලන්න යන්නෑ උබ කිව්වා වගේ ඕකෙ නයි පොලොංගු ඉන්නත් බැරි නෑනෙ... අනේ මන්දා අපිනං පන්තියකට ගෙනියන්නෙ නිල් පෑනයි අඩි රෑලයි(අඩි 1/2... පාට පෑනුත් කිව්වොත් විතරයි) ඒකටත් එක්ක කෙල්ලෝ මුං ගේනවනෙ ඇදුම් බෑග් විතර මලු හරියට නිකං පැනලා යන්න එනව වගේ.... ඒත් හදිස්සියකට ලියවෙන පෑනක් ඉල්ලුවාම තමා ආතල් වැඩේ..... ඔය පන්ති අමතක වෙන ලෙඩේ නං මටත් තියනවා කොහොද නිදා ගන්න ගත්තාම පන්ති මතක් වෙනවයැයි... දකුණෙ කොල්ලෙක්නෙ එල එල....

    ReplyDelete
  2. කවුද බන් ඔය සර්....පපං ද මුනයද?

    ReplyDelete
  3. @ කිඩෝ :- නයි පොලොන්ගු ඉන්නව කියල හිතුනත් නොබල බෑනෙ නිකන් මොකක්ද මොකද වගේනෙ... ඒකයි බැලුවෙ.. ඔය කෙල්ලො ගේන ඒවනම් ඉතිං ආයෙ කතා කරල වැඩක් නෑ වතුර බෝතල් පනා කන්නාඩි තව ඉතිං දන්නවනෙ.....

    @ රත්ගමය :- පපනුත් නෙවෙයි මුනයත් නෙවෙයි... රොබා දන්නවනෙ..

    ReplyDelete
  4. දැන් ඔතනින් කෙල්ලෙගෙ සීන් එක සමාප්තද? :)
    ඔන්න අපිත් ජොයින් උනා සයිට් එකට..අපිටත් හැකිනම් සපෝට් එකක් දෙන්න
    www.chaterkolla.blogspot.com

    ReplyDelete
  5. @ චාටර් කොල්ලා :- අනිවාරියෙන්ම..ෆුල් සප් එක බලමු නේ ඉවර වෙයිද කියලා....

    ReplyDelete
  6. මරු කතාව ඕයි .එක හුස්මට කියවලා දැම්මා

    ReplyDelete
  7. ඉතින් ඊට පස්සේ?

    ReplyDelete
  8. මැක්සා ආ :D මමත් එක හුස්මට කියවලා දැන්මා

    ReplyDelete
  9. හා හා මරු මල්ලි

    ReplyDelete
  10. සිරාවටම මාත් එක හුස්මට කියෙව්වා....

    ReplyDelete
  11. හෝදන්න දෙයක් නෑ

    ReplyDelete
  12. Malli meka blog ekaka daannaethuwa kathaawa liyalaa publish karanna.. Sujeewa Prasannarachchi wage honda place ekakata enna puluwani oyaata.. (vihiluwak nemei.. serious kiwwe)

    ReplyDelete
  13. උපමාවල් නං උපරිමයි! මතු සම්බන්ධයි නේද?

    ReplyDelete
  14. @ වැප් - බොහොම ස්තූතියි වැප් අයියා..

    @ සිරකරුවා - ඊට පස්සෙ නේද.. බලමුකො :D

    @ යොහාන් - තෑන්ක්ස් මචං

    @ ශානු - ස්තූතියි කියල තමයි කියන්න තියෙන්නෙ

    @ චමිදේවා- හැමෝම එක හුස්මට කිවුව කියපු නිසා මාත් පොඩි ට්‍රයි එකක් දැම්මා.. හත්තිලවුවෙ පේලියක්වත් කියවගන්න බැරි උනානෙ :D ස්තූතියි

    @ වැම්පයර් - තැන්කූ තැන්කූ... :D

    @ ඇනෝන 1 - ම්ම්ම්ම් එහෙම අදහසක්නම් තිබුනෙ නෑ ප්‍රසිද්ද වෙන්න.. 90% ඇත්ත සිදුවීම් එක්ක නිකන් ආසාවට මූනු පොතට ලියපු කතාවක්... බ්ලොග් එකක් ලියන්න ආස හිතුන නිසාම ඒක පටන් අරන බ්ලොග් එකෙත් කතාව දැම්මා... බලමුකො ඉතිං... ස්තූතියි අදහසට

    @ඇනෝ 2- මතුසම්බන්දයිනම් තමයි.. ඉඩ තියෙන වෙලාවට ලියල දාමු.. ස්තූතියි...

    ReplyDelete
  15. පට්ට බ්ලොග් එක. හෝදන්න දෙයක් නෑ!! :-)
    තම එකයි කියෙව්වේ. දිගටම කියවනවා. දිගටම ලියන්න. ජය!

    ReplyDelete
  16. හෝදන්න දෙයක් නෑ කොලුවෝ... මේක මරු ඈ..

    ReplyDelete
  17. එල, කීලා වැඩක් නෑ, පශ්ට කිව්වලු!

    ReplyDelete
  18. @ මලියා,පුතා,කවින්ද... බොහොම ස්තූතියි කමෙන්ට් වලට... :)

    ReplyDelete
  19. නියමයි පොඩි මෑන්! රස වෑහෙන ආකරයක්. ටොපේ ටොප්!

    ReplyDelete
  20. මල්ලි ඕක ඇතු‍ලේ ස්‍ටෙප්ලර් කතුරු ව‍ගේ ඒවා තිබුන්නැද්ද???????? ඇත්තටම මටත් ඔය පුරස් ‍නේ තිබුනා. ‍කෙල්‍ ‍ලෙක් ‍වෙලත් මං නිල් රතු කළු පෑනුත් අඩිරූල ඇතුළු අත්‍යවශ්‍ය ‍දේවල් රැ‍ගෙන යද්දි ම‍ගේම යාළු‍වෝ පාට පු‍රෝලා ‍පො‍තේ ලියනවා. හරියට සර් කියන එක එක වචන එක එක ප‍‍ටෙන් ව‍‍ගේ. පස් ‍සේ කා‍ලෙක ආසාවට ව‍ගේ ගත්ත පාට පෑන් ටිකත් ගල් ‍වෙලාම ගියා..... හික්ස්.....

    ReplyDelete
  21. @ දුමී :- ස්තූතියි දුමී අයියා....

    @ හා පැටික්කි :- මම හිතන්නෙ තියෙන්නෙ ඇති වැඩේ කියන්නෙ මට ඊට කලින් අර මම හොයපු එක අහු උනානෙ... :D

    ReplyDelete
  22. පොඩි මෑන් ගෙ ලියුමක් අදයි කියෙව්වෙ. වැපාගෙ ස්ටේටස් මැසෙජ් එකෙං ආවේ. කතාව ගිහිං නතර වෙලා තියෙන හැටි මරු! උපමා උපමේයත් ගොඩක් ඒවා අලුත් පහේ ඒවා හින්දා තවත් හොඳයි

    ReplyDelete
  23. පිස්සු හැදෙනවා බං.. :D

    ReplyDelete
  24. රතුවෙලා තිබුන කම්බුල් තවත් රතු උනා... ඔලුව ඇල කරල හිමීට හිනා වෙනගමන් පපුවට තුරුල් කරගෙන තිබුන ෆ්යිල් එකෙ කෝනක් විකුවා..
    අනේ............... ඇයි ම ඒ ෆයිල් එක උනේ නැත්තෙ ?

    මෙන්න මේටිකට තමා මං ආසම .. සිරා :D :D

    ReplyDelete
  25. වැපා කියපු පාරකිං මේ පැත්තෙ ආවෙ . . . . උපමා ටිකක් එක්ක කතාව කියවද්දි නිකං සද්දර්ම රත්නාවලිය කියෙවුව වගේ ආතල් එකක් තියේ . . .
    ප.ලි.
    මටත් ඔය පරක්කු වෙලා පංති යන අසනීපෙ නං හොඳටම තිබ්බ. ඉස්කෝලෙ, පංතියෙ, කැම්පස් එකේ තියා රස්සාවෙත් මම හැමදාම එන්නෙ පරක්කු වෙලා.
    හොඳම සීන් එක කියන්නෙ මම කසාද බැඳල දෙවනි දවසෙ ආවෙත් පැයක් පරක්කු වෙලා. එද්දි නෑදෑයො සෙට් එක ඉන්නව ගිනි පිඹ පිඹ. . . . . .

    ReplyDelete
  26. @ බුද්දි :- ගොඩක් ස්තූතියි...

    @ කණියා :- :D තැන්කූ මචං

    @ Bunny :- මමත් කැමති ඒකට තමයි... පපුවට තදකරගෙන ඉදපු ෆයිල් එක තමයි කොනක් විකුවෙ... ;) මටත් තාම හිනා යනව ඒක මත්ක් වෙලා..

    @ඕනයා :- ඔවු මම දැක්කා වැපා අයිය බස් එකක් දාල තියෙනවා වැපා අයියටත් තැන්කූ කියන්න ඕනෙ...

    ප.ලි
    බැදල දෙවනි දවසෙ පරන්නු වෙන්නන්ම් හේතු තියෙනවනෙ ;) ඇයි දෙයනේ මුලු රෑක් නිදිමරල මහන්සිවෙලා උදේ පන්දර ඔහොම පැයක් හරි පරක්කු වෙලා ගිය එකත් මැදැයි... හැබැයි මට තියෙන ප්‍රස්නෙ මනමාලි පර්ක්කු උනේ නැද්ද කියන එක.. හිකිස්.. තනි ඇහැට ඇඩෙනවා

    ReplyDelete
  27. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු...මූත් එහෙනම් ගාල්ලෙ පොරක්නේ....නමස්තේ සහබ්...අපිත් ගාල්ලේ...
    එල කතාවක්නේ..දිගටම ලියමු.මම හොයන්නම්කෝ ඔය කෙල්ලව....
    :P

    ReplyDelete
  28. @ කුරුං ගුරුං :- නමස්තේ නමස්තේ.... හොයල බල්න්න හොයල බලන්න අමාරු වෙන්නෙ නෑ..... මොකද කියල තව ඉස්සරහට කියවන්න පුලුවන්.. ;)

    @ පූසා :- තැන්කූ තැන්කූ

    ReplyDelete
  29. මරු කතාව මචං..
    මාත් දෙවෙනි දවසෙ පන්ති යන්න ඇහෙරෙද්දි 9යි. පන්ති පටන් ගන්නේ 7ට. කොහොමහරි ඉන්ටවල් එකට කලින් ගියා. හවස ගෙදර ආපුවහම අහනවා කොහෙද ගියේ කියලා.

    ReplyDelete
  30. සිරාවට මචං! මාත් ඒ දවස් වල බොහොම අමාරුවෙන් නිල් පෑනක් දාගෙන යනවා..සන්තෙකටම එච්චරයි..අනික නංගිලා අපිටත් එක්ක පෑන් ගේනවා නේ...කාලෙකින් මේ පැත්තේ ආවේ..අයි මග නො ඇරෙන්න පලෝ පාරකුත් දැම්මා ඕං!

    ReplyDelete
  31. චික්./..උඹ මට වඩා ඉස්සර උනා නේ/...මම ඉදියෙත් මේ ජාතියේ කතාවක් ලියන්න

    ReplyDelete
  32. ලස්සනට ලියලා තියෙනවා සහෝ! හොඳ භාෂාව හැසිරවීමක්

    ReplyDelete
  33. අවුරුදු 15ක් විතර අතීතයට ගියා...

    ReplyDelete
  34. shaa... maru .. kiyawanna kiyawanna asai..:D

    ReplyDelete
  35. ශා....... හරිම ලස්සනයි කතාව සහෝ... මට නිකන් ඇත්ත වගෙමයි දැනුනෙ.. මටත් මතක් වුනා ඒ කාලෙ... හුගාක් මතක තියන කාලයක් ඒක.. අදයි මං මේක කියෙව්වෙ..

    ReplyDelete
  36. අදයි මේ කතාව කියවන්න පටන් ගත්තේ
    ලස්සන කතාවක් වගේ
    කියවලම බලමුකෝ.....
    ජයවේවා.!!!!!!!

    ReplyDelete
  37. ආ...ආඅ.....ආඅ.......ආආආඅ.ආආ..ආ......"
    වැඩේ ගොඩ නියමයි හොදේ....
    ඇඩෙනවා.....

    ReplyDelete
  38. මන් දන්නවා පන්තිය.... රත්ගමයො ,, අපි හිටියා මතකෙයි

    ReplyDelete
  39. Elane malliya..

    ReplyDelete
  40. @ පොඩි මෑන් : මචන්, උඹ රොබාගෙ class එකේ මොන batch එකේද?

    ReplyDelete
  41. මල්ලී "සුලඟ වගේ ඇවිදින්.." කියෙව්වෙ ලඟදි ද?

    ReplyDelete
  42. අඩෙ උබ රොබාගෙද මාත් එයගෙම තමා මම හැබයි හොරණ... එල එල කතාව අද තමා බලන්න පටන් ගත්තෙ වැඩේ එල....

    ReplyDelete
  43. අනේ මන්දා මේ පොඩි එවුනුත් කරන වැඩ.... හැබැයි මරු ආ.... මිට පස්සෙ වත් උදෙන් නැගිටලා යන්න.මම අක්කා උනා නම් ඔයිට හපන් මලේ....

    ReplyDelete