2011-07-31

මග දිගට 3 " අනේ විහඟ.. මම ටිකට් ගත්තෙ නෑ....."



පලවෙනි කොටස් දෙක බැලුවෙ  නැත්නම් කරකවල ඇත ඇරිය වගේ  වෙයි... ඒක නිසා ටග් ගාල දුවල් ගිහින් කියවල එන්න...

මග දිගට 1
මගදිගට 2

අද ඇතැන් සිට.....



යකෝ ලහිරුව මාව වතුර ගහලා ඇහැරෙවුවා නේද... ඒත් හීනෙන්  දැකපු ව්‍යංගා මේ නගින්නෙ බස් එකට බැබලි බැබලි....
මේකත් ශුවර් නෑ ආයෙ හීනයක්ද දන්නෙ නෑ... අරූගෙන් වතුර පාර කාගෙනම මම ආයෙ නිදාගෙනද ? එහෙම උනොත්  සුනාමි තමයි...ආයෙ හෝදන්න දෙයක් නේ ඒකෙ... මම මගේ අතම කොනිත්තගෙන බැලුවා... 
ඈ... නෑනෙ... එතකොට හීනයක් නෙවෙයි... අර ඉන්නෙ ලහිරුවත් බස් එකේ තාපස බැබුමෙක් වගේ  පොල්ලෙ එල්ලිලා... හීනයක් උනත් ඌව මට හීනෙන් පේන්න මාව පිස්සු වදුරෙක් කන්න ඕනෙ... එහෙම දෙයක් වෙලා නෑනෙ... එහෙනම් මේ ඇත්තටම ව්‍යංගා තමයි බස් එකට නගින්නෙ....... පිස්සු බම්ප් වෙනව යකෝ....

මම හිටියෙ බස් එකේ මැද්දට වෙන්න... ලහිරුව දොර ගාවම හිටගෙන... කෙල්ල දැක්ක විතරයි මස් කඩේ තඩි අබ්දුල්ල කාරය හරකෙක් දිහා බලනව වගේ ලහිරුවත් කටින් බලන් ඉන්නවා... අම්මපා.. මූට දෙකක් දෙන්න විදියක් නැති හැටි...

එයා ලහිරුවත් පාස් කරගෙන ඇවිත් මට ශීට් 3ක් විතර එහායින් එක අතකින් ශීට් එකක් අල්ලගෙන අනිත් අතින් පොත් ටිකත් තුරුල් කරගෙන හිටගෙන ඉන්නවා... මේ පැත්තනම් බැලුවෙ නෑ.....
බලනවකො ඕයි....... මගේ හිත කෑ ගහල කිවුවා... ඒත් එයාට ඇහෙනව එකක් යැ...
 දැන් කොහොමද මෙයාට මේ පැත්ත බලවන්නෙ....
 
ලහිරුවනම් මගේ පැත්ත බලල ඇස් දෙක ලොකු කරා... ගලවනව මම තොගේ ඇස් දෙක......

මෙයා බලන්නෙම නෑනෙ... කතා කරන්නත් බෑ... ලගට යනත් බෑ බස් එකටම ඇඩ් එක... මොකද බස් එකේ හිටගෙන ඉන්නෙ අපි තුන් දෙනා විතරයි... මොකට මම මෙච්චර දුරක් ආවද බස් එකේ අච්චර ඉඩ තියෙද්දි.... ෂික්...
 හරි මට පොඩි අදහසක් ආවා.... බස් එක පොඩ්ඩක් ගැස්සෙන වෙලාවක් බලල මගේ අතේ තිබුන පොත් ටික බැරිවෙලා වැටෙනව වගේ මම දඩස් ගාල බිම ඇත ඇරියා..... දැන්වත් බලනව ඕයි... මේ බස් එකේ එකෙක් වැටෙන්න යනවා....
පොත් ටික වැටෙන සද්දෙට යන්තන් මේ පැත්ත බලපු එයා ආයෙ ඉස්සරහ බලා ගත්තා...
 

නයාම කාපිය.... මෙයා මාව අදුනගත්තෙ නැද්ද... මම පහත්වෙලා පොත් ටික අහුල ගනිද්දි හිමීට තව පාරක් ඒ පැත්ත් දිහා බැලුවා... අදනම්  ඩෙනිමක් ගහල රෝස පාර ටොප් එකක් ඇදල... කොන්ඩෙනම් වෙනසක් නෑ... ඒදා වගේමයි... අර පනාව එක්ක තරහ කොන්ඩ කෑල්ල... මූන පුරාම... කොච්චරවත් ඒක හදනවා... ඒත් මේ පැත්ත බලන්නෙ නෑ... කපන්න හිතෙනව මට කොන්ඩෙ අල්ලලා....

මම පොත් ටිකත් අරන් නැගිටින කොටම ආයෙත් නිකමට වගේ එයා මේ පැත්ත බැලුවා... මමත් ඒ පැත්තබලාගෙනමයි ඉදියෙ... රුහුණුකුමාරියි රජරට රැජිනයි එකම රේල පාරෙ ඇවිත් මූනට මූන හැප්පෙනව වගේ අපේ ඇස් හැප්පුනා...... දඩෝංංංංංංංං.....



මෙන්න බොලේ කෙල්ලගෙ මූනෙ හිනාවක් ගියා... ඒ කියන්නෙ එයා මාව අදුනගෙන... ඔය තියෙන්නෙ ඇල්වතුරට උල්පිහියෙන් ඇන්න වගේ... මමත් හිනා උනා හායි ගාලා... කෙල්ලගෙ මූනෙ තිබුන හිනාව තව ටිකක් පලල්වෙලා කම්මුල් වල ගැහිලා ඇස් පොඩි වෙද්දි මගේ කටේ කොනක් කනේ ගෑවෙනව වගේ දැනුනන නිසා මම පටාස් ගාල කටේ හෑන්ඩ් බ්‍රේක් එක ඇද්දා....

කෙල්ල තවත් හිනා වෙනවා...
 බස් එකට ඇඩ් එක නෙවෙයි ක්ලිප්ටන් වටරවුමෙ විස්සයි තිහේ කටවුට් එකක් උනත් කමක් නෑ දැන්නම් එතනට යනවමයි.....

මම හෙමීට කල්ච් එක පාගලා කකුල් දෙකට නිවුටල් එකේම ඒ පැත්තට කැරකැවෙන්න ඉඩ ඇරියා..
 
"ගුඩ් මෝනින්... මම හිතන්නෙ ඔයාලගෙ ගෙදර ඔරලෝසුවේ අප්සට් එකක් ඇති නේද...??"

මම හෙමීට ලගට එද්දි මූනෙ පලල් උන හිනාව ආයෙ හිමීට අඩුවෙන ගමන් මූනට වැටිල තියෙන කොන්ඩ කෑල්ලත් කනපස්සට දානගම එයා හෙමීට මගෙ පැත්ත බැලුවා...

" ඇයි... ?"
කටින් නෙවෙයි... ඇස් දෙකෙන් එහෙම ඇහුවා...

"නෑ ඉතිං හැමදාම පරක්කුවෙලානෙ එන්නෙ දඩි බිඩියෙ... ඒපාර මොනවහරි හලා ගන්නවා..."
ඔන්න කෙල්ලට ආයෙත් අර හිනාව ගියා... කොන්ඩෙත් හැදුවා....
"මම විතරද"
හරිනෙ..... දැන් මොකේදැයි දං වලදන්නෙ ඇහුවලු..... මෙයාත් ලේසිපාසු එක්කෙනෙක් නෙවෙයි වගේ...
"ඒක තමයි මමත් කල්පනා කරේ... එකම තැනින් වෙන්න ඇති ඔරලෝසුව ගන්න ඇත්තෙ නේද.."

කෙල්ල හිනා වෙනවා... මම ආයෙ චැක් කොරා මගේ කටේ කොන්දෙක බෝඩර් එක පැනලදෝ කියල.... ඒ එක්කම ලහිරුවගෙ දිහාවත් බැලුවා... පන්සලේ මකර තොරන පලවෙනිපාරට දකින් පොඩි එකෙක් වගේ ලහිරුව බලාගෙන ඉන්නවා.. කටත් ඇරිලා... එදා කල්ස් එකේදි යන්තන් දැක්කට මූ ව්‍යංගව අදුනගෙන නෑ මම හිතන්නෙ...  මම ඌට ඇහැක් ගැහුවා..

"එහෙම වෙන්න ඇති..."

එයත් හිනාවෙන ගමන් කිවුවා....  බස් එකේ වාඩිවෙලා යන ඇන්ටිකෙන්ක් කන්නාඩි දෙකත් පාත් කරගෙන අපි දෙන්න දිහා බලාගෙන ඉන්නවා.. අම්මපා මේ ගෑනුන්ට තියෙන වැඩ. කන්නාඩි දෙක උඩින් බලනවනම් මොන මගුලකටද දන්නෙ නෑ කන්නාඩි දාන්නෙ... එහෙම ඇන්ටිට හිතින් බනිනකොට තමයි මට මතක් උනේ ම යුනිෆෝම් කියල... දෙන දෙයියෝ බස් එකටම ගෙනත් දීලත් පොඩි කොස්සක් තියනවනෙ... මට දෙයියොත් එක්කත් මල පැන්නා....

"ඉකෝලෙ ගියේ නැද්ද අද මේ රස්තියාදුවේ යන්නෙ..."

මමත් අහන්නෙ මහ මෝඩ ප්‍රස්නද මංද... ස්කෝලෙ ගියේ නැති හින්දනෙ ගං කබරයෝ එයා කල්ඩ් එකෙන් ඉන්නෙ... දැන් එයා නෑං කිවුවාම හොයපංකො තව ප්‍රස්නයක්... ෂික් මගෙ මෝඩ මොලේ...

"මම තාම ස්කෝලෙ යන්නෙ නෑ... අපි මෙහාට අලුතෙන් පදිංචියට ආවෙ... රස්තියාදුවේ නෙවෙයි.. යාලුවෙක්ගෙ ගෙදර යන්නෙ පහු උන නෝට්ස් ටික ඉල්ල ගන්න..."

අඩේ... ගෑනුළමයි ඔන්න ඔහොමනෙ ඉන්න ඕනෙ.... මෙයත් ටිකක් ෆෝවඩ් කෑල්ලක් වගේ... හරිනෙ... ඒකනෙ එදා අයිඩී එක බලද්දි  දෙහිවල කියල තිබුනෙ.. ඔය එලිවෙන්නෙ...

"අං ඒක තමයි... ඒක නෙවෙයි කෝ මෙච්චර කතා කර කර ඉදලත්  නම දන්නෙ නෑනෙ..."

කෙල්ලට හිනා ගියා...  මගේ දිහා බැලුවා... කොන්ඩෙ හැදුවා..

"ඇයි මගේ අයිඩී එකේ නම තිබුනනෙ....
හුටා බොලේ ලබු වැල හොරු කපා ගියා.... මෙයා කොහොමද දන්නෙ මම පර්ස් එක ඇවිස්සුව කියල...
"නෑ මම අයිඩී එක බැලුවෙ නෑ....."
"බොරු කියන්නෙ... ඒක තිබුන තැන නෙවෙයි තිබුනෙ..."

හරි සනීපයි දැන් ඉතිං දෙකට නැමිල බුරිය විකාගන්න තමයි වෙන්නෙ..... කෙල්ල තාම හිනා වෙනවා.. ඒ කියන්නෙ වැඩි අප්සට් එකක් නෑ... අරින්න නරකයි..

" හරි ඉතිං මම පර්ස් එකබැලුව තමයි.. මේ යුද්දෙ කාලෙ බෝම්බ තියෙනවද කවුද දන්නෙ... ඔය ටීවී එකෙ අනන්තවත් යන්නෙ සෝදිසියෙන් ඉන්න කියල.. විටක බෝම්බය සුරූපී වෙසින් පැමිනිය හැක කියල ඉතිං හොද පුරවැසියෙක් විදියට මමත් පොඩි සෝදිසි පාරක් දාල බැලුවා පුපුරන ද්‍රව්‍ය එහෙම තියෙනවද කියල..."

ඒපාර කෙල්ලට හිනා ගිය පාර අතින් කටත් වහගත්තා... වහගෙන මගේ දිහා බැලුවා ඒ ඇස්වල දිස්නෙට මගේ ඇස් නිලංකාර වෙලා ගියා...
ඒත් එක්කම බස් එක ගාල්ලෙ ස්ටෑන්ඩ් එකට හැරෙවුවා නවත්තන...

" විහඟ... හපුගලට යන්න වක්වැල්ලෙ බස් එකේ නැග්ගාම හරි නේද....?"
එයා අහපු ප්‍රස්නෙන් මට ඇහුනෙ පලවෙනි කෑල්ල විතරයි....
  
  විගඟ..........
යකෝ.. මෙයා මගේ නමත් දන්නවා..... මට ප්‍රස්නෙට උත්තර දෙන්න උනේ නෑ.. සෙනගත් එක්ක බසෙකෙන් බහින්න අපිව ඇදිල ගියා....

"මොකක්ද ඇහුවෙ ඔයා....?"
මට ආයෙ අහන්න පුලුවන් උනේ අපි බස් එකෙන් බැස්සටත් පස්සෙ...
"හපුගලට යන්න වක්වැල්ල බස් එකේ නේද යන්න ඕනෙ... කොහේද ඒ බස් නවත්තන්නෙ... ?"

ඒ කියන්නෙ වැඩේ තව ටිකක් කන්ටිනිවු...අපි ස්කෝලෙ යන්න යන්නත් ඕනෙ ඒ බස් එකේමයි...
ජය හෝ....

"ඔවු... ඒ කෙ ගියාම හරි... අපි යන්නෙත් ඒ බස් එකේ... ස්ටෑන්ඩ් එක එහා කොනේ තනවත්තන්නෙ.. යන්කො පෙන්නන්න..."

මම එහෙම කිවුවාම  කෙල්ලට ආයෙත් හිනා ගියා කොන්ඩෙ හැදුවා.. "හාකෝ"

හිනා වෙවී එයා කියපු විදියට මටත් හිනා ගියා... කොන්ඩෙ හද හද එයා බිම බලද්දි මම තාමත් නස්ටොප් කට ඇරගෙන ඉන්න ලහිරුවත් ඇදගෙන ඉස්සර උනා...

" කවුද යකෝ ඒ...? කොහේ කෑල්ලක්ද...?? මොන ස්කෝලෙද..??? අපේ වයසෙද...???
උඹ කොහොමද දන්නෙ.....???? පට්ට කෑල්ල බං... කියපන්කො...?????"

යකෝ මූත් අපෙ අක්කට පරාද නෑනෙ... පඩයක් ගියත් ප්‍රස්න පත්තරයක් අහයි.. ඇයි යැයුවෙ.. කොයිවෙලාවෙ කාපුදව..... මොකද ඔච්චර ගඳ.. සද්දෙ අඩුකරල වෙන තැනකට ගිහින් යවන්න බැරිද..?  අනේ අම්මපා......

"අර මම පර්ස් එක අහුලල දුන්න කෙල්ල බං... තොට මතක නැද්ද....?"
"අම්මට හුඩූ... එයාද මේ.......
ලහිරුවගෙ කට බස් එකේදි ඇරගෙන ඉදියටත් වඩා ඇරුනා... හැරිල පිටිපස්සත් බලනවා...
"ගොං අලියා.. පස්ස බලන්න එපා යකෝ.. එතකොට එයා දැනගන්නවනෙ අපි එයා ගැන කියල කතා කරන්නෙ... කෝ තොගෙ අර වෙනවෙලාවට තියෙන පන්ඩිත මොලේ..."

අපි වක්වැල්ල කිවු එක ආව... වෙලාවට සීටීබී එකක්... සීසන් කට්ට ප්‍රයෝජනයට ගන්න පුලුවන්... වෙලාව අටට පහයි ස්කෝලෙ පටන් අරගෙන දැන් පැය බාගයක් වෙනවා..ඒක නිස්සා සෙනගත් නෑ බස් එකේ... අපි බස් එක ගාව නැවතෙත්ති ව්‍යංග බස් එකට නැග්ගා.. නැගල වාඩි උනා....
දැන් මොකද කරන්නෙ... මම යුනිෆෝම්.. එයා ගාවින් ගිහින් වාඩිවෙනවද... නැද්ද...?? එයා ජනේලෙන් බලල හිනා උනා... මම දැන් ගිහින් වාඩි උනොත් නිකන් පැණියෙක් ගානට වැටෙනවා... ඒත් ඉතිං මේ කෙල්මල් හිත කෑ ගහනවා..
පලයං යකෝ......
එතකොටම බස් එක ඇද්දුවා... බස් එකට නැගල එයාගෙ ශීට් එක ගාවින් හිටගත්තා....

"වාඩිවෙන්න"

එයා ශීට් එක උඩ තියල තිබුන පොත් ටික  උකුලට අරගත්තා... ඒ කියන්නෙ ෂීට් එක තියාගෙන ඉදල තියෙන්නෙ මටද... හිතේ පිටිපස්සෙ පේලිය විසිල් ගහද්දි මම ශීට් එකේ වාඩි උනා...

"වෙලාව අටයිනෙ... දැන්ද ස්කෝලෙ යන්නෙ... ?"
ඒ පාරනම් එයා ඇහුවෙ පුදුම වෙලා...
"අං.. අද හාෆ් ඩේ... මාසෙකට දහයක් විතර තියෙනවා... මොකද ඕව ගත්තෙ නෑ කියල වැඩිපුර ගෙවනවද...?"

එයා ආයෙමත් කොන්ඩෙ හදල හිනාවෙලා  ජනේලෙන් එහා පැත්ත බලාගත්තා...අම්මාග්.. සුවද... ඇයි මට මෙච්චර වෙලා මේක දැනුනෙ නැත්තෙ...

"මේ ඒක නෙවෙයි... ඔයා මට ඔයාගෙ නම කිවුවෙ නැති උනාට ම්ගේ නම දන්නවනෙ.. ඒ කොහොමද...?"

මම එහෙම අහද්දි කෙල්ලට බිම බැලුනා... හොරා කල අහුවෙක්ච්ච පූසියෙක් වගේ.. අං... දැන් දීපංකො උත්තර..

"කෝ ඔක්කොමල තම තමන්ගෙ  ටිකට්ස් ගන්න......."

කොන්දගෙ කටට වඩා සද්දෙට ඇහුන ඒ සද්දෙන් මම ඔලුව උස්සල බැලුවා... අම්මට සිරි.. ටික්කො පැනලා..... බස් එක අයින් කරල නැවැත්තුවා...
මම සීසන් එක ගන්න පර්ස් එක අතට ගන්න හදද්දිම  සිනිදුම සිනිදු හීතල අතක් මගේ අතින් අනිත් තද කරල අල්ල ගත්තා....

"අනේ විහඟ...... මම ටිකක් ගත්තෙ නෑ......."


අති බිහිසුණු  පැනි බේරෙන... මානුෂීය මෙහයුමකින්.. විහඟ සුපර් හීරෝ තම සිහිනකුමාරිය ටික්ක නැමති ගිනිපිබින මකරාගෙන් බේරාගන්නා හැටි ඊලග කොටසින් ලගදීම එනවා......

34 comments:

  1. උඹ මාව කාපං.. හැමදාම කුතුහලය ත්‍රාසය බීතිය පිරි අවසානයක්නේ යකෝ.. ඉක්මනං කරලා දාපං අනික් කොටස :D

    ReplyDelete
  2. @ bunny :- එහෙම තමයිලු වෙන්නඩ ඕනෙ... කතන්දර අංකල් මට කියල දුන්නෙ... :D :D දානව දානවා...

    ReplyDelete
  3. තොපි මේවා ලියල අපේ අතීතෙ මතක් කොරනවා බොලවු!! :D

    ReplyDelete
  4. නියමයි!! ඊළඟ කොටසත් ඉක්මනට දාන්න...!

    ReplyDelete
  5. නියමයි පොඩි මෑන්.... දිගටම ලියන්න.....

    ReplyDelete
  6. සාර්ථකයි...බොහොම හොදයිම මිත්‍රයා..ව්‍යංගා..හරි ලස්සන නම

    ReplyDelete
  7. @ ChAnDiKa :- මාත් මේ අතීතෙ මතක් කරගෙන තමා ලියන්නෙ බොලවු..:D

    @ සුමින්ද :- දානව දානවා... කලින් ඒව වගේ පහු කරන්නෙ නෑ..

    @ ඔජායේ... :- යේ යේ ඔජායේ.... ස්තූතියි..

    @ජනරඟ :- ස්තුතියි මිත්‍රයා... :)

    ReplyDelete
  8. නියමයි මචං. දිගටම ලියපන්!

    ReplyDelete
  9. කොටස් තුනම කියෙව්වා.... ගොඩක් හොඳයි. හොඳට රස වින්දා. ඊලඟ කොටස එනකං බලාගෙන ඉන්නවා...!

    ReplyDelete
  10. @ මුචලිද :- බොහොම ස්තූතියි....
    @ දුමී අයියා :- බොහොම ස්තූතියි දුමී අයියෙ... පලවෙනි කොටසටත් කමෙට් එකක් දාල තිබුනා.... අනිවා ඉක්මනටම ලියල දානවා... :D

    ReplyDelete
  11. පට්ටායි ඉතුරු කොටස කියවන්න පට්ට නොඉවසිල්ලෙන් ඉක්මනට දාපන්කෝ උබත් හොදම තැනින්නේ නවත්තලා තියෙන්නේ :D

    ReplyDelete
  12. උබේ නම විතරනේ බන් පොඩි....

    ReplyDelete
  13. අඩෝ පට්ටයි කියන්නෙ පට්ටම පට්ටයි යකෝ.සිරා දිගටම ලියපං.උඹ ජූල්ගහ සෙන්ට්‍රල් ද?අලපලාව සෙන්ට්‍රල් ද?

    ReplyDelete
  14. අඩෝ සබ්ස්ක්‍රයිබ් වෙන්න තැනක් දාපන්.උඹේ බ්ලොගේ මට හමදාම මිසිං නැත්නම්

    ReplyDelete
  15. @ කිඩෝ :- දානව දානවා

    @ ගිනිකුරුල්ලා :- හැක හැක...

    @ කුරුං කුරුං :- අලපලාව සෙන්ට්‍රල්... එහෙම එකක් කොහොමෙයි දාන්නෙ ?? ම දන්නෙ නෑනෙ දැනට යටින් ස්බ්ස්ක්‍රයිබ් බයි ඊ මේල් කියල දාල තියෙනවා... ඒක හරියනෙ නැද්ද ?

    ReplyDelete
  16. ඒ කමෙන්ට්ස් නේ බං.මම කියන්නෙ පෝස්ට්.උඹ මැත ද කරන්නෙ?සොහාන් ගම්ලත් එහෙම දන්නවද?මම ජූල් ගහ එකේ.2013 උපෙ මාත්.

    ReplyDelete
  17. කතාව නම් නියමයි බං...පට්ට...කොටස් තුනම කියෙව්වා...ඉතිරියත් ඉක්මනට දාහං කෝ....

    ReplyDelete
  18. @ කුරුන් :- නෑ ලොක්ක මම 08 කරේ... මේ කතාව 07 මුල විතර යන එකක්...

    @ ප්‍රසංග :- දානව දානවා....

    ReplyDelete
  19. අප්පච්චියෙ එහෙමද?එල එල කෝම හරි කමක් නැ එල කතාව.දිගටම ලියපියකෝ

    ReplyDelete
  20. සුපිරිම සුපිරි පොඩ්ඩෝ.. මට වැඩියෙන්ම වැදුනෙ මකර තොරණ දැක්ක පොඩිඑකාගේ කතාව. ඉක්මනට ඉතුරු ටික දාපන්.

    ReplyDelete
  21. ලිවීමේ රටාව සුපිරි..
    හික්ස් හිනා වෙලාම බඩත් ෂිදේ :D

    ReplyDelete
  22. කියල වැඩක් නෑ, ලියන විදිහ නම් පට්ට. කතාවත් පට්ට. ලස්සනයි.

    ReplyDelete
  23. පොඩි මෑන් මිහිඳුවෙක්ද??? බ්ලොග් එක එල... මේක මගේ පලමු කොමෙන්ටුව..

    ReplyDelete
  24. හම්මා......... කියන්න වචන නෑ... මට මේකෙ චිත්ත රූප මැවෙනවා....:) නියමායි...!!!

    ReplyDelete
  25. තනි ඇහට ඇඩෙනව.. ගාල්ලෙ ස්ටෑන්ඩ් එක... වක්වැල්ල.. හපුගල... පරණ මතක ඇවිස්සෙනව බොල...

    උබේ ලිවිල්ල නම් සුපිරි ආයෙ හෝදන්න ඕනිම නෑ....

    ReplyDelete
  26. යකෝ මහ රෑ 12යි..මම කාමරේ තනියම හිනා වෙනවා ඇහිලා අම්ම ඇවිත් මගේ 4න් 1ත් බැලුවා මම මල් කඩනවද කියලා.පට්ටාආඅය්යී උඹ ලියන විදිහ.. =)

    ReplyDelete
  27. පිස්සු හැදෙයි......... මේ ඔය බස් එකේ නේ මන් හැමදාම. අපේ ගෙවල් ගාවින්ම යන්නේ..

    ඉතුරු ටික......කෝ.... ගංජා ගහල වගේ

    ReplyDelete
  28. ගොඩක් පහුවෙලා මේ කතාව කියවන්නේ මචං..පට්ටයි හොදේ???
    උඹේ කෑල්ල හපුගලටද ගියේ??? :)
    අපිත් දැන් හපුගල තමයි ඉන්නේ බොලේ..
    එක නෙවෙයි..උබ රිච්මන්ඩ් නේ?.. ඩිලාන් සරිත්,සුපුන් තිළිණ එහෙම දන්නවා ඇතිනේ??

    ReplyDelete
  29. හිනා කාලා පනයනව ඕයි. සුපිරි ලිවිල්ල බන්.

    ReplyDelete
  30. අනේ ....හරි ෂෝක් එකට ලියනවා පොඩ්ඩෝ...හරිම ලස්සනයි...

    ReplyDelete
  31. අනේ බං අනිත් කැල්ල ඉක්මනට දාපන්කෝ ...................

    ReplyDelete
  32. meka machan print karala wikunapanko ban patta

    ReplyDelete
  33. My family members every time say that I am wasting my
    time here at net, but I know I am getting know-how every day
    by reading such nice articles.
    Look into my web site :: soccer transfer news espn

    ReplyDelete
  34. WOW කොල්ලෝ සුප්රියටම ලියල තියනවා. මටත් ඔය වගේම love එකකක් තිබුන. එක කරගෙන යන්නෙ හමඹ උනේ එක දවසයි....ලොල්

    ReplyDelete