2011-07-03

ගාල්ලේ ගඩොල් එක තැනකට (පොඩි මෑන්ගේ වාර්ථාව)


                                          නමෝ බුද්ධාය


 බුදධ වර්ෂ 2664 වූ ඇසල මස දෙවන ශනි දින හිම හංසි මෙනවිය/මහත්මිය (ඊයේ දවල් වන තුරු දැන සිටියමුත් දැන් නිස්චිත අදහසක් නැත) අදහසකට අනුව බනියා නොහොත් වල් හාවා තුමාගේ සංවිධානයෙන් දක්ෂිණ දිසාවේ (ගාල්ල හා ඒ අවට) ගඩොල් කරුවන්ගේ සුහද හමුව හිරු නැගී  පස් හෝරා ගිය කල්හි ගාල්ල ඓතිහාසික කොටු පවුර මස්තකයෙහි පැවැත් උනාය... මම තුමා ඊට පෙරදින හවස සිට උදෑසන දෙක පමන වනතෙක් ගිහි ශීලයේ පස්වන ශික්ෂාපදයට එරෙහිව යාම හේතුවෙන් සුභ මොහොතින් කොටුපවුර මස්තකාරූඩවන්නාවූ සාදු කර්තව්‍යට සම්ප්‍රාප්ත වන විට මුල් අදියරේ දෙහෝරා ඉක්ම තිබ්බේය. සංවිදායක තුමාගේ අප්සට් සංභන්දීකරණය නිසා මට තවත් ටින්කිරි මුට්ටියක් පෙරලුනෙමි.




ජංගම දුර බනයෙක් ඇමතූ විට අසවල් කෞතුකාගාරයේ යැක් කියමින් කෞතුකාගාර දෙකකට ඇතුල් වීම සදහා ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට සිදු වූවේය.ඒ දෙකෙන් එකකවත් මුන් සිටියේ නැති බව හදපුරා බුර බුරා නැගෙන සංවේගයෙන් ප්‍රකාශකරනවාය. සංවිදායක තුමාගේ හොම්බේ ස්පර්ශය කෙසේ වේදැයි බැලීමට තරම ඒ සංවේගය ප්‍රබල වූ බව දන්වා සිටීමට කැමැත්තෙමි. අවසානයේ පොඩිමෑන් තුමාගේ තැනට සුදුසු අසවල් එක ශරීරයේ ප්‍රමානයට වඩා ඇති හෙයින් කස්ටිය සොයා ගැනීමට හැකි උනේය... සිත් තුල තිබූ ප්‍රකෝප සිතුවිලි සංවිධායක තුමාගේ රැවුලෙන් වැසුනු හා මූන දුටු විට තඩි හම්බ සයිස් පූසෙක් දුටු කොසැට මීයෙක් සේ පලා ගියේය...






මීලගට යෙදී තිබුනේ ස්ව හැදින්වීමේ වාරයයි.. එහිදී ප්‍රාර්ථනා ඉදිආප්ප වන්ගෙඩියක් සේ කැරකැවෙමින්ද, හිම හංසි කූරිය ගසන සරුන්ගලයක් සේ දෙපැත්තට පැද්දෙමින්ද, ජනරග ප්‍රාදේශිය සභා ඦ්න්දය පැරදුන මගෝඩිස්තුමාගේ ලේකම් තුමා වගේ දගලමින්ද, බනියා හාවෙකු සේ ඉව අල්ලමින්ද, කලුවා සිග්නල් ඇඩ් එකක් සේ විරිත්තමින්ද, හුස්නි පොසොන් රූකඩ නාට්‍යක රූකඩයක් සේ උඩපහත යමින්ද, බනියා ලෙසටම හාවෙකු සේ ඉව අල්ලමින්ද, කිඩෝ ඔටුවෙක් සේ බෙල්ල දිකරමින්ද, කල්හාර මුල්ලේරියාවෙන් පිටමන් කර එකෙක් සේ හිනාවෙමින්ද, පොඩි මෑන් ඉතා විශිෂ්ඨ ලෙසද එමෙ ක්‍රියාව අවසන් කලෝය... ඒ සමගම නැව බලන්න ගිය වත් අක්කා  පරිවාර බෝට්ටුවක් පිටුපස වරායට ඇදෙනා නැවක් සේම තම නැගනිය සමග එම ස්ථානයට සේන්දු වූවාය...


අනතුරුව හිම හංසිගේ අනේක සෝකාවෝ හා විලාපයන් නිසාම දිවා ආහාරය සදහා සබාව මදකට කල් තැබිනි මෙහිදී කඩේ ගිය කල්හාර හා කිඩෝ අමතක නොකරම බැරිය..


යට ගිය දවසක වෙලක පෙරලාගෙන කුකුලෙක් තමාට කොටා ඇති නිසාම බත් හා හාල් සමග ඇතිකරගත්තා වූ අනේක කෝපයෙන් යුතුව කිඩෝ සහ හුස්නි චිකන් රයිස් වලින් එම තරහ පිරිමසා ගත්තාය..






අනතුරුව වත් අක්කාගේ මහා දන පරිත්‍යාගයෙන් ලැබුන හිම කිරම අතුරු පස සංග්‍රහය හිම හන්සි ප්‍රතික්ශේප කරේ සෙම් අමාරුවක් නිසා බව කියවුනත් දවල් ආහාරය  ආහාර මාර්ගයේ සැලකිය යුතු උස මට්ටමක් දක්වා තිබූ නිසා බව විස්වාස කටයුතු ආරංචි මාර්ග අපට පැවසුවෝය..



බනියා සර්ගස් පෙන්නන්නට ගොස් පවුද්ගලික අයවැයට පාඩු සිදුකරගන්න  අතර තුර සියලු දෙනා මුහුදුවෙරලට සම්ප්‍රාප්ත විය...  අනතුරුව පැවති ගීත කතා වටයේදී ජනරග විසින් ආරම්බ කරන ලද විකුර්ති ගීත සදාහා පොඩිමෑන්ගේ නොමසුරු දායකත්වය ලබාදීමට හැකිවීම මහත්  හදපිරි සතුටින් දැනුම් දීමට කැමැත්තෙමි...


අනතුරුව සියලුදෙනාගේ ජංගම දුර බනයේ අංකයන් හුවමාරුකිරීමෙන් අමතරව... හිම කිරිම නොකෑවායි  කෑගසමින් සිටි හිම හංසිගේ දොලදුකට පිලියමක් ලෙස පැවති ලොලිපොප් සංග්‍රහයකින් පැවැත්වීමෙන් අනතුරුව සභාතමෝ සතුටින් විසිරගියහ...


සැ. යු   අනෝනිමසෙක් විසින් සොරාගත් ( දිවාආහාරයට ආසන්න වෙලාවකදි) හිම හංසිගේ රු 50 ගැන ඉහත මුලු කාලය තුලම දුක් ගීත වැයුනු බව සලකන්න...
                                          
               ස්තූතියි ඔබ සැමට ගූගල් දෙවියන්ගේ පිහිටයි ආ...ර...සා..ව..යි...!!!

22 comments:

  1. අවසන් මොහොතේ සම්ප්‍රාප්ත වුනු මට ස්ව හැඳින්වීමේ වාරය මිස් වීම හෙනම දුකක් වූ සේක. එක අතකට නොකර ඉන්නට සිදුවූ එකද හොඳය. මුන්ට මෙහෙම කියූ මූ මට මොනවා නොකියාවිද?

    ReplyDelete
  2. නියමයි. මගේ වාර්තාව ලගදීම බලාපොරොත්තුවන්න.

    ReplyDelete
  3. හිකිස්, මම බයේ හිටියේ ... ඇති යන්තම්... හී හී....මගේ වාර්ථාවත් ලඟදීම..

    ReplyDelete
  4. ප්‍රමුකයට ගහන්න තරම් මඩක් තිබුනේ නෑ... තම්බියා අනිවා දාපන්... ප්‍රාර්තනා මොකටද බයේ ඉදියෙ ??

    ReplyDelete
  5. කට්ටිය ගේ වාර්තාවල අඩුවක් නොමැත...සම්පුර්ණ සිද්ධි මාලාව සක්සුදක් සේ පැහැදිලි වෙමින් පවති.. ජායාරුපකරණය කළ එකාට පින් සිදු වන්නට සියල්ලන් ගේ මුහුණු හදුනා ගත්ත ද.. පොඩි මැන් වන තොපව හදුනා ගැනිමට තාමත් මා අපොහොසත් වු බව මෙහි ලා සදහන් කළ යුතුමය...:P

    ReplyDelete
  6. පොඩි මෑන් හදුන්වාදීම හොදටම කලාද නැද්ද කියලා ඉතින් තව කෙනෙක් ලියන ලිපියකින්ම තමා බලා ගන්න ඕන.. දැන් ඔය හමුව රත්ගමයා නැති කාලෙම දාගත්තා කියලා ඔකා ආවම ඉන්න ලැබෙන එකක් නෑ...

    ReplyDelete
  7. @ චතු මිතු :- ඔබ තව උත්සහ කල යුතුව ඇත :D

    දිනේශ් :- අම්මප ඒකනම් ඇත්ත... කස්ටියම මතක් කලා රත්ගමයව

    ReplyDelete
  8. ගාල්ලේ කොල්ලන්ගේ වැඩ දැක්කම අපිට අපේ තරුණ කාළෙ මතක් වුනා ...(ඔය කොටුව හරියෙ කරපු වැඩ .) . කොහොම වුනත් හොඳ උත්සාහයක් ඔය එකතුව මගින් තව තවත් වැදගත් දේ රටට අපට දේවි කියල මම බලාපොරොත්තු වෙනවා ..

    මමත් ගාල්ලේ , ඒත් රාජකාරිමය ගැටළු නිසා ඔබ හමු වෙන්නට නොහැකි වුවත් දිරි පතනව ජීවිත ජය ගන්නට ...ඔබ සැමට

    වෙලාවක් ඇතොත් ඇවිත් යන්න ..තවත් ගාල්ලේ බ්ලොග් එකක් මේ ..සමහර විට ඔබටත් වැදගත් වේවි ...
    www.sonduru.tk

    ReplyDelete
  9. ආයේ නම් සංවිදානය කරන්නැ අම්මපා :P
    උබලත් කරලා බලපල්ලා එකේ තියෙන අමාරුව :D

    ReplyDelete
  10. අඩේ මගේ පොටෝ එකකුත් දාලා... හුරේ...!!! :D :D

    ReplyDelete
  11. @ මහේශ් :- මේ මූනු පොතේ ගාල්ලෙ අයගෙ ගෲප් එක.. මේකට එකතු වෙන්න.. බොහොම ස්තූතියි දිරිගැන්වීමට

    @ බනියා :- නැතුව නැතුව අපි දන්නෙ නැතෙයි

    @ Kaz :- වැරදිලා වැටුනෙ බං :P

    ReplyDelete
  12. කට්ටිය සෙට් වෙලා දැන් පෝස්ට් ලියනවා. හොඳ හොඳා !!!!

    ReplyDelete
  13. @ මහේශ් :- මෙන්න ලින්ක් එක
    http://www.facebook.com/home.php?sk=group_223907720974611&ap=1

    ReplyDelete
  14. පට්ටයි බොල කොලිටියටම ලියලා තියනවා පැලෙන්න හිනාවුනා බොල....

    ReplyDelete
  15. @ මදුරංග :- ලියන්නම ඕනෙ වැඩක්නෙ නොලිය කොහොමද

    @ කිඩෝ :- තැන්කූ බොල :D

    ReplyDelete
  16. අඩේ.. මරු මචං.. කොහෙද ඉතින් අපි ගාල්ලෙ නෙමේනේ. මේ කොලබ ඉන්න ජොන්ටෝන්ට බැරිද මෙහෙම එකක් තියන්න???

    ලස්සනට ලියල තියනවා... උබව නම් හම්බ වෙන්නම ඕනේ...

    මේ පිචාර් වල තොපි කොයි ඉන්නේ??? කියපිය බලන්න...

    ReplyDelete
  17. ආන් හරි කොලබ තියමු...අපි නම් එකෙන්ම ෆුල් සප් එක :)))

    ReplyDelete
  18. http://www.facebook.com/event.ඵ්ප්?ඒඩ්=136168699795803

    ඔන්න කොලබ උන්ටත් අවස්තාවක්..වරෙල්ලා කොල්ලනෑ අපි මුන්ට වඩා සුපිරියටම වැඩේ කරමු :)

    ReplyDelete
  19. @ ADK :- තෑන්ක්ස් මචං උඩම ෆොටෝ එකේ පඩිපෙල උඩ නෙවෙයි පැත්තට වාඩිවෙලා ඉන්නෙයි දෙවනි ෆොටෝ එකේ පිටිපස්ස හැරිල පොඩි බෑග් එකක් කරේ දාගෙන ඉන්නෙයි පොඩි මෑන් වෙමි..:D අනිවා අනිවා හම්බවෙමු හම්බවෙමු

    @ චාටර් කොල්ලා :- අනිවා කස්ටිය සෙට්වෙලා අපිටත් බලාගන්න ඔය මූනත් තහඩු ටික ෆොටෝ ගහල දාපන්කෝ...

    ReplyDelete
  20. මගෙ මූනත්තහඩුව ඇරෙන්න අනික් උන්ගෙ ඒව නම් ජන්ජාලෙ පෝස්ටර් ගහනව මම් ;)

    ReplyDelete
  21. මේක දකිත්දි නම් මටත් එන්න හිතුනා. නියම වැඩක් ඇත්තටම.

    ReplyDelete
  22. @ හංසි :- දකිද්දි පරක්කු වැඩියිනෙ.. ඔය උ.පෙ පස්සෙ ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවා හංසිත් එන්න :)

    ReplyDelete