2011-07-13

අලුත් මගක



මගේ හඳ මගේ අහසින් බැහැල ගිහිල්ලා......
හඳට පායන්න මගේ අහස ගැලපෙන්නෙ නැතිලු....
අවුරුදු දෙකයි මාස දෙකක් පායල එලිය දුන්න හඳ බහැල ගිය ඉක්මනටම වෙන අහසක පායලා....
මගේ අහසෙ බොරු කැටයම් තිබුනෙ නෑ...
තිබුනෙ ඇත්ත කරුවල විතරයි...
ඒත් ලස්සන ලස්සන දේදුනු වලින් හැඩ දාපු... වලාකුලු වලින් කැටයම් දාපු.. තරු වලින් එලිය වෙච්ච අහසක හඳ පායල.....
ඒත් කරුවල වලාකුලු නැති හිස් අහසකට අහින්සක හඳ කොච්චර ලස්සනද කියල හඳට මම පොලොවෙ හැපිල කියල දුන්නත් තේරුනේම නෑ...

මම බලෙන්ම හඳ ගෙනත් මගෙ අහසෙන් තිබ්බා...
මගේ අහසින් බැහැල ගියොත්... අමාවක ගැන ලෝකෙට කියනව කිවුවා.....
ඒත් අහසට ගෙනල්ල තියපු හඳකින් ඇති වටිනාකම මොක්ද... ??
වෙනද වගේ හඳ පායන්නෙ නැතිනම්....

ඉතිං මම හඳට යන ගමනක් යන්න ඉඩ ඇරියා........

හඳ නැති අහසෙන් මම අද පොලවට බැස්සා......

පොලවෙ කකුල් දෙක වදිද්දි.... අහසට වඩා හොදයි කියල හිත හදාගත්තා.... කොච්චර අමාරුවෙන් උනත්....
තාම ටිකක් කකුල් වදිනව හොරයි පොලවට.....
ටික දවසකින් හරියාවි...

ඔන්න හඳ උඹ උඹේ ගමන පලයන්.... මම මගේ ගමන පොලව උඩින් යන්නම්......
උඹ හැමදාම අහසෙ එකම රවුමෙ පලයන්..... මම පොලව උඩින් මගේ ගමන යන්නම්....
මීට පස්සෙ මගෙන් කවිත් නෑ උඹට....
උඹ හිනා වෙනව නේද .... ?? ඒත්..දවසක අඩාවි..... හැබැයි එදාට මම ගොඩක් දුර...

ඔන්න මගෙන්  අන්තිම කවිය.....

 

                       හඳට මින් පසු කවි මුකුත්          නැති
                       මගෙ හිතින් හඳ ගැලවිලා           ඇති
                       යන අහක හඳ යන්න ඉඩ            දුනි
                       මහ පොලොවෙ මම මගෙ ගමන යමි

11 comments:

  1. bokkatama waduna ban...pattai...hithata mokakdo dukak awa...ane manda kiya ganna ba...

    adare nathi unaha danena duka kochcharada kiyala nima karanna ba..

    adaredi dala yana kenata terenne na thaniwena kena kochchara duk wenawada kiyala..eth kawada hari eyama therum aragena eyama lagata duwagena enawa...umba kiyanawa wage math dannam godaak dura gihilla iwarai...

    patta post eka..two thumbs up..!

    ReplyDelete
  2. මොකද හලෝ උනේ...ඒ කියන්නෙ මීට පස්සෙ කවි නැද්ද?

    ReplyDelete
  3. හිත හදාගෙන ආයෙත් තමන්ගෙ ගමන යන්න පටන් ගත්ත එක ලොකු දෙයක් සහෝ. හැමදේම අලුතෙන් පටන් ගන්න. ජය!

    ReplyDelete
  4. ඔහොම මහ පොළොවේ ඇවිදගෙන යන කොට ඔයාට මූද හම්බ වෙයි.
    මූදේ මාළු ගොඩක් ඉන්නවා!

    ReplyDelete
  5. මේ උබ හදට අනම් මනම් ටෝක් දිලා අහු වෙන්න එපා.. එහෙම කරලා මං නරක හාවා කරගන්නත් එපා :D

    නියමයි.. මහ පොලවේ පය ගහලා ඉන්න එකා තමා සාර්තකම වෙන්නෙ.. අඩි 2 හෝ අලොක වර්ශ ගානක් උඩින් යන එවුන් කවදාවත් දියුනුවක් දකින්නැ.. :)

    ReplyDelete
  6. පොලවේ ඇවිදින කොට වැටුනට වැඩිය රිදෙන්නේ නැහැ .

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. හප්පා මොනා වෙලාද මේ පොඩ්ඩට...
    ඉවරයි ආයිත් කවිත් නැ....
    අම්මප මට ඔයා සද අහුඋනා නං.....

    ReplyDelete
  9. හපොයි පොඩ්ඩෝ.. මම නම් මුකුත්ම කියන්නේ නෑ.. ඇත්තමයි ...

    ReplyDelete
  10. @ All :- කමෙන්ට් වලට ස්තූතියි....හඳ ගැන කවි තමා ලියන්නෙ නෑ කිවුවෙ...

    ReplyDelete
  11. අහසෙ ඉන්නවට වඩා පොලොවෙ පයගහලා ඉන්නකොට ඇත්ත ඇත්ත විදියට පෙනෙනවා. හීන ලෝකයත් හැබෑලෝකයත් අතර වෙනසත් හොඳටම පෙනෙනවා.

    ReplyDelete