2011-07-29

ඌ හා ගිය හැතිරිට...




නොමැතිව යදම් සීමා
පිදූ පෙම නුඹට මේමා
මගදමා ගොස් ඌ හා
දුන්න දුක නම් බෝමා

හිටි හැටි මුනින් වැතිරී
ලය මත දෙතන තැවරී
ඒ සුවදනම් නම් ඉතිරී
ඌ හා ගියා හැතිරී

වැටි දිනක අහස බොදවී
ඉදන් උඹ තුරුලෙ සිරවී
නැතැයි පිරිසිදුය ලියවී
ඇඩුවා තව මටම ගුලිවී

රෙද්ද මත ලේ බිදුවේ
නැතයි ආලය සෙවුවේ
ගැහෙන උබේ  පපුවේ
මතකද තබා අත කිව්වුවේ

යලි දිනක අහස බොදවී
හිස් යහනෙ උඹ කදුළු බෝවී
බැල්ලියක් උඹ ඌ කියාවී
වරෙන් මම  තව මග බලාවී

                                 __________ හාට්  Piercing...✿•*`¨

අද දාපු දෙවනි පෝස්ය් එක... පලවෙනි එක මෙතනින් බලන්න

ස්තුතියි කේට්..

 

14 comments:

  1. බොහොම බරපතල ප්‍රශ්නයක් නේ...

    ReplyDelete
  2. මෙච්චර ආදරේ දීලත් මොනව මදි වෙලාද ගෙහුං කියෙන්නේ?
    සිරාම පදවැලක්....

    ReplyDelete
  3. සිරාය..පට්ට සහගතය...

    ReplyDelete
  4. \\හිටි හැටි මුනින් වැතිරී
    ලය මත දෙතන තැවරී//

    ලොල්ය... හැක් හැක්..

    දර්ශනන් චිත්ත වෛකලන්
    ස්පර්ශන් දන නාසිකන්
    සයෙන මරණ තූර්යන්
    ස්ත්‍රී පරමත්ත රාස්සණී......... :D :D :D

    ReplyDelete
  5. ගිය එකී වෙමුවෙන් මක්කට ඉන්නවද බං.. වෙන එකක් බලපන්...

    ReplyDelete
  6. @ සාතන් :- නැතුව....

    @ නාකියා :- ඒකනෙ බං ගෑණු හිත කියන්නෙ

    @ චාටර් කොල්ලා :- තැන්කූය...

    @ සුළගිල :- මෙච්චර කවියේ ඌට අර දෙතනනෙ පෙනිල තියෙන්නෙ...

    @ ADK :- ආදරේ කියන්නෙ ඒකට බං...

    ReplyDelete
  7. ඇත්තටම ගොඩක් ලස්සනයි අය්යේ......තව ලියන්න....

    ReplyDelete
  8. කුජිතයි.....

    මට නම් සංවේදි පොස්ට් එකක්..
    මරු

    ReplyDelete
  9. ආදරේ කියන්නේ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන පොඩිම සාධකය.
    ආරක්ශාව,සමාජ තත්වය, හැසිරීම්, ධනය, ලිංගික සතුට වගේ ගොඩාක් සාධක බලපානවා..
    කොයිතරම් ආදරේ උනත් එයාල බලාපොරොත්තු වෙන දේවල් අපි තුළ නැත්නම් එයාල වෙන අතක් බලාගන්නවා..
    ගැටළුව මේ නිදහස කොල්ලොන්ට නැති එක.. මොකද කෙල්ලෙක්ට කොල්ලෙක් අතාරිනවට වදා කොල්ලෙක්ට කෙල්ලෙක් අතාරින්න බාහිර පරිසරයෙනුත්, තම්න්ගේ ඇතුළෙනුත් තියෙන ප්‍රතිරෝධය වැඩියි. සමහරවිට තමන්ගේ දෙමාපියන් පවා ඉඩ නොදෙන්න පුළුවන්

    ReplyDelete
  10. ඉහත කමෙන්ටුව හා ඉත සිතින් එකඟ වෙමි. තමන් තුලින් ඇති වන ප්‍රතිරෝධය ඉතා ප්‍රබලය.

    ReplyDelete
  11. සංවේදී සිද්දියක් ලස්සනට වචන කරල තියනව!!
    තවත් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා!

    ReplyDelete
  12. Greetings from Idaho! I'm bored to tears at work so I decided to browse your website on my iphone during lunch break. I enjoy the info you present here and can't wait to take a look when I get home.
    I'm surprised at how fast your blog loaded on my phone .. I'm not even using WIFI, just 3G .
    . Anyhow, very good blog!
    Feel free to visit my weblog :: man utd transfer news 2009

    ReplyDelete
  13. වරෙන් තව මම මග බලාවී...... ඔව්

    ReplyDelete