2011-07-29

ස්තුතියි කේට්.....



2011  වසරේ අප්‍රේල් 29 වැනිදා ලෝකයේ බොහෝ දෙනෙකු මෙන්ම ඩයමන්ඩ් මාෂල් ද විලියම් -කේට් රාජකීය විවාහය නැරඹුවාය. එහෙත්, ඒ සයහැවරිදි ඩයමන්ඩ් හිටියේ රෝහලේ සයනයක් මතය... පුංච් ඩයමන්ඩ් දරුණු පිලිකා රෝගයකින් පීඩා විදින  ජීවත් වෙන්න ඉතිරිව තිබෙන දින ගනින පුංචි මල් කැකුලකි... ඇගේ පියා ඇය අසල ඉද තව ටික දිනකින් පරවෙන තමාගේ ලෝකයේ එකම වස්තුව දිහා දෑස් දල්වා බලා ඉදියි...
ලෝකය හැර යන්නට තව දින කිහිපයක් පමනක් තිබුනත් ඩයමන්ඩ්ගේ සිඟිති ලොවේ සුරතල් සිහිනවල අඩුවක් නොවුනාය... ඇයට පුංචි බලාපොරොත්තුවක් ඇති වුනි... ඇය එය තම පියාට පැවසුවාය...

"තාත්තෙ.. කේට් කියන්නෙ එතකොට හිම කුමාරි වගේ ඇත්තම කුමාරිකාවක්ද ?? අර සුරංගනා කතාවල ඉන්නව වගේ...?"

"ඔවු දුවේ..."

"එහෙනම් මට එයාව මුණගැහෙන්න ඕනෙ... අනේ ඔයාට පුලුවන්ද ඒක කරල දෙන්න....?"

තව දින කීපයකින් ලෝකය හැර යන අම්මා නැති තම පුංචි සුරංගනාවගේ අවසන් එකම පැතුම පියාගේ හිතට බර වැඩි විය... දෑසින් හැලෙන කදුලු නොපෙනෙන්නට ඔහු තමාගේ පුංචි කුමාරිව තුරුල්කරගත්තේය....

ඔවු රත්තරනේ... මම කොහොම හරි ඒක කරල දෙන්නම්... මම පුලුවන් තරං උත්සහ කරන්නම්...

කොහොම කරන්නදැයි හිතේ කිසිම විස්වාසයක් නොතිබුනත් තව ටික කලක් පමනක් තමාට හිමිවන.. පසුව තමාගේ මවගේ ලෝකයට යාමත නියමිත තමාගේ පුංචි කුමාරිකාවගේ හිත රිදවන්න ඩයමන්ඩේ පියාට නොහැකි විය... ඇයගේ අම්ම බිඉගත් දරුණු මාරයාම ඇයවත් බිලිගන්නට බලා සිටිනබව පුංච් ඩයමන්ඩ්ට ඒ හැටි වැටහීමක් නොවුනාය...

සැබැවින්ම පියෙකු ලෙස ඩයමන්ඩ්ගේ පියා අන්ත අසරන තත්වයට පත්වී සිටියේය...

අවසානයේ.. ඔහු childrend Wish පදනමට ලිඋපියක් ලිවීමට තීරනය කලාය... 1984 ඇරඹුන මේ පදනම මේ වනවිට දරුවන් 17000පමන අනාගත හීන හැබෑකර දී තිබේ....
ඩයමන්ඩ්ද තම හීනය ගැන  මෙහෙම ලීවාය...



මම ඩයමන්ඩ්.... විලියම් කුමාරයාගෙ අම්ම ඩයනා කුමරියනම් නම් සමහර විට මම ගැන අහල ඇති ඇය මගේ අම්මත් එක්ක සවර්ගයේ ඉන්නෙ කියල මම දන්නවා.... අම්ම එහෙදි මම ගැන කියනව කියල විස්වාස නිසා ඩයනා කුමරිය මම ගැන දන්නව ඇති ඇත්තටම මට ඕනෙ මෙච්චරයි මම කේට් කුමරිය මුනගැහෙන්න කැමතියි.. ඔයත් මාව මුනගැහෙන්න කැමතිද ?

පුංචි ඩයමන්ඩ්ගේ ලිපිය සමග පියාත් මෙහෙම ලිවුවේය...

මගේ පුංචි දුවට ඩිස්නිලන්තයේ සුරංගනා ලෝකය ඇස් දෙකෙන් බලාගෙන නිදිකුමරියගෙ කතාවෙ ඉන්න සුරඔගනවන් එක්ක කෑම කන්න තරම කාලයක් ඉතුරුවෙලා නෑ ඇයට ජීවත් වෙන්න තියෙන්නෙ බොහොම ටික දවසක් විතරයි... ඊට පස්සෙ ඇයත් ඇයගෙ අම්ම ඉන්න දිහාවට යාවි... ම තාත්ත කෙනෙක් විදියට බොහොම බැගෑපත් වෙලා  ඉල්ල සිටිනවා කේම්බ්‍රිජ් ආදිපාදිවරිය එක විනාඩියකට මගේ දුවට මුන ගැහෙන්න අවස්ථාව ලබා දෙන්න කියල .. ඒ විනාඩිය මගේ දුවට ශක්තියක් වේවි.... ඇගේ හීනය ඉටුවීම අපට සදාතනික සැනසීමක් වේවි...
 

සිහින පිලිබදව විස්වාස කරන්නෝ තම හීන හැබෑ කරගනිති... පුංචි ඩයමන්ඩ්ගේ බලාපොරොත්තුව ඇය ජීවත් කලාය... අවසානයේදී ඇගේ හීනය ඉටුවිය....

කැනඩා සංචාරය සදහා පැමිනෙන විලියම් කේට් යුවල  පුංචි ඩයමන්ඩ්  මුනගැසීමට කැමති බව දන්වා සිටියාය...

අවසානයේ ඒ සුවිශේෂි දිනය උදාවිය රෝසපැහැති ගවුමකි සැරසුන ඩයමන්ඩ් කෙස් ගැලවී ගිය තම තට්ට හිස මත රෝස පැහැති හිස පටියක් පැලද සිටියාය..

අවසානයේ පුංචි ඩයමන්ඩ් තාමගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගත්තාය... තම අත වූ මල් පොකුර  ඇය කුමරියට පිලිගැන්වූවාය.. කැතරින් කුමරිය පුංචි ඩයමන්ඩ් ආදරයෙන් වැලද ගත්තාය.. ඒ හැගුම් බර මොහොතේ පුංචි ඩමන්ඩ් ගේ හැර අන් සැමගේ දෑස් කදුලු වරින් පිරුණි...

තව ටික දිනකින් නියත වශයෙන්ම ලෝකය හැරයන පුංචි ඩයමන්ඩ් ගේ අවසාන බලාපොරොත්තුව කැතරින් කුමරිය ඉටුකලේ ඒ අයුරිනි...



අන්තර් ජාලය ඇසුරින්..............

10 comments:

  1. යකෝ මගේ ඇස්දෙකෙත් කදුලු.. ඒ තාත්තාට කොච්චර දුකක් ඇත්ද ?
    :(

    ReplyDelete
  2. @ Bunny :-අනිවා මචං.... කියවද්දි මගේ ඇස් දෙකටත් කදුළු ආව ලියද්දිත් ආව....ජීවිතේ කියනදේ අපි හිතුවට වඩා කොච්චර වෙනස්ද කියල හිතුනා....

    ReplyDelete
  3. පට්ට දුකයි මචං කේට්ට හදවතක් තිබුන එක ගැන සතුටුයි...

    ReplyDelete
  4. @ KidO ;- අනිවා මචං.... ඒවගෙ දෙයක් කරන්න පුලුවන් උතුම් හදවතක් තියෙන කෙනෙක්ට විතරයි..

    ReplyDelete
  5. පොඩි මෑන් ගෙන් මේවගේ කතා අහන්නත් සතුටුයි.. පින්තුරේ දැක්ක හැටියේ මම හිතුවේ ඔය කහපාට ගවුම උඩ ගිය එක ගැන හරි ඊට යටින් තියන එක ගැන හරි කුප්ප කතාවක් කියල ඇති කියල... ලොල්ය..

    මොනවා උනත් පොස්ට් එක හැගුම් බරයි..

    ReplyDelete
  6. @ ADK :- කුප්ප කතා කියන උන් ගෙ හදවත හරි ඩීසන් විනීත කතා කියන උන්ගෙ හදවතට වඩා හැගීන්බරයි... විවෘතයි.... උඹ ඒක දන්නවනෙ

    ReplyDelete
  7. as dekata kadulu awe matath horen

    ReplyDelete
  8. ඇත්තටම හරිම හැගුම් බරයි...!! කම්මුල් දෙක දිගේ කදුලු ගලන් ගියේ මටත් නොදැනීමයි..

    ReplyDelete
  9. Really..this made me cry tooo

    Hitha unu wena kollek

    ReplyDelete
  10. අනේ මන්ද බං... මගේ ඇස් වලිනුත් කදුළු අවා... හ්ම්ම්ම්ම්ම්ම්....

    ReplyDelete