2011-07-11

ඇස් බී මාමාගේ නායකත්ව පුහුණු ටොපිය වෙනුවට දුමින්ද දිසානායක මාමාගේ චොකලට් එක


රත්ගමයා කියන විදියට ඇස් බී මාමාගෙ නායකත්ව පුහුණු ටොපිය අජපල්ය..පොඩි මෑන්ගේ ටිංකිරි මොලේට වැටහෙන පරදි ඇස් බී මමා හදන්නේ ඔලුව අතගා ටොක්කක් අනින්නය... නාකත්ව පුහුණු කතාවක් දමා කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට පොඩි ආතල් එකක් දී ඇස් බී මාමලා කරණ  අප්සට වැඩ වලට කෑගහන උන්ගේ කට වසන්නටය... ලැප් ටොප් දෙන බවද කියති... පොඩි මෑන්ට පුකෙනුත් හිනාය... රත්ගමයාගේ ලිපිය හා තවත් කස්ටියගෙ අසා දැනගත් පරිදි පුහුණුව ප්‍රායෝගික නැත... පුහුණුව කෙසේ වෙතත ඩී ජේ නයිට් හා මියුසිකල්නම් ලෙසටම තිබුනේලු....

ඇස් බී මමාගේ ටොපිය කෙසේ වෙතත් දුමින්ද දිසානායක මමානම් ලංකාවේ කොල්ලන්ට කෙල්ලන්ට වැඩක් වෙන විදියේ නායකත්ව චොකලට් එකක් දුන්නේය.. ඒ Emerging Young Leader Award  හෙවත් EYLA ය.

පබ්ලිසිටිය මදිකම නිසා වැඩි දෙනෙක් දැනගතේ නැතිවද ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනය (NIBM ) හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයෙ මගින් සංවිධානය කර මේ වැඩේනම් පස්ටය...මෙය නිකන්ම නිකන් නායකත්ව පුහුණුවක් විතරක් නොවේය.. ලංකාවේ හොදම තරුණ නායකයන් 10දෙනා තෝරා උන්ට තෑගිත් දෙනවාය..

1 ස්ථානය :-  මුදලින් රු මිලියනයක්, පිටරට සවාරියක් NIBM එකේ නොමිලේ ඩිග්‍රියකට චෑනිස් එකක් සමගම ජොබක්ය.

2 ස්ථානය  :- මුදලින් රු ලක්ෂ 5ක් . පිටරට සවාරියක්, NIBM එකේ නොමිලේ ඩිපක් කිරීමට චෑනිස් එකකය.

3 සිථානයේ සිට 10 ස්ථානය දක්වා :- මුදලින් රු ලක්ෂයක් හා (NIBM) එකේ නොමිලේ ඩිපක් කිරීමට චෑනිස් එකකය.


ලැබුන මේල් එකක්  මගින් දැනගත් අයිලාවට පොඩි මෑනුත් ඇප්ලයි කරාය..
ඉන්ටවීවු දෙකකිනුත්  ටෙස්ට් එකකිනුත් පසු ලංකාවේ අවසාන 100 තේරෙන්නට පොඩි මෑන්ටත් හැකියාව ලැබුනේය... සෙමි ෆයිනල් එක තිබුනේ කිරිඇල්ල විජය හොලිඩේ රිසෝට් හා ඇඩ්වෙන්චර් පාර්ක් එකේය... කොලඹ NIBM එකේ සිට අලි පත බස් 3කින් කිරි ඇල්ලට ගිය සියදෙනාට දවස් දෙකක් ඇතුලට ලැබුන අත්දැකීම්  හා දැණුම  පස්ටය....ආතල් එක කියලා වැඩක් නැත...

 
                            

හැමදේම 100% ප්‍රායෝගිකය... ඇස් බී මාමාගේ ඉලවු නායක්ත්ව පුහුණු ටොපිය නැතුව ඒ සල්ලි වලින් මේ චොකලට් එකට ලංකාවේ හැම කොල්ලෙක්ටම කෙල්ලක්ටම එන්ටර් වෙන්න චෑනිස් එක දුන්නානම් කොච්චර පස්ටදැයි පොඩිමෑන්ගේ ටිංකිරි මොලයට කල්පනා වෙන්නේය... එහෙනම් හැංගී ඇති වැඩකාරයෝ ලෙසටම එලියට එනවා ඇත...
දුමින්ද මාමා සභාව අමතමින්


කෙල්ලන්ටත් ඇඩ්වෙන්චර්


අවසානයේ පැය විසිහතරකින් සංවිධානය කර ටැලන් ශෝ එකක්ද කලෝය... ටැලන් ෂෝ එකත් මල් හතය.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නැත. ලංකාවේ මෙච්චර පස්ට මීටර් හා වැඩකාරයෝ ඉදීදැයි දැක පොඩි මෑන්ගේ පොඩි කට ලොකුවට ඇරුනේය...
කදවුරු ගිනිමැලයක්ද තුබුනේය...  කසිටිය කැසි බොල් වෙනක්න් සින්දු කියා නැටුවේය...
දවස් දෙකක් තුල ලංකාවෙ අට පැත්තෙන් ආපු උන් 100 දෙනෙක් පස්ට ලෙස සෙට් වීය. අන්තිමේදී තරගකයකට අපු උන් ලෙස නොව සහෝදරයන් වෙන්වී යන කලක ලෙස උන් ඇඩුවෝය...

ඇස් බී මමාගේ ටොපිය කෑවෝ මෙය දැක සුසුම් නොහෙලනු මැනැවි... EYLA GENERATION 02 එක ඊලග අවුරුද්දේ තියනවායි කස්ටිය කියන්නේය... ඒ කෙසේ වෙතත්  EYLA නම් පස්ටම පස්ටය... අවසන් 10 දෙනා කවුදැයි තාම ප්‍රකාශ කොරලා නැත්තේය... පොඩි මෑන්ටත් පොඩි චෑනිස් එකක් ඇත්දැයි කට ඇරගෙන බලාගෙන ඉන්නවාය.... එහෙම චෑනිස් එකක් නැතැත් EYLA වලින් පොඩි මෑන් ඉගනගත්ත දේවල්නම් පස්ට ලොකුය.



EYLA ගැන පොඩි ඩිස්කසන් එකක්  11 වෙනිදා ඒකියන්නෙ අද 2 ට රූපවාහිනියේ යනවාලු...කස්ටිය පුහුනුවේදි දැමූ වැඩ කෑලිත් පෙන්නනවාලු... කල් ඇතුව මේක දැක්කෝ බලනු මැනවි. කැප්චර්ඩ් කොට ලින්කුව පසුව ඔබන්නෙමි....

 
EYLA කොරපු ඇත්තන්ට පිංය..   EYLA ජයවේවායි එක සිතින් පතමි..!!!



වයන පදට තබමින් ප්ය කම්ල්ලා
( ටැලන්ට් ෂෝ එකේ අවස්තාවක්)
   

අපි මෙතනයි නිදා ගත්තෙ
 
අපි එකා වගේ
(පුහුනුවේ ප්‍රායෝගික අවස්තාවක්)
      


කදවුරු ගිනිමැලය වටා කස්ටිය නටමින්




පොඩි මෑන්ගේ ලොකු වැඩ

එමින් ගමන්
ටැලන්ට් ෂෝ එකේ කස්ටිය වැඩ පෙන්වමින්
කවද කාපු ටකරන්ද
 



















පොඩි මෑන් කරලියේ :D

20 comments:

  1. හිකිස්..............මුගේ වැඩ නම් podi kමට්ට නෙවෙයි...........ඒත් එළ

    ReplyDelete
  2. චික් අපේ කාලේ ඔව්ව තිබ්බේ නැහැ මලේ . එහෙමයි කියල ඉරිසියාවක් හෙම නැහැ . හරිම සතුටුයි පොඩි මැන්ට ඔය වගේ චාන්ස් එකක් ලැබුනට . ඒ වගේම තමයි සැනසුම් සුසුමක් පිටවෙනවා . ඔය විරෝදතා ලිපි කියවන ගානේ මගේ බඩ පිච්චෙනවා අනේ ආයිමත් අර අපේ වගේ කාලයක් එන්න වෙඩි මුර පත්තු වෙනවා දකිද්දී . ඉතින් මේ වගේ පොඩි මෑන් මල්ලිලා සන්තෝස වෙන්න හැකි පුංචි දෙයක් හරි වෙද්දී සැනසීමයි .

    ReplyDelete
  3. කොල්ලො කෙල්ලෙ බලහත්කාරයෙන් කඳවුරු වල ගාල් කරගෙන විඩියෝවේන් දෙන පුහුණු වගේ නෙමේනේ බන් මේවා . මෙතන චැලෙන්ජ් එකක් එක්කනේ වැඩෙ යන්නේ . පට්ටෙට තියෙන්නෙ ඇති බව පේනව . අතන මෙතනයි තියන මූලිකම වෙනස ඒක හැම එකාටම අනිවාර්යයි , මේක අදාල කැමැත්තෙන් තරඟෙට එන අයට විතරයි . දෙවෙනි වෙනස දෙන්නොත් සෙල්ලම් නැ එලකිරි තැග්ගක් ලැබෙනව, අරකට උන්ට ලැබෙන්නෙ තමන් කොහොමටත් තමන්ගෙ මහන්සියෙන් සුදුසු කම් ලබපු උපධියට ඇතුල් විම විතරයි බලහන් කොච්චර අසාධාරණද කියල

    හැබැයි ඉති එස්.බී ගෙ පුහුණුව ඒ ලෙවල් ගොඩ ගිය උන්ට නිල වශයෙන් දෙන ආතල් එක විදිහට ලියාපදිංචි වෙලා ඉවරයි ළමයින්ගෙත් . මිනිස්සුන්ගෙත් හිත්වල . රත්ගමයා ඇරෙන්න වෙන ගිය එකෙක්වත් ඇවිත් නරකක් ගැන බිඳක් ලිව්වෙ නැ . ඒ නිසා එස්. බීගෙ ටොපිය ලස්සනට කාපු බව තමයි කියන්න තියෙන්නෙ . දන්න එකෙකුට කියන්න ඕනි ඊලඟ පාර ඕකට ඇප්ලයි කොරන්න කියල . කොහොමද ඇප්ලයි කොරන්නෙ ?

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ පොඩි මැන්ගේ ටිකිරි මොලයට වැටහෙනා ටොකු කථාව ලොකු මැන්ලා ගොඩක ඩයල් නොවෙන බවය . එනිසා උඹ නම් කොහොමටත් එම්‍රජින් යන්ග් ලිඩ්ඩරයෙක්ම තමයිය

    ReplyDelete
  4. මචං.. මහින්ද අංකල් මේක වැරදිලා හරි දැක්කොත්.. blogspot ලංකාවේ බැන් කරාවි.. පරිස්මට ඇ.. :D

    ReplyDelete
  5. @ Bindi :- බොහොම ස්තූතියි.... මෙහෙම චෑනිස් තියෙනවා තමයි දැන් කාලෙ... ඒ චෑනිස් දෙන්නෙ වැඩි හරියක්ම අපට ආදරේට නෙවෙයි කියලයයි මට හිතෙන්නෙ... ඒ උනාට මේ අයිලනම් සිරාම පරමාර්තෙකින් කොරපු වැඩක් බව කියන්න ඕනෙ..

    @ Buwa :- තාම පලවෙනි එකත් ඉවර වෙලා නෑ... මේ සැරේනම් NIBM එකෙන් ෆෝම් එකක් අරගෙන තමයි ඇප්ලයි කොරේ... ලබනසැරේ මීට වඩා සිරාවට තියේවි කියලයි හිතෙන්නෙ.. ඒක නිසා වැඩි පප්ලිසිටියක් එහෙම හම්බ වේවි... එතකොට බැරියැ ඇප්ලයි කරන්න..

    අනිත් එක තම්යි ඔය නායකත්ව පුහුණුව ගැන කස්ටිය වරදක් නොකියන්නෙ Buwa කිවුව වගේ ලෙසටම ටොපිය කාපු නිසා.. ඒක තමයි ඇස් බී මාමටත් ඕනෙ වෙලා තියෙන්නෙ... වැඩේ කියන්නෙ යන්තත්න් ඇස් කටු දෙකක් එක්ක A/L අනාගත්තු පොඩි මෑන්ට තේරෙන ඒව් ඔය කැම්පස් යන්න උඩින්ම පාස් වෙච්ච පොතේ ගුරාලට තේරෙන්නෙ නැති එකයි..

    ඒකනෙ එම්‍රජින් යන්ග් ලිඩ්ඩරයෙක් බව මම දැන ගෙන ඉදියෙත් නෑ මෙන්න බොලේ අන්තිම 100 ගිහින්... :D තැන්කූ වේවා

    ReplyDelete
  6. සතුටුයි මලේ . . . . ගොඩාක් එවුං තේරුම් නොගත්ත දේ උඹ තේරුම් අරගෙන තියනවා . . . . උඹ හොඳ නායකයෙක් වෙයි . . .

    ReplyDelete
  7. @ Bunny :- එවුව කියන්න බෑ... ඒත් ඉතිං ඔය ලොකු ලොකු අඔකල්ලගෙ කෙරුම්වලට බයේ අතපය අකුලගෙන ඉදල කවදද හාවො හරිගියේ... හා ගුලකටම රිංගන් ඉන්න තමා වෙන්නෙ... ඒ ත් මම හිතන්නෙ එච්චර සීන් එකක් වෙන එකක් නෑ... මොකද මම මහින්ද අංකල්ගෙ එක ජොකියෙක් අප්සට් කියද්දි තව ජොකියෙක් එල කියල තියෙනවනෙ... :D මම මෙතන කියල නෑ නෙ ඔය ඇස් බීගෙ වැඩ කෑල්ල යට මහින්ද මමගෙ අයිඩියාත් හැන්ගිල තියෙනව කියල :P
    වැඩේ කියන්නෙ ඔය පරචිත්ත අහවල් එකත් තියෙනවැයි කියන මහින්ද මාමාට ඇස් බී අප්සට් ජොකියෙක් බව නොතේරීම.. මහින්ද මාමටත් ටොපියක් සෙට් කොරල එහා පැත්තට ගිහින් ටොපියෙ රස කියාවි ලගදිම... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ.. :D

    ReplyDelete
  8. @ ඕනයා :- තැන්කූ වේවා.. මගේ ටිංකිරි මොලේට වැටහෙන දේ ඔය ලොකු ලොකු මොලවලට නොවැටහෙන්න හේතුවක් නෑ.. වැඩේ කියන්නෙ ටොපියෙ ආතල් එක නිසා කස්ටිය කටවසා ගැනීමයි.. තිස්ස අත්තනායක මාමට මම මේ ටික ලියල දෙන්න ඉන්නෙ... පට පට කියල ගිරව වගේ කියවාවි නැත්නම් හිතල කියන්නෙ නෑනෙ.. හිතල ලියල දෙන්නවත් එකෙක් ඉදල නෑ ඒ පැත්තෙ...:D

    ReplyDelete
  9. අනිවා පොඩ්ඩෝ NIBMඑක අත ගැහුවොත් වැඩකට ඔහොම තමා..පොඩ්ඩාට 1ස්ථානය ලැබි NIBM එකේ ඩිග්‍රියකට ඇතුල් වෙන්න ලැබේවායි මගේ ප්‍රාර්ථනය යි..NIBM එකේ ඩිග්‍රිය ඊට වඩා ආතල්ය.. එනු..එනු..:D :)

    ReplyDelete
  10. අඩෝ....ඔය චොකලට් කෑල්ලකුත් කාලා බලන්න ඕන...
    නායකත්ව....
    නායකත්ව පුහුනුවේ දි කොල්ලො කෙල්ලෝ උදේට කට හෝදන්නේ...පිගන් හෝදන්නේ..දත් බුරුසු හෝදන්නේ බෝතල් කල පානිය ජලයෙන්..ඒ තරමට මේ පුහුනුව කුජීතයි

    ReplyDelete
  11. පුහුනුව කුජීත වූයේ රත්ගමයා ගිය නිසා බව සැලකුව මනාය..ලොල් සහගතය..

    ReplyDelete
  12. මේකනං නියම පුහුණුවක් වගේ.

    ReplyDelete
  13. @ රත්ගමයා :- ඊලග පාර ට්‍ර්යි එකක් දාල බලන්න

    @ චාටර් කොල්ලා :- ලොලේ ලොල්ය

    @ blog gadol :- නියමදත් අහනවා....

    ReplyDelete
  14. @ චතුමිතු:- ටැන්කූ වේවා.... :D

    ReplyDelete
  15. අඩේ එදා උබ මේක ගැනද බන් කිව්වේ... පට්ටයි වගේ සමහර විට ඇස් බී මාමා ලබන අවුරුද්දේ නායකත්ව පුහුනුව රීමික්ස් කරලා ගනීවි හි හි...

    ReplyDelete
  16. මේක නම් වැදගත් වැඩක් වගේ. කලින් දැක්කානම් දාන්න තිබ්බා අපිටත්....නායකත්ව පුහුණුවේ පුහුණුකරුවන් වෙන්න අපිව ට්‍රෙන් කළා ලඟදි. ඒකත් ජොලි...විස්තර දාන්නම්කො ළඟදීම

    ReplyDelete
  17. මමත් මෙතන හිටියනෙ. ඇත්තටම පුදුම අත්දැකීමක්. ආපු හැමෝම දක්ෂයො ඇත්තටම මේක තමයි ලංකාවෙ නියම තරැණ ස්පිරිට් එක කියලා කිව්වොත් හරියටම හරි....සුභ පැතුම් හැමෝටම!

    ReplyDelete
  18. @ කිඩෝ :- මේක තමයි කිවුවෙ.... බලමුකො රීමික්ස් වෙලා තව්ව මොනව ඕකට මික්ස් වේවිද කියල

    @ deeps :- එල එල.. දාන්න දාන්න. නෙක්ස්ට් ඉයර් එකේත් තියෙනවලු ඒකට ඇපල්යි කොරන්න..

    @ Maleesha :- අම්ම ගහයි බැට් එකෙන්... නමෙන් මතක නැති උනාට දැක්කොතින් මතක්වේවි අනිවා.. ආයෙ කතා දෙකක් නෑ.. විසිරිලා තිබුන හැකියාවන් එක තනමට ගෙනාවාම කරන්න බැරි දේවල් නෑ කියල ඇස්මනාපිටම ඔප්පු උන දවසක්

    ReplyDelete
  19. කතාව සිරා...සමබරයි....මේ තරහ නැතුව කවුරුහරි කියනවද නායකයෙක් කියන්නෙ කවුද කියලා....

    ReplyDelete
  20. I always emailed this webpage post page to all
    my contacts, for the reason that if like to read it afterward
    my contacts will too.
    My website :: pizza games roy

    ReplyDelete