2011-07-18

කවි කාරයා මං




                                දැකපු සිහිනත් කරල සායම්
                                වැටෙන කදුලින් ගොතල  මල්කම්
                                හෙලපු සුසුමින් දමල රන්දම්
                                නුඹට කවි ලී....
                                කවිකාරයා මම....

                                රෑ අදුර මැද මවල පද වැල්
                                දමා තනුවද රැගෙන තරුවැල්
                                ගැයූ හැඩටද නැතුව අත්වැල්
                                නුඹට කවි කී....
                                කවිකාරයා මම....

                               බිඳුනු හදවත යලිත් පාරා
                               සොයා සිතමත මතක  දහරා
                               ලිහා ඇදිවත ලොවට පහරා
                               නුඹට කවි ලී....
                               කවිකාරයා මම...


අද දාපු කලින් පෝස්ට් එක....  පලි...

5 comments:

  1. හරි හරි කවිකාරයා තමයි..දැන් කවුරුත් නෑ කිවුවද??? :P :P

    ReplyDelete
  2. උබ ඉතින් කොහොමත් කවි කාරය තමා... ඒකෙ කතා දෙකක් නෑ...

    ReplyDelete
  3. @ චතුමිතු :- මම බැලුව කවුරුහරි කියාවිද කියල... :P

    @ ADK :- තෑන්ක්ස් මචං

    ReplyDelete
  4. එහෙම ලේසියෙන් සෙකන්ඩ් වෙන්ඩ කෙමති නැති කෙල්ල ඊට පස්සේ කියයි..මන් කවිය වුන නිසා ඔයත් කවිකාරයෙක් වුනා කියලා..හිහ්

    ReplyDelete