2011-07-15

හඳ ගැන හදට හිතුන හැටි...




 හඳ මගේ අහසෙන් බැහැල ගියානෙ...... ඒක නිසා මම හඳට අන්තිම කවියත් ලිවුවනෙ..... ඒකත් ඔය සමහර චිත්‍රපටි වගෙ... කතාවෙ අන්තිමෙන් තමයි පටන්ගන්නෙ... කලින් වෙච්ච ඒව මතක් වෙන එක තමයි චිත්‍රපටිය...

අවුරුදු දෙකයි මාස තුනක් වගේ කාලයක් හඳ මගේ අහසෙ පායල තිබුනා.... හඳෙ හැටි දන්නවනෙ.. එක එක දවසට එක එක විදියයි.. ඒක නිසා අහසත් එක එක විදියයි... ඔය හඳ එක එක විදිය උන වෙලාවලදි එක එක හැඩේට හඳ ගැන අවුරුදු දෙකයි මාස තුනකට ආසන්න කාලයක් මගේ අතින් හඳට ලියවෙච්ච කවි වලින් ටිකක් දාන්න හිතුනා....සමර ඒව දුකට ලියපුවා.. තවත් සමහර ඒව සතුටට.. තරහට වගේම ආදරේට ලියපුවත් තියෙන්වා...ඒත් ඉතිං ටිකයි

                             හඳ ගැන මම ලිවු කවි ටික ඔක්කොම
                             තියලා පෙලකට අහසේ දොරකඩ
                             හිටියලු හඳ ඒ ලගකම හිටගෙන
                             සේල් සේල් කියලා කෑ ගහගෙන

                            
                              හෙට රෑ හඳ එන වෙලාව වෙනකොට

                             ඔරුවක් අරගෙන තනියම පැදගෙන
                             සිතිජය ගාවට ගිහිල්ල ඉදගෙන
                             පනිනව හඳ ඇතුලට හඳ එනකොට


                             හැංගල හඳ තඩි වලාකුලක් යට
                             ඒත් එලිය වැටිලා ගං දිය මත
                             දෝතට ගෙන ගං දිය හඳ නැතිවට
                             අහුරු අහුරු බොමි පිරෙනා තෙක් බඩ

                           
                              දුරක ගියා මම හඳ එක්කම අද

                             ආකාසෙ ඈතක එපිටට දුර
                             මගදි ගියා හඳ මට නොකියම පැන
                             කාගෙන් කොහොම මම පාර අහන්නද

                            
                             ඉද හිට හඳ මට

                             දානා සත්තම්
                             ඉවසන් ඉමි සිත
                             කරගෙන වත්තම්

                            
                             හඳ ගැන එක එක

                             අය කවි ලිවුවට
                             මගෙ කවි විතරයි
                             ඉල්ලන්නේ හඳ

                             ඇවිත් යන්න හඳ එන්නට එපාලු

                             ගියාම මම දුක හොදටම දැනේලු
                             හැමදාමත් ලග ඉන්නට ඕනෙලු
                             කොහොම ඉන්නදැයි නොම මට හැගේලු

                           
                             දවසක් රෑ හීනෙන් හඳ දැක්කා

                             හිනාවෙලා මා ලගකම ඉදියා
                             නින්දෙන් පිබිදී පාලුව දැනුනා
                             එලියඅට ඇවිදින් උඩ බලාන ඉදියා


                             එක එක සමාන පද හඳ ගැන ඇත
                             ඒ එක පදයක් "හඳ" මෙන් හැඩ නැත
                             වැඩි කැටයම් මට ඕනේ නම් නැත
                             හැමදා හද මගෙ හඳ ගැන විතරය

                              හඳට බනින උන් අල්ලන් අද හෙට

                              කනෙන් ඇදන් මම යනවා වද ගෙට
                              කටු ගහලා මම කපලා කන්දෙක
                              හඳ එලියෙම එල්ලනවා හරහට

                             
                              හඳ ගැන මගෙ හිත

                              හිත හිත ඉදියට
                              හඳ මගෙ හිත ගැන
                              කවද හිතනවද

                           
                             ඉස්සර හඳමයි ඔය දැන් තියෙන්නෙ

                             ඒ ගැන සැකයක් මොකටද හිතන්නෙ
                             හඳ කවදත් අහසේමයි තියෙන්නෙ
                             ලග නැති නිසාද මට දුක හිතන්නෙ
 

                             හඳ අල්ලන්නට
                             අහසට යන්නට
                             ඕනේ නම් නෑ මම
                             දන්නව කෙටි ක්‍රම

                           
                             ගංදිය මත හඳ වැටිලා තිබුනා

                             දෝතට ගත් විට කැඩිලා පෙගුනා
                             ටිකින් යලි හඳ අහසේ තිබුනා
                             ආයෙත් හද මට ලන්නක් දීලා

                            
                              රෑ තිස්සෙ හඳ ලග නිදි මරලා

                              නොදැනෙන්නට තනි ලගින්ම ඉදලා
                              දවල් වරුවෙ පොඩ්ඩක් නිදි කියලා
                              හොදටම හඳ මට ඇත දොස් කියලා

                              
                               එක එක දවසට එක එක හැඩේට

                               හඳ පායා ආවත් මගෙ අහසට
                               හැමදවසක මම ගොතාපු කවිවල
                               ආදරෙ අඩුවක් හෙම නුඹ දැක්කද

                              
                               මතක් වෙලා වෙසගට හැම අයට හඳ

                               ලියූ කවි දැකල හද පිම්බිලා තව
                               අමතක කලා හැමදා කවි ලියපු මම
                               නැතිවද දන්නෙ නුඹ හැමදා වෙසක් නැත

                              
                               වෙන අය හඳ ගැන

                               කවි ලියනා කොට
                               තදවෙනවා මට..
                               මගේ වෙලත් හඳ

                             
                              උඹටත් වැඩියෙන් හඳ අයිතියි මට

                              කියන එකෙක් අද හම්බ උනා මට
                              පුලුවන්නම් උඹ නැගලා අහසට
                              නවතාපන් හඳ එලිය නොදී මට
 

                              කවියක් හද ගැන නොලිවූ රෑක
                              හිත ගලවල මම යැවුවා හඳට
                              කවි නැති හිස් හිත එවුවද මොකට
                              අයියෝ හඳ එවු බැනුමක මහත

                              
                               වෙසක් සඳලු අද

                               පායල තියෙන්නෙ
                               වෙනදා හඳමයි
                               මටනම් පේන්නෙ

                             
                               හඳ ගැන ලියන්නෙ

                               සියවෙනි කවියයි
                               හඳනම් මට කවි
                               කියලා නෑමයි

                             
                              වලා කුලක් කලු ඇවිල්ල කලියෙන්

                              හිටගත්තා හඳ වහගෙන මැද්දෙන්
                              තෙමුනත් ගොරවන් වැටෙනා  වැස්සෙන්
                              බලන් ඉදිමි හඳ දකිනා අටියෙන්

                             
                              අව අටවකහඳ

                              අවලස්සන නැත
                              පුර හඳ නොවුනට
                              ආදරෙ අඩු නැත

                             
                              හඳ ගැන ඔය හැටි මොකට හිතනවද

                              දවසක් තරුවක් ආවා අහගෙන
                              දෙකකුත් ඇනලා කියලා විස්තර
                              තැබුවා අහසේ ඈතින් මුල්ලක

                             
                               ගනං ගත්තෙ නැතිවට හඳ මං ගැන

                               මම නැති වෙනකොට දුක හිතෙනා වග
                               මමත් දන්න බව දැනගං උඹ හඳ
                               තරුවක් කිවුවා උඹ ඉකි ගැහුවග
 

                               දවසක් හඳ මට රහසේ කියාපි
                               අමාවකට හමු වෙමුදැයි අහාවි
                               එදාට හඳ නෑ මිනිස්සු කියාවි
                               හද ඇත මගෙ ලග උන් නොම දනීවි

                              
                               හඳ ගැන ලිවු කවි ඔක්කොම අරගෙන

                               එක දෙක තුන කියලා පිලිවෙලකට
                               තියලා බැලුවම එකක් අඩුයි නෙව
                               මට මතකත් නෑ ඒ මොන කවියද

                             
                               හඳ ගැන මම ලිවු කවි ටික අරගෙන

                               පේලිය පේලිය ගලවන් හෙමිහිට
                               එකපිට තියලා බැන්දොත් ඉනිමග
                               පුලුවන් වෙයි මට හදටම යන්නට

                               
                                කලකට පස්සේ හඳ අද මගෙ ලග

                                ඉදගෙන ඉදියා දෙපැයක් තිස්සෙම
                                වෙලාව ආවම යන්නට අහසට
                                බෑමයි කියලා ඇඩුවා හරියට

                               
                                 හැමදාකම මම

                                 හඳ ගැන ලිවුවට
                                 එක දවසක් හද
                                 වදනක් දෙඩුවද

                                
                                 හඳ ගැන කවි ඇත

                                 එකසිය ගානට
                                 කියලා මොකටද
                                 අහන්නෙ නැති කොට
 

                                 හඳගැන මම කවි ලියනව දැකලා
                                 පොඩි තරු ඒදැක ඉකිබිද හඩලා
                                 මම ගැන කවියක් කියන්න කියලා
                                 එක දවසක් මගෙ ලගටම ආවා


                                 හඳ වට තරු මල්
                                 තියේලු ලස්සන
                                 මටනම් ඔය තරු
                                 ලොකු නෑ එච්චර

 

                                 වලා කුලක මම උදේම නැගලා
                                 හඳ ගැන කවියක් ලියලා තැබුවා
                                 මටත් කලින් වෙන අය ඇවිදිල්ලා
                                 හඳ ගැන තව කවි ලියලා තිබුනා


                                 හඳ එන්නැද්දැයි කවියක ලියලා
                                 තැපැල් කරා මම මොකදැයි අහලා
                                 හැරෙන තැපෑලෙම පිලිතුරු එවලා
                                 තව සතියක් හඳ නිවාඩු කියලා

                                
                                 හඳට මම බැනපු තරමක්

                                 ඒත් තරහ නෑ හඳ තාමත්
                                 නැතුව වගෙ කිසිම ගානක්
                                 එලිය දෙයි හඳ තාමත්

                               
                                 වැස්සට පෙගිලා හඳ අද

                                 ගැහි ගැහි ඉන්නව දැක්කම
                                 වලා කුලක් හිල් කරගෙන
                                 මම ගිය කුඩයක් අරගෙන

මේ අන්තිම එකට කලින් එකට කලින් එක

                                         
                               හඳ යට ඉදගෙන

                               දුක කී පලියට
                               බිමට බැහැල හඳ
                               කවදා ඒවිද ..

අන්තිම එකට කලින් එක


                               දවසක් ඒවිද

                               මතු කවදා හරි
                               නොලියා හඳ ගැන
                               මට ඉන්නට හැකි

මෙන්න එහෙනම් අතිම එක ආයෙත්...
                       
                             හඳට මින් පසු කවි මුකුත්               නැති
                             මගෙ හිතින් හඳ ගැලවිලා                ඇති
                             යන අහක හඳ යන්න ඉඩ                 දුනි
                             මහ පොලොවෙ මම මගෙ ගමන     යමි



  මොකද හිතෙන්නෙ ?

11 comments:

  1. hapoiiiiiiiiiiiiiiii

    ReplyDelete
  2. හ්ම්..ඊයේ පොයනේ.. !

    ReplyDelete
  3. මට පේන්නේ මුට පිස්සුව වැඩිවෙලාද කෙහේද?

    ReplyDelete
  4. "හඳ ගැන කවි ඇත
    එකසිය ගානට
    කියලා මොකටද
    අහන්නෙ නැති කොට"

    තිබුණද කවි
    එකසිය ගානට
    නුඹේ කවි පද ටික
    සරසයි අහසම..
    නුඹ පෙම් බැදි සද
    නුඹට සැහැසි විට
    නොලියන්නේ කිම
    කවි රස බැලුමට
    අප ඉන්නා කළ..

    ReplyDelete
  5. හද පායනකොට මේ වගේ චරිත වල නට් ගතිය වැඩි වෙනවා

    ReplyDelete
  6. පිස්සු හැදෙන සඳ කිව්වලු . කවි ටික නම් පංකාදුයි

    කවිපද හද හද
    කිය කිය හිටියද
    කවි නම් කන්නද
    සඳ කිව්වද අද

    ReplyDelete
  7. බාගයක් කියවනකොට කම්මැලි හිතුන. උබේ පොස්ට් එකක් කියවල ඉවර කරන්න කලින් කම්මැලි හිතුන මුල්ම වතාව. අයෙත් වෙලාවක ඇවිල්ල ඉතුරු ටිකත් කියවල තව කොමෙන්ටුවක් දාන්නම්.

    ReplyDelete
  8. @ සමනලයා :- :(

    @ Bunny :- හ්ම්ම්ම්ම්

    @ දගයා :- වෙන්න ඇති

    @ චතුමිතු :- බොහොම ස්තූතියි... ඒත් හිතෙන්න එපැයි කවි ලියන්න..

    @ රත්ගමයා :- එහෙමද ? වෙන්ඩැ

    @ Bindi :- ස්තූතියි..

    @ ADK :- පෝස්ට් එකක් විදියට නෙවෙයි හිතේ තියෙන දේ නිකන් එලියට දාන්න හිතුනා ඒකයි.. බොහොම ස්තූතියි මෙහෙම මේ විදියට කමෙන්ට් කරනවට

    ReplyDelete
  9. උඹත් හඳට මාර ආතල්නේ දීලා තියෙන්නේ

    ReplyDelete
  10. මේ කවි සඳ ට ද?
    නැත්නම්...
    සඳ ලතාවකටද??? හරීම ලස්සනයි....
    පොඩි එකෝ....(පොඩි කිව්වට පොඩිම නැති එකෝ)

    ReplyDelete
  11. Mt me blog eka hambaune ada... Pattai podi men... Niyamai... Mn den peya 4k withara thisse kiywnwa... Supiri...
    Handa gena kawi tika ela kiri...
    ~ගලයා~

    ReplyDelete