2011-08-08
මග දිගට 5 "ඒවගේද බොල හක්ක වින්කලේට දෙන්න උනානම් බකල් අරින්න ...???"
පලවෙනි කොටස් ටික කියෙවුවෙ නෑ...
මගදිගට 1
මගදිගට 2
මගදිගට 3
අද එතැන් සිට....
ගමගේ සර් ඇස් දෙකත් ලොකු කරගෙන අපේ දිහා බලාගෙන ඉන්නවා... ඇස් දෙකෙන් ගින පිටවෙනව වගේ... වෙලාව අටහ මාරත් පහුවෙලා... ඉස්කෝලෙ පටන් ගන්නෙ හතහ මාරට... වෙලාවට වඩා පැයක් පරක්කු වෙලත් කිසිම ගානක් නැතුව පැද්දි පැද්දි කරට අතදාගෙන මහ හයියෙන් හිනාවෙවේ එන අපි දෙන්න දැක්කම සර්ට කොහොම හිතෙන්න ඇද්ද...
සර්ගෙ උඩට කරකවපු රැවුලයි රතුපාට තඩි ඇස් දෙකයි මට මතක් කරේම ගිය සැරේ ගාල්ලෙ තිබුන තොරනෙ ආලවක යකාමයි... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... සර් අපේ දිහා බලන්න ඉන්නව දැක්කම ගියර් බොක්ස් එක මැනුවල් ගියර් උනත් ටොප් එකේ තිබිල නිවුටල් එකට වැටුනේ ඔටෝමයි....
ලහිරුවනම් තාම සර් දැක්කෙ නෑ... ඌ තාම කියවනවා..
"සිරාවට මචං අර උඹ කිවුවත් වගේ බලන් ගියාම පරක්කුවෙලා ආව එක සිරාවට ගියා නේ...... කෑල්ලත් සුපිරි.. වැනිල ඩ්‍රීම් එක වගේ... ඒක සෙට් වෙනව්නම් ඉස්කෝලෙ බල්ලට ගියාදෙන් බං.. ඔය ඒ ලෙවල් කරල කාටද හරි ගියේ....."
වැනිල ඩ්‍රීම් කේසේ වෙතත් දන්නම් ෆෘට් ඇන්ඩ් නට් තමයි හම්මබවෙනෙ...අම්මප මූගෙ කටටත් බ්‍රේක් නෑනෙ... කටවහපන් බූරුවෝ.... මම ලහිරුවගෙ තට්ටම පුලුවන් තරන් හයියෙන් කෙනිත්තුවා...
"ඌයි.. .....!! තොට... .."
ලහිරුව ඉතුටු ටික කියන්න කලින් මම ඇහෙන ඉස්සරහ පෙන්නුවා... එතකොට තමයි ඌත් අපේ අනාගත ඉරණම සියැසින්ම දැක ගත්තෙ.... හැබැයි මට ඒ ඉදිරියේ වෙන සෝකාන්තය උපේකෂා සහගත සිතින් විදගන්න පුලුවන් උනාට ලහිරුවගේ සුදුලූනු බික්කක් තරම් මොලේට එච්චර දෙයක් කල්පනා කරගන්න තරම් හැකියාවක් තිබුනේ... නෑ
"දුවපං යකෝ........!!!
මගේ ෂර්ට් එකෙනුත් ඇදගෙන එක පාරටම අනිත් පැත්ත හැරුනු ලහිරුවා පණ එපා කියල දුවන්න ගත්තෙ තායිලන්තෙ ගොන් පොරවල ගොනෙක් පිටිපස්සෙන් එලවන් එනව වගේ... ඌ ඇද්ද පාරට ෂර්ට් එකත් බරාස් ගාල ඉරෙද්දි දෙවනි වතාවටත් මූ මගේ යාලුවෙක් වෙච්ච පවට හිතින් දෙස් තිය තිය මමත් වහාම හැරිල ඌත් එක්ක ගමහරහා දිවීම එවෙලේම පටන්ගත්තා...
උසේන් බෝල්ට්ල අර මොකාද පවෙල්ල තියපු වාර්තා කැඩිල යන්න හුරේ රන් එකක් දීපු අපි දෙන්නට පන්සල කන්දෙන් දාල අටපට්ටන් විහාරෙ තාප්පෙ අයිනෙට එන්න විනාඩියක්වත් ගියේ නෑ... ලහිරුවා තාම දුවනවා...
ඒයි... නැ... නැ ව...ති..යන්.... ..!!!
අම්මෝ.... දැන්නම් බඩ කොරවෙන්න වගේ... උයන් පල්ල නෙවෙයි, යම පල්ලෙක් ඇවිත් අල්ලගෙන ගියත් තවත්නම් දුවන්න බෑ... අම්මේ....... මම බඩත් අල්ලගෙන පන්සලේ පඩිපෙල උඩ වාඩි උනා.... ලහිරුව මට තව පඩි විස්සක් විතර පහතින් නැවතිල හති අරිනවා...
ටික වෙලාවක් හති ඇරුපු ඌ හතරගාතෙන් පඩිපෙල නැගගෙන මගේ ගාවට ආවා..
දැන් මොකද බං .. ක... රන්නෙ..??
පඩි පෙලේ වාඩිවෙලා බඩත් අල්ලගෙන දෙකට නැමිලා ලහිරුව කෙදිරිගානවා...
"මොකද කරන්නෙ..... මොන ම...ල දානෙක..ටද දිවුවෙ.... යකෝ... දැන් නිකන් හ...රි අදුන..ගෙන තිබ්බොත්... තමයි දෙන්නටම බඩු පැකට්.... "
මගේ හිතේ තිබුන තරහ තාම එලියට දාගන්න බෑ.. ඒ තරමට හති.... හාර්ට් එක දැන් එනව කටින්...
"උඹ කියන්නෙ දුවන්..නෙ නැතුව එතනට වෙලා අ...හවල් ල_ _ _ කරන්නද.....? ගමගේ කාර.. යට කොහෙ.. ද බං අපිව මීටර් වෙන්නෙ... අනික ඒ යකාට ඔය කන්නාඩි දෙක දැම්මට දුර පේන්නෙ නෑ...."
මූත් කියන්නෙ අර අස්වය හොරා අරන් පැනල ගියාම උඹට දෙන තමයි ගෙනාවෙ වගේ කතාවක්... මුගෙ ආච්චිට..
"උඹ කියයි.. නිකන් හරි රෙජිස්ටර් බලල ආවෙ නැති එවුන් අල්ලගත්තොත්....??"
"අපේ නලලෙ කොටල තියෙනවද යකෝ අපි මැත්ස් එකේ කියල... තව මේ සැරේ ඒලෙවල් කරන අද ආවෙ නැති උන් කොච්චර ඉදීවිද.. අඩුම ගානෙ 30ක් 40ක් වත් ඉදීවි..."
ලහිරුව කියන කතාවෙත් ඇත්තක් තියෙනව දුවන්නෙ නැතුව නැවතුනානම් අනිවා කනේ පාර ෂුවර්... අම්මෝ... ගමගේ සර්ගෙන් කනේ පාරක් කනව කියන්නෙ ආයෙ ඉතිං කොළඹ කතරගම සෙමියක හැප්පුනා වගේ තමයි.... ඒවගේ ද ගෙදරින් එන්න කියල මල කෙලි තිස් දෙකයි... ඊට පස්සෙ අපේ අක්ක...... සන්තාම් මෑනියනේ..!!! දුවපු එක කොච්චර දෙයක්ද... ඒත් මේ මූකලං බස්සට ෂර්ට් එකෙන් අදින්නෙ නැතිව ඉන්න බැරි උනානෙ...
"බලපං උඹ ෂර්ට් එක ඉරුවනෙ... ව්‍යංගා එනව කිවුවා 1 විතර වෙනකොට.. මම යන්න ඉදියෙ ෆිසික්ස් ක්ලාස් එකේ පොත ඉල්ලුව මගෙන්...ඒක දෙන්න... දැන් කොහොමද කියපං මෙහෙම යන්නෙ...??"
"ඕනකමින් ඉරුව වගේනෙ යකෝ උඹ කෑගහන්නෙ... අර නිකන් ගිනි කන වැටිච්ච බල්ලෙක් වගේ කටත් බලියගෙන බලාගෙන ඉන්නව... ෂර්ට් එක මහගන්න හරි පුලුවන්.. ඒවගේද සර් කාරයගෙන් කනේපාරක් කාල හක්ක වින්කලේකට දෙන්න උනාම බකල් අරින්න... කෙල්ල නම්බර් එක දුන්න කිවුව නේද.. කෝල් එක් දාපං."
ලහිරුව ඒක කිවුවෙ මගේ පැත්ත හැරිල මම සර් දිහා බලාගෙන ඉදපු විදිය රගපාල පෙන්නල... උගේ අප්සට් මූනෙන් අප්සට් ජවනිකා රගපාල පෙන්නනකොට ඒක තවත් අප්සට් වෙනවා... මට බකස් ගාල හිනා ගියා... මම හිනාවෙන ගමන් උගේ පිටට ගැහුවා.... ලහිරුවත් හිනා උනා.....
"දැන් මොකද කරන්නෙ.... ...?
ලහිරුව මගේ දිහා බලල ඇහුවෙ ඇත්තටම දෙයක් හිතාගන්න බැරුව වගේ...
" ශ්‍යාමිකයට කෝල් එකක් දාමු... දාල අහමු මොකවත් අවුලක්ද කියල ස්කෝලෙ... "
"උගන්නවද දන්නෙ නෑ පන්තියේ..."
"උදේ දෙක ෆිසික්ස්.. බොගී ෂේප්නෙ... ඌ ආන්සර් කරයි..."
මම කිවුවෙ ෆෝන් එක ගන්න සාක්කුවට අත දැම්මා... හුටා බොලේ කෝ ෆෝන් එක...
" අඩෝ ෆෝන් එක නෑ බං.... "
කලිසන් සාක්කුවලයි ෂර්ට් සාක්කුවෙයි කලිසම අස්සෙ යි හැම තැනම බැලුවත් ෆෝන් එක තිබුනෙ නෑ..
"දුවනකොට වැටෙන්න ඇති යමන් ඉක්මනට බලන්න..."
ලහිරුව මටත් ඉස්සර වෙලා ආයෙත් ආපු පැත්තටම දුවගෙන ගියා... අපි කන්ද බැහැල ඉකෝල පාරට ඇවිත් ගේට් එක පේන තෙක්මානෙට ආයෙත් බයෙන් බයෙන් ගියත් ෆෝන් එකනම් තිබුනෙ නෑ... දැන් ඉතිං කාල වරෙන්කො... ගෙදර ගිහිල්ලත් ඉවරයි... වැඩිම උනොත් දවසක් වැඩේ ශේප් කරග්ගන පුලුවන් ඊට පස්සෙ අහුවෙනවාම තමයි.. ආයෙ ගෙදරින්නම් ෆෝන් අරන් දෙනව බොරු.. මේක අරන් දුන්නෙත් කොච්චර නම වැදුම් වැන්දට පස්සෙද... අඩේ, අනිත් ලෝක අපරාද වැඩේ.. ව්‍යංගගෙ නම්බර් එක... ඒක දාගත්තෙත් ඒකෙ... එනවෙලාවට පොත ගෙනත් දෙන්න මැසේජ් කරනව කිවුවා.... දැන් ඉතින් මගෙ අහවල් එකට තමයි මැසේජ් එක එන්නෙ .. ශිකේ ශිකේ... අද දවසනම් මහ පුදුම දවසක්.. උදේ පාන්දරම වැඩ්ඩ වගේ වැඩ දාල ව්‍යංගවත් දැකල කතාත් කරල වැඩේ 90% හරි ගිහිල්ල නම්බර් එකත් ඉල්ලගෙන ෆුල් හැපි එකේ ඉදල ආව මට එක සැරේට මහ මුස්පේත්තුම මුස්පේත්තු ග්‍රහයෙක් මාරු උනානෙ...ෂික්...
ෆෝන් එකත් නෑ ව්‍යංගගෙ නම්බර් එකත් නෑ ෂ්‍ර්ට් එකත් ඉරිලා ඒ මදිවට අරෙහෙ මොන ගිනිගෙඩිය පත්තුවෙලාද දන්නෙත් නෑ ....අම්මප මොනව කරන්නද කියල හිතාගන්න බෑ...
"ෆෝන් එකත් ඕෆ් බං.. ඒ ඩිංගට කවුරු හරි එකෙක් දෂඨ කරගෙන ගිහිල්ල වගේ....
මොකද කරන්නෙ..."
ලහුරුව ම්ගේ ගාවට ඇවිත් ඉනට අත් දෙකත් ගහගෙන ඇහුවා
" මොනව කරන්නද බං... දැන් ඉතිං නැති උන එක නැති උනා.. කරන්න දෙයක් හිතපං...."
"ඉදපංකො...."
එහෙම කියල ලහිරුව ආයෙත් ෆෝන් එකත් කනේ ගහගෙන ටිකක් එහාට යද්දි මම පාරෙ ආයෙමත් ඇවිදල බැලුව දුප්පත් මගේ ෆෝන් එක වැරදිලාවත් තියේවිද කියල..... ෂර්ට් ඉරාගෙන දාඩිය දාගෙන පිස්සො වගේ අවේලාවෙ යුනිෆෝම් එකෙන් ඇවිදින අපේ දිහා පාරෙ මිනිස්සු බලාගෙන ඉන්නව කියල මට මීටර් උනේ තව ටික වෙලාවක් ගියාට පස්සෙ.. දැන් ඉතිං තව ටිකකින් ස්කෝලෙට කෝල් එක ගිහින් කඩාපැනීමේ හමුදාව පනිනවා.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ බුදු ෂුවර්...
"ලහිරු වරෙන් යමං... කට්ටිය බලනව අපි දෙන්න දිහා...."
ලහිරුවත් වට පිට බල බල මගේ ලගට ආව...
"අම්මප... ඇත්ත තමයි.. යමන් ශ්‍යාමිකයලහ.. ඌ ගෙදරලු මම දැන් කෝල් කරා......."
ලහිරුව එහෙම කිවුවාම නම් ඔන්න ඇගට පොඩි පනක් ආව... ශ්‍යාමිකලගෙ අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනවා... නංගි ස්කෝලෙ යනවා... ඌ විතරයි ගෙදර ඇත්තෙ... එහෙමට ගිහින් මේ වෙච්ච හුට්ටපපරේට මොක් හරි සෙප්පඩ විජ්ජාවක් දාගත් ඇහැකි...
මගේ දුප්පත් ෆෝන් එකට ආයුබෝවන් කියල අපි දෙන්නම පන්සල කන්ද බැහැල වක්වැල්ල පාරට ඇවිත් බස් එකක එල්ලුනා.....
මැදැයි දුක සැප නිති පෙරලේ කියල කියන්නෙ මේක තමයි... ව්‍යංගත් එක්ක එක ෂීට් එකේ වාඩිවෙලා චන්ඩිය වගේ පොර ටෝක් දිදී ඇවිත් පැයක්වත් නෑ... ඒත් දැන් හොරාකාල අහුවෙච්ච පූසෙක් වගේ නැට්ටත් පුකේ ගහගෙන කන්දෙකත් කඩා වැටිල යන මම ගැන මටම දුක හිතුනා....
එක දවසකට මිනිහෙක්ට වෙන්න තියෙන තියෙන දේවල් ඔක්කොම උදේ පාන්දරම බෝනසුත් එක්ක හම්බ උනා කියල මම හිත හදාගත්තට වෙන්න පුලුවන් නරකම දේ තව ටික වෙලාවකින් ශ්‍යාමිකයගෙ ගෙදරදි සිද්ද වෙන්න මග බබා ප්ලෑන් එක ගහල කියල ශ්‍යාමිකයලෙගෙ ගෙදරට යන්න ගාල්ලෙන් බස් එකේ නැගල පිටිපස්සෙ ෂීට් එකෙ වාඩිවෙලා බස් එකේ වහල දිහා බලාගෙන ඉදපු මට හීනෙන්වත් හිතුනෙ නෑ......
පහර පිට පහර එල්ල කරමින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කර වේගයෙන් ලකුණු රැස් කර තැනූ විහඟගේ සිහින රාජ්ජ්‍ය ඉනිම මහ බබාගේ යෝකර් පන්දුවක් හමුවේ සුනුවිසුනුවී යන හැටි අරගෙන
මගදිගට 6 ලගදීම එනවා....
තියෙන ගොඩ
මග දිගට (නවකතාව)
Subscribe to:
Post Comments (Atom)
මොකෝ මචං ෆොන් එක සර් කාරයා අහුලගෙනද?
ReplyDeleteමට දැන් මල පනිනවා.. ඉක්මනට ලියහංකො.. :-/
ReplyDeleteමහ ## වැඩේ නේද බං ෆොන් එක නැති වෙච්ච එක නම් :D
හක්ක වින්කලේකට දෙන්න උනාම බකල් අරින්න
ReplyDelete@ කිඩෝ :- කවුද දන්නෙ...
ReplyDelete@ බනී :- ## වැඩේ නෙවෙයි බං #### වැඩේ... උබට ඕක හැමදාම පනින එකනෙ
@ වැප් :- අර මොකෝ... කාගෙන්ද ගුටි කෑවෙ ?? :O
මැවිලා පේනවා සර්ව දැකල දුවන හැටි :P
ReplyDeleteහැපී බ'ඩේ එකක් වේවා පොඩ්ඩෝ....!!
ReplyDeleteඇයි මොකද්ද ඊළඟට වුනේ? ඉක්මනට ඊළඟ එකත් දාන්න. අපි බලන් ඉන්නව.
ReplyDeleteපලි. උඹ ඉස්කෝලෙ ගියෙ රිච්මන්ඩ්ද?
අයියෝ...සර්ගෙන් ගුටි කෑවනම් ඉවරයි නේ කේස් එක....
ReplyDeleteගහෙනුත් වැටිලා ගොනෙකුත් ඇනල වගෙයි
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@ තාරක :- හැක හැක.... තැන්කූ වේවා...
ReplyDelete@ Aditha :- නෑ බං... ;)
@ ප්‍රසංග :- ඕක වඩා හොදට හිතෙන්නෙ ඊලග කොටසත් කියෙවුවාම
@ Bindi :- ගහෙන් වැටිල ගොනෙකුත් ඇනල ඊලග කොටසෙන් නයෙකුත් ගහනවා...
Ayya Mahinde ne? :)
Deleteඅයියෝ බං උඹටත් වෙච්ච වැඩක්.ෆෝන් එක අපාරාදෙ නේ බං.ඔක්කොටම වඩා කෙල්ලගේ නම්බර් එක..අහෝ දුකකි..!
ReplyDeleteකොහොම උනත් 6වැනි කොටස දාපන් ඉක්මනටම..!
ජය..!
@ බඩී :- මම පොඩි මෑන් ඌ විහඟ... :P
ReplyDeleteවෙන්න පුලුවන් නරකම දේ තව ටික වෙලාවකින් ශ්‍යාමිකයගෙ ගෙදරදි සිද්ද වෙන්න කෙල්ල ගියේ ශ්‍යාමිකගෙ ගෙදරද?
ReplyDeleteඉක්මනට ඉතුරු ටිකත් ලියපියෝ.........
ReplyDeleteපට්ටයි ඈ..
ReplyDelete@ මන්තරකාරි :- අම්මප... මටත් වැරදුනාද මන්ද... :D
ReplyDelete@ Nisupa :- ලියනෝ....
@ කුරුං ගුරුං :- හැක හැක...
aiyoo....... ikmanin 6 liyanna.. iwasillak na.. nidi maraagena wada arila avith kiyeuwa.. 1,2,3,4,5,
ReplyDeletekollange baasawen kiuwoth "patta".:D
all the best "podi man"
කතාව නම් මරෙ මරු. ආයෙ හෝදන්න දෙයක් නෑ. ලියලා තියෙනවා ලෙසටම. හිනා වෙලා පණ යනවා.
ReplyDeleteඅපරාදෙ ෆෝන් එක , පට්ට කතාව..
ReplyDelete6 veni kathawath kiyewwanam ikmanata..Aye hodanna deyak na...Niyamai... :)
ReplyDelete4න් එක තමා අපරාදෙ.. ඒත් ඒ වගේද ව්‍යංගා ;)
ReplyDeleteඋයන් පල්ලා, බොගී, අට පට්ටම් විහාරය, එලියට් රෝඩ් එක
ReplyDeleteඅති සුන්දර පාසල් කාලය මතක් උනා.
මොනවා උනත් අපි නොහිතපු වෙලාවක, නිමල් ගමගේ සර් සහ ධම්මික සර් අපි අතරින් වියෝවීම නම් හිතට විශාල කණගාටුවක්.
උබල මහින්දෙද බන් ??
ReplyDeleteමට හිතෙන විදියට කෙල්ල ගාව 4න් එක.
ReplyDeleteකොට්ටොරුවා කෙහෙල් ගහට කොටන් නෑ එක වැරදි නම්
ලොවෙත් නෑ මහින්දෙ කොල්ලෙක්නේ
ReplyDeleteසුපිරි කතා සෙට් එක බං..මං සේරම බැලුව.උම්ම කෝටියක් දෙන්න වටිනවා.
ReplyDelete