2011-08-02

මග දිගට 4 " මෙන්න මේ වෙලාවට තමයි වදුරු කුණුහරුප මතක් වෙන්නෙ..."



පලවෙනි කොටස් ටික කියවල නැතිනම් මුලින් ගිහින් කියවලා එන්න... නැතිනම් ඉතිං පිස්සු බම්ප්වෙයි.....

මගදිගට 1
මගදිගට 2
මගදිගට 3

අද එතැන් සිට.....

"අනේ විහඟ...... මම ටිකට් ගත්තෙ නෑ......."

එයා කියනව මට හීනෙන් වගේ ඇහුනා......... ඇහුනත් මගේ කටට වචන ආවෙ නෑ... ඒ අත් එච්චරටම සිනිදුයි......මම නිකන් මල්ලක දාල පොලවෙ ගහල අත ඇරපු ගෙම්ම්බෙක් වගේ බලාගෙන ඉන්න්වා... කෙල්ල තව තව අත මිරිකනවා... අන්තිමට යන්තන් මගේ මොලේට සිහිය ටිකක් ආවා...

"මොකක්..."
"අනේ ඔවු මම ටිකට් ගත්තෙ නෑනෙ... දැන් මොකද කරන්නෙ..."

ඔන්න ඒ පාර තමයි මගේ රිච්ටර් මාපකේට වෙලා තියෙන භූමිකම්පාවෙ තරම දැනුනෙ..... මුකටි ගෙට පැන්නෝ කිවුවලු... දැන් මොකද කරන්නෙ..... මගේ ගාවනම් සීසන් කට්ට තියෙනවා.. ඒත් මෙයාට දඩ ගහවිද... දඩ ගෙවන්න එයාගාව සල්ලි තියෙනවද දන්නෙත් නෑ... මගේ ගාවනම් සීසන් එක ඇරුනාම රුපියල් පනහයි තියෙන්නෙ.. ඒකෙන් ගෙවන්න වෙන්නෙ කින්ඩිය තමයි... ලන්ඩන් වල ඇල්බට් අංකල්ලවත් නෑනෙ අපිට කෝල් කරන්න... ෂිකේ....

බස් එකේ සෙනග පෝලිමට ටිකට් අරගෙන  බහින්න යනව දොර ගාවට... ටික්කො දෙන්නෙක් ඉන්නව ඉස්සර දොරේ.. පස්සෙත් එකෙක් ඉන්නව... කොන්ද පේන්න නෑ... අම්මප යකෝ මේ කොන්දගෙනෙ බඩ මාලු කන්න ඕනෙ අල්ලලා.. මූ නිකමටවත් ඇහුවද ටිකට් කියල...අහන්න ඕනෙ නෑ පේන්න ආවද... වෙන වෙලාවකන් අපි වැඩක් කරගන්න හදනකොට පොල්ල ඇත ඇරල ඉස්සරහට යන්න කියල උදැල්ල දන්නවා.. ඒකට අද... මේ වෙලාවට තමයි කටට වදුරු කුණුහරුප එන්නෙ...

ලහිරුවත් සීසන් එක දීල බැහැල ගියා බස් එකේ තව දහ දොලොස් දෙනෙක්ට වඩා නෑ... ටික්ක ඉන්නව මූනෙන් බාගෙක විතර කන්නාඩි දෙකක් දාගෙන ගිනි පිඹින මකර වගේ..... කෙල්ල ඉන්නව කොල්ලගෙ අතේ එල්ලිලා... දැන් ඉතිං සුපර් මෑන් වගේ ගේම දෙන්න ඕනෙ... එතකොට තමයි ගැලරියේ විසිල් වදින්නෙ...නැත්නම් හූ ගොඩයි.... ෆිල්ම් එක හබක්..... ඔවු ඔවු.. ඇරල බෑ.. මම ගත්තා ඊයෙ රෑ කාපු පාන් බාගෙ ෆුල් ෆිට් එකම ඇගට... ෆිට් එක කොච්චරද කියනවනම් පොඩි අයිඩියා පාරක් ආව ඔලුවට..... බලමු වැඩේ හරියන්නම්  පොඩි චෑනිස් පාරක් වදින්න ඕනෙ....,,



ව්‍යංගා තාමත් මගේ අතේ එල්ලිලා... මම දැම්මා සාක්කු දෙකට අත් දෙක... සාක්කු පීරගෙන යද්දි හැමදාම කලිසම හෝදන්නෙ නැති මහා බලසම්පන්න පුන්‍යකර්මය හේතුවෙන් හම්බ උනා පරණ ටිකට් එකක්... ඔය තියෙන්නෙ... දැන් ඉතිං දෙන්නම් වැඩෙ.....

" ඔයා මේක අරගෙන මට ඉස්සර වෙලා යන්න..."
මම ව්‍යංගගෙ අතේ මගේ සීසන් එක තිබ්බා...

පලවෙනි දවසෙම පර්ස් එක අහුලල දෙනකොට වගේම  කෙල්ලගෙ ඇස් දෙක ඩොල්පින් වෑන් එකේ හෙඩ්ලයිට් දෙක වගේ ලොකු කරගෙන මගේ දිහා බැලුවා....

"මේක.... එ..එ..එ ත  ..කොට ඔයාට...."

ව්‍යංගා ගොත ගගහ මගේ මූණ දිහා බලාගෙන ඇහුවා.... ඒ බලපු විදියට මගේ පපුව හෝස් ගාල ගියා දෙයියනෙ.... පලවෙනි දවසෙ දැක්ක වගේමයි... කලුපාට ඒ ලොකු වීදුරු වගේ ඇස් දෙකේ මතුවෙලා ආව කදුලු බෝල දෙකෙන් මට මාවම පේනවා.... මගේ පපුව පිච්චෙන්න ගත්තා...... කෙල්ල බයවෙලා... ගැහෙනව හා පැටියෙක් වගේ...

"ඔයා බයවෙන්නෙ නැතුව යන්නකො..... මම බලාගන්නම්..."
තාමත් මගේ අත මිරිකගෙන ඉන්න ඒ සුදු අත උඩ මගේ අනිත් අත තියලා මම එයාට බොහොම සිරා විදිය කිවුවා...

"ඒත් ඔයා...ගෙ නමනෙ.. තියෙන්නෙ......"
"බයවෙන්න එපා එයා නම බලන්නෙ නෑ.. ආයෙ බුදු ෂුවර... සීසන් කියල ඕක පෙන්නල ලස්සන පැනි හිනාවක් දාන්න... යන්න යන්න   ඉක්මන් කරන්න...."

මම එයාව තල්ලු කරන ගමන් කිවුවා... කෙල්ලත් පිටිපස්ස බල බල හෙමි හෙමීට කට්ටියත් එක්ක ඉස්සරහට ගියා.... ඒ යනගමනුත් ආයෙත් පස්ස බලනවා...

"බලන්න එපා මෝඩියේ... ඉස්සරහ බලන් යන්නනනනනනන..... "

මම ඇහෙන් ඉස්සරහ  පෙන්නන ගමන් හිතින් කෑගහල කියපු එක ඇයාට ඇහුනද මන්දා...
තව බස් එකේ ඉතුරු තුන් හතර දෙනයි....මමත් පෝලිමේ අගට එකතු උනා... පඩිය වගේ ටෝක් දුන්නට මටත් දැන් ටිකක් බයයි වගේ... ඇයි යකෝ පාන්බාගෙ ෆිට් එක ගත්ත කිවුවට ඉතුරුවෙලා තියෙන්නෙ පෙත්තක් විතර වගේ... ඉතුරු ටික  උදේ වැඩේ කරනකොට ගිහින්... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... කමක් නෑ පෙත්තක් හරි තිබුනනෙ... සැලෙන්න නරකයි.. වෙලාවට තදියමට ගිහින් ආවෙ.. වෙනද වගේ ගියානම් ආයෙ පයනු අතදිගලෝයනු තමයි....

මම එහෙම හිතල ඉවර කරන්න ලැබුනෙ නෑ ව්‍යංගා ටික්ක ගාව..... එයා බොහොම ලස්සනට හිනා වෙලා සීසන් එක පෙන්නුවා... ගිනි පිඹින මකරෙක් උනත් ගෑනු මායම ගාව පුක බිම ඇනුනා.... බුලත් කහට බැදුන බොරු දත් සෙට් එක ඔන්න මෙන්න වැටෙන ගානට විරිත්තලා ටික්කත් ඔලුව වැනුවා....
" ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ  හරි යන්න ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ....... "
කෙල්ල බස් එකෙන් බැස්සෙ පපුවට අතකුත් තියාගෙන.... වෙච්ච සිංකෝන් එකට මටත් හිනා ගියා..... දැන් ඉතිං හිනා වෙලා හරියන්නෙ නෑ... අපේ ඉතිං එවුව් මෙවුව් නෑනෙ... ඒක හින්ද මටන අර බොරු දත්කූට්ට බලාගන්න වෙන්නෙ නෑ.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ බුදු ෂුවර්...... ඇල්වතුරට උල් පිහියෙන් ඇන්න වගේ....

මම පරණ ටිකට එක අරගෙන සුරුන්ඩන් වෙන්න ඔතල කොනකින් අල්ලල අනිත් කොන කටේ ගහ ගත්තා.. ටිකට් එක හෙමින් වික වික හෙන බර කල්පනාවක ඉන්නව වගේ එහන මූඩ් එකක් දාගෙන ජනේලෙන් එලියත් බලාගෙන කලිසමත් උස්සගෙන හෙමින් හෙමින් ටික්ක ලගට ගියා...
ව්‍යංගා බලාගෙන ඉන්නව බස් එකෙන් බැහැලා... ඒ ලොකු වීදුරු ඇස්වල බය මට එතෙන්ටත් පෙනුනා... ඔයා බයවෙන්න එපා මගේ ෆියෝනා කුමාරි.. මම අර ශෙරෙක් වගේ මේ ගිනිපිඹින මකරව නැට්ටෙන් අල්ල පොලවෙ ගහනවා ඔයා බලන්නකො......

"ටිකට්ස්..."

හෙන මූඩ් එක දාගෙන ආපු මගෙන් ටික්ක ඇහුවෙ බොරු දත් සැට් එකම විකලා... මමත් එකපාරට මොකක් කරගන්නද කියල හිතාගන්න බැරුව වගේ කටේ  ගහගෙන විකල විකල හපවෙල තිබුන ටිකට එක හෙමීට අරගෙන ටික්කගෙ මූන ඉස්සරහට දික් කරා.....

ටික්ක ටිකක් එක දිහා බලල මගේ දිහා බැලුවෙ හරියට පොඩි දවස් වල මම දහම්පාසල් යද්දි මල්වට්ටිය ගෙනිහින් පෙන්නුවාම ලොකුහාමුදුරුවො මගේ දිහා බලනව විදියටමයි.....

ඇයි යකෝ වත්ත වටේම තියෙන මල්ගස්ටික පීරිගාගෙන කෙල්ලො ටොම්බ  සසයිස් සුදු මල් වට්ටියක් හදාගෙන ගියාට යන්තන් හතට නැගිටල සරම පටලවාගෙන දහම්පාසලට දුවන ගමන්නෙ අපි අතර මග තියෙන මල් කඩලනෙ වට්ටියට දාගන්නෙ... සමහර වෙලාවට වද මලුත් තියෙනවා....

ටික්ක ටිකට් එක දිහායි මගේ මූණ දිහායි මාරුවෙන් මාරුවට ආයෙ සැරයක් බැලුවා... ටිකට් එකෙන් කෙල බේරෙනව....ටික්ක දත් සැට් එක විකනවා.. මගේ පපුව ඩොකෝන් ඩොකෝන් ගාල ගැහෙනවා.....

මම ආයෙ අලුතින් මොනවහරි මතක් උනා වගේ පොත් ටිකත් කිහිල්ලට අරගෙන කෙල බේරෙන ටිකට් එක දිගාරින්න ට්‍රයියක් දැම්මා..... කෙල වලින් පච්ච උන ටිකට් එක කෑලි දෙකක් වෙලා මගේ අතට එද්දි මම බොහොම අසරණ විදියට ටික්කගෙ මූණ දිහාබැලුවෙ සමූපකාරෙ කරවල ගෝනියක් දිහා බොහොම දුර ඉදල බලාගෙන ඉන්න දවස් දෙකකින් නොකාපු පුංචි පූස් පැටියෙක් වගේ බැල්මට් එකක් දාලා...

" යන්න..."

අන්තිමේදි මගේ බාවත්මක රංගන කෞෂල්‍ය හමුවේ ටික්ක මුලාඋනා..... හැකෑස්.....
මගේ මූණ දිහාවත් නොබලල බොරු දත් සැට් එක විකන ගමන් ටික්ක එහෙම කියනව මට ඇහුනෙ පිංතාලියවත්ත පන්සලේ කටින පෙරහැරට මල්වෙඩි පත්තු කරනව වගේ......
පයන අතදිගලෝයනු... නයිකයිද රෝස් පාං... අනේ බොල ටික්කෝ........

බස් එකේ අන්තිමට ඉදියෙ මං.. ටිකට් චෙක් කරල ඉවර නිසා  මට යන්න කියල මම එහෙම ඉදිද්දි ටික්ක පරිවාරක ටික්කන් සමග බැහැල ගියා...... මම ආයෙමත් මහා කැරැල්ලක් මැඩ පැවැත්තු සෙන් පතියෙක් වාගේ බස්  එකේ පස්සට ගිහින් සිංහාසනාරූඩ වෙලා මගේ සිහින් කුමාරි නර බල්ලන්ගෙ හිස් ගසා දා විජයක්ග්‍රහනය කොට පැමිණි තම සිහින කුමාරයා පිලිගන්න එනකන් බලාගෙන ඉදියා....

බස් එකට නගින සෙනග අතරින් ලේන්සුවෙන් කටත් වහගෙන් ව්‍යංගා හිනාවෙවීම ඇවිත් මගේ ලගින් වාඩි උනා...... මමත් එයාගෙ පැත්තට හැරුනෙ පපුව පිම්බෙන්න හොද උස්මක් එහෙම අරගෙ.. ඇයි යකෝ.. දැන් පපුව නෙවෙයි ඕනෙ එකක් පුම්බගෙන ඉන්න පුලුවන් තරමට මගේ ශිල්ප  මම දක්වලනෙ තියෙන්නෙ....
කෙල්ල ලේන්සුවෙන් කටත් වහගෙන තාම හිනාවෙනවා.... අර ලොකු වීදුරු ඇස් එහෙම්මමයි.. දිස්නෙනම් අඩුවක් නෑ.. අඩුවකට තිබුනෙ කලින් තිබුන බය විතරයි..

"ඔයානම් මාරයි අනේ මාරම මාරයි....මම පණ බයේ ඉදියෙ මේ.......... පපුව තාම ගැහෙනවා...

ව්‍යංගා පපුව අල්ලගෙන කිවුවෙ හරියට මටත් අත තියල බලන්න දෙනව වගේ...

"කෝ මම අත තියල බලන්නද"

මට එහෙම අහන්න හිතුනත් මම ඒ වචන ටික ගිල ගෙන ආයෙමත් පොඩි හිනාවක් විතරක් දැම්මා...

"තෑන්ක්ස්  විහඟ තෑන්ක් යූ වෙරි මච්....... ඇත්තටම ඔයාට කොහොම තෑන්ක්ස් කරන්නද කියල තේරෙන්නෙ නෑ අනේ... ඔයා නැත්නම් මම චෙකස්ලට අහුවෙන්න කලින් අඩලම බස් එකම දැනගන්නව ටිකට් නෑ කියල....."

කෙල්ල තාමත් හති දානවාඅ

"තෑන්ක්ස් කරල මදි මොනව හරි දෙන්න ඕනෙ... ලේසි පාසු වැඩද මේව... තව පොඩ්ඩෙන් මාට්ටු උනානම් හිරේ....."


මම කිවුවෙ හරි බරි ගැහිල ෂීට් එකට හේත්තුවෙන ගමන්

"අනිවාර්යෙන්ම... ඔයාට මොනවද ඕනෙ......"


ව්‍යංගා මගේ දිහාහාට ඒ ලොකු ඇස් හරවල ඇහුවෙ බොහොම සිරා විදියට......... හිත ඇතුලෙ අමුතු ලස්සන ලස්ස මොකක්දෝ වෙද්දි මම ඒ ඇස් දෙකට හිනා උනා...

"විහිලුවට කිව්වෙ මම... මට මුකුත් එපා.... "

මම එහෙම කියද්දි ඔලුව ඇල කරල මම කලින් දැකලම නැති අමුතුම ලස්සන විදියකට ඓයා හිනා උනා.. හිනා වෙලා හුලංපාරට මූන පුරා දුවන කොන්ඩ කෑල්ල කන අස්සට දාගෙන ශීට් එකේ පස්සට වෙලා හේත්තු උනා...... ඇත්තටම පුදුම ලස්සනයි... ඒ ලස්සන පාවෙලා ගිහින් මගේ හිතේ කොනක ඒ විදියටම ඇදෙද්දි මගේ මුලු ඇගම හීතල වෙලා ගියා.....

කතාවෙන් කතාවෙන් අපි බනින තැනටත්බස් එක ඇවිත්....


මම එයාගෙ සුවද ආයෙමත් පෙනහලුවල පුරවගෙන ශීට් එකෙන් නැගිටා...

"එහෙනම් බහින්නම්...."
" හොදයි ඔයාට ජේසු පිහිටයි...... ටටා.."
"ඔයාටත්...., ටටා..."

බස් එකෙන් බැහැලත් ජනේලෙන් අත දාල ව්‍යංගා මට අත වැනුවා.... බස් එක වංගුවෙන් හරවනකොටම ලහිරුව මගේ බඩට ගැහුවා.....

"අඩෝ..... පාටියක් දීපාන්......"
"තොට පිස්සුදයකෝ... එහෙම එකක් නෑ..."
"මොකක් මොකක්... දැන් උඹ කියන්නෙ එහෙම එකක් නෑ කියලද.... "
"නැහැ තමයි බං... යමන්කො කියන්න..."

මම ලහිරුවගෙ කරට අතක් දාගෙන කන්ද නැග්ගා... ගේට් එක ගාවට වෙනකන් ආවෙ ලහිරුවට ෆුල් ස්ටෝරිය දිග අරිනගමන්... ඒත් කතාව ඉවරකරගන්න බැරි උනේ ගේට් එක ගාව තිබුන මහා බාදක පර දැකලයි.....

කතාවෙන් කතාව ගේට්ටුව ගාවට එනකන්ම දැක්කෙ නෑ...

අතේ බැදල තියෙන ඔරලෝසුවත් බලලා කරට අතදාගෙන පැද්දි පැද්දි හිනාවෙවී එන අපි දෙන්න දිහා කන්නාඩිය යටින් කන්න වගේ බලාගෙන හිටිය මහා දල රකුසව දැක්කාම දවල්ට කන්න ඉදපු මාලු පාන් එකත් ජීරණය වෙලා ගියා......

රම්පොට පොරි ඉද්ද කැකිරි........යකෝ...
උයන්පල්ලා නොහොත් ගමගේ සෑර්...... අපේ ශෙක්ෂනල් හෙඩ්..........


ගිනි පිඹින මකරාගෙන් සිහින් කුමාරිව ගලවාගෙන යන අතර මග මුන ගැහුනු මහා දල රකුසා හමුවේ සුපර් හීරෝ බලු උන හැටි  අරගෙන

මගදිගට 5 ..ලගදීම එනවා......


39 comments:

  1. හිකි හිකිස්
    මාවත් සීතල වෙලා තිබුනෙ ටික්කට ටිකටුව පෙන්නල යන්න කියල කියනකල් හික්ස්
    මාරයි ඈ...
    මං ඔක්කොමටික කියෙව්වෙ අද.
    දිගටම ලියන්න. ජය!!
    මං පළවෙනිද...

    ReplyDelete
  2. පරණ ටික පස්සේ බලන්නම් . ඇයි අප්පා හිනාවෙනවයි කියල මෙහෙමත් හිනා වෙන්න පුලුවන්ද .

    ReplyDelete
  3. ශා.....මරු කතාව...හරිම තාත්විකයි..:)))

    ReplyDelete
  4. අනේ අපොයි. ලස්සන කතාවෙ අන්තිමට යකෙක්. :(
    සමහර කොන්දල ටිකට් මැෂින් එක අතේ තියන් ටිකට් දෙන්නෙ නෑ, එතකොට තමා මල පනින්නෙ. උන්ට සල්ලි ටික කොහොමහරි ගත්තම ඇති.
    කතාව පට්ට. හිනා කෝටියයි, නියමයි, රසවත්, ශෘංඟාරාත්මකයි. :)

    ReplyDelete
  5. සිරා කතාවක්..ආසාවෙන් කියෙව්ව..ඉක්මනට ලියෆන් ඉතුරු කොටස.. :)

    ReplyDelete
  6. පට්ටයි යකෝව්!!!! :D

    ReplyDelete
  7. මරු කතාව මල්ලි හිනා වෙලාම බඩ රිදෙනවා

    ReplyDelete
  8. පොඩි මෑන්...පට්ට ස්ටෝරිය බං...නියමා...යි....දවසින් දවස රසවත් වෙනවා......

    ReplyDelete
  9. නියමයි කොල්ලෝ... කතාව යන විදිහට මට මතක් වුනේම තවමත් මගේ කැමතිම පොත.. මේකේ ඊටත් වඩා මෙව්වා එකක් තියෙනවා වගේ දැනෙනවා.. ඉක්මනට ඉවර කරන්ටනම් හිතන්ට එපා.. :) මෙගා නෙවෙයි ගිගා සීරිස් එකක් ලියපන්..

    ReplyDelete
  10. අනේ ඉතුරු කොටසත් ඉක්මනට දාපියෝ......
    නියම කතාව..:D

    ReplyDelete
  11. @ හිම කුමාරි :- බොහොම ස්තූතියි... ඔයා නේන්නම් පලවෙනියා

    @ Bindi :- ඒකත් හැබෑව... ඔය නිකන් මූඩ් ගහල ඉන්න වෙලාවක වගේ ඇවිත් බලන්න මූඩ් ෆික්ස් කරගන්න පුලුවන් වේවි.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ.. හැක හැක

    @ මුචලින්ද :- තැන්කූ මචං..

    @ මකුළු පැන්චි :- ආ... මේ මකුලු පැන්චිත් ඇවිත් තියෙන්නෙ මේ පැත්තෙ... බොහොම ස්තූතියි...

    @ Madhawa :- අම්මට සිරි... ඔයකියන ඔක්කොම තියෙනවද මචං..:D

    @ චාටර් කොල්ලා :- මේ මොකද බං උඹට වෙල තියෙන්නෙ.. මොකද අද චාටර් කතාවක් නැතුව බොහොම ඩීසන් විදියට කමෙන්ට් කරේ.. :D බොහොම ස්තූතියි මචං..

    ReplyDelete
  12. @ ChAnDiKa :- තැන්කූ යකෝවු... :D

    @ ශානු :- බොහොම ස්තූතියි... දිගටම එන්න කියවන්න..

    @ කුරුං ගුරුං :- තෑන්ක්ස් මචං...

    @ ප්‍රසංග :- ස්තූතියි මචං...

    @ පුතා & all :- මොකක්ද ඒ කැමතිම පොත ..? දිගට ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ... කතාව තියෙනව වෙනම ලියාගෙන.. වැඩේ කියන්නෙ කියවන්න ගිගා එකක් ලියනකොට මට හෙක්සා එකක් විතර ලියන්න වෙන එකයි... මේ දාල තියෙන පෝස්ට් එක වගේ 6 ගුනයකටත් වඩා ලියල කපල කොටල තමයි මේ ගානට අරගෙන දෙන්නෙ.. ඒ වගේම ලියන වේගෙ... වේගෙ වැඩි උනොත් කොලිටිය බහිනවා... ඒක නිසා ටිකක් ඉවසා වදාරන්න... කට්ටිය මෙච්චර කියවලා මේ වගේ කමෙන්ට් දෙනකොට මාර සතුටුයි.. ඉතිං දිගටම ලියනවා කීබෝඩ් පතුරු යනකන්.. ඒත් ඉතිං ඉවසා වදාරනව හොදයි.. ඉක්මන් උනොත් සුපිරියටම එලිය දාන්න අමාරුයි... තාම පොඩි මෑන් නෙව... ලොකු ලොකු වැඩ බෑ :D

    @ Nisupa :- ඉක්මනට දානවෝ.. සීන් එක ඔය පුතාට කියපු එකයි.. ටිකක් විතර ඉවසා වදාරන්න හොදේ... බොහොම ස්තූතියි කමෙන්ට් එකට...

    ReplyDelete
  13. උඹ පපුවට අත තියලා බැලුවනම් එලනෙ බං...... :D :D
    "DSI" නැත්තන් "සනීපා" කියලා සීල් එකක් තියාගන්න තිබ්බා........ :D :D

    ReplyDelete
  14. @ සුදු කොල්ල :- පිස්සුද.. එහෙම වෙන්නෙ නෑ... ආයෙ ඔදන්න දෙයක් නෑ ඒකෙ... බුදුශුවර්..:D

    ReplyDelete
  15. සික පූතල උනා යකො.. :D :D නෙක්ස්ට් නෙක්ස්ට් :D :D

    ReplyDelete
  16. මං මැරෙන්නෙ මේක කියවද්දි හිනා හිර වෙලා...ආයි හෝදන්න දෙයක් නෑ ඒකේ...
    නියම කතාව...චිත්ත රූප මැවුනා.uniform 1ට මවා ගන්න ඕන මහින්දෙ බැජ් 1ද? රිච්මන්ඩ් බැජ් 1ද?

    ReplyDelete
  17. @ Dush :- ලම තමා

    @ මන්තරකාරි :- එහෙම වෙන්නෙ නෑ,,, ඇයි හිරවෙන හිනා නවත්තන්න මන්තර දන්නෙ නැද්ද ? හික් හික් බොහොම ස්තූතියි...ඇයි මන්තරකාරි ලියල තියෙන්නෙ බස් එකෙන් බැහැල කන්ද නැගගෙන ආව කියල :D ඔහොම ප්‍රසිද්දියේ නම් කියන්න හොද නෑ...

    ReplyDelete
  18. @ bunny :- නැහිටල බලපං මොකක් උඩද වාඩිවෙලා ඉන්නෙ කියල :P

    ReplyDelete
  19. ඕං මේකත් කියෙව්වා... රසයි!!! ඊළඟ කොටසත් ඉක්මනට දෙමු!!
    (මේක මෙගා ටෙලියක් වගේ දික්වෙන එකක් නෑනෙ?)

    ReplyDelete
  20. @ සුමින්ද :- ඒවුව කියන්න බෑ.... ස්තූතියි කමෙන්ට් එකට :D

    ReplyDelete
  21. හුටප්පරයයි. එතකොට කෙල්ල ජේසු පිහිටයි කිව්වෙ කන්ද නැගලා යන ඉස්කෝලෙ කොල්ලෙක්ටද? ඊලගට ආගම්වාදි ජරමරයක් දැම්මනම් ගිගාවක් කරන්න ඇහැකි.

    කලින් කොමෙන්ටුව බලධාරියා විසින් නිශ්ප්‍රභා කර "uniform 1ට මවා ගන්න ඕන බැජ් 1 තරුවක්ද? නැවක්ද? " ලෙස සංශෝදනය කරන ලදී.

    ReplyDelete
  22. @ මන්තරකාරි :- හැක හැක... ඒ සාම්ප්‍රදායික ලවුස්ටෝරි මන්තරකාරි..... මේක සාම්ප්‍රදායෙන් ඔබ්බට... කතාව කොටස් 40කට විතර දැනට මගේ ඔලුවෙ තියෙනව... කට්ටිය කැමති උනොත් දිගට යනවා.. නැත්නම් ඔය අවසානයක් හොයාගන්න බැරියැ..

    ReplyDelete
  23. පට්ටෙත් පට්ටයි..

    ReplyDelete
  24. කැමතිම පොත මචං සුළඟ වගේ ඇවිදින්.. :) හැබැයි ඒක දැන් කියවද්දි ඒ කාලේ දැනුන ෆීල් එක ඒ තරමටම දැනෙන්නේ නෑ.. ඒත් උඹේ ලිවිල්ලේ වෙනස්ම එකක් දැනෙනවා..
    මට නම් කියන්ට තියෙන්නේ හදිස්සි නොවී හිමින් මේ වගේ රසට ලියපන් කියල තමයි.. :) කමෙන්ට් නොකලට කියවන්ට කට්ටිය එයි රහට ලියද්දි..

    ReplyDelete
  25. අඩේ පොඩ්ඩෝ එහෙං මෙහෙන් බස් , බුකි වල ADD දැක්කට අද තමයි එක හුස්මට කියෙව්වේ.. පට්ටම කතාව.අර බීටලය කළා වගේ අන්තිමට සෝකාන්තයක් නොකර ආතල් එකේ ඉවර කරපන්.නැත්තන් රත්ගමය වගේ අවුරුදු ගානක් ඉස්සරහට යමන්.ඔය මුකුත් එපා.හොඳ අවසානයක් දීපන්.දැන් ඉතින් එක හුස්මට... වැපා කිව්වා වගේ...

    ReplyDelete
  26. කතාව නම් පට්ටම එල!! ඒකෙනම් ආයෙ දෙකක් නෑ. කියන්න වචනත් නෑ :) හිනාකාල මැරෙන්න යනවා :D මොනව වුනත් ලියන එක නවත්තන්න නම් එපා. ඔහොම යං __-__

    ReplyDelete
  27. අඩෝ මට මේක මිස් වුනා නේ බන්ස් පට්ට පට්ට මැවිල පේනවා ඊලග කොටසත් ඉක්මනට දාපන්කෝ

    ReplyDelete
  28. මචෝ එල අහා.....ඇත්තටම බොක්කෙන් ලියපු එක ගැන මන සතුටු වෙනවා....සිරාවටම මේ වචන තික අවේ බන්..නියමයි....

    ReplyDelete
  29. හික්හික් ඔන්න මං ටිකක් ප්‍රමාද වෙලා අවා මේ පැත්තට

    ReplyDelete
  30. හප්පේ... 3 වෙනි කොටසෙදි මම අහපු ප්‍රස්නෙට පිලිතුරු ලැබුනා :) එලස්..
    මේ අපේ කොල්ලෙක්නේ...
    දැන් උයන්පල්ලා මහතා ජීවතුන් අතර නෑ නේ...

    ReplyDelete
  31. ආයෙ ඔදන්න දෙයක් නෑ ඒකෙ... :D:D
    niyamai..maara "rasayak" danenne me kathawe..
    iskoole giya kaale matak wenawa appa...
    ee pissu life eka....:v
    "podi man" all the best ohoma yan...

    ReplyDelete
  32. නියමායි...........නියමායි.... !!!

    ReplyDelete
  33. රෑ 12.10යි..බඩ රිදෙනවෝ හිනා වෙලාම..බල බල හිටපු වැලත් ක්ලෝස් කරලා දැම්ම ඉතුරු ටික කියවන්න

    ReplyDelete
  34. අනේ මන්දා.. පට්ටම පට්ටයි

    ReplyDelete
  35. atttatama patta vidiyata liyala tiyenne...man ada tama me blog eka dekke..nikam kiyawagena giya..office eke inna gaman...mage job ekat gahala yayda danne na..2hrs man meka kiyewwa...mata hinawa nawattaganna beri taram...niyamai saho....

    ReplyDelete
  36. umba richmond da mahindada??aththa kiyapan

    ReplyDelete