එක්සෑම එකකට දෙකට නෙවෙයි තුනකටම හිරවෙච්ච නිසා මේ කොටස දාන්න පරක්කු උනේ... ඔන්න ඒකට සමාව ඉල්ලනව මුලින්ම...
මුල් ටික අමතකත් ඇති.. මෙන්න මෙතනින් ඒටික කියවගෙන එන්නකො ඉස්සෙල්ලම...
මගදිගට 1
මගදිගට 2
මගදිගට 3
අද එතැන් සිට....
දොල ලග ගුරු පාර දිගේ ඒවී..
සිනහ පපා සුමන ලතා...
පපර පපර පාර.. පාර.. පපර පපර පාර... පා.......
ඉන්ටවල් එකට පස්සෙ පීරියඩ් දෙක අද රිලීෆ්.... හැමදාම වගේ අනිත් කොල්ලො ටිකත් අල්ලන් පැංච බජවුව පටන් අරන්...
"මම කිවුවෙ බං ඒකිට තියනව පොඩි ලූස් එකක්..... ආයෙ දෙකක් නෑ... නැත්නම් එදා අර වගේ එකක් වෙලා උබේ මූනටම ජනේලෙ වහල දාල.. මට කියාවිද උඹට කියන්න කියල පොත ගෙනත් දෙන්න කියල.... හරි ඒක කමක් නෑ කියමුකො.. ෆුල් හිනාව දාල ඒක කියල මෙන්න ඊට පස්සෙන්ද මම කඩේ ඉදල එනකොට ඇන්ටිත් එක්ක ආවා... මම ඇන්ටිත් එක්ක හිනා උනා මේකි නෙවෙයි මූන බැලුවෙ... එක්කො මේකිට පිස්සු නැත්නම් මහ කට්ට වෙට්ට පිත්තල අම්මන්ඩියෙක්.... "
ශ්‍යාමිකය කියවගෙන යනවා... ඒ අස්සෙ අපේ උන් පන්තිය ඇතුලෙ සිංදු කියනවා... ව්‍යංග ඉල්ලපු තාම දෙන්න බැරි වෙච්ච මගේ ෆිසික්ස් පොත් දිහා බලාගෙන මම ඔහේ ඒකෙ පිටු පෙරලුවා.... එදා එයා පොත ඉල්ලපු වෙලාවෙ එක එයාට දෙන්න කලින් නෝට් සම්පූරණ කරන්න ගිහින් ජනේල ඇරල වැඩේ කෙලව ගත්තා... මම හිතුවෙ ටොපිය තමයි කියල.. ඒත් ශ්‍යාමිකයට හම්බ වෙල කියල මට පොත ගෙනත් දෙන්න කියල...
ඒ කියන්නෙ මෙයා එදා මාව අදුනගෙන නෑ.. අදුනගත්තෙ නැත්නම් ශ්‍යාමිකයමනෙ අහුවෙන්න ඕනෙ... ඒත් ඌත් එක්කත් හොදට කතා කරාලු.. ඒත් එහෙනම් ඇයි දෙවනි දවසෙ අම්ම ඉන්නකොටලු මූනවත් බැලුවෙ නැත්තෙ....
අම්මප කෙල්ලො කියන ජාතියනම් ඉදිආප්ප වගේ ජාතියක්..ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... ජීවිතේට අගක් මුලක් මැදක් හොයා ගන්න බෑ..... එහෙම් පිටිම්ම පටලැවිල්ලක්......
කොහොමින් කොහොම හරි වැඩේ එච්චර අජපල් නෑ වගේ... හම්බ වෙලා පොත දීලම බලනවා... මොන බම්බුවක්ද... කෙල්ලෙක්ට ඔච්චර බයවෙලා පුලුවන්ද.....
බලං යනකොට ලබපු අප්සට් ග්‍රහය ඉක්මනටම වාෂ්පවෙලාද කොහෙද ?.. එදා ගමගේ සර් එක්ක කරපු හොරා පොලිස් සෙල්ලම මාට්ටු නෑ... දවස් තුනකට පස්සෙ ස්කෝලෙ ඇවිත් කටුපොල් කාපු උගුඩුව වගේ පන්තියෙ වාඩිවෙලා ඉදියෙ ලහිරුවයි මායි ගැහි ගැහි... සර් කොරි ඩෝ එකේ ගිය දෙසැරෙටම පස්සෙ ටොයිලට එකට ගිහින් චූ කරලත් ආව බය වෙච්ච තරම කියතොත්ත.. ඒත් වැඩේ ශේප්.. දැන් මේකත් ශේප් වේගෙන යන්නෙ....
ශ්‍යාමිකය මේ හෝම් කමින් එකක් කතා කරාට ව්‍යංගා කතා කරන්නෙ නැතුව ඇත්තෙ එදා අම්ම ඉන්න නිසා වෙන්න ඇති... ඔවු ඒක තමයි.. වැඩියෙ හිතන්න නරකයි දැන් අද හවසට මීට වෙනවනෙ... එතකොට බැරිය ෆුල් ස්ටෝරිය දැනගන්න...
කොච්චර හිතන්නෙ නෑ කියල හිත හදා ගත්තත් නිකන් හිතට මොකකද මොකද වගේ... කොච්චරවත් හිතෙන්නෙ මේ කොහෙන්වත් ඇවිත් අහම්බෙන් කඩන් වැටුන කෙලෙක් ගැන.. වෙනද බුරිය උල්වෙන්න කාල බඩ තැලෙනවට උඩුපැල්ලියෙන් හතරහාතෙ දාල නිදාගෙන ඒ විදියටම නැගිටපු මලක් වගේ කොල්ල... ෂික්.. දැන් නින්ද යන්නෙත් නෑ මේ කෙහෙල් මලක් හින්ද...
මේ දවස් ටිකේම හීන වලට පෙනුනෙත් කෙල්ලන්ගෙ යට ඇදුම් වල ඇඩ්... වැඩේ කියන්නෙ ඒ හැම එකකම ඉදියෙත් ව්‍යංගා...... පට පාට ඒව ඇදගෙන ඇවිත් දහ අට පැත්තටම කරකවල යනවා... පස්සෙ ඇඩ් එකේ ඉන්න කෙනාම ටීවී එක ඕෆ් කරනවා..... ඉතිරිවෙන්නෙ මම ගහපු කූඩාරම විතරයි... ඉතිං නැගිටලත් තව පැය බාගයක් විතර ඇදේ ඉදන් එක්සයිස් කරන්න වෙනවා... දවල් වෙනකම් නැගිටින්නෙ නෑ කියල අක්කගෙන් බැනුම් අහනවා... අම්මප මේ කෙල්ලෙක් නිසා උන හරියක්...
"මේ මගුල හරියන්නෙ නෑ බං... ඊලගෙ දෙකෙත් මිස් ඇවිත් නෑලු... යමං යන්න..."
කොහෙදෝ ඉදන් එතනට පාත් උන ලහිරුව කිවුවෙ මගේ ඩෙස් එක උඩ වාඩිවෙන ගමන්.....
" මට හවස පැරැක්ටිස් බං මටනම් එන්න වෙන්නෙ නෑ..."
ශ්‍යාමිකය කිවුවෙ කටත් ඇද කරලා...
"විහඟ යමන්කො... පට්ට බඩගිනියි... අද දවල් බත් පාර මාර අප්සට්... චූටිය ගාවට ගිහින් දාමු පරාටෙ පාරක්... ඊට පස්සෙ යමන් උඹේ ච්ංචිමානවිකාව බලන්න... "
ලහිරුවටනම් ඉන්න බෑම වගේ.. මටත් මාර කම්මැලි කමක් ආවා..
"අහපං පැංචගෙන් එනවද කියල... "
පැංච මම ලහිරු හැමදාම ඉකෝලෙ ඇරිල ගියේ එකට... ශ්‍යාමිකය ප්‍රැක්ටිස් යන නිසා ඌ ආවෙ හදිස්සියෙන්... පැංචටනම් යන්න හිතක් නෑ වගේ...
" පැංච අපි යනව උඹ එනවද.... "
ලහිරුව කෑගහල ඇහුවත් පැන්චට නෙවෙයි ඇහුනෙ.. අමිලයත් එක්ක ඩෙස් එකකට තඩිබබා ඌ සිංදු කියනව... අම්මප සර් කෙනෙක් පංතියෙ නැති වෙන්න බෑ... මූ පටන්ගන්නව බජවුව.. ගිය ආත්මෙ මූ පරණ නාඩගන් කාරයෙක්ද කොහෙද.....
පැංචට ඇහුනෙ නැති නිසා ලහිරු නිමේශ්ට කතකරල පැංචව පෙන්නුව... නිමේශ් පැංචගෙ ඔලුවට ගහල ලහුරුව පෙන්නුවා... ඔන්න එතකොට තමයි ඌ අපේ ගාවට ආවෙ...
"මොකද සීන් එක.. දානයක්ද මලගෙයක්ද අඩවුවක්ද.."
" නෑ කොටහලුවක්..... ල _ _ _ කතා කරනවා.. අපි යනව යන්න උඹත් එනවද... ?"
ලහිරුව කිව්වෙ පොත් ටික එකතු කරන ගමන්...
"මොන බම්බුවකට යනවද... මේ ආතල් එකේ ඉන්න තියෙන ටිකේ..... ඔන්න ඔහේ ඉදපංකො..."
පැංචට ඉතිං සිංදු කියනවට වඩා දෙයක් නෑ ඉතිං..
"එහෙනම් උඹ ආතල් එකේ ඉදපං... අපි යනව යන්න... "
ලහිරුව පොත් ටිකත් අරං ඩෙස් එකෙන් නැගිටා...
"උඹත් යනවද.. ?"
පුටුවෙන් නැගිටපු මගෙන් පැංච ඇහුවෙ වැස්සට තෙමිල කන් කඩා වැටිලා හිටපු බලු කුක්කෙක් දාන බැල්මට් එකක දාල.....
අපි දෙන්නම ගියාම ඌ හවසට එන්න ඕනෙ තනියම.. ඒත් ඌට සිංදු කියන එක දාල එන එකත් මොකකද වගේ...
"ඔවු බං.. බඩත් ගිනියි... වරෙන් යන්න ලහිරුවගෙ ගානෙ පරාටෙ දෙනවලු අද...."
ලහිරුව පරාටෙ කතාවක් කිවුවත් කාගෙ ගානෙද කියල කිවුවෙ නෑ.. ඒත් ඉතිං මේ නාඩගං කාරය මෙතනින් එලියට ගෙන්න ගන්න එපැයි...
" අනෙ උගෙ පරාටෙ... බලපංකො උඹලට හැමදාම මොකක් හරි ජිරි බිරිස් වැඩක්ම තමයි කරන්න ඕනෙ..."
"මේ පැයක් දෙකක් ආතල් එකේ ඉදල ලීගලිම ගේට්ටුවෙන් යන්න පුලුවන්නෙ... එහෙවු එකේ මේ තාප්ප බඩගාන්න මාවත් ඇදගෙන යනවනෙ..."
අපි පඩිපෙල බැහල එනකොට කියව කියව පැංචත් අපේ පස්සෙන් ආවා...
" එක දවසකුත් මම බෑ කියද්දි එක්කගෙන ඇවිත් මගෙ කලිසමකුත් පැලුනා.. ඔවු ඉතිං උබලට මොකද... උඹල ඇවිල්ල මහ මිත්‍ර ද්‍රෝහියො... හරි යාලුවොනම බෑ කියද්දි තව එකෙක්ක්ව ඉස්කෝලෙ තාප්පෙන් පන්නගෙන එක්කන් යනවද.."
පැංචටත් මොකක් හරි කොනක් අහු උනාම කියවිල්ල නම් ලවක් දෙවක් නෑ... උගේ සයිස් එක නිසා පැංච කියල නම වැටුනට මුගේ කට ඇරියාමනම් නගරසබාවෙ ටොයිලට් එකේ අවුට් පුට් එක වගේ... කිසි චාරයක් නෑ එලියට එන ඒවා...
"දැන් කවුද උඹව බලෙන් එක්කන් ආවෙ..? උඹට ඕනෙනම් ඉදල වරෙන්. අපි ගියාම හවසට තනියම කාල් ගාන්න වෙන නිසා අපේ පස්සෙ එනව මදිවට තව කනක් අහෙන්න නෑ කියවනවත් එක්ක... "
ළහිරුව පඩිපෙල මුල නැවතිල පැංචගෙ මූන දිහා බලාගෙනම එහෙම අහුවෙ මුගේ මේ කෙලවරක් නැති කියවිල්ල හින්දමයි...
"අනේ පලයන් යන්න... ඇයි තනියම යන්න බැරි මම බබාද.. එකට ආවනම් කැපුවත් එකපාරෙ යනව ඩෝ අපි... ඒකයි එන්නෙ... අපේ ලග දෙකක් නෑනෙ..."
පැංචට ජීවිතේට දෙයක් කියල දින්න පුලුවන් එකෙක් නෙවෙයි.. කරන්න තියෙන හොදම දේ ඌට ඕනෙ තරම් කියවන්න දීල සද්ද නැතුව ඉන්න එක... ඇගපත දුන්නෙ නැතුවට දෙවියො ඒකට හරියන්න ඌට කටනම් අඩු නැතුව දීල තියෙනවා...
"දෙකක් තිය තොගේ ගාව එකක්වත් නෑ... පො _ _ _ ..."
ළහිරුවට සිරාවට මල පැනල වගේ...
"යමන් යමන්... ඌට ඕනෙ එකක් කියවන්න ඇරල.."
මම ළහිරුවව තල්ලු කරා....
අපි පඩිපෙල බැහගෙන බයෝ ලැබ් එක අයිනෙන් තාප්පෙ ගාවට ආවා... මෙතන තාප්පෙ එච්චර උස නෑ.. ඒත් ප්ලේස් එක ටිකක් ඕපන්.. ලතවෙවී ඉන්න බෑ ඉක්මනට පනින්න ඕනෙ... ලහිරුව ප්‍රයිමරිය පැත්තට යන පඩිපෙල දිගේ උඩට ගිහින් බලල ආව ස්කූල් වෑන් නවත්තල තියෙනවද කියල... නැතුව එකපාරට පැන්නොත් වෑන් එකක් උඩ තමයි නවතින්නෙ...
"අවුලක් නෑ..."
එහෙම කියපු ලහිරුව මුලින්ම තාප්පෙ උඩට නැගල එහා පැත්තට පැන්නා.... පැංචගෙ කොච්චර කට තිබුනත් තනියමනං තාප්පෙට නැගගන්න බෑ.. ඌ විතර දෙකක් උසයි තාප්පෙ... මගේ දිහා බලල පැනි හිනාව දාන්නෙ ඒකයි.... මගේ පොත් ටිකත් ඌගේ බෑග් එකට දාල පස්සෙන් උස්සල නැග්ගෙවුව තාප්පෙ උඩට..ඌ තාප්පෙ උඩ ඉදිද්දි තාප්පෙ එල්ලිලා මාත් පැන්න එහා පැත්තට... පැංච තාම තාප්පෙ උඩ..
"කටනම් තියෙනව තොගෙ..."
මම එහෙම කියල උගේ කකුලෙන් අල්ලල ඌට බහින්න ස්පෝට් එක දුන්නා..
"ඉස්කෝලෙ ඇරිල ගේට්ටුවෙන එන්න නොදී මාව එක්කගෙන යනවනම් අන්න එහෙම ස්පෝට් එක දීපන් බහින්න..."
මගේ උරහිස අල්ලගෙන තාප්පෙන් බහින ගමනුත් මූ කියන කතා.. අම්මප තල්ලු කරල දාන්න හිතෙනව එහා පැත්තට..
"යකෝ.. ස්කෝලෙ වටේම තාප්ප දාල ගේට්ටු හතරක් විතරක් දාල තියෙන්නෙ වැඩියෙන් තාප්ප පාවිච්චි කරල ගේට්ටු අඩුවෙන් පාවිච්චි කරන්න..."
මම කිවුවෙ පැංචත් බිමට පැනගත්තට පස්සෙ...
"ආ උඹ එහෙනම් ගෙදර ජනේලෙන්ද එන්නෙ හැමදාම??... ඇයි දොරවල් වලට වඩා ජනෙල් තියෙනවනෙ උඹලයි ගෙදර"
මැදැයි ඉතිං මූට කියන්න ගියා මමත්... මූට දෙයක් කියනවට වඩා හොදයි මී කතුරක ගහල තියෙන පොල් කෑල්ලක් ගලවන් කන එක...සිරාවට
අපි පංසල් කන්දෙන් වක්වැල්ල පාරට බැහැල ශෙඩ් එක ගාවින් රේල් පාරය ඇවිත් රේල්පාර දිගේ ගාල්ල පැත්තට ඇවිදගෙන ආවා.. පැංචත් කෙලවරක් නැතුව කියව කියව අපි පස්සෙන්ම ආවා... කුනු ඇල උඩින් තියෙන් පුංචි පාලමෙන් ඇවිත් මැද පාරෙ චූටි අයියගෙ කඩේට එන්න අපිට විනාඩි 20කට වඩා ගියේ නෑ..
"ඔන්න මං ගාවනම් අද සල්ලි නෑ හොදේ..... වැඩියෙ කන්නත් බෑ පරාටෙ 2ක් තිබුනම් ඇති..."
පුටුවකුත් ඇදගෙන සේරටම කලින් වාඩිවෙලා පැංච අත්ත හෝදනවා.... අද සල්ලි නෑ කිවුවට පැංච ගාව සල්ලි තිබිච්ච දවසකුත් නැති නිසා ලහිරුවත් එක්ක මාත් පුටු දෙක් ඇදගෙන වාඩි උනා...
"අර රබර්ල නේද...?? අම්මප මුන් කවදාවත් ස්කෝලෙ යන්නෙ නැද්ද දන්නෙ නෑ පවු යක්කු..."
සද්දෙ අඩු කරල මේසෙට බරවෙල පැංච ඇහුවෙ කඩේ එහාට වෙන්නත් ස්කූල් යුනිෆෝම් එකන් වාඩිවෙලා ඉදපු සෙට් එකක් ඇහෙන් පෙන්නලා.. අපිට වඩා අවුරුද්දක් විතර වැඩිමල් උන් සෙට් එක ස්ටෑන්ඩ් එකේ යාව ජීව සාමාජිකයො... අමුම අමු මදාවි ටිකක් උන්... බැලුවොත් ඇත්තන් ස්ටෑන්ඩ් එකේමයි..
පැංච ඒපාර රබර්ලට බනින්න ගත්තා... මූත් මුන්ගෙ ආච්චි වගේමයි ගිය ආත්මෙ මොකක හරි ලොකු පවක් කරල තියෙනවා දෙන්නත් එක්ක...නැත්නම් පේමට් එකේ බිස්නස් කරල තියෙනව...ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ.. එකන හත්තිලවුවෙ එක විනාඩියක් මොනවත් නොකියව කට වහගෙන ඉන්නම බැරි.. නිදාගත්තත් හීනෙන් හරි දොඩවනවා..මොකක් හරි එකක් අල්ලගෙන් කියවන්නමයි ඕනෙ...
අච්චිනම් දැන් වල පයයි ගොඩ පයයි.. කොයි වෙලාවෙ ශනීදාව ඇදිල ජයමල්ලට කරගහවිද දන්නෙ නෑ.. බුලත් විඩ කොට කොට ගමටම බනින එකමයි කරන්නෙ... ඒත් මූ අවුරුදු 18ක් වෙන්නත් කලින් මෙහෙමනම් ඒ වයස වෙනකොට කොහොමට තියේවිද ?? අම්මප දිව ගෙවිල දත් හැලිල ලොම්බවත් ඉතුරුවෙන එක් නෑ...ඇච්චගෙ..
අපේ පරාට එනකං පැංච රබර්ලට බනිද්දි.. පැංචත් එක්ක මලෙන් ලහිරුව ඔරවන් ඉදිද්දි මට මතක් උනේ ආයෙමත් ව්‍යංගව...
දැන් ස්කෝලෙ ඇරෙන ටයිම් එකට ස්ටෑන්ඩ් එකට එනව කියල ශ්‍යාමිකයට කියල තියෙනවනෙ... තාමත් කොච්චර ඒ ගැන හිතුවත් හිතට මොකකද මොකක්ද වගේ...
"කෝ බං මූ ඉන්දියාවෙන්ද පරාටෙ ගේනෙ... ?? තාම නෑනෙ... "
රබර්ලට බැනල ඇතිවෙලා ඌ සල්ලි ගෙවල අපිට අරන් දෙනව වගේ පැංච ඒ පාර අල්ලගත්තෙ කඩේ එකා... ඒකනම් ඇත්ත.. මටත් දැන් අම්බානෙක බඩගිනියි.....
එහෙම හිතනකොටම චූටි අයියා පරාටෙත් අරගෙන දොරෙන් මතු උනේ විසාකාව කිරිපිඩු අරන් එනව වගේ...
ඈ..බොලේ... විසාකාව කවද්ද කිරිපිඩු ගෙනාවෙ... මේ කෙල්ලෙක් ඇඩ්න්ස් ඔන්ලි ෆිල්ම් එකක කෑල්ල පෙන්නල මගේ මොලෙත් අවුල් වෙලාද කොහෙද දැන්....පවුත් පුරව ගන්නවා...
මොන බම්බුවක්ද... ඒ වගේද මේ වෙලාවට පරාටෙ... එයාව මොලේ කොනටම තල්ලුකරල දලා මෙච්චර කල් කාලත් ජීවිතේට කෑල්ලක් නොදැකපු කඩේ උන් කියන නිසාම චිකන් හොදි වෙච්ච හොදි වල ඔබාගෙන මමත් පරාටෙ කෑල්ලක් කටේ ඔබා ගත්තා.......
අපි තුන්දෙනාම සද්ද නැතුව කද්දි එහා සෙට් එකේ එකෙක් නැගිටල අපේ ගාවට ඇවිත් අපේ මේසෙන් පුටුවක් ඇදගෙන... පුටුවෙ අනිත් පැත්තට වාඩි උනා...
" ආ මල්ලිලා.. උඹලත් අද වේලාඅසන ඇවිත් වගේ...."
අපේ පන්සලේ ලොකු හාමුදුරුවො ආවාසගේ වහල ගහන කාලෙ ඕනෙම දායකයෙක් එක්ක දාන හිනාව වගේ හිනාව දාගෙන ඌ අපි තුන් දෙනා දිහාම බලන ගමන් අහපු විදියනම් මට එච්චර ඇල්ලුවෙ නෑ... ම්ම්ම්ම්... මොකාටද මූ එන්න හදන්නෙ.. ??
"ඔවු ඉතිං.. හැමදාම ගේට්ටුවෙන එනකොටත් ගතියක් නෑනෙ අයියා.. තාප්ප වේලෙනවනෙ... "
පැංචත් සිග්නල් ඇඩ් එකක් වගේ දත් ඔක්කොම පේන්න විරිත්තල ආපු එකාට කිවුවෙ හෙන වැඩ්ඩ වගේ...
අම්මප මුගේ බඩමාලු කන්න එපැයි යකෝ.... මෙච්චර වෙලා අපිට බැන බැන ආපු එකා දැන් පොර ටෝක් දෙනවා... මූටත් කට වහහගෙන ඉන්න බැරි හැටි....
ඒ එක්කම තව එකෙකුත් අපේ මේසෙ ලගට ආව... ඇවිත් හේත්තුවක් දැම්මා මම වාඩිවෙලා ඉදපු පුටුවට...
"හරි හරි සනා.. එහෙම තමයි කොල්ලො උනාම... කන්න නොදී ඩිස්ටර්බ් කරානම් වෙරි සොරි වෙන්න ඕනෙ..."
මොකද මුගේ මේ සත්ව කරුනාව...... ??
" පොඩි හදිස්සියකට මල්ලිලා... උඹලත් කොල්ලො අපිත් කොල්ලො.. රු පනහක් දීපන්කො බෑ නොකිය..."
මගේ ලග ඉදපු එකා මගේ පිටට තට්ටුවකුත් දැම්මා..
ඒක තමයි මේ මුන්ගෙ කුලුණුබර සහෝදර ප්‍රේමෙ...
"අනේ සල්ලිනම් නෑ මචං... මේකට දුන්නම ගෙදර යන්න තියෙන්නෙ සීසන් එක විතරයි....."
මම එහෙම කියාගෙන නැගිටල ටැප් එක ලගට ආව අත හෝදන්න...
"අන්න අන්න.. නැති වෙන විදියක් නෑනෙ මල්ලි.. පොඩි හදිස්සියකට දීපංකො..."
මගේ පුටුවට හේත්තුවෙලා ඉන්න එකා එහෙම කියාගෙන මගේ පැත්තට අවා...
එහෙනම් උඹේ ගාව නැද්ද... ??
පැංච ගාව ඉදපු එකා පැංචගෙන් ඇහුවා....
"මගේ ගාවනම් මේකට දෙන්නවත් සල්ලි නෑ... ගෙදර යන රුපියල් 12 විතරමයි තියෙන්නෙ.... "
එහෙම කියාගෙන පැංචත් පුටුවෙන් නැගිට්ටා... ලහිරුව කාල ඉවර වෙලා තිබුනෙ නැති උනත් ඌත් පැංචත් එක්කම පුටුවෙන් නැගිට්ටෙ වලියක පෙරමග ලකුනු දැකපු නිසා වෙන්න ඇති...
"කෝ එහෙනම් පෙන්නපං සාක්කු... "
දැන්නම් මුන්ගෙ සයිලෙ ඉවසුව හොදටම ඇති වගේ....... ඇයි යකෝ.. මුන්ගෙ තාත්ත අරන්තියන්න දීපු සල්ලි ඉල්ලනව වගේනෙ...
මගේ ලග ඉදපු එකා මගේ සක්කුවට අත දාන්න හදනකොටම මම ඌට සාක්කුවට අත දාන්න බැරි වෙන්න සාක්කුව අල්ලගත්තා...
"සල්ලි තියෙනව දෙන්න බෑ ඒව අපිට ඕනෙ........ "
"එහෙනම් මොන හු _ _ _ යකෝ කලින් නෑ කිවුවෙ..... උඹ ගානට වැඩියි.... නිකන් _ _ _ වෙන්න හදන්න එපා..."
ඌ මගේ බෙල්ලෙන් අල්ලගෙන බිත්තියට හේත්තු කරා..... මගේ පැත්තට එන්න හදපු පැංචවත් ඌ විතර දෙක්ක් උස එකෙක් අල්ලගනිද්දි එහා මේසෙ වාඩිවෙලා ඉදපු උනුත් පුටුවලින් නැගිටල අපේ පැත්තට එන්න ගත්තා..
උන්ගෙ හතයි.. අපේ දෙකහ මාරයි...
පපුව ඩොකෝන් ඩොකෝන් කියල ගැහෙද්දි.... බෙර දවුල් හේවිසි හොරනෑ සද්ද අස්සෙන්... ගොක්කොල සුදුකොඩි මල් වඩම් මැද්දෙන්.... ඈතටම වෙලා පොත ගේනක්ම් බලන් ඉන්න අහිංසකම අහිංසක ඒ ලොකු වීදුරු ඇස් දෙක මගේ ඇස් දෙක් ඉස්සරහ පෙනිලල නොපෙනිල ගියා..........
හතකට එරෙහිව දෙකහමාරෙ ෆයිට් එකට නොසිතූ විදේශාධාර ලැබී කට්ටිය ගුටි කෑම වෙනුවට මඩ නෑ හැටි අරගෙන..
මග දිගට 8 ලගදීම එනවා....
ඔන්න එහෙනම් බලාගෙන ඉන්නව 8 වැනි කොටස දානකන්..
ReplyDeleteඅඩෝ ඉක්මනට දාපන්..මේක තර්ජනයක් ඩෝ :)
මූට දෙයක් කියනවට වඩා හොදයි මී කතුරක ගහල තියෙන පොල් කෑල්ලක් ගලවන් කන එක...සිරාවට
ReplyDelete:D ;D
hapoi..............
ReplyDeletemee paara mokaatada me enna hadanne...
waliyakda..??
aiyoo.... ko me ව්‍යංගා....??
(niyamai malli... ව්‍යංගා natiwa podi aduwak danuna ada....:)
all the best...
මොන හු _ _ _ යකෝ.. ඉක්මනට 8 කොටස දාපං..... උඹ ගානට වැඩියි.... නිකන් _ _ _ වෙන්න හදන්න එපා... හරියේ :D :D
ReplyDelete"අම්මප කෙල්ලො කියන ජාතියනම් ඉදිආප්ප වගේ ජාතියක්"
ReplyDeleteඑලස්!!
"අම්මප කෙල්ලො කියන ජාතියනම් ඉදිආප්ප වගේ ජාතියක්..ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... ජීවිතේට අගක් මුලක් මැදක් හොයා ගන්න බෑ..... එහෙම් පිටිම්ම පටලැවිල්ලක්......"
ReplyDeleteමේ කෑල්ලට පට්ට ලයික්
ඉක්මනට 8ත් දාපන්
අඩෝ ඉක්මනට ඉතුරු ටිකත් දාපන් හරිය. නැත්තම් ගහනවා ඔලුව ගාල්ලේ කොටු බැම්මේ.
ReplyDelete@ ALL :- යකෝ මේක බලල හැම එකාම මට බැනල යනවනෙ.. මගේ අරක්කු මටම ගහනවා... මේක යකාගෙ ආන්ඩුවක්නෙ බොලවු...
ReplyDeleteබලාගෙන ''ග්‍රීස්'' යකා වැහෙන්න යනවද දන්නේ නැහැ
ReplyDeleteමට නම් මේ බලන් ඉඳිල්ල එපා වෙනව... හෙ හෙ... මොකක්ද හලෝ.. මම මේ බලන් ඉන්නේ කථාවේ ඔක්කොම ටික බලලා කමෙන්ට් එකක් දාන්න.. හරි යන්නේ නෑ වැඩේ.. මීට පස්සේ කොටසෙන් කොටසට කමෙන්ට දාන්න වගේ වෙන්නේ.. :)
ReplyDeleteලියන ශෛලිය නම් මරු. පට්ට ලයික්.
ReplyDelete@ Bindi :- නෑ වෙන යකෙන් එන්නෙ... :D
ReplyDelete@ ප්‍රාර්ථනා :- මේ දවස්වල හෙන වැඩ රාජකාරිත් එක්ක ලියන්නෙ.. අනික මේ විදියට කියන එක සෑහෙන්න අමාරු වැඩක්... මමනම් දන්නෙ නෑ පෝස්ට් එකක් ලියන්න පැය 6ක් විතර යනව සාමාන්‍යයෙන්.. අනික මම කවදාවත් දෙසරෙකට ලියන්නෙ නෑ.. බාගයක් ලියල ඉතුරු බාගෙ වෙන වෙලාවක... එහෙම ලිවුවොත් කතාව කලායන්නෙ නෑ කියල දැනෙනෙවා. ඒකයි.. විභාග අස්සෙත් මෙහෙම ලියල දාන්නෙ ගොඩක් කට්ටිය කතාව කියවල කමෙන්ට් දාන නිසා.. ආසාවෙන් කියවන නිසා.. මාර සතුටුයි ඒකට.. පරක්කු උන එකට සමාවෙන්න ආයෙත්.. කතාව ඉවරවෙලම කමෙන්ට් දාන්නනම් තව කොටස් දහයකට වඩා බලන් ඉන්න වෙයි මම හිතන්නෙ.. :D කතාව ඉවරයි... දැන් තියෙන්නෙ ලියන්නෙ... :D
@ පිණිබිදු :- ඔහොම කියනකොට මට පට්ට හැපි.. තෑන්ක්ස්...
ReplyDeleteඉක්මනට ඊඟ කොටසත් දාපියෝ...මේක එනකනුත් කොචචර කල් හිටියද....
ReplyDeleteපරක්කුවෙලා පෝස්ට් දාන හින්දා තොට හෙනම ගහන්න ඕනේ....මේක දානකනුත් බර දවසක් බලාගෙන හිටියා...ඊළග එක ඉක්මන්ට දාපිය :D :D :D
ReplyDeleteමුලම ටික බලද්දි මම හිතුවෙ මට කොටසක් මිස් වෙලා කියල... ආයෙම පරන එකත් බැලුවා....
ReplyDeleteඊලඟ කොටස ඉක්මනට දානවද..... නැත්තම් අපි දම්මවන්නද... හික් ... හික්...
8 ලියපන් බන් ඉක්මනට
ReplyDeleteඑල පොඩ්ඩා එල
ReplyDeleteකවද්ද 8 දාන්නෙ?? ඉක්මණටම දාන්න..... බලන් ඉන්න වෙලා ඇති ව්එලා...:p
ReplyDeleteනියමෙටම ලියලා... උපරිමයි...!!!
ෆට්ට කතාව අදත් වෙනදා වගේම රස වින්දා ...
ReplyDeleteඅඩෝ එක හුස්මට කියෙව්ව... ගම් පලාත එකමද මන්ද නිකන් මැවිලා පේනවා... උපම ටිකත් සුපිරියි ආයේ කියන්න දෙයක් නෑ... අනේ සත්තන් පුතේ ඉක්මනට දාහන්කෝ ඔයිට වඩා....
ReplyDeleteමේක උබේ ඇත්ත කතාවක්ද බන් ?
@ නිසූපා,
ReplyDeleteසුදු කොල්ල,
ප්‍රසංග,
හිරු :- මේ දවස්වල ටිකක් බිසියෝ..
@ කවින්ද : තැන්කූ
@ හිතුවක්කාරි :- බිසියෝ බිසියෝ
@ වැප් :- හැක හැක
@ පිස්සා ප්ලාමල්ල :- දාන්නම් දාන්න්ම්.. උඹත් මේ පලාතෙ හැඩයි නේද.. ? උඹ අර කියප් එකේ තමයි... ඇත්තම කතාවක්ද නැද්ද කියල ඉස්සරහට කතාව කියවගෙන යනකොට තේරෙයි.. තැන්කූ මේ පැත්තෙ ආවට හොදේ... :D
This comment has been removed by the author.
ReplyDeleteඇත්තටම ගොඩක් ලස්සනයි අය්යේ......ඉක්මනට අනිත් කොටසත් ලියන්න........මේවා කියවද්දි අනේ මාත් කොල්ලෙක් උනානම් කියල හිතෙනවා....:'(
ReplyDelete@ dunu :- දැක්ක ඔක්කොම ටික බලාගෙන කමෙන්ට් දාගෙන දාගෙන ඇවිත්තියෙනව..
ReplyDeleteඒ ඔක්කොටම ස්තූතියි.. දිගටම එන්න මේ පැත්තෙ.. :) හැබැයි මේ... මම මේ පොඩි කොල්ල.. අයියෙ කියල මෙයා නංගි වෙලානෙ... :D :D :D
හී හී.......අනේ ඉක්මනට ඉතුරු කොටස දාන්නකෝ......:/ :( :'(
ReplyDeleteඅම්මප කෙල්ලො කියන ජාතියනම් ඉදිආප්ප වගේ ජාතියක්..ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... ජීවිතේට අගක් මුලක් මැදක් හොයා ගන්න බෑ..... එහෙම් පිටිම්ම පටලැවිල්ලක්......
ReplyDeleteaye hodanna deyak na eka nam ekenma :D
මරු මරු මචං මම කාලෙකින් කියෙව්වේ...මරු
ReplyDeleteමේ දවස් ටිකේම හීන වලට පෙනුනෙත් කෙල්ලන්ගෙ යට ඇදුම් වල ඇඩ්... වැඩේ කියන්නෙ ඒ හැම එකකම ඉදියෙත් ව්‍යංගා...... පට පාට ඒව ඇදගෙන ඇවිත් දහ අට පැත්තටම කරකවල යනවා... පස්සෙ ඇඩ් එකේ ඉන්න කෙනාම ටීවී එක ඕෆ් කරනවා..... ඉතිරිවෙන්නෙ මම ගහපු කූඩාරම විතරයි
ReplyDelete