2011-09-22

වේසිගෙ පුතා මම ( 18 + නොවේ )




වියැකෙන මුදු සුසුම් හඬ
සමග ගොරහැඬි රැවුම් හඬ
ඇසී අවදිව පෙර දිනක
සෙවුවා මම කෝ කොහෙද
පැදුරේ නුඹ නෑ
අනිත් කොන..

මියැදෙන ලාම්පු දැල්ලට
මැටි බිත්තියට මුවා වී හිද
වලදන්න දී මත් 
රකුසෙකුට කුණු කය
කැවුවා මට ඇනූ බත් ගුලි
බඩගින්නෙ අඩන මා නලවන්න...

සෙල්ලම් පිටිය පුරාවට
පාසලේ කොට බිත්ති අතර මැද
ගම්සභා පාර
කඩමන්ඩියෙත් අද
රැවුදුන්න හඬ හැමදාම
නොදෝකින් අවජාතක
වේසිගෙ පුතා උඹ....

ආ බව නපුර අඳුරට මුවා වී
දෙදරණ කුස්සි දොර කෑ ගසද්දී
හොයන්නෑ පෙර වගේ මම නුඹ
අවුල් කෙස් මැද ගිලුනු දෑසේ
බෑ බලන්නට
ඇති කඳුලු කැට...

සින්න වූ පසුත් නුඹෙ
උගස් කල ආලය
දුන්න ඇති මට ඉඩ
දකින්නට ලෝකය...
වඩන්නට මා බිලිදී..
නුඹ වතේ තාලය
මතු බුදුවන්න කරපු පිං ඇති
ආඩම්බරයි තව ඒ..

වේසිගෙ පුතා මම...!!!
                                   
_________ හාට් Piercing...✿•*`¨"

කලින් හාට් එකේ  Pierce කරපුවා...   කියවලා අදහසක් දාලම යන්න....

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව      
ආමි බූට්    


හදවත සිදුරු කර සිතුවිලි පලදින්න   _________ හාට් Piercing...✿•*`¨"

30 comments:

  1. කදුලු නාවත්.. අඩන්න පුලුවන් උත්සාහා කලා නම්..
    ඇඩෙන ෆිලිං එක මොන රෙද්දකට අවාද මංදා

    අර කතාවෙ ඉතිරි ටික දාපං වේසිගෙ පුතෝ :P

    ReplyDelete
  2. මාර සංවේදී සටහනක් .....
    එල ......

    කිසිම දෙයක් මාතෘකාවෙන් මනින්න නරකයි හොඳද නරකද කියලා, අන්තර්ගතය තමා බලන්න ඕන .....

    ReplyDelete
  3. පට්ට නිර්මාණයක්
    උඹට නම රෙජිස්ටර් වෙයිද මන්දා... හෙහ් හෙහ්....

    ReplyDelete
  4. අඩෝව්.. තෝ අපේ කොමෙන්ට්වලට රිප්ලයි නොදා අලුත් පොස්ට් දාන්න..
    අහුවුනොත් මකවනවා...

    ReplyDelete
  5. mata nam aththatama anduna...

    ReplyDelete
  6. දුක හිතෙන සීන් එකක් !!!!
    ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete
  7. බොක්කටම දැනුනා ....
    නියම පොස්ට් එකක්

    ReplyDelete
  8. නියමයි..... සංවේදී එකෙකුට නම් ඇඬෙනවා.....

    ReplyDelete
  9. මම අහල තියෙන්නෙ වෙනත් විදියකට. එක්තරා සුද්දෙක් ටිකක් සිංහල පුලුවන් කෙනෙක් පාරෙ යනකොට එයාට ගාලගෝට්ටියක් ඇහෙනවලු. ඉතින් මේ සුද්දටත් සිංහල තෙරෙන නිසා එයාගෙ නම් කියලත් බනින සද්දයක් ඇහෙනවලු. මේක බේරුමක් කර ගන්න කියල සුද්ද එතෙන්ට ගිහින් මම තමයි වෙස්ට්ගෙ පුතාඇයි මට බනින්නෙ කියල ඇහැව්වලු. මගේ තාත්ත තමයි විලියම් වෙස්ට් මම ජෝන් වෙස්ට්. මට නිකරුනේ බනින එකේ තේරුම මොකක්ද කියල ඇහුවලු. කාටවත් ඒක සුද්දට තේරුම් යන විදියට කියාගන්න බැරි වෙලා සුද්දා සිංහලයා හරි නරකයි නිකම් බනිනවා කිය කිය යන්න ගියාලු......

    ReplyDelete
  10. ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ලඳුනේ

    ReplyDelete
  11. @ bunny :- මොන රෙද්දකටද තෝ එහෙනම් ඇඩුවෙ නැත්තෙ

    @ පන්සල් හංදිය :- ඒක ගොඩක් අයට තේරෙන්නෙ නෑ බං පිල්ල උඩ තියං කෑගහන්න විතරයි දන්නෙ

    ReplyDelete
  12. @ මාතලන් :- ඔන්න රිප්ලයි කරා ඩෝ...

    @ ඇනෝ :- ලියාගෙන යද්දි ඇඩුනෙ නැති උනාට මගෙත් හිතට මොකක්දෝ උනා ස්තූතියි කමෙට් එකට..

    ReplyDelete
  13. @ මදුරංග :- දුක හිතෙනව නෙවෙයි අයියේ... ඇඩෙනවා... මිනිස්සු කොච්චර පහහත් විදියටද බලන්නෙ.. මිනිස්සුම ඒ ගෑනි වේසි කරල පස්සෙ ගෑවිච්ච ගෑවිච්ච තැන් වල ඉදන් බනිනවා... උන්ගෙ වැරැද්ද වහගන්න

    @ රහස් පරීක්ෂකයා : - ගොඩක් පෝස්ට් කියවල කමෙට් දාල තියෙනව දැක්කා... කියවල නිකන්ම යන්නෙ නැතුව කමෙට් එකක් දාපු එක ගොඩක් වටිනවා.. ස්තූතියි ගොඩක්..

    ReplyDelete
  14. @ ශිරූ :- ඉතිං මලය උඹ ඇඩුවද නැද්ද ? :P

    @ සරත් ගුණතුංග :- ෆුල් ආතල් කතාව :D :D

    @ විසිතුරු :- ඔය සිංදු කෑල්ල හැමෝම අහනවා ඇහෝම කියනවා ... ඒත් ඒක යට ඔච්චර දෙයක් හැංගිලා තියෙනව කියල කාටවත් පේන්නෙ නෑ බං

    ReplyDelete
  15. mathrukawa dakala poddak gassunath anthargathaya maru,,,

    ReplyDelete
  16. මේ අද සමාජයේ තවත් අඳුරු , අමු ඇත්ත පැති කඩක් ,

    ReplyDelete
  17. සංවේදී සටහනක් පොඩ්ඩා... හිතට තදින්ම දැනුනා.. නියමයි....

    ReplyDelete
  18. ගොඩක් දුක හිතුනා,ලස්සනයි අය්යේ....

    ReplyDelete
  19. පොඩ්ඩ පොඩි උනාට අදහස් ලොකුයි...පැහැදිලියි....හිතෙන දේ කියනවා..... එල කොල්ලෙක්. ගහන්න ඕන තැනට කෙලින්ම ගහපන් මචන්..

    ReplyDelete
  20. කිව යුතු දේ හොඳට ම කියලා තියෙනවා. සමාජ යථාර්තය මේක තමයි..........

    ReplyDelete
  21. මම බය වුනා මේකෙ මාතෘකාව දැකලා..:O

    ඒත් දෙයියනේ...!!!! මේක කියෙව්වාම දුක හිතුනා.. සමාජේ මෙහෙම දේවල් ඕනි තරම් සිද්ධ වෙනවා ඇති.. හොද නිර්මාණයක් පොඩි සහෝදරයා.. ජය වේවා..!!!

    ReplyDelete
  22. අපේ කාලයේ යශෝදරා වත.....!!!
    ඇත්තටම ලස්සනයි...සංවේදියි

    ReplyDelete
  23. උබට කොහෙන්ද බං මේ වචන එන්නේ?? මටනම් පිස්සු වගේ...

    ReplyDelete
  24. අඩේ අයියා.. පට්ට ඈ.. දෙන්න හිතෙනවා තොට උම්මා එකක්

    ReplyDelete
  25. මේක නම් සිරා නිර්මානයක්!

    ReplyDelete
  26. ඇත්තටම ගොඩක් ලස්සනයි අය්යේ,කඳුලුත් ආවා....:'(

    ReplyDelete
  27. Maxxa
    Simply Great. Keep up the good work :)

    ReplyDelete
  28. This is very attention-grabbing, You're a very professional blogger. I have joined your feed and sit up for seeking extra of your wonderful post. Also, I have shared your site in my social networks
    Here is my web blog - barcelona transfer news january 2013

    ReplyDelete
  29. Thanks for your personal marvelous posting! I truly enjoyed reading it, you will be a
    great author. I will make sure to bookmark your blog and definitely will come back someday.

    I want to encourage yourself to continue your great work, have a nice weekend!
    Feel free to surf my web site :: espn soccer transfer news

    ReplyDelete
  30. Today, I went to the beach front with my kids. I found a sea shell and gave it to my 4 year old daughter and said "You can hear the ocean if you put this to your ear." She put the
    shell to her ear and screamed. There was a hermit crab inside and it pinched her ear.
    She never wants to go back! LoL I know this is completely off topic but I had to tell someone!
    Also see my webpage: pizza games to make

    ReplyDelete