2011-09-13

මග දිගට 8 " අම්මප කෙල්ලො ගවුමත් උස්සගෙන ඕක කොහොම කරනවද දන්නෙ නෑ "



මෙන්න කතාවෙ මුල් කොටස් ටික..



මගදිගට 1
මගදිගට 2
මගදිගට 3      


මගදිගට 6      
මග දිගට 7

අද  එතැන් සිට..

"හොද හිතින් වැඩ වරද්ද ගන්නෙ නැතුව රුපියල් පනහක් දීපං නැත්තන් දන්නවනෙ...."

මාව බිත්තියට හේත්තු කරල  අල්ලගෙන ඉදපු  එකා මගේ මූන ඉස්සරහටම ඇගිල්ල දික් කරල කිවුවෙ දෙමල ෆිල්ම් එකක කෙල්ලගෙ තාත්ත ඇවිත් කොල්ලට තර්ජනය කරනව වගේ.... ඌ මගේ මූන කිට්ටුවටම ආව නිසා කටින් එන අරක්කු ගදක් දැනුනෙ මට ඒ වෙලාවෙ.. මුන් යුනිෆෝම් පිටින්ම බීලා.. ඒ මදිවට බයිට් එකට අපිව අල්ල ගන්නත් හදනවා .... හිතේ තිබුන බය බිම පෙරලගෙන ඒපාරනම් ආවෙ තරහක්...

"ඇයි නැත්තං උඹ මොනව කරන්නද...?"

මමත් දෙමල් ෆිල්ම් එකේ වීරය කෙල්ලගෙ තාත්තගෙන් ගේම ඉල්ලනව වගේ ඇරියෙම නෑ ... .... හොද වෙලාවට දෙමල ෆිල්ම් බලන්නෙ...


   " චටාස්....."

මම එහෙම කියල ඉවර කරන්න උනේ වත් නෑ අත දිග ඇරල ඌ මගේ කම්මුලට ගැහුවෙ සීනිගම පෙරහැරේ කස පුපුරනව වගේ..... කස පිපුරුවේ සීනිගම පෙරහැරේ උනාට... මට එක සැරේට පෙනුනෙනම් තොටලග තොරණ.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ.. කම්මුලෙන් ගිනි පිටවෙද්දි.. ඇස් දෙක තොරණ වගේ පත්තු උනා... වටේ පිටේ කාලගෝටිය ඇහුනෙ තොරන කවි කියන සද්දෙ වගේ... ඇදෙක පියාගෙන සැදහැවත් සිතින් වෙසක් කලාපෙකට ඇතුල් උනා වගේ මට මාව ඉන්න තැනම අමතක වෙලා ගියා....

ඇයි හත්තිලවුවෙ මම දෙමල ෆිල්ම් බැලුවෙ.....



ගහපු පාරට මගේ ඇස්දෙක් පියවෙලා මම කම්මුල අල්ලගෙන බිත්තියට හේත්තු වෙද්දිම එතනට ආව තවත් එකෙක් අත ගුලි කරල මගෙ බඩට ගැහුවා...

" අම්..මා...ග්..... "

තාම දිරවන්න තිය  හිතලවත් නැත් කාපු පාරාටෙ දෙකෙන් එකහ මාරක්ම ගියපු පාරෙම ආයෙත් බාගයක් දුර උඩට එනවා වගේ දැනුන නිසාම මම බඩ අල්ලන් පාත් උනා..

 අ..ම් මෝ...  බඩ නෑ වගේ...

වල් වේ_ _ _  _ _ _ එකෙක්ට ගහන්වද යකෝ දෙන්නෙක් එකතු වෙලා මරුනත් කනව යකෝ තොපිල...
දැන්නම් හිතේ තිබුන බය කොහේ ගියාද කියල  නෑ... තිබුනෙ පොර කකා තිබුන තරහක්..

බඩ අල්ලන් පහත් වෙනවත් එක්කම උන් මාව ශර්ට් එකෙන් ඇදල උස්සන්න හැදුවා... අම්ම අප්ප මෙච්චර කාලයක් කවල උස් මහත් කරේ එක එක සක්කිලිගෙන් ගුටි කන්න නෙවෙයි...  මෙහෙම ගහපු එකාට මැරුනත් එකක්ම හරි ගහන්න ඔනෙමයි...

බඩ රිදෙන එක දතකාල ඉවසගෙන මගෙ ඉස්සරහ ඉදපු එකාව මම පුලුවන් තරම් හයියෙන් තල්ලු කරල දැම්මා... බීල ඉදපු නිසා චන්ඩිය වෙලා ඉදියට මම තල්ලු කරපු පාරට ඌ වැටුනෙ මහ සද්දෙට යකඩ පුටු දෙක තුනකුත් පෙල්ලගෙන..

 දඩ බඩාස්.....

ඒ එක්කම නැගිටපු මම කාපු හැම පරාටෙකම හයිය එකතු කරලා මගේ බඩට ගහපු එකාගෙ මූනට කෙලල ඇරියා... ඌ මූන බදාගෙන එහාට විසිවෙද්දි හොදට ආලෝකමත් වෙලා තිබුන අපේ මේ සංග්‍රාම බූමිය එක පාරට තඩි කලු වලාවකින් වැහිල ගියා වගේ කලුවර උනා..

ඈ.. ඒපාර මොන හෙන ගෙඩියද ..?? දෙමල ෆිල්ම් වලනම් මෙහෙම වෙන්නෙ එච්චර හොදකට නෙවෙයි..

අම්මට හුඩු චුට්ටයියගෙ කඩේ කැශියර් එකේ ඉදපු කඩේ අයිතිකාර බඩ තඩි නානා කැශියර් එකේ ඉදල වීදුරු අල්මාරි අස්සෙන් හිරවෙවී ඇවිත් අපේ ඉස්සරහම දැන්..

ඒත් මම තල්ලුකරල දාල වැටිච්ච එකා උගේ පිටිපස්සෙ ඉදපු මාහා බාදක කොරල් පරේ වගේ නානව දැක්කෙ නෑ..

කුණු හරුප වැලක් කියාගෙ ඌ නැගිට්ට පුටුවකුත් අරගෙන  මට ගහන්න... ඒ එක්කම පිටිපස්සෙ ඉදපු නානා
අත දික් කරල පුටුව අල්ල ගත්තා..... තමං උස්සගනිපු පුටුව ගහන්න නෙමෙයි හොලවන්නවත් බැරි මොකද කියල පස්ස හැරිල බැලුවාම තමයි කොල්ල නානව දැක්කෙ...

කොච්චර ගුටි කාල හිටියත් එවෙලෙ කොල්ලගෙ මූන දැකපු මට හිනා ගියේ ඉබේටම... ඒ හරියට නිකන් ටයිටනික් ෆිල්ම් එකේ ජැක් රෝස්ගෙ චිත්‍රෙ අදින කෑල්ල පලවෙනි පාරට බලන තුන වසරෙ පොඩි එකෙක් වගේ......

හැම තැනම එල්ලෙනව වගේ මූනෙනුත් මස් එල්ලෙන නානා අල්ලගනිපු පුටුව ඇදල උදුරලා ගත්තා ...
ඒ පුටුවෙ එල්ලිලා  ඉදපු කොල්ලා නාන ගාවට ඇදිල ගියේ ඇම කාපු මාලුවෙක් බිලී පිත්ත අදිනකොට උඩට විසිවෙනව වගේ.....

නාන ඇදපු පාරට කඩුගන්නාව කන්ද නිවුටල් එකේ බහින එම් ඩී නයින්ටියක් වගේ ඇදිල එන කොල්ලට අත දිග ඇරල නාන කනට ගැහුවෙ එකසිය හැටට ආව තඩි ටෙන් වීල් එකක් ඒ බයික් එකේ හැප්පුනා වගේ....

   " චටෝංඃංඃංංඃං......!!!

මගේ කන්දෙකත් කූං ං   ගාල ගියා.....

ඒ එක්කම වලිය නැවතුනා ෆිල්ම් එකේ පෝස් බටන් එක එබුව වගේ....  කනේ පාර කාපු කොල්ල  විසිවෙලා ගිහින් එතන තිබුන කබඩ් එකකත් හැපිල පෙරලෙන්නෙ නැතුව තිබුන එකම පුටුවෙ ඉන්ද උනා... ඌ අත් දෙකෙන්ම මූන බදාගෙන.. කටත් ඇරිලා තාම.. හක්ක පැන්නද දන්නෙ නෑ....

උම්මලගෙ අම්මලට උ _ _ _  වල් වේෂි _ _  _ _ _ බෑපියවු පල බල්ලෝ එලියට... උම්මලගෙ අම්මගෙ අප්පගෙ වෂ්තුවද මෙතන කෙලගාන්නෙ...  අම්මලා අප්පලා  ෂල්ලි වියදන් කොලාලා තොප්පිල ෂ්කෝලෙ අලිනවා.. තොප්පිලා කෂ්ටි පැනලා එනව මදිවට එනව මේව අෂ්ෂෙ කෙලගාන්න... බෑපියවු එල්ලියට..
ආයෙ අප්පිලගෙ කඩේ පෂ් පෑගුවොත් කඩනවා අඩු... .. බෑපියවු එල්ලියට....  එන්කගල් වාන්ගට්ට අලෝරුක්කුම නීන්න්ග...@$#%#$$& 56‍ය්%&#@$%^^ඌඊ?{}.."

දෙමල සිංහල කවලමේ වැටෙන නානගෙ කුණුහරුප වරුසාව මැද්දෙන් පොත් ටිකත් අහුලගෙන අපි කඩෙන් එලියට බැස්සෙ සමූපකාරෙන් කරවල හොරෙන් කාල අහුඋන පූසො වගේ......

නානගෙ කටේ සද්දෙට පාරෙ යන මිනිස්සු නැවතිල බලන් ඉන්නවා...  ඒ මදිවටම නානගෙ කඩේ ඉස්සරහ ලෑල්ලක් තියාගෙන ඉන්න වෙරලු විකුනන ආච්චිත් පටං ගත්තා කම්මුලට අතකුත් තියාගෙන

"අනේ හැබෑට අම්මල තාත්තලගෙ සල්ලි නැති නාස්තිකරන්න ආපු එවුන්... ස්කෝලෙ නොයා කට්ටි පනිනව මදිවට මරාගන්නව මෙතන  මුන්ව පොලීසියට අල්ල දෙන්න තියෙන්නෙ.."

මිනිස්සු බලාගෙන ඉන්නවා.... නාන තාමත් දෙමල සිංහල රීමික්ස් කරපු අපේ මවු ගුණ ගීතය පසුබිමින් ගායනා කරනවා.. වෙරලු ආච්චිත් ඒ අස්සෙන් ඒකට මිනි රැප් එකක් කියනවා... හොදි ඕනෙ නෑ නෝන්ඩිය...


ඒ අස්සෙම ස්කූල් යුනිෆෝම් එකෙන් අඹ කොල බාලිකාවෙ කෙල්ලො හතර පස්දෙනෙකුත් ඉස්සරහින් මතුවුනා.... මැදෑ   නයි මදිවට පොලොන්ගු... දැන්නම් ඉතිං බඩ කපාගෙන මෙතනම මැරෙනව පට්ට සනීපයි..

"අර ගෑනි ඒ අස්සෙ මොන  _ _ _ _  කියනවද ? "

පැංචට වෙරලු ආච්චි එක්ක තදවෙලා.. උගේ වම් ඇහිබම ගාවින් ලේ එනව කියල මම දැක්කෙ ඒ වෙලාවෙ...

"ඒ ඔන්න තුවාල වෙලා බං... ආ.. මේක තියාගනින්.. මම ඌට මගේ ලේන්සුව දුන්නා.. ඇහිබම අල්ලල බලපු පැංච ලේන්සුව එතනින් තියාගත්තා..

" උඹෙත් තොල ඉදිමිලා..."
 පැංච මගේ දිහා බලල කිවුවා...

"මේ මේ මෙතන ඉන්න බෑ... මිනිස්සු බලාගෙන ඉන්නව අර පැත්තෙන් යන්නත් බෑ රබර්ලගෙ සෙට් එක ඒ පැත්තට ගියේ...  උන්ට අහු උනොත් අනිවා ආයෙ කන්න වෙනවා... මොකද කරන්නෙ..."

පිටිපස්සෙන්ම ආපු ලහිරුවත් අපේ ලගට ඇවිත් ඇහුවා.. ඇත්ත තමයි... ඒත් ඔලුව උස්සල බලන්න මොකක්ද වගේ.. කපල දාගන්න හිතෙනව සාක්කුවේ....

ඔලුව සාක්කුවේ තියෙද්දිම රබර් ඇහැ දාල මම වට පිට බැලුවා... ඒ එක්කම කෙල්ලො ටික හිකි හිකි ගගා අපිව පහු කරගෙන ගියා... මුනුත් රිංගන්නෙ නැති මල දානෙයක් නෑ.. අනික තාම ස්කෝල ඇරලත් නෑ.. ඈ  යකෝ මුනුත් තාප්පෙන් පැනල ඇවිද්ද...?? අපි කලිසමක් ඇදගෙන ඒකෙ පස්ස පැත්ත පලාගන්නෙ නැතුව තාප්පෙන් පැනල එන්න කොච්චර ගේමක් දෙනවද.. මුන් මේ ගවුමුත් උස්සගෙන ඕක කොහොම කරනවද දන්නෙ නෑ...  ඒ මදිවට හිකි හිකිය... අනින්න හිතෙනව හොම්බට...

කෙල්ලන්ට හිතින් බැන්න මිසක් කරන්නෙ මොකක්ද කියල මගේ ඔලුවට ආවෙම නෑ...

ටික වෙලාවක් වටපිට බල බල ඉදපු ලහිරුව ඉස්සර උනා..

" වරෙන් "

මූ මේ කොහෙන්ද යන්න හදන්නෙ.. ?? මම හිතන විදියට ජීවිතේ පලවෙනි පාරට් පැංචත් කට වහගෙන ලහිරුව කියපු දේකට අවනත වෙලා උගේ පස්සෙන් යද්දි මම ගිහින් කොහොමද නොගිහින් ඉන්නෙ... මමත් ඔලුව උඩ සාක්කුවේ තියෙද්දිම උන්දෙන්නගෙ පස්සෙන් යන්න පටන් ගත්තා...

ටික දුරක් ගිහිපු ලහිරුවා හාඩ්වෙයාර් එක ලගින් තියෙන පුංචි පාරට හැරුනා...

ඈ.. යකෝ.. මූ මේ යන්න හදන්නෙ මුඩුක්කු වත්ත මැද්දෙන්ද.. ?? රබර්ල ස්කූල් කට් කරල හැමදාම වල බහින්නෙ මේකෙමයි...  උන් නැත්තත් මේක මැද්දෙන් ගිහින් ගුටිකන්න වෙන්නෙ ගෑනුන්ගෙන්.... මේක මැද්දෙන් ගියොත් ඇදිච්ච ජයෝදාවෙ දෙවනි කොටස තමයි. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ.. බඩේ බත් වගේ බුදු ෂුවර්...


මුඩුක්කු වත්ත මැදින් මාරාන්තික සංචාරය නිමාකර මගබලා සිටින ලොකු වීදුරු ඇස්වල බලා පොරොත්තුව ඉටු කරන්න විහඟට හැකිවේද.... ??

ලගදීම එන මගදිගට 9 කියවන්න.....


35 comments:

  1. අපි කලිසමක් ඇදගෙන ඒකෙ පස්ස පැත්ත පලාගන්නෙ නැතුව තාප්පෙන් පැනල එන්න කොච්චර ගේමක් දෙනවද.. මුන් මේ ගවුමුත් උස්සගෙන ඕක කොහොම කරනවද දන්නෙ නෑ... ඒ මදිවට හිකි හිකිය... අනින්න හිතෙනව හොම්බට...:D:D:D
    hik..hik.......katawe niyama kotasa.. poddoo... tawa tikak katawa diga una nam ela kiri.. gindara,suparr..
    dan ithin.. kata wahagena ohomama 9th liuwanam... maru needa...:*...............

    ReplyDelete
  2. සික් මාතෘකාව දැක්කාම මම හිතුවේ උබ හොදටම වල් වැදිලා කියලා (කියවද්දිත් ඉතින් ලාවට වල් වැදිලා වගේ ගතියක් දැනුනා) උබට හොදට හෝදලා ගන්න ඕනෙ

    ReplyDelete
  3. ඔව් ඕයි, මේ පාර ටිකක් කොට වෙලා..ඉක්මනට ලියෆන් ආසාවෙන් කියෝන එකක් නෙ..
    කතාව ගැන නම් කියන්න දෙයක් නෑ..වෙනද වගේ ගින්දර තමා :)

    ReplyDelete
  4. මේක නම් පට්ට මචෝ... අන්තිම කොටස වෙනකම් දැම්මම කොටස් ටික ඔක්කොම කියවල කමෙන්ටුවක් දාන්නම් :)

    ReplyDelete
  5. එල එල...ගුටි කෑවත් කමක් නෑ ආපහු සොට් එක තිබ්බනෙ...
    ඊළග එක ඉක්මන්ට දාපිය.......

    ReplyDelete
  6. @ ගායනා : - කතාව කඩන්න ඕනෙ තැනකින් කඩනවා.. නැත්නම් මේක පට්ට දිග වේවි..:D

    @ කිඩෝ :- මට කියන්නෙ උඹත් වලානෙ.. මතෘකාව බලාගෙන කතාව කියවන්න ආවෙ... :P

    ReplyDelete
  7. @ සාටර් :- ඉක්මනට වඩා කොලිටිය නේද මචං වැදගත්.. වැඩියෙ ඉක්මනට දෙන්න ගියොත් මේ කොලිටිය නැති වේවි... ඔය නැවුම් උපමා එහෙම මම කොච්චර හිට්යලද දාන්නෙ කියල හිතාගන්න පුලුවන්ද ?? :D

    @ සාතන් :- එහෙමන ටිකක් කල් යාවි.. :) කියවන්න වරෙන්කො.. :D

    @ සුදු කොල්ල :- ඒකනෙ ඒකනෙ.. පුලුවන් ඉක්මනට දානවා...

    ReplyDelete
  8. එළ එළ.... අරුන් ආයෙ සෙට් උනොත් දීපන් ඇට හැලෙන්න....

    ReplyDelete
  9. අද තමා මුල ඉදන්ම කියෙව්වේ. එලකිරියටම ලියලා තියනවා.

    හෆ්ෆා.. හිනා වෙලාම ඇඟටත් පණ නෑ...

    ReplyDelete
  10. අම්මේ ඇති යන්තම්,8 වෙනි කොටස ලියලා.....9 ත් ඉක්මනට කියන්න අය්යේ....ලස්සනයි.....:)

    ReplyDelete
  11. මොනව කියන්නද මන්දා

    ReplyDelete
  12. මේ මොන ඉලව්වක්ද ..මීට වඩා හොදා 8.30 හේ නාට්‍යක් බලනවා ...

    ඇඩෝ කුට්ට් කරන්න එපා ඩෝ :DDD

    ReplyDelete
  13. ලියන ස්ටයිල් එක නම් මල් හතයි...

    ReplyDelete
  14. හික් හික් ලියන්නෙත් හිච්චයි ඒ කොරලා හත් අවුරුද්දකින් ඉතුරු කොටස දානවා කැත වැඩ කරන්න එපා මල්ලි

    මොනා උනත් කතාවනම් පට්ටයි

    ReplyDelete
  15. පළවෙනි කොටස කියෙව්වෙ කාලෙකට කලින්. මම හිතුවේ ඒකෙන් කතාව ඉවරයි කියලා. ඔන්න දැන් මුල ඉඳලා ඔක්කොම ආයේ කියෙව්වා..... උපමා උපමේය නං නියමයි. හැබැයි කතාව වැඩිය අදින්න එපා කියලා තමා මටනං හිතෙන්නෙ.

    ReplyDelete
  16. @ chaw chaw :- ඇට්ටි හැලෙන්න දෙන්න වෙයිද කන්න වෙයිද දනෙ නෑ

    @ Bunny :- හ්ම් හ්ම් ..

    @ මුචලින්ද :- තෑන්ක්ස් මචං තෑන්ක්ස්

    @ unknown :- හැක හැක .. තෑන්ක්ස් මචං

    ReplyDelete
  17. උබේ ලියන ස්ටයිල් එකනම් මරු.... ඉක්මනට ලියපන් කොටස් ටික... කොහෙද බන් මුඩුක්කු වත්ත ??

    ReplyDelete
  18. @ danu :- ස්තූතියි... පුලුවන් ඉක්මනට දාන්නම්කො

    @ ලොකු ජෝන් :- ඒක තමයි නේ..

    @ වැප් :- මේ මොන ඉලවුවක්ද... නාට්ටියේ ඇඩ් යනව මේකෙ ඇඩ් නෑනෙ.. :D :D :D

    @ පිණිබිඳු :- තැන්කූ තැන්කූ

    ReplyDelete
  19. සුප්පර්.. ඔහොමම ලියන්න.

    ReplyDelete
  20. @ ශානු :- හිච්චයි කිවුවා... ඔය ටික ලියන්නෙත් කොච්චර අමාරුවෙන්ද.. :D

    @ චූටි මහත්තයා :- කාතාව මම හදල ඉවරයි ලියල දාන්න තමයි තියෙන්නෙ... ටිකක් වැඩ වැඩිවෙන නිසා තමයි ලියන්න පරක්කු වෙන්නෙ...

    @ පිස්සා පලාමල්ල :- ඒ නමනම් වෙනස් කරා... මැදපාරෙ තියෙන්නෙ දන්නවනෙ..

    @ yasasi :-එලැ... තැන්කූ.. :D

    ReplyDelete
  21. අහ් ඔව් ඔව්... ඒක මිසක්.. මට ඒත් හිතුනා ඒකවත්ද මේ කියලා.... කව්ද දන්නෙ අලුත් සීන් එකක් ද කියලා..

    ReplyDelete
  22. අප්පේ මාත් මාතෘකාව දැක්කාම මටත් හිතුනෙ වෙන දෙයක් නොවෑ...හික්ස්..... ;)

    ReplyDelete
  23. හි හී...... මේක කියවලා හිනාව නවත්තගත්තේ බොහොම අමාරුවෙන්. මං හිතුවෙ බොකු බඩවැලුත් එළිය ට එයි කියලා.....
    නියමෙට ලියලා තියෙනවා. ඉතුරු ටිකත් ඉක්මණ ට ලියන්න..... :D :D :D :D

    ReplyDelete
  24. ඔන්න අදනම් තද උනා. ඔය බාලිකාවට ආයි මොනවාහරි කුණු කතා කිව්වොත්නම් ආයි මේ පැත්තෙ පස් පාගන්නෙ නෑ....

    ReplyDelete
  25. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... ගුටි කාලා හොදටම...;) හෆ්ෆෝයි... කෙල්ලොන්ට බනින හැටිනම් නලකයි හෆ්ෆා...:/

    නියමෙටම ලියලා තියනවා සහෝ... නියමයි... ඉතුරු ටිකත් ඉක්මණටම දාන්න..:)

    ReplyDelete
  26. උඹ පට්ට ලිවිල්ලක් ලියන්නෙ බං. දිගටම ලියපං. :)

    ReplyDelete
  27. මේක හොදට ඇදලා තව කාලයක් ලියපන්. එතකොට කවුරු හරි මේකෙනුත් මෙගා ටෙලියක් ගහයි

    ReplyDelete
  28. ube atha seen akakda mmath tamil film balanawa

    ReplyDelete
  29. maru ah,mekanam hina kala merenava,mata paluwa duka denunu wele tamai,,mata ayya meke dunne,ee okkoma nethi una meeeka kiyawaddi,lassanaiiiiiiiiiii

    ReplyDelete
  30. patta pata pata kathawa.... digatama liyapanko ikmanata.........

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. Hashini gonagala ge x video thiyena aya link eka danawada?

    ReplyDelete