2012-03-23
ඇගේ කව
දිනක් කොළයක ලියපු කවියක
අහම්බෙන් ඇස නැවතුනා
දහසකුත් තව එකක් කවි මැද
ඒ කවියටම හිත ගියා...
කවියෙ ලස්සන එලිසමය දැක
මගෙ හිත තව බර වුනා
මොකද්දෝ හුරු පුරුදු ගතියක්
තියෙන වගනම් සිහි කලා...
කවිය කාගෙද කයිති කාටද
මගේ සිත විමසිලි උනා
කාත් කවුරුත් නෑ වගෙයි මුත්
තනි කවට මම පෙම් කලා...
හිතේ පතුලෙම තිබුණු තනුවක
තාලයක් මට සිහි වුනා
ඒක කවියට නූලටම හරි
කවිය මම හොරකම් කලා....
කවිය ලී ඒ අයිති කාරිය
දිනක හදිසියෙ පැමිණුනා...
මගේ තනුවට වැයෙන්නේ ඇගෙ
කවිය බව ඈ සැල කලා....
මගේ තනුවක තාලයට මේ
කවියෙ පද වැල හරි ගියා
ඒ නිසා මට කවිය දෙන්නකො
මම ඇගෙන් එය ඉල්ලුවා...
නොකිය මගෙ කව ගත්ත මදිවට
ලස්සනත් එහි නැති කලා...
නුබේ තනු මට එපා මගෙ කව
දෙන්න ඈ එය ඉදිරුවා...
මගේ තනුවට බැඳුනු කවි පද
කැඩිල එහෙ මෙහෙ විසිරුනා
කැඩුණූ කවියේ අකුරු එක එක
අඬ අඬා මම ඇහිලුවා....
෴෴෴෴
කලින් ගොතාපුව ටිකක්....
දේ දුන්න දුර වැඩියි හිතුනා
ඇය
ඒ රණ තිසරු යැයි රැවටෙති කණ කොක්කූ...
කා... මා...
සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්
වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග
සම්මතයෙන් එහා අසම්මතයට නොයා
තියෙන ගොඩ
ගොතාපු ඒවා
Subscribe to:
Post Comments (Atom)
දිඨධමවේදණීය කර්මය!!
ReplyDeleteපවු.. !!
මොනවද ඩෝ කර්ම ?
Deleteහ්ම්ම් හ්ම්ම් ඔහොම යන්
ReplyDeleteජොහොමද ??
Deleteඅනේ....:(
ReplyDeleteඇයි අනේ...
Deleteඅහෝ....! කවිය.........
ReplyDeleteකවිය විතරද අහෝ.. ඇයි තනුව... ?
Deletehoda wade gon ridmayata
ReplyDeleteකමක් නෑ ඇනෝ ඔයා මට බැන්නත් ඔයාට මම ආදරෙයි
Deleteaththada?koi tharam aadareida? :P :P
Deleteකැඩුණූ කවියේ අකුරු එක එක
ReplyDeleteඅඬ අඬා මම ඇහිලුවා....
මේක නමි මට සුවර් නෑ
ara moko ?
Deleteලස්සනයි පොඩි මෑන්...
ReplyDeleteතැන්කෝ... :)
Deleteපොඩි මෑන් ගෙ වැඩ !
ReplyDeleteනෑ බං මේ ඇගේ වැඩ... :(
Delete:)
Deleteකවියනම් එල මල්ලි.....අද්දැකීමක්ද....?
ReplyDeleteඑහෙමමත් නෑ...
Deleteඅනුන්ගේ ඒවට දාන්න ගියෙ මොකටැයි තනු
ReplyDeleteඒක තමයි...
Deleteකවදාවත් නැතිව බොක්කෙන්ම රසවින්ඳා.
ReplyDeleteජෝන් මහත්තය වෙනද කොහෙන්ද රස වින්දෙ... ? ටැංකු ඈ.. :D
Deleteමරු අලෝ.. ලස්සනයි මේ කවිය
ReplyDeleteතැන්කූ හලෝ...
Deleteඑල එල හෙ..හෙ...
ReplyDeleteඅපොයි උඹට කාලෙකින් මතක් වෙලා... :D
Deleteඇයි බන් අඬන්නේ....
ReplyDeleteකවිය කැඩුව බං අර ගෑණි :D
Deleteලස්සනයි
ReplyDeleteමටත් ඇඬෙන්න එනවා බං....
ReplyDeleteමේක ඇත්තටම සිංදුවකට අගෙයි
ReplyDeleteඅනුන්ගේ කවි ගන්නේ මොකටද... මේකට තනුවක් දාල ගත්තනම් ඉවරනේ....මරේ මරැ..
ReplyDeleteekenma
DeleteMAXaaaaaaaaaaa PODI MAN
ReplyDeleteANO FOR EVER
මොකෝ බන් උඹට වෙලා තියෙන්නේ
ReplyDeleteඈ... කෝ මගෙ කොමෙන්ට් එක???
ReplyDeleteඅපූරුයි !!
ReplyDeleteතොට හොඳ වැඩේ අනුංගෙ ඒව උස්සනවට....උස්සල මදිවට තව නාහෙනුත් අඬනව...සාටර්.
ReplyDeleteX-Porter
meka nam hodai
ReplyDeleteDimuth -බොක්කෙන්ම රසවින්ඳා
ReplyDeleteI'm truly enjoying the design and layout of your site. It's a very
ReplyDeleteeasy on the eyes which makes it much more enjoyable for me to come here and visit
more often. Did you hire out a developer to create your theme?
Exceptional work!
Also visit my homepage :: football transfer news january 2013