බිග් මැච ආතල් කතා මුලින් ඒව කියෙවුවෙ නැති අයටයි මේ..... ඒව කියෙවුවෙ නෑ කියල මේ කතාවෙ රසවින්දනයට එච්චර බාදාවක් වෙන එකක නෑ...
ඒත් පුකවල් ලෙලි ගිහිපු හැටිනං කියවන්න වෙයි...
බිග් මැච ආතල් කතා 1 - ගාල්ලට ඉහල අහසේදී අපේ පුකවල් ලෙලිගිහිපු හැටි....
බිග් මැච ආතල් කතා 2- පාසල් පෙම්වතා තම පෙම්වතියට තෑගි දීමට මිතුරන් සමග කුක්කු හැට්ටයක් තේරූ හැටි
බිග් මැච ආතල් කතා 3 -පාරදිගේ පෙරලී ගිය ලොකු කුක්කු පොඩි උන හැටි - බීමත් යක්ෂයෙන්ක්ගෙන් තරුණියකට අතවර
බිග් මැච් කාලෙ පට්ට ආතල් වගේම පට්ට කට්ටක් කන්න වෙන කාලයක්... ඒ කට්ට වැඩි හරියක් කන්න වෙන්නෙ ස්කෝල දේකේම ප්‍රිෆෙක්ලට තමයි... අනිත් ටික ටෙන්ට් කමිටියේ උන්ට...
හැබැයි ඔය වැඩි හරියක් කට්ට කෑවෙ ඉල්ලගෙන අතින් දාගනිපු රාජකාරි නිසාමයි... ඒකෙ ප්‍රධාන වැඩේ කොඩි දාන එක.... ඒකට ස්කෝලෙන් කිසිම සපෝට් එකක ලැබෙන වැඩක් නෙවෙයි....
ස්කෝලෙ සමහර සර්ලම අපේ මූනටම කිවුවෙ උඹලට තියෙන පුකේ අමාරුව කියලයි.....
සමහර විට අපිට ඒ පුකේ අමරුව එන්න ඇත්තෙ අපි වදපු අම්මට වගේම අපි හදපු අම්මටත් ඇත්තටම ගොඩක් ආදරේ කරපු නිසා....
බෙල්ල කඩාගෙන තුවාල කරගෙන කොඩි දාපු එක... තමන්ගෙ ස්කෝලෙට මොනවහරි කියනවනම් උන් එක්ක මරාගනිපු එක... බිග් මැච් එක වෙලාවෙදි උගුර ලේ රහ වෙනකන් තමන්ගෙ ස්කෝලෙ නම කියල කොල්ලො ටික කෑගහන් එක... පඩියට උගන්නන ඒ ගුරුවරුන්ට තේරෙන්නෙ නැතුව ඇති...
ඇත්තටම අපිට ලොකු පුකේ අමාරුවක් තිබුනා... ඒකට කොල්ලො කිවුවෙ "ඉස්ස පුකේ" කියලයි.... හැබැයි ඒ පුකේ ඉදපු ඉස්සට අපි පට්ටෙට ආස කරා...
හැබැයි ඔය පුකේ ඉදපු ඉස්ස නිසාම අමාරුවේ වැටිල දුක් විදින්න උනේ අපේ පුකවල් වලටමයි...
ගාල්ලට ඉහලින් අහසෙදි අපේ පුකවල් ලෙලි ගියාට පස්සෙ දවස් දෙක තුනක් යනකං විදපු දුකනං ආයෙ කියල වැඩක නෑ... උදේට ස්කෝලෙ යන්න ජොකා අදිනව කියන එක තරං එපා කරපු වැඩක් තිබුනෙ නෑ ඒ දවස්වල...
අමාරුවෙන් බකල් ගගහ ජොකා ඇඳගෙන ඇවිත් ස්කෝලෙදි ගලවල දානවා... ඊට පස්සෙ ඉන්නෙ සිවිල් පිට... ඒ දවස්වලට වැරදිලාවත් ප්‍රයිමරියෙ පැත්තෙ යන්නෙ නැතුව ඉන්න අපි සෙට් එකම වග බලාගත්තා.... ඒ මොකද කියනවනං අපේ මංනංකල්පිත රාජ්ජ වල අග රැජිනියො වෙලා ඉදපු ඔය එකවසර දෙකවසර බබාල ගෙනියන්න එන ඇන්ටිල දැක්කොත් බාලදක්ෂ ජම්බෝරියක් වගේ ටෙන්ට් ගහල තියේවි හතර වටේටම...
ඉතිං ඔය පුකවල් ලෙලි ගිහින් දවස් දෙක තුනක් ගතවෙලා අබාද තත්වයන්ට පත්වෙලා තිබුන පුකවල් යතා තත්වෙට පත්වෙනකොට තමයි වෙරිම වෙරි බෑඩ් නිවුස් එකෙක් ආවෙ...
"අඩෝ අරුන් ලිහිනි ගලේ කොඩිය දාලා..... "
ලිහිණී ගලේ කොඩිය දානව කියන්නෙ ගාල්ලෙ වෙරලෙ ඉඳල කිලෝ මිටරයක් විතර දුරින් මුහුද මැද තියෙන ගලකටයි... තල් ගහේ කොඩිය දානව වගේම ලිහිණීගලෙත් කොඩි දාන එකත් සම්ප්‍රධායක්...
හැබැයි ඕකට යන්නෙ බෝට්ටුවකින් නං නෙවෙයි...
උනගස් ලණු අරන් යනවනං ඉතිං ඒ සයිස් එකට ලොකු බෝට්ටුවක් වෙන්න ඕනෙ... අපිට කොයින්ද බෝට්ටු.. බෝට්ටුවක් තිබුනත් සම්ප්‍රධාය තමයි ගලට පීනල ගිහින් කොඩිය දාන එක..
මේ වැඩේට ස්කෝල දෙකේම පිහිනුම් කන්ඩායම් දෙකේ ෆුල් සපෝට් එක ලැබෙනවා...
අපිට කලිං ඔය පිස්සලගෙ ස්කෝලෙ කොඩිය දාල කියල බෑඩ් නිවුස් එක අපිට ආවාම අපි වහාම ක්‍රියාත්මක වන පරිදි හවසම කොඩිය දාන්න තීරණය කරා...
සාමාන්‍යෙන් මුහුද හයිය නැති ( මුහුද සැර වෙනවට කියන්නෙ මුහුද හයිය වෙනව කියලයි ) උදේ වෙලාවෙ තමයි කොඩිය දාන්නෙ... දවල්ටනං අවුවෙ ඔය දුර පීනනව කියන්නෙ ඉතිං එපාවෙන වැඩක්...අනිත් එක දවල්ට ගල රත්වෙනව... ඉතිං වතුර වැඩි උනත් .. මුහුද හයිය උනත් හවසම කොඩිය දන්න කට්ටිය සෙට් උනා....
කොළඹ මාතර පාරෙ ගාල්ල පහු කර ගමන් සී රෝඩ් එකේ යනකොට මුහුද පැත්ත බැලුවොත් ෆොටෝ එකේ තියෙන විදියට මුහුද මැද ලිහිණිගලේ තියෙන ස්කෝල දෙකේම කොඩි බලාගන්න පුලුවන් මේ දවස්වල....
සීරෝඩ් එකේ ඉදල ගලට දුර එච්චර නෑ කියල පෙනුනත් ඒ පැත්තෙ ඉදල පීන්න බැරි හේතු දෙකක් තිබුනා... එකක් ඒ පැත්තෙන් තිබුන මාරාන්තික දිය වැල... අනිත් එක තමයි බෝට්ටුවලින් ඇවිත් දැල් ගහල තියෙනෙ කොහේද කියල හොයාගන්න බැරි කම...
වෙරලට පොඩ්ඩ දුරයි... |
උනගසුත් අරන් පීනගෙන යනකොට ඔය දෙකෙන් මොන එකට අහු උනත් ඉතිං බඩුම තමයි...
ඒක නිසා ස්කෝල දෙකේම උන් පීනල ගියේ ගාල්ල පරණ ජැටියෙ ඉදලයි.... ඒ පැත්තෙන් මම හිතන්නෙ කිලෝ මීටරයකට වැඩියි...
අපේ සෙට් එකේ තුන් දෙනෙකුයි සීනියර් කෙනෙකුයි ස්විමින්ග් කල්බ් එකේ තුන් දෙනෙකුයි එක්ක අපි හවස වැඩේට බැස්සා....
අර පුකේ ඉදපු ඉස්ස නිසාම අපිට අපේ පුකවල් වල අමාරු ඒ වෙනකොට අමතක වෙලයි තිබුනෙ...
ඒක මතක උනේ ඇඳුම් ටික ගලවල දාල මුහුදට පැන්න වෙලාවෙ ලෙලිගිහිපු තැන් වල ලුණූවතුර ගෑවෙද්දියි....
තල්ගහේ නැගල පුක ලෙලියවාගනිපු දෙන්නෙක් විතරයි හැබැයි එතන ඉදියෙ...
වතුරට පැනපු ගමන් අපි දෙන්නට ඒක කොච්චර ඉෆෙක්ට් උනාද කියනවනම් විනාඩියක් විතර යනකන් මූණු ඇබුල් කරගෙන වතුරෙදිම පුකවල් අල්ලගෙන මූන ට මූන බලාගෙන ඉදියෙ අනිත් උන මේ මොකද උනේ කියල බලාගෙන ඉදිද්දියි....
උණ ගස්, නූල්, කම්බි, ලණූ ,අරගෙන ලිහිණිගලටම පීනල ඉවර උනාට පස්සෙ තමයි අනිත් අමාරුව...
ගල පුරාමා කාවාඩි.. කාවාඩි කියන්නෙ මුහුදෙ ගල් වල ඇලිල ඉන්න බෙල්ලො විශේෂයක්... ගෑවුන තැන කැපෙනවා... බොහොම පරිස්සමෙන් තමයි වැඩ කරන්න ඕනෙ... ඔය ගිහින් එන ගමනෙ තුවාලයක් දෙකෙක් නැති වෙනවනම් ඉතිං ඒක ඉතාම කලාතුරකින් වෙච්ච දෙයක්...
ලුණූවතුර ගෑවිල හරි සනීප දැනෙන පුක කාවාඩි ගොඩේ ගලේ තියනකොට හොදි ඕන්නෑ සනීපෙ...... ඒ සියලු අමාරුකන් අමතක කරලා අපි කොඩිය ගලේ හිටවන මිෂන් එක ක්‍රියාත්මක කරා...
ලිහිණී ගල කිවුවට ඒක ගල් දෙකක් එකතුවෙච්ච ගල් පරයක්... ගොඩට පේන්නෙ පුංචි ගලක් වගේ උනාට සාමාන්‍යෙන් ඒක ලොකු සයිස් පරයක්.. ... ඒකෙ මැද ගල් දෙක එක්තුවෙච්ච තැන පැල්මෙ තමයි උණ ගහ හිටවල කොඩිය දාන්නෙ... ඒ කාලෙමෙ තිබුන අපේ එකෙක්ගෙ අක්ක කෙනෙක්ගෙ වෙඩින් එකකදි උගෙන් තව එකෙක් අක්ක හනිමුන් එකට කොහේද යන්න කියල අහන එකට ඇහුවෙ " අක්ක ලිහිණි ගලේ කොඩිය දාන්න කොහේද යන්නෙ කියල යි...."
එහෙම විතරක් දාල මදි ඉතිං... තුන් පැත්තට උණගහ උඩ ඉදං ලණූ අදින්නත් ඕනෙ... කොඩිය නොවැටී තියෙන්න...
කොඩිය මුදුනේ සිට මුහුද පතුලේ ඇති කොකුවල ගැටගසා ඇති ලණූ |
ඒ ලනු ගැට ගැහුවෙ මුහුද යට කිමිදිලා ඒ ගලේ යට කවුදෝ අනාදිමත් කාලයක සිට විදල හයි කරල තියෙන්නෙ කොකු වලයි....
දිය යට කිමිදෙමින් කොඩිය මුදුනේ සිට ඇති ලණු ගැට ගසමින් |
ඒ කොකු ඒ විදියට ගලේ හයි කරේ කවුද කියලනං අපි අද වෙනතුරු දන්නෙ නෑ
ෆුල් මිෂන් එකම නිමා කරලා ඒ විදියට ආයෙමත් අපිට ජැටියට සම්ප්‍රාප්ත වෙන්න පැයකට වඩා ගියේ නෑ...
ජයක්ග්‍රාහී ලෙස යලිත් ගොඩබිම කරා... |
පැයකට වඩා ලුනුවතුරෙ තිබුණ පුකේ තුවාල රෝස පාට වෙලා තිබුනා...
ඒ තුවාල වල ෆොටෝ තිබුනත් දාන්න බැරි තරම් අලංකාරයි....අසභ්‍යයි.... කුජීතයි....විලිලැජ්ජ බරයි..... !!!
෴෴෴෴
මේ අවුරුද්දෙ බිග් මැච් එකේ පෙරඩ් එක අද.... .... මේ සැරේ කුක්කු හැට්ටයක් ආච්චිගෙන් ඉල්ල ගත්තා.... ආච්චිගෙ පරන එකක්ලු....
ඒකත් හෙන සයිස් ඕයි .....!!!
නියමයි ඇ
ReplyDeleteඅපට හුඩු... දාල හැරෙන්න උනේ නෑ පෝස්ට් එක.... :D
Deleteහිකිස්.....කොල්ලෙක් වෙන්ඩ ආසයි ඕයි මේව කියවනකොට....:/
ReplyDeleteඬිරිසියා නොකර ඉදපං... ලබන ආත්මෙවත් වෙන්න ඇහැකි :D
Deleteඇත්තටම අහන්න අසයි මේ වගේ වැඩ ගම ගාල්ලේ කිව්වේ කට කහනවට නොවේ බොලන්
ReplyDeleteඅන්න කතාව....
Delete++++++++++++++
චීක්..අපිට නෑනෙ බිග් මැච් ආතල්.... ඒ මම 1....
ReplyDeleteදුක තමයි රංජනී....
Delete3නකට කලින් දැම්මනම් ඕං එක :D
Deleteචීක්..අපිට නෑනෙ බිග් මැච් ආතල්.... ඒ මම 1....
ReplyDeleteනෑ මම 1 නෙමේ
ReplyDeleteඔවු උඹ 4 :D :D
Deleteඔව් ඔයා 1 නෙවෙයි. ඔයා දොදොල් කඩේනේ...
Deleteයාලුවෙක්....
ෆුල් ආතල් නේ.. ඒක නෙවේ මෙදා පාරත් යක්සයෙක් එයිද දන්නේ නෑ පරිස්සමෙන් කුක්කු 2ක බේරගනියෝ...
ReplyDeleteහප්පට සිරි......... පොඩ්ඩක් විතර සම්ප්‍රධාය වෙනස් වුණාට මෙහෙ වගේම නොවැ.... බිග් මැච් කාලෙට නම් ඉතින් මරු...
ReplyDeleteඅලුත්ම දෙයක්..මොකෝ අපිට බිග්මැච් තිබුන කියලැයි...
ReplyDeleteඋඹලට කොඩිය දාන්න ඔච්චර අමාරුනම් අර කොකු හයි කරපු එකා කොහොම කරන්න ඇද්ද...?
මොකෙක්වුනත් සිරා ඩයල් එකක් වෙන්න ඇති..
කියන්නත් බෑ ඈත අතීතයේ ඔයහරිය ගොඩවෙලා තිබ්බ කාලෙ රජවරු බිග්මැච්වලට කොඩි දාන්න හිටෝපු කොකුද දන්නෙ නෑනෙ...
අන්න මොලේ තියෙන කතාවක් ඈ :P
Deleteඊගාව පාර ගාලු ගියාම ළිහිණි ගල බලන්නම ඕනෙ [ලඟට ගිහින් නෙමේ, මෙගොඩ ඉඳල]
ReplyDeleteමේ වැඩේ නම් ෆට්ට! උඹලට මාර අමාරුවක්නේ තිබිලා තියෙන්නේ!
ReplyDeletehama sapa sampathakmai hodama aathal tikai okkoma ubalatane ban.......apita me mukut nane....ara galaka koku hai karapu eka gana nam hoyanna watinawa ubalagema old boysla karapu wadakda dannet na...ehemat nattam minissunwa manchu daala wage hira karanna tibba tanakda dannet na :P
ReplyDeleteඅයියා.. එකක් ගහලා තිනවා ගන්නවද.. අපේ ස්කොලේ...
ReplyDeleteමතක් වෙනවා බොල අපේ ආතල්.. එල !
ReplyDeleteඅම්මෝ මෙයාලා කොඩි හිටවන්න විඳින දුකක්
ReplyDeleteඅඩේ එලනේ බන්. අපිට මුහුද ලඟ උනාට කොඩි දාන්න තැනක් නෑ. ගෝල් ෆේස් පැත්තේ ගියොත් සම්බුව. කෙල්ලන්ට තේරෙන්නේ නෑ බන් බිග් මැච් කාලේ ආතල් එක.
ReplyDeleteකොළඹ ඉන්න උන් බිග් මැච් කියලා වාහනවලින් ගිහින් කරන පිස්සු වැඩ දැක්කහම මල්ලියෙ උඹලා තමයි නියම ආතල් අරන් තියෙන්නෙ කියලා හිතෙනවා.
ReplyDeleteබුදු අම්මෝ... මේ ගොල්ලො මාර කටුනෙ කලා තියෙන්නෙ...
ReplyDeleteඒ කාලෙමෙ තිබුන අපේ එකෙක්ගෙ අක්ක කෙනෙක්ගෙ වෙඩින් එකකදි උගෙන් තව එකෙක් අක්ක හනිමුන් එකට කොහේද යන්න කියල අහන එකට ඇහුවෙ " අක්ක ලිහිණි ගලේ කොඩිය දාන්න කොහේද යන්නෙ කියල යි...."
ReplyDeleteAWESOME lol
ඒ පොටෝ එකත් දැම්මනං එළ ඈ....
ReplyDeleteමේක කියවල මගේ මතකය අවුරුදු 20 ක් ආපස්සට ගෙනගියා. 1991 දී අපි මහින්ද සියවස් ධජය කොටු පවුර වැහෙන්න ඇලෙව්වා රෑ දෙකක් පුරා නිදි වරමින්. ඒ දැවැන්ත නිර්මාණය සම්පුර්ණයෙන්ම කරේ මහින්දයේ සිසුවෙක්. ඔහු විසින් අඳිනා ලද කොටස් ඒ වෙලාවේම ගෙන ගොස් ඇලවීමේ කාර්යයේ අපි නිරතව සිටියේ. සුළගත් සීතලත් සමග පොර බදමින්, එක අතකින් පාප්ප බාල්දියත් අනිත් අතින් ඇලවිය යුතු කොළයත් රැගෙන අඩි 100 ඉනිමගේ එල්ලී ගෙන නූලක් හෝ නොවරදින ලෙස අලවන්න ගත්ත මහන්සිය ඇත්තටම තාමත් සුන්දර මතකයන්. ලිහිණිය ගලට අමතරව ඒ කාලේ ඔරලෝසු කණුවේ කොඩි දැමීමත් කෙරුණා පාසල් දෙකෙන්ම. ඔය ඉස්ස කතාවත් ඒ කාලේ ඉඳලම තිබුන දෙයක් :-) ඒ සම්ප්‍රදායන් තාමත් ඉදිරියටම යන එක ගැන හරි සන්තෝසයි.
ReplyDelete" අක්ක ලිහිණි ගලේ කොඩිය දාන්න කොහේද යන්නෙ " :D :D
ReplyDeleteපට්ට බන්... වාහනේක නැගල කොඩියක් උස්සන් පැරඩ් ගියාට ඔය කොඩි ආතල් වලට නම් සෙට් වෙලා නෑ..
අනේ මන්ද බන් කොළඹ ස්කෝල වල පෙරඩ් දැක්කම නම් මට හිතුනේ " රිච් කිඩ්ස් හැවින් ෆන් " කියලා... මොකද මන්දා..
"ලිහිණි ගලේ කොඩිය දාන්න කොහේද යන්නෙ" පට්ට කතාව ඕයි..
ReplyDelete:D :D
ඕක ඉතිං මෙහෙමත් වෙන්න පුලුවන් කියල හිතෙනව
ReplyDelete“අපේ එවුන්ට අනිත් උන්ට වඩා රිස්ක් එක ගන්න පුලුවන් කියන එක පේන්න අමාරුම තැන් හොය හොයා දාන්න පටන් ගත්ත වෙන්න බැරිද?“
කොහොම උනත් ගාල්ලෙ උන්ට හිතේ හයිය තියෙනව බොල.
බොරුනං කල්හාරගෙන් අහපිය