2012-03-31

පිරිමින්ගෙ "පිබිදීම" ...එතකොට ගැහැණුන්ගෙ ??



ගැහැණූ සහ පිරිමි ලිංගික වශයෙන් වෙනස් උනත්  බොහෝ විට සමාජයේදී සම අයිතිවාසිකම් දරති. ආසියාතික රටවල අනෙත් රවලට වඩා පුරුශ්‍යාදිපත්‍ය නිසා කාන්තාවට එම සම අයිතීන් නොලැබෙන බව බොහෝ කාන්තාවෝ කරණුලබන චෝදනාවක්...  මෙම මාතෘකාව පුලුල්ව සාක්ච්චාකල යුතූ මාතෘකාවක් වූවත් මෙම ලිපියෙන් බලාපොරොත්තුවන්නේ  තවත් පිරිමින් චෝදනා ලබන තවත් එක සාධකයක් වන ලිංගිකාදිපත්‍ය ගැහැණිය වෙත පැතිරවීම හා  ගැහැණියට වඩා ලිංගික කර්තව්‍යට පිරිමියා  නිතරම සූදානම්ව සිටීම යන කරුණුවලට අදාල විද්‍යාත්මක පසුබිම විමසා බැලීමටයි...

ලිංගික විද්‍යාව යමු ඉතා සිත් ඇදගන්නා විෂයක්  වන අතර.. බොහෝ දෙනා නොදන්න විෂයක්ද වෙයි... ලිංගික විද්‍යාව ක්‍රමානුකූලව හැදෑරීමේදී එදිනෙදා ජීවිතේදී  අප සමාජය සමග කටයුතු කරද්දී  ඇතිවන ගැටලු මෙන්ම ස්වයං පෞර්ෂය වර්ධනය කරගැනීමට හා  ආත්ම අභිමානය ඇතිකර ගැනීමටද  100% වැදගත් වෙයි. ලිංගිකත්වය යනු ගැහැණීයක් හා පිරිමියක් සංසර්ගයේ යෙදීම පමණක්යැයි බොහෝ දෙනා සිතා සිටියද ගැහැණියක් හෝ පිරිමියක් වෙනත් ඕනෑම  මනුෂ්‍යය  දෙස බැලීමත් ලිංගික ක්‍රියාවක් වන අතර මවක් තම පුත්‍රයා දෙස බැලීමද , පුත්‍රයා තම මව දෙස බැලීමද මීට අදලා වෙයි... උදාහරණයක් ලෙස  පිරිමියක්  නිරුවත් නාට්‍යාංගනාවල් දෙස බලන්නේ රාගය වර්ධනය කර හැගීමෙන් වන අතර ගෙදරදී තම මව දෙස බලන්නේ රාගය මර්ධනය  කරන  බැල්මකින් වෙයි...  සියලුම පුද්ගලයන් හා තමා සම්බන්ද මිනිසාගේ සිතුම් වලදී ලිංගිකත්වය අඩංගු වන අතර විවිධ භාහිර බලපෑම් නිසා එය අඩු වැඩි විය හැක...

   ලිංගික විද්‍යාව කෙසේ වෙතත්  "ලිංගික"  යන වචනය ගෑවෙන  මොනයම් දෙයක් හෝ වේවා ටැබූ සබ්ජෙක්ට් එකක් වීම ලංකාව වැනි රටක සාමන්‍ය දෙයක් නිසා ලිංගිකත්වය යනු " ගැහැණියක් හා පිරිමියකගේ ලිංගික අවයව සංබන්ධ ක්‍රියා පමණක්යැයි සිතා ඒ ගැන අනවබෝධයෙන්  අපගේ ජීවිත අවුල් වියවුල් කරගනිති.. එකිනෙකාට චෝදනා කරති...

ලට්ට ලොට්ට  හී පලවූ බොහෝ නිර්මාණ "ලිංගිකත්වය" සම්බන්ද ඒවා හෙවත් " කුණුහරුපයැයි" බොහෝ දෙනාගෙන්  චෝදනා ලබන්නේද...  එම නිර්මාණ  මගින් එලියට අඳින්නට සමත්වූ අපගේම ලිංගිකත්වයේ නිරුවත පිලිගැනීමට අකමැති වන්නේද  ලිංගිකත්වය  ගැන හරියට අවබෝදයක් නැති කම නිසා යැයි සිතමි.  එමගින් මෙහි පලවූ නිර්මාණ  අති සාර්ථක නිර්මාණ යැයි පවසාගැනීමක් සිදු නොවන්නක් බවත්  අදාල නිර්මාණකරණයේදී බලාපොරොතු වූවාට වඩා ප්‍රථිපලදායී වූ නිසා  බොහෝ නිර්මාණ ගැන අතිශ්‍යය තෘප්තිමත් බව පමණක් කියනු කැමත්තෙමි...


උදාහරණයක්  ලෙස  මේ සිංහල බ්ලොග් අවකාශයම ගනිමු...  මෙහි ඇති කාන්තාවන් විසින් ලියනා  බොහෝ බ්ලොග් වල විරහව ගැන ඔවුන් ලිපියක් ලියන්නේනම් එහි වරදකාර පාර්ශවය බොහෝ විට පිරිමියා වෙයි...  ඒ වගේම එහි අනිත් පැත්ත එනම් පිරිමින්ගේ බ්ලොග් වල  විරහව සම්බන්ද මාතෘකාවල වරදකාරියෝ කාන්තාවෝ වෙයි...  එමෙන්ම පිරිමින්ගේ විවිද ගතිගුණ  ගැන කෙලින්ම චෝදනා කරණ කාන්තා බ්ලොග් මෙන්ම ගැහැනු ගැන චෝදනා කරන පිරිමින්  ලියනා බ්ලොග්ද ඔබ දැක ඇතුවා නිසකයි...  මෙය නිසැක වශයෙනම ලිංගික අනවබෝදය වන අතර  මෙම ලිපිය ලිවීමට මාහට පාදක වූ පොඩිකුමාරිහාමිගේ " පිබිදීම" ලිපියේ  කොටසක් උපුටාගෙන  ඒ ගැන ප්‍රවේශයක් ගනිමු...

 ""පොඩ්ඩි මේ ලඟදි කියෙව්වා ලංකාවේ මොකක් හරි පත්තරයක (අර පබාගෙන් අහන්ට වගේ එකක ) කාන්තාවක් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා තියනවා.

'මගේ සොහොයුරිය නිවසට එන දිනවල මගේ සැමියා හැසිරෙන්නේ හරිම ප්‍රබෝදෙකින්. ඒ දිනවලට ඔහුට මා ඕනෑමයි. මට ඒ අවස්තාවලට එන්නේ ලොකු තරහක්. මින් අදහස් වෙන්නේ ඔහු මගේ සොහොයුරියට කැමති බවද?'

 
ඔන්න ඉතින් අර පබා වගේ කෙනා මෙහම පිලිතුරක් දීලා තිබුනා. පිරිමි ගෑනුන්ට වඩා වෙනස්ලු. ඒ හන්දලු ඔහොම වෙන්නේ. ඒක ගනන් ගන්ට එපා කියලත් තිබුනා. සාමාන්‍ය සිදුවීමක්ලු. පිරිමි සමහරවිට අඟහරු ලෝකෙන් ආපු හන්දා වෙන්ට ඇති."""


ඇත්තටම පිරිමි හා ගැහණුන් බාහිරින් වෙනස් වනවාටත් වඩා ඔවුන්ගේ සිතුම් පැතුම්.. ආකල්ප... ගතිගුණ හා හැකියාවන්ද වෙනස් වේ.. එය පරිණාමීය හා ජීව විද්‍යාත්මක උරුමයක්... සාධකයක් වන  අතර මෙ ගැන නොදන්න බොහෝ  අය විවිද මත ඉදිරිපත් කලහ..  එයින් පිරිමින්ට එල්ලවූ තවත් ප්‍රධාන චෝදනාවක් නම් රජයන්, අගාම්  හා අධ්‍යාපන ක්‍රමද  ගැහැණුන් පීඩනයට පත්කොට මර්ධනය කිරීමට පිරිමින් විසින් කරන උපක්‍රමයන් බවයි... 

ඇත්තෙන්ම ඉතිහාසය අනුව එය එසේ පෙනී ගියත්  ගැහැණුන් හා පිරිමින් සැම අතින්ම සමානනම්  පිරිමින් සැම විටම ලෝකයේ පාලණය ලබා ගත්තේ කෙසේදැයි  යන්න සලකා බැලිය යුත්තකි... අධිතාක්ෂණික  පරිගණක ආශ්‍රිත මොලය ස්කෑන් කිරීමේ යන්ත්‍ර මගින් සජීවීව  මොලයේ ක්‍රියාකාරීත්වය විමසා බැලීම මගින් මේ සදහා පිලිතුරු ලැබී ඇත...

මවු කුස තුලදී මොලය සකස්වූ අකාරයත්  හෝමෝන බලපෑමත් අනුව අප සිතන පතන දේ වෙනස් වල අතර  ගැහැණූන් හා පිරිමින්ගේ වෙනස් හෝමෝන තත්වයන් ඔවුන්ගේ මේ හිතන පතන ආකාරයන්ට හේතුවී ඇත. ඒ අනුව පිරිමි  හා ගැහැණු  සමානයි යනුවෙන් අප මුල් බැසගෙන සිටින්නේ දේශපාලණික  හා අධ්‍යාත්මික සිතුවිල්ලෙන් බැහැරව විද්‍යාත්මකව විමසා බලා වෙනස් කම් ඇතැයි පිලිගැනීමට හා ඒවා මොනවාදැයි විමසා බැලීමට කාලය පැමිණ ඇත...

පිරිමි හා ගැහැණු වෙනස් ලෙස පරිණාමය වී ඇත්තේ එය එසේ සිදුවිය යුතු හෙයිනි.. පිරිමි දඬයම් කාරයෝ වූහ... ගැහණු තම අනාගත පරපුර රැකබලා ගන්නිය  වූවාය... පිරිමි අරාක්ෂාව සැලසූහ.. ගැහැණූ දරුවන් පෝෂණය කලාය... අවුරුදු මිලියන ගනනක මෙම ක්‍රියා කලාපයේ  ප්‍රථිලයක් ලෙස ඔවුන්ගේ මොලය මෙන්ම සිරුරුද වෙනස්  ආකාරයට පරිනාමය වී වැඩුනෝය... ඔවුන්ගේ සිරුරු විෂය සමගාමීව පරිණාමය වෙද්දී මොලයද ඒ සමග විය...

පිරිමින් ඈත කැලයේ තම පවුලේ අවශ්‍යතාවයන් සපුරාලීමට  දඩයමට යද්දී ගෙවෙන්නා වූ රලු ජීවිතයට ඔවුන් ක්‍රමයෙන් හැඩ ගැනුනෝය...  එහිදී සිදුවන තුවාල සීරීම් හා තද හිරු රැස්වලින් ආරක්ෂා වීමට ඔවුන්ගේ ශරීරය වසා සිටින හම කෙන්මෙන් හැඩ ගැසුනි...  එය රළුව ඝණව වැඩෙන්නට වූ අතර ගුහාවල තම දරුවන් පෝෂණය කරමින් සිටි ගැහැණුන්ගේ හම වඩා මෘදුවත් සංවේදීවත් තව දරුවන්ට අවශ්‍යය උනුසුම ලබාදිය හැකි පරිදි පරිණාමය විය... 

සම යනු ශරීරයේ ඇති විශාලම අවයවය වන අතර එය  වර්ග මීටර දෙකකටත් වඩා විශාල වේ...  ඒ මත අක්‍රමවත් අයුරින් වේදනා සංවේදක 2,800,000 පමණද , සීතල දැනීමට 200 ,000 පමණද , ස්පර්ෂය   පීඩනය  හා දැනීමට 500,00 පමණද  සංවේදක ඇත. ඉහත සදන් පරිණාමීය ක්‍රියාවලියේදී පිරිමින්ගේ හමෙහි ඇති ස්පර්ෂ සංවේදක ශරීරයේ නිස්චිත ස්ථාන කිහිපයකට පමනක් සීමා විය.. එය ප්‍රධාන වශයෙන් ශිෂ්ණයේ පෙරසම හා වෘශණ කෝශවල සමට එකරාශී විය...

එසේ අවශ්‍යතාවයක් නොවූ ගැහණුන්ගේ  කන් පෙති, බෙල්ල, පියයුරු, යෝනි බිත්ති ,බගමනිය කලවා යටිපතුල් ඇතුලුව ශරීරය පුරාම මෙම සංවේදක පැතිරී ඇත...

මේ අනුව ගැහැණිය ස්පර්ෂයට ඉතා සංවේදී වන අතර පිරිමියා ගැහැණීයගේ සංවේදී භාවයෙන්  විස්සෙන් එකක් තරම්වත් සංවේදී නොවෙයි...  එමනිසා ගැහැණු බොහෝ විට සිපගැනීම ... වැලදගැණීම... තුරුලුවීම ....  හා අතගෑමට කැමති වන අතර එයත් ලිංගික ආශ්වාදය සදහා වෙයි.. නමුත් එය පිරිමියා හා සැසදූ විට  ඔහුගේ ලිංගික ආශ්වාදය සමග වෙනස් වෙයි..

ගුහා වල තම දරුවන් පෝෂනය කරමින් සිටින ඇය  මෘදු ඇවතුම් පැවතුම් ඇත්තියක් වන අතර ස්පර්ශය  සිපගැනීම ... වැලදගැණීම... තුරුලුවීම ....  හා අතගෑම මගින් මෘදු ලිංගික ආශ්වාදයක් ලබා තෘප්තිමත් වූ අතර   සංවේදී භාවයෙන් අඩු පිරිමි ලිංගික ආශ්වාදයේ තෘප්තිය උදෙසා  සුරාන්තයම සොයා ගියහ... එම නිසා පිරිමියාට ලිංගික අශාවන් මුදුන් පමුණවාගැනීමට ගැහැනිය සමග සංසර්ගයේ යෙදීමම අවශ්‍ය උවත් ගැහැනියට එය වෙනත් වඩා මෘදු ආකරයකින් පිරිමියාට තුරුලුව සිප වැලදගෙනීම් මගින් ලබා ගැනීමට පුලුවන....

එම නිසා පිරිමින් නිතරම ලිංගික එක්වීමට සූදානමින් සිටින නමුදු ගැහැණිය එය සදහා ප්‍රමාද වන්නේ ඇයට වෙනත් වඩාත් මෘදු ආකාරවලින් ලිංගික තෘප්තියක් ලැබීමට හැකියාව ඇති නිසාය..  නමුත් ගැහැනියක් හා පිරිමියෙකු අතර  සංසර්ග ක්‍රියාවලිය ආරම්භයේදී  ගැහැණිය පමා වන නමුදු එම කාර්යේ යෙදීමේදී ඇය අඩු සංවේදී පිරිමියා ඉක්මවා යයි... මෙම නිසා වඩා හොද අඹු සැමි ඇසුරක් සදහා ෆෝ ප්ලේ හෙවත්  සංසර්ගය යෙදීමට ප්‍රථම සිපවැලදගැනීමට  ආදර බස් දෙඩීමට මනෝවිද්‍යාවේ උපදෙස් දෙන්නේ මේ නිසාය...

එම නිසා පිරිමින්ගේ මේ නිරන්තර "පිබිදීමට"  ගැහැණිය චෝදනා කිරීම  හා ගැහැණිය  ලිංගික කර්තව්‍යට පමා වීමට පිරිමින් චෝදනා කිරීම තම තමාගේ  සිතුම් පැතුම් වලින් බලා විරුද්ධ ලිංගිකයාගේ හැගීම් නොදැන කරණ අසාධාරණා චෝදනා වේ...  එමෙන්ම මේ නොවටහා ගැනීම් නිසා ගැහැණීය හා පිරිමිය අතර වන අඬදබරද බොහෝ වන අතර එය  එකිනෙකා නොරිස්සුම්  සහගත තත්වයන් ඇතිකිරීමට බලපායි.. එම නිසා මෙහි සැබෑ තතු දැන  අපට නැතුවම බැරි විරුද්ධ  ලිංගිකයා තේරුම් ගැනීමෙන් වඩා පලදායී  සහ සම්භන්ධතාවයක් ගොඩනාගගෙන ඇතිවන අවුල් වියවුල්  හා මතබේද  දුරුකරගැනීමට හැකිවනවා ඇත...

61 comments:

  1. උබ වෙනද ලියන ඒව තේරෙනවා,මේක තේරෙන්නෙ නෑනේ බන්.

    ReplyDelete
    Replies
    1. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි ලංකාවේ මිනිස්සුන්ට ලිංගික අද්‍යාපනය මදි ඒ නිසා ඇති වන සමාජ ප්‍රසන වුනත් වැඩයි

      Delete
  2. good post.keep it up....

    ReplyDelete
  3. Very good intelligent and balanced analysis.

    ReplyDelete
  4. පට්ට, අද නම් ටිකක් සංයමයකින් ලියලා තියෙනවා!

    ReplyDelete
  5. well done, Podi man! Patta!

    ReplyDelete
  6. අමු අමුවේ ටැබූ සබ්ජෙක්ට් ලියනවාට වඩා මෙන්න හොඳ ක්‍රමේ.... මෙහෙම ලියපන්.. මම කවදත් කිව්වේ ඕක....

    ReplyDelete
    Replies
    1. හැම වෙලේම විද්‍යාත්මකව පහදන්න දන්නෙ නෑ බං :D

      Delete
  7. “නිරුවත් වානරයා “ පොත මතක් වුනා.ඒකෙත් මේ දේවල් මේ විදිහටම ලියැවිලා තිබ්බා. ඔය මොක කරත් සීනි බොල ආදරයකින් වහන්න හදන්නේ ලිංගිකත්වය තමයි. සත්තු අතර මනුසතා අමුතුම වුනත් ඒත් සතෙක් විත්තිය දැනෙන්නෙ මේ වෙලාවට තමා.


    කොහොම වුනත් ලිංගිකත්වයක් නැති ආදරය ලෝකේ නැතිව ම නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. කවුරු කොහොම කිව්වත් ආදරය කියන අකුරු හතර ලිංගික ආකර්ෂණය කියන තේරුම අයිසිං කරන්න යොදා ගත්තක් කියලමයි අක්කේ මම හිතන්නේ... මේක ඇවිල්ලා උගුරට හොරා බෙහෙත් බොන්න හදනවා වගේ වැඩක්... මමත් ආදරය කරනවා හැබැයි කවදක හරි බැඳලා ළමයි හදන්න හිතේ තියෙන නිසා ලිංගිකත්වය පදනම් නොවූ ආදරයක් තියෙන්නේ කිව්වොත් ඒක අමු පචයක්

      Delete
    2. ගැමියාගෙ පත් ඉරුවත් එක්ක එකගයි... ලිංගිකත්වෞඑන් තොර ආදාරයක් මම දකින විදියටනං නෑ...

      Delete
    3. හෆොයි තාම ඔලෙවොල් කොලා විතරයි.... බලමුකො දානං ඉන්න එකත් හොඳා නෙ ??

      Delete
  8. සෑහෙන්න හොඳ ලිපියක් පොඩි මෑන් කරුණු අවබෝධයට සෑහෙන්න වැදගත්....

    ReplyDelete
  9. Ela.niyamata liyala thiyanawa..
    -Kalin banapu ano kenek

    ReplyDelete
  10. මලා, මං හිතුවේ ඔහේ ලියන්නේ කවි ය කියලනේ!

    ReplyDelete
    Replies
    1. ඒක හින්දද ඔහේ මාව කවි බ්ලොග් කැටගරියට දැම්මෙ ? ? කවිත් ලියනව ඉතිං...

      Delete
  11. දැන් උඹ කී වෙනි කෑල්ලද දාගෙන ඉන්නේ. උඹෙ ලිපියේ අඩංගූ කරුණු මෙරට කොල්ලන්ට හා කෙල්ලන්ට අදාල විය හැකි මුත් මෙහි අඩංගූ බොහෝ කරුණු සත්‍යයෙන් තොරය. ඕනෑම සත්වයකුගේ ප්‍රජනන පද්දතිය හැර ශරීරයේ අනෙකුත් සියළුම දෑ සම ආකාරයට පිහිටා ඇත. උඹගේ කරුණු අණුව භෞතික විද්‍යාව, වෛද්‍ය ශාස්ත්‍රය, සෞඛ්‍ය, නිල වෙදකම, ආයූර්වේදය, ස්නායූ පද්දතිය, කටු චිකිත්සාව. සම්බාහනය සහ තවත් බොහෝ ශස්ත්‍රයන් හා විද්‍යාවන් බොරු බවට පත් වන්නේය.

    ReplyDelete
    Replies
    1. ගනං කලේ නෑ බං.... එතකොට මෙහේ කොල්ලංට කෙල්ලංට භෞතික විද්‍යාව, වෛද්‍ය ශාස්ත්‍රය, සෞඛ්‍ය, නිල වෙදකම, ආයූර්වේදය, ස්නායූ පද්දතිය, කටු චිකිත්සාව. සම්බාහනය සහ තවත් බොහෝ ශස්ත්‍රයන් වෙන්ස් විදියටද බල පාන්නෙ :D :D

      Delete
  12. උඹ කවද ද ලිංගික විද්‍යාව පශ්චාත් උපාධිය ගත්තේ? මොක වුනත් පස්ටම පාඩම..

    ReplyDelete
  13. මට කියන්නට දෙයක් නොසිතේ...

    ReplyDelete
  14. මහත්තයෝ නොදන්න මගුල් නොලියා,ඔයා ඉස්සෙල්ලා ලිව්ව "ජැක් ගැහුවම ගෑනු කැමතියි" වගේ ගොන් පාට් එකක් දාගෙන හද්ද පිටිසර ගාල්ලෙ "බිග්මැච්" වලට මුවා වෙලා ක්‍රොස් ඩ්‍රෙසින් කරල ගත්ත ආතල් ලෝකෙට පෙන්නල ජෝක් වෙවී ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ සම රිසියෙක්දැයි සැක සිතේ... :D :D

      Delete
  15. හොඳ ලිපියක් ...ඩෙස්මන් මොරිස් කියන මානව විද්‍යාඥයාගේ පොතක් කියෙව්ව වගේ දැනුන ...මේවගේ ලිපිත් එකතු කරන්න , හරිම වටිනවා ...

    ReplyDelete
    Replies
    1. ඩෙස්මන් මොරිස් , ජේමිස් ප්‍රෙස්කොට් ,එඩ්වඩ් බෝරින් වගේ කට්ටිය ලියපු පොත් කියවල එකතු කරගනිපු කරුණු කිහිපයක් තමයි මේ ලිපිය ලිවුවෙ... :)

      Delete
  16. පිස්සු ප්‍රශ්න බං මේවා

    ReplyDelete
  17. මචං උඹ පරිණත වෙලා බං.......:)))

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ලොකු වෙලාද ?:D

      Delete
  18. නියමයි පොඩි........එල පොස්ට් එක ....සමාජයේ ප්‍රසිද්දියේ කතා කරන්න අකමැති එත් රහසින් කතා කරන දෙයක් නොවැ මේ ලියලා තියෙන්නේ ,,,

    ReplyDelete
    Replies
    1. ඔය රහසිං කතා කර කර රහසින් කරන වැඩ කරනකොට එලියෙ... :)

      Delete
  19. පොඩි මෑන් අයියා පබාට වඩා හොදයි වගේ!

    ReplyDelete
  20. පට්ට...සමහර මේවගේ මාතෘකා මේ විදියට එලියට ඇදපන් මචං...කෙලින්ම කිව්වම දිරවන්නේ නථි ගතියක් තියෙනවා අපේ උන්ගේ..
    එල!

    ReplyDelete
  21. එළ එළ මහන්සිවෙලා තියෙනවා ලියන්න ..වැදගත් විස්තරයක් සහෝ...ජය !!!!

    ReplyDelete
  22. මම දැනුයි මේ ලිපිය දැක්කේ . මෙන්න ලිපි . ජය වේවා මල්ලි !

    ReplyDelete
  23. පොඩි මෑන්ගේ වැදගත් ලිපියක්.

    ReplyDelete
  24. ඇලන් සහ බාබරා පීස් ලියපූ පොතකත් ඔය ටික තියනවා මතකයි. ඒ පොත ගැන කව්ද කෙනෙක් පොස්ට් එකක් දැම්මත් එක්ක

    ReplyDelete
    Replies
    1. පොත තමයි "why men don't listen and women can't read maps"

      Delete
    2. තව පොත් තියෙනවා.

      Delete
    3. සිංහල පරිවර්තනයක් මතක විදිහට ''කාම මනෝ විද්‍යාව'' කියලා තියනවා.

      Delete
  25. හොද උත්සාහයක්... පොත් වල මොනවා තිබ්බත් ප්‍රායෝගික දැනුම නිසා මේ සමහර කරුණු කාරනා එක්ක එකඟ වෙන්න අමාරුයි...:D

    ReplyDelete
  26. වැගදත් ලිපියක්! බෙදාහදාගත්තාට තුති! :)

    ReplyDelete
  27. සහතික ඇත්ත.හොඳ ලිපියක් සෑහෙන්න මහන්සි වෙලා ලියලා තියෙනවා.

    ReplyDelete
  28. අනේ පොඩ්ඩෝ මටනම් බලා ඉදල එපා වෙලා.මග දිගට ඉක්මනට දාන්ඩෝ.......................

    ReplyDelete
    Replies
    1. සිරා කතාව.....
      මග දිගට ඉක්මනට දාන්ඩෝ..............

      Delete
  29. පට්ටයි.. වෙනදට වඩා ලිවීමේ පොඩි ගතියක් තියෙනවා බං...

    ReplyDelete
  30. නියමයි Bro.....:)
    Keep It Up.....:) :D

    ReplyDelete
  31. Niyamaiiiiiiiiiiiiiiii. PODDO, Uba Poddek unata LOKKANGE wadath dannawane yasa ageeta.

    ReplyDelete
  32. මේ හුත්ත බලන්න බෑ මට මදුරුවො කනවා යකෝ

    ReplyDelete
  33. මේ හුත්ත බලන්න බෑ මට මදුරුවො කනවා යකෝ

    ReplyDelete
  34. Hey! I realize this is kind of off-topic however I needed to ask.
    Does running a well-established website like yours require a
    massive amount work? I'm completely new to writing a blog however I do write in my diary everyday. I'd like to
    start a blog so I can share my experience and views
    online. Please let me know if you have any recommendations or tips for brand new aspiring bloggers.
    Thankyou!
    Check out my webpage :: usc football news

    ReplyDelete
  35. අනේ!'බගමනිය'කියන්නෙ මොකද්ද?
    දන්න කෙනෙක් මට කියල දෙන්න

    ReplyDelete
    Replies
    1. දන්නවනං මේකට එවන්න
      hthusara@gmail.com

      Delete